ඇත්තෙන්ම යම්කිසි භාණ්ඩයක් වෙළඳපලට ඉදිරිපත් කර පාරිභෝගිකයා අතට පත්කිරීමට යෑමේදී එහි තරඟකාරී බවක් නිරන්තරයෙන් දක්නට ලැබේ. බොහෝ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන භාණ්ඩය ජනප්‍රිය කර ගැනීමට වෙළඳ දැන්වීම් පළ කිරීමට යෑමේදී සමාජයේ වැඩි පිරිසකගේ චිත්තාකර්ෂණයට ලක්වන ආකාරයෙන් ඒවා පළකිරීම සාධාරණය. එහිදී සමාජයේ ගැහැනු හා පිරිමි වෙන් වෙන් වශයෙන් උනන්දුවක් දක්වන එකිනෙකාගේ සුවිශේෂී ගුණාංගයන් චිත්තාකර්ෂණීය ලෙස තම නිෂ්පාදන භාණ්ඩයට ඈඳීම ඔවුන්ගේ එක් උපක්‍රමයකි. මේ දේවල්වල යම් විනයක් සදාචාරයක් තිබියයුතු බව පිළිගතහැක. නමුත් එය සමාජයට අප්‍රසන්න දෙයක් නොවන බව කිවමනා කාරනයයි. එහිදී එදිනෙදා ජීවිතයේ කාන්තාවන් බොහෝ දෙනෙක් නිරතවන ක්‍රියාකාරකම් හා සම්බන්ධ නිශ්පාදන භාණ්ඩ සම්බන්ධ වෙළඳ දැන්වීම වලට කාන්තාවන් යොදාගෙන නිර්මාණාත්මකව එය ඉදිරිපත් කිරීම සුලබ උදාහරනයකි. එය සමාජයට පිළිකුල් දෙයක්ද නොවේ. අප සාධාරන ලෙස මෙවැන්නක් සලකමු, ගෘහණියන්ට නිතර අවශ්‍ය වන සබන් වර්ගයක් සම්බන්ධ දැන්වීමක කාන්තාවක් ඒ සබන් භාවිතා කර රෙදි හෝදන දර්ශනයක් ඉදිරිපත් වීම තුල ඇයට අපහාසයක් හෝ අගෞරවයක් සිදුවන්නේ නැත. එහෙත් සිසිල් බීම දැන්වීමකට කාන්තාවකගේ ඇඳුමෙන් සිරුර අනවශ්‍ය ලෙස නිරාවරනය වෙන ආකාරය පෙන්වීමේ යම් ගැටලුවක් තිබියහැක. එහෙත් එයද මහා පරිමාණ ගැටලුවක් නොවන්නේ මිනිසාගේ ලිංගිකත්වය සැලකීමේදී විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරවන යම් සාධකයකින් කිසිවිට සමාජයට අවැඩක් සිදු නොවීම නිසාය.
Friday, February 28, 2014
වෙලඳ දැන්වීමකට පෙනීහිටි පමණින් කාන්තාවන් වෙළඳ භාණ්ඩ වනවාද?
මීට කලකට පෙර ලිංගික කුහකත්වයෙන් මොළේ කුරුවල් කරගත් කුහක සුදනන්ගේ
ගතානුගතික තර්කයක් වූයේ කාන්තාවන් වෙළඳ දැන්වීම් වලට පෙනී නොසිටියයුතු
බවයි. ඔවුන් ඊට හේතු ලෙස ඉදිරිපත් කළේ එමගින් කාන්තාවන්ගේ ගෞරවයට හානි වන
බව හා කාන්තාවන් වෙලඳ භාණ්ඩ තත්වයට ඇද වැටෙන බවයි. මේ තර්ක යල්පැනගිය මෝඩ
තර්ක උනත් ඒ ගැන යමක් කතා කිරීම සුදුසු යැයි සිතුනේ අදටත් මෙවැනි අදහස් වල
එල්බගත්තවුන් යම් තරමකට හෝ සිටින නිසයි.
ඇත්තෙන්ම යම්කිසි භාණ්ඩයක් වෙළඳපලට ඉදිරිපත් කර පාරිභෝගිකයා අතට පත්කිරීමට යෑමේදී එහි තරඟකාරී බවක් නිරන්තරයෙන් දක්නට ලැබේ. බොහෝ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන භාණ්ඩය ජනප්‍රිය කර ගැනීමට වෙළඳ දැන්වීම් පළ කිරීමට යෑමේදී සමාජයේ වැඩි පිරිසකගේ චිත්තාකර්ෂණයට ලක්වන ආකාරයෙන් ඒවා පළකිරීම සාධාරණය. එහිදී සමාජයේ ගැහැනු හා පිරිමි වෙන් වෙන් වශයෙන් උනන්දුවක් දක්වන එකිනෙකාගේ සුවිශේෂී ගුණාංගයන් චිත්තාකර්ෂණීය ලෙස තම නිෂ්පාදන භාණ්ඩයට ඈඳීම ඔවුන්ගේ එක් උපක්‍රමයකි. මේ දේවල්වල යම් විනයක් සදාචාරයක් තිබියයුතු බව පිළිගතහැක. නමුත් එය සමාජයට අප්‍රසන්න දෙයක් නොවන බව කිවමනා කාරනයයි. එහිදී එදිනෙදා ජීවිතයේ කාන්තාවන් බොහෝ දෙනෙක් නිරතවන ක්‍රියාකාරකම් හා සම්බන්ධ නිශ්පාදන භාණ්ඩ සම්බන්ධ වෙළඳ දැන්වීම වලට කාන්තාවන් යොදාගෙන නිර්මාණාත්මකව එය ඉදිරිපත් කිරීම සුලබ උදාහරනයකි. එය සමාජයට පිළිකුල් දෙයක්ද නොවේ. අප සාධාරන ලෙස මෙවැන්නක් සලකමු, ගෘහණියන්ට නිතර අවශ්‍ය වන සබන් වර්ගයක් සම්බන්ධ දැන්වීමක කාන්තාවක් ඒ සබන් භාවිතා කර රෙදි හෝදන දර්ශනයක් ඉදිරිපත් වීම තුල ඇයට අපහාසයක් හෝ අගෞරවයක් සිදුවන්නේ නැත. එහෙත් සිසිල් බීම දැන්වීමකට කාන්තාවකගේ ඇඳුමෙන් සිරුර අනවශ්‍ය ලෙස නිරාවරනය වෙන ආකාරය පෙන්වීමේ යම් ගැටලුවක් තිබියහැක. එහෙත් එයද මහා පරිමාණ ගැටලුවක් නොවන්නේ මිනිසාගේ ලිංගිකත්වය සැලකීමේදී විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරවන යම් සාධකයකින් කිසිවිට සමාජයට අවැඩක් සිදු නොවීම නිසාය.
ඒ කවර දෙයක් වුවත් කිසිම
විදිහකින් පෙනෙන්නට බැරි අපේ කතාවට අදාල වන කුහක සුදනන් ගැන යමක් කිවයුත්තේ
මෙතැන් සිටයි. මුලින්ම කිවයුතු වන්නේ ඔවුන්ගේ එම මානසිකත්වය ගැනය. එයට
හේතුව අන් කවරක්වත් නොව ලිංගික කුහකත්වයය වේ. එහිදී මෙවැන්නන් සිරිතක් ලෙස
විරුද්ධ ලිංගික ආකර්ෂනය හමුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන මානසිකත්වය පෙරට එයි.
මොවුන් තමන්ටද අවංකව ස්ත්‍රී රූපයක සුන්දරත්වය යම් ප්‍රසන්න බවක් ඇති කරද
එය පිළිගැනීමට කැමැත්තක් නොදක්වන්නේ එසේ කිරීම නරක යැයි සම්මත කරගෙන සිටින
කුහකකම මුලට ගෙනයි. එසේ බලන කළ ස්ත්‍රී සිරුරේ සුඳරත්වය වෙළඳ දැන්වීමක්
තුලින් දැකීම ඔවුන්ට ප්‍රියමනප නැත. මේ අනුව කාන්තාවක් වෙළඳ දැන්වීමකට පෙනී
හිටීම යනු ඔවුන්ට අනුව වරදකි. එසේම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්
පිළිගැනීමට අකමැති මොවුන්ගේ කුහක සුදන ගුනයට අනුව ඒ තුලින් කර තිබෙන්නේ
කාන්තාව වෙළඳ භාණ්ඩයක තත්වයට පත්කර ඇයට අපහාස කිරීමයි. මෙහිදී එකක් මතක
තබාගතයුත්තේ මේ සුදනන් පමණක් නොව අප සියල්ලන්ය. එනම් විරුද්ධ ලිංගික
ආකර්ෂනය මත ගොඩනැගෙන මනුස්ස ක්‍රියාකාරකම් මෙලොව මිනිස් සංහතියේ අයහපතට
බලපාන තත්වයන් ඉතා අල්ප යන්නත්, ඒ අයුරින්ම ලිංගික කුහකත්වය මත පදනම්ව
ලිංගිකත්වයේ ස්වභාවික ගුණයන්ට ගරහන සුදනකම පෙර කී කාරනයට වඩා බෙහෙවින්
මිනිස් සංහතියේම අයහපතට බලපාන්නේය යන්නත් වේ. කාන්තාවක් වෙළඳ දැන්වීමකට
පෙනීහිටීමෙන් සිදුවන අගෞරවයට වඩා ඇයගේ ස්වභාවික හැඟීම් සංවේදනයන් අනුව ඇයට
යමක් කිරීමට ඉඩ නොදී එසේ ඇය තමන්ට රිසි සේ යමක් කළ පමණින් අපහාසයට පත්කර
ලැජ්ජාවට පත්කරන කුහක සමාජය සැබෑම අගෞරවය කාන්තාවන්ට සිදුකරයි.
ඇත්තෙන්ම යම්කිසි භාණ්ඩයක් වෙළඳපලට ඉදිරිපත් කර පාරිභෝගිකයා අතට පත්කිරීමට යෑමේදී එහි තරඟකාරී බවක් නිරන්තරයෙන් දක්නට ලැබේ. බොහෝ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන භාණ්ඩය ජනප්‍රිය කර ගැනීමට වෙළඳ දැන්වීම් පළ කිරීමට යෑමේදී සමාජයේ වැඩි පිරිසකගේ චිත්තාකර්ෂණයට ලක්වන ආකාරයෙන් ඒවා පළකිරීම සාධාරණය. එහිදී සමාජයේ ගැහැනු හා පිරිමි වෙන් වෙන් වශයෙන් උනන්දුවක් දක්වන එකිනෙකාගේ සුවිශේෂී ගුණාංගයන් චිත්තාකර්ෂණීය ලෙස තම නිෂ්පාදන භාණ්ඩයට ඈඳීම ඔවුන්ගේ එක් උපක්‍රමයකි. මේ දේවල්වල යම් විනයක් සදාචාරයක් තිබියයුතු බව පිළිගතහැක. නමුත් එය සමාජයට අප්‍රසන්න දෙයක් නොවන බව කිවමනා කාරනයයි. එහිදී එදිනෙදා ජීවිතයේ කාන්තාවන් බොහෝ දෙනෙක් නිරතවන ක්‍රියාකාරකම් හා සම්බන්ධ නිශ්පාදන භාණ්ඩ සම්බන්ධ වෙළඳ දැන්වීම වලට කාන්තාවන් යොදාගෙන නිර්මාණාත්මකව එය ඉදිරිපත් කිරීම සුලබ උදාහරනයකි. එය සමාජයට පිළිකුල් දෙයක්ද නොවේ. අප සාධාරන ලෙස මෙවැන්නක් සලකමු, ගෘහණියන්ට නිතර අවශ්‍ය වන සබන් වර්ගයක් සම්බන්ධ දැන්වීමක කාන්තාවක් ඒ සබන් භාවිතා කර රෙදි හෝදන දර්ශනයක් ඉදිරිපත් වීම තුල ඇයට අපහාසයක් හෝ අගෞරවයක් සිදුවන්නේ නැත. එහෙත් සිසිල් බීම දැන්වීමකට කාන්තාවකගේ ඇඳුමෙන් සිරුර අනවශ්‍ය ලෙස නිරාවරනය වෙන ආකාරය පෙන්වීමේ යම් ගැටලුවක් තිබියහැක. එහෙත් එයද මහා පරිමාණ ගැටලුවක් නොවන්නේ මිනිසාගේ ලිංගිකත්වය සැලකීමේදී විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරවන යම් සාධකයකින් කිසිවිට සමාජයට අවැඩක් සිදු නොවීම නිසාය.
Friday, February 14, 2014
තවත් එක අවාසනාවන්ත කතාවක්
ෆේස්බුක් හුටපටයක් හේතුවෙන් මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගෙන අවසන්ය. දැන් දැන් මේ පලහිලවුව ගැන හතරවටින් නොයෙක් කතා ඇසෙමින් පවතී. අප කළයුත්තේ මෙතැනදී සිද්ධිය සම්බන්ධව කුහකත්වයන්ගෙන් තොර විචාරයක් කිරීමයි.
මේ සිද්ධිය සුලුවෙන් තැකියහැක්කක් නොවුවත් පොදුවේ සිද්ධියට අදාල ප්‍රදේශයේ වැසියන් හෝ සෙසු මහජනතාව හෝ මෙයට දක්වා තිබෙන්නේ අලස ප්‍රතිචාරයකි. ඊට එක් හේතුවක් ලෙස පසෙකින් ඇත්තේද ලිංගිකත්වය අරබයා සමාජයෙන් ජනිත කරවන කුහකත්ත්වයම වේ. සියල්ලට වඩා බරපතල ගැටලුව වන්නේ වරද ෆේස්බුක් එකට පටවා අදාල විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපයේ වරද වසන්කිරීමට ඇතැම් පිරිස් උත්සහ දැරීමයි. කෙසේවෙතත් විදුහල්පතිවරයාට මේ සිද්දියට අදාල සිසුවියගේ මරණය සම්බන්ධ වගකීමෙන් ගැලවී යාමට නොහැක. ඔහු කර තිබෙන්නේ මෙහිදී ළමුන්ට අධ්‍යාපනය ලබාදීම හා සම්බන්ධව සැලකීමේදීද කිසිසේත් කළයුත්තක් නොවේ.
මේ සිදුවීම විමසාබැලීමේදී සිද්ධිය කෙටියෙන් ගතහොත් සිදුවී තිබෙන්නේ අදාල සිසුවිය ෆේස්බුක් ගිනුමක් පවත්වාගෙන යෑමත් එහි ඇය තවත් පිරිමි ළමයෙකු සමග එකට හිඳිමින් ගත් ඡායාරූප ගැන මේ ගැන කරුණු සෙවූ සැකකාර විදුහල්පතිවරයා ඇයට තදින් දොස් පැවරීමත්ය. මෙහිදී විදුහල්පතිවරයා අදාල සිසුවියට "වේසි" කියා බැනවැදී ඇතිබවද දැනගන්නට ලැබේ. මේ අනුව බලනකළනම් මේ තක්කඩියා විදුහල්පති තනතුරකට සුදුස්සෙක් යැයි කෙසේවත් කිවනොහැක. ඔහුට මේ සම්බන්ධයෙන් මේතරම් උරන වී යක්ෂාවේසයෙන් ක්‍රියා කිරීමට මේ සිසුවිය කර තිබෙන වරද කුමක්ද? ඇත්තේ වෙනමම දෙයකි, ඒ අන්කිසිවක් නොව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට සාහසික ලෙස ගරහමින් අධි මාන්නක්කාර ලෙස කුහක සුදන ගුණයක් සමාජයට පෙන්වන ගතානුගතික බව මේ උගත් තකතීරු විදුහල්පතිවරයාද තම ප්‍රතිරූපය ඔපදමාගැනීමට භාවිතා කිරීමයි.
මේ සිද්ධියට මුහුණදී තිබෙන්නේ ගැහැනු ළමයකු වීමද මේ ගැන කතාකිරීමේදී අපගේ අවධානය වැඩිවශයෙන් යොමුවියයුතු කරුණකි. ඇයගේ ෆේස්බුක් පිටුවේ තිබුනේ යැයි කියන පින්තූර කිසිවක් මේ විදුහල්පතිවරයාට යකානැටීමට තරම් දේවල් නොවේ. ඒවා ඉතා සාමාන්‍ය අප කවුරුත් එදිනෙදා ජීවිතයේ කරන කියන දේ හා සම්බන්ධ ඒවායි. එහෙත් ගතානුගතික ගොන්කමෙන් ගැලවියනොහැකි තරමට අධි මාන්නයකින් ක්‍රියාකළ විදුහල්පතිවරයා එම සිසුවියගේ මානුශික හැඟීම් දැනීම හා නව යොවුන්විය අභිමුව සිටි ඇය විරුද්ධ ලිංගික ආකර්ශනය වෙත දැක්වූ මානසික සංවේදනය පිළිගත්තේ දැඩි දඬුවම් නියමකළයුතු පවුකාරකමක් ලෙසය. අවාසනාවකට මේ රටේ බොහොමයක් අධ්‍යාපන ආයතන වලට අරක්ගෙන සිටින විදුහල්පතිවරුන් මෙන්ම ඇතැම් විනය භාර ගුරුවරුන්ද නව යොවුන්විය අභියස සිටින සිසු සිසුවියන්ගේ ලිංගික සංවේදනයන් පිළිගන්නේ මේ ආකාරයටමය. මෙය ගැහැනු ළමුන් සම්බන්ධයෙන් තවත් දරුණුය. මේ සිදුවීම තුල දක්නට ලැබෙන ශෝකාකූල සිද්ධියේ පසුබිමද එයයි. ස්ත්‍රී ලිංගිකත්වයටත් ඒ මත පිහිටා කටයුතු කරන සංවේදී කාන්තාවන්ටත් ආක්‍රෝෂ පරිභව කිරීම හා ගැරහීම කුහකකම ඉහවහගිය ඇතැම් නරුමයන් තවත් සලකන්නේ මහා ලොකු වීරකමක් නැත්නම් තමන්ගේ වැදගත්කම පෙන්වන දෙයක් ලෙසය. එහෙත් වර්තමාන සමාජය මේ තකතීරුකම් ප්‍රතික්ෂේප කරන්නේ අලුයම ලූ කෙලපිඩක් මෙනි.
මේ තුච්ඡ විදුහල්පතිවරයා අර අසරන පාසල් සිසුවියට ඒ ආකාරයෙන් "වේසි" යන වචනය භාවිතා කරමින් පරිභව කොට මානසික පීඩාවකට පත්කිරීමට පෙර අඩුම තරමින් සොයා බැලියයුතුව තිබුණේ මේ සාධාරන හැඟීම් දැනීම ඇති තවත් කීදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේම නැතත් ඔය පාසල තුලම සිටීද යන්නයි. එසේ සොයා බැලුවේනම් ඔහුගේ අමණ නිගමනයට අනුව තවත් "වේසියන්" බොහෝ ගණනක් සොයාගැනීමට ඔහුට හැකිවන්නට ඉඩ තිබුණි. එසේ වූයේනම් තම මාන්නක්කාර බව ඉස්මුදුනේ තබාගෙන මුලු ස්ත්‍රී ජනගහනයටම "වේසියන්" කීමටද ඔහු නොපසුබට වනු ඇත. අපට මෙවැනි අමන මරි මෝඩයන්ට මතක්කර මතක්කරදෙන්නටද යමක් නැතුවා නොවේ. ඒ කුහකත්වයෙන් මුලු සමාජය තුලම අනවශ්‍ය ලිංගික පීඩනයක් නිරමාණය කරන මෙවැනිම අමනයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ලිංගික ජීවිතයේ දැනෙන පීඩාව පවා සමනය කරගෙන කුහක ඔලුගෙඩි තෘප්තිමත් කරගැනීමටද "වේසියන්" ඉදිරිපත්වන බවයි. කොටින් කියතොත් "වෙසියන්ට" අනියම් ආකාරයකට සමාජයෙන් ඉල්ලුමක් නිර්මාණය කරන්නේද මේ මෝඩ කුහක සුදනන්ගේ කෙරුවාවන්ම වේ. එය ඒ ආකාරයෙන් සිදුවෙද්දී අඩුම තරමින් "වේසියන්ට" ආක්‍රෝෂ පරිභව කිරීමට හෝ මේ හරකෙකුට අන්ත විදුහල්පතිවරයාට සිදුසුකමක් නැත.
Monday, February 10, 2014
ආදරයට වයස් සීමාවක් ඇත්ද?
මෙය තරමක් සවාදශීලී දෙයක් වන්නට පුලුවන්. ඒ වගේම කෙනෙක් මේ අදහස එක එල්ලේ පිළිගනීවි. තව කෙනෙක් මේ පෝස්ට් එක ගැන වරදක් කියන්නට ඉඩක් තියෙයි. නමුත් කාටත් අවංකයෙන් පිළිගන්නට සිදුවන ඇත්ත කාරනේ නම් විරුද්ධ ලිංගික ආකර්ෂණය කියන සංසිද්ධියට වයස් භේදයක් නෑ කියන එකයි. කුඩා ළමුන් ලිංගිකව පරිනත නැති වුවත් ඔවුන් සමාජයේදී හැමවිට තමන්ගේ ලිංගිකත්වයට සංවේදී ලෙස කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් මවුපියන් හා වැඩිහිටියන් අනුගමනය කරනවා. එසේ කරන්නේ පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින් ද ගැහැනු ළමුන් වැඩිහිටි කාන්තාවන්ද අනුකරනය කරන ලෙසයි. ඔවුන් එසේ කරනු ලබන්නේ කුඩා කළම සුලුවෙන් නමුත් ස්ත්‍රී හා පුරුෂ හෝමෝන වල ක්‍රියාකාරිත්වයක් වගේම මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් ලිංගිකත්වය කේන්ද්‍රගතව පවතින නිසයි. ඇත්තෙන්ම මානව සමාජයක සජීවී බවට අඩිතාලමක් වැටෙන්නෙත් කුඩා කළ සිට මෙවැනි මිනිස් හැඟීම් වලට සංවේදීව හැදුනු වැඩුනු පිරිසගෙනුයි.
Subscribe to:
Posts (Atom)