මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව සත්ව ලෝකය දෙස බැලුවද ලිංගිකත්වය යනු ජීවයේ යහ පැවැත්ම හා තදින් බැඳී පවතින්නකි. මිනිසුන් සැලකීමේදී ලිංගික මනෝභාවය තරමක් සංකීර්ණය. ඒ නිසාම විරුද්ධ ලිංගික ආකර්ෂණය සඳහා මිනිස් වර්ගයා විසින් දියුණු උපක්‍රමයන් යොදාගනුලබයි. මානව ප්‍රජාවක් තුල දක්නන ලැබෙන සමස්ථ ක්‍රියාකාරකම් පද්ධතිය පුරාවටම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය ගැබ්වෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රිය මට්ටමක පවතින ලෙසින්ය. මේ සිද්ධි සලකා බලන විට ලිංගිකත්වයට අදාල පුළුල් රසවින්දනයක් මානව ශිෂ්ඨාචාරය තුල ගොඩනැගී තිබීම ස්වභාවිකය. එය එසේ වන්නේ ලිංගිකත්වය යනු මෙලොව උපදින කවරෙකුගේ වුවද ජීවිතයේ ඉතා වැදගත්ම අංගයක් වන හෙයිනි. විරුද්ධ ලිංගික ආකර්ෂණය හා බැඳුනු ක්‍රියාකාරකම් රසවිඳීම පැහැදිලි ලෙස ලිංගික හැඟීම් උද්දීපනය සමග බැඳී ඇත. මිනිස් ප්‍රජාවක් තුල ප්‍රසිද්ධියේ ලිංගික සංසර්ගයේ යෙදීම සභ්‍යත්වයේ සීමාවන් අනුව පිළි නොගත්තද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගික සක්‍රියාතාවය හා ඊට පසුබිම් වන හැඟීම් දැනීම් ප්‍රශස්ථ තත්වයක පැවතිය යුතුමය. මනුස්ස ප්‍රජාවක සජීවී ගතියට හා යහ පැවැත්මට එය අත්‍යාවශ්‍ය දෙයකි. ඒ අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීම හා ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම පෙරට එන්නේ ඊටද වැදගත්කමක් නිරායාසයෙන් ලැබෙන නිසා නොවේද?
විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික සංසර්ගය පදනම් කරගනිමින් ඊට යම් පසුබිම් ශක්තියක් සපයන ක්‍රියාකාරකම් පද්ධතියක් ඕනෑම සංස්කෘතික වටපිටාවක් තුල තිබෙන්නේ සාර්ථක ලිංගික ක්‍රියාවලියක් පවත්වාගැනීමට අවශ්‍ය ලිංගික හැඟීම් ප්‍රශස්ත උද්දීපන මට්ටමක පවතින ආකාරයටය. මෙය කාට පිළිගත නොහැකි වුවත් සමාජයක ගොඩනැගීම් වල ආකෘතිය දෙස බුද්ධිමත්ව බැලියහැකි ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන සත්‍යකි. මෙහිදී ගැහැනු පිරිමි දෙපාර්ශවයම විරුද්ධ ලිංගික විශේෂණයන්ට දක්වන ආකර්ෂණය ඇසුරෙන් මානසික උද්දීපනයක් ලැබෙන ලෙස මානව ක්‍රියාකාරකම් බොහොමයක් ගොඩනැගී තිබීම සැබවින් ආශ්චර්යක් නොවේ. එතැනදීද කැපී පෙනෙන්නේ පිරිමින් ස්ත්‍රී ලිංගික විශේෂතාවයන්ට දක්වන ඇල්ම වේ. සාමාන්‍ය වශයෙන් ස්ත්‍රී ලිංගික ලක්ෂණ හා සුවිශේෂතා දැකීමෙන් පිරිමි ලිංගික හැඟීම් ඉක්මනින් සක්‍රීය වීම ඊට හේතුවයි. මේ සක්‍රීයතාවය මිනිස් වර්ගයාගේම යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් තිබියයුත්තකි. අප සරල උදාහරනයක් ලෙස කලාව සැලකිල්ලට ගතහොත් ඒ තුල ලිංගිකත්වය ආශ්‍රිත රස වින්දනය ගැබ් වූ කොතෙක් දේ සොයාගතහැකිද? චිත්‍ර, මූර්ති කලා තුල ස්ත්‍රී නිරුවත් කොපමණ අන්තර්ගත වනවාද? මෙය පොදුවේ බොහෝ සමාජ සංස්කෘතික වටපිටාවන් තුල දැකිය හැක්කකි. සාහිත්‍ය තුල ප්‍රේමාලිංගනය ඇඟවන නිර්මාණ අතිශය සුලභය. ඒ අහේතුවකටද? නැත. එසේ වන්නේ මේ සියල්ල මානව වර්ගයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිසාය. මිනිස් වර්ගයා කාලයත් සමග පරිනාමයට ලක්වීමේදී මේ අංගයන්ද විකසනය වී ඉදිරියට ඇවිත් ඇති බව පැහැදිලි කාරනාවක්. තාක්ෂණය ඉදිරියට පැමිණීමත් සමග ඒ තුලින්ද ලිංගිකත්වයේ යහගුණයන් අත්විඳීමට හා රසවින්දනයට පිටිවහල ලැබී තිබීම අමුතු ආශ්චර්යයක් නොවේ.
කැමරා වැනි උපාංග නිපදවා නොතිබුණු කාලයේ ස්ත්‍රී නිරුවත චිත්‍රයට නැගීම හා කැටයම් කිරීම මූර්තිමත් කිරීම වඩා ප්‍රචලිත විය. ගුවන්විදුලි රූපවාහිනී නොතිබුනු කාලයේ මිනිසුන්ට ලිංගික සංවේදනය හා රසවින්දනයන් නොතිබුණා නොවේ. තාක්ෂණය සමග ලිංගිකත්වයේ ස්වභාවය අත්විඳීම හා රසවින්දනයද පුළුල් වී ඇති බව නොරහසකි. ඒ ලිංගිකත්වය යනු මනුස්ස ජීවිත වල පමණක් නොව සමස්ථ සජීවී ලෝකයේම වැදගත්ම අංගයක් වන බැවිනි. මනුස්සයන් සමාජයට විවුර්තව නොකරන එහෙත් රහසින් සංවුර්ත ලෙස ලබන ලිංගිකත්වයේ යහගුණයන් රසවිඳීමක් පැහැදිලිව ඇත. ඇත්තෙන්ම මේ අංග පොදු එක්කඟතාවයන් බවට පත්වුන කළ යම් යම් සම්මුතීන් යටතේ සමාජයේද විවුර්තව නැතුවා නොවේ. උදාහරන වශයෙන් ගත්කළ පිරිමි ලිංගික හැඟීම් සක්‍රිය වීමට පසුබිම් ශක්තියක් ලැබෙන ලෙස නිර්මාණය වන කාන්තා ඇඳුම් විලාසිතා ගෙනහැර දැක්විය හැක. ගැහැනු පිරිමි ලිංගිකත්වය අනුව බෙදෙන මානව ක්‍රියාකාරකම් කොයි දේය තුලත් අවසානයට ලිංගික සංවේදනය හා විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැබ් වී තිබේ. ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය වැඩි දියුණු වී ඇති මෙකළ ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම ඒ තුලින් ඉදියටවිත් තිබෙන්නේ එය නොවැලැක්වියහැක්කක් බවද ඔප්පු කරමිනි. මනුස්සයන් ප්‍රසිද්ධියේ නොකරන ලිංගික ක්‍රියාකාරකම් පවා ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය තුලින් කතාවට නැගීම හා රසවිඳීම මෙකළ ඒ තරම් අමුත්තක් නොවී ඇත. එයින් එක් අතකට සමාජයේ ලිංගික කුහකත්වයන් තුලින් ඇතිකරන මානසික පීඩාවද එක්තරා මට්ටමකට සමනය වන බවත් ඉතා පැහැදිලි වේ. කැමරාව නිපදවීමත් සමග කාන්තා නිරුවත හා ගැහැනු පිරිමි ලිංගික ක්‍රියාකාරකම් ඡායාරූපගත කිරීමේ අදහස් මිනිස් සිත් තුල පහල වීම ආශ්චර්‍යක්ද? නැත. ඒ මිනිස් ස්වභාවයක් අනුව සිදුවන්නකි. තාක්ෂණයේ ඉදිරි ගමනත් එක්ක ඩිජිටල් ව්විඩියෝ උපාංග කරලියට පැමිණීමෙන් පසු මේ ක්‍රියාකාරකම් සිනමා සිත්තමට නැගී ඇත්තේද ආශ්චර්‍යක් නොවන මින්නිස් සිතුම් පැතුම් වලම සාමන්‍ය ස්වභාවය නිසාමය.
මානවයා ඇතිකරගෙන තිබෙන මානසික පරිනාමය ඔස්සේ ගොඩනැගෙන සභ්‍යත්වයේ සීමා වලට අනුව ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම නුසුදුසු දෙයක් ලෙස සැලකෙන්නේද ලිංගික නිදහස සිමා කිරීමේ උපක්‍රමයක් ලෙස නොවේ. මනෝවිද්‍යානුකූලව බලන විට එසේ එලිපිට ලිංගික ක්‍රියාකාරකම් සුලභ වුවහොත් ලිංගිකත්වයේ මානසික සංවේදනයන් කාලයත් සමග දුර්වල වී එහි සැබෑ වින්දනය නැතිවීමද සිදුවියහැක. මේ කරුණු සාධකයන් අතර සමතුලිතතාවයක් ක්‍රමානුකූල පැවැත්මක් ඉදිරියට ගෙනයන මිනිස් ප්‍රජාවක අනිවාර්‍ය වශයෙන් තිබියයුතුම වේ. ලිංගිකව පරිනත කවරෙකු වුවත් තම ලිංගික ජීවිතයට පසුබිම් සහයක් ලැබෙන ලෙස ලිංගික සංවේදනයන් ඇතිකරවන දේ දැකීම ඒහා සම්බන්ධ ක්‍රියාකාරකම් රසවිඳීම රහසින් හෝ කරයි. ලොව බොහොමයක් රටවල හා විවිධ සංස්කෘතීන් තුල කාන්තා ඇඳුම් විලාසිතා නිර්මාණය වී තිබෙන්නේම පිරිමි ලිංගික සංවේදනයන් සක්‍රිය කරවන හා ලිංගිකව ප්‍රසන්න හැඟීම් ඇතිකරවන ලෙසින් වන්නේ එය එක්තරා පොදු එකඟතාවයක් බවට පත්වී ඇති බැවින් වන අතරම ලිංගිකව එසේ මනස පිනවීම වරදක් වන්නේද නැත. ස්ත්‍රී ලිංගිකත්වයේ කායික හා මානසික ස්වභාවයන්ට අනුව කාන්තාවන්ද එයට ස්වභාවයෙන් දක්වන්නේ ධනාත්මක ප්‍රතිචාරයකි.
ඇත්තෙන්ම, ඔබේ ලිපි ගොඩක් වටිනවා. ඔබේ ලිපි කියවන විට මට මතක්වෙන්නෙ නිරුවත් වානරයා පොත. අනිත් එක, මෙවැනි විවාධාත්මක මාතෘකාවක් තෝරා ගැනීමට තරම් ඔබ නිර්භීත වීම පිළිබඳ ස්තූතියි.
ReplyDeleteමම බ්ලොග් ලිපි අතරින් කියවපු අති විශිෂ්ඨ ලිපියක් මේක. දිගටම මේ වගේ ගොඩ දෙනෙක් කතා කරන්න කැමති නැති දේවල් විචාරය කරන්න.
ReplyDeleteමේ වාගෙ ලිපි ලියන විශිෂ්ට මිනිහෙක් අපේ සමාජයෙ ඉන්න එක ගැන මම මුලින්ම පුදුම වෙනව.බ්ලොග් වල තියන පිස්සු විකාර දිහා බලන කොට මේ අදහස් ඉදිරිපත් කරල තියන විදිය කොච්චර වටිනවද.මෙයා හැංගිලා බ්ලොග් ලියන්න ඕන කෙනෙක් ද.මට නම් හිතෙන්නෙ සමාජය මෙහෙයවන්න ඕන නියමුවෙක් කියල.
ReplyDeleteමේ වගෙ ලිපි තියන බ්ලොග් අතලොස්සයි තියෙන්නෙ.රැවුල වවාගෙන සියල්ල දන්නව කියල හිතාගෙන දේශපාලන විචාර කරමින් තමන්ගෙ හීනමානෙ වහගන්න පන්ඩිත කතා කියන පිස්සො අතර මේ වගෙ ලේඛකයො අගනා මැණික්.
නියමයි මිත්‍රයා. පෝස්ට් එකනම් සුපිරි.
ReplyDeleteවැදගත් ලිපියක්.................
ReplyDeleteඉදිරියටත් මේ වගේ ලිපි එක්කරනවා. මේවා කවුරු කතා නොකළත් කතා කරන්න පුළුවන් අය කොහේ හරි ඉන්න ඕනේ.
ReplyDeleteමේ වගේ විකාර ලිපි කියවන්න අපට වෙලා නෑ. අනෙක මේ වගේ දේවල් අහන්න දකින්න තරම් අපි පවුකාරද කියල හිතෙනවා මේක කියවද්දී.
ReplyDelete