Pages

Thursday, January 23, 2014

සරාගී වීම පාපයක්ද?



ලිංගික උත්තේජනය හරහා සරාගී බව කෙරෙහි මනසින් ආකර්ශණය වීම ඉතා ස්වභාවික දෙයකි. මේ කෙරෙහි එක් එක් කෙනා දක්වන අදහස් විවිධාකාර විය හැක. මේ සරාගී බව හා ලිංගික උත්තේජනයන්ගේ සීමා මායිම් මොනවාද යන්න ගැන කාටත් තේරුමක් තිබිය යුතුය. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගති ලක්ෂණයන් ඕනෑවට වඩා සීමා කිරීමටද නොහැක. අප එක් දෙයක්නම් වටහාගතයුතුම වේ. එනම් කවර දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක වුවද සංස්කෘතික හර පද්ධතීන් ගොඩනැගීමෙහිලා මූල් තැන ගන්නේ ස්ත්‍රී පුරුෂ එනම් විශම ලිංගික බැඳීම් හා ඒ වටා ගොඩනැගෙන පවුල් සංස්ථාවයි. ලිංගික බැඳීම් ශක්තිමත් කරන්නේ ගැහැනිය හා පිරිමියා යන දෙදෙනාම එකිනෙකාගේ විශේෂත්වයන්ට දක්වන ආකර්ෂණය හා එකිනෙකා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය වේ. ඇත්තෙන්ම සරාගී බව යන සාධකය මේ තුලද ඇත. මිනිස් ජන සමූහයක සංස්කෘතික පරිසරය හා බැඳුනු සියලු ගොඩනැංවීම් වල මූලික පදනම පවුල් ඒකකයනම්ද, එහි පැවැත්ම සමාජයේම පැවැත්මට බලපායිනම්ද, පවුල ශක්තිමත් කරන වැදගත්ම ගුණාංගය වන ලිංගික බැඳීම නොවැදගත් දෙයක් විය නොහැක. ඇත්තෙන්ම බලුවොත් ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය ජීවිතයට අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව මෙලොව දිවි පැවැත්ම සාර්ථක කරගැනීම උදෙසා අප කාටත් එක ලෙස වැදගත් වන බව ඉතා පැහැදිලිය. මේ ගුණාංග වැරදි අතට මෙහෙයවා පාපයක් කරගන්නා අය නැතුවා නොවේ. නමුත් එය එසේ වූ පමණින් ලිංගිකත්වයේ සියලු ස්වභාවික ගුණංග පාපයන් ලෙස හැඳින්විය හැකි නොවේ.

Friday, January 17, 2014

ස්ත්‍රී සිරුරේ සුන්දරත්වය




ස්ත්‍රී සිරුරේ සුන්දරත්වය නිරූපනය කිරීම වරදක්ද? මේ සුන්දරත්වයට සැබෑ ලෙස අර්ථයක් ලැබෙන්නේ පිරිමින් තම ලිංගික ආශාව පදනම් කරගෙන එය අගය කරන ස්වභාවය අනුවයි. පිරිමින් ඊට දක්වන ලිංගික ආකර්ශනය ස්ත්‍රී ස්වභාවයේත් එහි සුන්දරත්වයේත් පැහැදිලි පදනම වේ. කාන්තාවන් පුරුෂ සිරුලටත් පුරුෂ ලිංගික ලක්ෂණයන්ටත් ආකර්ශනය වීමද එලෙසම ඊට සමානව ස්වභාවයෙන්ම සිදුවන්නකි. ඇත්තෙන්ම මිනිස් වර්ගයා තුල තිබියයුතු උසස්ම මිනිස් ගුණාංගයන්ගෙන් එකක් වන්නේ මෙවැනි මිනිස් ස්වභාවයන් හඳුනාගෙන ඒ සමග අනුගතව ජීවිත ගෙනයෑමේ හැකියාවයි. වෙනත් ආකාරයකට කිවහොත් මිනිස් ස්වභාවයන්ටත් සොබාදහමටත් ගරු කිරීමේ හැකියාවයි. සැබෑ ලිංගික නිදහස සක්‍රීය වන්නේ අප තුල මේ ගති ලක්ෂණයන් හොඳාකාරව පිහිටා ඇත්නම් පමණි.

Tuesday, January 14, 2014

තහනම් නැති සදාතනික බැඳීමට ගරු කරමු


පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර බැඳීමක් හටගන්නේ එකිනෙකාගේ ලිංගික ක්‍රියාකාරිත්වයන්හි ස්වභාවය හේතුකොටගෙනය. එය කිසිවිට කිසිවෙකුට වසන්කළ හැක්කක් නොවේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක පදනම විරුද්ධ ලිංගික ආකර්ෂණයම වේ. එහෙත් එය ඒ ආකාරයෙන් පිළිගෙන ඊට ගරු කිරීමට බොහෝ සමාජයන්හි සැලකියයුතු වැඩි පිරිසක් මැලිකමක් දක්වන බව නොරහසකි. සැබෑ ලිංගික නිදහස ගැන කතා කිරීමේදී පළමුව වැදගත් වන්නේ මෙවැනි තත්වයන්ගෙන් මානසිකව අත්මිදී සොබාදහමේ ආචරනයන්ට ගරු කිරීමයි. එය අපහසු යැයි සිතුනද තමා තමාට අවංකනම් සාමූහිකව මේ අභියෝගය ජයගත හැක.

Monday, January 13, 2014

පෙරවදන


ලිංගික නිදහස ගැන කොතෙකුත් කතා නොයෙක් විට නොයෙක් දෙසින් අසන්නට ලැබුනද ලිංගික නිදහස සැබෑ ලෙස අරුත්ගැන්වියයුත්තේ කෙසේද යන්න ගැන මෙරට වැඩි ප්‍රතිශතයකට නිවැරදි දැක්මක් ඇතැයි කිසිසේත් සිතිය නොහැක. ඒ වෙනුවට බොහෝ දෙනාට ඇත්තේ අග මුල පටලවාගත් අවුල්සහගත අවිනිශ්චිත දැක්මකි. ඇතමුන් සිතන්නේ බටහිර රටවල අතිශය පුළුල් ලිංගික නිදහසක් ඇතිය යන්නයි. ඔවුන් එසේ සිතන්නේ බොහෝවිට බටහිර වැඩිහිටියන් සඳහා වෙන්වී චිත්‍රපට වෙබ් අඩවි ඇසුරෙන් සොයාගන්නා කරුණු මත පදනම්වයි. එහෙත් මේ කරුණු ඒ ආකාරයෙන්ම සත්‍ය නොවන්නේ බටහිර සමාජය තුල ලිංගික නිදහස කෙසේ වෙතත් ස්ත්‍රී හා පුරුෂ ලිංගිකත්වයන් නොයෙක් අයුරීන් විපරීයාසයන්ට  භාජනය වී දැඩි අවුල්සහගත තත්වයකට පත්ව තිබීම හේතුවෙනි. එවැනි තත්වයක් යටතේ ලිංගික නිදහස ගැන නොව කතා කිරීමට තිබෙන්නේ ලිංගිකත්වය ගැන බටහිර ජනයාට ඇති දැක්ම ගැනය. අද බටහිර ඇත්තේ උවමනාවෙන් විකුර්ති කළ සමාජ තත්වයකි. ඔවුන්ගේම භාෂාවෙන් පැහැදිලි sexual diversity එකක් බටහිර ඇත.
                                       එලෙසම බටහිර රටවල බොහොමයක් දෙනා තම ලිංගිකත්වය සමාජයේ ප්‍රකාශ කිරීමටද බිය වෙති. මෙයින් බහුතරය පුරුෂයන්ය. ඔවුන් සිතන්නේ තමන් පුරුෂයන් බව හා තම පෞරුෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් කාන්තාවන්ට අසාධාරනයක් සිදුවියහැකිය කියායි. ඔවුන් එසේ සිතන්නේ බටහිර බොහෝ රටවල කාන්තාවන්ද පිරිමින් ලෙස තම ජීවිත වලින් ස්ත්‍රීත්වය අකා මකාගෙන පෞරුෂය ආදේශ කරගැනීමට ගන්නා උත්සහය හේතුවෙනි. බටහිර සැලකියයුතු පිරිසක් කාන්තාවන් පිරිමියෙකු සමග ලිංගික ජීවිතයක් ගෙනයෑම හෝ දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරති. මෙනයින් බලන කළ බටහිර අද ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇතිවන ලිංගික ආකර්ෂණයත් ස්වභාවික ලිංගික චර්යා රටාවත් ගැන ඇත්තේ පිළිකුල හා ද්වේශයකි. බටහිර අද ජීව විද්‍යා දැනුම අවියක් කරගනිමින් ලිංගිකත්වය විකුර්ති කරගත් මිනිසුන් පවා උවමනාවෙන් බිහි කිරීමේ සොබාදහමට පටහැනි දේ ක්‍රියාවට නැගෙයි. බටහිර බොහොමයක් රටවල සමලිංගිකත්වය නීතිගත වී ඇත. සමලිංගිකයන්ට ඇතැම් රටවල විවාහ වීමට පවා නිදහස ඇත. එහෙත් ස්ත්‍රිය හා පුරුෂයා අතර ස්වභාවයෙන් හටගන්නා ලිංගික සංවේදනයන් හා ඒ වටා ගොඩනැගෙන ලිංගික ක්‍රියාකාරකම් බොහොමයක් මේ වන විට බටහිර සමාජය තුල ලිංගික අතවර වලට ගොනුවෙමින් පවතී. එසේනම් බටහිර කාමුක වෙබ් අඩවි හා චිත්‍රපට ඇසුරෙන් අප ඇතිකරගන්නා බටහිර ලිංගික නිදහස සම්බන්න්ධ චිත්තරූපය හරිද?
                                   ලිංගික නිදහස ආයාසයෙන් යටපත් කර පීඩාවක් විඳියයුතුයැයි කිසිවෙකුට කිව නොහැක. එසේනම් සැබෑ ලිංගික නිදහස ගැන අපට තිබියයුතු දැක්ම කුමක්ද? සොබාදහමේ සීමා මායිම් ඉක්මවායන උමතු හැසිරීම් පවා අනුමත කරමින් සොබාදහමෙන් උරුම වන ලිංගික ක්‍රියාකාරිත්වය හා ප්‍රජනන රටාව හෙලාදැකීම සැබෑ ලිංගික නිදහසක්ද? සැබෑ ලිංගික නිදහස යනු ස්වභාවධර්මයෙන් අප වෙත දායාදවන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය අවශෝෂණය කරගනිමින් දිවිය සාර්ථක කරගැනීමට තිබියයුතු නිදහසයි.