Pages

Saturday, March 8, 2014

ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වීමට ඉඩ දුන්නොත් නරකද?

තවත් එක් ජගත් කාන්තා දිනයක් එළඹෙන අතරතුරේ කාන්තාවන් සම්බන්ධයෙන් කතාකළයුතු වැදගත් යමක් ගැන අදහස් ස්වල්පයක් මෙසේ එක්කරන්නට සිතුනි. කාන්තා අයිතීන්, කාන්තා විමුක්තිය, ස්ත්‍රී නිදහස ආදී වදන් වැකි කොතෙක් අසන්නට ලැබුනද සැබෑ ලෙසම මේවා පැනනගින්නේ කාන්තාවන් අතරින්මද යන්න ගැටලුවකි. මා එසේ කියන්නේ මේ කරුණු ගැන කාන්තාවන්ට වඩා බොහෝසෙයින් කතාකරන්නේ පිරිමින් බව හොඳාකාරව දැනගෙනයි. කාන්තාවන් ගැන පිරිමින් කතා කිරීමේ වරදක් නැතත් මෙහි විචාරයට බඳුන්වියයුතු බොහෝ දේ තිබේ. ඉන් විශේෂතම දෙය වන්නේ මෙලෙස පිරිමින් විසින් කාන්තා අයිතීන් ඇතුලු අනෙකුත් දේ ගැන කතාකිරීමට යෑමේදී ඒතුල කුහකත්වය ගැබ්වී තිබීමයි.
                      ලිංගිකත්වය කියන දේ සොබාදහමෙන් ලොවට දායාද වන්නේම ලිංගික ප්‍රජනන ක්‍රියාව ඇසුරෙන් ජීවීන්ට ස්වකීය වර්ගයා බෝකිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීම සඳහායි. එහිදීද ලිංගිකත්වය ජීවීන්ගේ පරිනාමයට අනුව බලන කළ සංකීර්ණ වී තිබෙන්නේ එකම සත්ව විශේෂය තුලද ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ආවේනික ගති ලක්ෂණයන් වර්ධනය වන ආකාරයටයි. මෙය මානව ලිංගිකත්වය සලකා බැලීමේදී තවත් ඉහල මට්ටමකින් දක්නට තිබේ. ජීව විද්‍යාත්මකව පිරිමින්ට පිහිටන්නේ සාපේක්ෂව දැඩි ශක්තිමත් ශරීර ලක්ෂණය. කායිකවශයෙන් හා චර්යාත්මකව පිරිමින් සාපේක්ෂව වඩා ක්‍රියාකාරීය. එමෙන්ම මනෝවිද්‍යාත්මක වශයෙන් පිරිමින් සාපේක්ෂව තරමක් සටන්කාමීය. මේ අයුරින්ම මීට අනුරූප ලෙස කාන්තාවන්ට පිහිටන්නේ පෙර සඳහන් කළ පිරිමි ලක්ෂණයන්ට විරුද්ධ ලක්ෂණ වේ. එලෙස එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ගැහැනු හා පිරිමි ලිංගිකත්වයන් නිර්මාණය වී තිබෙන්නේ එකිනෙකා ගේ ලිංගික පෙරැත්ත හා ආශාවන් එකිනෙකට ගැලපෙන ලෙස වේ. මිනිසුන් විසින් ගොඩනගන සංස්කෘතික නිර්මාණයන් සියල්ලකම වාගේ මේ සිද්ධිය අඩු වැඩි වශයෙන් දක්නට තිබේ. ලිංගික පෙරැත්ත හා ආශාවන් ස්වභාවිකව පුරුෂයාට මෙන්ම ඊට අනුරූප වශයෙන් එයටම ගැලපෙන ලෙස ස්තියටද එක ලෙස සොබාදහමෙන් උරුම වේ. මේ කාරනය කිසි සේත් සැඟවිය නොහැක. 
           ඇත්තෙන්ම ඉහතින් විස්තර කළ කරුණු තව දුරටත් සලකා බලන්නේනම් කාන්තාවන් හා පිරිමින් එක්ව මිනිස් ප්‍රජාවේ පැවැත්මට අවශ්‍ය යම් යම් දේ නිර්මාණය කරන්නේද එකිනෙකාගේ සුවිශේෂී ලිංගික අනන්‍යතාවයන් වර්ධනය වන හා ලිංගික ආශාවේ ස්වරූපයන් එකට ගැලපෙන ලෙසයි. ලිංගික පෙරැත්ත හා ආශාවන් පිරිමින්ට පමණක් ඇති දේ නොවේ. එ ය ඒ ආකාරයටම ඊට ගැලපීමක් ඇතිවන පරිදි කාන්තාවන්ටද ස්වභාවිකවම ලැබෙන්නේ ලිංගිකත්ව්යේ ස්වභාවයට අනුව පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි නිසි අනුකූලතාවය දැක්වීමටය. සාමාන්‍ය වශයෙන් ඕනෑම සමාජ පසුබිමක පිරිමින් හා කාන්තාවන් එකිනෙකාගේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව විශේෂිත ගති ලක්ෂණයන් වැඩි දියුණු කරගැනීමට උත්සාහ කරන්නේ මේ කාරනයද මුල්කරගෙනයි. එය කිසිසේත් ස්වභාවිකත්වයට පටහැනි දෙයක්ද නොවේ. මේ ස්වභාවයට අනුකූලත්වයක් නොදක්වන පිරිසක්ද නැත්තේම නැත. ස්ත්‍රී පුරුෂ ලිංගික ස්වරූප්යන්හි පෙර විස්තර කළ දෙයින් වෙනස් වන ඊට ප්‍රතිවිරුද්ධ වූ හැසිරීම් ඇති පිරිස් ඇත්තෙන්ම සිටිති. එවැනි පිරිස් සැබෑ ලෙස බිහිවන්නේ ලිංගික කුහකත්වය මුල්කොටගෙන ඇතිවන නොයෙක් මනුස්ස ක්‍රියාකාරකම් හා ඒ ඔස්සේම ගොඩනැගෙන සමාජ දුර්වලකම් වල ප්‍රතිඵලයක් ලෙසයි. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගුණාංග වලට පටහැනි දේ දැකීමේ කුහක ආශාවන්ද ඇතැම් පිරිස් වලට නැතුවා නොවේ. කාන්තා නිදහස කාන්තාවන් අතර සිටින පිරිමි හැසිරීමක් ඇති අයගේ ක්‍රියාකාරකම් ඇසුරෙන් ඇතැම් පිරිමින් විග්‍රහ කරන්නට යන්නේ එක් පසෙකින් මේ හේතුව නිසාය.   

 
                         අද නොයෙක් විදිහට දස දෙසින් කාන්තාවන්ට වන අසාධාරනකම් හා ඊට පිළියම් ගැන අසන්නට ලැබේ. එහෙත් මේ ගැන කතා කරන පිරිස් වල අවංක භාවය හා කාන්තාවන්ට සිදුවන සැබෑ අසාධාරනය හඳුනාගැනීමේ හැකියාව ගැනනම් විශාල ගැටලුවක් ඇත. ඒ අන් කිසිවක් නොව ඔවුන්ද තම කුහක මානසිකත්වය මතම පිහිටා ප්‍රශ්න විග්‍රහ කිරීමයි. මෙහිදීද කුහක පිරිමින් කොට්ඨාශයක් පෙරමුණ ගෙන ක්‍රියා කිරීම තුල අවුල අවුලෙන්ද අවුලකට පත්කරන්නේ නිරායාසයෙනි. කුහකත්වයෙන් අන්ධ වූ කළ තමන් විසින් තමන්වම රවටාගනිමින් තම ලිංගිකත්වයද බාල්දු කරගන්නා පිරිමින් තම පුරුෂ ලිංගික ක්‍රියාකාරීත්වයටම අනුරූප ස්ත්‍රී ලිංගිකත්වයට ගරුකරයිද? සැබෑ ප්‍රශ්නය පැනනගින්නේද මෙතැනින්මය.  කාන්තා නිදහස හා කාන්තා අයිතීන් ගැන කතා කරන ඇතැම් පිරිමින්ට අනුව කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු නොවන අතර කාන්තාවන් සිටින්නේද දරුවන් වැදීම සඳහා නොවෙති. ඔවුන් තුල මේ විකාර අදහස ජනනය වන්නේ ඔවුන් තමන්ට ස්වභාවිකව ලැබෙන ලිංගිකත්වයද ඇතුලුව  සමස්ථ පිරිමි ලිංගික ස්වභාවය ම කුහක ලෙස බාල්දු කිරීමත් ඒ අනුව ඔවුන් පිරිමි ලිංගිකත්වය හා අනුරූප වන ස්ත්‍රී ලිංගිකත්වයද එලෙසම තවත් බාල්දු කිරීමත් යන සංසිද්ධිය මුල්කරගෙනයි. මේ කුහක මිනිසුන්ට අනුව කාන්තාවන් හැකිතාක් ඔවුන්ගේ ගැහැනුකම අත්හැර දමා පිරිමින් මෙන් පිරිමිකම ප්‍රගුණ කරහතයුතුය. ඔවුන් මේ අත්තනෝමතික තීන්දුව මත එල්බගන්නේ අඩුම තරමින් කාන්තාවන්ට තම ස්වභාවික ලිංගිකත්වය පිරිමි ලිංගිකත්වයෙන් වෙන්කොට හඳුනාගෙන පිරිමි ලිංගික ස්වභාවයට සමගාමීව ස්ත්‍රී අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට  නිදහසක්වත් තිබියයුතුයැයි නොසිතමිනි. ඔවුන්ට අනුව කාන්තාවන්ගේ ප්‍රගතිය මැනියයුත්තේද කාන්තාවන්ට පිරිමින් කරන  සියලු දේ ඒ ආකාරයෙන් කිරීමට තිබෙන හැකියාව මතය. එපමණක්ද නොවේ, ඔවුන් සිතන අයුරින් කාන්තාවන්ට නිදහස තිබියයුත්තේද එසේ පිරිමින් මෙන් හැසිරීමටය. ඒ අයුරින් ඔවුන්ට අනුව කාන්තා අයිතීන් තිබියයුත්තේද එසේ මනෝ විද්‍යාත්මක බෙදීම් නොසලකා කාන්තාවන්ට පිරිමින් කරන දේ කිසිදු විචාරයකින් තොරව කිරීමටය. නමුත් කාන්තාවන් තමන්ටම ආවේනික කිරියාකාරකම් පද්ධතියක් ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රීයව ගොඩනගාගැනීම මේ කුහක පිරිමින්ට අනුව පුරුෂාධිපත්‍යට යටවීම හා සම්ප්‍රදායික ලෙස පුරුෂයා යටතේ වහලියන් වීමයි. නමුත් ඔවුන්ගේ කුහක මොළයට අනුවනම් ඔවුන් විසින් කාන්තාවන් ඊට එරෙහිව මෙහෙයවීම පුරුෂාධිපත්‍ය නොවේ. තවත් දෙයක්නම් මේ කුහක පිරිමින් තම ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන කාන්තාවන්ට හැකිතාක් ගැරහීමත් පුරුෂයින් මෙන් සමාජයේ ක්‍රියාකරමින් පිරිමින් සමග ගැටුම් ඇතිකරගැනීමට යන කාන්තා චරිත වලට වන්දනාමාන කිරීමත්ය.            

                               මේ විකාර දෙස බැලීමේදී අපට තේරුම්යන එකම දෙයනම් කාන්තාවන්ට නැතිකර දමා තිබෙන්නේ කාන්තාවන් හැටියට ජීවත් වීමේ නිදහස හා අයිතියම බවයි. ඒ ටික කරනුලබන්නේද කුහක පිරිමින් කොට්ඨාශයයි. කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් කළයුත්තේද කුහක පිරිමින්ට සමාජයේ ඉහල තත්වයන් ලබා නොදී, එලෙසම ඔවුන්ගේ කුහකත්වයන්ටද බොරු වැදගත්කමක් ඇති නොකර ලිංගික කුහකත්වය යන ධූලක විෂබීජයම සමාජයෙන් තුරන් කිරීමයි. ඉන් අනතුරුව ස්වභාවික පිරිමි ලිංගිකත්වයේ සියලු සාධකයන්ට අනුරූප වන සමස්ථ ස්ත්‍රී ලිංගිකත්වයම නිවැරදිව සමාජය තුල පිළිගැනීම කළයුතුය.   ඒ වෙනුවට කළයුත්තේ කාන්තාවන්ට ස්වභාවික ලෙස ලැබෙන ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ලිංගික ආශාවන්හි ස්වභාවයද ඇතුලුවම සමස්ථ ස්ත්‍රීත්වයම හරි හැටි පිළිගෙන ඊට නිසි ගෞරවයක් දැක්වීමයි. මවුවරුන් ගැනද අප බොරුවට කතා නොකළයුතුය. මාතෘත්වය පිළිගන්නේනම් ස්ත්‍රී ලිංගික ස්වභාවය ඊට පෙර හරිහැටි පිළිගතයුතුය. ඒ මක්නිසාද කියා කියන්නේනම් කාන්තාවන්ට දරුවන් හැදීමට අවශ්‍ය ශාරීරික හා මානසික පසුබිම සැකසෙන්නේ පිරිමියෙකු සමග ලිංගික ක්‍රියාවක නිරතවීමට අවශ්‍ය ලිංගික පෙරැත්ත හා ස්වභාවිකව පිහිටන ලිංගික ලක්ෂණ වලට අනුවයි. අප කුහකකම් පසෙක තබා පිළිගතයුතු වැදගත්ම දෙයද එයම වේ. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කුහකත්වය මුල් කරගෙන බලෙන් වෙනස් කිරීමට යෑම වෙනුවට එය හරිහැටි තේරුම්ගෙන ඒ සමග එකට ජීවත්වීමට කාටත් හැකිනම් මේ පැටලිලි කිසිවක් නැත.  සැබෑ ලෙස ගත්කළ හැඟීම් දැනීම් ඇති ඉහමොළයක් තිබෙන කුහකයන් නොවන කිසිදු පිරිමියෙකුට තම පුරුෂභාවයට අනුරූපවන ස්ත්‍රී ස්වභාවයට ගැරහීමටත් එය හෙලාදැකීමටත් පුලුවන්කමක් නැත. කෙටියෙන් කිවහොත් ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වීමට ඉඩක් දී ඇය රැකබලාගැනීමට පිටකොන්දක් ඇති කුහකයන් නොවන පිරිමින් කවුරුත් වගබලාගතයුතුය.

20 comments:

  1. මචන් උඹේ ලේඛන හැකියාව අන්තිම ඉහලයි.මටත් මේ වගෙ ලියන්නත් බෑ කරුණුත් නෑ.ඒත් මට හිතට වේදනාවක් තිබෙනව උඹේ ලිපි ජනතාව අතරට නොයාම ගැන. මගෙ බ්ලොග් එක හදල එතරම් කාලයක් නෑ.මම සින්ඩි වලට දැම්ම. හිතවත් බ්ලොග් කරුවන්ට කියල ඒ අයගෙ බ්ලොග් රෝලවල් වලට දැම්ම. අනික මම ලැබෙන හැම වෙලාවකම කොමෙන්ට් කරනව. නමුත් උඹ මේ මොනවත් කරන්නෙ නෑ.

    මේ ලිපිය ඉතාම වටිනව.රටේම ඇස් අරවන්නක්. බටහිර ස්ත්‍රීවාදය මේ සා චන්ඩ ලෙසත් තාර්කික ලෙසත් විචාරය කළ මෙවන් අවස්ථාවක් මා නම් දැක නැත.

    ReplyDelete
  2. හොද ලිපියක් සහෝ... මේක ගූගල් + ශෙයා කරන්න යාලුවන්ට

    ReplyDelete
    Replies
    1. ඔන්න මම Share කළා බලන්න ලිපිය ඔයගොල්ලන්ගෙ ගූගල් ප්ලුස් එකේ කියවන්න පුලුවන්ද කියලා?

      Delete
    2. ලිපියනම් සුපිරි එකක් මල්ලි. තවත් මේ වගේ හොඳ විචාරවත් ඒ වගේම හරවත් ලිපි පළ කරන්න. මගෙන් සුබපැතුම් මගේ ලිපියත් බලන්න
      http://sabalingikanidhahasa.blogspot.com/2014/03/blog-post.html

      Delete
    3. මල්ලි පොඩි වැරදීමකින් උඹේ පෝස්ට් එකේ ලින්ක් එකමයි දාල තියෙන්නේ. මෙන්න මගේ පෝස්ට් එකේ ලින්ක් එක.
      http://prathiwadhiya.blogspot.com/2014/03/blog-post.html

      Delete
  3. ඉහත ලිපිය ඔබේ අනුමැතියෙන් තොර මගේ http://unmanthaka.wordpress.com http://unmanthaka.blogspot.com බ්ලොග් අඩවිවල​ උපුටා පළ කර ඇත්තෙමි. එයට ඔබගේ විරුද්දත්වයක් ඇත්නම් දන්වන්න​. එය ඉවත් කිරීමට කටයුතු කරන්නම්.
    ස්තූතියි.
    උන්මන්තක​.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ විරුද්ධත්වයක්නම් නෑ.පුලුවන්නම් මගේ බ්ලොග් එකේ ලින්ක් එක දාල පොඩි සහයෝගයක් දෙන්න.

      Delete
  4. අද මුලින්ම ආවේ මේ බ්ලොග් එකට
    //ස්වභාවධර්මයෙන් අප වෙත දායාදවන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය අවශෝෂණය කරගනිමින් දිවිය සාර්ථක කරගැනීමට තිබියයුතු නිදහසයි//
    Sex කියන දෙය හෙවත් ලිංගික හැසිරීම ස්වභාවධර්මයෙන් එනදෙයක් වුනාට Sexuality නැත්නම් ලිංගිකත්වය කියන්නේ ස්වභාවධර්මයෙන් එන දෙයක් නොවෙයි. ස්වභාවධර්මයෙන් එන sex මිනිස්සු විතරක් නොවෙයි සත්ත්ව ලෝකයටම පොදු දෙයක් ඒක සත්තුත් කරනවා.ඒක Sexuality නොවෙයි, Sexuality නැත්නම් ලිංගිකත්වය කියන්නේ ශිෂ්ටාචාරගත මිනිස් සංස්කෘතික එකක්. හුදු ස්වභාවධර්මයෙන් ( nature) එන sex ස්වභාවධර්මයේ දායාදයක් වුනාට Sexuality නැත්නම් ලිංගිකත්වය කියන්නේ මීට වෙනස් ව මිනිස් සංකෘතියේ (culture) දායාදයක් කියලයි මම හිතන්නේ.

    //ස්වභාවධර්මයේ ආචාරණයන්ට පවා පටහැනිව උමතුවෙන් හැසිරීමටද?//
    මිනිස් සංස්කෘතිය සහ ස්වභාවධර්මය (nature vs culture )අතර වෙනස අවබෝධ කරගැනීම වැදගත් ස්වභාවධර්මයේ ආචාර ධර්ම නැහැ උදාහරණයකට සත්තු ඉන්නේ ස්වභාවධර්මය තුල සංස්කෘතියක් නැහැ සත්තු ඕනෑම තැනක ඕනෑම විරුද්ධ ලිංගිකයෙක් එක්ක ඕනෑම වෙලාවක ලිංගිකව හැසිරෙනවා මීට වෙනස් සංස්කෘතියක් තියන මිනිස්සු එහෙම හැසිරෙන්නේ නැහැ හදාගත්ත ආචාරධර්ම තියනවා. ආචාරණයන් තියෙන්නේ ස්වභාවධර්මය තුල නොවෙයි ශිෂ්ටාචාරගත මිනිස් සංස්කෘතිය තුල නේද? ස්වභාවධර්මය කරා අපි ආපසු ගියොත් වෙන්නේ සත්තු වගේ හැසිරීම.

    ReplyDelete
    Replies
    1. "Sexuality " කියන එක මිනිසුන් විසින් ගොඩනගල නිර්මාණය කරන සංස්කෘතික පරිසරයට සාපේක්ෂව පෙනෙන දෙයක් තමයි. නමුත් ඒ නිරමාණය කරන දේවල් උනත් ස්වභාවධර්ම්යෙන් උරුම වන "Sex" කියන එකටත් එහි ස්වභාවික ගුණාංග වලටත් ගැලපෙන්න ඕනේ. පිරිමින් හා කාන්තාවන් සමාජයේදී හැමවිට එකිනෙකාට ආවේනික සුවිශේෂී දේවල් ජීවිතයට ඈඳාගන්නත් ඒ තුලින් විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරගන්නත් පෙළඹෙන්නේත් ස්වභාවයෙන් උරුම වන " Sex " කියන සාධකයේ පෙරැත්ත මතයි. එමෙන්ම එහි ස්වභාවික ගුණාංග වලටත් එකඟවයි. අන්න ඒ කාරනේ මෙතන වැදගත්.

      Delete
  5. ගැහැනියට ගැහැනිය ලෙස ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා කියන්නේ ගැහැනිය තවදුරටත් පුරුෂාධිපත්‍ය සමාජ රාමුවට කොටු කරන්න නේද? ඕවට රැවටුන කාලේ දැන් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔබට පුරුෂාධිපත්‍ය කියලා ඔබ හඳුන්වන දේ ගැන අපට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔබ පුරුෂාධිපත්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එකත් ඊට කාන්තාවන් හැමවිට විරුද්ධ වියයුතුයි කියන්නේ මොන පදනමකින්ද කියන එකත් පැහැදිලි නෑ.

      Delete
    2. මුන් පුරුෂාධිපත්‍ය කියල හඳුන්වන්නේ මුන්ට නරක දේ විතරයි. ගෑනු ළමයි ඉන්න තාත්තලාගෙන් සමහරු ඒ ළමයි පිරිමි ආරෙට හදලා පිරිමින් සේරම තමන්ට කරදරයක් කියලා හිතන්න පුරුදු කරන එක මුන්ට පුරුෂාධිපත්‍ය නෙවෙයි. මේ මොංගල් කතා සේරම අවස්ථාවාදී ඒව. මුන්ට පුරුෂාධිපත්‍ය නීති වලින් ආරක්ෂා වෙන්න හොඳ වෙන්නේ කොහොමද පුරුෂාධිපත්‍ය නරකනම් ඔය තරමටම?

      Delete
    3. @වනිතා හඬ
      එතකොට කාන්තාවට විමුක්තිය දෙනවයි කියලා කියන පිරිමින්ගේ පුරුෂාධිපත්‍ය කමක් නැතුව ඇති නේද?

      Delete
  6. මේ ලිපිය පුරාවටම තියෙන්නේ කාන්තාවන් ගැන සම්ප්‍රදායික පිරිමින්ගේ බොල් මතය විතරයි. නූතන කාන්තාව කියන්නේ පුරුෂාධිපත්‍යයෙන් එල්ලවන අභියෝග පවා ජයගන්න පුලුවන් පිරිමින්ට යටත් නැති කෙනෙක්. ඒ අයට පිරිමින්ගේ කාම අවශ්‍යතා සන්තර්පනය කරමින් ළමයි වදනවට වඩා කරන්න බොහෝ දේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ සම්ප්‍රදායික හා නූතන කියලා බෙදීම ඇතිකරන්නේ මොකක් මත පිහිටලාද? ඒ තුල කාන්තාව හා ලිංගික ස්වභාවයන් දකින්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්න පුලුවන්ද? එතකොට අපට පිළිතුරු දෙන්නත් ලේසියි.

      Delete
    2. මහී,කැරළිකාරි, සොදුරු ලිය කියල විකාර ගෑණු තුන් දෙනෙක් ඉන්නවා. මම දැක්ක එක්කෙනෙක් කියනව මෙහෙ ලිවින් ටුගෙද කරන්න ඕනලු. තව මොනවද කියල. මේ තුන් දෙනාගෙ කල්ලිය පුරුෂ විරෝධී කන්ඩායමක්. ඒ වගේම ආප්ප කාරියො වගයක්.

      Delete
  7. මේ ලිපිය ඉතා අනර්ඝ මට්ටමේ ඉතාම හොඳ විචාරයක් ඇතිකරවන්නක්. මටත් බොහෝ දේවල් කියන්න තියෙනවා. ඉන් බොහොමයක් ඔබේ ලිපියෙන් කියවිලා තියෙනවා. මම ලිපිය මුල ඉඳන් අගට ඉතා උනන්දුවෙන් කියෙවුවා. මේකට බොහොම ස්තුතියි. අපි මේ අවිචාරවත් බවෙන් මිදිලා බටහිර කාන්තා විමුක්තිවාදයේ නියම දුෂ්ඨ හා කුහක ස්වරූපය හඳුනගන්න ඕනේ. ඒකට මේ ලිපියෙන් ලැබෙන සහය ඉතාම ඉහලයි.

    ReplyDelete
  8. බෑ එහෙම වුණොත් අපේ හුගක් උන්නෙ ආතල් කැඩෙනව... එහෙම වුණාම කෝමද ඉදල හටල වත් බොරුවට පොය්ය දාන්නෙ... හුගක්ම අවුල් යන්නෙ ඔය එක එක සංවිධාන පිහිටවං ඉන්න ගෑනුන්ටම තමා... ඒ හිංද ඕක හීනයක්ම විතරයි... කතාවක් තියේනෙ වරිගෙ නහන්නෙ වරිගෙම උං කියල... නැද්ද

    අවන්හල

    ReplyDelete
  9. ගෑනියෙකුට ගෑනියෙක් විදිහට ඉන්න දීල ඔය පුරුෂ කාන්තාවාදියෝ ටික පැත්තකට වෙනවනම් එතනින් ලොකුම කාන්තා ප්‍රශ්නය විසඳෙනවා.

    ReplyDelete