Pages

Friday, February 14, 2014

තවත් එක අවාසනාවන්ත කතාවක්


ෆේස්බුක් හුටපටයක් හේතුවෙන් මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගෙන අවසන්ය. දැන් දැන් මේ පලහිලවුව ගැන හතරවටින් නොයෙක් කතා ඇසෙමින් පවතී. අප කළයුත්තේ මෙතැනදී සිද්ධිය සම්බන්ධව කුහකත්වයන්ගෙන් තොර විචාරයක් කිරීමයි.
            මේ සිද්ධිය සුලුවෙන් තැකියහැක්කක් නොවුවත් පොදුවේ සිද්ධියට අදාල ප්‍රදේශයේ වැසියන් හෝ සෙසු මහජනතාව හෝ මෙයට දක්වා තිබෙන්නේ අලස ප්‍රතිචාරයකි. ඊට එක් හේතුවක් ලෙස පසෙකින් ඇත්තේද ලිංගිකත්වය අරබයා සමාජයෙන් ජනිත කරවන කුහකත්ත්වයම වේ. සියල්ලට වඩා බරපතල ගැටලුව වන්නේ වරද ෆේස්බුක් එකට පටවා අදාල විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපයේ වරද වසන්කිරීමට ඇතැම් පිරිස් උත්සහ දැරීමයි. කෙසේවෙතත් විදුහල්පතිවරයාට මේ සිද්දියට අදාල සිසුවියගේ මරණය සම්බන්ධ වගකීමෙන් ගැලවී යාමට නොහැක. ඔහු කර තිබෙන්නේ මෙහිදී ළමුන්ට අධ්‍යාපනය ලබාදීම හා සම්බන්ධව සැලකීමේදීද කිසිසේත් කළයුත්තක් නොවේ.
          මේ සිදුවීම විමසාබැලීමේදී සිද්ධිය කෙටියෙන් ගතහොත් සිදුවී තිබෙන්නේ අදාල සිසුවිය ෆේස්බුක් ගිනුමක් පවත්වාගෙන යෑමත් එහි ඇය තවත් පිරිමි ළමයෙකු සමග එකට හිඳිමින් ගත් ඡායාරූප ගැන මේ ගැන කරුණු සෙවූ සැකකාර විදුහල්පතිවරයා ඇයට තදින් දොස් පැවරීමත්ය. මෙහිදී විදුහල්පතිවරයා අදාල සිසුවියට "වේසි" කියා බැනවැදී ඇතිබවද දැනගන්නට ලැබේ. මේ අනුව බලනකළනම් මේ තක්කඩියා විදුහල්පති තනතුරකට සුදුස්සෙක් යැයි කෙසේවත් කිවනොහැක. ඔහුට මේ සම්බන්ධයෙන් මේතරම් උරන වී යක්ෂාවේසයෙන් ක්‍රියා කිරීමට මේ සිසුවිය කර තිබෙන වරද කුමක්ද? ඇත්තේ වෙනමම දෙයකි, ඒ අන්කිසිවක් නොව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට සාහසික ලෙස ගරහමින් අධි මාන්නක්කාර ලෙස කුහක සුදන ගුණයක් සමාජයට පෙන්වන ගතානුගතික බව මේ උගත් තකතීරු විදුහල්පතිවරයාද තම ප්‍රතිරූපය ඔපදමාගැනීමට භාවිතා කිරීමයි.
            

                   මේ සිද්ධියට මුහුණදී තිබෙන්නේ ගැහැනු ළමයකු වීමද මේ ගැන කතාකිරීමේදී අපගේ අවධානය වැඩිවශයෙන් යොමුවියයුතු කරුණකි. ඇයගේ ෆේස්බුක් පිටුවේ තිබුනේ යැයි කියන පින්තූර කිසිවක් මේ විදුහල්පතිවරයාට යකානැටීමට තරම් දේවල් නොවේ. ඒවා ඉතා සාමාන්‍ය අප කවුරුත් එදිනෙදා ජීවිතයේ කරන කියන දේ හා සම්බන්ධ ඒවායි. එහෙත් ගතානුගතික ගොන්කමෙන් ගැලවියනොහැකි තරමට අධි මාන්නයකින් ක්‍රියාකළ විදුහල්පතිවරයා එම සිසුවියගේ මානුශික හැඟීම් දැනීම හා නව යොවුන්විය අභිමුව සිටි ඇය විරුද්ධ ලිංගික ආකර්ශනය වෙත දැක්වූ මානසික සංවේදනය පිළිගත්තේ දැඩි දඬුවම් නියමකළයුතු පවුකාරකමක් ලෙසය. අවාසනාවකට මේ රටේ බොහොමයක් අධ්‍යාපන ආයතන වලට අරක්ගෙන සිටින විදුහල්පතිවරුන් මෙන්ම ඇතැම් විනය භාර ගුරුවරුන්ද නව යොවුන්විය අභියස සිටින සිසු සිසුවියන්ගේ ලිංගික සංවේදනයන් පිළිගන්නේ මේ ආකාරයටමය. මෙය ගැහැනු ළමුන් සම්බන්ධයෙන් තවත් දරුණුය. මේ සිදුවීම තුල දක්නට ලැබෙන ශෝකාකූල සිද්ධියේ පසුබිමද එයයි. ස්ත්‍රී ලිංගිකත්වයටත් ඒ මත පිහිටා කටයුතු කරන සංවේදී කාන්තාවන්ටත් ආක්‍රෝෂ පරිභව කිරීම හා ගැරහීම කුහකකම ඉහවහගිය ඇතැම් නරුමයන් තවත් සලකන්නේ මහා ලොකු වීරකමක් නැත්නම් තමන්ගේ වැදගත්කම පෙන්වන දෙයක් ලෙසය. එහෙත් වර්තමාන සමාජය මේ තකතීරුකම් ප්‍රතික්ෂේප කරන්නේ අලුයම ලූ කෙලපිඩක් මෙනි.
                         මේ තුච්ඡ විදුහල්පතිවරයා අර අසරන පාසල් සිසුවියට ඒ ආකාරයෙන් "වේසි" යන වචනය භාවිතා කරමින් පරිභව කොට මානසික පීඩාවකට පත්කිරීමට පෙර අඩුම තරමින් සොයා බැලියයුතුව තිබුණේ මේ සාධාරන හැඟීම් දැනීම ඇති තවත් කීදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේම නැතත් ඔය පාසල තුලම සිටීද යන්නයි. එසේ සොයා බැලුවේනම් ඔහුගේ අමණ නිගමනයට අනුව තවත් "වේසියන්" බොහෝ ගණනක් සොයාගැනීමට ඔහුට හැකිවන්නට ඉඩ තිබුණි. එසේ වූයේනම් තම මාන්නක්කාර බව ඉස්මුදුනේ තබාගෙන මුලු ස්ත්‍රී ජනගහනයටම "වේසියන්" කීමටද ඔහු නොපසුබට වනු ඇත. අපට මෙවැනි අමන මරි මෝඩයන්ට මතක්කර මතක්කරදෙන්නටද යමක් නැතුවා නොවේ. ඒ කුහකත්වයෙන් මුලු සමාජය තුලම අනවශ්‍ය ලිංගික පීඩනයක් නිරමාණය කරන මෙවැනිම අමනයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ලිංගික ජීවිතයේ දැනෙන පීඩාව පවා සමනය කරගෙන කුහක ඔලුගෙඩි තෘප්තිමත් කරගැනීමටද "වේසියන්" ඉදිරිපත්වන බවයි. කොටින් කියතොත් "වෙසියන්ට" අනියම් ආකාරයකට සමාජයෙන් ඉල්ලුමක් නිර්මාණය කරන්නේද මේ මෝඩ කුහක සුදනන්ගේ කෙරුවාවන්ම වේ. එය ඒ ආකාරයෙන් සිදුවෙද්දී අඩුම තරමින් "වේසියන්ට" ආක්‍රෝෂ පරිභව කිරීමට හෝ මේ හරකෙකුට අන්ත විදුහල්පතිවරයාට සිදුසුකමක් නැත.
                              

  මේ සිද්ධියේදී මුලු අධ්‍යාපනයත් පාසල් පද්ධතියත් ගඳ ගැස්සූ විදුහල්පති අමනයා සිද්දියට අදාල සිසුවිය මානසික රෝගයකින් පෙලෙන බවට හඟවමින් තම ඇඟ බේරාගන්නටද උත්සහ කර තිබේ. ඊට උදවු දී ඇත්තේ ජරාව කන මාධ්‍ය හා කුණු දේශපාලනයයි. එය එසේ වීනම් ඔය කියන විදුහල්පති ගොන් තඩියා මානසික ලෙඩකින් පෙළෙන සිසුවියක් තවත් මානසික පීඩාවකට ලක්කර ඇයගේ චරිතයටද අවමන් කිරීම කොපමණ සාධාරණද? මේ සිද්ධියේ කලු චරිතය බවට පත්වී සිටින අමණ විදුහල්පතිවරයා හා ඔහුගේ මානසිකත්වය ගැන ලිපිය අවසන් කිරීමට පෙර යමක් කිවයුතුම වේ. එය නම් ලිංගික කුහකත්වයන්ට වැදගත්කමක් ඇතිකර කුහකයන්ට යහතින් විරාජමානවී තම මතයට සමාජය තුල සුවිශේෂී වටිනකමක් නිරමාණය කරන්නට තිබෙන අවස්ථාව අනාගතයේ නැතිවන බවයි. ඊට හේතුව කුහකයන්ගේ මාන්නක්කාර බවට හා සමාජ බලයට යටවී ඔවුන්ගේ බොරු බේගල් ඇදහීමට තරම් අමනයන් දැන් නොසිටීමයි. මෙවැනි මූසලකමක් අතීතයේවත් තිබී නැත එකළ ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට ජනයා මැලිකමක් දැක්වුවද ඒ ගැන අවබෝධයෙන් යුතුව සැමවිට කටයුතු කර ඇත. එසේ නොමැතිව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග  කෙරෙහි වෛරයක් කිසිවෙකුට තිබී නැත. විශේෂයෙන් ගැහැනු ළමුන් වැඩිවිය පැමිණීමෙන් පසු හැකි ඉක්මනින් ඔවුන්ට සුදුසු සහකරුවන් සොයා දී විවාහයන් කරදීමට අතීතයේ මවුපියන් වගබලාගත්තේ ලිංගිකත්වය යනු කුමක්දැයි හොඳාකාරව දැනගෙනයි. මෙහි යම් ගැටලු ඇතත් ඒවා නිරාකරනය කළයුත්තේ අර අමණ විදුහල්පති වැනි කුහකයන්ගේ කුහකත්වය අනුව සොබාදහමෙන් දායාද වන ලිංගික ක්‍රියාවලිය කෙරෙහි පිළිකුල ඇති කිරීමෙන් නොවේ. තවත් මෙවැනි දේ දිගින් දිගට සිදු වුවහොත් කළ යුතුවන්නේ කුහකත්වයෙන් හා පුහු මාන්නයෙන් ඔලුව උදුම්මාගත් දැඩි මතදාරී විදුහල්පතිවරුන් ආරක්ෂා කිරීම නොව පාසල් ළමුන්ගේත් පොදුවේ අප සමාජයේත් යහපත වෙනුවෙන් පාසල් පද්ධතියට අරක්ගෙන තිබෙන ලිංගික කුහකත්වය අතුගා දමා ළමුන් පීඩාවට පත් නොවන අපට ගැලපෙන අධ්‍යාපනයක් රට තුල ස්ථාපිත කිරීමයි.

3 comments:

  1. හරිම ඛේදනීය පුවතක්!

    ReplyDelete
    Replies
    1. ලිංගික කුහකත්වය පූජනීය කරන්න යෑමේ ප්‍රතිඵලයක්.

      Delete
  2. අනන් විදුහල්පති වරයාට එරෙහි කුමන්ත්‍රණ පරදවමු කියලා කට්ටියක් පිකටිං

    ReplyDelete