Pages

Showing posts with label සැබෑ ලිංගික නිදහස. Show all posts
Showing posts with label සැබෑ ලිංගික නිදහස. Show all posts

Saturday, November 12, 2016

ITN, ඉරාජ් හා ලිංගික නිදහසේ විකුර්ති මායාව.

වික්ටෝරියා සදාචාර පද්ධතියට එරෙහිව යුරෝපය තුල පැන නැගි ලිංගික නිදහස පිළිබඳ මතවාද වලින් ලිංගික කුහකත්වයන් ගැන යම් පමනකට කතා කරමින් සීමා සහිතව ඊට විරුද්ධ වී ඇති නමුදු ලිංගික කුහකත්වයන්හි ප්‍රභලම සාධක වලට මේ මතවාද අභියෝග කළ බවක් නොපෙනේ. ලිබරල් මතවාද හා පස්චාත් නූතනවාදය පල්ලියෙන් හා ආගමෙන් නිර්දේශිත ලිංගික සදාචාරයට එරෙහි වී ඒ සදාචාරයන්හි අන්තර්ගත කුහකත්වයන්ට විරුද්ධ වූවා මිස ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග සමග එකට පෑහෙමින් එම ස්වභාවයන්ට ගරු කිරීමට දක්වන මැලිකම මත පදනම් වන මහා කුහකත්වයට එතරම් විරුද්ධ වූ බවක් කිව නොහැක. මේ ගැන ඇතැම් කරුනු මින් පෙරද මා විසින් දක්වා තිබේ. යුරෝපය තුල පස්චාත් නූතනවාදය හරහා මතු වී ඇත්තේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග සමග එක්ව එහි උපරිම ප්‍රයෝජන ගනිමින් එම යහගුණයන් මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට තිබිය යුතු නිදහසට වඩා කෙසේ හෝ ලිංගික ආශ්වාදය ලැබීමට තනි තනි පුද්ගලයන් ලෙස තිබිය යුතු යැයි සිතන නිදහසක්ය. මිනිසා වැනි සංකීර්ණ මනෝභාවයක් ඇති සත්වයෙකුට ලිංගික ආශ්වාදය ලැබීම වැදගත් දෙයක් වීම පුදුම විය යුත්තක් නොවේ. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට වඩා කිට්ටු වෙමින් එහි යහගුණයන් ජීවිත වලට අවශෝෂණය කරගන්නට සමත් වූ කල ලිංගික ආශ්වාදයද උපරිම ලෙස අත්විඳිය හැක. ඒ සඳහා අවශ්‍ය උපරිම ඉඩකඩ මිනිසුන් එතරම්ම කුහකයන් නොවූ අතීතයේ තිබෙන්නට ඇත. කාලයත් සමග මානව ශිෂ්ඨාචාරය තුල ලිංගික කුහකත්වය මත පදනම් වෙමින් වර්ධනය වූ බොරු ආචාරධර්ම විවිධ මට්ටම් වලින් කල එලි බැස තිබේ. මේ කුහක බොරු ආචාරධර්ම වල පසුබිම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඒ සමග ගනුදෙනු කිරීමට දක්වන මැලිකමේ මහා කුහකත්වයයි.
                              

          
යුරෝපයෙන් පැන නැග ආ ලිබරල් අදහස් වලින් මෙන්ම පස්චාත් නූතනවාදයෙන් දිගින් දිගට පහර දුන්නේ ක්‍රිස්තියානි පල්ලියේ සදාචාරාත්මක න්‍යායන්ටත් සමාජයේ ගැහැනු පිරිමි ලෙස තිබෙන සංවිධානාත්මක හැඩගැසීම් වලට හා පවුල් සංස්ථාවටත්ය. පිරිමින් විවාහයන්ට පෙර ස්ත්‍රීන් සමග ලිංගික හැසිරීම් වලට දක්වන උනන්දුව, කන්‍යාභාවය පිළිබඳ විශ්වාස ආදිය ගැන මේ මතවාද වලින් සාධාරණ විවේචන ඉදිරිපත් වුවත් එවැනි කුහකත්වයන්ගෙන් අත්මිදීමට මේ මතවාදයන්ගෙන් නිර්දේශ කරන දේවල්ද හැම අතින්ම සාර්ථක යැයි පිලිගන්නට නොහැක. ඒ අවසන් වශයෙන් එම විසඳුම්ද එක්තරා සීමාවකින් එපිටට ලිංගිකත්වයේ ස්වභාවයටම පටහැනිව යන බැවිනි. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ශනය මධ්‍යගත වන ලෙස ගැහැනුන් පිරිමින් ලෙස එකිනෙකාගේ ලිංගික සුවිශේෂීතා ඉස්මතු වන පරිදි ලිංගික ආශාවන් අනුව එකිනෙකා අතර ගැලපීම් ඇති කිරීමටත් ලිංගික බැඳීම් ශක්තිමත් කිරීමටත් ඉතිහාසය පුරාවටම මානව වර්ගයා විසින් විවිධ උපක්‍රම යෙදීම හා නිර්මාණ කිරීම සිදු කර ඇත. ඊට ඉතිහාසය පුරා නිදහසද තිබුණි. අදටත් එය සියළු ප්‍රජාවන් තුල වැදගත්ම අංගයක් වේ. පසු කාලයේ මානව පවුල්සංස්ථාව ගොඩනැංවීමත් සමග ලිංගිකත්වයට සදාචාරාත්මක සීමා මායිම් එක් වන්නට පටන් ගත් බව විශ්වාස කළ හැක. ඒ කුමක් වුවත් ලිංගිකත්වයේ ස්වභාවයට ගරු කිරීම හා එහි යහගුණයන් මිනිස් ජීවිත වලට ඇතුල් කරගැනීම බොහෝ මානව ප්‍රජා තුල ලිංගික සදාචාරය මගින් උල්ලංගනය වූ බවක් නොපෙනේ. නමුත් මේ සදාචාරයන්හි සීමා මායිම් පුළුල් විමත් සමග ලිංගිකතයේ ස්වභාවික ගුණාංග රැකීමට වඩා සදාචාරය රැකීමට මානව ප්‍රජාවන් බොහොමයක් තුල ප්‍රමුඛත්වය ලැබී තිබෙනු දක්නට ඇත. ලිංගිකත්වයේ ස්වභාවය සමග අනුබද්ධ වී එකට ගමන් කිරීමට දක්වන මැලිකම විලිබිය ලෙස පමණට වඩා අනවශ්‍ය වැදගත් කමක් අත් කරගැනීමත් එය පසු කාලීනව ලිංගික සදාචාරය සමග කලවම් වීමත් මානවයාගේ ලිංගිකත්වයේ ඉදිරි විකාශනය තුල පිළිතුරු සෙවීමට අපහසු ගැටළු ඇති කිරීමටනම් සමත් වී ඇත.
            
කලින් කී පරිදි සොබාදහමට හා ලිංගිකත්වයේ ස්වභාවයට අනුව ගමන් කිරීමට වඩා ලිංගික සදාචාරය රැකීමට මිනිසා විසින් ප්‍රමුඛත්වය ලබා දීම එක් බරපතල කුහක කමක් වේ.  ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඊට අනුකූලව ජීවත් වීමට දක්වන මැලිකම විලිබිය ලෙස අනවශ්‍ය වටිනාකමක්ද ආදේශ කරගත් කලට ලිංගික සංවේදනයන් වැඩි කරමින් විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කරවන නිර්මානයන් කෙරෙහි යම් පිළිකුලක් ඇති වන්නේ ඉබේටමය. මේ පිළිකුල මතුපිටින් තිබුණත් ඇත්තෙන්ම හිත් යටින් කවුරු කවුරුත් ඒ සියල්ල වැලඳ ගනිති. කවුරුන් කුමන විග්‍රහයන් කළත් සත්‍ය එයයි. තම සිරුරේත් මනසේත් අභ්‍යන්තර හැඟීම් දැනීම් වලට පිටුපාමින් මානව ප්‍රජාව තුලම සියල්ලන් එක ලෙස පිළිගත් ලිංගික සංවේදනයන් දනවන විරුද්ධ ලිංගික බැඳීම් ශක්තිමත් කරන්නා වූ නිර්මානයන්ට කල් යත්ම යම් යම් කුහක තහංචි සමාජයෙන් පැනවෙන්නේත් ඒ තුලින් සමාජයටම ලිංගික පීඩනයක් උරුම වන්නේත් මේ අනුවයි. ලිංගික සංවේදනයන් ස්වභාවයට අනුකූල ලෙස වර්ධනය වීම වෙනුවට එහිම වුකුර්තිතා ඇති වීමට මෙය බලපාන්නේ ලිංගික මනෝභාවයන්හිද අසමබරතා ඇති කරමිනි.  එහෙත් ලිංගික කුහකත්වයෙන් අන්ධ බවට පත් වූ කල බොරු ආචාර ධර්මයන් වෙනුවෙන් මේ පීඩාවන් ඉවසීමටද බල කෙරේ. ඒ අයුරින්ම පීඩාව විඳගැනීමටද බොරු වැදගත් කමක් ලබා දෙයි. විවාහයට පෙර ලිංගික සබඳතා වැලැක්වීමට ලිංගිකව පරිනත වන වයස් සීමා වල නව යොවුන් පිරිස අතර විරුද්ධ ලිංගිකයන් කෙරෙහිත් ලිංගික සබඳතා කෙරෙහිත් අනියත බියක් ඇති කිරීම, පුද්ගලයන් සිය විරුද්ධ ලිංගිකයන්ගෙන් ඈත් කර තැබීමට අනවශ්‍ය වෙහෙසක් ගැනීම, විරුද්ධ ලිංගිකයන් සමග ලිංගික සබඳතා ඇති කර ගැනීම දඬුවමට ලක් විය හැකි වරදක් බව ඒත්තු ගැන්වීම ආදිය තවමත් බොහෝ මානව ප්‍රජා තුල දක්නට ලැබේ.
                            
යුරෝපය තුල ලිංගික නිදහස ගැන මතිමතාන්තර පල වූ මුල් යුග වල මේ සියළු දේ ගැන සාධාරන විවේචන ඉදිරිපත් වූ අතර විරුද්ධ ලිංගික සංවේදනයන් දනවන විලාසිතා ආදිය ඉදිරියට පැමිණෙමින් ලිංගික පීඩාව හා විරුද්ධ ලිංගිකයන් අතර ලිංගික ක්‍රියාකාරකම් වලට තිබූ අනවශ්‍ය බියද අඩු විය. එහෙත් පල්ලියේ සදාචාරයට හා පවුල් සංස්ථාවට මේ මතිමතාන්තර වලින් බැට දුන්නේ පමණටත් වැඩියෙනි. කෙසේ නමුදු පසු කලකදී ලිංගිකත්වයේ ස්වභාවයට අනුකූල නොවන දේ දැකීමටත් ඒ තුලින් කුහක තෘප්තියක් ලබමින් කුනු රසය විඳීමටත් ලිංගික නිදහස ගැන කතා කළ පිරිස් අතර යම් ප්‍රවනතාවයක් ඇති විය. ඒ ප්‍රවනතාවයට එක් හේතුවක් උනේද පෙර සඳහන් කළ බොරු ආචාරධර්ම හා ඒවායෙහි පසුබිම වූ ලිංගික කුහකත්වයේ බලපෑමයි. සමහරෙකුට පිරිමියා තුල ස්ත්‍රී භාවයකුත් කාන්තාව තුල පුරුෂ භාවයකුත් දැකීමට අවශ්‍ය විය. එමෙන්ම  පිරිමි පිරිමි වශයෙනුත් ස්ත්‍රී ස්ත්‍රී වශයෙනුත් විකුර්ති කාම සේවනයන්, ද්විත්ව කාමුක ඇසුර ආදිය ඉදිරියට ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි බොරු ආචාරධර්මයන් මගින් ගොඩනගන භීතිය තුල විකල් වූ මනසින් තම ලිංගයටම අයත් වූවෙකු සමග සමලිංගික ඇසුර පවත්වා නව යොවුන් වියේම විකුර්ති අත්දැකීමක් ලබමින් එය ඉදිරියට ගෙනයන පිරිස තව තවත් නොමග යවමින් ලිංගිකත්වයේ කුනු රසය විඳීම පූජනීය දෙයක් බවට පත් කර ගැනීමට මේ බොහෝ දෙනා කටයුතු කළෝය. පුරුෂයන් මෙන් ක්‍රියා කරන හා එලෙස හැසිරීමට නැඹුරු කාන්තාවන් වීරවරියන් ලෙස සලකන මානසික කුහකත්වයද මේ තත්වය තව තවත් ඉදිරියට වර්ධනය කරන්නට බලපෑවෙය. ලිංගික නිදහස ගැන මුලින් තිබූ අවංක බව හා විවුර්ත බව ගිලිහී ඒ ගැන කතා කළ පිරිස් අතරින් ලිංගික නිදහසට වඩා පසු කාලයේ කාන්තා නිදහස ආදිය ගැන අදහස් වැඩි වේගයකින් එලි බැස්සේය. පිරිමියා හා ස්ත්‍රිය අතර ගතින් මෙමෙන්ම මනෝභාවයෙන්ද බැඳීම් ඇතිකරවන ලිංගිකත්ව ගැලපීම් ඔස්සේ ලිංගික ආශ්වාදය ලබන හැසිරීම් වෙනුවට කෙසේ කුමන ආකාරයකින් හෝ කෙරෙන සිහි විකල් කාම සේවන ක්‍රමයක් වුවත් පිළිගනිමින් ඊට ඉඩ කඩ සැලසීම සඳහා විරුද්ධ ලිංගික බැඳීම් කෙරෙහි කෲරත්වය වැපිරීම වුවත් හරි යැයි කියන මතයක අදත් බොහෝ පස්චාත් නූතනවාදීන් සිටිති. ඔවුන්ගේ හැසිරීමට ශක්තිය ලැබෙන්නේද ඔවුන්ම සම්ප්‍රදායික යැයි කියා තඩි බාන සමාජයේ විරුද්ධ ලිංගිකයන් විවාහයට පෙර එකිනෙකාගෙන් ලිංගිකව ඈත් කිරීමට ගොඩනගා තිබෙන මිත්‍යාවන්ම වේ. ලිංගික කුහකත්වයේ සියළු පවු පුරුෂයා මත පටවමින් ගැහැනිය පිරිමියාගේ ලිංගිකත්වයෙන් ආරක්ෂා කිරීමට කුහක නූතනවාදීන් උනන්දු උනේ ඔවුන්ගේ නූතතත්වයට නොගැලපෙන්නේ යැයි ඔවුන්ම කියන පැරණි මිත්‍යාවන්ටද නූතනත්වයේ සළුපිලි අන්දවමිනි.
                              
                                
දැන් ITN එකේ හා ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වැඩකටයුතු හා ඊට බලපෑ දේශපාලන පසුතලය ගැන කතා කරමු. ITN රූපවාහිනී නාලිකාව මගින් වැඩිහිටියන්ට පමණක් සීමා වන ලිංගික ජවනිකා පිරි චිත්‍රපට විකාශනය කිරීමේ සැලැස්මක් ගැනත් ගායන හා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ස්ත්‍රී සමලිංගිකත්වය පෙන්නුම් කළ ගීතමය වීඩියෝවක් නිර්මානය කිරීම ගැනත් තොරතුරු පහුගිය කාලයේ ආන්දෝලනාත්මක ලෙස මාධ්‍ය තුලින් එළි බැස්සේය. මේ කිසිදු හේතුවක් නැතිව ඉබේට කල එලි බසින්නාවූ දේ නොවෙයි. මේ පසුපස ඇත්ත වශයෙන් කිවහොත් යම් කිසි දේශපාලනයක්ද තිබේ. ඒ ගැන මා මීට කලිනුත් කියා ඇත. ITN හා ඉරාජ්ගේ වැඩ කටයුතු වලට ලංකාවේ 2015 වසර මුල සිදු වූ දේශපාලන පෙරලිය පැහැදිලිව බලපා තිබේ. විශේෂයෙන් ITN සිද්ධිය පසුපස මේ දේශපාලනය පැහැදිලිවම ක්‍රියාත්මක වේ. මෙතෙක් හෙලි වූ තොරතුරු අනුව ITN ඔස්සේ වැඩිහිටියන්ට පමණයි ලේබලය අලවා මුලින්ම විකාශනය කිරීමට සැලසුම් තිබී ඇත්තේ සමලිංගිකත්වය පෙන්නුම් කරන චිත්‍රපටයකි. ඊට විශේෂයෙන්ම බලය ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුතාද පැහැදිලිව බලපා ඇත. නූතනත්වයේ සළුපිලි අන්දවා ලෝකයට බෙදා හරින බටහිර ලිංගික මිථ්‍යාවන් හා කුහකත්වයන් වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනයේ බලය හිමි පාර්ශවයේ ඇදහීම වීම අනෙක් හේතුවයි. මේ නූතන සළුපිලි වලින් ඔතා තිබෙන බටහිර ලිංගික මිථ්‍යා හා කුහකකම් වලට අනුග්‍රහය දැක්වීම පෙර පැවති ආණ්ඩුවත් නොකරා යැයි කොහොමවත් කියන්නට බැහැ. පුරුෂයා මෙන්ම පුරුෂයාගේ ලිංගික ආශාව කෙරෙහිත් මානව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග කෙරෙහිත් වෛරය ජනනය කරන ස්ත්‍රීවාදයට අනියම් ආකාරයකට පසුගිය රජයද අනුග්‍රහය දැක්වූවේය. වර්තමාන රජයද ඔවුන් විසින් ගෙන එන්නට යන නව ව්‍යවස්ථාව තුලට සූක්ෂම ලෙස ස්ත්‍රීවාදී වගන්ති ඇතුල් කර තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. සියල්ල අවසානයේ නෑකම් කියන්නේ නූතන සළුපිළි ඇන්දවූ විරුද්ධ ලිංගික බැඳීම් දුර්වල කර සමලිංගිකත්වය හා අනුබද්ධ සියළු විකල් හැසිරීම් බලෙන් ස්ථාපනය කර කුණු රසයද විඳීමේ යුරෝපීය කුහක මිථ්‍යාවන්ටය.
                          
දේශපාලනයේදී වර්තමාන බලය හිමි ලාංකීය දේශපාලන කණ්ඩායම එහි චින්තනයට අනුව වඩාත් සමීප වන්නේ බටහිරටයි.ඒ අනුව ලිංගික කුහකත්වය ගැන බාගෙට කතා කරමින් විකුර්ති මායාවන් තුලින් ලිංගික නිදහස දකින බටහිර දැක්ම මේ වනවිට ලිංගික කාරනා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දේශපාලනය තුලත් ප්‍රමුඛ පිළිගැනීම බවට පත්ව ඇත. ITN නාලිකාවට එහි බලපෑම තදින්ම තිබේ. ලිංගික කාරනා යුරෝපයට අනුව දකින ඊනියා බුද්ධිමතුන්ටත් එවැනි කලා කරුවන් මාධ්‍යකරුවන් ආදීන්ටත් වත්මන් දේශපාලන අනුග්‍රහයද නොඅඩුව ලැබේ. ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ හරහා ස්ත්‍රී සමලිංගිකත්වය කල එලි බැස්සේද මෙලෙසයි. ඒ තුලත් කාන්තාවන් පිරිමියා හා පිරිමියාගේ ලිංගික පෙරැත්තේ ස්වභාවයට බිය වැද්දීම මෙන්ම විරුද්ධ ලිංගිකයන් පිළිකුල් කිරීමට බල කරන බොරු ආචාරධර්ම හා එයින් අනියම් ලෙස පන ලබන බොරු ලිංගික නිදහසද ඇත. ලංකාවේ ස්වදේශීය කුහකත්වයන්ට අනුවනම් කාන්තාවන් පුරුෂ ලිඟු සමග ගනුදෙනු කර කන්‍යාභාවයට හානි කර නොගැනීම හා ගැබ්ගැනීමේ අවධානමෙන් තොරව වින්දනය ලැබීම ඒ තුල ඇත. අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් පාසල් විනය භාර ගුරු භවතුන් ආදීන් මෙය හොඳින් දනිතියි විශ්වාස කළ හැක. පසුගිය රජය පැවති කාලයේ මේ ස්වදේශීය කුහකත්වයන්ට යම්කිසි අනුග්‍රහයක් තිබුණි. ඉරාජ්ගේ ගිනියම් රෑ තුල ලිංගික නිදහස පිළිබඳ විකුර්ති මායාවන් හා කුනු රසය විඳීමේ නූතන මිත්‍යාවන් අන්තර්ගත වනවා සේම විරුද්ධ ලිංගික අන්තර් ක්‍රියාකාරකම් වලට සීමා බන්ධන පමුණුවන්නට පෙරමුණ ගන්නා සංස්කෘතික පිස්සන් මේ ගැන වචනයක් හෝ පිට නොකිරීමේ ස්වදේශීයව පවතින කුහකත්වයද පෙන්නුම් කෙරුනි.  ITN නාලිකාවටද සමලිංගිකත්වය පෙන්වන චිත්‍රපටයක් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉදිරිපත් කිරීමට සැලසුම් කිරීම සඳහා දේශපාලන හේතු බලපෑවා සේම සදාචාරයට පටහැනිව යන ගැහැනු පිරිමි ලිංගික ක්‍රියාකාරකම් වල පමණක් දොස් දකින සංස්කෘතික පිස්සන් මේ සිද්ධියේදීත් මුනිවත රැකීම දැකගන්නට හැකි විය.
                              
කාන්තා සමලිංගිකත්වය හා ඒ හැසිරීම් දෙස බලමින් ස්වයං වින්දනය ලබන්නට හැර වෙනත් යමක් නොදත් ඇතැම් නිවට පිරිමින්ටද ඉරාජ්ගේ ගිනියම් රෑ රසවත් අහරකි. කාන්තා නිරුවත බලා සැනසී සිල් බිඳ නොගෙන පැත්තකට වී ඉන්නට කැමති අයටත් ඉරාජ්ගේ කර්තව්‍ය හොඳ ඇති. ITN උත්සහය ගැන යම් හෝඩුවාවක් ලැබුනු අවස්ථාවේත් ඒ ගැන අඩු තරමින් කිසිදු අදහසක් නොදක්වා පැත්තකට වීමට වගබලාගත් ලාංකික කුහක සදාචාර වාදීන්ටත් ඔවුන් දැනුවත්ව ස්පර්ශ කර තිබෙන නූතනවාදී යුරෝපීය චින්තනයෙන් ගැලවිය නොහැක. කාන්තාවක් හා පිරිමියෙකු සිප වැලඳගන්නා ආකාරය රූපවාහිනියේ දකින විට කුලප්පු වන මොවුන් ITN සමලිංගික චිත්‍රපට ප්‍රදර්ශනය වූයේනම් කිරිමැටි ගිල්ල කිඹුලන් සේ සිටිනු ඇත. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ නූතන කුහකයන් ලිංගික කාරනා සම්බන්දයෙන් සොබාදහමට එකඟ මෙරට සැබෑ වටිනාකමක් ඇති දේ පිළිගැනීමට දක්වන මැලිකම හා බටහිරින් එන නූතනවාදී කුහකත්වයන් වැලඳගැනීමට ඇති කැමැත්තයි. මොවුන් වැලඳගන්නා මේ කුහක නූතනවාදී චින්තනය තුල ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග පිළිගැනීමට වඩා කුහක පිරිමියා විසින් කාන්තාවන්ට තිබිය යුතු යැයි නිර්දේශිත එහෙත් සැබෑ ලෙස කාන්තාවන්ගෙන්ද බහුතරයකට උවමනා නැති බොරු ස්ත්‍රී නිදහස ඇත. ඒ තුල ලිංගික කුහකත්වයේ සියළු පවු පුරුෂයා මුල් වීම පිට පටවා පුරුෂයාගේ ලිංගිකත්වය හා සොබාදහමද වරදකාරී බව පෙන්වමින් කාන්තාව තවත් පුරුෂයෙකු බවට පත්කර සියළු ප්‍රශ්න විසඳන්නට යන අශ්ලීල හිතුවක්කාරකමද වේ. විරුද්ධ ලිංගික ආකර්ශනය බලෙන් සමාජ ගැටළුවක් බවට පත් කර කාන්තාවන් පුරුෂයාට හා පුරුෂ ලිංගිකත්වයට බිය වැද්දීම විකල් මනෝභාවයන් තෙක් දුර දිග ගෙන යෑමද කුහක නූතන චින්තනයේ එක් ප්‍රභල සංකේතයකි. ITN ලොක්කන් මෙන්ම ඉරාජ් වීරරත්නද වැලඳගෙන ඇත්තේ මෙ කුහක නූතනවාදී චින්තනයයි. පිරිමි සමලිංගිකත්වය විදහා පාන සයපෙති කුසුමද දැන් කරලියේ ඇත. ලිංගික කාරනා සම්බන්ධ අපේ රටේ සැබෑ වැදගත්කමක් ඇති දේද උවමනාවෙන් අමතක කරන බොරු සදාචාරවාදීන් එතැනදීත් නිශ්ශබ්දය.
                         
කෙසේ නමුදු පසුගිය රජය වට්ටවා රජයක් බිහි කරවීමේ දේශපාලනික කර්තව්‍ය තුල ලිංගිකත්වය පැත්තෙන් ඇති බලපෑම් ගැන මා කලින් වතාවල දැක්වූ අදහස් සත්‍ය බව දැන් පෙනෙන්නට තිබේ. එසේ වුවද ඒ අනාවැකි ඒ අයුරින් සත්‍ය බවට පත් වීමද අපට අහිතකරය. ITN හා ඉරාජ්ගේ වැඩකටයුතු දෙස බැලීමේදී ලිංගිකත්වය ගැන අපට ඇති දැක්ම මත පිහිටා දෙයක් අනිවාර්යෙන් කිව යුතුයි. ඒ පළමුවැන්න ලිංගිකත්වය ගැන අනුන්ගේ මතිමතාන්තර මත පිහිටා සියළු කටයුතු කිරීමට පෙර ඒ සම්බන්ධව අපේ සමාජයේ අපට දැනෙන්නට තිබෙන වැදගත් ගුණාංග මොනවාදැයි නිසි සොයා බැලීමක් අප විසින්ම කිරීමයි. අනෙක් දෙය ලිංගික කුහකත්වය ගැන බාගෙට කතා කර නවත්වා ඒ කුහකත්වයන්ගේම පිහිටෙන් ඉදිරියට ගෙනයන්නට උත්සහ කරන නූතනවාදී බටහිර අදහස් ගොන්න වෙනුවට ලොව කොතැනකත් සොබාදහමට ගරු කරන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මත පිහිටා කටයුතු කිරීමේ විවුර්ත බව පිළිගැනීමයි. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග මත පිහිටා කටයුතු කිරීමේ මා සඳහන් කළ විවුර්ත බවටද සංස්කෘතියේ නාමයෙන් පහර දෙන්නන්ද සිටී. මේ අයද කරන්නේ ඉරාජ් වැනි කලා කෙතේ අසූචි විසිරුවන්නන්ට යම් ආකාරයක සහයක් දීමකි. ඒ ඉරාජ් වැනි අයගේ අඳබාල ක්‍රියා හමුවේ මුනිවත රකිමින්. මෙවැනි බොරු සදාචාරවාදයන්ගෙන් වැඩක්ද නැත. ඇත්තෙන්ම වැදගත් කාරනාව මානව ලිංගිකත්වයේ පමණක් නොව සමස්ථයක් ලෙස ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගුණාංග වලට ගරු කිරීමට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාවට ලබාදීමයි.

Sunday, June 21, 2015

යහපාලනය සමග හිස ඔසවන සමලිංගික බලවේගය

             පින්තූරය උපුටා ගැනීම-http://www.yuthukama.com/2015/05/Homo.html

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස අතර වෙනස ගැන කලක් තිස්සේ ලිපි ලියා ඇති මා හට පසුගිය දාක වත්මන් රජය ජාත්‍යන්තරය ඉදිරියේ කළ රටට නින්දාසහගත ක්‍රියාවක් ගැන යමක් කිවයුතු යැයි සිතිනි. දේශපාලනය මාහට තිත්තය. එහෙත් මේ සිද්ධිය ගැන යමක් කිවයුතු නිසා ඊට අදාල දේශපාලන වටපිටාව හා ඉන් සිද්ද වන බලපෑම් ගැන කරුනු දක්වමි. අදාල කාරනය මෙයයි. පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී එම සංවිධානයේ කාර්ය මණ්ඩලයේ සිටින සමලිංගිකයන්ගේ පවුල්කෑම පිළිගැනීමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව රුසියාව ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව අනෙකුත් සමලිංගිකත්වයට පක්ෂ රටවල් සමග එකට සිටිමින් විරෝධය පා තිබෙනවා. මෙය එක් අතකින් රටේ අනන්‍යතාවයට එල්ල කළ මරු පහරක්, අනෙක් පැත්තෙන් සමලිංගිකත්වය පිළිනොගන්නා ලංකාවේ අතිමහත් බහුතරයකට කළ අවමානයක්. 
                           ලිංගික නිදහසේ සැබෑව හා මුලාව ගැන මුල සිටම කරුණු කියා ඇති සේම සමලිංගිකත්වයට නිදහසක් තිබියයුතුය යන්න කුහක කමේ මුලාවක් මිස එය මානව ප්‍රජාව තුල නියත සංසිද්ධියක්ද නොවන බව නොපැකිලව කියමි. සමලිංගිකත්වය වෙනුවෙන් පෙනීහිටින්නන් ඊට පක්ෂව විවිධ තර්ක කරන බැවින් ඒ සඳහාද මුලින් පිළිතුරක් දීමට මා කැමතිය. පෙර ලියූ ලිපි වලින් පෙන්වාදුන් ආකාරයටම මා මෙහිදීද කෙලින්ම කියන්නේ මානව ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් එකිනෙක වෙනස් අතර මේ සුවිශේෂී මනෝභාවයන්ට අනුව ඒවා පිහිටන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය ශක්තිමත් වන ලෙස එකිනෙකාගේ ලිංගික සුවුශේෂත්වයන්ට සංවේදී වන අයුරිනි. මේ ලිංගිකත්වයට ආවේනික ස්වභාවයේ ගති ලක්ෂණය පිහිටන්නේ අන් කිසිවක් සඳහා නොව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ලිංගික එක්වීමට අවශ්‍ය පසුබිම සකසා දීමට වේ. එය එසේ සිදුවන්නේ ඒක ලිංගික ජීවීන්ගේ පිරිමි ජීවියා සතු ප්‍රජනන බීජ ගැහැනු ජීවියාගේ ප්‍රජනන බීජය වෙත ලඟාකරවීමටයි. ලිංගික සංසර්ගය මෙහි යාන්ත්‍රණය වේ. පිරිමි ජීවියාගේ ලිඟුව ගැහැනු ජීවියාගේ යෝනි මාරගය තුලට ඇතුල්කර එම කර්තව්‍ය සිදු කිරීමට ස්වභාවධර්මයෙන් එම අවයව පිහිටා තිබීම බුද්ධිය වැඩුනු කෙනෙකුට පමණක් නොව මන්ද බුද්ධිකයෙකුට පවා තේරෙන දෙයකි. එසේ තිබියදී විවිධ හේතූන් මත විකුර්ති මනෝභාවයන්ට පත්ව තම විරුද්ධ ලිංගිකයාගේ කායික මානසික සුවිශේෂත්වයන් ඇසුරෙන් ලිංගික ආශ්වාදය ලැබීමට අසමත්ව හා අසංවේදීව තම ලිංගයටම අයත් වන අයෙකු ඇසුරෙන් එම කර්තව්‍ය කරගැනීම විකුර්ති හැසිරීමක් යැයි කීමට බිය වියයුතු නැත. එය සාධාරන බවට තර්ක කරන්නේ ඒ මනෝ විකුර්තිතාවයන්ට පත් වූවන්ටත් වඩා විරුද්ධ ලිංගික සංසර්ගය දෙස පිළිකුලෙන් බලමින් එය මහා ලොකු වීරකමක් මෙන්ම සත්ගුණවත් බවක් ලෙස සෙසු ලෝකයා ඉදිරියේ අඟවන කුහකයන් වෙති.
                           

ලංකාව තුල මේ වන විට සිටින සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී හිටින්නන්ට එම ආභාශය ලැබී ඇත්තේ බටහිර අනුකාරකත්වයේ ආභාශයෙන් බව කිවයුත්තක් නොවේ. මේ පිරිස අතරට විවිධාකාරයේ බටහිර මතවාද කරපින්නාගන්නවුන් අයත් වෙති. බටහිර සමාජයේ දැනුම හා කතෝලික ආගමේ ඉගැන්වීම අතර තිබෙන ගැටුම ජනප්‍රිය එකකි. කතෝලික ආගමේ මිත්‍යාවන් කොතෙක් තිබුණද කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබූ ලිංගික සදාචාරයන් හැම අතින්ම වැරදි යැයි කිව නොහැක. ලිංගිකත්වය ගැන කතෝලික දර්ශනය ලිංගිකත්වයේ ස්වභාවයන් ඉක්මවා යන්නක් නොවේ. ආගමික මිත්‍යාවන් බැහැර කළද ආගමික මිත්‍යාවන් සමග ගැටගසා කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබෙන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳිමින් ගෙනයායුතු දිවි පෙවෙතද ප්‍රතික්ෂේප කිරීම කුහක කමේ උමතු ගතියකි. කාර්මික විප්ලවයෙන් පසුව ආත්මාර්ථකාමීත්වයේ හිනි පෙත්තට නැගි බටහිර සමාජය වගකීම් දැරීමට මැලි වූ සීසීකඩ ගිය එකක් විය. භෞතික සම්පත් වලින් අඩුවක් නොවූ මෙන්ම දැනුමෙන් සන්නද්ධ වූ බටහිර සමාජයේ ලිංගික කුහකත්වයන් නම් සංවර්ධනය සමග අඩු වුනාම යැයි කිව නොහැක. බොහෝ දුරට සිදු වුනේ දැනුම හා තාක්ෂණික දියුණුවට ලිංගික කුහකත්වයන් කලවම් වී ස්වභාවධර්මය ඉක්මවා ගොස් මිනිසුන්ගේ නොහික්මුනු මුරණ්ඩු කම් මත ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් දෝෂදර්ශණයට ලක් කිරීමයි. එහිදී බටහිර කුහක සත්ගුණවත් පිරිමි කට්ඨාශයේ ජනප්‍රිය තර්කය වූයේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට කීකරු වෙමින් ඒ අනුව මානව සමාජයේ ලිංගික බැඳීම් හා ප්‍රජනන රටාව ගොඩනැගී තිබීම කාන්තාවන්ට කරදරයක් හා අසාධාරණයක් යන්නයි. මේ චෝදනාවට වග උත්තරකරු වූයේ ඔවුන් වැනිම වූ එහෙත් ඔවුන් නොවන සමාජයේ සෙසු පිරිමි ප්‍රජාවවයි. මේ තත්වය වටා තව තවත් ගොනු වූ කුහකකම් හා නොහික්මුණු මුරණ්ඩුකම් පරපුරෙන් පරපුරට වර්ධනය වී ලිංගිකත්වයේ සමස්ථ ජීව විද්‍යාත්මක ආකෘතිය හා ප්‍රජනනය පවා ස්වභාවිකත්වය අනුව ඉදිරියට පැමිණ ඇති ආකාරය ත් වෙනස් වීමේ රටාවත් වැරදි යැයි කියන මට්ටමට පැමිණ ඇත. බටහිර බොහෝ කුහකයන් සමලිංගිකත්වයට මග පාදන සමාජමය සාධකයන් වැරදි දේ ලෙස නොදුටුවෝය. එසේ වූයේ ඔවුන්ගේම කුහකකම අනුවයි. මේ කුහකත්වයට අනුව එම සමාජීය වැරදි කාන්තාවන්ට නිදහස ලබාදෙන වැදගත් දේවල් විය. අතීත බටහිර සමාජයේ සමලිංගිකත්වය රෝගී තත්වයක් ලෙස සලකා ප්‍රතිකර්මද කර තිබේ. මේවා සාර්ථකව සිදුවූ බවටද සාක්ෂි ඇත. නමුත් කුහකකම් වලින් සමාජය අන්ධ වීමත් සමග පිරිමියාගේ ලිඟුව ගැහැනියගේ යෝනිය තුලට ඇතුල් කිරීම තරම් වරදක් හොයාගන්නට යුරෝපීය කුහක පිරිමින්ට නොහැකි විය.
                 

බටහිර ලිංගික වෙබ් අඩවි වලින් කුමක් පෙන්වුවත් අද මේ වෙබ් අඩවි සියල්ල ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනිවයි. මානව ලිංගිකත්වයේ සැබෑ ගුණාංග වලට පිරිමි හා ගැහැනු ලිංගික ස්වභාවයන්හි එකිනෙකට අනුරූප බව හා ගැලපීමද අයත් වේ. එබැවින් මානව ප්‍රජාවන් තුල පිරිමි ගැහැනු ලෙස ලිංගිකත්වයේ සුවිශේෂීතා අනුව ලිංගික ආකර්ශණය හා ගැලපීම ඇතිවන ලෙස ගොඩනැගෙන ක්‍රියාකාරකම් කුහක මිනිසුන්ගේ මනසට අනුව කෙසේ වෙතත් ස්වභාවධර්මයට එකඟ වේ. නමුත් පිරිමියාගේ ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් දැක්වීමට කාන්තාවන්ට හැඟීම් සංවේදනයන් හෝ සමාන්තර ලිංගික පෙරැත්තක් තිබෙන බව නොසලකා මානව ප්‍රජාව තුල ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයන්හි ගැලපීම හුදෙක් පිරිමියා විසින් ගැහැනිය යටත් කරගෙන තම කාමුක අවශ්‍යතා හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරා ගැනීමක් ලෙස ගැනීමට පිරිමින් අතරම සිටින කුහකයන් ප්‍රජාවටම බල කරති. මේ කුහකයන් ඇතැම් විට ප්‍රජාවක ධනවතුන් හා ප්‍රභූවරුන් වෙති. එහිදී ඔවුන් උපරිම ලෙස කම් සැප විඳිමින් තමන් වැනිම සෙස්සන් තමන්ගේ තරඟකරුවන් වීම වැලැක්වීමේ ලිංගික ආත්මාර්ථකාමීත්වයෙන්  හා ඊර්ෂ්‍යාවෙන්ද පෙළෙති. මේ අප්‍රකට සංසිද්ධීන් එකට කැටි වූ කළ සමලිංගිකත්වයට ඉඩකඩ සපයන මනෝභාවයන්ගේ හටගැනීමත් එවැනි හැසිරීම වර්ධනය වන සමාජීය සාධකයනුත් මානව ප්‍රජාවක් තුලින් ඉවත් කළයුතු මට්ටමේ දේවල් හැටියට දකින්නට පුද්ගලයාගේ මනසට ඉඩ සැලසෙන්නේ නැත. එවැනි තත්වයක් තුල කාන්තාවගේ නිදහස හා අභිවුර්ධිය වෙනුවෙන් සමලිංගිකත්වයටත් ඊට පාදක වන සමාජ පසුබිමටත් පිළිගැනීමක් ඇති කිරීමට කුහකයන්ගේ කුහක මනස පෙළඹීම අරුමයක් නොවේ. යුරෝපීය සමාජයේ කුහක පිරිමින්ගේ නිර්මාණයක් ලෙස පැන නැගුනු ස්ත්‍රීවාදය සමලිංගිකත්වය සමග අන්‍යෝන්‍ය ලෙස බැඳෙන්නේ මෙලෙසිනි.
                     
ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි යටත් විජිතවාදයේ ආභාශය නැතුවා නොවේ. යටත් විජිතවාදය සමග මෙරටින් බිහි වූ බටහිර අනුකරනවාදී පැලැන්තිය බටහිරට අනුව ලංකාවද වෙනස් වියයුතුයැයි නිරතුරුව සිතති. ලංකාවේ සමලිංගිකත්වය නීතියෙන් තහනම් වී ඇත්තේ කතෝලික ආභාශය මත ඉංග්‍රීසි නීතියෙන් යැයිද අපේ රටට එය අදාල නැතැයිද කෙනෙක් කිව හැක. නමුත් මා කියන්නේ සමලිංගිකත්වය ඉංග්‍රීසි නීතියෙන් තහනම් වුවත් එය අපේ රටේ අනාදිමත් කාලයක සිට පිළිගෙන තිබූ දෙයක්නම් යටත් විජිතවාදයෙන් නිදහස ලැබූ පසු එම නීති අවලංගු කිරීමට බලධාරීන් ක්‍රියා කළයුතුව තිබුණි යන්නයි. එහෙත් එවැන්නක් සිදු වී නැත. එම නීතිය අද වන විට අවලංගු කිරීමටද බැරිය. ඒ මෙරට අති විශාල බහුතරයක් සමලිංගිකත්වයට විරුද්ධ බැවිනි. වෙනත් ආකාරයකට කියන්නේනම් ඉංග්‍රීසි නීතියෙන් ලංකාවේ සමලිංගිකත්වය තහනමට ලක්කර තිබීම ලාංකීය සමාජයද එක එල්ලේම අනුමත කර ඇත යන්නයි. ඊට අමතරව තවත් දෙයක් ඇත. එනම් එංගලන්තයේ මේ වනවිට සමලිංගිකත්වය පිළිගෙන තිබුණත් මෙරට ඉංග්‍රීසි ක්‍රමයට වෙනස් වී සමලිංගිකත්වය පිළිගැනීමද කිසිවෙක් අනුමත නොකරන බවයි. මෙරට බටහිර අනුකරනවාදී පැලැන්තිය සිරිතක් ලෙස චන්දය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට සමලිංගික හා විවිධාකාර විකුර්ති කාම ආශාවන්ගෙන් පෙලෙන්නන් බහුල ලෙස සිටිති. පක්ෂ නායකයාගේ හැසිරීමද ප්‍රසිද්ධ රහසකි. ඔහු විසින් පක්ෂයේ වැදගත් තනතුරු වලට පවා සමලිංගිකයින් පත්කරගැනීමට යම් කැමැත්තක් දක්වයි. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති වකවානු වල රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ යොවුන් සේනාංක හරහාද ඔහුගේ ආරයට යන තරුණ පිරිසකට වැඩි තැනක් ලැබී ඇත. එක්සත් ජාතික පක්ෂය බලවත් වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින මේ අවස්ථාවේද සමලිංගිකත්වයට දක්වන අනුග්‍රහය වැඩි වී ඇත. තරුණ සේවා සභාව තුලත් එක්සත් ජාතික පක්ෂයේ යොවුන් බල මණ්ඩල තුලත් සමලිංගිකත්වයට අනුග්‍රහය ලැබීමේ ප්‍රවණතාවය මේ වනවිට දක්නට ඇත. එක්සත් ජාතික පක්ෂය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේද මේ වනවිට බටහිර රටවල් අනුගමනය කරන ප්‍රතිපත්තිම වේ. ඒ ඔවුන්ට ඇති බටහිර ආභාශය හා අනුකාරකත්වය හේතු කොට ගෙනය.

                     
මේ වසරේ ජනවාරි මස 8 වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගැනීමත් සමග එසැනින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කළේය. ඉන් පසු ඔහුගේ සහචර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු සාමාජිකයින් පිරිසකට ඇමතිකම් ලබා දෙමින් සුළුතර රජයක්ද පිහිටවීය. ජනාධිපතිවරයා තම පක්ෂයේ සාමාජිකයින් කීපදෙනෙකුටද ඇමතිකම් ලබාදී රනිල් වික්‍රමසිංහ මහතාට සුළුතර ආණ්ඩුව බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ සලසා දීමටද වගබලා ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන පිළ ජයගතහොත් ලිංගිකත්වය හා සමාජය සම්බන්ධයෙන් සිදුවීමට ඉඩ තිබෙන්නේ කවරාකාර දේද යන්නත් මහින්ද රාජපක්ෂ මහතා ජයගතහොත් වීමට ඉඩ තිබුණේ කවර දේද යන්නත් ගැන ඉඟි සහිත ලිපියක් මැතිවරණයට පෙර දිනක පල කළෙමි. අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය ජයගෙන ඇති වටපිටාවක මා ඉඟිකළ බොහෝ කරුණු සත්‍ය බව පසක් වෙමින් ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති බලතල වල රැකවරන මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සුළුතර රජය තමන් විසින් පරමාදර්ශ කොට සලකන බටහිර රටවල සමාජීය හා සංස්කෘතික පරිවර්තනයන් බලය යොදා ලාංකීය සමාජය තුලත් සිදු කිරීමට ලහි ලහියේම කටයුතු කරගෙන යයි. දෙමළ ජාතිවාදය සතුටු කිරීමට සමගාමීව සිදුවන අනෙක් දෙය නම් බලය යොදා ස්ත්‍රීවාදයටත් සමලිංගිකත්වයටත් පිළිගැනීමක් ලබා දී මෙරට සමාජය තුල පෝෂණය කිරීමයි. 

                         
චන්දයට පෙර ලියූ ලිපියෙන් පෙන්වාදුන් කරුනු මේ වන විට ඉහතින්ද සඳහන් කළ පරිදි සක්‍රීය වෙමින් පවතින අශුභ පෙරනිමිත්ත හා ඉදිරි බලපෑම ගැන තව කරුනු ටිකක් කීම අවශ්‍ය වේ. පසුගිය දාක පැවති එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී රුසියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව අපේ රටේ සාතිශය බහුතර ජනතාවකගේ ලිංගිකත්වය සම්බන්ධ පිළිගැනීම් සමගද ලෝකයේම බහුතර ජනකායකගේ පිළිගැනීම් සමගද මැනවින් ගැලපෙන යහපත් එකකි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සේවයේ යෙදී සිටින සමලිංගිකයින්ට රිසි සේ සමලිංගික විවාහ කරගැනිමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව එසේ නොකිරීමට බලකරමින්ය. දකුණු ආසියාවේ පවා අනෙකුත් සියළු රටවල් රුසියාවේ එම යෝජනාවට පක්ෂ වෙද්දී ලංකාවේ නියෝජිතයා ඊට එරෙහි වී ඇත. එය බරපතල තත්වයකි. අපේ රටේ සමලිංගිකත්වය ජනතාවගෙන් සාතිශය බහුතරයක් පිළි නොගද්දී හා නීතියෙන්ද එය තහනම් වෙද්දී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ඇති රජයේ නියෝජිතයා රටේ නම කැත කරමින් අනියම් ආකාරයට සමලිංගිකත්වයට පක්ෂ වී ඇත. මෙවැනි තැන් වලදී සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ සෑම රටක්ම අදාල රටේ පිළිගැනීම් වලට අනුව තීරන ගැනීමයි. නමුත් මෙහිදී උනේ රටේ පිළිගැනීම පසෙක දමා එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීම අනුව රටේ නියෝජිතයා කටයුතු කිරීමයි. එක්සත් ජාතික පක්ෂ කේවත්තයන් දැන් කියන්නේ ඔවුන් බටහිරට පක්ෂව රුසියාවට එරෙහි වීමට එසේ කළ බවයි. එහිදීද ඔවුන් වරදක් කර ඇත. එනම් ලංකාවේ අභ්‍යන්තර ගැටළු වලට අත නොදමමින් අපට අනිසි බලපෑම් නොකර අවශ්‍ය මොහොතක ජාත්‍යන්තර මට්ටමේ උදවු උපකාර කරන රුසියාවේ හොඳ හිත පළුදු කරගනිමින් රටේ බහුතරයකට හිසරදයක් ව ඇති බටහිරට තවත් ගැති වීමයි. අනෙක් අතින් අනියම් ආකාරයකට සමලිංගිකත්වය ලංකාව තුල අනුමත කරන බවට වැරදි මතයක් ජාත්‍යන්තරය හමුවේ ඇති කිරීමයි.

             
ජාත්‍යන්තරයේ වුනු මේ සිද්ධිය එකකි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහයෙන් තවත් ලාංකීය සමාජය අනුමත නොකරන බොහෝ දේවල් හොර රහසේ සිදු වීමට ඉඩ ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග අනියම් සම්බන්ධකම් පවත්වන අයෙකුට අධ්‍යාපන ඇමතිකම දී තිබේ. මෙයද නරක පෙර නිමිත්තකි. සමලිංගිකත්වය නීතියෙන් පිළිගත් රටවලවත් මෙවැනි තත්වයන් දක්නට නැත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවන තරුණසේවා සභාවේ යොවුන් සේනාංක ආදියේ වැදගත් තනතුරු සමලිංගික විකුර්ති හැසිරීමක් ඇත්තවුන්ට ලැබීමේ ප්‍රවණතාවයක් ඇත. එක්සත් ජාතික පක්ෂයේ තරුණ බල මණ්ඩල ගැන කුමන කතාද? එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් බලවත් කර ඇත්තේ මෙහිදී යහපාලනය ඉදිරියට ගෙන චන්ද ව්‍යාපාරය ගෙනගොස් අවසානයේ ජය ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. මෙහි භයානකකම අනෙකුත් සෑම අතකින් මෙන්ම ලිංගිකත්වය අතින්ද එක්සත් ජාතික පක්ෂ නායකයන් බටහිර රටවල කාර්මීකරන නූතනත්වය හරහා පැමිණි පෙර කී ස්ත්‍රීවාදය හා සමලිංගිකත්වය පිළිගැනෙන වැඩ පිළිවෙලවල් කොලේ වසා හෝ දියත් කිරීමට ඇති ඉඩකඩයි. සමලිංගිකත්වය පිළි නොගන්නා අපේ සමාජයේ මාතෲත්වය හා පීතෲත්වය වටා ලිංගිකත්වයේ සැබෑ චර්යාධර්මයන් ගොඩනැගී ඇත. අපේ රටේ මවු පියන් දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව කුඩා කලම ඔවුන් හැදී වැඩියයුතු ආකාරය තීරනය කරන්නේ ලිංගික නිදහසේද සැබෑ ස්වරූපය අනුව ඔවුන්ට යහ පැවැත්මක් ගොඩනගා ගත හැකි පරිදිය. එක්සත් ජාතික පක්ෂයටත් වත්මන් යහ පාලනයටත් එම ගුණාංගයන් වටිනා දේ විය නොහැක. එය සැක හැර දැනගත හැක්කේ ඔවුන් බටහිර ලිංගික කුහකත්වයන් මත ගොඩනැගුණු මාතවාද වල පවා මානසික වහලුන් වීමට කොපමණ කැමැත්තක් දක්වන්නේද යන්න සොය බැලූ විටය. බටහිර රටවල් අන් හැම ආකාරයකින්ම සෙසු රටවලට බලපෑම් කරන ලෙසම ලිංගික කාරනාවල් සම්බන්ධයෙන්ද විවිධ බලපෑම් කරයි. ඒ එම රටවල ලිංගිකත්වය සම්බන්ධ මතවාදයන් සෙසු රටවලට බලෙන් ආදේශ කිරීමටය. වත්මන් යහපාලනේ වැඩි බලතල හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බැවින් එම බටහිර බලපෑමට යටත්වීමට යහපාලනය යම් කැමැත්තක්ද දක්වයි. ඊට යටවීමෙන් වෙන හරිය අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එක්සත් ජාතික පක්ෂය බලවත් වූ යහපාලනය සමලිංගිකයින් සිදුකරනු ලබන ළමා අපයෝජන සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරයිද? බොහෝ දුරට ඉඩ තිබෙන්නේ එවැනි විකුර්ති අපචාර සිදුකරන අයට යම් බුරුලක් ලැබීමය. ලිංගිකත්වයේ මනෝභාවයන්ට අනුව මෙවැනි දෑ දුර දිග ගිය කළ වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ.

               
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේනම් ඇතිවන තත්වය ලිංගිකත්වය හා සැබෑ ලිංගික නිදහස සම්බන්ධයෙන් සර්ව සාධාරන යැයි මම නොකියමි. ඒ ගැනද චන්දයට පෙර පළ කළ ලිපියේ සඳහන් කළෙමි. අපේ රට තුලින්ම පැනනගින කුහකකම් දැඩිවූ බොරු සදාචාරයන් නැතුවා නොවේ. මින් පෙර පැවති රජයේ සංස්කෘතික ඇමතිව සිටි ටී බී ඒකනායක මහතා මිනි ගවුම් තහනමට ලක්කරමින් අසභ්‍ය ලෙස අඬුම් ඇඳීම තහනමට ලක් කිරීමක් ගැන කියා හොඳ හැටි නාගත්තේය. ඒ ගෑනු කකුල් භීතිකාවෙන් පෙළෙන පිරිමින්ට ආවේනික බොරු සත් ගුනවත් බවකි. මෙවැනි ස්වදේශීය කුහකකම් දැන් නැවතත් බලවත්ව පෙරට පැමිණෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතික දේශපාලන කණ්ඩායම තුලින් මතු නොවේ යැයි නිගමනය කරන්නටද බැරිය. යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තවත් වැදගත් යමක් කිවයුතුම වේ. එය නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල කාරක සභාවකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංවිධාන හා ජාතික බලවේග ක්‍රියාකාරීන් ගොළුවත රැකීමයි. ඇතැම් විට එය රටේ ජාතිකත්වය පැත්තෙන් වැදගත් නොවන්නේ යැයි ඔවුන් සිතුවා විය හැක. එහෙත් සිංහල ජාතිය ගැන හරියට කතා කරන්නේනම් මේ යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී බව සුළුවෙන් නොතකා ඊට එරෙහි දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ. නමුත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන කිසිවක් එවැනි ස්ථාවරයක සිට ක්‍රියා කළේ නැත. ඒ ගැන සංවේදීව කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ හා මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් පමණකි. ඒ ගැන ඒ මහත්වරුන්ට කෘතඥ්ඥ විය යුතුය. විශේෂයෙන් මොහොමඩ් මුසම්මිල් මහතා මේ ගැන මාධ්‍ය හමුවේ විරෝධය දක්වා තිබුණි. බොරු ජාතික බලවේග වල ගොළුවත හමුවේ සිංහල බෞද්ධයෙක් නොවූ මුසම්මිල් මහතාගේ ක්‍රියා කලාපය අගය කළයුතුය. මහින්ද රාජපක්ෂ මහතාව වටා නැවතත් ජාතියක් ලෙස ජාතිකත්ව දේශපාලන රැල්ලක් ප්‍රභල ලෙස ගොඩනැගෙමින් තිබෙන මේ මොහොතේ ඉදිරියේදී දේශපාලන වශයෙන් බලය හිමිකරගන්නා එම ජාතික ප්‍රවාහය ලිංගිකත්වය සම්බන්ධයෙන් බටහිර කුහක මතවාද හා ස්වදේශීය කුහකත්වයන්ගේ බොරු ආචාරධර්මයන්ද ඉවත ලා රටට ආවේනික සැබෑ ගුණාංග පෙරටු කර ගනිමින් ලිංගික කාරනා සම්බන්ධයෙන්ද පැහැදිලි මතවාදයන් ඇතුව පැහැදිලි ස්ථාවරයක සිටිය යුතුය. එය බොරු ජාතික බලවේග වලට වැදගත් නොවුවත් රට පැත්තෙන් බලන කළ සැබෑ ජාතිකත්වයට අතිශය වැදගත්ය.

Thursday, February 12, 2015

කොයි අතට කැරකෙයිද?


ජනධිපතිවරනය අවසන් වී ඇත. ප්‍රමාද වී හෝ මේ සිදුවීම් අල්ලා ලිපියක් එක්කළ යුතු යැයි හැඟී ගිය හෙයින් මෙය ලියමි. ජනාධිපතිවරනයට පෙර මා ලියූ අවසන් ලිපියෙන් පෙන්වාදුන්නේ ලිංගික කුහකත්වයන් ස්වභාවිකත්වයට අනුකූල සැබෑ ලිංගික නිදහස සමග සංසන්දනය කර, මෛත්‍රී හා මහින්ද දෙපිලේ සටනින් එක් එක් පාර්ශවය ජයගතහොත් සිදු වීමට ඉඩ ඇති දේ වෙන් වෙන්ව පෙන්වා දීමටය. ඒත් සමගම අවසානයට මා ඇඟවූයේ මෛත්‍රී පිල වටා සිටින බටහිරට වඩා හිතවත් පිරිස බලවත් වුවහොත් බටහිර සමාජයේ සැබෑ යහ ගුනාංග වලටත් වඩා ලිංගික කුහකත්වයන් මත පදනම් වන ස්ත්‍රීවාදය සමලිංගික වාදය වැනි දේ රටට ඇතුල් වී ස්වදේශීය කුහකත්වයන් මත  පදනම් වන බොරු සාරධර්ම සමග කලවම් වී මහා පීඩාවක් විය හැකි බවත්, මහින්ද පිල ජය ගතහොත් බටහිර කුහකත්වයන් දුබල වුවත් ස්වදේශීය බොරු සාරධර්ම බලවත් විය හැකි බවත්ය. ලිපිය අවසානයට මා කීවේ බටහිර කුහකත්වයන් හා ස්වදේශීය බොරු සාරධර්ම කලවම් වී මහා සමාජ පීඩාවක් වනවාට වඩා මහින්ද පිල ජයගෙන ස්වදේශීය බොරු සාරධර්ම වලින් පමණක් බැටකෑම තරමක් හෝ යහපත් බැවින් එම අවස්ථාවට උචිත ලෙස මහින්ද මහතාගේ ජය අපේක්ෂා කළයුතු බවයි. නමුත් සිදු වූයේ එහි අනෙක් පැත්තයි. එබැවින් ඒ හා සම්බන්ධව දැන් පැනනැගියහැකි ගැටළු ගැන පසු විපරමක් කළ යුතු යැයි සිතේ.
                                                      

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන මින් පෙර ලිපි වල බොහෝසෙයින් කරුනු කියා ඇති බැවින් ඒ ගැන නැවත නැවතත් කීමට අදහස් නොකරමි. කෙටියෙන් කිවහොත් ලිංගික ස්වභාවයට හා ස්වභාවධර්මයට අනුකූල ලිංගික ක්‍රියාකාරකම් විරුද්ධ ලිංගික ආකර්ෂණය ලිංගික බැඳීම වඩා අර්ථවත් වන එමෙන්ම ශක්තිමත් වන පිළිගත් ක්‍රියාපටිපාටියක් ප්‍රරජාවක් තුල නිසි ප්‍රමිතියකට පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීමට කුහකත්වයන්ගේ බලපෑමෙන් තොරව තිබිය යුතු ඉඩ ප්‍රස්ථාව අපට සැබෑ ලිංගික නිදහස හැටියට හඳුනාගත හැකියි. බොරු නිදහස පදනම් වන්නේ කුහකත්වයන් මත වේ. මෙහිදී අප දේශපාලන ප්‍රවාහයන්ට තිබෙන බටහිර බලපෑම් ගැන අවබෝධයකින් දැන් සිදුවී තිබෙන දේශපාලන පෙරලියේ බලපෑම ගැන ලිවීම වඩා යෝග්‍ය වේ. බටහිර සමාජයේ සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස යන අංග දෙකම දැකිය හැකි අතර මේ වන විට කුහකත්වයන් හා බොරු ලිංගික නිදහස තරමක් ඉදිරියට පැමිණ ඇත ඒ කාර්මික විප්ලවයෙන් හා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලිංගික නිදහස යන්නට කාන්තා නිදහස යනුවෙන් සංකල්පයක් එක්වීම තුලයි. මෙය ස්ත්‍රීවාදය ලෙස අනන්‍ය වී තිබුණත් එයට පසුබිම් වී තිබුණේ ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයෙන් පිට යන හුදු සුළුතරයක් කුහක පුරුෂ ප්‍රජාවගේ කුහක ගති පැවතුම් සමුදායකි. ලාංකීය සමාජය සැලකිල්ලට ගත්තද සැබෑ ලිංගික නිදහසක් ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් හා ප්‍රජනනය ඇසුරෙන් හඳුනා ගන්නට හැකි වනවා මෙන්ම ලිංගික කුහකත්වයන් මත ස්වභාවය පිළිකුල් කරමින් පිරිමි මෙන් ක්‍රියාකරන කාන්තාවන් වීරත්වයට නැගීම වැනි ක්‍රියාකාරකම් මත එවැනි කාන්තාවන්ගේ නිදහස ඇසුරෙන් යන බොරු ලිංගික නිදහසක්ද හඳුනාගත හැක.
                                                            යටත් විජිත සමයකින් පසු නිදහස ලැබූ ලංකාවේ බටහිර සියල්ල අන්ධයන් මෙන් අනුකරනය කරන පිරිසක් නිර්මාණය වී තිබීම තුලින් එම පිරිස ලිංගිකත්වය සම්බන්ධවද බටහිර මතවාදයන් ගෙඩි පිටින් ගිලින තත්වයක් ඇති වී තිබේ. අනෙක් සිද්ධිය මෙරට ස්වදේශීය වශයෙන් එතරම් බලවත්ව නොතිබුණු ලිංගික කුහකත්වයන් බටහිර ආකෘතිය අනුව සකස් වූ පාසල් අධ්‍යාපනයට මුහු වී තිබීම තුල රට තුලට බටහිරින්ද ලිංගිකත්වය හා සබැඳි සැබෑ ගුණාංග වලට වඩා කුහකත්වයන් පසුබිම් වූ මතවාද ඇතුල් වීම වේගවත් වීමයි. පසුගිය තීරනාත්මක ජනාධිපතිවරනය පැවැත්වෙන මොහොත වන විටද රටේ පැවතියේ මේ තත්වයයි. එබැවින් ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකට පිරිස් බලමුලු එක් වූ ආකාරය ලිංගිකත්වය පදනමට ගත් දෘෂ්ඨි කෝණයකින් බලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබී අවසන් ව තාවකාලික රජයක්ද බිහි වී ඇති මේ අවස්ථාවේ යම් විචාරයක් කිරීමේදීද එම තත්වය සැලකිල්ලට ගැනීම වැදගත්ය. එසේ නොකර මේ සම්බන්ධ නිවැරදි හා පුළුල් විචාරයක් කළ නොහැකි වේ. 
                              

  ජනාධිපතිවරනයට පෙර සිට මහින්ද රාජපක්ෂ මහතාගේ පිලටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලටත් පිරිස් එක් රැස් වූ ආකාරය ගැන ලිංගිකත්වය පදනමට ගත් විග්‍රහයක් කිරීමද මෙහිදී වැදගත්ම දෙයකි. බටහිර ලිබරල් නූතනවාදී ස්ත්‍රීවාදී හා සමලිංගික වාදී මතවාද කරපින්නාගත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු ලංකාවේ පස්චාත් නූතනවාදීන් මෙන්ම ඇතැම් සමාජවාදී කොටස් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක් රොක් වූහ. මෛත්‍රීපාල මහතා ලිංගිකත්වය සම්බන්ධයෙන් බටහිර මතවාද කරපින්නාගත් පුද්ගලයෙක් යැයි මා අදහස් කරන්නේ නැත. නමුත් ඔහු බටහිර මතධාරීන්ගේ දේශපාලන උගුලක හසු වූ බවනම් මට හැඟෙයි. ජනාධිපතිවරන සමයේ මහින්ද රාජපක්ෂ මහතා වටා එක් රොක් වූයේ ලිංගිකත්වය සම්බන්ධයෙන්ද ස්වදේශීය මතධාරීන්ය. මේ පිරිස අතර ස්වදේශීය ලිංගික කුහකත්වයන් අදහන පිරිසක් අනිවාර්‍ය ලෙස සිටින්නට ඇත. අවසානයේ චන්දයෙන් ජයගත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු ලිංගික කාරනා සම්බන්ධව බටහිර මතධාරියෙක් නොවුනත් මේ ජයග්‍රහනය හරහා ශක්තිමත් උනේ ලිංගිකත්වයට අදාල වූ බටහිර මතවාදයන්වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම තුලින්ද මේ තත්වය තවත් තහවරු විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද පොදු අපේක්ෂකයා වටා සිටි තවත් ප්‍රභලම චරිතයකි ඇයද ස්ත්‍රීවාදය ඇතුලු බටහිර කුහක මතවාදයන් ලාංකීය ජන සමාජයට ඇතුල් කිරීමට වෙර දැරූ අයෙක් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ පැවති දූෂිත බවත් පොදු අපේක්ෂකයාට සුළු ජන වර්ග වල චන්ද මහා පරිමාණයෙන් ලැබීමත් හේතු කරගෙන මහින්ද මහතා පරාජයට පත්විය. මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහනය පසුපස වෙනත් බොහෝ කරුනු තිබේ. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජය සමග ලිංගිකත්වය සම්බන්ධයෙන් දේශීය මතධාරීන්ගේ ක්‍රියාකලාපය අභිබවා ඒ පිළිබඳ බටහිර මතධාරීන්ගේ ක්‍රියාකාරීතවය ඉස්මතු වීමේ ඉඩක්නම් ඇති බව කිවයුතුය. මාහට පෙන්වාදීමට අවශ්‍ය වැදගත් කාරනයනම් මෙතැනදී ලිංගිකත්වය හා සබැඳුනු බටහිර කුහකත්වයන් හා ස්වදේශීය කුහකත්වයන් එකට කළවම් වී ලාංකීය සමාජය තුල තිබූ ලිංගිකත්වය වටා ගොනු වන සැබෑ සාරධර්මයන් යටපත්වීමට යම් ඉඩකඩක් ඇති බවයි.
                   
   රනිල් වික්‍රමසිංහ මහතාගේ හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ශවය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ බටහිර නූතනවාදී ලිබරල්වාදී ප්‍රතිපත්ති සමුදායක් වේ. චන්දය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ ප්‍රතිපත්ති සමග එකට සිටින්නට නොහැකි වන්නේ ඔහු නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප යට මතවාදී වශයෙන් ඇති ස්වදේශීය නැඹුරුව නිසාය. කෙසේ හෝ වේවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වුවද ඔහුට වඩා ඔහුගේ ජයග්‍රහනය වෙනුවෙන් කැප වූ බටහිර නැඹුරුවක් ඇති පාර්ශවය බලවත් වන බව පෙනෙනට ඇත. මෙතැනදී ලාංකීය සමාජය තුල ප්‍රතික්ෂේප වෙමින් තිබූ බටහිර කුහක මතවාදයන් නැවත සක්‍රීය වීමේ අවධානමක් ඇතිබව කල්තියා කීමට අවශ්‍යය. මෙවැනි තත්වයක් උදා නොවියයුතු යැයි මාහට හැඟී යන්නේ එතුලින් අප සමාජය තුල ගොඩනැගෙන අපට නුහුරු අප්‍රසන්න ලිංගික පීඩාව, මානසික පීඩනය මෙන්ම, අවසානයට මුලු මහත් ලාංකීය ජනසමාජය විනාශය කරා ගෙනයා හැකි වෛරී විෂබීජයක් අප සමාජය තුලින්ම ජනිත වීමට ඇති ඉඩකඩ නිසා වෙයි. කොයි දේ කොහොම උනත් මැතිවරනය ජයගත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එතුමා නායකත්වය දෙන වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇත්තේ ලිංගිකත්වය සම්බන්ධව බලන කළ ස්වදේශීය මතවාදී නැඹුරුවකි. එබැවින් මෛත්‍රීපාල මහතාවත් ඔහුගේ පාක්ෂිකයින්වත් ලිංගිකත්වයට සම්බන්ධ බටහිර මතවාදයන් තුලට යා යුතු නැත. එසේ වූ පමණින් ඔවුන් ස්වදේශීය කුහකත්වයන් ඇදහිය යුතු යැයි මා කියන්නට යන්නේ ද නැත. තව ඉදිරියේදී හතර වටින් ස්ත්‍රීවාදීන් මවාපාන ව්‍යාජ දුක් අඳෝනා අප සවනටද වද දෙනු ඇත. දරුවන් පවුලෙන් හා මවු පියන්ගෙන් ඈත් කරවන්නට ඔවුන්ගේ මනසට විෂබීජ ඇතුල් වනු ඇත. ලිංග බේදයක් අවශ්‍ය නැතැයි කියමින් සමලිංගිකවාදීන්ගේ මතවාද සූක්ෂමව සමාජගත කරවන්නට වැඩසටහන් දියත්වනු ඇත. මේ සියළු දෑ සිදු වන්නට පෙර හඳුනාගෙන වලක්වා දැමීමට අප සංවේදීව පෙළගැසියයුතු වේ. අඩු තරමින් මේ ක්‍රියාදාමය ඉදිරියට ඇදෙන මුල් අවධියේම හඳුනාගෙන එය පරාජයට පත්කිරීම ඉතා වැදගත් බවද කීමට උවමනාය. අප බලාපොරොත්තු වියයුත්තේ ස්වදේශීය හා බටහිර කුහකත්වයන්ගෙන් බැටකන ලිංගික පීඩනය උත්සන්න වූ සමාජ තත්වයක් නොවේ. ලිංගිකත්වය හා බැඳුනු බටහිර මතවාද වලට යට වීමට මෙරට දේශපාලන ප්‍රවාහ එකතුවේ අති මහත් බහුතරයකට අවංකව නොහැකි බැවින් මෙහිදී අප බලාපොරොත්තු වියයුතු එම කාරනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමට පැහැදිලිව හැකියාවක්ද තිබේ.

Sunday, December 21, 2014

එළඹෙන ජනාධිපතිවරනය සමාජයේ සැබෑ ලිංගික නිදහසට කවර බලපෑමක් කරයිද?

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන මා මීට ටික කලකට පෙර ලිපියක් ලියා ඇත කුහකත්වයන් ඛ. ඒ තුලින් ලිංගික කුහකත්වයන් මත ගොඩනැගෙන බොරු සාරධර්මයන් හා ඒ සියල්ල ජන මනස අන්ධකාරයේ ගිල්වූ කළ ඇතිකරන සමාජ පීඩාව කෙබඳු ද යන්න විග්‍රහ කර ඇත. මේ අනුව සැබෑ ලිංගික නිදහස යනු ස්වභාවධර්මයෙන් ලිංගිකත්වය කියන දේ නිර්මානය වී තිබෙන ආකාරයටත් ප්‍රජනනය ඇතුලු ඊට අනුකූල සංසිද්ධි වලටත් පටහැනි නොවන, ලිංගික ක්‍රියාකාරකම් සමුදායක් නියමාකාරයෙන් පවත්වාගැනීමට තිබියයුතු නිදහසක් බව කාටත් තේරුම්ගැනීම අපහසු නොවේ. එබැවින් ඒ ගැන වැඩි විස්තර මේ ලිපියෙන් කීමට මා බලාපොරොත්තු වන්නේ නැත. අවශ්‍යනම් ඊට අදාල මුල් ලිපි කියවා බලන්න.

http://sabalingikanidhahasa.blogspot.com/2014/04/blog-post_21.html


http://sabalingikanidhahasa.blogspot.com/2014/06/blog-post_22.html 

http://sabalingikanidhahasa.blogspot.com/2014/03/blog-post_18.html 

මේ ලිපිය ලියන්නට මා අදහස් කළේ දැන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුධකාරී තත්වයත් ඉදිරි ජනාධිපතිවරනයත් සමාජයට බලපාන ආකාරය ලිංගිකත්වය පදනම් වූ දෘෂ්ඨිකෝණයකින් බලා කරුනු ටිකක් සාකච්ඡා කිරීමටයි.
                         දේශපාලනය සැබෑ ලිංගික නිදහසට බලපාන ආකාරය කීමට මත්තෙන් අපේ රටේ සමාජ පසුබිමත් පෙර සමාජයේ ලිංගික කාරනා සම්බන්ධයෙන් තිබූ විවුර්ත බවත් ගැන යමක් කියා සිටියොත් ලිපියේ හරයට එය ප්‍රයෝජනවත් වෙයි. අපේ පැරණි සමාජය තුල පැහැදිලිවම පිරිමි හා ගැහැනු වශයෙන් පැහැදිලි බෙදීමක් හා මානව ක්‍රියාකාරකම් වර්ගීකරනයක් තිබී ඇත. එය එසේ නොවේ යැයි කියන්නේත් එය අධිරාජ්‍යවාදයෙන් උරුම වූවක් බවට බේගල් ඇදබාන්නේත් අධිරාජ්‍යවාදී අධ්‍යාපනයට තම කුහකකම් කලවම් කරගෙන යුරෝපීය නූතනවාදයේ ලිංගික සිද්ධාන්තයන් ඉස් මුදුනින් ගත්තවුන් වේ.
                         

ලොව ඕනෑම ජන සමාජයක පිරිමි ගැහැනු ලිංගික සුවිශේෂීතා හා ගැලපීම් අනිවාර්ය ලෙස තිබෙන අත්‍යාවශ්‍ය අංග වේ. එසේ වන්නේ මෙලොව ඉපදෙන පිරිමි හෝ ගැහැනු කාට කාටත් ලිංගික ක්‍රියාකාරීත්වයක් ස්වභාවයෙන් පිහිටන බැවින් හා එය කාගේ කාගේත් ජීවිතවල ස්ත්‍රී පුරුෂ භාවය අනුව කේන්ද්‍රීය සාධකය වන බැවිනි. එසේනම් ලංකාවේ ජනසමාජයටත් එය ඒ ආකාරයෙන් පොදුය. ලාංකීය ජනසමාජයේ පැරැන්නන් අතර සැබවින් ලිංගිකත්වය ගැන පැහැදිලි මතයක් හා දර්ශනයක් තිබී ඇත. එය අදටත් වලංගු වේ. ඔවුන් අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ ලෙස දෙපාර්ෂවයේම එකිනෙකාට ලිංගිකව සුවිශේෂී ලක්ෂණයන්ටත් එකිනෙකාගේ කායික හා මානසික හැඩගැසීමටත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීමට පුරුදුව ඇත. දරුවන් කුඩා කළ සිට මවු පියන්ට යම් ගෞරවයක් ඇතිව ගැහැනු පිරිමි ලෙස ඔවුන්ගේ ලිංගිකත්වයට ආවේනික විශේෂත්වයන් ගොඩනැගෙන ලෙස හදා ගැනීමට මවු පියන් වගබලාගත්හ. ඒ ලිංගිකත්වය යනු කුමක්ද යන්නත් එහි ස්වභාවය ගැනත් ඔවුන්ට මනා සංවේදීතාවයක් හා අවබෝධයක් තිබූ නිසයි. ඇතැම් පිරිස් අතර සුළුවෙන් හෝ කුහකත්වයන් නොතිබුණාම නොවේ. ඒ සුළු පිරිස පිරිමින් මෙන් ක්‍රියාකරන කාන්තා චරිත වීරත්වයට නැගුවද බහුතර සමාජයේ පිළිගැනීම එය නොවීය. බටහිර සමාජයේ මේ කුහකත්වයන් නූතනත්වයත් සමග ඔඩුගිය පසු අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් ලාංකික සමාජයටද ආදේශ විය. අද වනවිට පැරණි සමාජයේ අතලොස්සක් වූ කුහකත්වයන් බටහිර කුහකත්වයන් සමග කලවම් වී යම්තාක් දුරට බලවත් වී සමාජ පීඩාවක් බවට පත්වෙමින් ඇත. මෙය වඩා තීව්‍ර වන්නේ අධ්‍යාපනය තුලට ලිංගික කුහකත්වය රිංගීමත් සමගය.අදවන විට පැරණි සමාජයේ ලිංගික සුවිශේෂීතා හා පිරිමි ගැහැනු ලිංගික ගැලපීම මත පදනම් වූ සැබෑ සාරධර්මයන් ලිංගික කුහකත්වය මත පදනම් වන බොරු සාරධර්මයන්ගෙන් යටපත් වෙමින් ඇත. කෙටියෙන් කිවූ මේ කරුනු ටික මත පිහිටා ලිපියේ ඉදිරි විස්තරය කරමි.
               

පෙර පැවති ආණ්ඩු හා පවතින රජය සමාජීය ලිංගික නිදහස සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති මොනවාද යන්න සංසන්දනාත්මකව ඉදිරිපත්කර සිටීම මෙහිලා වැදගත් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ ලාංකීය සමාජයට බටහිර සමාජයේ නූතනත්වය සමග ඔඩුගිය කුහකකම් ආදේශ නොවුවද යම් තාක් දුරට අපේ සමාජයේම තිබූ කුහකත්වයන් පනලැබීමක් සිදු වී ඇත. එය රජය උවමනාවෙන් කළ දේකට වඩා බටහිර අද්‍යාපනයට ලාංකීය මුහුනුවරක් නොදී මාක්ස්වාදී සමාජවාදී ආකල්ප මත ඉදිරියට යන්න ඉඩ හැරීමත්,ඊට අප සමාජයේම තිබූ යම් යම් කුහකත්වයන් කලවම් වීමට ඉඩහැරීමත් නිසා සිදු වූවකි. නිදහස් අද්‍යාපනය තුලින් දුප්පත් ගැමි පවුල්වල දරුවන් උසස් අද්‍යාපනය ලබා, රජයේ ඉහල තනතුරු වලට පත්වීම හරහා අද්‍යාපනය පූජනීයත්වයට පත් වුවද ඒ තුල තිබූ රටට හා සමාජයට නොගැලපෙන දුර්වලතා හඳුනාගන්නට ඒ හරහා උගතුන් බවට පත් වූ කිසිවෙකුටත් නොහැකි වූයේ අරුමයකින් නොවේ. මෙලෙස උගතුන් බුද්ධිමතුන් බවට පත්වූ පසු පරම්පරාවේ අය අප සමාජයේ තිබූ විරුද්ධ ලිංගික ආකර්ශනය හා ගැලපීම් ඇතිකරවන සමාජීය ගුණාංගත් ඒ වටා සබැඳි ක්‍රියාකාරකම් වලට තිබූ නිදහසත් ප්‍රගතිශීලී නොවන මෙන්ම මානව සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය දේ ලෙස නොදැක්කෝය. ඔවුන්ගෙන් බොහොමයක් දේනා මේ ගුණාංග අධ්‍යාපනයටද බාධක ලෙස දකින්නට තරම් කුහකයන්ද වූහ. ලිංගික කුහකත්වයන් මත පදනම් වන බොරු සාරධර්මයන්ද මේ වනවිට අධ්‍යාපනය හරහා මානා කැලයක් ගිනිගත් ආකරයට පැතිරෙන්නේ පෙර සඳහන් කාරනාවල පන්නරයෙනි.
                   
එක්සත් ජාතික පක්ෂ රජයන් සාමාන්‍යයෙන් ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුගමනය කළද, ලිංගික නිදහස සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන්නේ සැබෑ ලිංගික නිදහසක් ඇතිකිරීමට වඩා බටහිර නූතනවාදයේ ලිංගිකත්වය හා සබැඳි කුහකත්වයන් ගැබ් වූ මතවාද ලාංකීය සමාජයට ආදේශ කිරීමේ ප්‍රතිපත්තියකි. පැහැදිලි උදාහරනයක් වන්නේ බටහිරින් ගොඩනැගුනු ස්ත්‍රීවාදය අප සමාජයට ආදේශ කිරීමය. ඊට සාහය ලැබුණේද බටහිර අධ්‍යාපනයෙන් ඉහල ගිය උගත් පිරිසගෙනි. එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ කාන්තා දින සැමරීම හා ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මෙන්ම සමස්ථ සොබාදහමම වහක් කරගත් කාන්තාවන් සමූහයක් බිහිකරගැනීම සිදුවිය. එතැන් සිටද සිදුවූයේ අප ලාංකීය සමාජයට ආවේනික වූ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඒ සමග එකට ජීවත් වීමේ ක්‍රමය බිඳවට්ටමින්, ස්ත්‍රී පුරුෂ විශමලිංගිකත්වයටත් ඒ වටා ඇති ලිංගික ගැලපීම් වලටත් බැට දීම හා මිනිසුන්ගේ කුහකකම් මත ලිංගිකත්වයේ ස්වහාවයන් වෙනස් කිරීමේ ක්‍රියාදාමයක් බටහිර බොරු ලිංගික නිදහස සමගින් රටට ආදේශ වීමයි. මේ තත්වය කෙසේ නමුත් පැවතියේ එතරම්ම සක්‍රීය මට්ටමක නොවේ. චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ එම ක්‍රියාදාමයන් තවත් උත්සන්න වෙමින් ඉදිරියට ඇදෙන්නට විය. බටහිර රටවල බලපෑමෙන් මෙරට සමාජයේ ලිංගිකත්වය සම්බන්ධව තිබූ පිළිගැනිම් වෙනස් කරන්නට වැඩසටහන් දියත් වන්නටද විය. ලිංගිකත්වය මත පදනම් වූ දෘෂ්ඨිකෝණයකින් මේ ක්‍රියාදාමය දෙස බැලීමේදී පවතින රජයට ඇත්තේද මානව ප්‍රජාවේ පැවැත්මට අවශ්‍ය සැබෑ ලිංගික නිදහස කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් නොවන බව පෙනෙන්නට තිබේ. වර්තමාන දේශපාලන තත්වය තුලද දක්නට ඇත්තේ කුහකත්වයන් හා ලිංගිකත්වය සමග සබැඳි සැබෑ ගුණාංග එකිනෙක ගැටෙමින් යන අවිනිශ්චිත ඉදිරි ගමනකි. එක් අතකට චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ක්‍රියාත්මක වූ ස්ත්‍රීවාදී කුහක ක්‍රියාකාරකම් වලට නැවතීමේ තිත තැබීමට වත්මන් ආණ්ඩු දේශපාලන ප්‍රවාහයට උනන්දුවක් නැත. අනෙක් අතට අප සමාජය තුල පෙර සිට පැවති ලිංගික කාරනා මත පදනම් වූ සැබෑ වැද්හගත් ගුණාංග රැකීම තුලද එම දේශපාලනයම තවත් විටෙක සිටී.
                   
සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන මාගේ පෙර ලිපියෙන් බටහිර රටවල මේ වනවිට ඇත්තේ සැබෑ ලිංගික නිදහසක් නොව, ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට වැටකොටු සීමා පනවමින් එම ගුණාංග ඉදිරියට ඇදීම අඩපන කරන නීති වලින් පිරුනු විකාර තත්වයක් බව පෙන්වා දී ඇත. ස්ත්‍රීවාදය හරහා පිටට පනින "ස්ත්‍රිය පිරිමියාගේ කාම වස්තුවක් නොවේ","ස්ත්‍රිය පිරිමියාගේ දරුවන් වැදීමට මෙලොව ඉපදී නැත" ආදී මතයන් බටහිර සමාජයේ සක්‍රීය වී තිබෙන්නේ පිරිමි හා ගැහැනු ලිංගික විශේෂණ තුලින් ලිංගික පෙරැත්ත එකිනෙක ගැලපෙන ලෙස සැබෑ ලිංගික නිදහස මත පදනම් වූ ක්‍රියාකාරකම් නොවේ. මේ මතය අද බටහිර ප්‍රභූ කොට්ඨාශය විසින් නිර්ප්‍රභූ සාමාන්‍ය වැසියන් වෙත පටවා ඇත.මේ පිළිබඳවද ලිපියක් මා පළකර තිබේ.(
http://sabalingikanidhahasa.blogspot.com/2014/08/blog-post.html )බටහිර සමාජයේම කුහකත්වයන් මේ මතය ආරක්ෂා කරයි. මෙවර ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා හා ඔහු වටා එක් රොක් වී සිටින විවිධාකාර පුද්ගලයන් දේශපාලන පක්ෂ අනුගමනය කරන ප්‍රතිපත්ති වල පරස්පරතාවයන් ඇති බවද පැහැදිලිය. එය වෙනමම කරුනකි. ලිංගිකත්වය පදනම් වු දෘෂ්ඨිකෝණයකින් මේ සිද්ධිය දෙස බලන විට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමාරතුංග යන මත්ම මහත්මීන් ඇතුළු සාපේක්ෂ අති මහත් බහුතරය බටහිර නූතනවාදී  මතවාද සමග එකට ගමන් කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ තත්වය යටතේ පොදු අපේක්ෂකයා ජයගතහොත් සක්‍රිය වන්නේ ලිංගිකත්වය හා බැඳුනු බටහිර නූතන මතිමතාන්තර හරහා එන්නා වූ ක්‍රියාකාරකම් වේ. එහිදී ලාංකීය සමාජයේ පවුල් සම්බන්ධතා, පුරුෂ හා ස්ත්‍රී ලිංගික ස්වභාවයේ විශේෂතා අනුව ඇති ගැලපීම් ඇතුළු ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් ශක්තිමත් කිරීමට රුකුල් දෙන සැබෑ ලිංගික නිදහසක් සක්‍රිය නොවේ. බොහෝ දුරට මේ දේශපාලන තත්වය සමග බටහිර විදෙස් බලපෑම් හරහා සමලිංගිකත්වය ඇතුළු මිනිස් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයන් බලෙන් ලාංකීය සමාජයට පැටවීමේ යම් අවධානමක්ද ඇතිවේ. එලෙසින්ම ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා හා එම බැඳීම් ශක්තිමත් කරවන ක්‍රියාකාරකම් කෙරෙහි බටහිර සිදු වී ඇති ආකාරයට වෛරය පදනම් වූ නීති රෙගුලාසි බලගැන්වීමේ යම් ඉඩප්‍රස්තාවක්ද මේ තුලින් නිර්මාණය වීමට ඉඩ ඇත.         
            
  ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයගැනීම තුල කුමක් සිදුවියහැකිද යන්නත් කතා කළයුතු වේ. කවුරු පැමිණියත් ලිංගිකත්ව සාධකයේදී බටහිර රටවල නූතනවාදයත් සමග ඇතිවූ වෙනස්කම් හා ස්ත්‍රීවාදය වැනි බටහිර කුහක මතවාද ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට  ඇතිවන විදෙස් බලපෑම් නවතී යැයි සිතිය නොහැක. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් මෙන් මහින්ද රාජපක්ෂ මහතා ඊට හැම අතින්ම අවනත වන්නට ඉඩක් නැත. එහෙත් යම් මට්ටමකට හෝ එම බලපෑම නොතිබේයැයි කියා සහතිකයක්ද නොමැතිය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ මතවාදි නැඹුරුතාවයන් ඇතුළු ඒ මහතාට සහය දෙන ස්වදේශීය කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය සැලකූ විට රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බටහිර නූතනවාදී වෙනස්වීම් ක්‍රියාත්මක වීමට හා බටහිර කුහකත්වයන්ට හිස එසවීමට තිබෙන ඉඩකඩනම් අඩුය. ඒ කාරනය පසෙකින් තිබියදී තවත් දෙයක් මේ සම්බන්ධව  කතා කරන්නට තිබේ. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බටහිර කුහකත්වයන් රටට ආදේශ වීමට ඇති ඉඩකඩ අඩු වුවත් ලාංකීය සමාජය තුල තිබෙන ලිංගික කුහකත්වයන් ඉදිරියටත් ඒ ආකරයෙන් පවතින්නට පැහැදිලි ඉඩක් ඇත. එපමණක්ම නොව දැනටත් අධ්‍යාපනය තුලට මුහු වී බොරු වැදගත්කමක් ඈඳාගෙන තිබෙන ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් කුඩා ළමුන් ඉදිරියේ හෑල්ලුවට ලක්කර පණ්ඩිත සුදනන් වීමේ සම්ප්‍රදාය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තිබුණත් නවතී යැයි සිතිය නොහැක. කොයි හැටි වෙතත් එක්සත් ජාතික පක්ෂය හා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය බලවත් වූ කාල වල මෙන් බටහිර හා ලාංකීය කුහකත්වයන් එකට කළවම් වී මහා සමාජ පීඩාවක් ඇතිවීම නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නොවන්නටනම් ඉඩකඩ තිබේ. ලාංකීය සමාජයේ දක්නට තිබෙන ලිංගික කුහකත්වයන් හා ලිංගික කාරනා සම්බන්ධ සැබෑ වටිනා ගුණාංග අතර ගැටුම ඒ අයුරින්ම  ඉදිරියට ඇදීමද මේ අතරම සිදුවන්නකි.
                 
මෙතෙක් කියවුනු කාරනා සියල්ල සලකා බලන කළ ලිංගික කාරනා කෙරෙහි වඩා සංවේදී සැබෑ ලිංගික නිදහස අගයන පිරිස මේ තීරනාත්මක ජනාධිපතිවරනයේදී කෙසේ ක්‍රියා කළයුතුද කියන කාරනයත් නොකියාම බැරි අතිශය වැදගත් දෙයකි. මෙහිදී මම පෙන්වා දෙන්නේ මුලින්ම මේ සම්බන්ධයෙන් බටහිර කුහකත්වයන් හා මෙරටේ සම්ප්‍රදායික ලිංගික කුහකත්වයන් එකට කළවම් වී මහා සමාජ පීඩාවක් වනවාට වඩා බටහිර බලපෑම දුර්වල වී රටේ සම්ප්‍රදායික කුහකකම් පමණක් යම් මට්ටමකින් සක්‍රිය වී තිබීම තරමක් දුරට හෝ හානිකර නොවන කරුනයි. මෙනයින් බලන කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ජයගැනීම මේ සම්බන්ධයෙන් යහපත් වේ. එවිට ඉන් පසුවට කරන්න තිබෙන්නේ ඒ මහතා වටා තිබෙන අනෙක් ස්වදේශීය කුහක බලවේග දුර්වල කිරීම පමණකි. ඒ සඳහාද ඒ ගැන මනා අවබෝධයකින් කළයුතු වැඩ කොටසක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ  මින් මතුවටත් එළඹෙන මැතිවරන වලදී ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති ගැනද විමසිල්ලක් ඇතිව චන්දය භාවිතා කරමින් විවුර්ත අදහස් ඇති ස්ත්‍රී පුරුෂ භාවය හා සමාජය ගැන පැහැදිලි මතයක් තිබෙන පුද්ගලයන් අප නියෝජිතයන් ලෙස පත්කරගැනීමයි. මේ සඳහා චන්ද අපේක්ෂකයන්ගේ පවුල් පසුබිම දරුවන්ගේ මනස හැඩගස්වන පිළිවෙල ආදී කාරනා වලින් ඔවුන් ගැන යම් මැනීමක් මූලිකව කළහැක. මෙහිදී කාන්තාවන්ට චන්දය දීමද නුවනට හුරු නොවේ. මක්නිසාද යත් ඔවුන් මතවාදී වශයෙන් බටහිර ස්ත්‍රීවාදී නැඹුරුතාවයක් අනුව කටයුතු කිරීමට ඉඩකඩක් ඇති හෙයිනි. මහජන නියෝජිතයන් යනු මිනිස් කැලකට සමාජය තුල නායකත්වයක් දෙනෙ අය වෙති. ඔවුන්ට මිනිස් ස්වභාවයන් හා මානව වර්ගයාගේම පැවැත්මට බලපාන ගුණාංගයන් අභිබවා කටයුතු කල නොහැකිය. එබැවින් ලිංගික කාරනා සම්බන්ධයෙන් මානව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වැනසීම නොකර තමන් නායකත්වය දෙන සමාජය සුරක්ෂිතව තබා ගැනීමට ඔවුන්ටද වගකීමක් තිබේ. මේ සංසිද්ධි ගැන අවබෝධයකින් සුදුස්සන් අප නියෝජිතයන් ලෙස තෝරාගැනීමටත් ලිංගික කාරනා සම්බන්ධයෙන් පොදු සමාජ වගකීම් ඉටුකරමින් සැබෑ ලිංගික නිදහස රැකගැනීමටත් අප සියල්ලන්ට වගකීමක් ඇත. එය ක්‍රියාවට නගමින් වගකීමක් ඇතිව ජීවත් වීම අප කාගේ කාගේත් අනාගතයට අතිශයින්ම වැදගත් වේ.

Sunday, August 3, 2014

මාක්ස්වාදීන්ට නොපෙනෙන ධනපති ප්‍රභූ පැලැන්තිය විසින් නිර්ප්‍රභූ දුප්පතුන් වෙත ඇතිකරන ලිංගික පීඩාව.


මාක්ස්වාදය හා ඊට සමගාමී සමාජවාදය ගැන කවුරු කවුරුත් අසා ඇතුවා මෙන්ම බොහෝ කරුණු දන්නවාටද සැකයක් නැත. මෙම ලිපියෙන් මාක්ස්වාදී සමාජවාදයේ මූලධර්මයන් හා විශ්වාසයන් ගැන දීර්ග වශයෙන් කරුනු සාකච්ඡා කිරීමට අදහස් නොකරමි. මෙයින් පෙන්වාදෙන්නේ මාක්ස්වාදයේ හා එහි අනුගාමික පිරිසගේ එක්තරා හැසිරීමකි. ඒ ඔවුන් ලිංගිකත්වය කියන කාරනයේදී සුපුරුදු කුහකත්වය සමාජවාදයටද ඈඳාගෙන ඊට අනුව සමාජයේ ලිංගික කාරනා දෙස බැලීමයි.
                  මෙහිදී මාහට පෙන්වාදීමට අවශ්‍ය සිද්ධිය වන්නේ මාක්ස්වාදීන් විසින් අන් සියළුම ආකාර වලට ධනපති ප්‍රභූ පැලැන්තිය අතින් නිර්ප්‍රභූ දුප්පතුන් පීඩාවට පත්වන ආකාරය ගැන කෑමොරදෙමින් සමාජ සාධාරනත්වය ගැන කතා කරනු ලැබුවද, ලිංගිකත්වය යන කාරනාවේදී ධනපති ප්‍රභූන් විසින් නිර්ප්‍රභූ දුප්පතුන්ට ඇතිකරන පීඩාව ගැන කතා නොකිරීම හා එම පීඩාවේ යම් යම් ප්‍රතිඵල කුහකත්වය මත පිහිටා තම න්‍යාය තුලට ගෙන සාධාරනීකරනය කරගැනීමයි.


                   මෙහිදී පළමුව මතක්කර දෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවය හා එහි යහගුණයන් ඇති නැති පරතරය අනුව වෙනස් නොවන බවයි. නමුත් මාක්ස්වාදයට ලිංගික කුහකත්වය කළවම් වූ කළ එය එසේ සිදුවන බව මේ මතවාදය අනුගමනය කරන්නන් විශ්වාස කරන්නට පෙළඹෙති. යම්කිසි කෙනෙකුට විරුද්ධ ලිංගිකයෙකු තමා වෙත ආකර්ෂණය කරගැනීමට, එලෙසම විරුද්ධ ලිංගික සහකරුවෙකු සමග ලිංගික තෘප්තිය ලැබීමට හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරාගැනීමට ඇති උවමනාව ඒ පුද්ගලයාගේ ආර්ථික තත්වය මත වෙනස් නොවේ. ගැහැනු පිරිමි කවරෙකු හෝ තම විරුද්ධ ලිංගිකයාගේ ලිංග ලක්ෂණයන් හා සෙසු මනෝවිද්‍යානුකූල විශේෂතාවයන් හඳුනාගන්නේත් ඒ වෙත ආකර්ෂණය වන්නේත් තම ආර්ථික තත්වය හෝ මාක්ස්වාදීන්ට අනුව තමා අයත්වන පන්තිය  පදනමට ගෙනද නොවේ. එය සිදුවන්නේ ස්වභාවධර්මයේ ආචරනයක් හැටියටයි.  ඕනෑම සමාජ වටපිටාවක කාන්තාවන් පිරිමින් හට ලිංගිකව ප්‍රසන්න හා ආකර්ෂණය ඇතිකරවන  ලෙසත් ප්‍රජනන අවශ්‍යතාවයේදී දරුවන් හැදීමට හා පෝෂණය කිරීමටත් විශේෂයෙන් හැඩගැසී තිබෙන්නේ ධනපති පන්තියේ අනදීමක් හැටියට නොවේ. ඒ අයුරින්ම කාන්තාවන් පිරිමින් ආකර්ෂනය වන පරිදි විලාසිතා විශේෂාංගයන් ජීවිතයට එක් කරගන්නේත් ඔවුන්ටම ආවේනික ක්‍රියාදාමයන් ගොඩනගාගනිමින් ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රීය වන ලෙස හැඩගැසුනු ජීවිත නිර්මානය කරගන්නේත්, ස්ත්‍රීවාදීන් කියන ආකාරයට පිරිමියාගේ අනදීමක් නිසා නොවේ. එය එසේ වන්නේ ස්වභාවධර්මයෙන් ලිංගිකත්වයත් මිනිස් ලිංගිකත්වයේ මානසික සාධකයත් ගොඩනැගෙන ආකාරය අනුවයි. අනෙක් අතට ස්ත්‍රීත්වයෙන් වෙන්වන පිරිමින්ට ආවේනික වූ ලිංග ලක්ෂණ වලටත් මානසික විශේෂතාවයන්ටත් කාන්තාවන් ස්වභාවිකව ආකර්ෂණයක් දක්වති. මේ ගැන වැඩිදුර කරුනු විග්‍රහ කිරීම මේ ලිපියෙන් කිරීමට අදහස් නොකරමි. උදාහරන ලෙස කෙටියෙන් යමක් කියන්නේනම් පිරිමින්ගේ ලිංගික හැඟීම් දැනීම් වලට යම් පසුබිම් සහයක් ලැබෙන අයුරින් කාන්තා ඇඳුම් නිර්මානය වීම හා ස්ත්‍රී විශේෂතා ගොඩනැගීමත් ස්ත්‍රීන් ලිංගිකව ආකර්ෂණය කරවන පෞරුෂයන් පිරිමින් අතර ගොඩනැගෙන්නේත් සම්පත් පරිභෝජනය අනුව ධනපති සමාජය තුල පමණක් නොවන බව පෙන්වා දිය හැක.
   

                           
කෙසේ හෝ වේවා ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේදී ඉහත සඳහන් සාධකයන්ම සැලකිල්ලට ගත් කළ ඇති නැති පරතරය අනුව යම් යම් විෂමතාවයන් තිබෙන බව පැහැදිලිය. ධනය හා සම්පත් අතින් පොහොසත් ප්‍රභූ සමාජය දෙස බලන කළ ඒ තුල ගැහැනු පිරිමි සියළු දෙනාට ලිංගික කටයුතු වලදී සාපේක්ෂව වැඩි නිදහසක් මෙන්ම ඒ වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමේ හැකියාවද ඇත. විශේෂයෙන් පිරිමි පාර්ශවයට තම ලිංගික කටයුතු වලදී ඊට කවර ආර්ථික ස්ථරයකට අයත් සමාජයක කාන්තාවන් වුවද සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. නමුත් නිර්ප්‍රභූ දුප්පත් සමාජයට මේ නිදහස සාපේක්ෂව බොහෝ අඩුය. එමෙන්ම මාක්ස්වාදීන්ට අනුව නිර්ධන පංතියට අයත් පුද්ගලයන්ට ජීවිතයේ වැඩිම කළක් ධනපති පන්තියේ සියළු අවශ්‍යතා වලට තමන්ගේ සිතුම් පැතුම් වලටත් වඩා වැඩි ප්‍රමුඛත්වයක් දී රාජකාරි කිරීමට සිදුවේ. විශේෂයෙන් නිර්ධන පන්තියට අයත් පිරිමින්ට ධනපති ප්‍රභූ කාන්තාවන් සමග කවර හෝ ලිංගිකන් සබඳතාවයක් පැවැත්වීමේ ඉඩකඩ ඉතා අල්පය. එලෙසම ඔවුන්ට තම සමාජ ස්ථරය තුලින්ම ලිංගික සහකාරියන් සොයාගැනීමද අපහසු වන්නේ ධනය පසුපස හඹා යන සමාජ පසුබිමක ආර්ථික අතින් දුප්පත් කාන්තාවන්ද ධනපති ප්‍රභූ පිරිමින් ඇසුරට හා ඔවුන් සමග විවාහයට වැඩි උනන්දුවක් දැක්වීම තුලය. මාක්ස්වාදී පණ්ඩිතයන්ට මේ දේවල්නම් කිසිදින පෙනෙන්නේ නොපෙනේ. ඒගැන ඉදිරියට කතා කරමි.
                              
  ඇති නැති පරතරය මත ගොඩනැගෙන ලිංගික පීඩාවන් කාන්තාවන්ගේ පැත්තෙන්ද පැහැදිලිව දකින්නට ඇත. පිරිමින් ලිංගිකව ආකර්ෂණය කරගන්නා වූ පිරිමි ලිංගික හැඟීම් උත්තේජනය කරන ආකර්ෂනීය විලාසිතා කිරීමට නිර්ධන පංතියට අයත් කාන්තාවන්ගේ අකමැත්තක් නැත. ඒ සිය විරුද්ධ ලිංගිකයෙකු ආකර්ෂනය කරගැනීම ධනපති කාන්තාවන්ගේ ජීවිතයට පමණක් සීමාවන දෙයක් නොවන හෙයිනි. නමුත් ඒ සඳහා ඔවුන්ට ඇති ඉඩකඩත් ඒ වෙනුවෙන් යෙදවීමට මිලමුදල් හා කාලයත් අඩුය. මේ සිද්ධිය හමුවේ මාක්ස්වාදීන්ගේ හැසිරීම දෙස බැලුවොත් පෙනෙන්නේ ඔවුන් එහිදී කාන්තාවන් පිරිමින්ගේ ආකර්ශනයට ලක්වීම වැඩකට නැති දෙයක් ලෙසත් එය ධනපති සමාජයේ පිරිමින් විසින් කාන්තාවන් පීඩාවට ලක්කිරීමක් හා ලිංගික වහලියක් කරගැනීමක් ලෙසත් සලකන බවයි. හොඳින් බලනකළ ස්ත්‍රීවාදයද මීට බොහෝ සමගාමීව යන බවක් පෙනේ.
ස්ත්‍රීවාදීන් මෙන්ම මාක්ස්වාදීන්ද මෙහිදී කියන්නේ කාන්තාවන් එලෙස පිරිමින්ගේ ආක්කර්ෂනයට ලක් වීම පුරුෂයාගේ සම්ප්‍රදායික බලපෑමක් මත පමණක් සිදුවන බවකි. ඔවුන්ට අනුව නිර්ප්‍රභූ දුප්පත් කාන්තාවන්ට පිරිමින් සමග උරෙනුර ගැටෙමින් වැඩ රාජකාරි කිරීමට තිබේ. එමෙන්ම මාක්ස්වාදීන්ට අනුව නිර්ධන පංතියට අයත් කාන්තාවන්ට ලස්සන වීමට හෝ පිරිමින්ට ප්‍රිය උපදවන විලාසිතා කිරීමට අවශ්‍ය නැතුවා මෙන්ම ඒ සඳහා කාලයක්ද නැත. නිර්ධන පංතියේ පිරිමින්ද මාක්ස්වාදීන්ට අනුව කාන්තාවන්ගෙන් ස්ත්‍රීත්වය හා ලිංගිකව ප්‍රසන්නබවක් බලාපොරොත්තු නොවන පිරිසකි. ඒ ඔවුන්ගේ න්‍යායට අනුව නිර්ධන පංතියේ පිරිමින් ධනපති පිරිමින් මෙන් කාන්තාවන් කාමුක වස්තූන් ලෙස සලකා පීඩාවට පත් නොකරන පිරිසක් නිසාය.


                       මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තියේ පිරිමින් මෙතරම් යහපත් ( කුහකත්වය අනුව )පිරිසක් උනොත් ධනපති ප්‍රභූ පිරිමින්ට නිර්ධන පන්තියට අයත් කාන්තාවන්ද ඔවුන්ගේම වචන අර්ථයෙන් ලිංගික කෙලි බඩු කරගැනීමට පහසු වනු ඇත. ඒ ටික සිද්ද උනොත් එතැනදීත් මාක්ස්වාදීන්ද ස්ත්‍රීවාදීන් මෙන්ම කියනේ ධනපති පිරිමින් නිර්ධන පන්තියේ කාන්තාවන් ලිංගිකව සූරාකන බව හා ස්ත්‍රිය පුරුෂයාගේ කාමුක වස්තුව බවට පත්වන බවයි. ඒ නිර්ධන පන්තියේ කාන්තාවන්ට ස්වභාවිකව දායාද වන ස්ත්‍රීත්වයක් හා ස්ත්‍රී ලිංගික පෙරැත්තක් ඇති බවද නොසලකමිනි. නිර්ප්‍රභූ දුප්පත් සමාජය සැලකීමේදී කාන්තාවන්ගේ පැත්තෙන් ඇති තවත් ගැටළුවක් වන්නේ ඔවුන්ට හරිහමන් දේපලක් නැතිවීම හා මිල මුදල් අගහිඟකම් විවාහයට බාධාවක් වීමය. විවාහ නොවී ලිංගික ඇසුර පැවැත්වීම කළහැකි වුවත් එය සියල්ලන්ට කළ නොහැක. එනිසා මෙතැනදී එවැනි තත්වයකට මුහුණදෙන තැනැත්තියන් පැහැදිලිව ලිංගික සහකරුවෙකු සොයාගැනීමේ ගැනීමේ ගැටළුවකට මුහුණ දෙති. එහෙත් මාක්ස්වාදීන් ප්‍රශ්නය ගෙනයන්නේ වෙනත් දිශාවකටය. එහිදී ඔවුන්ට මේ ප්‍රශ්න සියල්ලට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ වර්ග කිරීමට අනුව ධනපති පන්තිය විසින් බුක්තිවිඳින සැපසම්පත් නිර්ධන පන්තිය විසින් ලඟාකරගැනීමේ අරගලයයි. එතැනදී ධනපති ප්‍රභූ පිරිමින් සමග හැප්පෙන්නට නිර්ධන පන්තියේ කාන්තාවන්ද නිර්ධන පිරිමි පාර්ශවය සමග උරෙනුර ගැටෙමින් සහභාගී වියයුතුය. යම් හෙයකින් අරගලය සාර්ථක වී සටනින් නිර්ධන පන්තිය ජයගත්තේනම් එදාටද මාක්ස්වාදීන්ට වැදගත් වනු ඇත්තේ සම්පත් පරිභෝජනය මිස වෙනත් දෙයක් නොවේ. ධනපති පන්තියේ පිරිමින් හා කාන්තාවන් එකිනෙකාගේ ලිංගික සුවිශේෂීතා වලට සංවේදී වෙමින් විවාහයන් ඇතුළු ලිංගික ජීවිත ගෙනගිය ආකාරය හා කම්සැප බුක්තිවින්ද ආකාරය ආදර්ශයට ගැනීමටනම් මාක්ස්වාදීන් සටන දින්නත් නිර්ධන පන්තියට කෙසේවත් අනුබල නොදෙනු ඇත. ඒ ඔවුන්ගේ න්‍යායන්ට අනුව විරුද්ධ ලිංගික බැඳීම් ශක්තිමත් කරන ස්ත්‍රී පුරුෂ මිනිස් ලිංගික විශේෂනයන් හා ඒ අනුව ඇති බෙදීම් ප්‍රගතිශීලී  නොවන නිසාත්, සම්පත් පරිභෝජනයේදී කාන්තාවද පිරිමියාට සමාන වියයුතු ලෙස ඔවුන් සලකන නිසාත් වේ. මාක්ස්වාදීන්ට අනුව කාන්තාවන්ටද  ඇත්තේ පිරිමින්ට තිබෙන අවශ්‍යතාම වේ. ඔවුන් ස්ත්‍රී පුරුෂ හැටියට මිනිස් වර්ගයාගේ ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පදනම හා ලිංගික සුවිශේෂීතා පිලිනොගනිති.
                           
  ධනපති පංතියට අයත් ඇතැම් පිරිමින්ගේ ලිංගික කුහකත්වයන් හා ආත්මාර්ථකාමීත්වයන් නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් සටන් කරන මාක්ස්වාදීන්ගේ කුහකකම් සමග සමගාමී වන අවස්ථාද පැහැදිලිව තිබේ. ලිංගික කාරනයේදී ධනපති ප්‍රභූ පැලැන්තිය විසින් ඉඳ්‍රිය පිනවීම හා කම්සැප විඳීමේ අසීමිත නිදහසක් පවත්වාගනිමින් නිර්ධන නිර්ප්‍රභූ දුප්පත් සමාජයට ලිංගික පීඩනය පටවා තිබෙන ආකාරය මාක්ස්වාදීන්ට නොපෙනුනත් කතාකළ යුතුම මට්ටමේ දෙයක්. මෙය ලෝකයේ හතර දිග් භාගයකම දැකගත හැකි දෙයකි. ධනපති පංතියේ කාන්තාවන්ට පිරිමි ලිංගික හැඟීම් උද්දීපනය කරන විලාසිතා ආදිය කිරීමටත් රාත්‍රී සමාජ ශාලා තුල විනෝදවීමටත් බාධාවක් නැත. ධනපති පිරිමින්ටනම් කාන්තාවන් වැඩි ගනක සමග ඇති තරම් කම්සැප විඳීමට හැකිය. ඔවුන්ට වෙන්වූ සුපිරි ගණිකා ව්‍යාපාරද ඇත නිර්ධන පන්තියට විනෝද වීමට රාත්‍රී සමාජශාලානම් ඇත්තේම නැත. ඒ විතරද? විවාහ වීමටත් ඉඩකඩක් නැති ආර්ථික අතින් දුප්පත් කාන්තාවක් පිරිමියෙකු සමග සාධාරන ලිංගික ඇසුරක් පැවැත්වුවද ධනපති ප්‍රභූ සමාජයේ කුහකයන් එහි සදාචාරාත්මක බව ප්‍රශ්න කරනු ඇත. විවාහයට සහකාරියක් සොයාගත නොහැකි නිර්ධන දුප්පත් සමාජයට අයත් පිරිමියෙකු සාධාරන ලෙස එකිනෙකා තේරුම්ගෙන ලිංගික ඇසුරක් පැවැත්වීමට කාන්තාවක් සෙවීම පවා ධනපති ප්‍රභූ කුහක සුදනන්ට අනුව ඒ පුද්ගලයාගේ වනචරකමක් හා අසීලාචාරකමක් වේ. ධනපති ප්‍රභූන් සුපිරි ගණිකාවන්ගේ පහස ලබන අතරතුර ආර්ථික අතින් දුප්පත් සමාජයේ පිරිමින්ට ලිංගික සේවය සපයමින් තම දිවියද පවත්වාගන්නා දුප්පත් කාන්තාවන්ට එරෙහිව සියළු නීති ක්‍රියාත්මක වේ. මේ ටික කියන්නේ ගණිකා වෘතිය සර්ව සාධාරන යැයි කීමට වඩා කාගේවත් අවධානය යොමු නොවන දෙයක් සම්බන්ධයෙන් අවශ්‍ය තර්කය ඉදිරිපත් කිරීමටය.
                 
          මෙහිලා කතාකළයුතු තවත් වැදගත් දෙයක් ඇත. ඒ ආර්ථික අතින් එතරම් සෞභාග්‍යමත් නොවන රටවල සුලුතරයක් සිටින ධනපති ප්‍රභූන් බටහිර මුදලට කෑදරකමින් ස්ත්‍රීවාදය නිර්ප්‍රභූ දුප්පත් සමාජයට පැටවීමයි. එහිදී ධනපති කුහකයන් විසින් නිර්ධන පන්තිය වෙත පටවනුලබන ස්ත්‍රීවාදය සමග මාක්ස්වාදීන්ද නොදැනුවත්වම එකට එක්වන්නේ මාක්ස්වාදයේ තකතීරුකම මැනවින් විදහාපාමිනි. එතැනදී මෝඩ මාක්ස්වාදය හැසිරෙන්නේ ස්ත්‍රීවාදය අති අනර්ඝ මතවාදයක් ලෙස සලකා එය ධනපති පන්තියට වඩා හොඳින් නිර්ධන පන්තිය තුල ක්‍රියාවට නැගීම පන්ති අරගලයේදී නිර්ප්‍රභූ දුප්පත් ජනයා ලබන ජයග්‍රහනයක් ලෙස සලකාගෙනය. ධනපති හෝ නිර්ධන හෝ කවර සමාජමය පසුතලයක වුවත් මිනිසාගේ ලිංගිකත්වය සැලකිල්ලට ගත් කළ ගැහැනු හා පිරිමි වශයෙන් කායිකවත් මානසිකවත් ඇතිකරගන්නා වූ විශිෂ්ඨ අනුවර්තිත ස්වභාවයන් අතර සමබරතාවයක් තිබියයුතුය. කවර වෙස් ගෙන ආවත් ලිංගික කුහකත්වය නම් රෝගකාරකය විසින් නැතිකර දමන්නේ මානව වර්ගයාගේම යහ පැවැත්මට තදින් බලපාන එම ගුණාංගය වේ. මාක්ස්වාදයටද ලිංගික කුහකත්වය කලවම් වී තිබීම පැහැදිලි සත්‍යකි. ධනපති පන්තිය වෙනුවෙන් වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතු කිරීමේදී හා ධනපතියන්ගේ මඩි තවත් තරකරගැනීමේ ක්‍රියාදාමයේදී නිර්ධන පන්තියේ කාන්තාවන්ද නිර්ධන පිරිමින් හා සමව ක්‍රියාකාරී වීම ධනපති කුහකයන්ටනම් ඉතා වැදගත් දෙයකි. නමුත් මෙය නිර්ධන පන්තියට අයත් පිරිමින්ගේ ලිංගික දිවි පැවැත්මටනම් කොහෙත්ම හිතකර නොවේ. ඒ ස්ත්‍රියට සුවිශේෂී වූ ස්ත්‍රීලිංගික ස්වභාවයක් නොමැති පිරිමින් හා සම ක්‍රියාකාරී වීමට වෑයම් කරන කාන්තාවන් පිරිමින්ගේ ලිංගික රුචිකත්වයන් වලට නොගැලපීම නිසා. නිර්ධන වුවත් ධනපති වුවත් මිනිස් ගති ස්වභාවයන්ට අනුව මේ කාරනය කාටත් එකසේ වලංගුය. ධනපති ප්‍රභූ සමාජයේ කුහක ගති පැවතුම් ඇති පිරිස තමන්ගේ සමාජ ස්ථරයට අයත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය නැති කරගනිමින් පිරිමින් හා සම වීමට අනුබල නොදෙති. ඒ එසේ වූ කල තම ලිංගික ආශාවන් ඉශ්ඨ කරගැනීමට හා අනාගත පරපුර හැදීමට ප්‍රමුඛත්වයක් ලබාදෙන කාන්තාවන් නැතිවන බව ඔවුන් හොඳින්ම තේරුම්ගෙනයි. නමුත් දුප්පත් රටවල සුළුතර ධනපති ප්‍රභූන් බටහිර රටවල මුදල් හා වෙනත් වරධාන බලාපොරොත්තුවෙන් යුරෝපා කේන්ද්‍රීය ස්ත්‍රීවාදය තම රටවල නිර්ප්‍රභූ දුප්පත් සමාජය වෙත පටවා, නිර්ධන සමාජයේ කාන්තාවන්ට ස්ත්‍රීත්වයේ විශේෂනයන් අත්හැර පිරිමියා කරන සියළු කටයුතු කිරීමටත් එය තමන්ට අභිමානයක් ලෙස සැලකීමටත් අනුබල දෙති. මේ කුහකයෝ ඒ අතරම නිර්ධන පන්තියට අයත් ස්ත්‍රී ලිංගික විශේෂනයන්ගෙන් හෙබි  කාන්තාවන් තම ලිංගික ආශ්වාදය සඳහා භාවිතා කිරීමටද නොපසුබට වන ආකාරයද කාටත් දකින්නට පුළුවන.

                              
 
දුප්පත් රටවල ධනයට හා සම්පත් වලට කෑදර ප්‍රභූ දේශපාලනඥ්ඥයන් ස්ත්‍රීවාදී න්‍යාය මත පිහිටා පුරුෂ පාර්ශවයට පමණක් සීමා වන විවිධ කාර්‍යභාරයන් සඳහා කාන්තාවන් යෙදවීමත්, මානසිකව පුරුෂභාවයක් ආරෝපනය කරගන්නා කාන්තාවන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ රැකවරනය වෙනුවෙන්ම පුරුෂයාට අසාධාරන නීති සම්පාදනය කිරීමත් ලොව වටා සුලභව දැකිය හැක. ඒ වර්තමානය වන විට ජාත්‍යන්තර තලය පුරාවට විශාලම මුදල් සම්භාරයක් සංසරනය වෙන්නේ ස්ත්‍රීවාදය ව්‍යාප්ත කිරිම  වටා වීම හේතු කරගෙන වේ. නිර්ප්‍රභූ දුප්පත් සමාජයේ කාන්තාවන්ට පිරිමි මනෝභාවයට ආවෙනික වූ ක්‍රියාකාරකම් කිරීමට අනුබල දෙන ධනපති කුහකයන්ගෙන් බොහොමයක් තම පවුල් වල සහෝදරියන්ටවත් දියනියන්ට වත් එසේ හැසිරීමට උගන්වන්නේ නැත. ධනපති ප්‍රභූ කුහකයන් කාන්තාවන්ද පිරීමින්ට සීමා වන විවිධ රැකියාවලට යොදාගනිමින් නිශ්පාදන ඵලදායීතාවයක් ඉහල දමා ගැනීම ගැන විකාර කියෙවුවත් නිර්ධන පන්තියේ කාන්තාවන් ධනපති කාන්තාවන් මෙන් පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි තදින්ම අනුකූලතාවය දක්වා ඊට තම ජීවිතයේ වැඩි ප්‍රමුඛත්වයක් දීම කෙරෙහිනම් කිසිම අයුරකින් ප්‍රශංසා කරන්නේ නැත. මාක්ස්වාදීන්ද එතැනදී ලිංගිකත්වය ගැන ඊටම සමාන ආකල්පයක් දරමින් ක්‍රියා කරති. එතැන්හිදී ධනපති කුහකයන්ගේත් කුහක මෝඩ මාක්ස්වාදීන්ගේත් හැසිරීමෙන් ලිංගිකව පීඩාවට පත්වන්නේ නිර්ධන පන්තියේ වැසියන්ම වේ. ධනවාදී සමාජය තුලම සිටින කුහකයන් පිරිසගේ හැසිරීමට අමතරව ඔවුන්ගේ මසුරු ආත්මාර්ථකාමීත්වය මත නිර්ධන දුප්පත් සමාජයේ ප්‍රජනනය සීමා කිරීමට දුප්පත් වැසියන්ගේ ලිංගිකත්වයට අනිසි බලපෑම් කරන සිද්ධිද මෙකළ දැකියහැක. එහෙත් මාක්ස්වාදීන්ට නම් ඒ කිසිත් වගක් නැත.

                                                                                                                                   නිර්ධන පන්තියට ධනපති කුහකයන් බලෙන් පටවන ලිංගික පීඩනය ගැන මාක්ස්වාදීන්ට උවමනාවක් ඇත්නම් ප්‍රශ්න කළයුතු දේවල් බොහොමයක් තිබේ.   ධනපති ප්‍රභූ සමාජයේ සිටින කුහක පිරිමි නඩය තම සමාජ ස්ථරයට අයත් කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වයේ සියළු ගුණාංග සිය ජීවිතයට ඇතුල් කරගැනීමටත්, පිරිමි ලිංගික හැඟීම් උත්තේජනය කරවන විලාසිතාවන් ආදිය කරමින් ඔවුන්ටම ආවේනික දිවි පෙවෙතක් ගෙනයෑමටත්, අති විශාල නිදහසක් ඇතිකර දෙන අතරේම නිර්ධන පන්තියට අයත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය පසෙකින් තබා පිරිමියා සමග උරෙනුර ගැටෙමින් වැඩ කිරීමටත්, කාන්තාවගෙන් ස්ත්‍රී ලිංගිකත්වයත් එහි යහගුණයනුත් අපේක්ෂා කරන සිය සමාජ ස්ථරයේම පිරිමින්ට එරෙහිව ස්ත්‍රීවාදී සටන් මෙහෙයවීමටත් අනුබල දෙන දෙබිඩිකම කුමක්දැයි මාක්ස්වාදීන්ට අවශ්‍යනම් ධනවාදීන්ගෙන් ප්‍රශ්න කළහැක. නමුත් වෙන්නේ අනෙකකි. ඒ එහිදී මාක්ස්වාදීන්ද ලිංගික කුහකත්වයටම තවත් ඉහල වටිනාකමක් දෙමින් කුහකකමින් ධනපති පන්තියද ඉක්මවා යෑමට උත්සහ කිරීමයි. මාක්ස්වාදීන් එහිදී නිර්ධන පන්තියේ පිරිමින්ට ඇතිවන ලිංගික පීඩනය නොසලකමින් කියන්නේ කාන්තාව පිරිමියාගේ ලිංගික රුචිකත්වයන්ට ගැලපීම  අත්‍යවශ්‍ය දෙයක් නොවන බව හා සම්පත් පරිභෝජනයේදී කාන්තාවද පිරිමියා සමවන බවයි. එය අවසානයේ රුකුල් දෙනේ ධනපති ප්‍රභූන් අතර තිබෙන ලිංගික කුහකත්වයටම වේ. ධනපති පිරිමින්ගෙන් කුහක පිරිස තම දියනියන්ට පිරිමි ළමයින් මෙන් හැසිරීමට අනුබල නොදී ග්‍රාමීය දුප්පත් සමාජය තුලට පාසල් හරහා බාලිකා රගර් බාලිකා බොක්ස්ං වැනි ක්‍රීඩා ව්‍යාප්ත කර ගැමි සමාජයට හුරු පුරුදු විරුද්ධ ලිංගික ආකර්ශනය හා ප්‍රසන්න බව මැඩපවත්වා ඒ වෙනුවට ගැමි සමාජ පරිසරය තුල පිරිමි ළමුන් අතර විරුද්ධ ලිංගිකත්වය කෙරෙහි පිළිකුලක් ඇති කරවීම හා එවැනි වෙනත් සිදුවීම් ගැනත් මාක්ස්වාදීන්ට ප්‍රශ්න කරන්නට පුළුවන. එහෙත් එය සිදු නොවේ. සිදුවන්නේ ස්ත්‍රීත්වයක් නැති බාලිකාවන් පිරිමි ළමුන්ට ආවේනික ක්‍රීඩා කරමින් ජයග්‍රහන හා කුසලාන ලබාගන්නා තෙක් මාක්ස්වාදීන් ඇඟිලි ගැනීමයි. බොහෝ රටවල ධනපති ප්‍රභූ දේශපාලකයින් ආයුධ සන්නද්ධ අරගල වලට මුහුණදීමට සිදුවන අවස්ථාවන්හි නිර්ධන  නිර්ප්‍රභූ දුප්පත් සමාජයේ කාන්තාවන්ට ව්‍යාජ ලෙස වීරත්වයක් ආදේශ කරමින් පිරිමින් හා එකට යුධ පෙරමුණට යැවීමට උත්සහ කරන නමුත් ඔවුන් සිය මවුවරුන්ට බිරින්දෑවරුන්ට හෝ දියනියන්ට අවි ගෙන යුධ පෙරමුණට යෑමට කිසිවිට අනුබල නොදෙති. මාක්ස්වාදීන්ට එයද ප්‍රශ්නකළ හැක. නමුත් මාක්ස්වාදීන් එතැනදීත් කරන්නේ බොහෝදුරට සටන්කරන්නට යන පිරිමි පාර්ශවයට ජාතිවාදීන් හෝ යුධවාදීන් ලෙස චෝදනා කර සටන්කාමී කාන්තාවන් වීරවරියන් ලෙස දැකීමය.
                          

  මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය සිරිතක් වන්නේ තමන්ට හිතන්නට පුළුවන් සීමාව තුල ඔවුන්ට නරක යැයි සිතෙන සෑම දෙයක්ම ධනවාදයට හා ධනපති පන්තියට බැර කර ඔවුන්ට හොඳ යැයි සිතෙන සියල්ල නිර්ධන පන්තිය විසින් කරන අරගල වල ප්‍රතිඵල හැටියට ලැබෙන බව ලෝකයට ඇඟවීමයි. ලිංගික කුහකත්වයට බොරු වැදගත්කමක් ආරූඪ වෙත්ම එය මාක්ස්වාදයටද කලවම් වී තිබීම ඉතා පැහැදිලිය. මාක්ස්වාදීන්ගේ සියළු තර්ක පදනම් වන්නේ සම්පත් හා ධනය පරිභෝජනයත් ඇති නැති පරතරය අනුව මාක්ස්වාදීන් මෙහෙයවන පන්ති අරගලයකුත් පදනම් කරගෙනයි. ලිංගිකත්වයේ ස්වාභාවික ගුණාංගයන් ඇති නැති පරතරය අනුව වෙනස් නොවේ. එහෙත් මාක්ස්වාදයට ලිංගික කුහකත්වය කලවම් වූ තැන මාක්ස්ගේ ගෝලබාලයන් ලිංගිකත්වයේ ස්වභාවයන්ද නොරුස්සමින් කියන්නේ එයද හුදු ධනපති පන්තිය විසින් ගොඩනගන ලද්දක් යන්නයි. ඔවුන්ට අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේ අවශ්‍යතාවය නිර්ධන දුප්පතුන්ට ඒ තරම්ම නැත. විෂම ලිංගිකත්වය හා පුරුෂයා මූලික වී සමාජය මෙහෙයවීම ඔවුන්ට හිතන්නට පුලුවන් සීමාව තුල ධනපති පන්තිය විසින් ගොඩනගනලද දේවල් වේ. නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් පෙනීහිටින මාක්ස්වාදීන්ටද ලිංගික ආත්මාර්ථකාමීත්වය ඇත. මාක්ස්වාදී පිරිමින්ද තම ලිංගික සහකාරියන් ලෙස තමන්ගේම න්‍යායධර්මයන් අනුව පිරිමින් හා සමව ක්‍රියාකාරී වෙමින් ස්ත්‍රී ස්වභාවයන් හීන කරගත් කාන්තාවන් තෝරා නොගනිති. ඒ ස්ත්‍රී ලිංගික ස්වභාවයක් නොමැති පිරිමින් හා සම ක්‍රියාකාරී කාන්තාවන් ඔවුන්ගේ ලිංගික ආශාවන්හි ස්වභාවයට නොගැලපෙන නිසයි. ඔවුන් ලිංගික ඇසුර පවත්වන ඔවුන්ගේ බිරින්දෑවරුන්ද පිරිමින් හා සම ක්‍රියාකාරී වීමට දැඩි ලෙස අකමැති මෙන්ම ස්ත්‍රී ලිංගික සුවිශේෂත්වයන්ට වඩා කැමති පිරිසකි.ඒ බව ඔවුන්ද හොඳින්ම දනිති. නමුත් ඔවුන්ගේ තකතීරු න්‍යායධර්මයන්ට අනුව එවැනි කාන්තාවන් සිටින්නේ ධනපති පන්තියේය. සාඩම්බර මාක්ස්වාදීන් ඔවුන්ගේ අනුගාමිකයන්ටනම් කියන්නේ කාන්තාවන්ට පිරිමියාගේ ලිංගික ආශාවේ ස්වභාවයට අනුව හැඩගැසීම හා දරුවන් හැදීමට ජීවිතයේ ප්‍රධාන තැනක් දීම කාන්තාවන්ගේ නිදහසට මෙන්ම පන්ති අරගලයේදී නිර්ධන පන්තියේ ජයග්‍රහනයටද බාධාවක් බවයි.

                              ලිංගික කාරනාවේදී ධනපති පන්තියේ කුහකයන් පිරිස මෙන්ම මාක්ස්වාදී කුහකයන්ද සෙසු දුප්පත් නිර්ප්‍රභූ පිරිසට අඟවන්නේ ලිංගික පීඩනය විඳ දරාගතයුතු බවකි. එසේ විඳ දරාගෙන ලිංගික පීඩාවෙන් දුක් විඳීම මේ කුහකයන් විසින් මහා ලොකු දක්ෂතාවයක් ලෙසද හුවාදක්වති. විශෙෂයෙන් මාක්ස්වාදීන්ට සමලිංගිකත්වය හා අනෙකුත් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයන් ගැන ගැටළුවක් නැත. මේ විකුර්ති ස්වරූපයන් ධනපති සමාජයේද තිබේ. ඒගැන ප්‍රශ්නයක් නැති මාක්ස්වාදීන්ට ධනපති පන්තියේ ගැහැනු පිරිමි විශම ලිංගික සබඳතා වලට පසුබිම් ශක්තියක් සපයමින් විරුද්ධ ලිංගික ආකර්ෂනය හා ලිංගික උත්තේජනය ඇතිකරවන ක්‍රියා ගැනනම් බොහෝ ගැටළු ඇත. නිර්ධන පන්තියට ඒවා වැදගත් නැතැයි ඔවුන් ඒත්තු ගන්වන්නට යන්නේත් මේ කාරනය පසක්කරවමිනි. ස්ත්‍රීවාදීන්ට මෙන්ම සමලිංගිකයන් හා අනෙකුත් විකුර්ති කාමුකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට මාක්ස්වාදීන්ටද පැහැදිලි උවමනාවක් ඇත. ඒ සම්පත් පරිභෝජනය පිළිබඳ පන්ති අරගලයේදී ලිංගික කාරනා ඔවුන්ට වැදගත් නොවීම හා එහිදී සියල්ලන් එකහා සමාන ලෙස ධනපති පන්තියට එරෙහි නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් කැපකිරීම් කළයුතුය යන ඔවුන්ගේ ආකල්පයට අනුවයි. ධනපති සමාජයේ කුහකයන් නොවන පිරිස නිර්ධන සමාජයත් ඇතුළුව සමස්ථ මානව වර්ගයාගේම යහ පැවැත්මට බලපාන, ලිංගිකත්වය ඇතුළු ස්වභාවධර්මයේ සියළු අංග වල යහගුණයන් නිසියාකාරව පවත්වාගනිමින් දිවි ගෙවීමට නිර්ප්‍රභූ දුප්පතුන් ඇතුළු සියල්ලන්ට උපකාර කරනවාටද මාක්ස්වාදීන්ගේ කැමැත්තක් ඇත්තේම නැත. තමන් කරන කියන දේවල්වල එකකට එකක් තර තිබෙන සම්බන්ධතාවය කුමක්ද යන්නවත් තමන්ටම නොවැටහෙන මාක්ස්වාදීන්ගේ මේ අවුල් පැටලිලිසහගත මනෝභාවයට හේතුව අන් කවරක්වත් නොව ලිංගික කුහකත්වයෙන් අන්ධවී එය මාක්ස්වාදයට හා ඔවුන්ගේ සමාජවාදයට ගැටගසාගනිමින් මාක්ස්වාදයත් ලිංගික කුහකත්වයත් දෙකම වන්දනාමාන කිරීමයි. අත්තනෝමතික මාක්ස්වාදීන්ට මේ කිසිවක් කියා තේරුම් කර දීමටද නොහැක. ධනවාදය හැම අතින්ම සාධාරන නොවුවත් ඊට විකල්පය මාක්ස්වාදයනම් නොවනබව මෙහිලා කිවයුතුමයි.