මෙතනදී සෙල්වා අතින් ඉමල්කාට යම් වරදක් වෙලා තියෙනවා කියලා පැහැදිලියි. අපට දැනගන්නට ලැබුණ විස්තර අනුවනම් සෙල්වා මේ සිද්ධියේ අනෙක් චරිතය වන ගෑනු ළමයට එයාගේ ඇඳුමේ අඩුපාඩුවක් ගැන මොකක් නමුත් සිත් රිදවන කතාවක් කියා ඇත. කොහොම උනත් ගෑනු ළමයා ඊට දක්වපු ප්‍රතිචාරයත් ඇගේ හැසිරීමත් අන්ත අශෝබන බවද කිවයුතුමයි. ඒත් මේ ප්‍රශ්න වලට කොහේ හරි සාධාරන පිළිතුරක් තියෙන්න ඕනේ. අන්න ඒක හොයාගන්න එකත් වටිනවා.
මුලින්ම මේ ආන්දෝලනාත්මක සිදුවීමට මුලපිරූ සෙල්වාගේ හැසිරීම ගැන යමක් කියා විචාරය ආරම්භ කළොත් හොඳ යැයි සිතේ. සෙල්වා මේ ගෑනු ළමයට, ඒ කියන්නේ ඉමල්කාට එයාගේ ඇඳුමේ අඩුපාඩු ගැන යමක් කියන්න ගිහින් කෙල්ල යකාවැහුන කියල තමයි ආරංචිය. සෙල්වා කිවුවයි කියන්නේ ඉමල්කාගේ බ්ලවුස් එකේ අත් දෙක දෙපැත්තෙන් පලල තියෙන එක ඒ තරම් ගැලපෙන්නේ නෑ කියන එකලු. හොඳයි කතාව ඒකනම් මෙන්න මෙහෙම ප්‍රශ්නෙකුත් මතුවෙනවා. එකක් තමයි ගෑනු ළමයෙක් කියන්නේ පිරිමි ළමයෙක් නොවන බව හා ඇය අනිවාර්යෙන්ම සමාජයේ ස්ත්‍රීත්වය නියෝජනය කළයුතුය කියන එකයි ඒකට ස්ත්‍රී ලිංගික ස්වභාවයනුත් අයිතියි කියන කාරනාවයි. අනෙක තමයි ගෑනු ළමයෙක් හෝ වෙනත් කාන්තාවක් හෝ ස්ත්‍රී විශේෂන පෙන්නුම් කරන ක්‍රියාකාරකම් ජීවිතයේ ප්‍රධාන කොට සලකන්නේ පිරිමි විශේෂන හා ලිංගික ස්වභාවයන්ටම ගැලපීමක් ඇති ආකාරයට කියන එක. ඒ තත්වයෙන් ගැලවෙන්න ගෑනු පිරිමි දෙපාර්ශවයටම ලේසියෙන් බෑ. ගැලවෙන්නනම් සියළු ආශාවන් නැසියයුතු වෙනවා. ඒක වෙනමම කතාවක්. පෙනෙන්න තියෙන සිද්ධිය මේකනම් ඉමල්කාගේ ඇඳුමටත් මේක අදාලයි. එයාට ඔය ඇඳුම අඳින්න අනුබල දෙන්නේ පිරිමින් කොටසක්ම ඊට දක්වන කැමැත්ත. විරුද්ධ ලිංගික ආකර්ශනය කියන එක අනෙක් ගෑනු පිරිමි හැමදෙනාගෙම වගේ ඉමල්කගේ ජීවිතෙත් ප්‍රධානම දෙයක් නිසා එයා ඒ ආකර්ශනය තමන් වෙත ගන්න ඔය විදිහේ ඇඳුමක් ඇඳීම පුදුම වෙන්නවත් අසාමාන්‍ය දෙයක්වත් නෙවෙයි. එහෙම බලපුවහම ඉමල්කාගේ ඇඳුමට පිරිමි කොට්ඨාශයක්ම දක්වන කැමැත්ත ගැන එහෙම කැමති අයට මොකවත් නොකියා ඉමල්කාට සිත්තැවුලක් ඇතිවන කතාවක් කීමනම් යම්කිසි වරදක් තමයි.
කරුමයනම් මේ සේරටම වඩා දෙන්නා අතර ඇතිවූ රන්ඩුව බේරාගන්නට තරම් පිටකොන්දක් ඇති කිසිවෙන් අහල පහල නොසිටීමයි. රන්ඩුව බේරීමටත් වඩා එය වීඩියෝ කර අන්තර්ජාලයේ දැමීමට තරම් දක්ෂ එවුන් ඉඳ ඇත. කාන්තාවන්ට ගරු කරන හැටි ගැන කියාදෙන පණ්ඩිත සුදනෙක් හෝ අඩුම තරමින් පාසල් ළමුන් විනයගරුක කරන ගුරු භවතෙක් විදුහල්පති කෙනෙක්වත් මෙතන ඉඳ නැත. එහෙම හිටියනම් සෙල්වාට කනේ පාර වදින්නට ඉස්සර ඔහු කළ වැඩේ වැරදි බව ඔහුට තේරුම් කරදී ප්රශ්නය ගොඩින් බේරන්නට තිබුණි. මේ ගැන කතන්දර තිබුණ දෙන්. මට කියන්නට තියෙන්නේ මේ ටිකයි. ඒ මනුස්ස ප්‍රජාවක් තුල ගෑනු පිරිමි කවුරු උනත් එකිනෙකාගේ ලිංගිකත්වයන්ට හා ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ට හරියට ගරු කරන්නේනම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැත කියන කාරනය වේ. එහෙත් එවැනි තත්වයක් ඇතිකළ නොහැක්කේද ඊට වඩා වැඩි වටිනාකමක් කුහකකම් වලට බලෙන් ආරූඪ කර තිබීම හේතුවෙනි. මේ කුහකකම් සමාජයේ රජකරනතෙක් මේ වගේ ප්‍රශ්න තව දුරටත් ඇතිවනවා පමණක් නොව ඒ ප්‍රශ්න හරියාකාරව තේරුම්ගැනීමටද අපහසු වේ. සිදුවියයුත්තේ කුහකකම් පැත්තක තබා ගැහැනු පිරිමි දෙපාර්ශවයෙන්ම එකිනෙකාගේ ලිංගිකත්වයන්ටත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටත් හරියට ගරු කරන, විවුර්ත අදහස් ඇත්තවුන්ට සමාජයේ නිසි වටිනාකමක් ලබාදීමයි.