Pages

Saturday, November 12, 2016

ITN, ඉරාජ් හා ලිංගික නිදහසේ විකුර්ති මායාව.

වික්ටෝරියා සදාචාර පද්ධතියට එරෙහිව යුරෝපය තුල පැන නැගි ලිංගික නිදහස පිළිබඳ මතවාද වලින් ලිංගික කුහකත්වයන් ගැන යම් පමනකට කතා කරමින් සීමා සහිතව ඊට විරුද්ධ වී ඇති නමුදු ලිංගික කුහකත්වයන්හි ප්‍රභලම සාධක වලට මේ මතවාද අභියෝග කළ බවක් නොපෙනේ. ලිබරල් මතවාද හා පස්චාත් නූතනවාදය පල්ලියෙන් හා ආගමෙන් නිර්දේශිත ලිංගික සදාචාරයට එරෙහි වී ඒ සදාචාරයන්හි අන්තර්ගත කුහකත්වයන්ට විරුද්ධ වූවා මිස ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග සමග එකට පෑහෙමින් එම ස්වභාවයන්ට ගරු කිරීමට දක්වන මැලිකම මත පදනම් වන මහා කුහකත්වයට එතරම් විරුද්ධ වූ බවක් කිව නොහැක. මේ ගැන ඇතැම් කරුනු මින් පෙරද මා විසින් දක්වා තිබේ. යුරෝපය තුල පස්චාත් නූතනවාදය හරහා මතු වී ඇත්තේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග සමග එක්ව එහි උපරිම ප්‍රයෝජන ගනිමින් එම යහගුණයන් මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට තිබිය යුතු නිදහසට වඩා කෙසේ හෝ ලිංගික ආශ්වාදය ලැබීමට තනි තනි පුද්ගලයන් ලෙස තිබිය යුතු යැයි සිතන නිදහසක්ය. මිනිසා වැනි සංකීර්ණ මනෝභාවයක් ඇති සත්වයෙකුට ලිංගික ආශ්වාදය ලැබීම වැදගත් දෙයක් වීම පුදුම විය යුත්තක් නොවේ. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට වඩා කිට්ටු වෙමින් එහි යහගුණයන් ජීවිත වලට අවශෝෂණය කරගන්නට සමත් වූ කල ලිංගික ආශ්වාදයද උපරිම ලෙස අත්විඳිය හැක. ඒ සඳහා අවශ්‍ය උපරිම ඉඩකඩ මිනිසුන් එතරම්ම කුහකයන් නොවූ අතීතයේ තිබෙන්නට ඇත. කාලයත් සමග මානව ශිෂ්ඨාචාරය තුල ලිංගික කුහකත්වය මත පදනම් වෙමින් වර්ධනය වූ බොරු ආචාරධර්ම විවිධ මට්ටම් වලින් කල එලි බැස තිබේ. මේ කුහක බොරු ආචාරධර්ම වල පසුබිම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඒ සමග ගනුදෙනු කිරීමට දක්වන මැලිකමේ මහා කුහකත්වයයි.
                              

          
යුරෝපයෙන් පැන නැග ආ ලිබරල් අදහස් වලින් මෙන්ම පස්චාත් නූතනවාදයෙන් දිගින් දිගට පහර දුන්නේ ක්‍රිස්තියානි පල්ලියේ සදාචාරාත්මක න්‍යායන්ටත් සමාජයේ ගැහැනු පිරිමි ලෙස තිබෙන සංවිධානාත්මක හැඩගැසීම් වලට හා පවුල් සංස්ථාවටත්ය. පිරිමින් විවාහයන්ට පෙර ස්ත්‍රීන් සමග ලිංගික හැසිරීම් වලට දක්වන උනන්දුව, කන්‍යාභාවය පිළිබඳ විශ්වාස ආදිය ගැන මේ මතවාද වලින් සාධාරණ විවේචන ඉදිරිපත් වුවත් එවැනි කුහකත්වයන්ගෙන් අත්මිදීමට මේ මතවාදයන්ගෙන් නිර්දේශ කරන දේවල්ද හැම අතින්ම සාර්ථක යැයි පිලිගන්නට නොහැක. ඒ අවසන් වශයෙන් එම විසඳුම්ද එක්තරා සීමාවකින් එපිටට ලිංගිකත්වයේ ස්වභාවයටම පටහැනිව යන බැවිනි. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ශනය මධ්‍යගත වන ලෙස ගැහැනුන් පිරිමින් ලෙස එකිනෙකාගේ ලිංගික සුවිශේෂීතා ඉස්මතු වන පරිදි ලිංගික ආශාවන් අනුව එකිනෙකා අතර ගැලපීම් ඇති කිරීමටත් ලිංගික බැඳීම් ශක්තිමත් කිරීමටත් ඉතිහාසය පුරාවටම මානව වර්ගයා විසින් විවිධ උපක්‍රම යෙදීම හා නිර්මාණ කිරීම සිදු කර ඇත. ඊට ඉතිහාසය පුරා නිදහසද තිබුණි. අදටත් එය සියළු ප්‍රජාවන් තුල වැදගත්ම අංගයක් වේ. පසු කාලයේ මානව පවුල්සංස්ථාව ගොඩනැංවීමත් සමග ලිංගිකත්වයට සදාචාරාත්මක සීමා මායිම් එක් වන්නට පටන් ගත් බව විශ්වාස කළ හැක. ඒ කුමක් වුවත් ලිංගිකත්වයේ ස්වභාවයට ගරු කිරීම හා එහි යහගුණයන් මිනිස් ජීවිත වලට ඇතුල් කරගැනීම බොහෝ මානව ප්‍රජා තුල ලිංගික සදාචාරය මගින් උල්ලංගනය වූ බවක් නොපෙනේ. නමුත් මේ සදාචාරයන්හි සීමා මායිම් පුළුල් විමත් සමග ලිංගිකතයේ ස්වභාවික ගුණාංග රැකීමට වඩා සදාචාරය රැකීමට මානව ප්‍රජාවන් බොහොමයක් තුල ප්‍රමුඛත්වය ලැබී තිබෙනු දක්නට ඇත. ලිංගිකත්වයේ ස්වභාවය සමග අනුබද්ධ වී එකට ගමන් කිරීමට දක්වන මැලිකම විලිබිය ලෙස පමණට වඩා අනවශ්‍ය වැදගත් කමක් අත් කරගැනීමත් එය පසු කාලීනව ලිංගික සදාචාරය සමග කලවම් වීමත් මානවයාගේ ලිංගිකත්වයේ ඉදිරි විකාශනය තුල පිළිතුරු සෙවීමට අපහසු ගැටළු ඇති කිරීමටනම් සමත් වී ඇත.
            
කලින් කී පරිදි සොබාදහමට හා ලිංගිකත්වයේ ස්වභාවයට අනුව ගමන් කිරීමට වඩා ලිංගික සදාචාරය රැකීමට මිනිසා විසින් ප්‍රමුඛත්වය ලබා දීම එක් බරපතල කුහක කමක් වේ.  ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඊට අනුකූලව ජීවත් වීමට දක්වන මැලිකම විලිබිය ලෙස අනවශ්‍ය වටිනාකමක්ද ආදේශ කරගත් කලට ලිංගික සංවේදනයන් වැඩි කරමින් විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කරවන නිර්මානයන් කෙරෙහි යම් පිළිකුලක් ඇති වන්නේ ඉබේටමය. මේ පිළිකුල මතුපිටින් තිබුණත් ඇත්තෙන්ම හිත් යටින් කවුරු කවුරුත් ඒ සියල්ල වැලඳ ගනිති. කවුරුන් කුමන විග්‍රහයන් කළත් සත්‍ය එයයි. තම සිරුරේත් මනසේත් අභ්‍යන්තර හැඟීම් දැනීම් වලට පිටුපාමින් මානව ප්‍රජාව තුලම සියල්ලන් එක ලෙස පිළිගත් ලිංගික සංවේදනයන් දනවන විරුද්ධ ලිංගික බැඳීම් ශක්තිමත් කරන්නා වූ නිර්මානයන්ට කල් යත්ම යම් යම් කුහක තහංචි සමාජයෙන් පැනවෙන්නේත් ඒ තුලින් සමාජයටම ලිංගික පීඩනයක් උරුම වන්නේත් මේ අනුවයි. ලිංගික සංවේදනයන් ස්වභාවයට අනුකූල ලෙස වර්ධනය වීම වෙනුවට එහිම වුකුර්තිතා ඇති වීමට මෙය බලපාන්නේ ලිංගික මනෝභාවයන්හිද අසමබරතා ඇති කරමිනි.  එහෙත් ලිංගික කුහකත්වයෙන් අන්ධ බවට පත් වූ කල බොරු ආචාර ධර්මයන් වෙනුවෙන් මේ පීඩාවන් ඉවසීමටද බල කෙරේ. ඒ අයුරින්ම පීඩාව විඳගැනීමටද බොරු වැදගත් කමක් ලබා දෙයි. විවාහයට පෙර ලිංගික සබඳතා වැලැක්වීමට ලිංගිකව පරිනත වන වයස් සීමා වල නව යොවුන් පිරිස අතර විරුද්ධ ලිංගිකයන් කෙරෙහිත් ලිංගික සබඳතා කෙරෙහිත් අනියත බියක් ඇති කිරීම, පුද්ගලයන් සිය විරුද්ධ ලිංගිකයන්ගෙන් ඈත් කර තැබීමට අනවශ්‍ය වෙහෙසක් ගැනීම, විරුද්ධ ලිංගිකයන් සමග ලිංගික සබඳතා ඇති කර ගැනීම දඬුවමට ලක් විය හැකි වරදක් බව ඒත්තු ගැන්වීම ආදිය තවමත් බොහෝ මානව ප්‍රජා තුල දක්නට ලැබේ.
                            
යුරෝපය තුල ලිංගික නිදහස ගැන මතිමතාන්තර පල වූ මුල් යුග වල මේ සියළු දේ ගැන සාධාරන විවේචන ඉදිරිපත් වූ අතර විරුද්ධ ලිංගික සංවේදනයන් දනවන විලාසිතා ආදිය ඉදිරියට පැමිණෙමින් ලිංගික පීඩාව හා විරුද්ධ ලිංගිකයන් අතර ලිංගික ක්‍රියාකාරකම් වලට තිබූ අනවශ්‍ය බියද අඩු විය. එහෙත් පල්ලියේ සදාචාරයට හා පවුල් සංස්ථාවට මේ මතිමතාන්තර වලින් බැට දුන්නේ පමණටත් වැඩියෙනි. කෙසේ නමුදු පසු කලකදී ලිංගිකත්වයේ ස්වභාවයට අනුකූල නොවන දේ දැකීමටත් ඒ තුලින් කුහක තෘප්තියක් ලබමින් කුනු රසය විඳීමටත් ලිංගික නිදහස ගැන කතා කළ පිරිස් අතර යම් ප්‍රවනතාවයක් ඇති විය. ඒ ප්‍රවනතාවයට එක් හේතුවක් උනේද පෙර සඳහන් කළ බොරු ආචාරධර්ම හා ඒවායෙහි පසුබිම වූ ලිංගික කුහකත්වයේ බලපෑමයි. සමහරෙකුට පිරිමියා තුල ස්ත්‍රී භාවයකුත් කාන්තාව තුල පුරුෂ භාවයකුත් දැකීමට අවශ්‍ය විය. එමෙන්ම  පිරිමි පිරිමි වශයෙනුත් ස්ත්‍රී ස්ත්‍රී වශයෙනුත් විකුර්ති කාම සේවනයන්, ද්විත්ව කාමුක ඇසුර ආදිය ඉදිරියට ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි බොරු ආචාරධර්මයන් මගින් ගොඩනගන භීතිය තුල විකල් වූ මනසින් තම ලිංගයටම අයත් වූවෙකු සමග සමලිංගික ඇසුර පවත්වා නව යොවුන් වියේම විකුර්ති අත්දැකීමක් ලබමින් එය ඉදිරියට ගෙනයන පිරිස තව තවත් නොමග යවමින් ලිංගිකත්වයේ කුනු රසය විඳීම පූජනීය දෙයක් බවට පත් කර ගැනීමට මේ බොහෝ දෙනා කටයුතු කළෝය. පුරුෂයන් මෙන් ක්‍රියා කරන හා එලෙස හැසිරීමට නැඹුරු කාන්තාවන් වීරවරියන් ලෙස සලකන මානසික කුහකත්වයද මේ තත්වය තව තවත් ඉදිරියට වර්ධනය කරන්නට බලපෑවෙය. ලිංගික නිදහස ගැන මුලින් තිබූ අවංක බව හා විවුර්ත බව ගිලිහී ඒ ගැන කතා කළ පිරිස් අතරින් ලිංගික නිදහසට වඩා පසු කාලයේ කාන්තා නිදහස ආදිය ගැන අදහස් වැඩි වේගයකින් එලි බැස්සේය. පිරිමියා හා ස්ත්‍රිය අතර ගතින් මෙමෙන්ම මනෝභාවයෙන්ද බැඳීම් ඇතිකරවන ලිංගිකත්ව ගැලපීම් ඔස්සේ ලිංගික ආශ්වාදය ලබන හැසිරීම් වෙනුවට කෙසේ කුමන ආකාරයකින් හෝ කෙරෙන සිහි විකල් කාම සේවන ක්‍රමයක් වුවත් පිළිගනිමින් ඊට ඉඩ කඩ සැලසීම සඳහා විරුද්ධ ලිංගික බැඳීම් කෙරෙහි කෲරත්වය වැපිරීම වුවත් හරි යැයි කියන මතයක අදත් බොහෝ පස්චාත් නූතනවාදීන් සිටිති. ඔවුන්ගේ හැසිරීමට ශක්තිය ලැබෙන්නේද ඔවුන්ම සම්ප්‍රදායික යැයි කියා තඩි බාන සමාජයේ විරුද්ධ ලිංගිකයන් විවාහයට පෙර එකිනෙකාගෙන් ලිංගිකව ඈත් කිරීමට ගොඩනගා තිබෙන මිත්‍යාවන්ම වේ. ලිංගික කුහකත්වයේ සියළු පවු පුරුෂයා මත පටවමින් ගැහැනිය පිරිමියාගේ ලිංගිකත්වයෙන් ආරක්ෂා කිරීමට කුහක නූතනවාදීන් උනන්දු උනේ ඔවුන්ගේ නූතතත්වයට නොගැලපෙන්නේ යැයි ඔවුන්ම කියන පැරණි මිත්‍යාවන්ටද නූතනත්වයේ සළුපිලි අන්දවමිනි.
                              
                                
දැන් ITN එකේ හා ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වැඩකටයුතු හා ඊට බලපෑ දේශපාලන පසුතලය ගැන කතා කරමු. ITN රූපවාහිනී නාලිකාව මගින් වැඩිහිටියන්ට පමණක් සීමා වන ලිංගික ජවනිකා පිරි චිත්‍රපට විකාශනය කිරීමේ සැලැස්මක් ගැනත් ගායන හා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ස්ත්‍රී සමලිංගිකත්වය පෙන්නුම් කළ ගීතමය වීඩියෝවක් නිර්මානය කිරීම ගැනත් තොරතුරු පහුගිය කාලයේ ආන්දෝලනාත්මක ලෙස මාධ්‍ය තුලින් එළි බැස්සේය. මේ කිසිදු හේතුවක් නැතිව ඉබේට කල එලි බසින්නාවූ දේ නොවෙයි. මේ පසුපස ඇත්ත වශයෙන් කිවහොත් යම් කිසි දේශපාලනයක්ද තිබේ. ඒ ගැන මා මීට කලිනුත් කියා ඇත. ITN හා ඉරාජ්ගේ වැඩ කටයුතු වලට ලංකාවේ 2015 වසර මුල සිදු වූ දේශපාලන පෙරලිය පැහැදිලිව බලපා තිබේ. විශේෂයෙන් ITN සිද්ධිය පසුපස මේ දේශපාලනය පැහැදිලිවම ක්‍රියාත්මක වේ. මෙතෙක් හෙලි වූ තොරතුරු අනුව ITN ඔස්සේ වැඩිහිටියන්ට පමණයි ලේබලය අලවා මුලින්ම විකාශනය කිරීමට සැලසුම් තිබී ඇත්තේ සමලිංගිකත්වය පෙන්නුම් කරන චිත්‍රපටයකි. ඊට විශේෂයෙන්ම බලය ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුතාද පැහැදිලිව බලපා ඇත. නූතනත්වයේ සළුපිලි අන්දවා ලෝකයට බෙදා හරින බටහිර ලිංගික මිථ්‍යාවන් හා කුහකත්වයන් වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනයේ බලය හිමි පාර්ශවයේ ඇදහීම වීම අනෙක් හේතුවයි. මේ නූතන සළුපිලි වලින් ඔතා තිබෙන බටහිර ලිංගික මිථ්‍යා හා කුහකකම් වලට අනුග්‍රහය දැක්වීම පෙර පැවති ආණ්ඩුවත් නොකරා යැයි කොහොමවත් කියන්නට බැහැ. පුරුෂයා මෙන්ම පුරුෂයාගේ ලිංගික ආශාව කෙරෙහිත් මානව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග කෙරෙහිත් වෛරය ජනනය කරන ස්ත්‍රීවාදයට අනියම් ආකාරයකට පසුගිය රජයද අනුග්‍රහය දැක්වූවේය. වර්තමාන රජයද ඔවුන් විසින් ගෙන එන්නට යන නව ව්‍යවස්ථාව තුලට සූක්ෂම ලෙස ස්ත්‍රීවාදී වගන්ති ඇතුල් කර තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. සියල්ල අවසානයේ නෑකම් කියන්නේ නූතන සළුපිළි ඇන්දවූ විරුද්ධ ලිංගික බැඳීම් දුර්වල කර සමලිංගිකත්වය හා අනුබද්ධ සියළු විකල් හැසිරීම් බලෙන් ස්ථාපනය කර කුණු රසයද විඳීමේ යුරෝපීය කුහක මිථ්‍යාවන්ටය.
                          
දේශපාලනයේදී වර්තමාන බලය හිමි ලාංකීය දේශපාලන කණ්ඩායම එහි චින්තනයට අනුව වඩාත් සමීප වන්නේ බටහිරටයි.ඒ අනුව ලිංගික කුහකත්වය ගැන බාගෙට කතා කරමින් විකුර්ති මායාවන් තුලින් ලිංගික නිදහස දකින බටහිර දැක්ම මේ වනවිට ලිංගික කාරනා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දේශපාලනය තුලත් ප්‍රමුඛ පිළිගැනීම බවට පත්ව ඇත. ITN නාලිකාවට එහි බලපෑම තදින්ම තිබේ. ලිංගික කාරනා යුරෝපයට අනුව දකින ඊනියා බුද්ධිමතුන්ටත් එවැනි කලා කරුවන් මාධ්‍යකරුවන් ආදීන්ටත් වත්මන් දේශපාලන අනුග්‍රහයද නොඅඩුව ලැබේ. ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ හරහා ස්ත්‍රී සමලිංගිකත්වය කල එලි බැස්සේද මෙලෙසයි. ඒ තුලත් කාන්තාවන් පිරිමියා හා පිරිමියාගේ ලිංගික පෙරැත්තේ ස්වභාවයට බිය වැද්දීම මෙන්ම විරුද්ධ ලිංගිකයන් පිළිකුල් කිරීමට බල කරන බොරු ආචාරධර්ම හා එයින් අනියම් ලෙස පන ලබන බොරු ලිංගික නිදහසද ඇත. ලංකාවේ ස්වදේශීය කුහකත්වයන්ට අනුවනම් කාන්තාවන් පුරුෂ ලිඟු සමග ගනුදෙනු කර කන්‍යාභාවයට හානි කර නොගැනීම හා ගැබ්ගැනීමේ අවධානමෙන් තොරව වින්දනය ලැබීම ඒ තුල ඇත. අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් පාසල් විනය භාර ගුරු භවතුන් ආදීන් මෙය හොඳින් දනිතියි විශ්වාස කළ හැක. පසුගිය රජය පැවති කාලයේ මේ ස්වදේශීය කුහකත්වයන්ට යම්කිසි අනුග්‍රහයක් තිබුණි. ඉරාජ්ගේ ගිනියම් රෑ තුල ලිංගික නිදහස පිළිබඳ විකුර්ති මායාවන් හා කුනු රසය විඳීමේ නූතන මිත්‍යාවන් අන්තර්ගත වනවා සේම විරුද්ධ ලිංගික අන්තර් ක්‍රියාකාරකම් වලට සීමා බන්ධන පමුණුවන්නට පෙරමුණ ගන්නා සංස්කෘතික පිස්සන් මේ ගැන වචනයක් හෝ පිට නොකිරීමේ ස්වදේශීයව පවතින කුහකත්වයද පෙන්නුම් කෙරුනි.  ITN නාලිකාවටද සමලිංගිකත්වය පෙන්වන චිත්‍රපටයක් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉදිරිපත් කිරීමට සැලසුම් කිරීම සඳහා දේශපාලන හේතු බලපෑවා සේම සදාචාරයට පටහැනිව යන ගැහැනු පිරිමි ලිංගික ක්‍රියාකාරකම් වල පමණක් දොස් දකින සංස්කෘතික පිස්සන් මේ සිද්ධියේදීත් මුනිවත රැකීම දැකගන්නට හැකි විය.
                              
කාන්තා සමලිංගිකත්වය හා ඒ හැසිරීම් දෙස බලමින් ස්වයං වින්දනය ලබන්නට හැර වෙනත් යමක් නොදත් ඇතැම් නිවට පිරිමින්ටද ඉරාජ්ගේ ගිනියම් රෑ රසවත් අහරකි. කාන්තා නිරුවත බලා සැනසී සිල් බිඳ නොගෙන පැත්තකට වී ඉන්නට කැමති අයටත් ඉරාජ්ගේ කර්තව්‍ය හොඳ ඇති. ITN උත්සහය ගැන යම් හෝඩුවාවක් ලැබුනු අවස්ථාවේත් ඒ ගැන අඩු තරමින් කිසිදු අදහසක් නොදක්වා පැත්තකට වීමට වගබලාගත් ලාංකික කුහක සදාචාර වාදීන්ටත් ඔවුන් දැනුවත්ව ස්පර්ශ කර තිබෙන නූතනවාදී යුරෝපීය චින්තනයෙන් ගැලවිය නොහැක. කාන්තාවක් හා පිරිමියෙකු සිප වැලඳගන්නා ආකාරය රූපවාහිනියේ දකින විට කුලප්පු වන මොවුන් ITN සමලිංගික චිත්‍රපට ප්‍රදර්ශනය වූයේනම් කිරිමැටි ගිල්ල කිඹුලන් සේ සිටිනු ඇත. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ නූතන කුහකයන් ලිංගික කාරනා සම්බන්දයෙන් සොබාදහමට එකඟ මෙරට සැබෑ වටිනාකමක් ඇති දේ පිළිගැනීමට දක්වන මැලිකම හා බටහිරින් එන නූතනවාදී කුහකත්වයන් වැලඳගැනීමට ඇති කැමැත්තයි. මොවුන් වැලඳගන්නා මේ කුහක නූතනවාදී චින්තනය තුල ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග පිළිගැනීමට වඩා කුහක පිරිමියා විසින් කාන්තාවන්ට තිබිය යුතු යැයි නිර්දේශිත එහෙත් සැබෑ ලෙස කාන්තාවන්ගෙන්ද බහුතරයකට උවමනා නැති බොරු ස්ත්‍රී නිදහස ඇත. ඒ තුල ලිංගික කුහකත්වයේ සියළු පවු පුරුෂයා මුල් වීම පිට පටවා පුරුෂයාගේ ලිංගිකත්වය හා සොබාදහමද වරදකාරී බව පෙන්වමින් කාන්තාව තවත් පුරුෂයෙකු බවට පත්කර සියළු ප්‍රශ්න විසඳන්නට යන අශ්ලීල හිතුවක්කාරකමද වේ. විරුද්ධ ලිංගික ආකර්ශනය බලෙන් සමාජ ගැටළුවක් බවට පත් කර කාන්තාවන් පුරුෂයාට හා පුරුෂ ලිංගිකත්වයට බිය වැද්දීම විකල් මනෝභාවයන් තෙක් දුර දිග ගෙන යෑමද කුහක නූතන චින්තනයේ එක් ප්‍රභල සංකේතයකි. ITN ලොක්කන් මෙන්ම ඉරාජ් වීරරත්නද වැලඳගෙන ඇත්තේ මෙ කුහක නූතනවාදී චින්තනයයි. පිරිමි සමලිංගිකත්වය විදහා පාන සයපෙති කුසුමද දැන් කරලියේ ඇත. ලිංගික කාරනා සම්බන්ධ අපේ රටේ සැබෑ වැදගත්කමක් ඇති දේද උවමනාවෙන් අමතක කරන බොරු සදාචාරවාදීන් එතැනදීත් නිශ්ශබ්දය.
                         
කෙසේ නමුදු පසුගිය රජය වට්ටවා රජයක් බිහි කරවීමේ දේශපාලනික කර්තව්‍ය තුල ලිංගිකත්වය පැත්තෙන් ඇති බලපෑම් ගැන මා කලින් වතාවල දැක්වූ අදහස් සත්‍ය බව දැන් පෙනෙන්නට තිබේ. එසේ වුවද ඒ අනාවැකි ඒ අයුරින් සත්‍ය බවට පත් වීමද අපට අහිතකරය. ITN හා ඉරාජ්ගේ වැඩකටයුතු දෙස බැලීමේදී ලිංගිකත්වය ගැන අපට ඇති දැක්ම මත පිහිටා දෙයක් අනිවාර්යෙන් කිව යුතුයි. ඒ පළමුවැන්න ලිංගිකත්වය ගැන අනුන්ගේ මතිමතාන්තර මත පිහිටා සියළු කටයුතු කිරීමට පෙර ඒ සම්බන්ධව අපේ සමාජයේ අපට දැනෙන්නට තිබෙන වැදගත් ගුණාංග මොනවාදැයි නිසි සොයා බැලීමක් අප විසින්ම කිරීමයි. අනෙක් දෙය ලිංගික කුහකත්වය ගැන බාගෙට කතා කර නවත්වා ඒ කුහකත්වයන්ගේම පිහිටෙන් ඉදිරියට ගෙනයන්නට උත්සහ කරන නූතනවාදී බටහිර අදහස් ගොන්න වෙනුවට ලොව කොතැනකත් සොබාදහමට ගරු කරන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මත පිහිටා කටයුතු කිරීමේ විවුර්ත බව පිළිගැනීමයි. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මත පිහිටා කටයුතු කිරීමේ මා සඳහන් කළ විවුර්ත බවටද සංස්කෘතියේ නාමයෙන් පහර දෙන්නන්ද සිටී. මේ අයද කරන්නේ ඉරාජ් වැනි කලා කෙතේ අසූචි විසිරුවන්නන්ට යම් ආකාරයක සහයක් දීමකි. ඒ ඉරාජ් වැනි අයගේ අඳබාල ක්‍රියා හමුවේ මුනිවත රකිමින්. මෙවැනි බොරු සදාචාරවාදයන්ගෙන් වැඩක්ද නැත. ඇත්තෙන්ම වැදගත් කාරනාව මානව ලිංගිකත්වයේ පමණක් නොව සමස්ථයක් ලෙස ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගුණාංග වලට ගරු කිරීමට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාවට ලබාදීමයි.