මේ වීඩියෝ එක බලන්න. එහි අන්තර්ගත වන්නේ ලිංගික ක්රියාකාරිත්වය නිසියාකාරව පවත්වාගැනීමට ඉවහල් වන පෝෂණය ස්වභාවිකව ආහාර රටාව තුලින් ලබාගන්නා ආකාරය ගැන උපදෙස් මාලාවකුයි. ලිංගික ශක්තිය ලිංගික තෘප්තිය හා ක්රියාශීලී බව වර්ධනය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙය වැදගත් වනු ඇති.
Showing posts with label ලිංගික ශක්තිය. Show all posts
Showing posts with label ලිංගික ශක්තිය. Show all posts
Sunday, December 7, 2014
ලිංගික ක්රියාකාරිත්වය හා පෝෂණය පිළිබඳ උපදේශන මාලාවක්
මේ වීඩියෝ එක බලන්න. එහි අන්තර්ගත වන්නේ ලිංගික ක්රියාකාරිත්වය නිසියාකාරව පවත්වාගැනීමට ඉවහල් වන පෝෂණය ස්වභාවිකව ආහාර රටාව තුලින් ලබාගන්නා ආකාරය ගැන උපදෙස් මාලාවකුයි. ලිංගික ශක්තිය ලිංගික තෘප්තිය හා ක්රියාශීලී බව වර්ධනය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙය වැදගත් වනු ඇති.
Sunday, August 3, 2014
පුරුෂ ශක්තිය වඩවන කාමරංගා
කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.
Subscribe to:
Posts (Atom)