Pages

Saturday, December 26, 2015

කුහක සත්ගුනවත් බව ඉහට උඩින් ගිය කළ

ශ්‍රී ලාංකික කාන්තාවකට සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව ඇති පුවතක් දැන් ජනමාධ්‍ය ඇතුළු අන්තර්ජාලය පුරාවටද පැතිරගොස් රටේ ලෝකේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත. ඒ සිද්ධියේ අළුත්ම තත්වය ලෙස දැන් වාර්තා වෙන්නේ ඊට එල්ල වූ විරෝධතාවයන් හේතුවෙන් සෞදි බලධාරීන් අදාල කාන්තාවට එල්ල වී ඇති චෝදනාව නැවත විභාග කිරීමට තීරනය කිරීමයි. මේ කාන්තාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ තවත් ලාංකික පුරුෂයෙකු සමග අයතා ලිංගික සබඳතාවයක් පැවැත්වීමයි. ඒ පුද්ගලයාද අවිවාහකයෙකු බව වාර්තා වේ. ඒ අනුව ඔහුටද කසපහර නියම වී ඇති බවත් සැලයි. සෞදි නීතිය පරදාරසේවනය යන වරදට කිසිදු බුරුලක් නොලැබේ කාන්තාවන්ට එහිදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ දඬුවමට යටත් වීමෙනි. පිරිමින්ටද කස පහර ලැබේ. මගේ උවමනාව අපේ රටේ කාන්තාවකට මුහුන දෙන්නට වූ මේ ඛේදජනක සිද්දියේ අලකලංචිය ගැන විස්තර ඉදිරිපත් කිරීම නොවේ. මා හට අවශ්‍ය වන්නේ සෞදි ජනයාගේ හා එරට සමාජයේ ලිංගිකත්වය ගැන ඇති ආකල්ප හා මේ සිද්ධියට මුල් වූ සමාජ පසුබිම ගැන යම් විග්‍රහයක් කිරීමය.
                              

සෞදියේදී කාන්තාවකට මේ ඉරනම අත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මැදපෙරදිග පිහිටා තිබෙන අන්ත මිලේඡ්ච ශරියා නීතිය ක්‍රියාත්මක වන රටවල් අතරින් සෞදි අරාබිය මුල් පෙලේ රටකි. මෙවැනි රටවලට ජීවිත අවදානමද කරට ගෙන වහල් සේවයට කාන්තාවන් පටවන්නට බලපාන ලාංකීය සමාජයේ හේතු සාධකයන් ගැනද වෙනම කතා කරන්නට සිදුවේ.සෞදි අරාබිය යනු මුස්ලිම් රටකි. එහි ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ආගමික නීතියයි. ඒ සංස්කෘතිය තුල බිහි වී ඇති නීති රීති පද්දතිය අනුව ලිංගිකත්වය සම්බන්ධ වැරදි ගැන අර්ථ දැක්වීම් හා ඊට නියම වන දන්ඩනයන්හි කෲරබවට එම සමාජ පසුබිමෙහි තිබෙන ලිංගික විනය හා සදාචාර පද්ධතියේ දරදඬු බව මූලිකවම හේතු වී තිබේ. එය එසේ වී තිබෙන්නේ ඇයි. මැදපෙරදිග මුස්ලිම් රටවල ලිංගික සදාචාරය හා සීමාව ඉක්මවා ගිය උග්‍ර සදාචාරවාදය ඔවුන්ටම විශේෂ වුවත් මීට යම් මට්ටමකට හෝ සමානකම් ඇති ජන කණ්ඩායම් ලොව විවිධ ප්‍රදේශ වල දක්නට ඇත. මේ බොහොමයක් ජන කණ්ඩායම් වලට ඉස්ලාමයේ නෑකමක් තිබේ.
                              
             
මට මේ සිදුවීම දෙස මගේ ඇසින් බලා කරුනු කීමට අවශ්‍යය. එහිදී ඊට ආර්ම්භයක් ගනිමින් මා පළමුව කියන්නේ අනෙකුත් ලෝ සතුන්ට මෙන්ම මිනිසාටද ලිංගිකත්වය යන කාරනාවේදී ස්වභාවිකව පිහිටා තිබෙන්නේ දල වශයෙන් පුරුෂයෙකුට ඕනෑම ස්ත්‍රියක් හා ස්ත්‍රියකට ඕනෑම පුරුෂයෙකුත් ගැලපෙන මෙන්ම ලිංගික ආකර්ශනයද ඕනෑම පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන තත්වයකි. මෙහි වයස් සීමා ලිංගික සංවේදනයන් ආදියෙහි පරාසය එකිනෙකාට වෙනස් විය හැකි නමුදු දල වශයෙන් දක්නට තිබෙන ස්වභාවය මෙය වේ. මා මීට පෙර ලියා ඇති ලිපි වලින්ද පෙන්වා දී ඇති පරිදි මානව ප්‍රජාව තුල පවුල් ඒකක හා විවිධ සංස්කෘතික වටපිටාවන් ගොඩනැගෙත්ම සංකීර්ණ සදාචාර රාමු හා සභ්‍යත්වයන් බිහි වී ඇත. ස්වභාවධර්මයාගෙන් ලිංගිකත්වය සම්බන්ධ සදාචාරයන්ට යම් රුකුලක් ලැබෙන්නේ ස්වභාවිකත්වයේ සීමා මායිම් උල්ලන්ගනය නොවන ආකාරයකට වේ. ලිංගික විනය මෙන්ම ඒ හා සම්බන්ධ ආචාරධර්මයන් ස්වභාවිකත්වයට පවා එරෙහි අත්තනෝමතික දේ නොවිය යුතුය. ලිංගික සදාචාරයක් අවශ්‍ය නැතැයි කීමට මට අවශ්‍ය නැතත් ඒ මත දැඩිව එල්බ ගනිමින් සදාචාර පිස්සුවක් ඇති කරගැනීම මුළු මානව සංහතියම පෙලන පීඩාවක් බව දැඩිව කියා සිටිමි.
                               මැද පෙරදිග මිලේච්ච ශරියා නීතිය ක්‍රියාත්මක වන රටවල ලිංගික කුහකත්වයෙන් අන්ධ වූ සමාජ පසුබිමක ඇත්තේ මිනිස් ස්වභාවයකට ගරු නොකරන තරමට ඔඩු ගිය උග්‍ර සදාචාරවාදයකි. මේ උග්‍ර සදාචාරවාදය උන්මත්තක අත්තනෝමතික එකක් වන ලෙසම එය තුල එල්බගන්නා පුද්ගලයන් කෙරෙන් පෙන්නුම් කරන්නේද අති උද්දච්ච බවකි. ඔවුන් සිතා සිටින්නේ තමන් මහා ලොකු සුදනන් කියාය. එහෙත් මේ කුහකයන්ගේ ඉහට උඩින් ගිය සත් ගුණවත් බවේ හෙළුව පෙනෙන්නේ පිට එවුන්ටය. මානවයා පරිනාමිකව දියුණු වෙත්ම විලි වසාගැනීම ඇඳුම් පැලඳුම් භාවිතය සමාජය හා පවුල් විකාශනය ගැන මින් පෙර මා ලිපි පල කර තිබේ. මේ සියල්ල ස්වභාවිකව හේතු කාරනා සහිතව විය යුතු අයුරින් ලෝදහමට අනුව සිදු වි තිබෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මානව ප්‍රජාවෙන් ඈත් වන ආකාරයට නොවන බවත් විරුද්ධ ලිංගික බැඳීම් හා ලිංගිකත්වයේ ගැලපීම් වඩා අර්ථාන්විත වන ලෙස බවත් මා පෙන්වා දුනිමි. කෙසේ වුව ලිංගිකත්වයට සම්බන්ධ වූ මානව සදාචාර පද්ද්තීන් සංකිර්ණ වෙත්ම ලිංගිකත්වයේ ස්වභාවය දැකීමට ඇති ලැජ්ජාව බිය ආදිය වර්ධනය වී මිනිස් සිතේ කුහකකමුත් සමග කලවම් වූ කළ ඇති කරන පීඩාව ගැනද කරුණු කියා ඇත. මේ බොහොමයක් කුහක ආචාර ධර්මයන්ට මුල සමාජයක පිරිමින් තම ලිංගික සවේදනයන්හි ස්වභාවයට අවනත නොවී ප්‍රතිවිරුද්ධ ස්ත්‍රී ලිංගික ස්වභාවයද පීඩාවට ලක් කිරීම යම් ඇගයීමකට ලක්කර තිබීමයි. කාන්තා ඇඳුම් වලින් සිරුර වැහෙන ආකාරයේ ප්‍රමිතිය උමතුවකට ගොස් පීඩාවක් වීමට බොහෝ විට බලපාන්නේ මේ කුහක වටපිටාව වේ. මිනිස් ලිංගිකත්වය හා සබැඳි සියළු දේ සමාජයට විවුර්ත වීම හෝ නිරුවත් බව පරිනාමයට ලක්ව ඇති සමාජයේ මනෝභාවයන් සම්බන්ධයෙන් ගැටළු ඇති නොකරන්නේ නැත. නමුත් ඒ ගැටළු විසඳීම ස්වභාවධර්මයේ සීමා වලට පිටින් ගොස් කිසි සේත් කළ නොහැකි වේ. නමුත් වර්තමානයේද ලිංගිකත්වයේ ස්වභාවයන්ට පිටින් ගොස් ලිංගික පීඩාවක් ජනනය කරවන උග්‍ර සදාචාරවාදයන් මැදපෙරදිග විශේෂයෙන් දක්නට ලැබේ.
                              
            
මැද පෙරදිග සෞදිය වැනි රටවල ඔඩුදුවා ඇති උග්‍ර සදාචාරවාදය ගැන කතා කිරීමේදීද මා කලින් කී කුහක පිරිමින් තම ලිංගික සංවේදනයන්ට යම් තරමකටවත් අවනත නොවී තම ලිංගිකත්වයේ විරුද්ධ ලිංගික ස්වරූපය සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ද පීඩාවට ලක්කිරීමේ ගති ලක්ෂණය කැපී පෙනේ. මැදපෙරදිග කාන්තාවන් මහ දවල් කළු පැහැ ගෝනි බිල්ලන්ගේ ඇඳුම ඇඟේ රුවාගෙන වද විඳීන ආකාරය බැලූ විට මෙය පැහැදිලි වේ. මේ ජරා රටවල කාන්තාවන්ට තම ලිංගිකත්වය අනුව පිරිමින් ආකර්ශනය කරන විලාසිතා ආදියට දැඩි සීමා ඇත. එහෙත් එම රටවල් බොහොමයක කාන්තාවන්ට මානසික පෞරුෂත්වයක් ගොඩනගමින් පිරිමින් කරන බොහෝ දේ කිරීමට යම් ඉඩක් තිබේ. මේ උඩඟු උග්‍ර සදාචාරවාදීන් ලිංගිකත්වයේ ස්වභාවයන් සමග අනුකූල ජීවන චර්යාව අගයනු වෙනුවට ලිංගික පීඩාව දැඩි කරවන බොරු ආචාරධර්මයන් ඇගයීමට ලක්කිරීම මහා ලොකුකමක් ලෙසද දකිති. ඉස්ලාමීය සංස්කෘතිය රජයන සෞදියේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතියයි. ඉස්ලාමීය ලිංගික සදාචාරය අනුව අවිවාහකයන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම බරපතල වරදක් වන අතර ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමටද බොහෝ විට සිදු වේ. විවාහක පුද්ගලයන්ද විවාහයෙන් පිට සම්බන්ධතා පැවැත්වීමේ වරදට දැඩි දඬුවම් වලට යටත් කරනු ලබයි. මේ සියළු අවස්ථා වලදී ස්ත්‍රී පාර්ශවයට වඩා දැඩි දඬුවම් ලැබේ. පරදාර සේවනයට මේ කුහක ෂරියා නීතිය අනුව වරදකාරියන් වන අය ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම උමතු අන්තවාදීන්ට අනුව මහා වීරකමකි. මෙහිදී වරදකාරියන් සමග ගනුදෙනු කරන පිරිමි පාර්ශවයටද කසපහර ලැබේ. ඇතැම් මැදපෙරදිග ඉස්ලාමීය රටවල ස්ත්‍රියගේ කන්‍යාභාවය සම්බන්ධ ආකල්පයද උමතුවකි. ස්ත්‍රියක් විවාහයට පත්ව කන්‍යාභාවය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් එය එම පවුලේ අය සලකන්නේ තම පරම්පරාවටම කළ නිග්‍රහයක් ලෙසයි. බොහෝ විට එම නිග්‍රහයෙන් ගැලවීමට මෙලෙස කන්‍යාභාවය ඔප්පු කරන්නට නොහැකි වූ තැනැත්තියන් පවුලේම කෙනෙක් අතින් මැරුම් කෑමද මේ උමතු සමාජය තුල සාධාරන ක්‍රියාවකි. අනෙක් පැත්තෙන් පිරිමියෙකු අතින් ලිංගික අතවරයකට පත්වන කාන්තාවන්ටද දඬුවම් කරන අමන නීති මේ ජරා රටවල තිබේ. මැදපෙරදිග ඉස්ලාමීය උග්‍ර සදාචාර රාමු තුල ලිංගික පීඩාව ඉහල මට්ටමක පවතින්නට හේතුද බොහෝය. ඒ රටවල පිරිමියෙකුට කාන්තාවන් 7ක් දක්වා විවාහ කරගැනීමට අවසර තිබේ. මේතුල ධනවත් පිරිමින් සුළු පිරිස සමාජයේ කාන්තාවන් වැඩිම පිරිසක් විවාහ කරගනිමින් තවත් පිරිමි කොටසකට සහකාරියන් අහිමි කරති. සමාජ විශමතාද මේ රටවල ඛනිජ තෙල් වලින් ලැබෙන මුදල් කොපමණ ඇතත් දක්නට ඇත.
                         
මැදපෙරදිග උමතු සදාචාරයන් තුල ස්ත්‍රී ලිංගිකත්වය හා එහි ස්වභාවික ගුණාංගයන් දැඩි ලෙස කප්පාදුවට ලක්කර තිබීමද  ලිංගික පීඩාව උග්‍ර අතට හරවන්න හේතු වී ඇත. එක් අතකින් බලන විට මෙය ස්වභාවධර්මයෙන් ලැබේ දඬුවමක් වේ. මේ මහා සදාචාරවාදීන්ට අනුව කාන්තාවන්ට තම ලිංගිකත්වයේ ස්වභාවයට අනුව පිරිමින් තමන් වෙත ආකර්ශනය වන කිසිදු ක්‍රියාවක නිරත විය නොහැක. ඇතැම් රටවල කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකා වල ගීත ගායනය හෝ රංගනය තහනම්ය. විවාහක කාන්තාවන් වෙනත් පිරිමින්ගේ නෙත නොගැටෙන ලෙස සඟවා තැබීමට ඔවුන් අදහන දෙවියන්ගේද ආශිර්වාදය ඇත. සමහර මැදපෙරදිග රටවල පිරිමින්ට විවාහක කාන්තාවන් සමග මුහුනට මුහුන ලා ඔවුන්ගේ මුහුණ බලාගෙන කතා කිරීමත් තහනම්ය. ප්‍රේම සම්බන්ධතා ඇතිකරගැනීමක් ගැන මේ රටවල කිසිවෙකුට හිතන්නටවත් බැරිය. මේ කුහක උග්‍ර සදාචාරවාදීන් වෙසෙන මහා සදාචාර සම්පන්න රටවල ගැහැනුන් හා පිරිමින් අතර ස්වභාවික ලෙස සිදුවන ලිංහික චර්යා හා බැඳීම් දැඩි ලෙස පසුබට වෙමින් සමලිංගික විකුර්ති චර්යාවලට යම් සාර්ථක පසුබිමක් ඉබේ නිර්මානය වේ. සමලිංගිකත්වයද මේ රටවල තහනම්ය. එහෙත් සමලිංගික හැසිරීම් වලට යම් ඉඩ ප්‍රස්ථාවක් සමාජයේ ඇතිවෙන්නේද කුහක උග්‍රසදාචාරවාදයේ ආශිර්වාදයෙනි. ඇතැම් රටවල මානසික ආතතියෙන් ලිංගික චර්යා විකුර්ති කරගත් පිරිමින් නොමේරූ පිරිමි දරුවන් ලිංගික අපචාරයේ යොදාගැනීමට රහසිගතව යම් ලිහිල් බවක් පෙන්වයි. මැදපෙරදිග රැකියාවක් සඳහා ගොස් පැමිණ සිටි කෙනෙකු වරක් මා සමග පැවසුවේ ඒ රටවල ගණිකා ව්‍යාපාර වැනි ලිංගික සේවා සපයන ආයතන පවත්වාගෙන යෑම තහනම් වන බැවින් ලිංගික පීඩාව සමනය කරන පිළියම් ලෙස ගැහැනු හැසිරීම් ඇති ස්ත්‍රීන් වැනි පිරිමින්ට එම රටවල යම් යම් රැකියා කිරීමට ඉඩ සලසා ඇති බවයි. ඒ ඔවුන්ට රැකියා වලට අමතරව සමලිංගික සේවනය තුලින් එම රටවලට පිටින් රැකියා කිරීමට එන පිරිමි කාණ්ඩයට සේවාවක් සැපයීමට හැකි වන ලෙසයි. මෙන්න ඔවුන්ගේ මහා ලොකු සදාචාරයේ හෙළුවැල්ල.
                         
සෞදියේදී ලාංකික විවාහක කාන්තාවක් තවත් අවිවාහක ලාංකිකයෙකු සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීමේ වරදට එරට උමතු ශරියා නීතියෙන් ගල් ගසා මරා දැමීමට නියම වෙද්දී ජනමාධ්‍යද ඇතුළුව මෙරට බොහෝ දෙනෙක් ඇවිස්සී ඊට විරෝධය දක්වමින් කළ කී දේ බොහෝය. ඇත්තෙන්ම එය වියයුතුවම තිබූ දෙයකි. කෙසේ හෝ වේවා කාන්තාවන් සෞදිය වැනි ජරා රටවලට වහල් කමේ යවා කාලකන්නි ජීවිත ගෙනයන ලංකාවේ පිරිමි නිකමුන්ද මේ කරුමයට වගකිවයුතුය. එය පැත්තකින් තියා තවත් එක් දෙයක් ගැන කතා කිරීම මේ අවස්ථාවේ වැදගත් වෙ. එනම් ස්ත්‍රී ලිංගිකත්වය හා ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවය සම්බන්ධ මැදපෙරදිග උග්‍ර සදාචාරවාදී උමතු ආකල්පයේම ප්‍රාථමික ලක්ෂණ ලොව වෙනත් රටවල මෙන්ම ලංකාවේද විවිධ මට්ටම් වලින් දක්නට ඇති බවයි. වෙනස අපේ රටේදී සමාජයේ මේ  සම්බන්ධයෙන් යමක් වැරදි යැයි තීන්දු කරන ආකාරය හා ඊට දක්වන ප්‍රතිචාර මැදපෙරදිග තරම් දරුණු නොවීමය. තමන් විවාහයෙන් පිට වෙනත් කාන්තාවන් සමග අනියම් ඇසුර පවත්වමින් සිය බිරිඳ වෙනත් පිරිමියෙකු ඇසුරු කළහොත් ඇය මරා දැමිය යුතුය යන ස්ථාවරයේ ඉන්නා පිරිමින් අපේ රටේ බොහෝ ඇත. වාසනාවකට මේ කුහක ආකල්ප මැදපෙරදිග මෙන් අපේ රටේදී නීති බවට පත්ව නැත. ලංකාවේදී ලිංගිකව පරිනත වයස් මට්ටමක සිටින ගැහැනු ළමයෙක් පිරිමි ළමෙකු සමග ප්‍රේම සම්බන්ධයන් ඇති කරගත්තොත් ඇයගේ පවුලේ සාමාජිකයින් ඇයට කෙසේ ප්‍රතිචාර දක්වයිද? ඇතැම් විට ඇය නොමරා මැරීමටද ඉඩ ඇත.
                          
මැද පෙරදිග තරමට දරුණු හා නිල මට්ටමේ නැතත් අපේ රටේද ලිංගික කුහකත්වය වන්දනා කිරීම සරුවට ඇත. මැදපෙරදිගදී ගල්ගසා මරාදැමීමට ලක් වන වරද මෙහිදී සිදු වුවොත් පිරිමියා බේරී ස්ත්‍රියට සමාජයේ සියළු අපහාස විඳගැනීමට සිදු වනු ඇත. කුහකයන් සමාජයේ ප්‍රභූ තත්වයේ වැජඹෙන්නේ මැදපෙරදිග පමණක් නොවේ. අපේ රටේද ලිංගික කුහකත්වය වටිනා ආභරණයක් ලෙස සලකන කුහකයන් සෞදියේ මෙන් නිල මට්ටමෙන් සමාජයට දැඩි බලපෑම් කරමින් නීති පද්ධතිය හැසිරුවේ නැතත් සමාජය හසුරවන මට්ටමට මහ ඉහලින් වැජඹෙති. පාසල් තුල විදුහල්පතිවරු විනය පාලකයින් හා ගුරුවරුන් බොහොමයක් ලිංගික කුහකත්වය ඉහට ගැසූ අය වෙති. ඔවුන් එය අධ්‍යාපනය සම්බන්ධ ඉහල නිලධාරියෙකු වීමට සුදුසුකමක් ලෙසද සලකති. පාසල් තුල ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා වලදී ඔවුන්ට අති අමානුෂික ලෙස ප්‍රතිචාර දක්වන්නේ මේ කුහක උඩඟු පාසල් බල අධිකාරියයි. මා මීට පෙර ලිපි වලින්ද කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ හා වැල්ලවාය ප්‍රදේශයේ විදුහලක සිදුවී ශෝකජනක සිදුවීම් ගැන කරුනු දැක්වීමි. ඒ සිද්ධි දෙකේදීම දැඩි මානසික පීඩාවකට ලක්ව සියදිවි හානි කරගෙන තිබුණේ සිසුවියන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම ක්‍රියාකර තිබුණේ තම්න්ට උපතින් දායාද වී තිබූ ස්ත්‍රී ලිංගික ස්වභාවය අනුව මිස මානව සංහතියට නොගැලපෙන අමනුස්ස ආකාරයකට නොවේ. නමුත් එය පාසලේ බලධාරීන් පිළිගත් ආකාරය අන්ත අසික්කිතය. මැදපෙරදිග උග්‍ර සදාචාරවාදී උමතු ශරියාව නොවුවත් එහි ප්‍රාථමික ලක්ෂණ මෙවැනි සිද්ධි තුලිනුත් නිරූපනය වේ. එය වසන් කරන්නටද බැරිය.
        
මානව ප්‍රජාව තුල ලිංගිකත්වයට යම් සදාචාර පද්දතියක් අවශ්‍ය වුවත් එය මිනිස් වර්ගයා පීඩාවෙන් පෙලන මට්ටමේ එකක් නොවිය යුතුය. සදාචාරයේ වටිනාකම දැනෙන්න නම් එය මානව ප්‍රජාවක ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් රැකෙන හා ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් වඩා තහවරු වන ආකාරයේ දෙයක් විය යුතුය. මැදපෙරදිග සෞදිය වැනි රටවල තිබෙන්නේ එවැන්නක් නොවේ. එහි ඇත්තේ ලිංගිකත්වයේ ස්වභාවය හා මිනිස් ගති ලක්ෂණ ඉක්මවා ගිය උමතු සදාචාරයකි. මේ අන්ධ උමතු සදාචාරය ලිංගික බැඳීම් තහවරු කරනු වෙනුවට ලිංගික පීඩාව ඇතිකරවන කුහක බවකින් යුක්ත වන අතර මේ ලිංගික පීඩාවෙන් විඳවීම වටිනාකමක් ලෙස සල්ලකයි. ඒ තුල එල්බගත් පිරිස මේ සදාචාරය රැකීම දෙවියන්ගේ නාමයෙන්ම මහා ලොකු පින්කමක් ලෙසද සලකයි. මේ උමතු සදාචාරය රකින්නට යන උන්මත්තකයන් ලිංගිකත්වයේ ස්වභාවය කෙසේ වෙතත් මිනිස් ජීවිත වල වටිනාකමත් නොහඳුනන තරමට අන්ධ වී ඇත. ඔවුන්ට මේ සදාචරය මිනිස් ජීවිතයකටද වඩා වටියි. විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිතය මේ උමතු සදාචාර වාදීන් තුට්ටුවකට මායිම් නොකරති. මේ වන විට සෞදියේ ගල් ගසා මරා දැමීමට නියම වූ කන්තාවට දඬුවම ලිහිල් වී ඇය මරනයෙන් ගැලවී ඇති බව ආරංචි වේ. එහෙත් මේ සිද්ධියට සෞදි බලධාරීන්ට ඇඟිල්ල දිගු කරමින් කතා කළ අපේ අයද ආපසු හැරී බැලියයුතු තවත් දෙයක් ඇත. එය නම් අර සෞදියේ තිබෙන උමතු ගොන් සදාචාරයේ ප්‍රාථමික අංග බඳු වූ අපේ රටේ කුහක ආකල්පයි. අපේ රටේ සෞදියේ මෙන් කාලකන්නි තත්වයක් නැතත් ලිංගික කුහකත්වය ආභරණයක් කරගත් කුහකයන් සමාජයේ යම් තාක් දුරට ප්‍රභූත්වයට පත්ව ඇත. එයද අපේ සමාජය පැත්තෙන් ඇති කර තිබෙන්නේ සුළුපටු ලිංගික පීඩාවක් නොවේ. අද මෙය අධ්‍යාපනය වෙලාගෙන ඇත. මැදපෙරදිග අපා දුක් විඳින්නට කාන්තාවන් වහල්කමේ යැවීමම ගැටළුවක් වන බැවින් එයද වැලැක්විය යුතුමය. ඊට අමතරව මැද පෙරදිග කුහක සදාචාරයටත් උමතු ශරියාවටත් ඇඟිල්ල දිගු කරන්න තිබෙන උවමනාව අපේ රටේ ලිංගික කුහකත්වයන්ට වැරදි වටිනාකම් දී කුහකයන් ප්‍රභූත්වයට දමා සැලකීමට එරෙහිවීම සඳහාද තිබිය යුතුමය.

Monday, November 9, 2015

අපේ රටේ මෙහෙම වෙන්නේ ඇයි?

මීට ටික කාලයකට ඉහතදී සිදුවූ සිද්ධියක් සිහිගන්වමින් තවත් එවැනිම ඛේදජනක සිදුවීමක් වාර්තා වී තිබේ. මා මෙම බ්ලොග් අඩවියට ලිපියක්ද පල කළ පලමු සිද්ධිය වන්නේ කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ සිසුවියක් ෆේස්බුක් පිටුවක හුටපටයක් නිසා සාරිපොටකින් එල්ලී මියයෑමය. එහිදී දැනගන්නට ලැබුණේ තම ෆේස්බුක් පිටුවේ මෙකී සිසුවිය තවත් පිරිමි ළමයෙකු සමග ගත් ඡායාරූපයක් ගැන උරන වූ එම විදුහලේ විදුහල්පතිවරයා ඇය දරුණු ලෙස මානසික පීඩාවට ලක්කරමින් පරුෂ වචනයෙන් බැන වැදීමයි. දැන් අපට අසන්නට ලැබෙන්නේ වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 6වන වසරේ සිසුවියක් එම විදුහලේම 10වන වසරේ සිසුවෙකුට යවා තිබූ පෙම් හසුනක් පාසලේ ගුරුවරුන්ට හසුවී ඇයට අවවාද කර මවුපියන් කැඳවාගෙන එන ලෙස කර දැනුම්දීමේ සිද්ධියකි. ගුරුවරුන් ඇයට අවවාද කළා යැයි කීවද ඒ කෙසේද යන්න පැහැදිලි නැත. ඇතැම් විට එයත් පෙරකී ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති කළ ක්‍රියාවට සමාන වීමට බැරිකමක් නැත. එලෙස මා සැක පහල කරන්නේ මේ 11 හැවිරිදි සිසුවිය සාරි පොටකින් එල්ලී මිය යෑම සැක සහිත බැවින් වේ.
                                                     සිද්ධියට අනුව එදින උදෑසන පාසලට පැමිණි සිසුන්ගේ පොත් බෑග් පරික්ෂා කරද්දී දහය වසරේ සිසුවාගේ බෑගය තුල අර හය වසරේ ඉගෙනුම ලබන සිසුවිය විසින් දුන්නා යැයි කියූ පෙම් හසුන හමු වී ඇත. ඒ සිසුවාට පාසලේ බලධාරීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන ආරංචියක් නැත. ආරංචියේ හැටියට හයවසරේ 11 හැවිරිදි ශිෂ්‍යාවට ඇයගේ පංතිය භාර අංශයේ ප්‍රධානියා මේ ගැන අවවාද කර පහුවන සතියේ සඳුදා දින මව හෝ පියා සමග පැමිණෙන ලෙස උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් අර අංශ භාර ප්‍රධානියා සිසුවියට අවවාද කළ ආකාරය පැහැදිලි නැත. එය අර කුඩා සිසුවියගේ පැත්තෙන් බලන කලනම් එතරම් යහපත් අවවාද කිරීමක් විය නොහැක.මා එසේ කියන්නේ අපේ රටේ පාසල් වලට අරක්ගෙන සිටින කුහක සත් ගුනවත් ගුරු භවතුන්ගේ බොරු සාරධර්ම ඇදහීම ගැන හොඳින් දන්නා නිසාය. ශිෂ්‍යාවට ඇය කළ ක්‍රියාව මහා ලොකු සදාචාර සම්පන්න පාසලේ විනයට නොගැලපෙන බව කියමින් යම් තරවටුවක් කරා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය අවවාද කිරීමක් හැටියට මාධ්‍ය වලට කිව හැක. කුහකකම් ප්‍රභූත්වයට හේතු වන කල පාසල් බල්ධාරීන් ලිංගික කුහකත්වය තම ප්‍රධාන වුර්තීය සුදුසු කමක් ලෙසද සලකන අපේ රටේ සිසු සිසුවියන්ගේ පෙම් හබ වලට ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ තරවටු කිරීම් වලට ලක් වීම සුලභ සිද්දියකි. 
                            

මේ සිද්ධියට මුහුනපා අවාසනාවන්ත ලෙස සියදිවි හානි කරගත් කුඩා පාසැල් දැරියට අවවාද කළ ඇයගේ පංතිය ඇතුලත් අංශ භාර ප්‍රධාන ගුරුවරයා හෝ විදුහල්පති හෝ වෙනත් කිසිවෙක් මේ වෙනතෙක් සිද්ධිය ගැන කිසිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා පරීක්ෂණ පවත්වන බව ආරංචි වී තිබේ. සිද්ධිය වූ දිනයේ පාසල ඇරී ගෙදර පැමිණි දැරිය ඇඳුම් මාරු කිරීමට කාමරයට ගොස් බොහෝ වේලාවකින් නැවත නොපැමිණීමත් දොරට තට්ටු කරද්දීත් කතා නොකිරීමත් නිසා නිවැසියන් දොර කඩා කාමරයට ඇතුල් වන විට දැරිය සාරි පොටෙන් එල්ලී සිටිනු දැක ඇත. අසල්වැසියන් සමග දැරිය වැල්ලවාය රෝහලට ගෙන ගියත් ඒ වන විට මේ දැරිය මියගොස් අවසන්ව තිබී ඇත. දැනටත් මේ සිද්ධිය ගැන මාධ්‍ය වලින් ඒතරම් ප්‍රචාරය වී නැත. ඇතැම් විට ගුරුභවතුන් හා විදුහල්පතිවරුන්ට ඇති ප්‍රභූත්වයත් අධ්‍යාපනයට හා පාසලට තිබෙන පූජනීයත්වයත් හමුවේ දැරියගේ පෙම් හසුන බරපතල කාරනයක් වීම නිසා පාසල් බලධාරීන්ට ඇඟිල්ල දිගු කරමින් ප්‍රවුර්ති පල කිරීම මෝඩකමක් කියා මාධ්‍ය වලට හැඟී ගියා වන්නටද පුළුවන. 
                               පාසලේ බලධාරීන් 11 හැවිරිදි දැරියක් එම විදුහලේම ඉහල පන්තියක සිසුවෙකුට ආදර හසුනක් ලියා පාසලේ පූජනීයත්වය කෙලෙසීමේ සාපරාධී ක්‍රියාව අල්ලාගත් වීර වික්‍රමාන්විත ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් කතා කිරීමට ඒ ගැන මාධ්‍ය කීවත් නොකීවත් මටනම් අවශ්‍ය වේ. ඒ නිකම්ම නොවේ මේ පාසලේ බලධාරීන් කළ දේ ඔවුන්ට අනුව මහා ලොකු වීරකමක් වන්නේ කෙසේද යන්න ගැන ඊට පසුබිම් වන හේතුද සමග කරුනු පැහැදිලි කරමිනි.  විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් යනු ලිංගික පෙරැත්ත හා විරුද්ධ ලිංගික ආකර්ශනය මත පදනම්ව ස්වභාවික ලෙස ජනනය වන දේය. ඒ ප්‍රජනන ක්‍රියාවලිය ස්ම්පූර්ණ කිරීම සඳහාය. මේ සිද්ධිය දෙස බැලීමේදී 11 හැවිරිදි සිසුවිය ලිංගිකව පරිනත විය ආසන්නයේ සිටී. අනෙක් අතට 10වන වසරේ සිසුවාද නවයොවුන් වියේ දොරකඩ සිටින්නෙකි. මේ දෙදෙනා අතර ලිංගිකව ආකර්ශනයක් ඇතිවීම ස්වභාවයට අනුව පුදුම වන්නට දෙයක් නොවේ. එබැවින් ඒ ස්වභාවය මත දෙදෙනා අතර ප්‍රේමාන්විත හැඟීම් ඇතිවීමද කොහෙත්ම පුදුමයක් නොවේ. පරම පිවිතුරු ප්‍රේමය රාගයෙන් එනම් ලිංගික පෙරැත්තෙන් තොරයි කියන අයගෙන්නම් මා අසන්නේ එවැනි පරම පිවිතුරු ප්‍රේම සම්බන්ධතා පැවැත්වීමට අපේ රටේ පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඉඩ දෙන්නේද යන්නයි. හය වසරේ දැරියගේ පෙම් හසුන තුල ඇත්තේ ඊට සම්බන්ධ සිසුවා හා ඇය අතර ඇති වූ ලිංගික ආකර්ශනය මිස වෙන දෙයක් නොවන කාරනය නම් බාදාවකින් තොරව වටහාගත් පාසලේ බලධාරීන් තමන් පූජනීයත්වයේ ලා සලකන ලිංගික කුහකත්වය මත පිහිටා දැරියගේ ක්‍රියාව ලොකු වරදක් බව එක එල්ලේ තීන්දු කර ඇත. ඒ අනුව ඇයගේ පංතිය ඇතුලත් අංශ ප්‍රධානියා ඇයට අවවාද කර තිබේ. අවවාදය ගැන දන්නා අයට ඒ ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අවවාදයේ හොඳ වැඩිකම මේ සිසුවිය ගෙල වැලලාගැනීමෙන් පැහැදිලි වේ. සිද්ධියට සම්බන්ධ සිසුවාට කුමන සිද්ධියකට මුහුන දෙන්නට සිදු උනාද කියා ආරංචි නැතත් ඔහුටද ගැලවීමක් තිබේය කියා සිතන්නට නොහැක්කේ කුහකතවයන් කෙරෙහි අන්ධ භක්තියක් දක්වන්නන්ට අනුව ඔහුද මෙතැන වරදකරුවෙක් වීමට බොහෝ විට ඉඩ ඇති බැවිනි. 11 හැවිරිදි පාසල් දැරියක් එක්වරම ඉහල පන්තියක සිසුවෙකුට පෙම් හසුනක් ලිවීම අහඹු සිද්ධියක් වනවාට වඩා සිදුවන්නට ඉඩ තිබෙන්නේ මේ දෙදෙනා අතර සුළු කාලයක් හෝ රහසින් ප්‍රෙම සම්බන්ධයක් වර්ධනය වී තිබීමයි. ඇතැම් විට සිසුවාද මේ සිසුවියට පෙම් හසුන් ලියා තිබෙන්නට බොහෝදුරට ඉඩ තිබේ. මටනම් ඒ ගැන ගැටළුවක් නැති අතර මා ඒ ගැන පුදුම නොවෙමි.
                                                                 

පෙම් හසුනක් ලියා බලවත් වරදක් කළ 11 හැවිරිදි දැරිය කර තිබෙන වරදේ බරපතලකම වන්නේ පාසලේ බලධාරීන් වඳින පුදන ලිංගික කුහකත්වයේ බොරු ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමය. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ඇතිකරගන්න පෙම් සබඳතාවයක් කියූ පමණින් පුරුෂ ශිෂ්ණයක් ස්ත්‍රී යෝනියක් තුලට ඇතුල්වන ආකාරය හිතේ මවාගෙන ඒ සඳහා ජෝඩුවට ඇති ලැයිසන් එක ගැන ප්‍රශ්න මතු කරන්නටත් ලැයිසන් එක නොමැතිකම ලෝකයේ ලොකුම පාපකර්මය ලෙස සලකා සියළු පරිභවයන් කිරීමටත් ඔවුන් දන්ඩනයට ලක්කිරීමටත් මේ කුහක මහා සදාචාරවාදීන්ට ඇත්තේ උපන් හපන්කමකි. එතැනිනුත් එහා යන මේ කුහකයන් තමන්ට සමාජයේ ප්‍රභූත්වයක් ඇතිකරගන්නට එය සුදුසුකමක් ලෙසද දකිති. ලිංගික කුහකත්වය අද අනියම් ආකාරයකට ගුරුවරුන් විදුහල්පතිවරුන් ආදී අධ්‍යාපන බලධාරීන් බවට පත්වීමේ සුදුසුකමක් වී තිබේ. මේ සිද්ධියේද ඇත්ත පසුබිම එයයි. පාසල් වයසේ පසුවන දරු දැරියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකරගැනීම ගැන වෙනමම ගැටළු තිබුනත් එය අස්වාභාවික දෙයක් ලෙස හඳුනාගත නොහැක. එමෙන්ම පෙම් සබඳතාවයක් ඇති වූ පමණින් එය පාසල් විනයට පටහැනියැයි කීවද ස්වභාවිකත්වයට ඉහලින් පාසල් විනයට වැදගත්කමක් තිබිය නොහැක. එසේ තිබිය යුතුයැයි කිව හැක්කේ කුහකයන්ටය. පාසල් වියේ ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධකම් කෙටි කලකින් දෙදරා ගොස් නැතිවන අවස්ථා බොහෝය. එහෙත් පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් පාසල් පෙම් පලහිලවු වලට එරෙහි වන්නේත් සිසු සිසුවියන්ට දඬුවම් කරන්නේත් ඒ හේතුව නිසා නොවේ. ඔවුන්ට ඇති හේතුවනම් පෙම් සබඳතාවයක් හටගන්නා විරුද්ධ ලිංගික ආකර්ශනය හා ඊට බලපාන ලිංගික ස්වභාවයයි. ඒ විරුද්ධ ලිංගික සම්බන්ධතා දෙස කුඩා ළමුන් හා සමාජය ඉදිරියේ බොරු නොරිස්සුම් සහගත බවක් ඇතිකරගෙන සත් ගුනවත් බවක් මවාගන්නා කුහකත්වයට ඔවුන් වැඳුම් පිදුම් කරන නිසාය. 
                               
මින් ඉහතදී කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ කුහකකම ආභරණයක් කරගත් උඩඟු විදුහල්පතිවරයා එම විදුහලේ සිසුවියකගේ බුකියේ ප්‍රොෆයිල් එක බලා එහි ඇය පිරිමි ළමයෙකු සමග ගත් ඡායාරූපයක් ගැන කිපී ඒ සිසුවියට අවවාද කිරීමට ගොස් ඇයද සියදිවි හානි කරගත්තේ අවවාදයේ ස්වභාවය රටට තේරුම් ගන්නටද පහසු කරවමිනි. මේ මාරාන්තික තරවටු කිරීම් වී.වී.අයි.පී ක්‍රමේට යට ගසා අදටත් මේ විදුහල්පති යහතින් සිටියි. එදා මේ බලවත් අපරාධයට එරෙහිව එතරම් ප්‍රභල හඬක් සමාජයෙන්ද ඇති නොවිය. මේ ලඟකදී මිනුවන්ගොඩ කොටදෙනියාව ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්කර මරා දැමීමේ සිද්ධියේදී එහි අතවර සිද්ධිය දැරිය මරා දැමූ මහ අපරාධයටත් වඩා ඉහලට උලුප්පමින් පිරිසක් මරන දඬුවම ක්‍රියාත්මක කරන්නටද රජයට බල කළහ. අතවරයකදී අතවරකාරයා කෙරෙහි ඇතිකරගන්නා කෝපාවිෂ්ඨ බවම යම් විදිහකින් අවිවාහක තරුණියක් හෝ පාසල් සිසුවියක් සිය කැමැත්තෙන් තම පෙම්වතා සමග ලිංගික සබඳතාවයක් පැවැත්වුවොත් එවැනි අවස්ථාවකදී ඒ තරුණිය හෝ සිසුවිය කෙරෙහිද ඇති කර ගැනීම කුහකයන්ගේ සද්භාවයේ හෙළුවැල්ලයි. ලිංගික සබඳතාවයක් දක්වා දුර නොගියත් වැල්ලවායේ පාසල් දැරිය පෙම් හසුනක් ලිවීමේ සිද්ධිය ගැනත් එම පාසලේ වගකිව යුත්තන් ඇතිකරගෙන තිබුණේ ඊට යම්තාක් කිට්ටු ආකල්පයක් බව පෙනෙන්නට තිබේ. මේ සිද්ධි එක් අතකින් කුහකයන් ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවික ලක්ෂණයන් කෙරෙහි දක්වන්නේ කෙතරම් හඩු ආකල්පයක්ද යන්න පෙන්වයි. මේ දැරිය ලැජ්ජාවටත් බියටත් පත්වන ආකාරයට කුහක ජඩ අදහස් මත පිහිටා ඇයට අනවශ්‍ය අවවාද කරන්නට නොයා ඇගේ මවුපියන් ගෙන්වා ගැනීමට කටයුතු කළේනම් ඇයගේ ජීවිතය ආරක්ෂා වීමටද ඉඩ තිබුණි. ඒත් කුහකකම ආභරනයක් ලෙස සලකන අත්තනෝමතික පාසලේ බල්ධාරීන් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති රඟපෑ නාඩගමේ දෙවන කොටස රඟපා ඇත.

                               
පාසල් දරු දැරියන් පෙම් කරන්නට ගොස් ප්‍රේමය ලිංගික සම්බන්ධතා දක්වා දුර දිග ගියොත් ඉන් එහාට අඩු වයසින් කෙල්ලන් ගැබ් ගන්නා ආකාරයත් එයින් පාසල් වල පූජනීයත්වය කෙලෙසෙන හැටිත් ගැන කුහක පණ්ඩිතයන්ට කිඹුල් කඳුළු සලමින් අඩපාලි කියන්නට අවස්ථාව තිබේ. ඇත්තෙන්ම ඔවුන්ට ඔවුන්ගේ මනෝ ලෝක වල සිට කියන්නට ඇත්තේද ඒ ටික පමණකි. ඔවුන් එසේ කීවත් ඒ එක් අවධානමක් පමණකි. මෙවැනි සිද්ධි වලදී පාසල් දරු දැරියන් සියළු දෙනා ඉදිරියේ ලැජ්ජාවටත් භීතියටත් අවමානයටත් පත්වන ලෙස අවවාද නමින් පරිභව කිරීම දැන්වත් නවතා ස්වභාවධර්මයා විසින් මිනිසාගේ ලිංගිකත්වය නිමවා ඇති ආකාරය ගැන අධ්‍යාපනය පුරාවට ඔඩුදුවා ඇති ගතානුගතික මෝඩ ආකල්පයද වෙනස් කරගත යුතුය. පාසලට මෙවැනි සිද්ධි ගැටළුවක්මනම් පළමුව ප්‍රේම සම්බන්ධතා ව්ල පැටලෙන සිසු සිසුවියන් දෙපාර්ශවයේම මවුපියන් හෝ භාරකරුවන් වෙත ඒ බව දන්වා ඒගැන ගන්නා තීරනයක් ගැනීමට ඔවුන්ට භාරදීම පළමුව කර අනවශ්‍ය වැඩි වැඩ නවතා දැමිය යුතුය. අධ්‍යාපනයට මොන පූජනීයත්වයක් තිබුණත් ඊට අවශ්‍ය ලෙස ලිංගිකත්වයට හිමි ස්වභාවික ගති ලක්ෂණයන් වෙනස් කර නොහැක. අධ්‍යාපනය ලබන දරු දැරියන් ලිංගිකව පරිනත වී වැඩිවිය පැමිණීම වැලැක්විය නොහැකි දෙයකි. විරුද්ධ ලිංගික ආකර්ශනයද අධ්‍යාපනයේ පූජනීයත්වයට යටපත් කළ නොහැකි ස්වභාවිකත්වයේ සංසිද්ධියකි. කළ හැකි හොඳම දේ අධ්‍යාපනය දරු දැරියන්ගේ ලිංගික ස්වභාවයන්ටද ගැලපෙන ලෙස සකස් කිරීම පමණය. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මවුපියන්ද සැලකිලිමත් විය යුතුවේ. පාසල් දරු දැරියන් පාසල් අධ්‍යාපනය නිමවා නිසි වයසක සුදුසු සහකරුවන් සහකාරියන් සමග විවාහයට එළඹ සාධාරන ලිංගික ජීවිතයක් ගෙනයමින් ඔවුන්ගේ ඉදිරි දරු පරපුර හැදීමද අනිවාර්යෙන් වියයුතු වැදගත් දෙයක් ලෙස සලකා ඊටද උචිත ලෙස අධ්‍යාපන ක්‍රමයම ප්‍රතිසංස්කරනය විය යුතුය. ඒ ගැන අධ්‍යාපනය භාර බලධාරීන් මෙන්ම දරු දැරියන්ගේ දෙමවුපියන්ද අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ. ඒටික නොවන තාක් මෙවන් සිද්ධි වලින් අපහසුතා විඳ තවත් අහින්සක පාසල් සිසු සිසුවියන් මෙලොව හැර යෑම වලක්වන්නටද නොහැක.


තොරතුරු සහය

Wednesday, October 7, 2015

කොටදෙනියාව හා ගුනගරුක මිනිස්සු


දිගු නිහැඬියාවක් බිඳ දමමින් දහසක් වැඩ කටයුතු මධ්‍යයේ ලිපියක් එකතු කිරීමට අදහස් කළෙමි. ඒ කොටදෙනියාවේ සිදු වූ ඛේදජනක සිදුවීම ගැන විවිධ මාධ්‍ය වල පල වූ නානාප්‍රකාර කරුනු දැකීමෙන් පසුවයි. විශේෂයෙන් මේ සිද්ධියට පසු ජනමාධ්‍ය පෙර පරිදිම ඔවුන්ගේ සහජ ගති පෙන්වා තිබේ. ඒ මෙම සිද්ධියේද සියළු දහ ජරා පැති අල්ලා මාකට් කරගන්නට උත්සහ දරමිනි. මාධ්‍ය ඉතා පහත් ලෙස සිද්ධියට සැක පිට පොලිස් අතඩංගුවට පත් පුද්ගලයන්ගේ චරිතය ඝාතනනය කරන ලදි. පොලීසියද මේ සිද්දීයෙන් පසුව කිසි වරදක් නැති අහින්සකයන් සැක පිට අතඩංගුවට ගෙන ඔවුන්ට වරද පැටවීමට ගොස් තිබෙන්නේ පිස්සු බල්ලන් මෙනි. සැක පිට රඳවාගත් පාසල් සිසුවෙකුට හා තවත් පුද්ගලයෙකුට නිරුවත් කර බාල්කයක එල්ල පහරදුන් පුවතක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ පළවී ඇත. මේ දෙදෙනාම පොලීසිය විසින් තමන්ට වරද භාරගන්න යැයි කියමින් බලකර ඇති බව වාර්ථා වේ. මෙය ඉතාම භයානක සමාජ අර්බුධයක නරක පෙර නිමිත්තකි. පොලීසිය අපරාධයක් දුටු තැන ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන්නේ මෙලෙසින්ද යන්න කාගේත් කුතුහලයට හේතු වී ඇත. මේ අතරේ සිද්ධිය ගැන මෙලෝ හසරක් නොදැන දැරියක් දූෂණය කර මරා දමා ඇති පුවත පමණක් අල්ලාගනිමින් වරදකරුට මරණ දඬුවම දෙන්නැයි කියා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් උද්ඝෝෂණ කරන ආකාරයත් පුවත් වලින් දුටිමි.
                            
උද්ඝෝෂණ පැවැත්වූවන් මත්ද්‍රව්‍ය ජාවාරම හෝ සැලසුම් සහගත වෙනත් මනුෂ්‍ය ඝාතන පැත්තක තිබියදී ස්ත්‍රී දුෂණ  ළමා අපචාර වලට පමණක් මරණ දඬුවම ඉල්ලා උද්ඝෝෂණ කිරීමද අපූර්වත්වයකි. මේ සිද්ධියම සැලකිල්ලට ගත්තත් පොලිස් නරුමයන් උමතුවෙන් ක්‍රියා කර ඇති ආකාරය දෙස බැලීමේදී මොකෙක් එල්ලුම් ගස් යයිද කියා අපට අනුමාන කරන්නට බැරි වෙයි. අවසනදී වරද කළා යැයි කතන්දරයක් කියා පාපෝච්චාරනය කළා කියන කොණ්ඩයාටත් පොලීසිය එලෙස කිරීමට බල කර බාල්කයක එල්ලා පහර දුන්නාද කියා දන්නේ දෙවියන් පමණකි. කොටදෙනියාව දැරිය අතුරුදහන් වී දින දෙකකට පමණ පසු ඇය අතවරයට ලක්ව මිය ගොස් ඇති කාලකන්නි ප්‍රවුර්තිය ඇසීමට සියළුම රට වැසියන් අවාසනාවන්ත විය. ඒ අවාසනාව ඇයගේ පවුල පසුපසත් ආවේ ඇයගේම පියා ගැනත් පොලීසිය සැක කිරීමෙන් පසුවයි. පොලීසිය පවසා තිබුණේ සේයා සෙවීමට යෙදවූ පොලිස් සුනඛයන් වැඩි දුර නොගොස නිවස දෙසට ආ බවක් හා සේයාගේ පියා මීට මලින් ළමා අපචාරයකට චෝදනා ලබා ඇති බවකි. සියල්ලට වඩා කුනු මස් කට්ටකට පොර කන බලු රෑනක් මෙන් මේ පුවත මාධ්‍ය වල පල කරන්නට මාධ්‍ය මාෆියාව කටයුතු කර තිබුණි. සිද්ධියට සැක පිට අතඩංගුවට ගෙන තිබූ පාසල් සිසුවාගේත් අනෙක් පුද්ගලයාගේත් චරිත අමු අමුවේ ඝාතනය කරමින් ඔවුන් නොමරා මැරුවේ මාධ්‍ය මාෆියාවයි. කොහොමෙන් හරි දැන් සේයා කෙලෙසා මරා දැමූ කාලකන්ණියා කළ අපරාධයටත් වඩා අපරාද ගනණක් පොලීසිය හා මාධ්‍ය මාෆියාව විසින් කර තිබේ.
                             

ලිංගික කරුනු සම්බන්ධ සමාජ සම්මතයන් පිළිගැනීම් හා ඒවායේ පසුබිම ගැන මතක් කර දෙමින් ලිපියේ ඉදිරි කරුනු විස්තර කිරීම යහපත් යැයි මට සිතේ. ලිංගික හැසිරීම් ගැන ලිංගික සදාචාරාත්මක සම්මුතීන් ගොඩනැගීමට පෙර ඉතිහාසයේ මානව වර්ගයා සිය අභිමතය පරිදි රිසි සේ ජන සමූහය තුල තමන් කැමති විරුද්ධ ලිංගික සහකරුවන් සහකාරියන් සමග එක් වෙමින් ප්‍රජනන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට ඇත. එහිදී වැඩිහිටියන් සියල්ලෝම ප්‍රජාවේ දරු දැරියන්ට මවු පියන් වන්නට ඇත. ලිංගික හැසිරීම් වලට වයස් සීමා නොතිබෙන්නට ඇත. එමෙන්ම ලිංගික කටයුත්තකට ඉඩකඩ විවර වීම කිසිවෙකුත් තමන්ට කරන හින්සනයක් හැටියට නොසලකන්නට ඇත්තේ එහි ආශ්වාදය විඳීමේ හා සොබාදහමේ ගුණාංග සමග එකට මුහු වීමේ අවශ්‍යතාවය ඊට වඩා වැදගත් වූ නිසාද විය හැකිය. හරි දැන් ඒ කතා පසෙක තබා ලිංගික සදාචාරය හ ඊට අදාල සම්මුතීන් වල අවශ්‍යතාවය පැන නගින ආකාරය ගැන කතා කරමු. ලිංගික සදාචාරාත්මක සම්මුති වලට මුල් අඩිතාලම පවුල් සංස්ථාව හරහා වැටෙන්නට ඇති බව විශ්වාස කළ හැක. පවුල් ජීවිත වල ආරම්භය දැනට තිබෙන ඉතිහාස කරුනු අනුව හා පිළිගන්නා ආකාරයට හෝමෝ ඉරෙක්ටස් මානවයා ජීවත් වූ කාලය තෙක් අතීතයට දිව යයි. ඇතැම් විට ලොව විවිධ කලාප වල ජීවත් වූ මානව ප්‍රජාවන් අතර පවුල් ස්ංස්ථාවේ ස්ථාපිත වීම මීට වඩා කල් ගත වී සිදු වන්නට ඇත.
                                  
පවුල යන සංකල්පයත් සමග ඒ වටා එක් වන්නා වූ තවත් ලිංගිකත්වයට සම්බන්ධ ආචාරධර්මයන් සම්මතයන් ලෙස වර්ධනය වී ඇත. මේ තුල ලිංගික ආත්මාර්ථකාමී බව ඉදිරියට පැමිණ නැතැයි කීමටද නොහැක. විශේෂයෙන් කන්‍යාභාවය පිළිබඳ ලොව විවිධ සංස්කෘතීන් හි ඇති විශ්වාසයන් හා ඒ මත ගොඩනැගී ඇති චාරිත්‍ර ලිංගික අතවර පිළිබඳ අර්ථකථන මෙන්ම නීති රීති සැලකීමේදී ඒ බව පෙනී යයි. ලිංගික කුහකත්වයද මේ තුල නැතුවා නොවේ. කෙනෙක් තමාගේ සිත්ගත් විරුද්ධ ලිංගිකයෙකු තමන් වෙත ආකර්ශනය කර ගැනීමටත් වෙනත් කෙනෙකු වෙත නොයෑමටත් යොදන උපක්‍රම මානව ප්‍රජාව තුල විවිධාකාරයෙන් දක්නට තිබේ. විශේෂයෙන් පිරිමි පාර්ශවයේ ක්‍රියාකාරකම් වඩා ඉස්මතු වී පෙනේ. තම ලිංගික ආශාවන් ඉටු කරගැනීමට තමන් තෝරාගන්නා සහකාරිය වෙනත් පිරිමියෙකුගේ ඇසුරට වැටීම වැලැක්වීමේ අවශ්‍යතාවයට  හා එසේ පෙර ලිංගික ඇසුරක් නොපැවැත්වූ තැනැත්තියක් සහකාරිය කරගැනීමේ කැමැත්තට අනුව ස්ත්‍රී පාර්ශවය තුල ලිංගික අතවර භීතිය බොහෝ සමාජ වල ගොඩනැගී ඇත. පවුල තුල මවුපිය දූ දරු සබඳතා වර්ධනය වීමත් සමග පරිනාමිකව ඉදිරියට යෑමේදී වැඩිහිටියන් ලිංගිකව පරිනත නොවූ කුඩා දරු දැරියන් සමග ලිංගික සබඳතා පැවැත්වීම ක්‍රමයෙන් ඈත් වී අසම්මතයක් බවට පත්ව තිබේ. එහි වරදක්ද කීමට නොහැකිය. කෙසේ වෙතත් අප මතක තබා ගත යුත්තේ එය ලිංගික සදාචාරාත්මක සම්මුතියක් මිස ස්වභාවයම නොවන බවයි. මේ ටික කියා සිටියේ ලිංගිකත්වය මත පදනම් වන සමාජ සම්මතයන් සදාචාරාත්මක රාමු නීති රීති සියල්ල අංග සම්පූර්ණ හෝ හැම විට සාධාරණ නොවන බව පෙන්වීමටය. වෙනත් ආකාරයකට කීවොත් මේ සීමා මායිම් සම්මුති වල දුර්වල පැත්තක් තිබේ.

                           
ස්ත්‍රී ලිංගික ස්වභාවයන් ගැන සමාජයේ පිළිගැනීම් හා ඒ දෙස සමාජය බලන ආකාරය ගැනද කරුනු ටිකක් කීම වැදගත් යැයි සිතමි. බොහෝ විට විවිධ සංස්කෘතික හර පද්ධතීන් සැලකීමේදී පිරිමින්ගේ ලිංගික පෙරැත්ත හා ලිංගික ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා එහි ක්‍රියාකාරකම් ඒ තරම් පිළිගැනීමට ලක් නොවේ. ස්ත්‍රියට ලිංගික ආශාව කියා දෙයක් තිබෙන බව පිළිගැනීමටද සමහර සංස්කෘතීන් තුල තිබෙන්නේ ඉතා මැලි කමකි. මේ ගැන සමාජවිද්‍යාත්මක විශ්ලේශනයක් අවශ්‍ය වුවත් ලිපිය තුලින් සියල්ල සාකච්චා කරන්න මා බලාපොරොත්තු වන්නේ නැත. තමන්ට විවාහ වීමටත් පෙර ස්ත්‍රීන් සමග ලිංගික ඇසුර අවශ්‍ය බවට හා විවාහක වුවත් සිය නීත්‍යානුකූල බිරිඳට අමතරව වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීමට  නිදහස තිබිය යුතු බවට විශ්වාස කරන බොහෝ පුරුෂයන් ඒහා සම අවස්ථාවක් ස්ත්‍රියට තිබිය යුතු යැයි කිසිවිට පිළි නොගනිති. කාන්තාවන්ට පුරුෂයන් නියැලෙන සියළු වුර්තීන් හා සියළු පුරුෂයන්ට ආවේනික කාර්යභාරයන් වලට ඇතුල් වීමට සම වස්ථාව තිබිය යුතු යැයි කියන මහා දර්ශනවාදී පුරුෂෝත්තමයන්ද මේ අතර සිටිති. එය පුදුමයට කාරනයක්ද නොවේ. අපට මගහැර යා නොහැකි තවත් දෙයක්ද මතක් කරන්නට මා කැමතිය. ඒ කාන්තාවන් ගැන බොහෝ දයානුකම්පා සහිත ගුනගරුක පිරිමින් බොහොමයක් බාල වයස්කාරියක් හෝ තරමක් වැඩිමහල් තැනැත්තියක් සිය කැමැත්තෙන් පිරිමියෙක් සමග ලිංගිකව හැසිරී කන්‍යාභාවය නැති කරගත් සිද්ධියක් දෙස බලන්නේ කෙසේද. මේ ගුණගරුක මිනිසුන් එතැනදී ස්ත්‍රී ස්වභාවය සලකා ඊට සමාව දීමටනම් කීයටවත් සූදානම් නැත. අනෙක් අතට පිරිමියෙකු අතින් ලිංගික අතවරයකට ලක් වී කන්‍යාභාවය අහිමි වූ තැනැත්තියන් දෙස සමාජය බලන්නේ කොහොමද? එහිදී එය ස්ත්‍රී පාර්ශවයේ වරදින් නොවුනත් කන්‍යාභාවය කියන සාධකයේදී ඊට සමාව දීමට සමාජයේ බොහෝ ගුණගරුක මිනිසුන් සූදානම් නැත. එනිසා ලිංගික අතවරකරුවන්ට මරණ දඬුවම පනවන්න යැයි කෙරෙන බලපෑම් ගැන මේ කාරනා වලටද සාපේක්ෂව කතා කළයුතුය. 

                                        
දැන් මම කතා කරන්නට යන්නේ තවත් මෙවැනිම කවුරුත් කතා නොකරන දෙයක් ගැනය. සේයා දියණියට වූ අපරාධය හමුවේ මහත් ආවේගයෙන් හැසිරුණු අයත් ඇතුළුව මෙරට සත් ගුණවත් මවුපියන් සේයාගේ වයසේම නොවුනත් වයස 13-14 පමණ වන දැරියක් පිරිමි ළමයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගතහොත් ඇයට මොන විදිහක දඬුවමක් දේවිදැයි හිතාගන්නට අපහසුය. ඇතැම් විට එය කොටදෙනියාවේ දැරියට සිද්ද වූ දෙයින් වැඩි වෙනසක් නොවන්නටද පුළුවන. ඒ අපේ රටේ ගුනගරුක මිනිසුන් ස්ත්‍රී ලිංගික ස්වභාවය හමුවේ දක්වන හැසිරීම් රටාවයි. මීට ටික කාලයකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවියක් ෆේස්බුක් එකේ පිරිමි ළමයෙක් සමග ගත් ඡායා රූපයක් ඇතුලත් කර තිබීම නිසා කළබලයට පත් වූ එම විදුහලේ විදුහල්පතිවරයා සිසුවියට ඉතා පහත් ලෙස පරිභව කරමින් ඇයව දැඩි මානසික පීඩාවකට පත්කරමින් දඬුවමට ලක්කර තිබුණි. එහි ප්‍රතිඵලය ලෙස ඇය සාරි පොටකින් එල්ලී සියදිවි හානි කරගෙනද තිබුණි. එහෙත් එම අවස්ථාවේ දැරියගේ මරණයට වගකිවයුතු වූ විදුහල්පතිවරයා එල්ලන්නට කවුරුත් කතා කළේ නැත. අදටත් මේ විදුහල්පතිවරයා යහතින් වැජඹේ. කුඩා කළ දරුවන්ට ඇති ආදරය ඔවුන් ලිංගිකව පරිනත වයසට පැමිණ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශණය වන විට හා විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීමට උනන්දුව ඔවුන් කෙරෙන් පෙන්නුම් කරන විට එක් වර වෙනස් විය නොහැක. 

              
කොටදෙනියාවේ කතාව ගැන විවිධ පැති වලට කරුනු කීමේදී ලිංගික හැසිරීම් වල විකුර්තිතා හා ඒ මත සිදුවන ළමා අපචාරත් එවැනි සිද්ධි යම් විදිහකින් මිනී මැරුම් දක්වා දුරදිග ගියොත් කොටදෙනියාව සිද්ධියේදී කුලප්පු වූ ගුණගරුක මිනිසුන් ඇතුළු සමාජය කෙසේ ප්‍රතිචාර දක්වයිද කියන කාරනාවත් මතු කළ යුතුම දෙයක් වේ. මා මෙයින් අදහස් කළේ සමලිංගික පිරිමි හෝ කාන්තා අපචාරකරුවන් කර තිබෙන හා කිරීමට ඉඩ ඇති දේ ගැනය. මීට කාලයකට ඉහතදී පුල්මුඩේ ප්‍රදෙශයෙන් පිරිමියෙකු ලෙස පිරිමි වෙස් ගෙන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සමලිංගික ළමා අපචාර කටයුත්තක යොදාගත් තැනැත්තියක් ගැන ප්‍රවුර්තියක් වාර්තා විය. එහිදී මේ විකුර්ති මනෝභාවයකින් පෙළුණු ළමා අපචාරකාරිය තමන් විසින් ලිංගිකව අපයෝජනය කළ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා තමන් වෙත ලබාගැනීම සඳහා ඒ දැරියන් දෙදෙනාගේ මවුපියන් අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. ඒ සාපරාධී ක්‍රියාවේදීනම් එය කළ ගැහැනිය එල්ලන්න යැයි කියා කිසිවෙක් උද්ඝෝෂණය කළේ නැත. අප නිකමට හිතුවොත් කොටදෙනියාවේ සිද්ධිය එසේ නොවී සමලිංගික පිරිමියෙකු විසින් බාලවයස්කාර පිරිමි දරුවෙකු ලිංගිකව අපහරනය කරමින් මරා දැමීමේ සිද්ධියක් උනානම් කිසිවෙකුටත් එල්ලුම් ගස මතක් වෙයිද? මතක් උනත් මේ තරම් ලොකු විරෝදයක් නොව ඇල්මැරුනු විරෝධයක් එල්ල වී සිද්ධියද ඉක්මනින්ම යට යෑම හා සමාජයට අමතක වීම සිදු වීමටනම් වැඩි ඉඩක් ඇත. පුල්මුඩේ සිද්ධිය ගැන සිදු වූ පරීක්ෂණ හෝ සැකකරුවන්ට බාල්ක වල එල්ලා පහරදීම් ගැන ආරංචි නැත. ඒ සිද්ධියද ඉතා ඉක්මනින් සියල්ලන්ට අමතක උනා පමණක් නොව මාධ්‍ය වලින්ද කතා කිරීම නවතා දැමිනි. 

                                  
ලිංගික අතවර සිදුවීම් වලදී අතවර කාරයා තමන් අතවරයට ලක් කරන තැනැත්තිය මරා දැමීමේ ප්‍රවණතාවය පසුපස එක් අතකින් තිබෙන්නේද සමාජය තුල ලිංගිකත්වය සම්බන්ධ ආකල්ප වල හා කුහකත්වයේ බොරු සාරධර්ම වල ඇති දරදඬු බවයි. ඊටම හරියන කුහක නීති වල දරදඬු බව ද තවත් පැත්තකින් තිබේ. කොටදෙනියාවේ සිද්ධිය ගත්තත් එහි වැරදි දෙකක් අඩංගුය එකක් දැරියට ලිංගික අතවර කිරීමයි අනෙක දැරිය මරා දැමීමයි. මේ දෙකෙන්ද වඩා බරපතල කාරනය දැරිය මරාදැමීමයි. එය සාපරාධී මනුෂ්‍ය ඝාතනයකි. නමුත් මෙහිදී එල්ලුම් ගස නැවතත් ගෙනැත් එල්ලිල්ල පටන් ගන්නට බලපෑම් කරන  උදවිය වඩා ඉස්මතු කළේ සාපරාධී මනුෂ්‍ය ඝාතනය යන කාරනයට වඩා ලිංගික අතවරය කියන එකයි. ඔවුන්  එල්ලා මරන්නට යෝජනා කළේද සාපරාධී මනුෂ්‍ය ඝාතකයන්ට වඩා ලිංගික අතවර කරුවාය. එයින්ද පෙන්නුම් කළේ එක්තරා කුහකත්වයකි. ලිංගික අතවර පිළිබඳ සමාජයේ අර්ථකථන හා විශේෂයෙන් ස්ත්‍රී ලිංගිකත්වයත් කන්‍යාභාවයත් සම්බන්ධ ආකල්ප ගැන මීට වඩා බුද්ධිමත්ව තරමක් දුර විශ්ලේෂනයක් කරන්නේනම් එය කාම අපරාධ වැලැක්වීම තරමටම වැදගත් වනු ඇත. කොටදෙනියාවේ ඛේදවාචකයේදී පාසල් සිසුවෙකුගේ ලැප්ටොප් යන්ත්‍රයේ තිබූ අසභ්‍ය දේවල් මත ඔහු සැකකාරයෙකු කළා වැනි මොන්ගල් අපරාධ පරීක්ෂණ වලට වඩා ස්වභාවික මිනිස් ගුණාංගත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගත් යන කාරනා හා මානව සමාජයේ සදාචාරයන් අතර මනා සමබරතාවයකුත් අන්‍යෝන්‍ය අවබෝධයකුත් ඇති කිරීම වර්තමානයේ ඉතා වැදගත් වේ. අතවර අර්ථකථනයන් තුල දැඩිව එල්ලී සිටිමින් මේ ගුණාංගද වනසා ගැනීම අමනෝඥ්ඥ ක්‍රියාවකි.

                                 
ස්ත්‍රී දූෂණයට මැදපෙරදිග මිත්‍යාවන් අනුව යමින් මරණ දඬුවම දෙන්නට ගියොත් අනියම් ආකාරයකට කන්‍යාභාවය මත කාන්තාවන් පීඩාවට පත්වීමට යම් ඉඩකඩක්ද ඇති වේ. කන්‍යාභාවයට හානි වීම මත එවැනි අය සමාජයේ පිළිකුලට හා දෝෂදර්ශනයට ලක්වීමද ඒ අනුව සාධාරණීකරනය වන්නට ඉඩ ඇත. ලිංගික අතවර සඳහා පුද්ගලයන් පෙළඹෙන කාරනා සමාජයෙන් ඉවත් කිරීමට පොදුවේ සියළු දෙනා උනන්දු වන්නේනම් ඒ සඳහා අවශ්‍ය හැදියාව තම තමන් තුලම ඇති කරගැනීම අපහසු නොවේ. අතවර කරුවන් බිහිවන තැනට සමාජයේ මානව හැදියාවන් නැති වනතෙක් සියල්ල නොදැක්කා සේ හිඳිමින් ලිංගික අතවරය සමාජයට වද දෙන තැනදී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලටත් පුරුෂ ලිංගයටත් බැන වැදීමෙන්ද පලක් නැත. එය හරියට රිය අනතුරක් වූ විට හේතුව ලෙස වාහනයට යතුර දමා කරකවද්දී පන ගැන්වුනා, ගියර් දැම්මා, ඉස්සරහට ගියා හැප්පුනා වාහනේ ඇන්ජිම තමයි සේරටම මුල කියන්නා වැනි තකතීරුකමකි. නමුත් ඒ තකතීරු ක්‍රමයට හිතන පිරිසක්ද සිටිති. ඔවුන් සිතන්නේ බාල වයස්කාරියකගේ නිරුවත ඉදිරියේ ශිෂ්ණය ප්‍රානවත් වන සියල්ලෝම අතවර කරුවන් වන බවයි. කොටදෙනියාවේ උන සිද්ධිය වැනි සිදුවීම් වලදී මෙවැනි ගුණගරුකකමක් මවාගන්නා එහෙත් සැබෑවට අමනයන් වන පිරිසක්ද කුලප්පු වෙති. අප ඔවුන් ගනනකට නොගත යුතුය. අප අපේ දරුවන් ආදරයෙන් හදා වඩා ගන්නට දක්වන උනන්දුවම ඔවුන් ලිංගිකව පරිනත වී සුදුසු වයසකට පැමිණි විට සුදුසු විරුද්ධ ලිංගික සහකරුවන් සහකාරියන් සොයාදී විවාහ දිවියට ඇතුල් කර ආදර්ශමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට උනන්දු කරවීම කෙරෙහිද දැක්විය යුතුය. ලිංගික අතවර කරුවන්ගෙන් ගැහැනු ළමුන් කුඩා කළ රැකබලාගැනීම වඩා අර්ථවත් වන්නටද මෙය ඉවහල් වේ. ගැහැනු දරුවන්ට හෝ කාන්තාවන්ට ලිංගික අතවරයක් වන තැනදී දරුවන් ලෝකයට ජාතක වන විදිහත් අමතක කරමින් පවුල් වලත් වටපිටාවේ මෙන්ම අහල ගම් හතක සිටින පිරිමින් සේරම සැක කරමින් ඉවක් බවක් නැතිව කවරෙකු හෝ එල්ලා මරන තෙක් පිස්සුවෙන් ක්‍රියා කිරීමට වඩා ලිංගිකත්වයේ මෙන්ම හැම කෙනාම තම විරුද්ධ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරන සමාජ තත්වයක් හැදිය යුතුය. එවැනි පසුබිමක බොරු සදාචාරයන් නොව සැබෑ සදාචාරයන් සවිබල  ගන්වා කොටදෙනියාවේ අවාසනාවන්ත සිද්ධිය වැනි සිදුවීම් නතර කිරීමට අප  සියල්ලන් අධිෂ්ඨාන කර ගනිමු. 

Monday, July 27, 2015

ජාතික නිදහස් පෙරමුණට උත්තමාචාරය

මීට කලින් ලියූ ලිපියෙන් පෙන්වා දුන්නේ වත්මන් යහපාලන රජය ජාත්‍යන්තරය හමුවේ තමන් සමලිංගිකත්වයට පක්ෂ බවක් අඟවා රටේ ප්‍රතිරූපයට කළ හානිය ගැනය. අවාසනාවට යහපාලන ආණ්ඩුවේ අනෙකුත් සියළු වැරදි හොයමින් රජය රටටත් ජාතියටත් කරන හානිය ගැන කෑ ගසන ජාතික බලවේගය මේ ප්‍රශ්නය මගහැර හීන් සීරුවේ ලෙස්සා ගොස් තිබේ. අනෙක් සියළු ජාති ද්‍රෝහී රටට එරෙහි විදෙස් කුමන්ත්‍රණ ජාතික බලවේගයේ ඇන්ටනාවට අහුවෙද්දී මෙය විතරක් මගහැරුනා යැයි අපට සිහිනෙන්වත් සිතන්නටනම් බැරිය. එසේනම් මේ ජාතික බලවේග යැයි කියාගන්නා උතුම් සිංහල බෞද්ධ සංවිධාන මේ ප්‍රශ්නය හමුවේ අඳ ගොලු බීරී චරිත රඟදැක්වූයේ ඇයි?
                 මාහට හැඟී යන මූලිකම දෙය නම් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන ප්‍රමුඛ ජාතික බලවේගයට ලිංගිකත්වයට අදාල විෂය පථය සම්බන්ධ කිසිදු පැහැදිලි මතයක් හෝ පැහැදිලි ස්ථාවරයක් නොතිබීමයි. මෙහිදී අප සමාජයටම ආවේනික ලිංගික කුහකත්වයන් ජාතික බලවේගය තුලද නැතැයි අපට කිසිසේත් හිතන්නට බැරිය. මේ කුහකත්වයන් විශේෂයෙන් ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමටත් අදහස් දැක්වීමටත් සිංහල සමාජය තුල මැලිකමක් ඇති කරනවාට සැකයක් නැත.නමුත් එය එසේ වීම නිවැරදි වන්නේ එක්තරා කොන්දේසි සහිත සීමාවක් තුල පමණි. මූලිකව ගත් කල ප්‍රජාව තුල පුරුෂ හා ස්ත්‍රී ජනගහනයන් වෙන් වෙන් වශයෙන් තම ලිංගික අනන්‍යතා ශාරීරිකවත් මානසිකවත් ගොඩනගා ගන්නා විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රීය වූ විෂමලිංගිකත්වය පමණක් හඳුනාගත හැකි සමාජ වටපිටාවක ලිංගිකත්වය ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. අපේ රටේ මෑතක් වන තුරු එම තත්වය ඒ ආකාරයෙන් දැකිය හැකි විය. නමුත් සමාජයේ ලිංගික විශේෂනයන් දුර්වල කරමින් බටහිර යුරෝපීය පස්චාත් නූතනවාදී මුලාවන් හා ස්ත්‍රීවාදය ක්‍රමක්‍රමයෙන් අපේ සිංහල සමාජයද ආක්‍රමණය කරද්දී ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කළයුතු වන තත්වයක් නිතැතින්ම ඇතිවේ. මේ තත්වය අපේ සිංහල සමාජය ආක්‍රමණය කිරීමට පෙර එහි ආනිසංසය හඳුනා ගැනීමට හෝ එසේ හඳුනාගෙන ඊට එරෙහෙව ප්‍රතික්‍රියා දැක්වීමට අපේ අනර්ඝ ජාතික බලවේග  සංවේදීව කරයුතු නොකළ බවනම් අපට බය නැතිව කටක් ඇර කියන්නට හැකිය. එනයින් බලන කළ මෑතක ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩය රැස්වීමකදී ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය කෙරෙහි අපගේ අනර්ඝ වූ ජාතික බලවේගයන් දුර්වල ප්‍රතිචාරයක් හෝ නොදැක්වීම පුදුමයට කාරනයක් නොවේ.
              

                
           මා හට කීමට විශේෂයෙන් අවශ්‍ය වන්නෙ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටින මේ ජාතික බලවේගය ලිංගිකත්වය සම්බන්ධ වැදගත් කාරනා වලදී සංවේදීව කටයුතු නොකිරීම අපේ සමාජය පැත්තෙන්ම බලන විටදී කනගාටුදායක සිද්ධියක් බවයි. මෑතක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී සමලිංගික සහවාසයන්ට විරුද්ධව රුසියාව විසින් ඉදිරිපත් කළ වැදගත් යෝජනාවට පයින් ගැසූ ශ්‍රී ලාංකික නියෝජිතයා එසේ කළේ හුදු රුසියානු විරෝධී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය නිසාම නොව එක්සත් ජාතික පක්ෂ රජය ලිංගිකත්වය සම්බන්ධයෙන් දරන මතය අනුවද ඔවුන් සමලිංගිකත්වයට පක්ෂ නිසාය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය බටහිර රටවල් දැඩිව අනුකරනය කරන බවත් බටහිර ලිංගික කුහකත්වයන් මත සමලිංගික සේවනය නීතියෙන් පිලිගැනීම හා පුරුෂයන්ගේ  කුහකත්වයෙන් පිටට පැන්න ස්ත්‍රීවාදය අපේ රටටත් වලංගු ලෙස ගන්නා බව ජනාධිපතිවරනයට පෙර ඉදිරිපත් කළ ලිපියෙන් පෙන්වා දුන්නේ මෙරට දේශපාලනය තුල එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව හා එය ලිංගික කාරනා සම්බන්ධයෙන් යුරෝපීය පස්චාත් නූතනවාදය ආදියේ  කුහකත්වයන් ගෙඩි පිටින් ගිල දමා ඇති ආකාරයද පෙන්වා දෙමිනි. එලෙසම මා පෙන්වා දුන් අනෙක් කාරනය වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ඇතුළු දේශීය කණ්ඩායම් තුල හැංගී ඇති ස්වදේශීය ලිංගික කුහකත්වයන් මොනවාද යන්නයි. අනෙකුත් සියළු එක්සත් ජාතික පක්ෂ ජාති ද්‍රෝහීකම් සිය ඇන්ටනා කනු වලට අහු වෙද්දී ලිංගිකත්වය සම්බන්ධ වැදගත් කාරනයක් රටේ ජාතික බලවේගයට මගහැරීම මෙකී දෙවනි කාරනාවත් සමග බැඳෙයි.
                              

සිංහලයේ මහා ගාම්භීර ජාතික බලවේග මුනිවත රකිද්දී සිංහල බෞද්ධ අනන්‍යතාවයක් එතරම්ම දක්නට නැති විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයේ රට අවමානයට ලක්කළ ක්‍රියාව ගැන ඉතා සංවේදීව කතා කළේය. එහිදීද සිංහලයෙකු හෝ බෞද්ධයෙකු නොවූ මොහොමඩ් මුසම්මිල් මහතා  ඉතා නිවැරදිව ප්‍රශ්නය හඳුනාගෙන ඊට එරෙහිව සක්‍රීය ලෙස යම් ප්‍රතිචාරයක් දැක්වීම ඉතා ප්‍රශංසනීය වනවා පමණක් නොව සිංහල බෞද්ධ යැයි කියාගන්නා සිල්වත් බකපණ්ඩිතයන්ට හොඳ ආදර්ශයක්ද ලබා දුනි. මොහොමඩ් මුසම්මිල් මහතා එහිදී ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලංකාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියක් පවතින රටක්  යන්න හා දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි සංස්කෘතීන්ද ඒවටා තිබෙන බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂය ලිංගිකත්වය ගැන දරන මතය රටේ මතය ලෙස හුවා දැක්වීම බරපතල වරදක් බවයි. අනෙක් සෑම ජාතික ගැටළුවකදීම වල්ගය ගිනි තබාගත් හනුමන්තා මෙන් හැසිරෙන ජාතික බලවේගයට මුසම්මිල් මහතා හොඳ ආදර්ශයක් මෙහිදී ලබා දුන් බව කිවයුත්තක් නොවේ. රටටම ආවේනික කුහකත්වයන් කරපින්නාගෙන බටහිර විද්‍යාඥ්ඥයන්ගේ දැක්මට අනුව බුදු දහමද දකිමින් බටහිර ලිංගික කුහකත්වයනුත් බුදු දහම සමග හරහට ගැටගසාගන්නා විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කරවන දේ වල අනිත්‍යතාවය පමණක් මහ ඉහලින් උලුප්පන ගමන් අනෙක් සියළු සැප සම්පත් වලට ඇලී ගැලීම ගැන අඩුවෙන් කතාකිරීම සිංහල බෞද්ධ බොරු සිල්වතුන්ට කලක් තිස්සේ හුරු වූවකි. මෙය සිංහල බෞද්ධ ජාතික බලවේගයේද දකින්නට ඇත. ජාතික නිදහස් පෙරමුණේ සිංහල නොවන බෞද්ධද නොවන මොහොමඩ් මුසම්මිල් මහතා තරමට විජාතික එක්සත් ජාතිකපක්ෂයේ ලිංගිකත්වය සම්බන්ධ ස්ථාවරය සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිකවාදීන්ට ගැටළුවක් නොවුනේ ඒ නිසාය.
                              
 
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මහතාද මේ සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළ ආකාරය අපට කිසි සේත් අමතක කළ නොහැක. එබැවින් ඔහුටද අප සිංහලයන් ලෙස කෘතවේදීත්වය පල කළ යුතුය. සිංහල බෞද්ධයන්ගේ මූනේ දැලි ගෑ එක්සත් ජතික පක්ෂ අමනයන්ගේ ක්‍රියාකලාපය විමල් වීරවංශ මහතා විසින් දිගින් දිගටම විවේචනය කර ඇත. එක්සත් ජාතික පක්ෂය විශමලිංගිකත්වය හා ලිංගිකත්වයේ සියළු ස්වභාවික යහගුණයන් කුහකකමෙන් විකුර්ති කරදමන බටහිර ක්‍රියාකලාපයන් ඒ ආකාරයෙන් අනුමත කරයි. බටහිර අනෙකුත් සියළු ආක්‍රමණයන් ගැන කලබල වෙන සිංහල බෞද්ධ ජාතික බලවේගය එක්සත් ජාතික පක්ෂයේ බලයෙන් රටතුල ඉදිරියට සිදුවන්නට යන ලිංගික කාරනා සම්බන්ධ විකුර්ති මනෝභාවයන් වර්ධනය කිරීමේ මහා පරිමාණ සමාජ ආක්‍රමණය හමුවේ ගොලුවත රකියි. ඒ ගැන කරුණු මාධ්‍ය ඔස්සේද වඩා පුළුල් ලෙස ප්‍රචාරය උනානම් සිංහල බෞද්ධ ජනතාවගෙන් කුහකයන් නොවන බහුතරය ඊට වඩා සංවේදී වෙමින් එක්සත් ජාතික පක්ෂ රජය ලිංගිකතත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිකුලෙන් බැහැර කරනු ඇත. රටේ ජාතික බලවේග වල ලිංගික කාරනා ගැන අවශ්‍ය විටකදීවත් ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන බොරු හැදියාව මේ අවාසනාවන්ත සිද්ධිය ගැන තොරතුරු සිංහල බෞද්ධ ජන සමාජයෙන් වසන් කිරීමටනම් ඉවහල් වී ඇත. එවැනි කාලකන්නි තත්වයක් යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා හා විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණ ඒ සිදුවීම කෙරෙහි සංවේදීව කටයුතු කරමින් රටේ සිංහල බෞද්ධ ජාතික බලවේගය විසින් පැහැර හැරි වගකීමක්ද නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් අපගේ උත්තමාචාරය ඔවුන්ට හිමි විය යුතුය.

Sunday, June 21, 2015

යහපාලනය සමග හිස ඔසවන සමලිංගික බලවේගය

             පින්තූරය උපුටා ගැනීම-http://www.yuthukama.com/2015/05/Homo.html

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස අතර වෙනස ගැන කලක් තිස්සේ ලිපි ලියා ඇති මා හට පසුගිය දාක වත්මන් රජය ජාත්‍යන්තරය ඉදිරියේ කළ රටට නින්දාසහගත ක්‍රියාවක් ගැන යමක් කිවයුතු යැයි සිතිනි. දේශපාලනය මාහට තිත්තය. එහෙත් මේ සිද්ධිය ගැන යමක් කිවයුතු නිසා ඊට අදාල දේශපාලන වටපිටාව හා ඉන් සිද්ද වන බලපෑම් ගැන කරුනු දක්වමි. අදාල කාරනය මෙයයි. පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී එම සංවිධානයේ කාර්ය මණ්ඩලයේ සිටින සමලිංගිකයන්ගේ පවුල්කෑම පිළිගැනීමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව රුසියාව ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව අනෙකුත් සමලිංගිකත්වයට පක්ෂ රටවල් සමග එකට සිටිමින් විරෝධය පා තිබෙනවා. මෙය එක් අතකින් රටේ අනන්‍යතාවයට එල්ල කළ මරු පහරක්, අනෙක් පැත්තෙන් සමලිංගිකත්වය පිළිනොගන්නා ලංකාවේ අතිමහත් බහුතරයකට කළ අවමානයක්. 
                           ලිංගික නිදහසේ සැබෑව හා මුලාව ගැන මුල සිටම කරුණු කියා ඇති සේම සමලිංගිකත්වයට නිදහසක් තිබියයුතුය යන්න කුහක කමේ මුලාවක් මිස එය මානව ප්‍රජාව තුල නියත සංසිද්ධියක්ද නොවන බව නොපැකිලව කියමි. සමලිංගිකත්වය වෙනුවෙන් පෙනීහිටින්නන් ඊට පක්ෂව විවිධ තර්ක කරන බැවින් ඒ සඳහාද මුලින් පිළිතුරක් දීමට මා කැමතිය. පෙර ලියූ ලිපි වලින් පෙන්වාදුන් ආකාරයටම මා මෙහිදීද කෙලින්ම කියන්නේ මානව ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් එකිනෙක වෙනස් අතර මේ සුවිශේෂී මනෝභාවයන්ට අනුව ඒවා පිහිටන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය ශක්තිමත් වන ලෙස එකිනෙකාගේ ලිංගික සුවුශේෂත්වයන්ට සංවේදී වන අයුරිනි. මේ ලිංගිකත්වයට ආවේනික ස්වභාවයේ ගති ලක්ෂණය පිහිටන්නේ අන් කිසිවක් සඳහා නොව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ලිංගික එක්වීමට අවශ්‍ය පසුබිම සකසා දීමට වේ. එය එසේ සිදුවන්නේ ඒක ලිංගික ජීවීන්ගේ පිරිමි ජීවියා සතු ප්‍රජනන බීජ ගැහැනු ජීවියාගේ ප්‍රජනන බීජය වෙත ලඟාකරවීමටයි. ලිංගික සංසර්ගය මෙහි යාන්ත්‍රණය වේ. පිරිමි ජීවියාගේ ලිඟුව ගැහැනු ජීවියාගේ යෝනි මාරගය තුලට ඇතුල්කර එම කර්තව්‍ය සිදු කිරීමට ස්වභාවධර්මයෙන් එම අවයව පිහිටා තිබීම බුද්ධිය වැඩුනු කෙනෙකුට පමණක් නොව මන්ද බුද්ධිකයෙකුට පවා තේරෙන දෙයකි. එසේ තිබියදී විවිධ හේතූන් මත විකුර්ති මනෝභාවයන්ට පත්ව තම විරුද්ධ ලිංගිකයාගේ කායික මානසික සුවිශේෂත්වයන් ඇසුරෙන් ලිංගික ආශ්වාදය ලැබීමට අසමත්ව හා අසංවේදීව තම ලිංගයටම අයත් වන අයෙකු ඇසුරෙන් එම කර්තව්‍ය කරගැනීම විකුර්ති හැසිරීමක් යැයි කීමට බිය වියයුතු නැත. එය සාධාරන බවට තර්ක කරන්නේ ඒ මනෝ විකුර්තිතාවයන්ට පත් වූවන්ටත් වඩා විරුද්ධ ලිංගික සංසර්ගය දෙස පිළිකුලෙන් බලමින් එය මහා ලොකු වීරකමක් මෙන්ම සත්ගුණවත් බවක් ලෙස සෙසු ලෝකයා ඉදිරියේ අඟවන කුහකයන් වෙති.
                           

ලංකාව තුල මේ වන විට සිටින සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී හිටින්නන්ට එම ආභාශය ලැබී ඇත්තේ බටහිර අනුකාරකත්වයේ ආභාශයෙන් බව කිවයුත්තක් නොවේ. මේ පිරිස අතරට විවිධාකාරයේ බටහිර මතවාද කරපින්නාගන්නවුන් අයත් වෙති. බටහිර සමාජයේ දැනුම හා කතෝලික ආගමේ ඉගැන්වීම අතර තිබෙන ගැටුම ජනප්‍රිය එකකි. කතෝලික ආගමේ මිත්‍යාවන් කොතෙක් තිබුණද කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබූ ලිංගික සදාචාරයන් හැම අතින්ම වැරදි යැයි කිව නොහැක. ලිංගිකත්වය ගැන කතෝලික දර්ශනය ලිංගිකත්වයේ ස්වභාවයන් ඉක්මවා යන්නක් නොවේ. ආගමික මිත්‍යාවන් බැහැර කළද ආගමික මිත්‍යාවන් සමග ගැටගසා කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබෙන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳිමින් ගෙනයායුතු දිවි පෙවෙතද ප්‍රතික්ෂේප කිරීම කුහක කමේ උමතු ගතියකි. කාර්මික විප්ලවයෙන් පසුව ආත්මාර්ථකාමීත්වයේ හිනි පෙත්තට නැගි බටහිර සමාජය වගකීම් දැරීමට මැලි වූ සීසීකඩ ගිය එකක් විය. භෞතික සම්පත් වලින් අඩුවක් නොවූ මෙන්ම දැනුමෙන් සන්නද්ධ වූ බටහිර සමාජයේ ලිංගික කුහකත්වයන් නම් සංවර්ධනය සමග අඩු වුනාම යැයි කිව නොහැක. බොහෝ දුරට සිදු වුනේ දැනුම හා තාක්ෂණික දියුණුවට ලිංගික කුහකත්වයන් කලවම් වී ස්වභාවධර්මය ඉක්මවා ගොස් මිනිසුන්ගේ නොහික්මුනු මුරණ්ඩු කම් මත ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් දෝෂදර්ශණයට ලක් කිරීමයි. එහිදී බටහිර කුහක සත්ගුණවත් පිරිමි කට්ඨාශයේ ජනප්‍රිය තර්කය වූයේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට කීකරු වෙමින් ඒ අනුව මානව සමාජයේ ලිංගික බැඳීම් හා ප්‍රජනන රටාව ගොඩනැගී තිබීම කාන්තාවන්ට කරදරයක් හා අසාධාරණයක් යන්නයි. මේ චෝදනාවට වග උත්තරකරු වූයේ ඔවුන් වැනිම වූ එහෙත් ඔවුන් නොවන සමාජයේ සෙසු පිරිමි ප්‍රජාවවයි. මේ තත්වය වටා තව තවත් ගොනු වූ කුහකකම් හා නොහික්මුණු මුරණ්ඩුකම් පරපුරෙන් පරපුරට වර්ධනය වී ලිංගිකත්වයේ සමස්ථ ජීව විද්‍යාත්මක ආකෘතිය හා ප්‍රජනනය පවා ස්වභාවිකත්වය අනුව ඉදිරියට පැමිණ ඇති ආකාරය ත් වෙනස් වීමේ රටාවත් වැරදි යැයි කියන මට්ටමට පැමිණ ඇත. බටහිර බොහෝ කුහකයන් සමලිංගිකත්වයට මග පාදන සමාජමය සාධකයන් වැරදි දේ ලෙස නොදුටුවෝය. එසේ වූයේ ඔවුන්ගේම කුහකකම අනුවයි. මේ කුහකත්වයට අනුව එම සමාජීය වැරදි කාන්තාවන්ට නිදහස ලබාදෙන වැදගත් දේවල් විය. අතීත බටහිර සමාජයේ සමලිංගිකත්වය රෝගී තත්වයක් ලෙස සලකා ප්‍රතිකර්මද කර තිබේ. මේවා සාර්ථකව සිදුවූ බවටද සාක්ෂි ඇත. නමුත් කුහකකම් වලින් සමාජය අන්ධ වීමත් සමග පිරිමියාගේ ලිඟුව ගැහැනියගේ යෝනිය තුලට ඇතුල් කිරීම තරම් වරදක් හොයාගන්නට යුරෝපීය කුහක පිරිමින්ට නොහැකි විය.
                 

බටහිර ලිංගික වෙබ් අඩවි වලින් කුමක් පෙන්වුවත් අද මේ වෙබ් අඩවි සියල්ල ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනිවයි. මානව ලිංගිකත්වයේ සැබෑ ගුණාංග වලට පිරිමි හා ගැහැනු ලිංගික ස්වභාවයන්හි එකිනෙකට අනුරූප බව හා ගැලපීමද අයත් වේ. එබැවින් මානව ප්‍රජාවන් තුල පිරිමි ගැහැනු ලෙස ලිංගිකත්වයේ සුවිශේෂීතා අනුව ලිංගික ආකර්ශණය හා ගැලපීම ඇතිවන ලෙස ගොඩනැගෙන ක්‍රියාකාරකම් කුහක මිනිසුන්ගේ මනසට අනුව කෙසේ වෙතත් ස්වභාවධර්මයට එකඟ වේ. නමුත් පිරිමියාගේ ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් දැක්වීමට කාන්තාවන්ට හැඟීම් සංවේදනයන් හෝ සමාන්තර ලිංගික පෙරැත්තක් තිබෙන බව නොසලකා මානව ප්‍රජාව තුල ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයන්හි ගැලපීම හුදෙක් පිරිමියා විසින් ගැහැනිය යටත් කරගෙන තම කාමුක අවශ්‍යතා හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරා ගැනීමක් ලෙස ගැනීමට පිරිමින් අතරම සිටින කුහකයන් ප්‍රජාවටම බල කරති. මේ කුහකයන් ඇතැම් විට ප්‍රජාවක ධනවතුන් හා ප්‍රභූවරුන් වෙති. එහිදී ඔවුන් උපරිම ලෙස කම් සැප විඳිමින් තමන් වැනිම සෙස්සන් තමන්ගේ තරඟකරුවන් වීම වැලැක්වීමේ ලිංගික ආත්මාර්ථකාමීත්වයෙන්  හා ඊර්ෂ්‍යාවෙන්ද පෙළෙති. මේ අප්‍රකට සංසිද්ධීන් එකට කැටි වූ කළ සමලිංගිකත්වයට ඉඩකඩ සපයන මනෝභාවයන්ගේ හටගැනීමත් එවැනි හැසිරීම වර්ධනය වන සමාජීය සාධකයනුත් මානව ප්‍රජාවක් තුලින් ඉවත් කළයුතු මට්ටමේ දේවල් හැටියට දකින්නට පුද්ගලයාගේ මනසට ඉඩ සැලසෙන්නේ නැත. එවැනි තත්වයක් තුල කාන්තාවගේ නිදහස හා අභිවුර්ධිය වෙනුවෙන් සමලිංගිකත්වයටත් ඊට පාදක වන සමාජ පසුබිමටත් පිළිගැනීමක් ඇති කිරීමට කුහකයන්ගේ කුහක මනස පෙළඹීම අරුමයක් නොවේ. යුරෝපීය සමාජයේ කුහක පිරිමින්ගේ නිර්මාණයක් ලෙස පැන නැගුනු ස්ත්‍රීවාදය සමලිංගිකත්වය සමග අන්‍යෝන්‍ය ලෙස බැඳෙන්නේ මෙලෙසිනි.
                     
ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි යටත් විජිතවාදයේ ආභාශය නැතුවා නොවේ. යටත් විජිතවාදය සමග මෙරටින් බිහි වූ බටහිර අනුකරනවාදී පැලැන්තිය බටහිරට අනුව ලංකාවද වෙනස් වියයුතුයැයි නිරතුරුව සිතති. ලංකාවේ සමලිංගිකත්වය නීතියෙන් තහනම් වී ඇත්තේ කතෝලික ආභාශය මත ඉංග්‍රීසි නීතියෙන් යැයිද අපේ රටට එය අදාල නැතැයිද කෙනෙක් කිව හැක. නමුත් මා කියන්නේ සමලිංගිකත්වය ඉංග්‍රීසි නීතියෙන් තහනම් වුවත් එය අපේ රටේ අනාදිමත් කාලයක සිට පිළිගෙන තිබූ දෙයක්නම් යටත් විජිතවාදයෙන් නිදහස ලැබූ පසු එම නීති අවලංගු කිරීමට බලධාරීන් ක්‍රියා කළයුතුව තිබුණි යන්නයි. එහෙත් එවැන්නක් සිදු වී නැත. එම නීතිය අද වන විට අවලංගු කිරීමටද බැරිය. ඒ මෙරට අති විශාල බහුතරයක් සමලිංගිකත්වයට විරුද්ධ බැවිනි. වෙනත් ආකාරයකට කියන්නේනම් ඉංග්‍රීසි නීතියෙන් ලංකාවේ සමලිංගිකත්වය තහනමට ලක්කර තිබීම ලාංකීය සමාජයද එක එල්ලේම අනුමත කර ඇත යන්නයි. ඊට අමතරව තවත් දෙයක් ඇත. එනම් එංගලන්තයේ මේ වනවිට සමලිංගිකත්වය පිළිගෙන තිබුණත් මෙරට ඉංග්‍රීසි ක්‍රමයට වෙනස් වී සමලිංගිකත්වය පිළිගැනීමද කිසිවෙක් අනුමත නොකරන බවයි. මෙරට බටහිර අනුකරනවාදී පැලැන්තිය සිරිතක් ලෙස චන්දය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට සමලිංගික හා විවිධාකාර විකුර්ති කාම ආශාවන්ගෙන් පෙලෙන්නන් බහුල ලෙස සිටිති. පක්ෂ නායකයාගේ හැසිරීමද ප්‍රසිද්ධ රහසකි. ඔහු විසින් පක්ෂයේ වැදගත් තනතුරු වලට පවා සමලිංගිකයින් පත්කරගැනීමට යම් කැමැත්තක් දක්වයි. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති වකවානු වල රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ යොවුන් සේනාංක හරහාද ඔහුගේ ආරයට යන තරුණ පිරිසකට වැඩි තැනක් ලැබී ඇත. එක්සත් ජාතික පක්ෂය බලවත් වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින මේ අවස්ථාවේද සමලිංගිකත්වයට දක්වන අනුග්‍රහය වැඩි වී ඇත. තරුණ සේවා සභාව තුලත් එක්සත් ජාතික පක්ෂයේ යොවුන් බල මණ්ඩල තුලත් සමලිංගිකත්වයට අනුග්‍රහය ලැබීමේ ප්‍රවණතාවය මේ වනවිට දක්නට ඇත. එක්සත් ජාතික පක්ෂය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේද මේ වනවිට බටහිර රටවල් අනුගමනය කරන ප්‍රතිපත්තිම වේ. ඒ ඔවුන්ට ඇති බටහිර ආභාශය හා අනුකාරකත්වය හේතු කොට ගෙනය.

                     
මේ වසරේ ජනවාරි මස 8 වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගැනීමත් සමග එසැනින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කළේය. ඉන් පසු ඔහුගේ සහචර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු සාමාජිකයින් පිරිසකට ඇමතිකම් ලබා දෙමින් සුළුතර රජයක්ද පිහිටවීය. ජනාධිපතිවරයා තම පක්ෂයේ සාමාජිකයින් කීපදෙනෙකුටද ඇමතිකම් ලබාදී රනිල් වික්‍රමසිංහ මහතාට සුළුතර ආණ්ඩුව බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ සලසා දීමටද වගබලා ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන පිළ ජයගතහොත් ලිංගිකත්වය හා සමාජය සම්බන්ධයෙන් සිදුවීමට ඉඩ තිබෙන්නේ කවරාකාර දේද යන්නත් මහින්ද රාජපක්ෂ මහතා ජයගතහොත් වීමට ඉඩ තිබුණේ කවර දේද යන්නත් ගැන ඉඟි සහිත ලිපියක් මැතිවරණයට පෙර දිනක පල කළෙමි. අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය ජයගෙන ඇති වටපිටාවක මා ඉඟිකළ බොහෝ කරුණු සත්‍ය බව පසක් වෙමින් ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති බලතල වල රැකවරන මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සුළුතර රජය තමන් විසින් පරමාදර්ශ කොට සලකන බටහිර රටවල සමාජීය හා සංස්කෘතික පරිවර්තනයන් බලය යොදා ලාංකීය සමාජය තුලත් සිදු කිරීමට ලහි ලහියේම කටයුතු කරගෙන යයි. දෙමළ ජාතිවාදය සතුටු කිරීමට සමගාමීව සිදුවන අනෙක් දෙය නම් බලය යොදා ස්ත්‍රීවාදයටත් සමලිංගිකත්වයටත් පිළිගැනීමක් ලබා දී මෙරට සමාජය තුල පෝෂණය කිරීමයි. 

                         
චන්දයට පෙර ලියූ ලිපියෙන් පෙන්වාදුන් කරුනු මේ වන විට ඉහතින්ද සඳහන් කළ පරිදි සක්‍රීය වෙමින් පවතින අශුභ පෙරනිමිත්ත හා ඉදිරි බලපෑම ගැන තව කරුනු ටිකක් කීම අවශ්‍ය වේ. පසුගිය දාක පැවති එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී රුසියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව අපේ රටේ සාතිශය බහුතර ජනතාවකගේ ලිංගිකත්වය සම්බන්ධ පිළිගැනීම් සමගද ලෝකයේම බහුතර ජනකායකගේ පිළිගැනීම් සමගද මැනවින් ගැලපෙන යහපත් එකකි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සේවයේ යෙදී සිටින සමලිංගිකයින්ට රිසි සේ සමලිංගික විවාහ කරගැනිමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව එසේ නොකිරීමට බලකරමින්ය. දකුණු ආසියාවේ පවා අනෙකුත් සියළු රටවල් රුසියාවේ එම යෝජනාවට පක්ෂ වෙද්දී ලංකාවේ නියෝජිතයා ඊට එරෙහි වී ඇත. එය බරපතල තත්වයකි. අපේ රටේ සමලිංගිකත්වය ජනතාවගෙන් සාතිශය බහුතරයක් පිළි නොගද්දී හා නීතියෙන්ද එය තහනම් වෙද්දී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ඇති රජයේ නියෝජිතයා රටේ නම කැත කරමින් අනියම් ආකාරයට සමලිංගිකත්වයට පක්ෂ වී ඇත. මෙවැනි තැන් වලදී සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ සෑම රටක්ම අදාල රටේ පිළිගැනීම් වලට අනුව තීරන ගැනීමයි. නමුත් මෙහිදී උනේ රටේ පිළිගැනීම පසෙක දමා එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීම අනුව රටේ නියෝජිතයා කටයුතු කිරීමයි. එක්සත් ජාතික පක්ෂ කේවත්තයන් දැන් කියන්නේ ඔවුන් බටහිරට පක්ෂව රුසියාවට එරෙහි වීමට එසේ කළ බවයි. එහිදීද ඔවුන් වරදක් කර ඇත. එනම් ලංකාවේ අභ්‍යන්තර ගැටළු වලට අත නොදමමින් අපට අනිසි බලපෑම් නොකර අවශ්‍ය මොහොතක ජාත්‍යන්තර මට්ටමේ උදවු උපකාර කරන රුසියාවේ හොඳ හිත පළුදු කරගනිමින් රටේ බහුතරයකට හිසරදයක් ව ඇති බටහිරට තවත් ගැති වීමයි. අනෙක් අතින් අනියම් ආකාරයකට සමලිංගිකත්වය ලංකාව තුල අනුමත කරන බවට වැරදි මතයක් ජාත්‍යන්තරය හමුවේ ඇති කිරීමයි.

             
ජාත්‍යන්තරයේ වුනු මේ සිද්ධිය එකකි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහයෙන් තවත් ලාංකීය සමාජය අනුමත නොකරන බොහෝ දේවල් හොර රහසේ සිදු වීමට ඉඩ ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග අනියම් සම්බන්ධකම් පවත්වන අයෙකුට අධ්‍යාපන ඇමතිකම දී තිබේ. මෙයද නරක පෙර නිමිත්තකි. සමලිංගිකත්වය නීතියෙන් පිළිගත් රටවලවත් මෙවැනි තත්වයන් දක්නට නැත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවන තරුණසේවා සභාවේ යොවුන් සේනාංක ආදියේ වැදගත් තනතුරු සමලිංගික විකුර්ති හැසිරීමක් ඇත්තවුන්ට ලැබීමේ ප්‍රවණතාවයක් ඇත. එක්සත් ජාතික පක්ෂයේ තරුණ බල මණ්ඩල ගැන කුමන කතාද? එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් බලවත් කර ඇත්තේ මෙහිදී යහපාලනය ඉදිරියට ගෙන චන්ද ව්‍යාපාරය ගෙනගොස් අවසානයේ ජය ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. මෙහි භයානකකම අනෙකුත් සෑම අතකින් මෙන්ම ලිංගිකත්වය අතින්ද එක්සත් ජාතික පක්ෂ නායකයන් බටහිර රටවල කාර්මීකරන නූතනත්වය හරහා පැමිණි පෙර කී ස්ත්‍රීවාදය හා සමලිංගිකත්වය පිළිගැනෙන වැඩ පිළිවෙලවල් කොලේ වසා හෝ දියත් කිරීමට ඇති ඉඩකඩයි. සමලිංගිකත්වය පිළි නොගන්නා අපේ සමාජයේ මාතෲත්වය හා පීතෲත්වය වටා ලිංගිකත්වයේ සැබෑ චර්යාධර්මයන් ගොඩනැගී ඇත. අපේ රටේ මවු පියන් දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව කුඩා කලම ඔවුන් හැදී වැඩියයුතු ආකාරය තීරනය කරන්නේ ලිංගික නිදහසේද සැබෑ ස්වරූපය අනුව ඔවුන්ට යහ පැවැත්මක් ගොඩනගා ගත හැකි පරිදිය. එක්සත් ජාතික පක්ෂයටත් වත්මන් යහ පාලනයටත් එම ගුණාංගයන් වටිනා දේ විය නොහැක. එය සැක හැර දැනගත හැක්කේ ඔවුන් බටහිර ලිංගික කුහකත්වයන් මත ගොඩනැගුණු මාතවාද වල පවා මානසික වහලුන් වීමට කොපමණ කැමැත්තක් දක්වන්නේද යන්න සොය බැලූ විටය. බටහිර රටවල් අන් හැම ආකාරයකින්ම සෙසු රටවලට බලපෑම් කරන ලෙසම ලිංගික කාරනාවල් සම්බන්ධයෙන්ද විවිධ බලපෑම් කරයි. ඒ එම රටවල ලිංගිකත්වය සම්බන්ධ මතවාදයන් සෙසු රටවලට බලෙන් ආදේශ කිරීමටය. වත්මන් යහපාලනේ වැඩි බලතල හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බැවින් එම බටහිර බලපෑමට යටත්වීමට යහපාලනය යම් කැමැත්තක්ද දක්වයි. ඊට යටවීමෙන් වෙන හරිය අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එක්සත් ජාතික පක්ෂය බලවත් වූ යහපාලනය සමලිංගිකයින් සිදුකරනු ලබන ළමා අපයෝජන සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරයිද? බොහෝ දුරට ඉඩ තිබෙන්නේ එවැනි විකුර්ති අපචාර සිදුකරන අයට යම් බුරුලක් ලැබීමය. ලිංගිකත්වයේ මනෝභාවයන්ට අනුව මෙවැනි දෑ දුර දිග ගිය කළ වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ.

               
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේනම් ඇතිවන තත්වය ලිංගිකත්වය හා සැබෑ ලිංගික නිදහස සම්බන්ධයෙන් සර්ව සාධාරන යැයි මම නොකියමි. ඒ ගැනද චන්දයට පෙර පළ කළ ලිපියේ සඳහන් කළෙමි. අපේ රට තුලින්ම පැනනගින කුහකකම් දැඩිවූ බොරු සදාචාරයන් නැතුවා නොවේ. මින් පෙර පැවති රජයේ සංස්කෘතික ඇමතිව සිටි ටී බී ඒකනායක මහතා මිනි ගවුම් තහනමට ලක්කරමින් අසභ්‍ය ලෙස අඬුම් ඇඳීම තහනමට ලක් කිරීමක් ගැන කියා හොඳ හැටි නාගත්තේය. ඒ ගෑනු කකුල් භීතිකාවෙන් පෙළෙන පිරිමින්ට ආවේනික බොරු සත් ගුනවත් බවකි. මෙවැනි ස්වදේශීය කුහකකම් දැන් නැවතත් බලවත්ව පෙරට පැමිණෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතික දේශපාලන කණ්ඩායම තුලින් මතු නොවේ යැයි නිගමනය කරන්නටද බැරිය. යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තවත් වැදගත් යමක් කිවයුතුම වේ. එය නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල කාරක සභාවකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංවිධාන හා ජාතික බලවේග ක්‍රියාකාරීන් ගොළුවත රැකීමයි. ඇතැම් විට එය රටේ ජාතිකත්වය පැත්තෙන් වැදගත් නොවන්නේ යැයි ඔවුන් සිතුවා විය හැක. එහෙත් සිංහල ජාතිය ගැන හරියට කතා කරන්නේනම් මේ යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී බව සුළුවෙන් නොතකා ඊට එරෙහි දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ. නමුත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන කිසිවක් එවැනි ස්ථාවරයක සිට ක්‍රියා කළේ නැත. ඒ ගැන සංවේදීව කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ හා මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් පමණකි. ඒ ගැන ඒ මහත්වරුන්ට කෘතඥ්ඥ විය යුතුය. විශේෂයෙන් මොහොමඩ් මුසම්මිල් මහතා මේ ගැන මාධ්‍ය හමුවේ විරෝධය දක්වා තිබුණි. බොරු ජාතික බලවේග වල ගොළුවත හමුවේ සිංහල බෞද්ධයෙක් නොවූ මුසම්මිල් මහතාගේ ක්‍රියා කලාපය අගය කළයුතුය. මහින්ද රාජපක්ෂ මහතාව වටා නැවතත් ජාතියක් ලෙස ජාතිකත්ව දේශපාලන රැල්ලක් ප්‍රභල ලෙස ගොඩනැගෙමින් තිබෙන මේ මොහොතේ ඉදිරියේදී දේශපාලන වශයෙන් බලය හිමිකරගන්නා එම ජාතික ප්‍රවාහය ලිංගිකත්වය සම්බන්ධයෙන් බටහිර කුහක මතවාද හා ස්වදේශීය කුහකත්වයන්ගේ බොරු ආචාරධර්මයන්ද ඉවත ලා රටට ආවේනික සැබෑ ගුණාංග පෙරටු කර ගනිමින් ලිංගික කාරනා සම්බන්ධයෙන්ද පැහැදිලි මතවාදයන් ඇතුව පැහැදිලි ස්ථාවරයක සිටිය යුතුය. එය බොරු ජාතික බලවේග වලට වැදගත් නොවුවත් රට පැත්තෙන් බලන කළ සැබෑ ජාතිකත්වයට අතිශය වැදගත්ය.

Sunday, April 19, 2015

ලිංගික කුහකත්වය කාන්තා අයිතීන් නමින් නීතිගත වීමේ අවධානම.

ලිංගික කුහකත්වය හා එහි සම්භවය ගැනත් ඊට බලපාන සමාජ මනෝභාවයන් ගැනත් දැනට බොහෝ කළකට පෙරාතුව සිටම කරුනු දක්වන බැවින් මේ ලිපියෙන් ඒ ගැන ගැඹුරු විග්‍රහයකට යෑම අනුචිත යැයි මට හැඟේ. එහෙත් ලිපියේ අන්තර්ගතය තේරුම්ගැනීමේ පහසුව තකා කෙටි මතක්කරදීමක් කළයුතුය. ලිංගික කුහකත්වයන් පැනනගින්නේම ලිංගිකත්වයේ ස්වභාවික යහගුනයන්ට අවනත වීමට දක්වන මැලිකම හා මේ ස්වභාවයන් මිනිස් වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ බව පිළිගන්නට තිබෙන අකමැත්ත පසුබිම් කරගෙනයි. ඒ එක්තරා අතකට පිරිමි ලිංගය ස්ත්‍රී ලිංගය තුලට ඇතුල් කිරීම හා ලිංගික සංසර්ගය දැකීමට ඇති භීතිකාවක් වටා අනවශ්‍ය ලෙස ගොඩනැගුනු බොරු සාරධර්මයන්ගේ එකතුවක් වේ. මේ සියල්ලට වටිනාකම් ලැබෙන්නේ ලැජ්ජාව යන කාරනාව හරහායි. ලිංගික කාරනා සම්බන්ධයෙන් පිළිගත් සම්මුතීන්ගෙන් බැහැරව කටයුතු කිරීමට යම් ලැජ්ජාවක් බයක් සමාජයේ තිබිය යුතු බව මමද පිළිගනිමි. නමුත් එය ලිංගිකත්වයේ සියළු ස්වභාවික යහගුණයන් පිළිකුල් කරන මට්ටමේ අමන කමක් නොවියයුතුය. මීට අමතරව පිරිමින් විසින් සිය සහකාරියන්ගේ නොයිඳුල් කන්‍යාභාවය මත දැඩිව එල්බගැනීම හා ඒ මත ගැහැනු ළමුන් පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි අදී යෑම වැලැක්වීමට  යොදන උපක්‍රමයන්ද වේ.
                    

කුහකත්වයන් කරලියට පිවිසීම ගැන මදක් සොයා බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුනක් වෙයි. එනම් කාන්තාවන් හා ස්ත්‍රී ලිංගික ස්වභාවය කෙරෙහි කුහක පිරිමින් දක්වන ආකල්පය මේ අරභයා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවය. බොහොමයක් කුහක පුරුෂයින් තම ලිංගික තෘප්තිය වෙනුවෙන් ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගික ස්වභාවය මෙලොව පැවතියයුත්තක් ලෙස තරමක් දුරට හෝ පිළිගත්තද ලිංගික තෘප්තිය ලබා අවසන ඒ සියල්ල අමතක කර දමති. ඉන් පසුවට මේ පුද්ගලයන් කාන්තාවට පුරුෂභාවයක් ආරූඪ කර වීර චරිත හැදීම ගැන සිහින මවති. ඇතැම් විට ඔවුන් සිය මවුවරුන් බිරින්දෑවරුන් පෙම්වතියන් එවැනි පෞරුෂයන්ගෙන් හෙබි කාන්තා චරිත නොවන බව හොඳින්ම දනිති. එසේ දැනගත්තද සමහරෙකුට සිය දියණියන් ලෝකයේ අනෙකුත් පිරිමින්ටත් වඩා ශක්තිමත් ගාම්භීර චරිත බවට පත් කර පිරිමින් ලවා වන්දනාවට පාත්‍ර කළයුතුය. ඒ මනෝ ආකෘතිය තුල ඊට එරෙහි වන පිරිමින් ඔවුන්ගේ ලිංගික ස්වභාවයන් මත පිහිටා එසේ කරත් නම් ඒ ලිංගික ස්ව්භාවය දඬුවමට ලක්කිරීම වුවද අර කුහකත්වයට අනුව හරිය. මේ තුලින් කුහකත්වය වඩා හොඳින්ම පිළිබිඹු වන්නේ තමන් විසින් දණ්ඩනයට ලක්කිරීම හෝ කළයුතු යැයි නිගමනය කරන පිරිමියාගේ ලිංගික ස්වභාවයටම තමන්ගේ ලිංගික ස්වභාවයත් සමාන තත්වයක තිබෙන විටය. මෙලෙස සිතන කුහකයාගේ සාමාන්‍ය සිරිතක් වන්නේ පුරුෂභාවයේ ලක්ෂණයන්ගෙන් තොර ස්ත්‍රී ලිංගිකත්වයේ සියළු ස්වභාවික යහගුණයන්ගෙන් හෙබි කාන්තාවන්ගෙන් සිය ලිංගික ආශාව සංසිඳුවාගන්නා ගමන්ම වෙනත් පිරිමියෙකු එසේ කිරීම පිළිකුල් කිරීමයි. ඇතැම් විට වෙනත් පිරිමින්ගේ ලිංගික ආශාවට දැඩි ලෙස නිග්‍රහ කිරීමට මේ කුහකයන් වගබලා ගනිති. ඔවුන්ට අනුව ඔවුන් ස්ත්‍රී ලිංගික ස්වභාවය ඇසුරෙන් තෘප්තිය ලබන අතරතුර තමන් වැනිම සෙස්සන් ඔවුන් විසින් පුරුෂභාවය ආරූඪ කර කෘතීමව පුම්බන වීර කාන්තා චරිත වලට වන්දනාමාන කළයුතුය. මේ තත්වය වඩා අත්තනෝමතික වුන තැන සමාජ පීඩාවකට මුල පිරීම පුදුම වන්නට දෙයක් නොවේ.
             

පිරිමින් සතු කුහක ගති පැවතුම් වඩා බලවත් වුන තැන තම ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමට කාන්තාවන් දක්වන කැමැත්තද කුහකයන් විසින් පිළිකුලට ලක් කෙරේ. ඒ තුල වෙනත් පිරිමින්ට ආකර්ශනය නොවී කාන්තාවන් තමන් වෙත පමණක් ආකර්ශනය කරගැනීමේ ලිංගික ආත්මාර්ථකාමී බවත් එක් පසෙකින් තිබෙනු දක්නට හැකිය. කාන්තාවන් සිය ස්වභාවික ලිංගික පෙරැත්ත මත පිහිටා පිරිමි ලිංගිකත්වය කෙරෙහි අවනත හා අනුකූලත්වයක් දැක්වීම නොරුස්සන කුහක පිරිමින් සිය මනෝභාවය මත පිහිටා කරන උපකල්පනයන්ට අනුව කාන්තාවන් තමන් නොවන වෙනත් පිරිමින්ගේ ලිංගිකත්වයේ ස්වභාවයෙන් රැකගැනීම වැදගත් තැනක් ගනී. මේ තත්වය දුරදිග ගිය තැනදී කුහක පුරුෂයින් කාන්තාවන්ට තම ලිංගිකත්වයේ සියළු ස්වභාවික ගුණාංගයන් කරදරයක් ලෙස සිතීමට අනුබල දෙති. එතැන් පසුවට සියල්ල සිදුවන්නේ කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ලිංගිකත්වයේ ගුණාංගයන්වත් ලිංගිකත්වය යන කාරනයේ ස්වභාවයන්වත් මත පිහිටා නොව කුහකත්වයේ උපකල්පනයන් මතයි. මේ උපකල්පනයන්ට අනුව කාන්තාවන්ට සිය ලිංගික පෙරැත්ත කරදරයකි. එමෙන්ම පිරිමියා විසින් සිය ලිංගික පෙරැත්තට ගැලපෙන ලෙස කාන්තාවන් තබාගැනීම සඳහා ස්ත්‍රී ලිංගික ස්වභාවය බලෙන් කාන්තාවන් මත පටවති. කුහකයාට අනුව මේ සියල්ලෙන් ගැලවීමට කාන්තාවට අයිතියක් තිබියයුතුය. එමෙන්ම පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් නොදක්වා ඊට එරෙහිව ක්‍රියා කිරීමටත් හැකිනම් ලිංගිකව පුරුෂභාවය තුලට සිරුරෙන් මෙන්ම මනසින්ද ගොස් ස්ත්‍රී ලිංගික ස්වභාවය අත්හැරීමටද මහත් ශුද්ධ වූ අයිතියක් කාන්තාවන්ට තිබේ. එසේ කිරීම කුහක උපකල්පනයන්ට අනුව කාන්තාවන්ට ජීවිතයේ ලැබිය හැකි ලොකුම ජයග්‍රහනයක්ද වේ. ඒ ජයග්‍රහනය ලැබීමට ඉඩකඩ ලබාදීම සඳහා සියළු පිරිමින් තම ලිංගික ස්වභාවයට පවා අවනත නොවී තමන් විසින්ම තම ලිංගිකත්වයේ ස්වභාවය දැඩිව මර්ධනය කරගනිමින් පීඩාවට පත් වීම කුහකයාට අනුව මහත් ප්‍රගතිශීලී ක්‍රියාවක් වෙයි. ඇතැම් විට එසේ වන්නේ පෙර පරම්පරාවේදී තමන් ස්ත්‍රී ලිංගිකත්වයේ සියළු යහගුණයන් තුලින් උපරිම ලෙස කම්සැප විඳ අවසන් වූ පසුය.
                                          
ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් තමන්ටම කරදරයක් ලෙස සිතන්නට කාන්තාවන් පොළඹවන්නේත්, පිරිමි ලිංගික ස්වභාවයන්ට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමට කාන්තාවන් තුලින්ම පසුබෑමක් ඇතිකරන්නේත්, සීමා මායිම් අපැහැදිලි අතවර අර්ථදැක්වීම් හරහා පිරිමි ලිංගික ස්වභාවයන්ගෙන් කාන්තාවන් බේරාගැනීමට තවත් පිරිමින් කොටසක්ම වලි කන්නට යන්නේත් පෙර සඳහන් කුහකත්වයේ උපකල්පනයන් පාදක කරගෙනයි. කාන්තා අයිතීන් හා ඒ ඇසුරෙන් පෙරට එන අනපනත් වර්තමානයේ පැනනැගී ඇත්තේ මේ තත්වයේම ඉදිරි විකාශනයක් ලෙසයි. මේ තත්වයට පසුව සිදුවන අනෙක් සිදුවීම නම් පෙර කී පිරිමින්ගේ කුහකත්වයන්ට සමගාමීව පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයන්ට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන්නට මැලිකමක් හා අකමැත්තක් දක්වන කාන්තාවන් පිරිසක් බිහිවීමයි. ඒ ඔස්සේ කාන්තාවන් අතරද කුහක සමාජයක් බිහි වන්නේ  තම ලිංගික ස්වභාවය හා සමස්ථ මානව ලිංගිකත්වයේම ස්වභාවය කරදරයක් කරගන්නා කාන්තා චරිත කේන්ද්‍ර කරගනිමින්ය. කුහක පිරිමි චරිත වල ක්‍රියාකාරිත්වය සමග මේ කුහක කාන්තා චරිතද ක්‍රියාකාරී වූ තැන ලිංගික කුහකත්වය නමැති විනාශකාරී හා සමාජ පීඩාකාරී සාධකය තවත් ශක්තිමත් වන්නේ කුහක උපකල්පනයන් මත තවත් දැඩිව එල්බ ගන්නට සෙසු සමාජයටද බලකරමිනි. වර්තමානය වන විට බටහිරද මේ තත්වය බලවත් වී තිබේ. බටහිර ලිංගික වෙබ් අඩවි දෙස බැලීමෙන් පමණක් ඒ රටවල ලිංගික නිදහස ගැන නිවැරදි අදහසක් ඇතිකරගැනීමට අපට බැරිය. එක්තරා අතකට අද ලෝකය පුරා ව්‍යාප්තවන මේ සමාජ තත්වයන්ට මූලික පදනම වැටුනේද බටහිරින්ම වේ. අද බටහිරදී කාන්තාවන්ට පිරිමින්ගේ ලිංගික ස්වභාවයන්ට අනුරූප වන ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය නොකිරීමටත් සමස්ථ පිරිමි ලිංගිකත්වයටම එරෙහිව සටන් කිරීමටත් හැකිනම් සිතින් මෙන්ම ගතින්ද පුරුෂභාවය තුලටම යෑමේ ශුද්ධ වූ අයිතිය ඇත. ඒ අයිතියටම සමගාමීව පිරිමින්ටද උපතින් ගෙනෙන පුරුෂභාවය කප්පාදු කරගනිමින් ශාරීරිකවත් මානසිකවත් ස්ත්‍රීත්වය තුලට යෑමට අයිතියක් තිබියයුතු යැයිද කුහක මතධාරීන් විශ්වාස කරති.     
                       
බටහිරද ස්ත්‍රීවාදී මූලාශ්‍රයන් ගැන සොයා බැලීමේදී පෙනී යන්නේ ඊටද මුල් වී ඇති කාරනය මෙතුවක් ලිපියේ විස්තර කළ ආකාරයට බටහිර කුහක පිරිමි කොට්ඨාශයේ හැසිරීමට සමගාමීව ජනනය වී ඇති පුරුෂ විරෝධී කාන්තා මානසිකත්වය බව පිළිගැනීමට කිසිදු අපහසුවක් නැත. අද ලෝකය පුරාවට පිළිකාවක් මෙන් පැතිරෙන්නේ මේ ස්ත්‍රීවාදී මූලධර්මයන්වේ. අද බටහිර සමාජයේ කුහක පිරිමින්ටත් වඩා පුරුෂ විරෝධී කුහක කාන්තාවන් ක්‍රියාකාරී වී ඇත. කුහක පිරිමින් විසින් ගොඩනගන ලද න්‍යායවාදයන් අද ඔවුන්ටත් එහා යමින් බටහිර සමාජයේ පිරිමි විරෝධී කාන්තා සංවිධාන විසින් ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවයටම් එරෙහිව මෙහෙයවමින් තිබේ. මේ වන විට කාන්තා අයිතීන් හා කුහක ලිංගික අතවර අර්තකථන මෙන්ම පිරිමියාගේ ලිංගික පෙරැත්ත ඇතුළු ලිංගික ස්වභාවයන් කෙරෙහි ද්වෙශසහගත ලෙස පැනවෙන නිති වලින් බටහිරම බැටකමින් ඇත. ලොව සෙසුරටවලද දෙශපාලනිකව බටහිරට තිබෙන නැඹුරුතාවය අනුව නුදුරු අනාගතයේම මේ තත්වය පැතිරෙනු ඇත. මේ කුහකත්වයේ සමාජ පීඩාව දෙශපාලකයන් නීති බලධාරීන් වැනි ප්‍රභූවරුන්ට අඩුවෙන් බලපාන අතර සාමාන්‍යයෙන් පහල සමාජ ස්ථර වල නිර්ප්‍රභූ දුප්පතුන් වෙත ඉහල සිට පහලට සම්පිණ්ඩනය වේ. මෙය බටහිරත් මේ ආකාරයම ගනී. අද බටහිරටත් මේ පීඩාවෙන් අත්මිදීමට අවශ්‍යතාවය ඇත. පුරුෂයාගේ අයිතීන් වෙනුවෙන් සංවිධාන විශාල ගනනක් බටහිර රටවල බිහිවී ඇත්තේ මේ හේතුවෙනි. කෙසේ හෝ වේවා කන්‍යාභාවය ගැන තිබෙන විශ්වාස කසාද හා දික්කසාද නීති පවුල් දේපල ප්‍රතිපත්ති ආදියෙන් කාන්තාවන් පීඩාවට පත්වීම වැනි දේ ගැටළු නොවේ යැයි කියන්නටද මට උවමනාවක් නොවේ. එවැනි ප්‍රශ්නවලට උත්තරයද කුහක කාන්තා අයිතීන් හා ස්ත්‍රීවාදී නීති නොවන බව පමණක් මතක් කිරීම අවශ්‍යය. මේ කුහකකම් වලින් ඇතිවන පීඩාව දැරීමේ සීමාවක් ඇත. එය ඉක්මවා යන්නට පෙර මින් ඉහතදී විස්තර කළ කුහකත්වයේ උපකල්පනයන් හා ඒ ඔස්සේ ඉදිරියට විකාශනය වන පිරිමි විරෝධී කාන්තා මානසිකත්වය ප්‍රශ්න කරන්නට පිටකොන්දක් ඇති පිරිස ක්‍රියා කළයුතුව ඇත. මේ කාරනා මතක්කර දෙමින් ලිපිය ලිවීමට අදහස් කළේ ලංකාවේද සිදුවූ දේශපාලන පෙරලිය තුල බටහිර පිල්ලි සක්‍රීය වීමේ අවදානම වැඩි වීමක් දක්නට ලැබෙන නිසයි.