මේ ලියන්නට යන්නේ අපට මෑතක ලැබුණු තොරතුරක් ගැනය. මෙය නීති සංශෝධනයක් හා සම්බන්ධවයි. මෙය නිල වශයෙන් කෙරෙනවාද නැද්ද යන්න තවම තීන්දු වී නැතත් එය ඒ ආකාරයෙන් සිදුවීමේ වැදගත් කම හා එවැන්නක් සිදුවීමේ අවශ්‍යතාවය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීම ලිපියේ අරමුණයි. මේ නීති සංශෝධනය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා සම්බන්ධ වූවකි. අපට විද්‍යුත් මාධ්‍ය ඇතුලු සියලු ජන මාධ්‍ය වලින් අතොරක් නැතිව ඇහෙන ස්ත්‍රී දූෂණ හා ලිංගික අතවර සම්බන්ධ සිද්ධි වලින් කීයක් ඇත්ත වශයෙන්ම අතවර ලෙස සැලකියහැ කිද යන්න බොහෝ විට අප නොසිතන කාරනයයි. ඇත්තෙන්ම කාන්තාවන්ට පිර්මින්ගෙන් වන ලිංගික අතවර අර්ථගැන්වී ඇති සීමා මායිම් ගැන වර්තමානයේ පැහැදිලි ගැටලු තිබේ. විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු පෙම්වතියන් සමග විවාහ වීමේ අදහසින් ඇතිකරගන්නා ලිංගික ඇසුරකදී පවා අනූ ගනන් වල රටේ කිසිවෙක් නොඉල්ලූ අතවර නීති සංශෝධන අනුව පෙම්වතුන් ස්ත්‍රී දූෂකයන් ලෙස සලකා දඬුවමට ලක්කෙරේ. මෙහිදී එවැනි ලිංගික ඇසුරක් කොහෙත්ම බලහත්කාරී අතවරයක් නොවන්නේ පිරිමි පාර්ශවය සිය සහකාරියන්ගේද පූර්ණ කැමැත්ත අනුව ඇසුර පැවැත්වීම යන කාරණය අනුවයි.
දැන් අපේ සාකච්චාවට අදාල වී තිබෙන නීති සංශෝධන කුමක්ද යන්න කතාකළයුතුයි. මෙය නිල වශයෙන් කෙරෙයිද නොකෙරෙයිද යන්න තවම අවිනිශ්චිතය. නමුත් එය එසේ වියයුතුම කයා අප කියන්නේ එහි වැදගත්කම නිසාමයි. ඒ ලිංගික අතවර සිද්ධි වලදී අතවරයේ ස්වභාවය අනුව හා කලින් විස්තර කළ පරිදි එම සිද්ධි අතවර හැටියට සැලකීමේ සීමා මායිම් ගැන ගැටලු ඇති විට, අතවරයට පත් වුනා යැයි සැලකෙන තැනැත්තිය අතවරය කළා යැයි සැලකෙන පුද්ගලයා සමග විවාහ වීමට කැමතිනම් ද අතවර කරුවා යැයි සැලකෙන්නාද ඊට කැමතිනම් ඔවුන්ට විවාහ වීමට හැකි පරිදි කෙරෙන නීති සංශෝධනයකි. කාන්තා කටයුතු ඇමතිවරයා විසින් යෝජනා කර ඇති මේ කාරනය අනුව එවැනි සිද්ධියකදී බාල වයස්කරුවන්ට විවාහ වීමට සුදුසු වයසට එළඹීමෙන් පසුව විවාහ වීමටද අවස්ථාව සැලසේ. කාන්තා කටයුතු ඇමතිවරයා විසින් කර තිබෙන මෙම යෝජනාව අතිශය ප්‍රශංසනීය වන්නේ සැබෑම ලිංගික අතවර සිදුවීම හා කුහකත්වයන් මෙන්ම වෛරය කැටි වූ අසාධරන බොරු චෝදනා එකිනෙක වෙන්කරගැනීමට මෙයින් පහසුවක් වීමත්, රටටත් සමාජයටත් වද නොදී ගොඩින් බේරා ගතහැකි ප්‍රශ්න එසේ ඒ ආකාරයෙන් විසඳීම නීතිය ක්‍රියාත්මක කිරීමේදීද යම් පහසුවක් වන බැවින්ය. එවිට උසාවි වල බොරු ප්‍රශ්න ගොඩගැසී කාලය නාස්ති වීමද මදකින් හෝ අඩුවී සැබෑ ප්‍රශ්න විසඳීමට වැඩි කාලයක් යොමු කිරීමටද හැකිවනු ඇත.
විශේෂයෙන් එක්දහස් නවසිය අනූ ගනන් වල මුල් වරට සක්‍රීය වූ බාල අපරාධ නීති මෙරට අති මහත් බහුතරය ඉල්ලා සිටි දෙයක්වත් වැඩි දෙනාගේ උවමනාව පිට පැනනැගුන ඒවාවත් නොවන බවනම් ඉතා පැහැදිලිය. බාල අපරාධ යනුවෙන් වචනයක්ද ඊට පෙර අපගේ වචන මාලාවේවත් නොතිබුනු බව පැහැදිලි වන්නේ මෑතක් වනතුරුම විවාහ වීමට වයස් සීමා බාධක නොවීමත් අපේ පැරැන්නන් අඩු වයස් මට්ටම් වලින් විවාහ වී සාර්ථක ජීවිත ගෙනගොස් තිබීමත් යන සිද්ධි දෙස බලන විටයි. මෙහි යම් තරමකට හෝ ඇති සුලු අඩුපාඩුවක් වන්නේ අඩු වයසින් විවාහ වී නුසුදුසු වයස් මට්ටම් වලදී දරුවන් බිහිකිරීම ආශ්‍රිතව ඇති ජීව විද්‍යාත්මක ගැටළුවයි. එයටද විසඳුම බාල වයස්කාරියක් විවාහ කරගන්නා පිරිමියා හිරේ යැවීම නොව ඔවුන්ට නිසි ලිංගික උපදේශනයක් ලබා දීමයි. බාල වයස්කරුවන්ට පමණක් නොව පවුල් ජීවිත ගෙනයන වැඩිහිටි අය සඳහාද මෙවැනි උපදේශන සේවාවන් තිබීම තම ලිංගික ගැටළු විසඳාගැනීමට මහත් රුකුලක් වනු නියතය. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පිටින් ගොස් පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයම කාම අපරාධ සමග එකට ඈඳා දෝශදර්ශනයට ලක්කිරීමටද නොහැක. එවැනි දෙයක් කරන්නේනම් එහිදී ක්‍රියාත්මක වන්නේ ලිංගික කුහකත්වය මිස වෙනත් කිසිවක්ද නොවේ. අද අපට අවශ්‍ය වන්නේ ස්ත්‍රීවාදී වෛරයෙන් හා ලිංගික කුහකත්වයෙන් පිරුණු අසාධාරණ අතවර අර්ථකථනයන් නොව ලිංගිකත්වයේ ස්වභාවය පිළිබඳ බුද්ධියට විවුර්ත වූ හරවත් විචාරශීලීත්වයකි.
මේ ලිපියට අවශ්‍ය තොරතුරු බොහොමයක් ලබාගත්තේ සහෝදර බ්ලොග් කතුවරයෙකු වන "ප්‍රතිවාදියා" ගේ බ්ලොග් ලිපියක් ඇසුරෙනි.