Pages

Saturday, November 12, 2016

ITN, ඉරාජ් හා ලිංගික නිදහසේ විකුර්ති මායාව.

වික්ටෝරියා සදාචාර පද්ධතියට එරෙහිව යුරෝපය තුල පැන නැගි ලිංගික නිදහස පිළිබඳ මතවාද වලින් ලිංගික කුහකත්වයන් ගැන යම් පමනකට කතා කරමින් සීමා සහිතව ඊට විරුද්ධ වී ඇති නමුදු ලිංගික කුහකත්වයන්හි ප්‍රභලම සාධක වලට මේ මතවාද අභියෝග කළ බවක් නොපෙනේ. ලිබරල් මතවාද හා පස්චාත් නූතනවාදය පල්ලියෙන් හා ආගමෙන් නිර්දේශිත ලිංගික සදාචාරයට එරෙහි වී ඒ සදාචාරයන්හි අන්තර්ගත කුහකත්වයන්ට විරුද්ධ වූවා මිස ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග සමග එකට පෑහෙමින් එම ස්වභාවයන්ට ගරු කිරීමට දක්වන මැලිකම මත පදනම් වන මහා කුහකත්වයට එතරම් විරුද්ධ වූ බවක් කිව නොහැක. මේ ගැන ඇතැම් කරුනු මින් පෙරද මා විසින් දක්වා තිබේ. යුරෝපය තුල පස්චාත් නූතනවාදය හරහා මතු වී ඇත්තේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග සමග එක්ව එහි උපරිම ප්‍රයෝජන ගනිමින් එම යහගුණයන් මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට තිබිය යුතු නිදහසට වඩා කෙසේ හෝ ලිංගික ආශ්වාදය ලැබීමට තනි තනි පුද්ගලයන් ලෙස තිබිය යුතු යැයි සිතන නිදහසක්ය. මිනිසා වැනි සංකීර්ණ මනෝභාවයක් ඇති සත්වයෙකුට ලිංගික ආශ්වාදය ලැබීම වැදගත් දෙයක් වීම පුදුම විය යුත්තක් නොවේ. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට වඩා කිට්ටු වෙමින් එහි යහගුණයන් ජීවිත වලට අවශෝෂණය කරගන්නට සමත් වූ කල ලිංගික ආශ්වාදයද උපරිම ලෙස අත්විඳිය හැක. ඒ සඳහා අවශ්‍ය උපරිම ඉඩකඩ මිනිසුන් එතරම්ම කුහකයන් නොවූ අතීතයේ තිබෙන්නට ඇත. කාලයත් සමග මානව ශිෂ්ඨාචාරය තුල ලිංගික කුහකත්වය මත පදනම් වෙමින් වර්ධනය වූ බොරු ආචාරධර්ම විවිධ මට්ටම් වලින් කල එලි බැස තිබේ. මේ කුහක බොරු ආචාරධර්ම වල පසුබිම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඒ සමග ගනුදෙනු කිරීමට දක්වන මැලිකමේ මහා කුහකත්වයයි.
                              

          
යුරෝපයෙන් පැන නැග ආ ලිබරල් අදහස් වලින් මෙන්ම පස්චාත් නූතනවාදයෙන් දිගින් දිගට පහර දුන්නේ ක්‍රිස්තියානි පල්ලියේ සදාචාරාත්මක න්‍යායන්ටත් සමාජයේ ගැහැනු පිරිමි ලෙස තිබෙන සංවිධානාත්මක හැඩගැසීම් වලට හා පවුල් සංස්ථාවටත්ය. පිරිමින් විවාහයන්ට පෙර ස්ත්‍රීන් සමග ලිංගික හැසිරීම් වලට දක්වන උනන්දුව, කන්‍යාභාවය පිළිබඳ විශ්වාස ආදිය ගැන මේ මතවාද වලින් සාධාරණ විවේචන ඉදිරිපත් වුවත් එවැනි කුහකත්වයන්ගෙන් අත්මිදීමට මේ මතවාදයන්ගෙන් නිර්දේශ කරන දේවල්ද හැම අතින්ම සාර්ථක යැයි පිලිගන්නට නොහැක. ඒ අවසන් වශයෙන් එම විසඳුම්ද එක්තරා සීමාවකින් එපිටට ලිංගිකත්වයේ ස්වභාවයටම පටහැනිව යන බැවිනි. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ශනය මධ්‍යගත වන ලෙස ගැහැනුන් පිරිමින් ලෙස එකිනෙකාගේ ලිංගික සුවිශේෂීතා ඉස්මතු වන පරිදි ලිංගික ආශාවන් අනුව එකිනෙකා අතර ගැලපීම් ඇති කිරීමටත් ලිංගික බැඳීම් ශක්තිමත් කිරීමටත් ඉතිහාසය පුරාවටම මානව වර්ගයා විසින් විවිධ උපක්‍රම යෙදීම හා නිර්මාණ කිරීම සිදු කර ඇත. ඊට ඉතිහාසය පුරා නිදහසද තිබුණි. අදටත් එය සියළු ප්‍රජාවන් තුල වැදගත්ම අංගයක් වේ. පසු කාලයේ මානව පවුල්සංස්ථාව ගොඩනැංවීමත් සමග ලිංගිකත්වයට සදාචාරාත්මක සීමා මායිම් එක් වන්නට පටන් ගත් බව විශ්වාස කළ හැක. ඒ කුමක් වුවත් ලිංගිකත්වයේ ස්වභාවයට ගරු කිරීම හා එහි යහගුණයන් මිනිස් ජීවිත වලට ඇතුල් කරගැනීම බොහෝ මානව ප්‍රජා තුල ලිංගික සදාචාරය මගින් උල්ලංගනය වූ බවක් නොපෙනේ. නමුත් මේ සදාචාරයන්හි සීමා මායිම් පුළුල් විමත් සමග ලිංගිකතයේ ස්වභාවික ගුණාංග රැකීමට වඩා සදාචාරය රැකීමට මානව ප්‍රජාවන් බොහොමයක් තුල ප්‍රමුඛත්වය ලැබී තිබෙනු දක්නට ඇත. ලිංගිකත්වයේ ස්වභාවය සමග අනුබද්ධ වී එකට ගමන් කිරීමට දක්වන මැලිකම විලිබිය ලෙස පමණට වඩා අනවශ්‍ය වැදගත් කමක් අත් කරගැනීමත් එය පසු කාලීනව ලිංගික සදාචාරය සමග කලවම් වීමත් මානවයාගේ ලිංගිකත්වයේ ඉදිරි විකාශනය තුල පිළිතුරු සෙවීමට අපහසු ගැටළු ඇති කිරීමටනම් සමත් වී ඇත.
            
කලින් කී පරිදි සොබාදහමට හා ලිංගිකත්වයේ ස්වභාවයට අනුව ගමන් කිරීමට වඩා ලිංගික සදාචාරය රැකීමට මිනිසා විසින් ප්‍රමුඛත්වය ලබා දීම එක් බරපතල කුහක කමක් වේ.  ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඊට අනුකූලව ජීවත් වීමට දක්වන මැලිකම විලිබිය ලෙස අනවශ්‍ය වටිනාකමක්ද ආදේශ කරගත් කලට ලිංගික සංවේදනයන් වැඩි කරමින් විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කරවන නිර්මානයන් කෙරෙහි යම් පිළිකුලක් ඇති වන්නේ ඉබේටමය. මේ පිළිකුල මතුපිටින් තිබුණත් ඇත්තෙන්ම හිත් යටින් කවුරු කවුරුත් ඒ සියල්ල වැලඳ ගනිති. කවුරුන් කුමන විග්‍රහයන් කළත් සත්‍ය එයයි. තම සිරුරේත් මනසේත් අභ්‍යන්තර හැඟීම් දැනීම් වලට පිටුපාමින් මානව ප්‍රජාව තුලම සියල්ලන් එක ලෙස පිළිගත් ලිංගික සංවේදනයන් දනවන විරුද්ධ ලිංගික බැඳීම් ශක්තිමත් කරන්නා වූ නිර්මානයන්ට කල් යත්ම යම් යම් කුහක තහංචි සමාජයෙන් පැනවෙන්නේත් ඒ තුලින් සමාජයටම ලිංගික පීඩනයක් උරුම වන්නේත් මේ අනුවයි. ලිංගික සංවේදනයන් ස්වභාවයට අනුකූල ලෙස වර්ධනය වීම වෙනුවට එහිම වුකුර්තිතා ඇති වීමට මෙය බලපාන්නේ ලිංගික මනෝභාවයන්හිද අසමබරතා ඇති කරමිනි.  එහෙත් ලිංගික කුහකත්වයෙන් අන්ධ බවට පත් වූ කල බොරු ආචාර ධර්මයන් වෙනුවෙන් මේ පීඩාවන් ඉවසීමටද බල කෙරේ. ඒ අයුරින්ම පීඩාව විඳගැනීමටද බොරු වැදගත් කමක් ලබා දෙයි. විවාහයට පෙර ලිංගික සබඳතා වැලැක්වීමට ලිංගිකව පරිනත වන වයස් සීමා වල නව යොවුන් පිරිස අතර විරුද්ධ ලිංගිකයන් කෙරෙහිත් ලිංගික සබඳතා කෙරෙහිත් අනියත බියක් ඇති කිරීම, පුද්ගලයන් සිය විරුද්ධ ලිංගිකයන්ගෙන් ඈත් කර තැබීමට අනවශ්‍ය වෙහෙසක් ගැනීම, විරුද්ධ ලිංගිකයන් සමග ලිංගික සබඳතා ඇති කර ගැනීම දඬුවමට ලක් විය හැකි වරදක් බව ඒත්තු ගැන්වීම ආදිය තවමත් බොහෝ මානව ප්‍රජා තුල දක්නට ලැබේ.
                            
යුරෝපය තුල ලිංගික නිදහස ගැන මතිමතාන්තර පල වූ මුල් යුග වල මේ සියළු දේ ගැන සාධාරන විවේචන ඉදිරිපත් වූ අතර විරුද්ධ ලිංගික සංවේදනයන් දනවන විලාසිතා ආදිය ඉදිරියට පැමිණෙමින් ලිංගික පීඩාව හා විරුද්ධ ලිංගිකයන් අතර ලිංගික ක්‍රියාකාරකම් වලට තිබූ අනවශ්‍ය බියද අඩු විය. එහෙත් පල්ලියේ සදාචාරයට හා පවුල් සංස්ථාවට මේ මතිමතාන්තර වලින් බැට දුන්නේ පමණටත් වැඩියෙනි. කෙසේ නමුදු පසු කලකදී ලිංගිකත්වයේ ස්වභාවයට අනුකූල නොවන දේ දැකීමටත් ඒ තුලින් කුහක තෘප්තියක් ලබමින් කුනු රසය විඳීමටත් ලිංගික නිදහස ගැන කතා කළ පිරිස් අතර යම් ප්‍රවනතාවයක් ඇති විය. ඒ ප්‍රවනතාවයට එක් හේතුවක් උනේද පෙර සඳහන් කළ බොරු ආචාරධර්ම හා ඒවායෙහි පසුබිම වූ ලිංගික කුහකත්වයේ බලපෑමයි. සමහරෙකුට පිරිමියා තුල ස්ත්‍රී භාවයකුත් කාන්තාව තුල පුරුෂ භාවයකුත් දැකීමට අවශ්‍ය විය. එමෙන්ම  පිරිමි පිරිමි වශයෙනුත් ස්ත්‍රී ස්ත්‍රී වශයෙනුත් විකුර්ති කාම සේවනයන්, ද්විත්ව කාමුක ඇසුර ආදිය ඉදිරියට ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි බොරු ආචාරධර්මයන් මගින් ගොඩනගන භීතිය තුල විකල් වූ මනසින් තම ලිංගයටම අයත් වූවෙකු සමග සමලිංගික ඇසුර පවත්වා නව යොවුන් වියේම විකුර්ති අත්දැකීමක් ලබමින් එය ඉදිරියට ගෙනයන පිරිස තව තවත් නොමග යවමින් ලිංගිකත්වයේ කුනු රසය විඳීම පූජනීය දෙයක් බවට පත් කර ගැනීමට මේ බොහෝ දෙනා කටයුතු කළෝය. පුරුෂයන් මෙන් ක්‍රියා කරන හා එලෙස හැසිරීමට නැඹුරු කාන්තාවන් වීරවරියන් ලෙස සලකන මානසික කුහකත්වයද මේ තත්වය තව තවත් ඉදිරියට වර්ධනය කරන්නට බලපෑවෙය. ලිංගික නිදහස ගැන මුලින් තිබූ අවංක බව හා විවුර්ත බව ගිලිහී ඒ ගැන කතා කළ පිරිස් අතරින් ලිංගික නිදහසට වඩා පසු කාලයේ කාන්තා නිදහස ආදිය ගැන අදහස් වැඩි වේගයකින් එලි බැස්සේය. පිරිමියා හා ස්ත්‍රිය අතර ගතින් මෙමෙන්ම මනෝභාවයෙන්ද බැඳීම් ඇතිකරවන ලිංගිකත්ව ගැලපීම් ඔස්සේ ලිංගික ආශ්වාදය ලබන හැසිරීම් වෙනුවට කෙසේ කුමන ආකාරයකින් හෝ කෙරෙන සිහි විකල් කාම සේවන ක්‍රමයක් වුවත් පිළිගනිමින් ඊට ඉඩ කඩ සැලසීම සඳහා විරුද්ධ ලිංගික බැඳීම් කෙරෙහි කෲරත්වය වැපිරීම වුවත් හරි යැයි කියන මතයක අදත් බොහෝ පස්චාත් නූතනවාදීන් සිටිති. ඔවුන්ගේ හැසිරීමට ශක්තිය ලැබෙන්නේද ඔවුන්ම සම්ප්‍රදායික යැයි කියා තඩි බාන සමාජයේ විරුද්ධ ලිංගිකයන් විවාහයට පෙර එකිනෙකාගෙන් ලිංගිකව ඈත් කිරීමට ගොඩනගා තිබෙන මිත්‍යාවන්ම වේ. ලිංගික කුහකත්වයේ සියළු පවු පුරුෂයා මත පටවමින් ගැහැනිය පිරිමියාගේ ලිංගිකත්වයෙන් ආරක්ෂා කිරීමට කුහක නූතනවාදීන් උනන්දු උනේ ඔවුන්ගේ නූතතත්වයට නොගැලපෙන්නේ යැයි ඔවුන්ම කියන පැරණි මිත්‍යාවන්ටද නූතනත්වයේ සළුපිලි අන්දවමිනි.
                              
                                
දැන් ITN එකේ හා ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වැඩකටයුතු හා ඊට බලපෑ දේශපාලන පසුතලය ගැන කතා කරමු. ITN රූපවාහිනී නාලිකාව මගින් වැඩිහිටියන්ට පමණක් සීමා වන ලිංගික ජවනිකා පිරි චිත්‍රපට විකාශනය කිරීමේ සැලැස්මක් ගැනත් ගායන හා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ස්ත්‍රී සමලිංගිකත්වය පෙන්නුම් කළ ගීතමය වීඩියෝවක් නිර්මානය කිරීම ගැනත් තොරතුරු පහුගිය කාලයේ ආන්දෝලනාත්මක ලෙස මාධ්‍ය තුලින් එළි බැස්සේය. මේ කිසිදු හේතුවක් නැතිව ඉබේට කල එලි බසින්නාවූ දේ නොවෙයි. මේ පසුපස ඇත්ත වශයෙන් කිවහොත් යම් කිසි දේශපාලනයක්ද තිබේ. ඒ ගැන මා මීට කලිනුත් කියා ඇත. ITN හා ඉරාජ්ගේ වැඩ කටයුතු වලට ලංකාවේ 2015 වසර මුල සිදු වූ දේශපාලන පෙරලිය පැහැදිලිව බලපා තිබේ. විශේෂයෙන් ITN සිද්ධිය පසුපස මේ දේශපාලනය පැහැදිලිවම ක්‍රියාත්මක වේ. මෙතෙක් හෙලි වූ තොරතුරු අනුව ITN ඔස්සේ වැඩිහිටියන්ට පමණයි ලේබලය අලවා මුලින්ම විකාශනය කිරීමට සැලසුම් තිබී ඇත්තේ සමලිංගිකත්වය පෙන්නුම් කරන චිත්‍රපටයකි. ඊට විශේෂයෙන්ම බලය ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුතාද පැහැදිලිව බලපා ඇත. නූතනත්වයේ සළුපිලි අන්දවා ලෝකයට බෙදා හරින බටහිර ලිංගික මිථ්‍යාවන් හා කුහකත්වයන් වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනයේ බලය හිමි පාර්ශවයේ ඇදහීම වීම අනෙක් හේතුවයි. මේ නූතන සළුපිලි වලින් ඔතා තිබෙන බටහිර ලිංගික මිථ්‍යා හා කුහකකම් වලට අනුග්‍රහය දැක්වීම පෙර පැවති ආණ්ඩුවත් නොකරා යැයි කොහොමවත් කියන්නට බැහැ. පුරුෂයා මෙන්ම පුරුෂයාගේ ලිංගික ආශාව කෙරෙහිත් මානව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග කෙරෙහිත් වෛරය ජනනය කරන ස්ත්‍රීවාදයට අනියම් ආකාරයකට පසුගිය රජයද අනුග්‍රහය දැක්වූවේය. වර්තමාන රජයද ඔවුන් විසින් ගෙන එන්නට යන නව ව්‍යවස්ථාව තුලට සූක්ෂම ලෙස ස්ත්‍රීවාදී වගන්ති ඇතුල් කර තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. සියල්ල අවසානයේ නෑකම් කියන්නේ නූතන සළුපිළි ඇන්දවූ විරුද්ධ ලිංගික බැඳීම් දුර්වල කර සමලිංගිකත්වය හා අනුබද්ධ සියළු විකල් හැසිරීම් බලෙන් ස්ථාපනය කර කුණු රසයද විඳීමේ යුරෝපීය කුහක මිථ්‍යාවන්ටය.
                          
දේශපාලනයේදී වර්තමාන බලය හිමි ලාංකීය දේශපාලන කණ්ඩායම එහි චින්තනයට අනුව වඩාත් සමීප වන්නේ බටහිරටයි.ඒ අනුව ලිංගික කුහකත්වය ගැන බාගෙට කතා කරමින් විකුර්ති මායාවන් තුලින් ලිංගික නිදහස දකින බටහිර දැක්ම මේ වනවිට ලිංගික කාරනා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දේශපාලනය තුලත් ප්‍රමුඛ පිළිගැනීම බවට පත්ව ඇත. ITN නාලිකාවට එහි බලපෑම තදින්ම තිබේ. ලිංගික කාරනා යුරෝපයට අනුව දකින ඊනියා බුද්ධිමතුන්ටත් එවැනි කලා කරුවන් මාධ්‍යකරුවන් ආදීන්ටත් වත්මන් දේශපාලන අනුග්‍රහයද නොඅඩුව ලැබේ. ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ හරහා ස්ත්‍රී සමලිංගිකත්වය කල එලි බැස්සේද මෙලෙසයි. ඒ තුලත් කාන්තාවන් පිරිමියා හා පිරිමියාගේ ලිංගික පෙරැත්තේ ස්වභාවයට බිය වැද්දීම මෙන්ම විරුද්ධ ලිංගිකයන් පිළිකුල් කිරීමට බල කරන බොරු ආචාරධර්ම හා එයින් අනියම් ලෙස පන ලබන බොරු ලිංගික නිදහසද ඇත. ලංකාවේ ස්වදේශීය කුහකත්වයන්ට අනුවනම් කාන්තාවන් පුරුෂ ලිඟු සමග ගනුදෙනු කර කන්‍යාභාවයට හානි කර නොගැනීම හා ගැබ්ගැනීමේ අවධානමෙන් තොරව වින්දනය ලැබීම ඒ තුල ඇත. අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් පාසල් විනය භාර ගුරු භවතුන් ආදීන් මෙය හොඳින් දනිතියි විශ්වාස කළ හැක. පසුගිය රජය පැවති කාලයේ මේ ස්වදේශීය කුහකත්වයන්ට යම්කිසි අනුග්‍රහයක් තිබුණි. ඉරාජ්ගේ ගිනියම් රෑ තුල ලිංගික නිදහස පිළිබඳ විකුර්ති මායාවන් හා කුනු රසය විඳීමේ නූතන මිත්‍යාවන් අන්තර්ගත වනවා සේම විරුද්ධ ලිංගික අන්තර් ක්‍රියාකාරකම් වලට සීමා බන්ධන පමුණුවන්නට පෙරමුණ ගන්නා සංස්කෘතික පිස්සන් මේ ගැන වචනයක් හෝ පිට නොකිරීමේ ස්වදේශීයව පවතින කුහකත්වයද පෙන්නුම් කෙරුනි.  ITN නාලිකාවටද සමලිංගිකත්වය පෙන්වන චිත්‍රපටයක් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉදිරිපත් කිරීමට සැලසුම් කිරීම සඳහා දේශපාලන හේතු බලපෑවා සේම සදාචාරයට පටහැනිව යන ගැහැනු පිරිමි ලිංගික ක්‍රියාකාරකම් වල පමණක් දොස් දකින සංස්කෘතික පිස්සන් මේ සිද්ධියේදීත් මුනිවත රැකීම දැකගන්නට හැකි විය.
                              
කාන්තා සමලිංගිකත්වය හා ඒ හැසිරීම් දෙස බලමින් ස්වයං වින්දනය ලබන්නට හැර වෙනත් යමක් නොදත් ඇතැම් නිවට පිරිමින්ටද ඉරාජ්ගේ ගිනියම් රෑ රසවත් අහරකි. කාන්තා නිරුවත බලා සැනසී සිල් බිඳ නොගෙන පැත්තකට වී ඉන්නට කැමති අයටත් ඉරාජ්ගේ කර්තව්‍ය හොඳ ඇති. ITN උත්සහය ගැන යම් හෝඩුවාවක් ලැබුනු අවස්ථාවේත් ඒ ගැන අඩු තරමින් කිසිදු අදහසක් නොදක්වා පැත්තකට වීමට වගබලාගත් ලාංකික කුහක සදාචාර වාදීන්ටත් ඔවුන් දැනුවත්ව ස්පර්ශ කර තිබෙන නූතනවාදී යුරෝපීය චින්තනයෙන් ගැලවිය නොහැක. කාන්තාවක් හා පිරිමියෙකු සිප වැලඳගන්නා ආකාරය රූපවාහිනියේ දකින විට කුලප්පු වන මොවුන් ITN සමලිංගික චිත්‍රපට ප්‍රදර්ශනය වූයේනම් කිරිමැටි ගිල්ල කිඹුලන් සේ සිටිනු ඇත. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ නූතන කුහකයන් ලිංගික කාරනා සම්බන්දයෙන් සොබාදහමට එකඟ මෙරට සැබෑ වටිනාකමක් ඇති දේ පිළිගැනීමට දක්වන මැලිකම හා බටහිරින් එන නූතනවාදී කුහකත්වයන් වැලඳගැනීමට ඇති කැමැත්තයි. මොවුන් වැලඳගන්නා මේ කුහක නූතනවාදී චින්තනය තුල ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග පිළිගැනීමට වඩා කුහක පිරිමියා විසින් කාන්තාවන්ට තිබිය යුතු යැයි නිර්දේශිත එහෙත් සැබෑ ලෙස කාන්තාවන්ගෙන්ද බහුතරයකට උවමනා නැති බොරු ස්ත්‍රී නිදහස ඇත. ඒ තුල ලිංගික කුහකත්වයේ සියළු පවු පුරුෂයා මුල් වීම පිට පටවා පුරුෂයාගේ ලිංගිකත්වය හා සොබාදහමද වරදකාරී බව පෙන්වමින් කාන්තාව තවත් පුරුෂයෙකු බවට පත්කර සියළු ප්‍රශ්න විසඳන්නට යන අශ්ලීල හිතුවක්කාරකමද වේ. විරුද්ධ ලිංගික ආකර්ශනය බලෙන් සමාජ ගැටළුවක් බවට පත් කර කාන්තාවන් පුරුෂයාට හා පුරුෂ ලිංගිකත්වයට බිය වැද්දීම විකල් මනෝභාවයන් තෙක් දුර දිග ගෙන යෑමද කුහක නූතන චින්තනයේ එක් ප්‍රභල සංකේතයකි. ITN ලොක්කන් මෙන්ම ඉරාජ් වීරරත්නද වැලඳගෙන ඇත්තේ මෙ කුහක නූතනවාදී චින්තනයයි. පිරිමි සමලිංගිකත්වය විදහා පාන සයපෙති කුසුමද දැන් කරලියේ ඇත. ලිංගික කාරනා සම්බන්ධ අපේ රටේ සැබෑ වැදගත්කමක් ඇති දේද උවමනාවෙන් අමතක කරන බොරු සදාචාරවාදීන් එතැනදීත් නිශ්ශබ්දය.
                         
කෙසේ නමුදු පසුගිය රජය වට්ටවා රජයක් බිහි කරවීමේ දේශපාලනික කර්තව්‍ය තුල ලිංගිකත්වය පැත්තෙන් ඇති බලපෑම් ගැන මා කලින් වතාවල දැක්වූ අදහස් සත්‍ය බව දැන් පෙනෙන්නට තිබේ. එසේ වුවද ඒ අනාවැකි ඒ අයුරින් සත්‍ය බවට පත් වීමද අපට අහිතකරය. ITN හා ඉරාජ්ගේ වැඩකටයුතු දෙස බැලීමේදී ලිංගිකත්වය ගැන අපට ඇති දැක්ම මත පිහිටා දෙයක් අනිවාර්යෙන් කිව යුතුයි. ඒ පළමුවැන්න ලිංගිකත්වය ගැන අනුන්ගේ මතිමතාන්තර මත පිහිටා සියළු කටයුතු කිරීමට පෙර ඒ සම්බන්ධව අපේ සමාජයේ අපට දැනෙන්නට තිබෙන වැදගත් ගුණාංග මොනවාදැයි නිසි සොයා බැලීමක් අප විසින්ම කිරීමයි. අනෙක් දෙය ලිංගික කුහකත්වය ගැන බාගෙට කතා කර නවත්වා ඒ කුහකත්වයන්ගේම පිහිටෙන් ඉදිරියට ගෙනයන්නට උත්සහ කරන නූතනවාදී බටහිර අදහස් ගොන්න වෙනුවට ලොව කොතැනකත් සොබාදහමට ගරු කරන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මත පිහිටා කටයුතු කිරීමේ විවුර්ත බව පිළිගැනීමයි. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මත පිහිටා කටයුතු කිරීමේ මා සඳහන් කළ විවුර්ත බවටද සංස්කෘතියේ නාමයෙන් පහර දෙන්නන්ද සිටී. මේ අයද කරන්නේ ඉරාජ් වැනි කලා කෙතේ අසූචි විසිරුවන්නන්ට යම් ආකාරයක සහයක් දීමකි. ඒ ඉරාජ් වැනි අයගේ අඳබාල ක්‍රියා හමුවේ මුනිවත රකිමින්. මෙවැනි බොරු සදාචාරවාදයන්ගෙන් වැඩක්ද නැත. ඇත්තෙන්ම වැදගත් කාරනාව මානව ලිංගිකත්වයේ පමණක් නොව සමස්ථයක් ලෙස ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගුණාංග වලට ගරු කිරීමට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාවට ලබාදීමයි.

Monday, April 11, 2016

ඉසලාමික අන්තවාදී සංස්කෘතික හෙළුවැල්ල

ඉස්ලාමික ආගමික අන්තවාදය පසුබිම් වූ සංස්කෘතීන් තුල ලිංගිකත්වය හා එහි සම්මත පිළිගැනීම් ගැනත් කුහකකම් වලින් නිමැවෙන බොරු වටිනාකම් ලිංගිකත්වයේ ස්වභාවයට කර තිබෙන බලපෑම් ගැනත් මෑතක ලියූ ලිපි වලින් පෙන්වා දුන්නෙමි. මේ ඒ සම්බන්ධයෙන් තවත් විස්තර සාක්ෂිත් සමග වැඩි දුරටත් ඉදිරිපත් කරන්නේ එක අතකින් ඇත්ත පිළිගැනීමට මැලිකමක් දක්වන කුහකයන්ට ඇඟිල්ලෙන් ඇන හෝ සත්‍ය පසක් කර දීමටයි.
                               විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික බැඳීම් වල ස්වභාවය ඉදිරියේ ඊට දැඩි බියකින් හා ලැජ්ජාවකින් බොරු සදාචාරාත්මක වටිනාකම් ගොඩනගාගන්නා කුහක සංස්කෘතීන් තුල, අනියම් ආකාරයකට සමලිංගික විකුර්ති හැසිරීම් වලට හා එහි ළමා අපයෝජනයන්ට සුවිසල් තෝතැන්නක් නිර්මානය වන ආකාරය තවදුරටත් පැහැදිලි කිරීමට සාක්ෂි වශයෙන් මේ වීඩියෝ දර්ශන සමග තොරතුරු ඉදිරිපත් කරමි.



කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකා වල ගායනය නර්තනය තහනම් ඇෆ්ඝනිස්ථානයේ කුහකයන් ඒ රසය විඳගන්නේ නොමේරූ පිරිමි ළමුන් ස්ත්‍රී ඇඳුම් වලින් සරසවා නර්තන සන්දර්ශනයට යොදා ගැනීමෙනි. මේ ස්ත්‍රී නිරුවතට මර භය විරුද්ධ ලිංගික ආකර්ශනය ඇලජික් වූ මහා ලොකු වටිනා සංස්කෘතියක් හිමි ඉස්ලාමික සමාජයේ නිරුවතයි.

වීඩියෝවට අදාල තොරතුරු මෙතැනින්
http://lankacnews.com/sinhala/foreign-news/142355/ 

ඉස්ලාමික සංස්කෘතිය තුල පිරිමි ළමුන් ලිංගිකව අපහරනය කරන ආකාරයත් ඊට අනියම් ආකාරයකට තිබෙන පිළිගැනීමත් ගැන තවත් සාක්ෂි පහත වීඩියෝ දර්ශන වලින් පැහැදිලිව සොයාගත හැක.










කාන්තාවන්ට ස්ත්‍රී ලිංගික ස්වභාවය මත පිහිටමින් කටයුතු කිරීමට නිදහසක් නැති නර්තනය ගායනය පවා අකැප අන්තවාදී සමාජයේ, ස්ත්‍රී ලිංගික ස්වභාවයට වඩා පිරිමියා අනුකරනය කරමින් පුරුෂභාවය වෙත මානසිකව නැඹුරු වූ කාන්තාවන්ට පිරිමින්ට ආවේනික බොහෝ කටයුතු වල නිරත වීමට ස්ත්‍රීවාදී උමතුව විසින් ගිලගත් බටහිරටත් වඩා ඉඩකඩක් බොහෝ මුස්ලිම් අන්තවාදී රටවල තිබේ. එලෙසම කාන්තා සමලිංගික හැසිරීම් වලටද සමාජය තුල යම් ලිහිල් බවක් ඇත. නමුත් මේ කිසිවක් ඉස්ලාමික සංස්කෘතිය විසින් පිටට නොපෙන්වයි.





ලිංගික කුහකත්වයේ හොර සදාචාරයන් සොබාදහමටත් උඩින් ගිය කළ ඇතිවන්නේ සීලාචාර දියුණු සමාජයක් නොව පිට ඔපයට යටින් හද්දා කුණු ගඳ ගසන පල් ඕජස් බේරෙන දහජරා නිරයක් පමණි. මේ අන්තවාදී සංස්කෘතීන් පිටට කුමක් පෙන්වුවත් ඇතුලතින් මිහිපිට අපායන් වේ. ඒ අතින් බැලූ කල කෙල්ලන්ට කොල්ලන්ට බෝ ගහ යට හමුව බහ දී පන්සල් ගොස් පොරොන්දු ප්‍රකාර බැඳීම් ඇතිකරගෙන බුදු දහමේ ආශිර්වාදයද ලබා විවාහයට පත්ව දරුමල්ලන් හදාගෙන යහතින් ඉන්නට මේ රටේ එවුන් පින් කර තිබීම කොපමන භාග්‍යක්ද?






Tuesday, March 29, 2016

පිරිමින්ගේ ස්ත්‍රී නිරුවත් භීතිකාව හැදියාවක්ද?

ලිංගිකත්වය ගැන කතා කරන විට ඊටම සමාන්තරව හැදියාව හා ලිංගිකත්වයට සම්බන්ධ වූ සදාචාරය ගැනද කතා නොකර බැරි දේවල් වේ. මම මීට කලින් ලියූ ලිපි ගනනාවකින්ම කියා සිටියේ මේ හැදියාව හෝ සදාචාරය ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග අත්විඳීමට කිසිදු බාදාවක් නොවන ආකාරයට බවයි. එමෙන්ම ලිංගිකත්වයේ සැබෑ චර්යා ධර්මයන් ලිංගිකත්වයේ ස්වභාවයට ප්‍රතිවිරුද්ධ ලෙස ගමන් නොකරන බවද කියා ඇත. දැන් මට අවශ්‍ය මෑත කාලයේ සිදු වූ සිදුවීම් කීපයක් ආශ්‍රිතව අපේ සමාජයේ මතුවූ බොරු සදාචාරවාදීන්ගේ බොරු හැදියාව ගැන දෙයක් කීමටය. මේ සිද්ධි ටික කාට කාටත් මතක ඇතැයි සිතමි. ඒ යුරේනිගේ ජංගිය, රුවන්ගිගේ තනේ ,ටීචර්ලාගේ බුරිය හා මෑත එන්‍රික් ප්‍රසංගයේ තනපට හුටපටයයි. මේ සිද්ධි වලින් කලබල උනේ එකම කුලකයකට අයත් කුහක පිරිමි ඇතුළු බොරු සදාචාරවාදීන් පිරිසකි. මේ කුලකයේ සිටින කුහක පිරිමි කණ්ඩායමට ඇති මනෝභාවය අන් කිසිවක් නොව ස්ත්‍රී නිරුවත් භීතිකාවයි. ඊට අමතරව මේ උග්‍ර බොරු සදාචාරවාදීන්ට ලිංගිකත්වයේ ස්වභාවික ගති ලක්ෂණ දැකීමේ යම් භීතියක්ද ඇත.
                            

මිනිසුන් විලි වසාගැනීම ඇඳුම් ඇඳීම ආදිය සමග ලිංගිකත්වයේ මනෝභාවයන්හි වෙනස් වීම් ගැන මින් පෙර ලිපි වල කරුණු කියා ඇත්තෙමි. එහිදී සැබෑ වටිනාකම වී ඇත්තේ මිනිසුන් විලි වසාගැනීමේ හා ලිංගික හැසිරීම් විවුර්තව නොවීමේ සිද්ධි වලදී එය ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මර්ධනය නොවන ලෙස ඉදිරියට පැමිණ තිබීමයි. ඇත්තෙන්ම මිනිසුන් වස්ත්‍ර ඇඳීම ඇතුළු ක්‍රියා වලදී විලි වැසීම පමණක් නොව ලිංගිකතවය අනුව මනා විශේෂණයන්ට භාජනය වී තිබීම තුල මානවයාගේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ ලිංගික පෙරැත්ත හා රුචිය ඒ තුලින් නිරූපනය වෙමින් විරුද්ධ ලිංගිකයන් අතර ආකර්ශනය හා ලිංගික බැඳීම් මෙන්ම සාධනීය ගැලපීම්ද වඩ වඩාත් තහවරු වී තිබේ. මෙය සැබවින්ම මානවයාගේ ලිංගිකත්වය පැත්තෙන් බලන කළ සැබෑ ප්‍රගතිශීලී ලක්ෂණයකි. සිරුර වසා ගැනීමත් සමග නිරුවත් වීමට යම් ලැජ්ජාවක් මිනිසා තුල තිබුණද විරුද්ධ ලිංගිකයන්ගේ නිරුවත දැකීමට යම් උනන්දුවක් ස්වභාවය අනුව ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ නිරුවත හමුවේ අධික ලැජ්ජාවට හා භීතියට පත් වීමද සමාජය පැත්තෙන් ඒතරම් ප්‍රගතිශීලී නොවේ.
                         මානව චර්යාවන් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙයක් නම් මිනිසුන් වස්ත්‍ර ඇඳීම කරන්නේ ලිංගිකත්වය පැත්තෙන් බලන කළ විලි වසා ගැනීමට පමණක් නොවන බවයි. කෙනෙකු අඳින වස්ත්‍රයෙන් විලි වැසීමට අමතරව මානව ප්‍රජාව තුල ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතාවයන් නිරූපනයද අනිවාර්ය දෙයකි. ලිංගික අනන්‍යතාවය පමණක් නොව පුරුෂ ස්ත්‍රී ලිංගික පෙරැත්තෙහි එකිනෙක ගැලපීම්ද ඒතුල වේ. වස්ත්‍රයෙන් ස්ත්‍රී පුරුෂ ලිංගික සුවිශේෂීතාවයන් පෙන්නුම් කෙරෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනයද තහවරු වන ලෙසය. ලොව බොහොමයක් රටවල විවිධ සංස්කෘතීන්ට අයත් කාන්තා ඇඳුම් වලින් ශරීරය මුළුමනින් වැසීම ඉලක්ක කර නැත. එවැන්නක් ඉලක්ක කරන මැදපෙරදිග වැනි උමතු ආගමික අන්තවාදයන් දැකිය හැකි වුවත් ඒ ආකල්ප අගතිගාමී ලෙස හඳුනාගැනීම හැර ඒවාට සාර්ථක ඉදිරියක් නැත. ඇතැම් විට එස්කිමෝ වැනි අධික ශීත ධ්‍රැව ආසන්න ප්‍රදේශ වල ජීවත් වන ජනයාගේ පවා කාන්තා ඇඳුම් මුළුමනින් ශරීරය ආවරනය නොකරයි. මේ අතර කාන්තා ශරීරය මුළුමනින් වසා දැමීමේ උමතුව ඉහටත් උඩින් ගිය උමතු සදාචාරවාදී රටවල විපරීත කිකුර්ති කාම උන්මාදයන් සමාජය යටින් වර්ධනය වී තිබෙන බවත් අප මතක තබා ගතයුතුය. මේ උමතු සදාචාරවාදයේ පසුබිම මේ සමාජ වල පිරිමින්ගේ ස්ත්‍රී නිරුවත් භීතිකාවයි.
                    
මිනිසාගේ ලිංගිකත්වය සැලකිල්ලට ගත් විට එහි මනෝභාවයන්ද ඇතුළුව සියළුම අංගයන් පුරුෂ ස්ත්‍රී ලෙස සමාන්තරගතව පිහිටන්නේ ස්වභාවධර්මයට අනුවයි. මේ අනුව ස්ත්‍රී ලිංගික මනෝභාවය හා ශාරීර ක්‍රියාකාරීත්වය පුරුෂයාගේ එම අංගයන්ට අනුරූප ලෙස පිහිටයි. කලින් කී පරිදි මානව ප්‍රජාව තුල මිනිසුන් වස්ත්‍ර ඇඳීමේදී විලි වැසීමට අමතරව එකිනෙකාගේ ලිංගිකත්වයන් නිරූපනය කරන්නේත් ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ ගැලපීම් නිරූපනය කරන්නේත් ලිංගිකත්වයේම ස්වභාවයකට අනුව මිස අන් කවර හේතුවකටවත් නොවේ. එනම් ස්වභාවයෙන් ඒ සඳහා යම් පෙළඹවීමක් මිනිසුන් තුලින් දක්නට ලැබේ. මිනිස් ලිංගික චර්යාව සැලකීමේදී පුරුෂ පාර්ශවයටත් ස්ත්‍රී පාර්ශවයටත් තම විරුද්ධ ලිංගිකත්වයේ සංවේදනයන් දැනීම මනෝභාවයන් සමග දැඩිව බැඳී ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික සුවිශේෂතා හඳුනාගැනීමට වස්ත්‍රයද එක් ප්‍රභල සංකේතයක් බවට මානව ප්‍රජාව තුල පත්වී ඇත. විශේෂයෙන් පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ආකර්ශනය වන ප්‍රභල සංකේතයක් හා ලිංගික හැඟීම් ක්‍රියාකාරීව පවත්වාගන්නා ප්‍රධාන අංගයක් බවට ස්ත්‍රී ඇඳුම පත් වී තිබේ. ලොව බොහෝ රටවල ස්ත්‍රී ඇඳුම් වලින් ශරීරයේ අත්‍යාවශ්‍ය කොටස් පවා වැසෙන්නේ යම් පමණකට විරුද්ධ ලිංගිකත්වයේ සංවේදනයන් දන්වන ලෙසයි. මිනිසුන් සමාජයේ මෙවැනි සැකැස්මකට ස්වභාවිකව කැමැත්තක් දක්වති. කාන්තාවන් ස්වභාවිකව වැඩි නැඹුරුවක් දක්වන්නේ පිරිමින් ලිංගිකව ආකර්ශනය වන හැසිරීම් වලටය. එහිදී පිරිමි ලිංගික හැඟීම් දනවන ඇඳුම් ඇඳීමට ඔවුන් පෙළඹෙන්නේ පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයට අනුරූප වන ලෙසය. මේ කිසිවක් හේතුවක් නොමැතිව සිදුවී නැත.
                     
ඇත්තෙන්ම මානව ප්‍රජාව තුල ස්ත්‍රී ඇඳුම් වලින් විලි වැසීම හා ලිංගික හැඟීම් දැනවීම අතර මනා සමබරතාවයක් මෙන්ම එම ක්‍රියාවන් පිළිබඳ මනා අවබෝධයක්ද කාට කාටත් තිබිය යුතුය. ලිංගිකත්වයේ ස්වභාවය ඉදිරියේ බියට හා ලැජ්ජාවට පත් වීම සීමාව ඉක්මවා ගොස් විලි වැසීම කිසිදු ගුනාත්මක බවක් නැති උමතු ක්‍රියාවක් බවට පත්වීම මිනිසා සම්බන්ධයෙන් බලන කල ප්‍රගතිශීලී දෙයක් නොවේ. අනෙක් අතින් බැලූ විට විරුද්ධ ලිංගික හැඟීම් දැනවීම ස්ත්‍රී පුරුෂ ලිංගික ස්වභාවයන් හා සුවිශේෂීතා ගැන මනා අවබෝධයකින් තොරව කුහකත්වයන්ද පසෙකින් තබාගෙන ගානක් මිම්මක් නැතිව වර්ධනය කිරීමෙන් මානව ප්‍රජාව තුලම සිදුවන්නේ ලිංගිකත්වය විපරීත වීමකි. මීට කලින්ද කී ලෙස ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් හා ක්‍රියාකාරිත්වයන් එකකට එකක් අනුරූප වීම තුල කාන්තාවන් පිරිමින් ආකර්ශනය කිරීමට විවිධ දේ කරන්නේ කිසිදු හේතුවක් නැතිව නොව පිරිමින්ද ඊටම දැඩි කැමැත්තක් දක්වන හෙයිනි. ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ සිය විරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික සුවිශේෂීතා දැකීමට දක්වන උනන්දුව ස්වභාවිකය. එය බුද්ධියෙන් ඉහල මානවයාගේ රසවිඳනයේ ප්‍රධාන කොටසක්ද වේ. ඒ අයුරින්ම එහි අනෙක් පැත්ත ගැන සලකා බැලූ විට කාන්තාවන් පිරිමියාගේ ලිංගික ආකර්ශනයට දක්වන අසීමිත බිය හා ලැජ්ජාව තුල සැඟවී ඇත්තේද කුහක පිරිමින් කොටසක් ස්ත්‍රී ලිංගික ස්වභාවයට දක්වන බිය වේ.
                          
පිරිමින්ගේ ස්ත්‍රී නිරුවත් භීතිකාව විවිධ සංස්කෘතීන් තුල විවිධ මට්ටමෙන් සම්භාවනාවට ලක්ව තිබෙන බව දැකිය හැක. ඊට එක් හේ තුවක් වී තිබෙන්නේ ඒ තුලින් සමාජයේ කාන්තාවන්ට යම් රැකවරනයක් ලැබෙන්නේය යන විශ්වාසයයි. එයද මිථ්‍යාවකි. පිරිමි ලිංගික ස්වභාවයෙන් කාන්තාවන් රැකීමට ස්වභාවධර්මයෙන් පොළඹවන්නේද නැත. එහෙත් එවැන්නකට මානව ප්‍රජාව තුල යම් ඉඩක් සැකසෙන්නේ එක් පුරුෂයෙකු තවත් පුරුෂයෙකුගෙන් තම සහකාරිය හෝ තමන්ගේ සිත් ගත් තැනැත්තිය ලිංගිකව වෙන් කිරීමේ අභිප්‍රාය පෙරට එන විටයි. ඒ තුලද ලිංගික කුහකත්වය ගැබ් වී තිබේ.  එමෙන්ම ලිංගික ඊර්ෂ්‍යාව ලිංගික ආත්මාර්ථකාමීත්වය ආදියද ඒ තුල තිබේ. එබැවින් මේ කිසිවක් මනුස්ස ලෝකයට දිව්‍යමය වශයෙන් ලැබුණු මහා පූජනීය දේ ලෙස සැලකිය නොහැක. පිරිමින්ගේ ස්ත්‍රී නිරුවත් භීතිකාව හා ඊට සමගාමීව කාන්තාවන්ගේ අධික විලිබිය සමාජගත කර ඊට පොහොර දමන ඇතමුන්  කරන්නේ තමන් සිත් සේ ලිංගිකත්වයේ සියළු ස්වභාවික ගුණාංග අත්විඳිමින් අනුන්ට තහංචි දැමීමය. බොහෝ සංස්කෘතීන් තුල ප්‍රභූ ජනයාගෙන් බහුතරයක් මේ ගොඩට අයත් බව පෙනෙන්නට තිබේ.
                       
  මේ පිරිමින්ගේ ස්ත්‍රී නිරුවත් භීතිය සමාජය ඉහල වැදගත්කමක් අත් කර ගන්නේ හැදියාව යන්නට මුවා ව්මිනුයි. ඇත්තම හැදියාවටනම් පුරුෂයෙකු පුරුෂයෙක් ලෙසත් ස්ත්‍රිය ස්ත්‍රියක් ලෙසත් ලිංගික මනෝභාවයන් අතින්ද එකිනෙකා කෙරෙහි ලිංගිකව ආකර්ශනය වන ලෙස කෙනෙකුට සිය විරුද්ධ ලිංගිකයාගේ වටිනාකම තේරෙන මට්ටමට සංවේදී හැඟීම් දැනීම් සහිත හැඩගැසීමද අයත් වේ. අමු කුහකයන්ටනම් මෙය පිළිගැනීම ඉතා අමාරු දෙයකි. මානව ලිංගිකත්වයේ ස්වභාවයම සැලකූ විටද පිරිමින්ට තම ලිංගික ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වා ගැනීමට ස්ත්‍රී ලිංගික අවයවද ඇතුළුව ශාරීරික ස්වභාවයන් ගැන නිසි සංවේදනයන් අනිවාර්යෙන්ම තිබියයුතු බව පිළිගන්නට සිදුවේ. කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙය වලංගු වන අතර එකී ක්‍රියාදාමයේ යම් යම් වෙනස්කම් ඇත. මේ සියල්ල නිසි ලෙස පිළිගෙන ස්වභාවධර්මයට ගරු කරමින් එහි ආශිර්වාදය යටතේ ලිංගිකත්වයේ යහගුණයන් අත් විඳගැනීමටත් ඊට අනුව ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස ජීවිත හැඩගසා ගැනීමටත් පිටකොන්දක් නැති කුහකයන්ගේ බොරු හැදියාව යනු ලිංගිකත්වයේ සියළු ස්වභාවික ගුණාංගයන් ඉදිරියේ ලැජ්ජාවට හා භීතියට පත්ව අව සිහියෙන් සමාජයම පෙලන පීඩාකාරී ව්‍යාජ චර්යා ධර්ම ගොඩනගා ගැනීමයි.
                
ස්ත්‍රී නිරුවත් භීතිය මහා ලොකු වැදගත් දෙයක් ලෙස සලකන කුහක පිරිමින් ස්ත්‍රීත්වයට හා කාන්තාවන්ට සුවිශේෂී සමාජ ක්‍රියාකාරකම් සියල්ල්ට ගැරහීමටත් රුසියෝය. ඔවුන්ට ඒ සඳහා ඉතා ඉහල දක්ෂතාවයක් තිබේ. මේ හිරිඔතප් ඇති මහා පුරුෂයන් අඩ නිරිවත් මෙන්ම අමු නිරුවත් කාන්තා රූප දෙස බලමින් වින්දනයක් ලබන අතරේම ස්ත්‍රී නිරුවතටත් අඟ පසඟ පිටතට පෙන්වන ස්ත්‍රී ඇඳුම් වලටත් පරිභව කරමින් දෙස් දෙවොල් තබමින් තම හැදියාව පෙන්වීමට අති දක්ෂ වෙති. මේ හිරිඔතප් කාරයන්ට අනුව තමන්ගේම ලිංගික ආශාවේ ස්වභාවය නිසි ලෙස හඳුනමින් ඊට අනුරූපිකව තම ස්ත්‍රී ලිංගිකත්වය හා එහි ගුණාංග කාන්තාවන් විසින් සමාජයේ නිසි පරිදි නිරූපනය කිරීම පිරිමින් අපහසුතාවයට පත් කරවන මහා පාප කර්මයකි. එහෙත් මේ කපටි කුහකයන් ඒ සියල්ල අනියම් ආකාරයට කාන්තාවන්ගෙන් එලෙසම බලාපොරොත්තු වෙති. පිරිමි හිරිඔතප් කාරයන්ගේ අනෙක් ලක්ෂණය වන්නේ ස්ත්‍රී ලිංගික ස්වභාවය හා එහි සුවිශේෂීත්වය සමාජයේ කුහකත්වයකින් තොරව රසවිඳින එමෙන්ම ඒ ගැන කෙලින් කතා කිරීමට බිය නොවන පිරිමි පාර්ශවයට මානසිකව හිරිහැර කිරීමට දක්වන කැමැත්තයි. ඔවුන් සිතා සිටින්නේ  ඔවුන්සතු මේ දහ ජරා ගතියට අන් සියල්ලන් ගරු කළ යුතුය කියායි. එහෙත් සැබෑවනම් මේ හිරිඔතප් කාරයන්ගේ ජීවිතද ඇත්ත වශයෙන්ම කුණු ගොඩවල් යන්නයි. මේ කුනු කන්දල් වලට පොදුවේ කුහකයන් කියන්නේ හැදියාව කියාය.
                        
ස්ත්‍රී නිරුවත් භීතිය උත්සන්න වූ හිරිඔතප් කාරයන්ගේ කියුම් කෙරුම් මුළු සමාජයක්ම ලිංගික පීඩනයක් තුල ගිල්වා දමනවා හැරුනු විට වෙන දෙයක් නොකරන බවනම් ඉතා පැහැදිලිය. මේ තත්වය කවුරු කෙසේ දැක්කත් කීමට තිබෙන දේනම් මානව ප්‍රජාව සැලකීමේදී එහි අප බලාපොරොත්තු වන යහ පැවැත්මට කුහකයන්ගේ හිරිඔතප් වලට වඩා ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග හඳුනාගනිමින් ඒ ගැන අවබෝධයකින් කටයුතු කළ හැකි සියළු දෙනාගේ අව්‍යාජ බව වැදගත් වන බවයි. ලිංගික පීඩනය විඳ දරාගනිමින් එහි පීඩාව විඳීම මහා පුන්‍ය කර්මයක් හා ඉතාවටිනා චර්යා ධර්මයක් ලෙස පෙන්වීමටද කුහක හිරිඔතප් කාරයන් නිතර වෙහෙස මහන්සි වන බවකුත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මොවුන්ට අනුව විරුද්ධ ලිංගිකයන්ගේ සුවිශේෂත්වය ඉස්මතු කරමින් ලිංගික ආකර්ෂණය ශක්තිමත් කිරීම හා ලිංගික ආකර්ෂණය දනවන විවිධ ක්‍රියාකාරකම් වල රස විඳීම ඔවුන්ගේ හිරිඔතප් බිඳ දමන අතර සංස්කෘතිය වනසයි. මොවුන් සංස්කෘතියක් ගැන දන්නා ඉටිගෙඩියක් නැත. ඔවුන් දන්නා එකම දේ සංස්කෘතියක සියළු නිමැවුම් කාන්තා ඇඳුම් වලට හා ඔවුන්ගේ මහා ලොකු හිරිඔතප් වලට ගැටගසා දැමීම පමණකි. මොවුන් සංස්කෘතික හොර දොස්තරලාය. මේ සංස්කෘතික හොර දොස්තරලා සංස්කෘතියේම අනෙක් කිසිදු අංගයකට සිදුවන හානියක් සංවේදී ලෙස හඳුනා නොගනිති. එහෙත් ලිංගික කාරනාවලදී පමණක් හිරිඔතප් මත පිහිටා සමාජයට බෙහෙත් නියම කිරීමට ඔවුහු ඉදිරිපත් වෙති.
                        
ගැහැනු පිරිමි දෙපාර්ශවයේම ලිංගිකත්වයේ ස්වභාවයට දක්වන බිය හා අධික ලැජ්ජාව කොහේදීවුවත් මානව ප්‍රජාවක සංස්කෘතියක් හැදීමට වඩා නැසීමට ඉවහල් වන බව මේ දෙස අවංකව බැලුවොත් කාට උනත් වැටහේ. එසේ නොවේ යැයි කියන්නට හැක්කේ සංස්කෘතික හොර දොස්තරලාට පමණි. මේ අය කුමක් කීවද විරුද්ධ ලිංගික ආකර්ශනය හා එහි සංවේදනයන් මත ගැලපීම් මෙන්ම ලිංගික හැඟීම් දනවන ක්‍රියාකාරකම් මානව වර්ගයාගේම නිසි පැවැත්මට අනිවාර්යෙන් තිබිය යුතුය. ලිංගිකත්වයේ සංවේදනයන් දැනවීම යම් මට්ටමකට සමාජයක තිබිය යුතුය. එය බලෙන් මැඩ පැවැත්වීමට උත්සහ දරන කුහකත්වය විසින් ගිලගත් සමාජ තුල දක්නට ඇත්තේද වෙනමම සමාජ ගැටළුකාරී තත්වයන්වේ. වෙනත් උදාහරන අවශ්‍ය නැත, ස්ත්‍රී ශරීරය ඉස්මුදුනේ සිට යටිපතුල දක්වා උමතුවෙන් වසාගැනීමට බලකරන මැදපෙරදිග සමාජ තත්වය සල්කා බලන්න. ඒ තුල නීතිමය වශයෙන් මොන තත්වයක් තිබුණද සමලිංගිකත්වය ඇසුරේ ළමා අපයෝජනයන්ට පවා වැඩි ඉඩකඩක් හා ලිහිල් බවක් ඇත. ඊට බලපා තිබෙන්නේද විරුද්ධලිංගික ආකර්ශනය දැඩි ලෙස මර්ධනය කිරීමේ කුහක සමාජ තත්වයෙන් ලිංගික පීඩනය උත්සන්න වීම තුල එයින්ම ඇතිකරන විකුර්ති මනෝභාවයන් ඔස්සේ පීඩනය පිට කිරීමට ඉඩ සැලසීමේ තත්වයයි. පිරිමින්ගේ ස්ත්‍රී නිරුවත් භීතිකාව මහා ලොකු හැදියාවක්නම් ඒ හැදියාවේ උපරිමය දක්නට ඇත්තේ මැදපෙරදිග මුස්ලිම් ආගමික අන්තවාදය රජකරන රටවලයි. බොරු හැදියාවේ තරම එයින්ම පෙනේ. ගෑනුන්ගේ ඇඳුම් වල අඩුපාඩු ගැන කියවමින් වියත් පන්ඩිත ප්‍රභූත්වයක් පෙන්වන්නට යන අතරේ සිය ලිංගික ආශාව කොල්ලන් පාවිච්චි කර සංසිඳුවාගන්නා එවුන් අපේ රටෙන්ද හොයාගැනීම අපහසු නැත. එසේම පිරිමින්ට අඟපසඟ පෙන්වා කාමය ඇවිස්සීමට අකමැති එහෙත් පිරිමිකමක් ගතටත් හිතටත් ගෙන ලාබාල තරුණියන් අඹුකමට ගන්නා මනෝවිකුර්ති කාන්තාවන්ද නැත්තේ නැත. මේ සිද්ධිද අර කුහක හැදියාවේ රැකවරනය මැද යහමින් වැඩෙන ප්‍රතිඵලයන් වේ.
                
මානව ප්‍රජාවට ලිංගිකත්වය සම්බන්ධයෙන් සදාචාරයක් විනයක් කියා දෙයක් තිබිය යුතුය. ඇත්තෙන්ම එවැන්නක් අවශ්‍ය වන්නේද ලිංගිකත්වයේම ස්වභාවික ගුණාංග රකිමින් ඊට අනුරූප ලිංගික දිවිපෙවෙත ශක්තිමත් කිරීමටය. නමුත් කුහකයන්ගේ බොරු ආචාරධර්ම වලින් සිදුවන්නේ ලිංගිකත්වයේම ස්වභාවික යහගුණයන් මනුස්සයාට අත්විඳීමට තිබෙන ඉඩකඩ අහුරා ලිංගික පීඩනයක් ඇති කරවීමය. එවැන්නක් සඳහා සදාචාරයක් කොහෙත්ම තිබිය  යුතු නැත.  අපේ රටේනම් හිරිඔතප් ඉහට ගසා ඇති සමහරක් සිල්වතුන් ස්ත්‍රී පුරුෂ ලිංගික ආකර්ශනය හා එහි සංවේදනයන් දනවන සියළු ක්‍රියාකාරකම් මානසික ගැලපීම් ආදියට බැනවදිමින් සියල්ල අධිරාජ්‍යවාදය හරහා අපට බලෙන් පටවා ඇති බවක් අඟවති. ඒ ඔවුන් දන්නා තරමය. අධිරාජ්‍යවාදීන් කීවත් නැතත් අපේ රටේත් ස්ත්‍රී පුරුෂ ගැලපීම් හා සමාජයේ ලිංගික සංවේදනයන් දනවන ක්‍රියාකාරකම් අතීතයේ සිටම මේ දක්වාද ඇත. එපමණක් නොව අපේ රුචි අරුචිකම් මත බටහිර ක්‍රියාකාරකම් විලාසිතා ආදියද ආදේශ වී තිබේ. සාය ගවුම වැනි කාන්තා ඇඳුම් ලොව පුරාම විවිධ සංස්කෘතීන් තුල කාන්තාවන් අතර ජනප්‍රිය වී තිබෙන්නේ අධිරාජ්‍යවාදයේ බලපෑමක් නිසාම නොවේ. අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් බටහිර සිරිත් විරිත් ලොව විවිධ සංස්කෘතීන් තුලට ඇතුල් වුවත් ලිංගිකත්වයේ ප්‍රභල නිරූපනයන් හා විරුද්ධ ලිංගික සංවේදනයන් දනවන ඇඳුම් විලාසිතා ආදිය ඕනෑම සංස්කෘතියක් තුලට නිතැතින් ඇතුල් වීමේ ප්‍රවනතාවයක් තිබේ. ඒ පොදුවේ ගත් කළ මිනිසාගේ ලිංගික මනෝභාවයන් අනුව විරුද්ධ ලිංගික විශේෂත්වයන් හා ගැලපීම් ඉදිරියට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන නිසායි. එය ඕනෑම මානව සංස්කෘතියකට පොදුය.
                              

   
මින් පෙරද සඳහන් කළ පරිදි ලොව සියළුම මානව සංස්කෘතීන් තුල කාන්තා ඇඳුම් වලින් මුළු ශරීරයම වැසීම ඉලක්ක කර නැත. ඒතුලින් පිරිමින්ට ලිංගික සංවේදනයන් දැනවීමද ඉලක්ක කෙරේ. කාන්තාවන්ට ගරු කරන හැටි කියමින් පන්ඩිත කතා කියවන හැදිච්චකම ඉහෙන් කනින් බේරෙන ඇතැම් කුහක පිරිමින් කාන්තාවන්ටද පිරිමියාට මෙන්ම ලිංගික පෙරැත්ත තිබෙන බවක් පිළිගැනීමට මැලි වෙති. පිරිමින් ලිංගිකව තමන් වෙත ආකර්ශනය කරගැනීම කාන්තාවන්ගේ ජීවිතවල ප්‍රධාන අංගයක් වන්නේත් පිරිමින් සතු ලිංගික සුවිශේෂත්වයන් වෙත කාන්තාවන් ආකර්ශනය වන්නේත් ස්වභාවය අනුවයි. ලිංගික සදාචාරය සැබෑම සදාචාරක් වීමටනම් මේ ලක්ෂණ වලට පිටින් නොයා ඊට සමගාමීව ආචාරධර්මයන් ගොඩනැගී තිබිය යුතුය. එවැනි සැබෑ ආචාරධර්මයන්ට පටහැනිව යන කුහක බොරු සදාචාරයන් ගොඩනගන්නේ ස්ත්‍රී නිරුවත් භීතිය ඉහට ගත් කුහකයන්ය. මානව ප්‍රජාවක ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීම හා ඒ ඇසුරෙහි රසවින්දනය කියා දෙයක් නිතැතින් තිබෙන බවද අප කිසි විටකත් අමතක නොකළයුතුයි. මේ ස්වභාවික සිද්ධි වලටත් ලිංගික සංවේදනයන් දනවන ක්‍රියාකාරකම් වලටත් නියතයක් ලෙස විරුද්ධ වන චරිතවත් සිල්වතුන් ධර්මාවබෝධ කරගෙන රහත් බව කෙසේ වෙතත් අඩුම තරමින් සෝවාන් ඵලයට පත්වන්නේ කවර කලකදැයි හෙලි කළ යුතුය. මා එසේ අභියෝග කරන්නේ මේ හිරිඔතප් සහිත කුහක සිල්වතුන් තමන් ලිංගිකත්වය දකින ආකාරය සාධාර්ණ යැයි කීමට බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය පෙරට ගන්නා නිසාය. බෞද්ධ සමාජයේ වුවද බෞද්ධයන් සසරින් එතෙර වන්නට පෙර සමාජයේ යහ පැවැත්මට බලපාන සියළු සාධක නිසි අයුරින් පවත්වා ගත යුතුය. විරුද්ධ ලිංගික ගැලපීම් ඇතුළුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේ සම්මත ක්‍රම වේදයක් තිබීම බෞද්ධ සමාජයේ යහපතටද අනිවාර්යෙන් තිබිය යුතුය. එය බෞද්ධ දර්ශනයට පටහැනි වන්නේද නැත.  ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීම හා, ඒ ඇසුරේ ලිංගික සංවේදනයන් බලෙන් යටපත් කරන බොරු හැදියාවල් හරහා ගොඩනැගෙන ලිංගික පීඩනයෙන් උමතුවී විකුර්ති කාම ආශාවන් වෙත සමාජයෙන් පෙළඹවීමක් ඇති කරමින්, ඊට කුහක බොරු සදාචාරයේම රැකවරනය ලබා දෙනවාට වඩා එකිනෙකාට ගරු කරන ලිංගිකත්වයේ ස්වභාවය හා මිනිසුන්ගේ ස්වභාවයන් සමග අවබෝධයකින් කටයුතු කළ හැකි දියුණු සමාජ තත්වයක් අප සැමවිට අපේක්ෂා කළ යුතුය.     

Saturday, February 13, 2016

පෙම්වතුන් සදා සුවපත් කරමු


පෙම්වතුන්ගේ දිනය වෙන්වෙන් යමක් ලිවීමට සිත් විය. එබැවින් මේ කෙටි සටහන බ්ලොග් එකට එකතු කරමි. පෙම්වතුන්ගේ දිනය පිළිබඳ ඉතිහාස කතා කීම අනවශ්‍ය යැයි සිතේ. ඒ එහි ඉතිහාසය ගැන සියළු දේ හැම දෙනාම දන්නා නිසයි. පෙම්වතුන් යනුවෙන් කොටසක් සිටින්නේ විශෙෂයෙන් තරුණ පිරිස තුලයි. ප්‍රේමාන්විත හැඟීම් ලියලන්නේ යොවුන් වියේදීය. එය ස්වභාවික දෙයකි. එහි අරමුණ ලිංගික වශයෙන් පරිනත පුද්ගලයින් සිය විරුද්ධ ලිංගිකයින් වෙත ආකර්ශනය කර ප්‍රජනන ක්‍රියාව සම්පූර්ණ කරවීමය. ඒ ලිංගිකත්වයේ ස්වභාවයයි. මිනිසාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමේදී විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකිනෙකාට හඳුනා ගැනීමට සලස්වා ලිංගික ආකර්ශනය ඇති කර ප්‍රජනන ක්‍රියාවලියට අවශ්‍ය බැඳිම ඇති කිරීම අන් සතුන්ගේ මෙන්ම මානව වර්ගයාගේද අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය විසින් ඉටු කරනු ලබන මහඟු කාර්යභාරයකි.
                              

    යොවුන් වියේ පුරුෂයෙකු හා ස්ත්‍රියක් පෙම්වතුන් බවට පත් වන්නේ ස්වභාවධර්මයේ මේ අනගි ක්‍රියාවලියට අනුවයි. එබැවින් එය ස්වභාවධර්මයේ දායාදයක් ලෙස සැලකීම මෙන්ම වගකීමක් ඇතිව බැඳීම් පවත්වා ගැනීමද සිදුවිය යුත්තකි. තාවකාලික වින්දනය හා සිරා ලවු ගැන කලින් ලිපියක් ලියා ඇත ඒ නිසා එහි අඩංගු වූ කරුනු නැවත ලිවීමට කාලය වැය නොකරන අතර එහි සබැඳිය ඉදිරිපත් කරමි (  http://sabalingikanidhahasa.blogspot.com/2014/10/blog-post.html  ). අද පෙම්වතුන් ගැන කුමන කතාවක් කීවත් වංචනික පෙම්වතුන් මෙන්ම අවංක පෙම්වතුන් කෙරෙහිද ලිංගික කුහකත්වය යන විෂබීජය ඇතිකර තිබෙන්නේ යහපත් ආකල්පයක් නොවේ. වංචනික ලෙස තාවකාලික වින්දනය උදෙසා ආදරය නමින් වගකීමෙන් තොර ලිංගික සබඳතා පවත්වා සමාජ ගැටළු ඇතිකරන වංචනික පෙම්වතුන් තවත් එක් රෝගකාරකයක් වුවත් වගකීමෙන් යුතුව එකිනෙකා අතර බැඳීම් ඇතිකරගන්නා අවංක පෙම්වතුන්ද ඒ ගොඩටම දමා ඔවුන්ටද කැලලක් ඇති කිරීම හිතන්නට බුද්ධියක් ඇති කාගේවත් වගකීමක් නොවේ. පෙම්වතුන් වෙනුවෙන් ඇත්තෙන්ම එක් දිනයක උත්සව පවත්වා පලක් නොවන්නේ ඉන් පසුවටත් අවංකව ආදරය කරන පෙම්වතුන්ට පවා සමාජයෙන් ගැරහුම ලැබෙන විටය.
                              
        මේ පිළිබඳව අපේ ලාංකීය සමාජය පැත්තෙන් බලා යමක් කීමද අත්‍යාවශ්‍ය වේ. අපේ සමාජයේ ලිංගික කුහකත්වය යන්න රටේ සමාජය තුලින්ම මතුවන ලක්ෂණ හා බටහිරින් කඩාපාත්වූ ඇතැම් කුහක ලක්ෂණ වල මිශ්‍ර ප්‍රතිඵලයක් ලෙස මතු වෙයි. ඒ තුලද පෙම්වතුන් පත්වන්නේ සුළුපටු පීඩාවන්ට නොවේ. පෙම් පලහිලවු වලට අවට සමාජයෙන් ලැබෙන අසීමිත පීඩනය දරාගත නොහැකිව ජීවිත අහිමි කරගත් පෙම්වතුන් ගැන කතා ඕනෑ තරම් අසන්නට තිබේ. ඒ හරි වැරදි කිසිවක් නොවිමසා පෙම් සබඳතාවක් නම් ඊට දිගට හරහට බැට දිය යුතු යැයි සිතන්නට පොළඹවන කුහකත්වය විසින් සමාජය තල්ලු කර තිබෙන දිශාවයි. අද බොහෝ යොවුන් වියේ පසුවන පෙම්වතුන් ඉච්චා භංගත්වයට පත් වී ඇත. ඒ සියල්ල් වානිජත්වය විසින් ගිලගන්නා අවාසනාවන්ත තත්වය උඩයි. දුප්පත් පෙම්වතුන්ගේ ප්‍රශ්න ජීවන ගැටළු දෙස වැලන්ටයින්ලාත් නොබලන අවස්ථා ඇත. සියල්ල වානිජත්වයට යට වූ කල වැලන්ටයින්ද බලන්නේ සමහර විට යමක් කමක් ඇති අය දෙස පමණි. අද සමාජය තුල මිස්කම තරමක් අඩුය. එබැවින් ලිංගික කුහකත්වයේ අභියෝගයට අමතරව මිනිස්කමෙන් තොර සමාජ අභියෝගද වර්තමාන පෙම්වතුන් ඉදිරියේ ඇත. අද පළමුව අපේ සමාජයෙන් වියැකී යමින් තිබෙන සැබෑ වටිනා මිනිස් ගුණධර්ම නැවත පනගැන්විය යුතුය. සමාජයේ පුද්ගලයන් ලෙස සැම කෙනාටම යම් ගරුත්වයක් ඇති කළයුතුය. ලිංගික කුහකත්වය මුල් කරගෙන පෙම්වතුන් දෙස නොබැලිය යුතුය. අව්‍යාජ පෙම්වතුන්ගේ අවංක සිතුවිලි සදා සුවපත් කළ හැක්කේ එවිටයි. ආත්මාර්ථකාමීකම් හා කුහකත්වයන් සමාජය පීඩාවට ලක් කරද්දී වසරකට එක් දිනක් පෙම්වතුන් වෙනුවෙන් සැමරීම පලක් නැත.