ඉස්ලාමික ආගමික අන්තවාදය පසුබිම් වූ සංස්කෘතීන් තුල ලිංගිකත්වය හා එහි
සම්මත පිළිගැනීම් ගැනත් කුහකකම් වලින් නිමැවෙන බොරු වටිනාකම් ලිංගිකත්වයේ
ස්වභාවයට කර තිබෙන බලපෑම් ගැනත් මෑතක ලියූ ලිපි වලින් පෙන්වා දුන්නෙමි. මේ ඒ
සම්බන්ධයෙන් තවත් විස්තර සාක්ෂිත් සමග වැඩි දුරටත් ඉදිරිපත් කරන්නේ එක
අතකින් ඇත්ත පිළිගැනීමට මැලිකමක් දක්වන කුහකයන්ට ඇඟිල්ලෙන් ඇන හෝ සත්‍ය
පසක් කර දීමටයි.
විරුද්ධ ලිංගික
ආකර්ශනය හා ලිංගික බැඳීම් වල ස්වභාවය ඉදිරියේ ඊට දැඩි බියකින් හා
ලැජ්ජාවකින් බොරු සදාචාරාත්මක වටිනාකම් ගොඩනගාගන්නා කුහක සංස්කෘතීන් තුල,
අනියම් ආකාරයකට සමලිංගික විකුර්ති හැසිරීම් වලට හා එහි ළමා අපයෝජනයන්ට
සුවිසල් තෝතැන්නක් නිර්මානය වන ආකාරය තවදුරටත් පැහැදිලි කිරීමට සාක්ෂි
වශයෙන් මේ වීඩියෝ දර්ශන සමග තොරතුරු ඉදිරිපත් කරමි.
කාන්තාවන්ට
ප්‍රසිද්ධ වේදිකා වල ගායනය නර්තනය තහනම් ඇෆ්ඝනිස්ථානයේ කුහකයන් ඒ රසය
විඳගන්නේ නොමේරූ පිරිමි ළමුන් ස්ත්‍රී ඇඳුම් වලින් සරසවා නර්තන සන්දර්ශනයට
යොදා ගැනීමෙනි. මේ ස්ත්‍රී නිරුවතට මර භය විරුද්ධ ලිංගික ආකර්ශනය ඇලජික් වූ
මහා ලොකු වටිනා සංස්කෘතියක් හිමි ඉස්ලාමික සමාජයේ නිරුවතයි.
වීඩියෝවට අදාල තොරතුරු මෙතැනින්
http://lankacnews.com/sinhala/foreign-news/142355/
ඉස්ලාමික සංස්කෘතිය තුල පිරිමි ළමුන් ලිංගිකව අපහරනය කරන ආකාරයත් ඊට අනියම් ආකාරයකට තිබෙන පිළිගැනීමත් ගැන තවත් සාක්ෂි පහත වීඩියෝ දර්ශන වලින් පැහැදිලිව සොයාගත හැක.
කාන්තාවන්ට ස්ත්‍රී ලිංගික ස්වභාවය මත පිහිටමින් කටයුතු කිරීමට නිදහසක්
නැති නර්තනය ගායනය පවා අකැප අන්තවාදී සමාජයේ, ස්ත්‍රී ලිංගික ස්වභාවයට වඩා
පිරිමියා අනුකරනය කරමින් පුරුෂභාවය වෙත මානසිකව නැඹුරු වූ කාන්තාවන්ට
පිරිමින්ට ආවේනික බොහෝ කටයුතු වල නිරත වීමට ස්ත්‍රීවාදී උමතුව විසින්
ගිලගත් බටහිරටත් වඩා ඉඩකඩක් බොහෝ මුස්ලිම් අන්තවාදී රටවල තිබේ. එලෙසම
කාන්තා සමලිංගික හැසිරීම් වලටද සමාජය තුල යම් ලිහිල් බවක් ඇත. නමුත් මේ
කිසිවක් ඉස්ලාමික සංස්කෘතිය විසින් පිටට නොපෙන්වයි.
ලිංගික කුහකත්වයේ හොර සදාචාරයන් සොබාදහමටත් උඩින් ගිය කළ ඇතිවන්නේ සීලාචාර
දියුණු සමාජයක් නොව පිට ඔපයට යටින් හද්දා කුණු ගඳ ගසන පල් ඕජස් බේරෙන දහජරා
නිරයක් පමණි. මේ අන්තවාදී සංස්කෘතීන් පිටට කුමක් පෙන්වුවත් ඇතුලතින්
මිහිපිට අපායන් වේ. ඒ අතින් බැලූ කල කෙල්ලන්ට කොල්ලන්ට බෝ ගහ යට හමුව බහ දී
පන්සල් ගොස් පොරොන්දු ප්‍රකාර බැඳීම් ඇතිකරගෙන බුදු දහමේ ආශිර්වාදයද ලබා
විවාහයට පත්ව දරුමල්ලන් හදාගෙන යහතින් ඉන්නට මේ රටේ එවුන් පින් කර තිබීම
කොපමන භාග්‍යක්ද?
මේ වීඩියෝ එක බලන්න. එහි අන්තර්ගත වන්නේ ලිංගික ක්‍රියාකාරිත්වය නිසියාකාරව පවත්වාගැනීමට ඉවහල් වන පෝෂණය ස්වභාවිකව ආහාර රටාව තුලින් ලබාගන්නා ආකාරය ගැන උපදෙස් මාලාවකුයි. ලිංගික ශක්තිය ලිංගික තෘප්තිය හා ක්‍රියාශීලී බව වර්ධනය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙය වැදගත් වනු ඇති.
මෙම වීඩියෝවෙන් පුරුෂයාගේ ශුකරාණු ස්ත්‍රී යෝනි මාර්ගය ඔස්සේ ගර්භාශයට මුදාහැරීමේ සිට සංසේචනය හා කලළ විකසනය දක්වා අවස්ථාවන් පෙන්නුම් කෙරේ. මෙය අප කාටත් වැදගත් වන හා නැරඹියයුතු වන වීඩියෝවක් බව පැහැදිලිව කිවහැක.
https://www.youtube.com/watch?v=-TXkZ_sjyUk

ප්‍රජනනය යනු මුලු මහත් ජෛව ලෝකයේම අඛණ්ඩතාවය ඉදිරියට ගෙනයෑම සඳහා
ස්වභාවධර්මයෙන් සියළු ජීවීන් වෙත දායාද වී ඇති ක්‍රමවේදයයි. සත්ව ලෝකයේ
අනෙකුත් සත්වයන්ගේ ප්‍රජනනය හා සසඳන විට මිනිසාගේ ප්‍රජනනය සුවිශේෂී වන්නේ
මිනිසුන් ප්‍රජාවක් හැටියට සිය පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහා විශේෂිත වූ ලෙස
සමාජ පරිසරයක් නිර්මාණය කරන නිසයි. මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය පවුල
ආශ්‍රිතව සිදුවේ. එහෙදී පවුලක ඉපදෙන දරුවෙකු සිය මව හා පියා හඳුනාගනියි.
දරුවෙකුට මව හා පියා වැදගත් වෙන්නේ තමන් ලොවට ජනිත කරවූ ජනකයන් හැටියටය.
මෙලොව උපදින සියළු දෙනාට සිය මවුපියන් වෙනත් සියල්ලන්ට වඩා වටිනා කියන
පුද්ගලයන් වන්නේ ඔවුන් තම තමන්ට උපත දී ඇති නිසා පමණක් නොව පැවැත්මද සදා
දෙන නිසයි. ඕනෑම මානව සමාජයක පවුල් බැඳීම් හා මවුපිය දූදරු සබඳතා වලට අති
විශේෂ තැනක් හිමි වේ. බෞද්ධ සමාජයේනම් මවුපියන් වැඳුම් පිදුම් ලැබීමට
සුදුස්සන් වෙති. මෙම ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ
විශේෂයෙන් මාතෘත්වය හා සම්බන්ධ සමාජීය සංසිද්ධි කිහිපයක් ගැනයි. පීතෘත්වය
හා ජනසමාජය ගැන වෙනමම ලිපියක් බ්ලොග් පිටුවට ඇතුල් කිරීමට මම බලා පොරොත්තු
වෙමි.
මාතෘත්වය සැලකිල්ලට ගත්කළ මවක හා දරුවෙකු
අතර ඇති බැඳීම් ගැන කතා කිරීමට කොතෙකුත් දේ තිබේ. මා මෙම ලිපියෙන්
බලාපොරොත්තු වන්නේ එම බැඳීම හා සම්බන්ධ දෑ එකින් එක විස්තර කිරීම නොව
පොදුවේ මාතෘත්වය වටා බැඳුනු සමාජ පිළිගැනීම් හා මාතෘත්වයත් ස්ත්‍රීත්වයත්
සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක කාරනා සංසන්දනාත්මකව සාකච්ඡා කිරීමයි. ලිංගික
ප්‍රජනන රටාව අනුව ස්ත්‍රී පුරුෂ ප්‍රජනන බීජ එක්වී කළල පිලිසිඳගැනීමේ සිට
දරුවා බිහිවනතෙක් ගර්භය දරාගෙන සිටින්නේත් වර්ධනය කරන්නේත් මවයි. දරුවා
බිහිවූ පසුද මුලවධියේ එම දරුවා පෝෂණය වන්නේ මවු කිරි වලිනි. එබැවින්
දරුවෙකු හා මවක අතර තිබෙන බැඳීම අති විශේෂ එකකි. ඒ ගැන වැඩි පුර විස්තර
අවශ්‍ය නොවන්නේ මනුස්සයන් වන අප කාටත් එය පැහැදිලිව දැනෙන දෙයක් වන නිසාය.
මතෘත්වය කෙරෙහි තිබෙන සමාජ ගෞරවය පදනම් වන්නේද ඒ ඔස්සේමය. එහි ප්‍රමාණය
වපසරිය ගැන විස්තර කිරීමද අවශ්‍ය නොවේ. ඒ එයද කාට කාටත් තේරෙන දෙයක් වන
හෙයින්. මවු සෙනෙහස ගැන ඇගයීමක් ගෞරවයක් නැති කිසිම මනුස්ස සමාජයක් ලොව
කොහේවත් නැත.

මා ඉහතින් පෙන්වා දුන්නේ මාතෘත්වය යන්නේ සමාජීය ආකෘතිය හා එහි පිට නිරූපනය
කොයි ආකාරයක් ගන්නේද යන්නයි. සැබවින්ම මාතෘත්වය යන්නෙහි ජීව විද්‍යාත්මක හා
මනෝවිද්‍යාත්මක පසුබිමත් ප්‍රජනනය හා බැඳුනු ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර්
ක්‍රියාවලියත් බෙහෙවින් සංකීර්ණය. ඒ ගැන කතා නොකර මාතෘත්වයක් ගැන කතා කිරීම
සාර්ථක නැත. කාන්තාවක් මවක් වීමට පෙර ඇය ස්ත්‍රී ලිංගිකත්වය අනුව
ශාරීරිකවත් මනෝවිද්‍යාත්මකවත් මානව සමාජය තුල යම් අනුවර්තනයක් දැරියයුතුය.
දරුවන් හැදීමේ අවශ්‍යතාවය නිසියාකාරව පිහිටන්නේ එවිටයි. ඒ අවශ්‍යතාවය ඇතුළු
ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක ස්වරූපය කාන්තාවන්ට පිහිටන්නේ වැඩි
වශයෙන්ම මවු පාර්ශවයේ උරුමයක් ලෙසය. ඕනෑම සමාජ පරිසරයකදී ගැහැනු ළමුන්
මවුවරුන්ට අනුව ඒ ආකාරයෙන් හැඩගසාගැනීමේ සැබෑ පදනමද එයයි. එය ඒ ආකාරයෙන්
සිදුවන්නේ කුඩාකළ සිට පුරුෂ ලිංගිකත්වය තමන්ට ස්වභාවිකව දායාද වී ඇති
ස්ත්‍රී ලිංගිකත්වයෙන් වෙන්කරගැනීමේ මනා සංවේදනයක් මනෝවිද්‍යානුකූලව ඇතිවන
ආකාරයටය වේ.
මාතෘත්වය හෝ පීතෘත්වය ගැන කතා කිරීමේදී මගහැරිය නොහැකි තවත් වැදගත්
සංසිද්ධියක් තිබේ. එනම් පුරුෂයාගේ ප්‍රජනන බීජ හා ස්ත්‍රී ප්‍රජනන බීජ එක්
කරවන ජීවවිද්‍යානුකූල ස්වභාවික යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියයි.
එහිදී ස්වභාවික ක්‍රමයට ස්ත්‍රියක් ගැබ්ගැනීමට පිරිමි ලිංගය ස්ත්‍රී අවයවය
තුලට ඇතුල්කිරීම අනිවාර්‍ය වේ. මෙතැනදී ලිංගික කුහකත්වය නැමති සාධකය
විසින් යම් පමණකට සමාජයේ පිළිගැනීමට මැලිකමක් ඇතිකරවන තවත් කරුණක් ඇත. ඒ
ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී පුරුෂයා ස්ත්‍රිය සමග ලිංගිකව එක් වීමට
දක්වන ලිංගික පෙරැත්ත හා සමානවම පුරුෂයා සමග ලිංගිකව එක්වීමට ස්ත්‍රියටත්
ලිංගික පෙරැත්තක් ස්වභාවයෙන් පිහිටන බවයි. එය ස්ත්‍රී පුරුෂ ලිංගික
අන්තර්ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිවයුත්තක්
වන්නේද නැත. පිරිමි සහ ගැහැනු ලෙස ලිංගික විශේෂතා ගොඩනැගෙන්නේත් ඒ තුලින්
විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරන්නේත් ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන බීජ එක්
කිරීමේ යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියට අවශ්‍ය ලිංගික පෙරැත්ත
වඩා ශක්තිමත් වන ආකාරයටයි.
කරුණු එසේනම් ගැහැනු හා පිරිමි
වශයෙන් කායිකවත් මානසිකවත් විශේෂතා ගොඩනගා ගැනීම හා තම විරුද්ධ ලිංගිකයන්
ආක්‍රෂණය කර ගැනීම පිරිමි පාර්ශවයට මෙන්ම ස්ත්‍රී පාර්ශවයටද අදාලය. මෙහිදී
ස්ත්‍රියගේ පැත්තෙන් බලන කළ ඇය පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹ
දරුවන් හදාගැනීම දක්වා පියවර ගනනාවක් ඔස්සේ සාර්ථක ඉදිරි ගමනක් යා යුතුය.
එහිදී ඇය කුඩා කළ සිට ස්ත්‍රී පුරුෂ විශේෂතා හඳුනමින් ඊට සංවේදී ලෙස හැදී
වැඩියයුතුයි. වැඩිවිය පැමිණීමත් සමග විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා
ලිංගික ලක්ෂණ හා දේහ ලක්ෂණ ඇයට පිහිටියයුතුය. ඒ සියල්ලට සමගාමීව පිරිමින්
ආකර්ෂනය කරගන්නා ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක විශේෂණයන් පෙන්නුම්
කරන ස්ත්‍රී ක්‍රියාකාරකම් ඇයගේ ජීවිතයට ඇතුලත් කරගනිමින් ස්ත්‍රීත්වය
සමජයේ නිරූපනය කළයුතු වේ. මාතෘත්වයේ පදනම වන ස්ත්‍රීත්වය සමාජයේදී ශක්තිමත්
වීමටනම් මේ ගුණාංග නියත වශයෙන් තිබියයුතු වනවා පමණක් නොව එය එසේ වියයුතු
බව පිළිගන්නට තරම් අප කාට කාටත් විවුර්ත බවක් තිබිමද අත්‍යාවශ්‍යයි. එහෙත්
ලිංගික කුහකත්වය වඩා බලවත් වූ කළ එම විවුර්ත බව බොහෝ දුරට අවරෝහනය වේ.
ස්ත්‍රී ලිංගිකත්වයටත් ඒ වටා ගොඩනැගෙන විශේෂණයන්ටත් ගැරහීමට එය පැහැදිලිව
මුල්වන්නේ එයයි.
මේ ස්ත්‍රී ගර්හාවට මුල පුරුෂෝත්තමවාදය යැයි
කෙනෙකුට කිව හැකි වුවත් එය ඒ ආකාරයෙන් සත්‍ය නොවේ. කෙනෙකුගේ උත්තමභාවය හෝ
අධමභාවය තීන්දු වන්නේ ස්ත්‍රී පුරුෂභාවයට වඩා කල්ක්‍රියාව මතයි. මිනිස්
වර්ගයාගේ යහ පැවැත්ම සැලකීමේදී ඊට අදාල සියළු ගුණාංගයන් පවත්වාගත හැකි
ගැහැනු පිරිමි කවුරුත් උත්තම ගොඩට අයත් වන අතර ඒ සියළු යහ ගුණාංග වනසන
පිරිස ගැහැනු පිරිමි භේදයකින් තොරව අධම වේ. සේරටම වඩා කෙනෙකු සැබෑ උත්තම
පුරුෂයෙකුනම් තම විරුද්ධ ලිංගිකත්වය හා එහි විශේෂතාවයන් වෙන්කර
හඳුනාගැනීමටත් විරුද්ධ ලිංගිකත්වය හරියට පිළිගැනීමටත් පිටකොන්දක්
තිබියයුතුය. මේ අනුව බලන කළ මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රිත්වයට නිග්‍රහ
කිරීම ලිංගික කුහකත්වය මිස අන් කවරක්වත් නොවන බවනම් පැහැදිලි වේ. මේ
කුහකත්වය උපරිමයෙන් පවතින සමාජ වල බොහෝ විට මාතෘත්වයනම් මහ ඉහලින්
පිළිගනියි. නමුත් එහි පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවය පිළිගන්නේ ඉතා
මන්දගාමීවයි. බොහෝ කුහක පිරිමින් එයද කරන්නේ කාන්තාවක් ඇසුරෙන් ලිංගික
තෘප්තිය ලබාගැනීමට පමණි.
මෙලෙස මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රීත්වයට නිග්‍රහ
කරන කුහකත්වයේ සමාජයට වදදෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් ඇත. අනෙක් අතට මෙලෙස
ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයට ගැරහීම තුලින් යම් සුදන ගුණයක් පෙන්වීමට
විශේෂයෙන් අපේ රටේ ඇතමුන් උත්සහ කරන බවක් පෙනෙන්නට තිබේ. ස්ත්‍රී
ලිංගිකත්වයට ගරහන කුහකත්වය හා බැඳුනු අනෙක් මහා කුහකත්වය වන්නේ ස්වභාවික
ගැහැනු පිරිමි විෂම ලිංගික චර්‍යාව දෙස පිළිකුලෙන් බැලීමට අනුබල දීමයි. මේ
දෙකට ඇත්තේ ඉතා කිට්ටු අන්‍යෝන්‍ය සබඳතාවයකි. මේ කුහකකමට ව්‍යාජ වටිනාකමක්
ලබාදෙන්නන් සාමාන්‍ය වශයෙන් කරන එක් දෙයක් වන්නේ, කාන්තාවන්ට සිදුවන ලිංගික
අතවර වල වගකීම පිරිමි ලිංගික ආශාවන්හි ස්වභාවයත් ඊට අනුකූලතාවය දක්වන
ස්ත්‍රී ලිංගික ස්වභාවයත් මත පටවා පිරිමි ලිංගිකත්වය දඬුවමට ලක්කරන අතරතුර
ස්ත්‍රී ලිංගික විශේෂතාවයන් කප්පාදු කිරීම ඊට විසඳුම් ලෙස යෝජනා කිරීමයි.
කට පුරා මවුගුණ ගායනා කරමින් මාතෘත්වයේ ඇත්ත පදනම වන ස්ත්‍රී
ලිංගිකත්වයට දැඩි ලෙස අපහාස කරන සුදනන් කරන තවත් බොහෝ දේ ඇත. මේ කුහක
සුදනන්ට තිබෙන එක් ප්‍රධාන පෙලේ මානසික ව්‍යාධියක් වන්නේ, පුරුෂ
මානසිකත්වයක් මෙන්ම පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ට දණ්ඩ නමස්කාර කරමින්
ඔවුන් වීරවරියන් ලෙස සලකන අතරේ, තමන්ගේම ලිංගිකත්වයත් ඇතුළුව සමස්ථ පිරිමි
ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ස්ත්‍රී ලිංගික විශේෂත්වයන් පැහැදිලිව
නිරූපනය කරන කාන්තාවන් ගණිකාවන්ට සමානකරමින් අපහාසයට ලක්කිරීමයි. මේ
ව්‍යාධිජනක මානසිකත්වයෙන් පෙලෙන්නන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට හා ගැහැනු
ළමුන්ට මානසිකව බලෙන් පුරුෂභාවය පටවා ඒ ඇසුරෙන් කාන්තා ප්‍රගතිය මැනීමටත්,
ඔවුන්ගේ බොරු සාරධර්ම වලට පටහැනි යැයි කියමින් ස්ත්‍රී ලිංගික ස්වභාවය හා
විශේෂත්වයන් කප්පාදු කිරීමටත් කැමැත්තක් දක්වති. මොවුන් රැයක් දවාලක්
නොමැතිව දවස පුරාවටත් අවුරුද්දේ මුළු තුන්සිය හැටපස් දවස පුරාවටත් කරන්නේ
පුරුෂයන් ලෙස පිරිමින් කරන දේ කරන, එලෙසම ස්ත්‍රී ලිංගික විශේෂතා ජීවිතයට
ඇතුල්කරගැනීමටත් දරුවන් හැදීමටත් අකමැති කාන්තාවන්ට ගරු කරන හැටි ඔවුන්
මෙන් කුහකයන් නොවන අනෙක් මිනිසුන්ට ඉගැන්වීමය.
මෙවැනි බොරු සාරධර්ම කාරයන් අපේ
රටේනම් අධ්‍යාපනයට අරක්ගෙන සිටින ආකාරයත් දැකගත හැක. ඔවුන්ට අනුව දරුවන්
ලිංගික වශයෙන් පරිනත වීමත් සමග ඔවුන් සිය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන
උනන්දුව හා ලිංගික ආකර්ෂණය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවකි. විශේෂයෙන් ගැහැනු
ළමුන්ට ඔවුන්ගේ ලිංගික ස්වභාවයට අනුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා
ක්‍රියාකාරකම් බොහෝදුරට තනම්ය. එහෙත් පාසල් සිසුවියන්ට ඔවුන් මවුවරුන් වූ
කළ මවුකිරි දෙන ආකාරය ඉගැන්වීමට අධ්‍යාපන බලධාරීන්ට උනන්දුවක් ඇත. ඒ
මාතෘත්වය අගයමින් ස්ත්‍රීත්වය කුණු කූඩයට දැමීමේ මහා සාර්ධර්මයට අනුවයි.
මවු කිරේ යහගුණය ගැන ගී ගයමින් කිරි දීමටවත් දරුවෙකු හදාගැනීමේ ලිංගික
අන්තර් ක්‍රියාවලියත් ඊට අනුකූල ස්ත්‍රී ලිංගික ස්වභාවයත් පිළිකුල් කරමින්
තමන් විසින් තමන්වම රවටාගැනීම මේ සාරධර්ම රැකීමට උපන් සුදනන්ගේ මහා ගුණගරුක
කමක්ද වෙයි.
කුහකත්වයකින් තොරව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගන්නට
විවුර්ත බවක් නැත්නම් එවැන්නන්ට දරුවෙකුට උපත දෙන ප්‍රජනන ක්‍රියාවලියේදී
සිදුවන ගැහැනු පිරිමි ලිංගික අන්තර් ක්‍රියාවලියේ වැදගත්කම පිළිගන්නට තරම්
මානසික හයියක්ද ඇත්තේම නැත. ඒ හැකියාව පිහටා නැති කිසිවෙකුට, දරුවන් හැදීමේ
සැබෑ උවමනාවක් ඇති කාන්තාවකට පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹීම
සඳහා අවශ්‍යතාවය ඇතිකරවන, ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ඊට අදාල අනෙකුත්
ක්‍රියාකාරකම් මිනිස් වර්ගයාගේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය බව පිළිගන්නට
හැකියාවක් කොහොමත් තිබෙන්නට බැරිය. තත්වය මේකනම් එවැනි කුහක සමාජ පසුබිමක
කුහකත්වයට සියල්ල ඉකමවායන වැදගත්මක් ලබාදෙන්නන් අම්මාගෙන් බීපු කිරි ගැන
කියමින් මවු ගුණ වර්ණනා කිරීම මොන විහිළුවක්ද?

මෙලොව උපදින ඕනෑම කෙනෙකුට ඉන්ද්‍රිය සංවේදනයක් කියා දෙයක් උපතින් පිහිටන
බැවින් ඒ ඉඳුරන් පිනවීමද අප සියලු දෙනාගේ ජීවිත වල ප්‍රධාන අංගයක්ද වේ.
රසවින්දනය යන්න ඕනෑම කෙනෙකුට ස්වභාවයෙන් පිහිටයි. ඉඳුරන් පිනවීමේ යම් යම්
සම්මතයන් ඕනෑම සමාජයක දක්නට ඇතත් ඒවා සොබාදහමේ සීමාවන් ඉක්මවා යන තහංචි
නොවියයුතුය. රස වින්දනය යන්නේ විවිධ පැතිකඩවල් ගැන කතා කරන්නට බොහෝ දෑ
තිබේ. මම මේ ලිපියෙන් කතා කිරීමට යන්නේ ලිංගිකත්වයට අදාල වන ක්‍රියාකාරකම්
දැකීමෙන් හා අත්විඳීමෙන් මනස පිනවීම ගැනය.
මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව සත්ව ලෝකය දෙස බැලුවද
ලිංගිකත්වය යනු ජීවයේ යහ පැවැත්ම හා තදින් බැඳී පවතින්නකි. මිනිසුන්
සැලකීමේදී ලිංගික මනෝභාවය තරමක් සංකීර්ණය. ඒ නිසාම විරුද්ධ ලිංගික ආකර්ෂණය
සඳහා මිනිස් වර්ගයා විසින් දියුණු උපක්‍රමයන් යොදාගනුලබයි. මානව ප්‍රජාවක්
තුල දක්නන ලැබෙන සමස්ථ ක්‍රියාකාරකම් පද්ධතිය පුරාවටම ලිංගිකත්වයේ ස්වභාවික
යහගුණය ගැබ්වෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රිය මට්ටමක පවතින ලෙසින්ය.
මේ සිද්ධි සලකා බලන විට ලිංගිකත්වයට අදාල පුළුල් රසවින්දනයක් මානව
ශිෂ්ඨාචාරය තුල ගොඩනැගී තිබීම ස්වභාවිකය. එය එසේ වන්නේ ලිංගිකත්වය යනු
මෙලොව උපදින කවරෙකුගේ වුවද ජීවිතයේ ඉතා වැදගත්ම අංගයක් වන හෙයිනි. විරුද්ධ
ලිංගික ආකර්ෂණය හා බැඳුනු ක්‍රියාකාරකම් රසවිඳීම පැහැදිලි ලෙස ලිංගික
හැඟීම් උද්දීපනය සමග බැඳී ඇත. මිනිස් ප්‍රජාවක් තුල ප්‍රසිද්ධියේ ලිංගික
සංසර්ගයේ යෙදීම සභ්‍යත්වයේ සීමාවන් අනුව පිළි නොගත්තද ස්ත්‍රී පුරුෂ
දෙපාර්ශවයේම ලිංගික සක්‍රියාතාවය හා ඊට පසුබිම් වන හැඟීම් දැනීම් ප්‍රශස්ථ
තත්වයක පැවතිය යුතුමය. මනුස්ස ප්‍රජාවක සජීවී ගතියට හා යහ පැවැත්මට එය
අත්‍යාවශ්‍ය දෙයකි. ඒ අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීම හා
ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම පෙරට එන්නේ ඊටද වැදගත්කමක් නිරායාසයෙන් ලැබෙන
නිසා නොවේද?

විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික සංසර්ගය පදනම්
කරගනිමින් ඊට යම් පසුබිම් ශක්තියක් සපයන ක්‍රියාකාරකම් පද්ධතියක් ඕනෑම
සංස්කෘතික වටපිටාවක් තුල තිබෙන්නේ සාර්ථක ලිංගික ක්‍රියාවලියක්
පවත්වාගැනීමට අවශ්‍ය ලිංගික හැඟීම් ප්‍රශස්ත උද්දීපන මට්ටමක පවතින ආකාරයටය.
මෙය කාට පිළිගත නොහැකි වුවත් සමාජයක ගොඩනැගීම් වල ආකෘතිය දෙස බුද්ධිමත්ව
බැලියහැකි ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන සත්‍යකි. මෙහිදී ගැහැනු පිරිමි
දෙපාර්ශවයම විරුද්ධ ලිංගික විශේෂණයන්ට දක්වන ආකර්ෂණය ඇසුරෙන් මානසික
උද්දීපනයක් ලැබෙන ලෙස මානව ක්‍රියාකාරකම් බොහොමයක් ගොඩනැගී තිබීම සැබවින්
ආශ්චර්යක් නොවේ. එතැනදීද කැපී පෙනෙන්නේ පිරිමින් ස්ත්‍රී ලිංගික
විශේෂතාවයන්ට දක්වන ඇල්ම වේ. සාමාන්‍ය වශයෙන් ස්ත්‍රී ලිංගික ලක්ෂණ හා
සුවිශේෂතා දැකීමෙන් පිරිමි ලිංගික හැඟීම් ඉක්මනින් සක්‍රීය වීම ඊට හේතුවයි.
මේ සක්‍රීයතාවය මිනිස් වර්ගයාගේම යහ පැවැත්මට අනිවාර්ය වශයෙන්
තිබියයුත්තකි. අප සරල උදාහරනයක් ලෙස කලාව සැලකිල්ලට ගතහොත් ඒ තුල
ලිංගිකත්වය ආශ්‍රිත රස වින්දනය ගැබ් වූ කොතෙක් දේ සොයාගතහැකිද? චිත්‍ර,
මූර්ති කලා තුල ස්ත්‍රී නිරුවත් කොපමණ අන්තර්ගත වනවාද? මෙය පොදුවේ බොහෝ
සමාජ සංස්කෘතික වටපිටාවන් තුල දැකිය හැක්කකි. සාහිත්‍ය තුල ප්‍රේමාලිංගනය
ඇඟවන නිර්මාණ අතිශය සුලභය. ඒ අහේතුවකටද? නැත. එසේ වන්නේ මේ සියල්ල මානව
වර්ගයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිසාය. මිනිස් වර්ගයා කාලයත් සමග පරිනාමයට
ලක්වීමේදී මේ අංගයන්ද විකසනය වී ඉදිරියට ඇවිත් ඇති බව පැහැදිලි කාරනාවක්.
තාක්ෂණය ඉදිරියට පැමිණීමත් සමග ඒ තුලින්ද ලිංගිකත්වයේ යහගුණයන් අත්විඳීමට
හා රසවින්දනයට පිටිවහල ලැබී තිබීම අමුතු ආශ්චර්යයක් නොවේ.
කැමරා වැනි උපාංග නිපදවා නොතිබුණු කාලයේ
ස්ත්‍රී නිරුවත චිත්‍රයට නැගීම හා කැටයම් කිරීම මූර්තිමත් කිරීම වඩා
ප්‍රචලිත විය. ගුවන්විදුලි රූපවාහිනී නොතිබුනු කාලයේ මිනිසුන්ට ලිංගික
සංවේදනය හා රසවින්දනයන් නොතිබුණා නොවේ. තාක්ෂණය සමග ලිංගිකත්වයේ ස්වභාවය
අත්විඳීම හා රසවින්දනයද පුළුල් වී ඇති බව නොරහසකි. ඒ ලිංගිකත්වය යනු මනුස්ස
ජීවිත වල පමණක් නොව සමස්ථ සජීවී ලෝකයේම වැදගත්ම අංගයක් වන බැවිනි.
මනුස්සයන් සමාජයට විවුර්තව නොකරන එහෙත් රහසින් සංවුර්ත ලෙස ලබන ලිංගිකත්වයේ
යහගුණයන් රසවිඳීමක් පැහැදිලිව ඇත. ඇත්තෙන්ම මේ අංග පොදු එක්කඟතාවයන් බවට
පත්වුන කළ යම් යම් සම්මුතීන් යටතේ සමාජයේද විවුර්තව නැතුවා නොවේ. උදාහරන
වශයෙන් ගත්කළ පිරිමි ලිංගික හැඟීම් සක්‍රිය වීමට පසුබිම් ශක්තියක් ලැබෙන
ලෙස නිර්මාණය වන කාන්තා ඇඳුම් විලාසිතා ගෙනහැර දැක්විය හැක. ගැහැනු පිරිමි
ලිංගිකත්වය අනුව බෙදෙන මානව ක්‍රියාකාරකම් කොයි දේය තුලත් අවසානයට ලිංගික
සංවේදනය හා විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැබ් වී තිබේ. ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික්
මාධ්‍ය වැඩි දියුණු වී ඇති මෙකළ ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම ඒ තුලින්
ඉදියටවිත් තිබෙන්නේ එය නොවැලැක්වියහැක්කක් බවද ඔප්පු කරමිනි. මනුස්සයන්
ප්‍රසිද්ධියේ නොකරන ලිංගික ක්‍රියාකාරකම් පවා ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය තුලින්
කතාවට නැගීම හා රසවිඳීම මෙකළ ඒ තරම් අමුත්තක් නොවී ඇත. එයින් එක් අතකට
සමාජයේ ලිංගික කුහකත්වයන් තුලින් ඇතිකරන මානසික පීඩාවද එක්තරා මට්ටමකට සමනය
වන බවත් ඉතා පැහැදිලි වේ. කැමරාව නිපදවීමත් සමග කාන්තා නිරුවත හා ගැහැනු
පිරිමි ලිංගික ක්‍රියාකාරකම් ඡායාරූපගත කිරීමේ අදහස් මිනිස් සිත් තුල පහල
වීම ආශ්චර්‍යක්ද? නැත. ඒ මිනිස් ස්වභාවයක් අනුව සිදුවන්නකි. තාක්ෂණයේ ඉදිරි
ගමනත් එක්ක ඩිජිටල් ව්විඩියෝ උපාංග කරලියට පැමිණීමෙන් පසු මේ
ක්‍රියාකාරකම් සිනමා සිත්තමට නැගී ඇත්තේද ආශ්චර්‍යක් නොවන මින්නිස් සිතුම්
පැතුම් වලම සාමන්‍ය ස්වභාවය නිසාමය.
මානවයා ඇතිකරගෙන තිබෙන මානසික පරිනාමය ඔස්සේ
ගොඩනැගෙන සභ්‍යත්වයේ සීමා වලට අනුව ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම නුසුදුසු
දෙයක් ලෙස සැලකෙන්නේද ලිංගික නිදහස සිමා කිරීමේ උපක්‍රමයක් ලෙස නොවේ.
මනෝවිද්‍යානුකූලව බලන විට එසේ එලිපිට ලිංගික ක්‍රියාකාරකම් සුලභ වුවහොත්
ලිංගිකත්වයේ මානසික සංවේදනයන් කාලයත් සමග දුර්වල වී එහි සැබෑ වින්දනය
නැතිවීමද සිදුවියහැක. මේ කරුණු සාධකයන් අතර සමතුලිතතාවයක් ක්‍රමානුකූල
පැවැත්මක් ඉදිරියට ගෙනයන මිනිස් ප්‍රජාවක අනිවාර්‍ය වශයෙන් තිබියයුතුම වේ.
ලිංගිකව පරිනත කවරෙකු වුවත් තම ලිංගික ජීවිතයට පසුබිම් සහයක් ලැබෙන ලෙස
ලිංගික සංවේදනයන් ඇතිකරවන දේ දැකීම ඒහා සම්බන්ධ ක්‍රියාකාරකම් රසවිඳීම
රහසින් හෝ කරයි. ලොව බොහොමයක් රටවල හා විවිධ සංස්කෘතීන් තුල කාන්තා ඇඳුම්
විලාසිතා නිර්මාණය වී තිබෙන්නේම පිරිමි ලිංගික සංවේදනයන් සක්‍රිය කරවන හා
ලිංගිකව ප්‍රසන්න හැඟීම් ඇතිකරවන ලෙසින් වන්නේ එය එක්තරා පොදු එකඟතාවයක්
බවට පත්වී ඇති බැවින් වන අතරම ලිංගිකව එසේ මනස පිනවීම වරදක් වන්නේද නැත.
ස්ත්‍රී ලිංගිකත්වයේ කායික හා මානසික ස්වභාවයන්ට අනුව කාන්තාවන්ද එයට
ස්වභාවයෙන් දක්වන්නේ ධනාත්මක ප්‍රතිචාරයකි.
කෙසේ හෝ
වේවා සභ්‍යත්වයේ සීමාවන්ද ඉක්මවා යන ලිංගික කුහකත්වයන් මනස ආක්‍රමණය කරන කළ
මේ ස්වභාවික ගති ලක්ෂණයන් පිහිටා තිබෙන මනුස්සයන්ම එකිනෙකාගේ එම ගති
ලක්ෂණයන් පිළිකුල් කිරීමට පෙළඹෙති. ඇතැම් පුද්ගලයන් තමන් විසින් රහසින් කරන
දේ වෙනත් කෙනෙක් කරනු දැකීම පිළිකුල් කරන්නේත් එය වරදක් ලෙස දකින්නේත් මේ
මනෝ ක්‍රියාවලිය අනුවයි. තම තමන් හොරෙන් ලිංගික උත්තේජනයන් ලබමින් වෙනත්
කෙනෙකු එයම ඒ ආකාරයට කිරීම වරදක් ලෙස දකින්නේත් ලිංගික උත්තේජනයන්
සක්‍රියතාවයන් යම් මට්ටමකට සමාජය තුල තිබීම අනිවාර්‍ය දෙයක් වෙද්දී ඒ බව
පිළිනොගනිමින් එම අංගයන් මර්ධනය කිරීමට පවා අනවශ්‍ය උත්සහයක් දරන්නේත් මේ
කුහකකම් විසින් මනස අන්ධ කරනු ලැබීම තුලයි. පුරුෂ ලිංගික සංවේදනයන්ට
ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඊට අනුකූලතාවය දක්වන හා සමස්ථ පුරුෂ
ලිංගිකත්වයට සමගාමී ලෙස ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන කාන්තාවන්ට කුහක
පිරිමින් විසින්ම අසීමිත ලෙස ගරහමින් මානසිකව පීඩා කරන්නේත් මහා ලොකු වටිනා
දෙයක් හැටියට සැලකෙන ලිංගික කුහකත්වය නිසා නැත්නම් වෙන මොකක් නිසාද?
කාන්තාවන් ලිංගිකත්වයේ ස්වභාවයට අසීමිත ලෙස බිය වද්දමින් පිරිමි ලිංගික
සංවේදනයන්ට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීම ලැජ්ජාවට කරුණක් ලෙස හුවා දක්වන
අතරම අනවශ්‍ය ලෙස ලිංගික අතවර බියක් සමස්ථ ස්ත්‍රී ජනගහනය තුලම කෘතීමව ජනනය
කරවන්නේත් කුහක මිනිසුන් මිස වෙනත් කිසිවෙක් නොවේ.මෙහි අනෙක් ප්‍රතිඵලය
ලිංගිකත්වයේ ස්වභාවය අසීමිතව පෙළන කුහකකම් මත පිහිටා බොරු සාරධර්ම
ගොඩනැගීමයි.
මිනිස් වර්ගයාගේම යහපත් පැවැත්ම
සැලකිල්ලට ගත්කළ ඊයට ලොකුම හානියක් කරන්නේ තමන් විසින් තමන්ව රවටාගන්නා
කුහකයන් මිස ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග හඳුනන ඊට අනුකූලතාවය දක්වන පිරිස
නොවේ. අනෙක නම් ලිංගිකත්වයේ ස්වභාවයට අනුවම ස්ත්‍රී පුරුෂ ලිංගික
ස්ම්බන්ධතාවයන් තුලින් එහිම ප්‍රතිඵලයක් ලෙස මනුස්සයන් වන අප සියලු දෙනා
මෙලොව බිහිවී ඇත්නම්, එම ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ඒ වටා
ගොඩනැගෙන ලිංගික උත්තේජනය හා සක්‍රියතාවය ඇතිකරවන ක්‍රියාකාරකම් තුලින්
සමාජයට හානියක් වේයැයි කීම මොන විහිලුවක්ද? එවැනි මෝඩ මතයක එල්බගෙන ලිංගික
ක්‍රියාකාරකම් මාධ්‍ය තුලින් රසවිඳීම සීමා කිරීමට තහංචි දැමීමට යෑම සත්
ගුණවත් බවක්ද? බටහිර රටවලින් කඩා පාත්වන නිල් සිනමා වෙබ් අඩවි ගැන පැහැදිලි
ගැටළු තිබේ. ඒ වෙනත් දෙයක් නොව බටහිර හා අනෙකුත් බටහිර ආරයට අනුකරනවාදීව
යන සමාජ තුල මේ වන විට ලිංගිකත්වය එකම අච්චාරුවක් වී මනෝ විකුර්තිතා වලින්
ගහන වී තිබීමයි. බටහිර ආරයට යන ලිංගික වෙබ් අඩවි වලින් සමලිංගිකත්වය ඇතුලුව
විකුර්ති කාමය (LGBT) වැඩි වශයෙන් හුවා දක්වන්නේ ඒ නිසයි. එය එසේ වූ
පමණින් සියලුම ලිංගික රසවින්දනයන් තහනමට ලක්කළ නොහැක. අද අවශ්‍ය වන්නේ
ලිංගිකත්වයේ ස්වභාවය තලා පෙලන කුහක බොරු සාරධර්ම හා ද්වේශසහගත නීති නොව
සැබෑ සාරධර්ම හා ලිංගිකත්වයේ ස්වභාවය අවුල් කිරීම වලක්වන නීති වෙයි.
ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගැනීම මෙන්ම තමන් වැනිම අනෙකුත්
පුද්ගලයන්ගේ ලිංගික ස්වභාවයට ගරු කිරීමත් තම විරුද්ධ ලිංගිකස්වභාවය
නිවැරදිව පිළිගැනීමත් සැබෑම මිනිස් ගුණධර්ම වන අතර නීති මගින් හෝ
රැකියයුත්තේ එවැනි දේ මිස කුහකකම් නොවේ.