Pages

Monday, November 9, 2015

අපේ රටේ මෙහෙම වෙන්නේ ඇයි?

මීට ටික කාලයකට ඉහතදී සිදුවූ සිද්ධියක් සිහිගන්වමින් තවත් එවැනිම ඛේදජනක සිදුවීමක් වාර්තා වී තිබේ. මා මෙම බ්ලොග් අඩවියට ලිපියක්ද පල කළ පලමු සිද්ධිය වන්නේ කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ සිසුවියක් ෆේස්බුක් පිටුවක හුටපටයක් නිසා සාරිපොටකින් එල්ලී මියයෑමය. එහිදී දැනගන්නට ලැබුණේ තම ෆේස්බුක් පිටුවේ මෙකී සිසුවිය තවත් පිරිමි ළමයෙකු සමග ගත් ඡායාරූපයක් ගැන උරන වූ එම විදුහලේ විදුහල්පතිවරයා ඇය දරුණු ලෙස මානසික පීඩාවට ලක්කරමින් පරුෂ වචනයෙන් බැන වැදීමයි. දැන් අපට අසන්නට ලැබෙන්නේ වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 6වන වසරේ සිසුවියක් එම විදුහලේම 10වන වසරේ සිසුවෙකුට යවා තිබූ පෙම් හසුනක් පාසලේ ගුරුවරුන්ට හසුවී ඇයට අවවාද කර මවුපියන් කැඳවාගෙන එන ලෙස කර දැනුම්දීමේ සිද්ධියකි. ගුරුවරුන් ඇයට අවවාද කළා යැයි කීවද ඒ කෙසේද යන්න පැහැදිලි නැත. ඇතැම් විට එයත් පෙරකී ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති කළ ක්‍රියාවට සමාන වීමට බැරිකමක් නැත. එලෙස මා සැක පහල කරන්නේ මේ 11 හැවිරිදි සිසුවිය සාරි පොටකින් එල්ලී මිය යෑම සැක සහිත බැවින් වේ.
                                                     සිද්ධියට අනුව එදින උදෑසන පාසලට පැමිණි සිසුන්ගේ පොත් බෑග් පරික්ෂා කරද්දී දහය වසරේ සිසුවාගේ බෑගය තුල අර හය වසරේ ඉගෙනුම ලබන සිසුවිය විසින් දුන්නා යැයි කියූ පෙම් හසුන හමු වී ඇත. ඒ සිසුවාට පාසලේ බලධාරීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන ආරංචියක් නැත. ආරංචියේ හැටියට හයවසරේ 11 හැවිරිදි ශිෂ්‍යාවට ඇයගේ පංතිය භාර අංශයේ ප්‍රධානියා මේ ගැන අවවාද කර පහුවන සතියේ සඳුදා දින මව හෝ පියා සමග පැමිණෙන ලෙස උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් අර අංශ භාර ප්‍රධානියා සිසුවියට අවවාද කළ ආකාරය පැහැදිලි නැත. එය අර කුඩා සිසුවියගේ පැත්තෙන් බලන කලනම් එතරම් යහපත් අවවාද කිරීමක් විය නොහැක.මා එසේ කියන්නේ අපේ රටේ පාසල් වලට අරක්ගෙන සිටින කුහක සත් ගුනවත් ගුරු භවතුන්ගේ බොරු සාරධර්ම ඇදහීම ගැන හොඳින් දන්නා නිසාය. ශිෂ්‍යාවට ඇය කළ ක්‍රියාව මහා ලොකු සදාචාර සම්පන්න පාසලේ විනයට නොගැලපෙන බව කියමින් යම් තරවටුවක් කරා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය අවවාද කිරීමක් හැටියට මාධ්‍ය වලට කිව හැක. කුහකකම් ප්‍රභූත්වයට හේතු වන කල පාසල් බල්ධාරීන් ලිංගික කුහකත්වය තම ප්‍රධාන වුර්තීය සුදුසු කමක් ලෙසද සලකන අපේ රටේ සිසු සිසුවියන්ගේ පෙම් හබ වලට ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ තරවටු කිරීම් වලට ලක් වීම සුලභ සිද්දියකි. 
                            

මේ සිද්ධියට මුහුනපා අවාසනාවන්ත ලෙස සියදිවි හානි කරගත් කුඩා පාසැල් දැරියට අවවාද කළ ඇයගේ පංතිය ඇතුලත් අංශ භාර ප්‍රධාන ගුරුවරයා හෝ විදුහල්පති හෝ වෙනත් කිසිවෙක් මේ වෙනතෙක් සිද්ධිය ගැන කිසිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා පරීක්ෂණ පවත්වන බව ආරංචි වී තිබේ. සිද්ධිය වූ දිනයේ පාසල ඇරී ගෙදර පැමිණි දැරිය ඇඳුම් මාරු කිරීමට කාමරයට ගොස් බොහෝ වේලාවකින් නැවත නොපැමිණීමත් දොරට තට්ටු කරද්දීත් කතා නොකිරීමත් නිසා නිවැසියන් දොර කඩා කාමරයට ඇතුල් වන විට දැරිය සාරි පොටෙන් එල්ලී සිටිනු දැක ඇත. අසල්වැසියන් සමග දැරිය වැල්ලවාය රෝහලට ගෙන ගියත් ඒ වන විට මේ දැරිය මියගොස් අවසන්ව තිබී ඇත. දැනටත් මේ සිද්ධිය ගැන මාධ්‍ය වලින් ඒතරම් ප්‍රචාරය වී නැත. ඇතැම් විට ගුරුභවතුන් හා විදුහල්පතිවරුන්ට ඇති ප්‍රභූත්වයත් අධ්‍යාපනයට හා පාසලට තිබෙන පූජනීයත්වයත් හමුවේ දැරියගේ පෙම් හසුන බරපතල කාරනයක් වීම නිසා පාසල් බලධාරීන්ට ඇඟිල්ල දිගු කරමින් ප්‍රවුර්ති පල කිරීම මෝඩකමක් කියා මාධ්‍ය වලට හැඟී ගියා වන්නටද පුළුවන. 
                               පාසලේ බලධාරීන් 11 හැවිරිදි දැරියක් එම විදුහලේම ඉහල පන්තියක සිසුවෙකුට ආදර හසුනක් ලියා පාසලේ පූජනීයත්වය කෙලෙසීමේ සාපරාධී ක්‍රියාව අල්ලාගත් වීර වික්‍රමාන්විත ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් කතා කිරීමට ඒ ගැන මාධ්‍ය කීවත් නොකීවත් මටනම් අවශ්‍ය වේ. ඒ නිකම්ම නොවේ මේ පාසලේ බලධාරීන් කළ දේ ඔවුන්ට අනුව මහා ලොකු වීරකමක් වන්නේ කෙසේද යන්න ගැන ඊට පසුබිම් වන හේතුද සමග කරුනු පැහැදිලි කරමිනි.  විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් යනු ලිංගික පෙරැත්ත හා විරුද්ධ ලිංගික ආකර්ශනය මත පදනම්ව ස්වභාවික ලෙස ජනනය වන දේය. ඒ ප්‍රජනන ක්‍රියාවලිය ස්ම්පූර්ණ කිරීම සඳහාය. මේ සිද්ධිය දෙස බැලීමේදී 11 හැවිරිදි සිසුවිය ලිංගිකව පරිනත විය ආසන්නයේ සිටී. අනෙක් අතට 10වන වසරේ සිසුවාද නවයොවුන් වියේ දොරකඩ සිටින්නෙකි. මේ දෙදෙනා අතර ලිංගිකව ආකර්ශනයක් ඇතිවීම ස්වභාවයට අනුව පුදුම වන්නට දෙයක් නොවේ. එබැවින් ඒ ස්වභාවය මත දෙදෙනා අතර ප්‍රේමාන්විත හැඟීම් ඇතිවීමද කොහෙත්ම පුදුමයක් නොවේ. පරම පිවිතුරු ප්‍රේමය රාගයෙන් එනම් ලිංගික පෙරැත්තෙන් තොරයි කියන අයගෙන්නම් මා අසන්නේ එවැනි පරම පිවිතුරු ප්‍රේම සම්බන්ධතා පැවැත්වීමට අපේ රටේ පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඉඩ දෙන්නේද යන්නයි. හය වසරේ දැරියගේ පෙම් හසුන තුල ඇත්තේ ඊට සම්බන්ධ සිසුවා හා ඇය අතර ඇති වූ ලිංගික ආකර්ශනය මිස වෙන දෙයක් නොවන කාරනය නම් බාදාවකින් තොරව වටහාගත් පාසලේ බලධාරීන් තමන් පූජනීයත්වයේ ලා සලකන ලිංගික කුහකත්වය මත පිහිටා දැරියගේ ක්‍රියාව ලොකු වරදක් බව එක එල්ලේ තීන්දු කර ඇත. ඒ අනුව ඇයගේ පංතිය ඇතුලත් අංශ ප්‍රධානියා ඇයට අවවාද කර තිබේ. අවවාදය ගැන දන්නා අයට ඒ ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අවවාදයේ හොඳ වැඩිකම මේ සිසුවිය ගෙල වැලලාගැනීමෙන් පැහැදිලි වේ. සිද්ධියට සම්බන්ධ සිසුවාට කුමන සිද්ධියකට මුහුන දෙන්නට සිදු උනාද කියා ආරංචි නැතත් ඔහුටද ගැලවීමක් තිබේය කියා සිතන්නට නොහැක්කේ කුහකතවයන් කෙරෙහි අන්ධ භක්තියක් දක්වන්නන්ට අනුව ඔහුද මෙතැන වරදකරුවෙක් වීමට බොහෝ විට ඉඩ ඇති බැවිනි. 11 හැවිරිදි පාසල් දැරියක් එක්වරම ඉහල පන්තියක සිසුවෙකුට පෙම් හසුනක් ලිවීම අහඹු සිද්ධියක් වනවාට වඩා සිදුවන්නට ඉඩ තිබෙන්නේ මේ දෙදෙනා අතර සුළු කාලයක් හෝ රහසින් ප්‍රෙම සම්බන්ධයක් වර්ධනය වී තිබීමයි. ඇතැම් විට සිසුවාද මේ සිසුවියට පෙම් හසුන් ලියා තිබෙන්නට බොහෝදුරට ඉඩ තිබේ. මටනම් ඒ ගැන ගැටළුවක් නැති අතර මා ඒ ගැන පුදුම නොවෙමි.
                                                                 

පෙම් හසුනක් ලියා බලවත් වරදක් කළ 11 හැවිරිදි දැරිය කර තිබෙන වරදේ බරපතලකම වන්නේ පාසලේ බලධාරීන් වඳින පුදන ලිංගික කුහකත්වයේ බොරු ආචාරධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමය. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ඇතිකරගන්න පෙම් සබඳතාවයක් කියූ පමණින් පුරුෂ ශිෂ්ණයක් ස්ත්‍රී යෝනියක් තුලට ඇතුල්වන ආකාරය හිතේ මවාගෙන ඒ සඳහා ජෝඩුවට ඇති ලැයිසන් එක ගැන ප්‍රශ්න මතු කරන්නටත් ලැයිසන් එක නොමැතිකම ලෝකයේ ලොකුම පාපකර්මය ලෙස සලකා සියළු පරිභවයන් කිරීමටත් ඔවුන් දන්ඩනයට ලක්කිරීමටත් මේ කුහක මහා සදාචාරවාදීන්ට ඇත්තේ උපන් හපන්කමකි. එතැනිනුත් එහා යන මේ කුහකයන් තමන්ට සමාජයේ ප්‍රභූත්වයක් ඇතිකරගන්නට එය සුදුසුකමක් ලෙසද දකිති. ලිංගික කුහකත්වය අද අනියම් ආකාරයකට ගුරුවරුන් විදුහල්පතිවරුන් ආදී අධ්‍යාපන බලධාරීන් බවට පත්වීමේ සුදුසුකමක් වී තිබේ. මේ සිද්ධියේද ඇත්ත පසුබිම එයයි. පාසල් වයසේ පසුවන දරු දැරියන් ප්‍රේම සම්බන්ධතා ඇතිකරගැනීම ගැන වෙනමම ගැටළු තිබුනත් එය අස්වාභාවික දෙයක් ලෙස හඳුනාගත නොහැක. එමෙන්ම පෙම් සබඳතාවයක් ඇති වූ පමණින් එය පාසල් විනයට පටහැනියැයි කීවද ස්වභාවිකත්වයට ඉහලින් පාසල් විනයට වැදගත්කමක් තිබිය නොහැක. එසේ තිබිය යුතුයැයි කිව හැක්කේ කුහකයන්ටය. පාසල් වියේ ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධකම් කෙටි කලකින් දෙදරා ගොස් නැතිවන අවස්ථා බොහෝය. එහෙත් පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් පාසල් පෙම් පලහිලවු වලට එරෙහි වන්නේත් සිසු සිසුවියන්ට දඬුවම් කරන්නේත් ඒ හේතුව නිසා නොවේ. ඔවුන්ට ඇති හේතුවනම් පෙම් සබඳතාවයක් හටගන්නා විරුද්ධ ලිංගික ආකර්ශනය හා ඊට බලපාන ලිංගික ස්වභාවයයි. ඒ විරුද්ධ ලිංගික සම්බන්ධතා දෙස කුඩා ළමුන් හා සමාජය ඉදිරියේ බොරු නොරිස්සුම් සහගත බවක් ඇතිකරගෙන සත් ගුනවත් බවක් මවාගන්නා කුහකත්වයට ඔවුන් වැඳුම් පිදුම් කරන නිසාය. 
                               
මින් ඉහතදී කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ කුහකකම ආභරණයක් කරගත් උඩඟු විදුහල්පතිවරයා එම විදුහලේ සිසුවියකගේ බුකියේ ප්‍රොෆයිල් එක බලා එහි ඇය පිරිමි ළමයෙකු සමග ගත් ඡායාරූපයක් ගැන කිපී ඒ සිසුවියට අවවාද කිරීමට ගොස් ඇයද සියදිවි හානි කරගත්තේ අවවාදයේ ස්වභාවය රටට තේරුම් ගන්නටද පහසු කරවමිනි. මේ මාරාන්තික තරවටු කිරීම් වී.වී.අයි.පී ක්‍රමේට යට ගසා අදටත් මේ විදුහල්පති යහතින් සිටියි. එදා මේ බලවත් අපරාධයට එරෙහිව එතරම් ප්‍රභල හඬක් සමාජයෙන්ද ඇති නොවිය. මේ ලඟකදී මිනුවන්ගොඩ කොටදෙනියාව ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්කර මරා දැමීමේ සිද්ධියේදී එහි අතවර සිද්ධිය දැරිය මරා දැමූ මහ අපරාධයටත් වඩා ඉහලට උලුප්පමින් පිරිසක් මරන දඬුවම ක්‍රියාත්මක කරන්නටද රජයට බල කළහ. අතවරයකදී අතවරකාරයා කෙරෙහි ඇතිකරගන්නා කෝපාවිෂ්ඨ බවම යම් විදිහකින් අවිවාහක තරුණියක් හෝ පාසල් සිසුවියක් සිය කැමැත්තෙන් තම පෙම්වතා සමග ලිංගික සබඳතාවයක් පැවැත්වුවොත් එවැනි අවස්ථාවකදී ඒ තරුණිය හෝ සිසුවිය කෙරෙහිද ඇති කර ගැනීම කුහකයන්ගේ සද්භාවයේ හෙළුවැල්ලයි. ලිංගික සබඳතාවයක් දක්වා දුර නොගියත් වැල්ලවායේ පාසල් දැරිය පෙම් හසුනක් ලිවීමේ සිද්ධිය ගැනත් එම පාසලේ වගකිව යුත්තන් ඇතිකරගෙන තිබුණේ ඊට යම්තාක් කිට්ටු ආකල්පයක් බව පෙනෙන්නට තිබේ. මේ සිද්ධි එක් අතකින් කුහකයන් ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවික ලක්ෂණයන් කෙරෙහි දක්වන්නේ කෙතරම් හඩු ආකල්පයක්ද යන්න පෙන්වයි. මේ දැරිය ලැජ්ජාවටත් බියටත් පත්වන ආකාරයට කුහක ජඩ අදහස් මත පිහිටා ඇයට අනවශ්‍ය අවවාද කරන්නට නොයා ඇගේ මවුපියන් ගෙන්වා ගැනීමට කටයුතු කළේනම් ඇයගේ ජීවිතය ආරක්ෂා වීමටද ඉඩ තිබුණි. ඒත් කුහකකම ආභරනයක් ලෙස සලකන අත්තනෝමතික පාසලේ බල්ධාරීන් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති රඟපෑ නාඩගමේ දෙවන කොටස රඟපා ඇත.

                               
පාසල් දරු දැරියන් පෙම් කරන්නට ගොස් ප්‍රේමය ලිංගික සම්බන්ධතා දක්වා දුර දිග ගියොත් ඉන් එහාට අඩු වයසින් කෙල්ලන් ගැබ් ගන්නා ආකාරයත් එයින් පාසල් වල පූජනීයත්වය කෙලෙසෙන හැටිත් ගැන කුහක පණ්ඩිතයන්ට කිඹුල් කඳුළු සලමින් අඩපාලි කියන්නට අවස්ථාව තිබේ. ඇත්තෙන්ම ඔවුන්ට ඔවුන්ගේ මනෝ ලෝක වල සිට කියන්නට ඇත්තේද ඒ ටික පමණකි. ඔවුන් එසේ කීවත් ඒ එක් අවධානමක් පමණකි. මෙවැනි සිද්ධි වලදී පාසල් දරු දැරියන් සියළු දෙනා ඉදිරියේ ලැජ්ජාවටත් භීතියටත් අවමානයටත් පත්වන ලෙස අවවාද නමින් පරිභව කිරීම දැන්වත් නවතා ස්වභාවධර්මයා විසින් මිනිසාගේ ලිංගිකත්වය නිමවා ඇති ආකාරය ගැන අධ්‍යාපනය පුරාවට ඔඩුදුවා ඇති ගතානුගතික මෝඩ ආකල්පයද වෙනස් කරගත යුතුය. පාසලට මෙවැනි සිද්ධි ගැටළුවක්මනම් පළමුව ප්‍රේම සම්බන්ධතා ව්ල පැටලෙන සිසු සිසුවියන් දෙපාර්ශවයේම මවුපියන් හෝ භාරකරුවන් වෙත ඒ බව දන්වා ඒගැන ගන්නා තීරනයක් ගැනීමට ඔවුන්ට භාරදීම පළමුව කර අනවශ්‍ය වැඩි වැඩ නවතා දැමිය යුතුය. අධ්‍යාපනයට මොන පූජනීයත්වයක් තිබුණත් ඊට අවශ්‍ය ලෙස ලිංගිකත්වයට හිමි ස්වභාවික ගති ලක්ෂණයන් වෙනස් කර නොහැක. අධ්‍යාපනය ලබන දරු දැරියන් ලිංගිකව පරිනත වී වැඩිවිය පැමිණීම වැලැක්විය නොහැකි දෙයකි. විරුද්ධ ලිංගික ආකර්ශනයද අධ්‍යාපනයේ පූජනීයත්වයට යටපත් කළ නොහැකි ස්වභාවිකත්වයේ සංසිද්ධියකි. කළ හැකි හොඳම දේ අධ්‍යාපනය දරු දැරියන්ගේ ලිංගික ස්වභාවයන්ටද ගැලපෙන ලෙස සකස් කිරීම පමණය. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මවුපියන්ද සැලකිලිමත් විය යුතුවේ. පාසල් දරු දැරියන් පාසල් අධ්‍යාපනය නිමවා නිසි වයසක සුදුසු සහකරුවන් සහකාරියන් සමග විවාහයට එළඹ සාධාරන ලිංගික ජීවිතයක් ගෙනයමින් ඔවුන්ගේ ඉදිරි දරු පරපුර හැදීමද අනිවාර්යෙන් වියයුතු වැදගත් දෙයක් ලෙස සලකා ඊටද උචිත ලෙස අධ්‍යාපන ක්‍රමයම ප්‍රතිසංස්කරනය විය යුතුය. ඒ ගැන අධ්‍යාපනය භාර බලධාරීන් මෙන්ම දරු දැරියන්ගේ දෙමවුපියන්ද අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ. ඒටික නොවන තාක් මෙවන් සිද්ධි වලින් අපහසුතා විඳ තවත් අහින්සක පාසල් සිසු සිසුවියන් මෙලොව හැර යෑම වලක්වන්නටද නොහැක.


තොරතුරු සහය

4 comments:

  1. පෝස්ටුවේ පහලින්ම ඇති ලින්ක් එක ඔස්සේ අදාල වෙබ් පේජ් එකටත් ගිහින් ඒ ලිපියත් කියෙවුවා. මේ සිද්ධිය තාම ප්‍රසිද්ධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් ප්‍රචාරය වෙලා ඇති බවක් අපිත් දැක්කේ නෑ. ඒ ඇයි කියල ප්‍රශ්නෙකුත් තියෙනව. මට තව දෙයක් කියන්න ඕනේ , අපේ රටේ පාසල් ගුරුවරු විදුහල්පතිවරු වගේ අය ඔය පෙම් පලහිලවු වලට අවවාද කරන්න වගේම අනෙකුත් කුමන හෝ පොඩි වරදකදි පවා ළමයින්ට ඇතැම් විට ඔරොත්තු නොදෙන මට්ටමේ දඬුවම් කිරීමටත් පෙළඹෙනවා. සමහරු හිතනවා ගුරුවරයෙක් උනහම ළමයින්ට තමන් හිතූ මනාපෙට දඬුවම් කරන්න පුළුවන් කියලා. තවත අය ගුරු වුර්තියට පිවිසෙන්නෙත් ළමයින්ට දඬුවම් කරන එක සාර්ථකව කරන්න බලාගෙන අනෙක් මොක හරියට නොකළත්. මේ තත්වය වෙනස් වෙන්න ඕනේ.

    ReplyDelete
  2. මම ලංකාවෙ සිටියදී විනොදාංශය ලෙස කලක් දහමි පාසැලක(රත්මලාන සොයිසාරාමය) ඉගැන්වූයෙමි. මගෙ ගොලයන්ද මට වඩා වසර 6 - 7 පමණ බාලවිය. අවු15 සිසුවියකටඅවු 14 සිසුවෙක් පෙමි හසුනක් ලියා තිබුණි.
    සෙසු ලමයි එම ලිපිය සොරාගෙන මට දුන්නෙ වරද කරැවන්ට දඩුවමි දීමෙ අපෙක්ෂාවෙනි.
    ඉතා රසවත් රචනාවකට සමාන අාකාර ලියා තිබු එම ලිපිය අහිංසක හැගීමි පරකාශනයකි.
    ලිංගික හොර්මොන නිපදෙන එවැනි කාලයකදී දරැවන් එවැනි දෙ පරකාශ කිරීම පූඡනීයත්වයට
    කැළලක් නොවෙ. මම ඔවුනට අරාබිකරයෙ මෙන් ගල් ගැසුවෙ නැත. කස පහර දුන්නෙද නැත.
    සිසුවාට තම ලෙඛන කලාව තව දියුණු කරගන්නා ලෙස උප දෙස් දුන්නෙමි. (අනිකුත් විෂයන් සදහා උදවිවක් අවශ්‍ය නමි මගෙ නිවසට පැමිණෙන ලෙසද පැවසූවෙ ඔහු සැබවින්ම දක්ශයකු වූ නිසයි.
    අනාගතයෙදී දක්ශ පරසිද්ධ පුවත්පත් කළාවදියෙකු විමට ඔහුට හැකිබවද පැවසුවෙමි.
    ඉගෙනීම හරියට නොකළොත් පොල් කඩන රැකියාව උරැමය වන බවද පැවසුවෙමි.
    එදා මා පැවසූ වචන ගැන අද මට අතිශයින්ම අාඩමිබරයි.)
    මටද එවැනි ලෙඛන හැකියාවක් තිබූ නිසයි. අාදරය පසෙක තබා o/L සදහා හොදට සූදානමි වන ලෙස දෙදෙනාටම දැනුමි දුන්නෙ අපි වැනි මාධ්‍යම පංතික දරැවන්ට උගත්කම නොමැති වුනොත්
    කුළි වැඩ හො මැද පෙරදිග බැළමෙහෙය හැර වෙන විකල්පයක් නැති නිසයි. සත් ගණවත් ලාංකික
    බෞද්ධයන් මැද පෙරදිග මුස්ලිමි වරැන්ට වඩා දරැණු මලෙඡ්ඡයන් සමූහයකි.

    ReplyDelete
  3. අපේ රටේ ගොන් බූරු සම්ප්‍රදායික ගුරු විදුහල්පති යමපල්ලන්ගෙනුත් දරුවන් ආරක්ෂා කරගන්න ක්‍රමයක් හදන්න වෙයි වැඩි කල් නොයාම.

    ReplyDelete