Pages

Monday, April 21, 2014

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස


ලිංගික නිදහස ගැන වැඩිදුර කරුණු කීමට මත්තෙන් ලිංගික නිදහස යන්න ගැන සමාජයේ තිබෙන පැටලිලිසහගත බව නිරාකරනය කරගැනීමට ඉවහල් වන ලිපියක් සැපයීමට අදහස් කළෙමි. ඊට හේතුව මෑත කාලයේ බටහිර සමාජයේ ආකල්ප ඇසුරෙන් ගොඩනැගුන බොරු ලිංගික නිදහසක් ගැන මතවාදයන් රටම මුලාකරමින් පැවතීමයි. මෙරට ඇතමුන්ට අනුව බටහිර රටවල මහා ලොකු ලිංගික නිදහසක් ඇත. එහෙත් ඔවුන්ගේ මේ සිතුවිල්ල ඒ තරම් නිවැරදි නොවන්නේ ලිංගික කුහකත්වයන් බටහිර සමාජයේද දිනෙන් දින වැඩිවෙමින් පවතින තත්වය නිසාය. බටහිර රටවල අති විශාල ලිංගික නිදහසක් ඇත යන නිගමනයට එළඹෙන ඇතමුන් එය නීර්ණය කර තිබෙන්නේ සමලිංගිකත්වය ඇතුලු සියලු අස්වාභාවික ලිංගික චර්‍යාවන්ට බටහිර රටවල ඇති පිළිගැනීම හා එසේ පිළිගැනීමට බලපෑ පස්චාත් නූතනවාදය, ස්ත්‍රීවාදය වැනි දේ සලකායි. ඇත්තෙන්ම මේ නිගමනය හරිද?
       එහි හරි වැරැද්ද සෙවීමටද මත්තෙන් අපට විමසා බැලීමට තවත් දෙයක් ඇත. එනම් ලිංගික නිදහස යන්න අප තේරුම්ගන්නා සමාජ තත්වය අනුව ඒයද වෙනස් විය හැකි බවයි. කෙසේ වෙතත් කල්පවතින නිරවුල් සමාජ තත්වයක් සහිත මිනිස් ප්‍රජාවක් ගොඩනැගීමේදී ස්වභාවධර්මයට අනුකූල වන ලිංගික දිවි පෙවෙත සංස්කෘතික වටපිටාවේ සජීවී බවද පවත්වාගන්නා අත්තිවාරම ලෙස ක්‍රියා කිරීම වසන් කළ නොහැකි සත්‍යකි. එය ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මිනිස් ප්‍රජාව වෙත අවශෝෂණය වන අයුරින් ලොව කොහෙදීත් ගොඩනැගෙන්නේය. ඒ පිරිමින් හා කාන්තාවන් වෙන් වෙන් වශයෙන් තම ලිංගිකත්වයටත් විරුද්ධ ලිංගිකත්වයටත් දක්වන සංවේදනය, ගැහැනු/පිරිමි ලිංගික සුවිශේෂත්වයන්  හා විරුද්ධ ලිංගික ආකර්ෂණය යන දේ සක්‍රීය වන පරිද්දෙනි. ලිංගික නිදහස යන්නට තේරුමක් ලැබෙන්නේද මෙලෙස ගොඩනැගෙන සමාජ පසුබිමකට සාපේක්ෂවය. එහි වරදක් කිව නොහැක්කේ මානව සමාජයේ නිර්මාණයන් හ ගොඩනැගීම් සියල්ලකම අරටුව ලෙස ලිංගිකත්වයට සම්බන්ධ නිර්මාණයන් පිහිටන නිසයි. මානව ක්‍රියාකාරකම් සියල්ලකම පාහේ  සුලුවෙන් හෝ ලිංගිකත්වය හා එහි ස්වභාවය ගැබ්වී ඇත. උදාහරනයක් වශයෙන් බැලුවොත් පුරුෂයාට හා ස්ත්‍රියට වෙන් වෙන් වශයෙන් තම ලිංගිකත්වයේ ස්වභාවය හා එහි එකිනෙකාට ඇති සුවිශේෂත්වයන් නිරූපනය වන ක්‍රියාකාරකම් සියල්ල ලිංගිකත්වයේ ස්වභාවය හා විරුද්ධ ලිංගික ආකර්ෂණයද ඒ ආකාරයෙන් නිරූපනය කරයි.         

    
                        ගැහැනු හෝ වේවා පිරිමින් වේවා, සිය විරුද්ධ ලිංගිකයාගේ අවධානයට ලක්වීම හා ආකර්ෂණය දිනාගැනීම එකිනෙකාට නොරිස්සුම්සහගත දෙයක් වන්නට හේතුවක් නැත. එසේ වන්නේනම් ඒ ලිංගිකත්වයේ ස්වභාවික ගතිලක්ෂණයන් ඉදිරියේ ලැජ්ජාවෙන් ඇඹරෙමින් තමන් විසින්ම තමන්ව රවටාගන්නා ස්වභාවධර්මයේ දායාදයක් නොවන කුහකකමක ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුදු ඊට ස්වභාවධර්මය අභිබවා යෑමේ ඉඩක් නැතිවන්නේ ස්වභාවිකත්වය සමග එක්ව යන ලිංගික චර්‍යා පටිපාටියක් මිනිස් ප්‍රජාවේම යහ පැවැත්ම සඳහා සැමට පොදුවේ පිළිගැනීමට සිදුවීමේ හේතුවෙනි. ඇත්තෙන්ම ලිංගික සදාචාරය යන්නෙන් පිළිබිඹු වන්නේ එයයි. ඒතුලින් සිදුවන්නේ කිසියම් පොදු සම්මතයකට අනුව ලිංගිකත්වයේ ස්වභාවය අත්විඳීම වේ. එයින් ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය මිනිස් ප්‍රජාව වෙත ලබාගන්නට බාධාවක් නැත. එසේ බාධා වන්නේනම් ඒ මා පෙර කී කුහකකම් ලිංගික සදාචාරය තුලට රිංගීමෙනි. ඇත්තෙන්ම ලිංගික සුවිශේෂීතා හා ගැලපීම් වැඩිදියුණු වෙමින් ඉදිරියට යෑමට සදාචාරාත්මක රාමු බාධකයන් නොවේ. එමෙන්ම ඒ තුලින් ලිංගික නිදහස යන්න සීමා වීමක්ද ඇත්තෙන්ම සිදු නොවෙයි.
                    පවුල් සංස්ථාවේ බිහිවීම, ලිංගික ඇසුර ගෘහස්ථ මට්ටමට යෑම, මනුස්සයන් ඇඳුම් ඇඳීම යන දේ සම්බන්ධයෙන් යම් සංවාදශීලී බවක් ඇත. පවුල් සංස්ථාව තුල එක් අයෙකුට විරුද්ධ ලිංගික සහකරුවන් එක් කෙනෙකු පමණක් සීමා වීම තුල ඊට පෙර සමාජ තත්වය හා සංසන්දනාත්මකව බලන කළ නිදහස සීමා වීමක් දැකිය හැකි නමුදු එයින් සාහකරුවන් සහකාරියන් ලබාගැනීමේ තරගය අඩුවේ. පවුල යන සංකල්පය නොමැති සමාජයක් තුල වඩා ශක්තිමත් සටන්කාමී පිරිමින් සහකාරියන් එක් කෙනෙකුට වඩා තබාගැනීමත්, ස්ත්‍රීන්ද එවැනි පුද්ගලයන්ට පමණක් අවනත වීමත් සිදුවිය හැක. එවිට පිරිමි ජනගහනයෙන් සැලකියයුතු පිරිසකට සහකාරියක් සොයාගැනීම අපහසු වේ. ඒ අනුව එවැනි තත්වයක යම් අවාසියක්ද ඇති බැව් පැහැදිලිය. ලිංගික ඇසුර ගෘහස්ථ මට්ටමට සීමා වීම සම්බන්ධයෙන්ද විවිධ අදහස් දැක්විය හැක. එයද ඊට පෙර තත්වයට සාපේක්ෂව වඩා හොඳ වන්නේ ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීමට වඩා නිදහසේ ආශ්වාදය ලැබීමට හැකි තත්වයක් ගෘහස්ථ සීමාව තුල තිබීම යන කාරනය මත වේ. එහෙත් මෙය තවත් කෙනෙකුට එසේ නොවන්නටද පුලුවන. මේ අනුව එය පුද්ගලයන්ට අනුව හා වෙනස් ප්‍රජාවන්ගේ මානසික පරිනාම මට්ටම් වලට සාපේක්ෂ වේ. මානවයා සිය පරිනාම මාර්ගයේ ඇඳුම් ඇඳීමට හුරු වීම ගැනද මාතෘකාවට අදාලව කරුණු කීපයක් කිවහැක.
                                 මිනිසුන් විලිවසාගැනීමට ඇඳුම් ඇඳීමට හුරු වීමද නිදහස පරිනාමය වීම ගැන කතාකිරීමේදී වඩා සංවාදශීලී සාධකයකි. මෙහිදී විලිවසාගැනීම යන්නම ලිංගිකත්වය හා සම්බන්ධ වන්නක් බව පැහැදිලිව පෙනේ. ජීව විද්‍යානුකූලව හා මනෝවිද්‍යාත්මකව බලනකළ විලිවසාගැනීමක් අවශ්‍ය වන්නේ මානවයාගේ මනසේ සංකීර්ණ බව හා ඒ වටා සම්බන්ධ වන මානසික පරිණාමය අනුවයි. මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයේ හා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල යාන්ත්‍රණය වෙනත් සතුන්ගේ මෙන් හරියටම ප්‍රජනන සමය තුලම ක්‍රියාත්මක නොවේ. මානසික ආකර්ෂණය හා ඒ තුලින් සක්‍රීය වන ලිංගික පෙරැත්ත මත ස්ත්‍රිය හා පුරුෂයා ලිංගිකව එක්වීම සිදුවියහැක. එය ඕනෑම මොහොතකද වීමට පුලුවන. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව දැකීමෙන් පුරුෂ ලිංගික පෙරැත්ත ක්ෂණිකව සක්‍රීය වේ. ගැහැනු පිරිමි එකිනෙකාට සිය විරුද්ධ ලිංගික අවයව දැකීමේදී ඇතිවන කුහුල හා ලිංගික සක්‍රීය බව මෙන්ම ස්වකීය අවයවයන්ට සමාන අවයව දැකීමට තිබෙන අකමැත්තද මානවයන් සතු මනෝමය ස්වභාවයකි. ඒ අනුව මිනිසුන් සමූහ ලෙස ජනාවාස වීමේදී ලිංගික අන්තර් ක්‍රියාකාරකම්ද ප්‍රමිතියකට තිබීම වැදගත් වන බැවින් ජනන ඉන්ද්‍රියන් වසා ගැනීමේ අව්ශ්‍යතාවයක් ඇතිවේ. ඒ තුලින් නිදහස සීමා වීමක් වනවාද? ලිංගික අවයව පමණක් වසා ගැනීම සඳහා තිබූ ප්‍රමිතිය කාලයත් සමග සංකීර්ණ වස්ත්‍රාභරණ දක්වා පරිණාමය වී තිබෙන්නේ ඒ ඔස්සේද ස්ත්‍රී පුරුෂ භාවයත් ලිංගික පෙරැත්තත් මනා ලෙස නිරූපනය වන අයුරිනි. ඇඳුම යන්න ගැහැනු පිරිමි බව අනුව විශේෂනය වීම සැබවින්ම සම්බන්ධ වන්නේ ලිංගිකත්වයත් විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික පෙරැත්ත එකිනෙකට ගැලපීමත් සමගයි. ඒ තුලින් ලිංගික ක්‍රියාකාරකම් තවත් පුළුල් වනවා මෙන්ම වැඩි ලිංගික ආශ්වාදයක් ලැබීමට මනා පිටුවහලක්ද ලබාගත හැක. මිනිසුන් ඇඳුම් ඇඳීමට පෙර යුගවල සිටි පරම්පරාවට එම අත්දැකීම් නැති බැවින් එකලට සාපේක්ෂවනම් ඇඳුමක් ඇඳීම කරදරයක් හෝ නිදහස සීමා වීමක් විය හැක. නමුත් ලිංගිකත්වයේ ස්වභාවයට අනුකූලව එය තව තවත් ඔප්නංවාගැනීමට ඇඳුමෙන් අත්වන වාසිය ගැන සංවේදී තත්වයක් ඇති මෙකළ පරම්පරාවේ බහුතරයක් එලෙස නොසිතයි. මේ අනුව එහි තිබෙන සාපේක්ෂ බව ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. කෙසේ නමුදු ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් තවත් වැඩිදියුණු වීමට ඉවහල් වන ක්‍රියාකාරකම් වලට සමගාමීව ලිංගික නිදහස තේරුම් ගැනීම වඩා සාධාරණය. 

               කෙසේ හෝ වේවා ලිංගික ක්‍රියාකාරකම් හා සමාජ ගොඩනැගීම් සංකීර්ණ වෙත්ම මානව ඉතිහාසයේ පෙර යුගවල තිබූ සදාචාරාත්මක රාමු තව තවත් සංකීර්ණ වී තිබේ. ලිංගික සදාචාරය යන්න මනා ලිංගික ක්‍රියාකාරකම් පද්ධතියක් පවත්වාගැනීමේ පොදු එකඟතාවයක් හැටියට අත්‍යවශ්‍ය වන බව කාටත් විවුර්තව පිළිගතහැක්කකි. එයින් ලිංගික නිදහස සීමාවීමක් වන්නේනම් ඊට හේතු වන්නේ ලිංගික කුහකත්වයන් සදාචාරයට වැරදි ලෙස බද්ධ වීමය. මෙහිදී ප්‍රධාන වන්නේ ලිංගික සංසර්ගයේදී පිරිමි හා ස්ත්‍රී අවයව අතර සිදුවන අන්තර් ක්‍රියාකාරකම් දැකීමට ඇති ලැජ්ජාව සීමාව ඉක්මවා ගොස් ලිංගික සදාචාරය සමග වැරදියට බද්ධවී ඊට වැරදි වටිනාකමක්ද ලබාගනිමින් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටම දැඩිව පහර ගැසීමට මිනිස් මනසට අනුබල දීමයි. මෙයනම් හිතනවාට වඩා භයානක තත්වයකි. පුරුෂයෙකු හා ස්ත්‍රියක ප්‍රසිද්ධියේ සමාජය ඉදිරියේදී ලිංගිකව හැසිරීම ගැන ගැටලු පැහැදිලිව ඇත. නමුත් එය එසේ වූ පමණින ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවන් සියල්ලට පහරදීම එවැනි හේතුවක් මුල්කරගෙන වුවත් කළ නොහැකිය. සැබෑ සදාචාරය ඉක්මවාගිය කුහකත්වයකින් මනස විකල් කරගත් සමහරුන්ට මේ කාලයේ තරුණයකු සිය පෙම්වතිය සමග අත්වැල් බැඳගෙන මහ මග ගමන් කරන දර්ශනයක් පෙනෙන්නේද ඔවුන් ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදීමක් ලෙසයි. ඒ ලිංගික කුහකත්වය විසින් සමාජය යොමුකරවන දිශාවයි. මෙවැනි කුහකත්වයන්ට බොරු වැදගත්කම් ආදේශ වූ කළ සිදුවනහරියනම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. සැබෑ ලිංගික නිදහස සීමා වීමෙන්ද ඔබ්බට ගොස් බොරු ලිංගික නිදහසක් මානව සමාජයම රවටමින් ගොඩනැගෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. 
                                         සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන වඩා වැදගත් තොරතුරු රැසක් බටහිර ශිෂ්ඨාචාරය තුල ඇතිවූ වෙනස්කම් ඇසුරෙන් සොයාගත හැක. කාර්මික විප්ලවය සිදුවූ වකවානුව මුලදී කතෝලික පල්ලීයේ ආධිපත්‍යද  බිඳවැටෙන්නට පටන්ගත්තේ කාර්මීකරණය හරහා බටහිරට ධනය ගලාඒම තුලින් නිදහසේ සැපසම්පත් බුක්තිවිඳීමට කතෝලික සදාචාර පද්ධතිය බාධාවක් ලෙස බටහිර ජනයාම හඳුනාගැනීමත් සමගයි. එහිදී ලිංගික නිදහසද වැදගත් තැනක් ගනු ලැබීය. මෙ ගැන සංවාද ගොඩනැගුනු මුල් යුගයේ කතෝලික පල්ලියේ ලිංගික සදාචාරය ලිංගිකත්වයේ ස්වබාවික ගුණාංගයන් අත්විඳීමට බාධාවක් බවට මත පළ විය. එහිදී ලිංගික නිදහස යන්න ස්වභාවිකත්වයට සාපේක්ෂ ව හඳුනාගත් අතර ගැහැනු පිරිමි ලිංගික සබඳතා පවුලට සීමා නොවියයුතු බවටත් විවාහය තුලින් එක් සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික ජීවිතය සීමා කිරීම කරදරයක් බවටත් මතවාද ඉදිරිපත් විය.  නිදහසේ ඉඳුරන් පිනවීමට තැබෑරුම් සහිත සමාජ ශාලා බටහිර රටවල එලිදැක්කේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. සම්ප්‍රදායානුකූල කාන්තා ඇඳුම් වෙනුවට, පිරිමින්ගේ හැඟීම් වැඩිවශයෙන් උද්දීපනය කරන ඇඳුම් විලාසිතා කාන්තාවන් අතරද ජනප්‍රිය වන්නට විය. මුල් අවධියේ සදාචාර පද්ධතියද ලිංගික කුහකත්වයන්ට ගොනු කරමින් ප්‍රතික්ෂේප කළ නූතනවාදී මතදාරීන් කාන්තා නිදහස ගැන මතවාද ගොඩනැගීමට ගොස් සියල්ල අග මුල සොයාගත නොහැකි මට්ටමට පටලවගත්තෝය. එහිදී කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරමින් ඒ මත කටයුතු කිරීමේ නිදහසට වඩා ඉස්මතු වූයේ පිරිමින්ගේ ලිංගික කුහකත්වය මත කාන්තාවන් පුරුෂභාවය තුලට ගොනුකරමින් වෙනස් තෘප්තියක් ලැබීමටය. එහිදී කාන්තාවන්ට පිරිමින් අනුගමනය කරමින් ස්ත්‍රීභාවය මානසිකව අත්හැර පුරුෂභාවය තුලට යෑමේ නිදහස නූතන මතදාරීන් විසින් ඉස්මතු කරනු ලැබිණි. මෙහිදී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග අත්විඳීමට බාධාවක් නොවූ මෙන්ම ස්වභාවයට එකඟවූ සදාචාරාත්මක සම්මතයන් පවා ලිංගික කුහකත්වය තුලට ගොනුකළ නූතන මතදාරීන් කාන්තාවන් සතු ස්වභාවික ස්ත්‍රීත්වය පුරුෂයාගේ ලිංගික ස්වභාවයට ගැලපිම කාන්තා නිදහසට බාධාවක් යැයි කීවේ කාන්තාව පුරුෂයාගේ කාම වස්තුවක් නොවියයුතුබවට මත පළකරමිනි. එහිදී ඔවුන්ගේ හිත යට තිබූ කුහකත්වය විසින් ඔවුන්ට අමතක කරවනු ලැබූවේ කාන්තාවන් යනු මිනිස් වර්ගයේ ගැහැනු සත්වයා බවත් ඇයටද ලිංගික ආශාව ස්වභාවයෙන් පිහිටන බැවින් පිරිමින් තමන් වෙත ආකර්ශනය කරගැනීමත් පිරිමි සහකරුවකු සමග ලිංගික ඇසුර පැවැත්වීමේ හා දරුවන් හදාගැනීමේ අවශ්‍යතාවය ඇයටද තිබෙන බවයි. මෙවැනි මුලාවන් පස්චාත් නූතනවාදය, මාක්ස්වාදය වැනි මතවාද හරහා කුහකත්වයේ අන්ධකාරය තුලටම බටහිර සමාජය දක්කාගෙන ගියේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය යනු කුමක්ද යන්න තෝරා බේරා වෙන්කරගැනීමට තරම් සංවේදනයක් නැති තරමට අනාගත පරපුරේ මනස විකල් කරමිනි.

                             දැන් බටහිර සමාජය තුල දක්නට ලැබෙන්නේ ඉහත සඳහන් කළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයි. ඇත්තෙන්ම ලිංගික නිදහස ගැන කතා කිරීමට හෝ ලිංගිකත්වය යනු කුමක්දැයි මෙලොව එලිදකින කවරෙකු වුවත් තේරුම් ගන්නේ පවුල් පරිසරය තුලයි. ඒ මවුපියන්ගේ ලිංගික සුවිශේෂීතා දරුවන් සංවේදීව හඳුනා ගැනීමත් පිරිමි දරුවන් පවුලේ පියා අනුගමනය කිරීම හා ගැහැනු දරුවන් මව අනුගමනය කිරීමත් තුලිනි. මවුපියන් විසින් දරුවන්ට තම ලිංගික සුවිශේෂීතාවයන් වෙන වෙනම ලබාදීම සැබෑ ගුණධර්මයක් වන අතර එය සැබෑ ලිංගික නිදහස එහි ස්වභාවික යහගුණයද සමගින් ආරක්ෂා කරයි. නමුත් කාන්තා නිදහස යන සංකල්පය බටහිර ඉදිරියට ගියේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් සියල්ල කාන්තාවන්ගේ නිදහසට බාධකයන් ලෙස හුවා දක්වමිනි. එහිදී එම මතවාද කරපින්නාගත්තවුන් කාන්තා නිදහස යන්න පෙන්වාදුන්නේ කාන්තාවන්ට පුරුෂයා කරන සියලු කාර්‍යයන් කරමින් පුරුෂයා හා සම තත්වයට පත්වීමට ඇති නිදහස ලෙසයි. එහිදී ඔවුන් කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයත් පිරිමින් ඊට ස්වභාවයෙන් දක්වන ආකර්ෂණයත් හෙලා දැක්කේ ඒ ඇසුරෙන් සමාජයේ ගොඩනැගී තිබුනු සියලු දේ කාන්තාවන්ගේ සමාජ ප්‍රගමනය සීමා කරන බවට චෝදනා කරමිනි. මුලින්ම මේ පිරිස බටහිර පවුල් සංස්ථාව විනාශ කළෝය. ඒ පවුල තුල කාන්තාව පුරුෂයාගේ වහලියක් වන බව කියමිනි. මාතෲත්වයද දැඩි ලෙස හෙලා දැක්ක ඔවුන් කියා සිටියේ කාන්තාවන් සිටින්නේ පුරුෂයාගේ දරුවන් වැදීමට නොවන බවයි. 
                              මේ කටයුතු වලින්ද නොනැවතුනු නූතන මතදාරීන් කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන ස්ත්‍රී ලිංගිකත්වය හා ඒ වටා ගොඩනැගෙන ලාක්ෂණිකත්වයන් සියල්ල බාල්දු කළේ පිරිමින් මෙන් හැසිරුනු කාන්තා චරිත වලට වීරත්වය ආරූඪ කරමිනි. එවැනි කාන්තාවන්ට ව්‍යාජ ගරුත්වයක්ද ඔවුන් ලබාදුන්නේ තම ලිංගික ආශාවන් සංතර්පනය කරගැනීමට ස්වභාවික ස්ත්‍රීත්වය හා එහි ලාක්ෂණිකත්වයන්ගෙන් හෙබි කාන්තාවන් ඔවුන්ගේ වචන පරිසමාප්ත අර්ථයෙන්ම කාම වස්තු ලෙස පරිහරනය කරමිනි. මේ ලිංගිකත්වයේ සැබෑ යහගුණයන් සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම කුහකත්වයන්ට ගොනු කරමින් ඔවුන්ගේ යටි සිතේ වූ කුහකත්වය තුල ඔවුන්ම මානසික අන්ධයන් වූ ආකාරයයි.  ඔවුන් විසින් කාන්තාවන් මානෝවිද්‍යාත්මකව පුරුෂභාවය තුලට ගොනු කරමින් ස්ත්‍රී ලිංගිකත්වයේ ගුණාංග වලට හා විරුද්ධ ලිංගික ආකර්ෂනයට බැට දෙමින් මිනිස් ලිංගිකත්වයේ මනෝ විකුර්ති ස්වරූපය වූ සමලිංගිකත්වය හා ඒවටා ඇති සමාජමය සාධක තවදුරටත් පෝෂණය කරනු ලැබීය. එසේ කරනු ලැබුවේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් අත්විඳීමට බාධාවන් නොවූ මෙන්ම එම ගුණාංග ජීවිතවලට අවශෝෂනය කරගැනීමද පහසු කළ සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් හා ලිංගික ස්වභාවයන්ට සංවේදී වර්ග කිරීම් ව්‍යාජ ලෙස කුහකත්වයන්ට ගලපමිනි. එහි අනෙක් අත වූයේ ඔවුන්ගේ මනසේ පැලපදියම්ව තිබූ ලිංගිකත්වයේ ස්වභාවයට බැට දීමේ සැබෑ කුහකත්වය මත බොරු ආචාරධර්ම ගොඩනැගීමයි. මෙලෙස ගොඩනැගූ එක ප්‍රභල ව්‍යාජනයක් වූයේ පුරුෂයා විසින් තම ලිංගික ස්වභාවයට ගැලපෙන ස්ත්‍රී ලිංගිකත්වය වැදගත් දෙයක් ලෙස සැලකීම හෙලාදකිමින් ඊට එරෙහිව සටන්කළ, පිරිමි ලිංගිකත්වයට ගරහන ගමන්  පිරිමි අනුකරනයද කළ කාන්තාවන්ට සමාජය තුල ගෞරවයක් අත්කර දීමයි. ඔවුන් මේටික කිරීමේදී ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ සැබෑ සදාචාරාත්මක සංකල්ප අයතා ලෙස පරිහරනය කර තිබෙන බවද පැහැදිලිය. විවාහයෙන් පිට ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා අනුමත නොකරන සදාචාරාත්මක රාමු අයතා ලෙස පරිහරනය කර සමලිංගිකත්වයට බුරුලක් ලබාදීමට ඔවුන් සැදී පැහැදී සිටියේ ඒ නිසයි. කාර්මික විප්ලවය සිදු වූ මුල් අවධිය තුල ලිංගිකත්වයේ ස්වභාවයට සාපේක්ෂව විවුර්ත ලෙස මිනිසුන් දුටු ලිංගික නිදහස මේ ආකාරයට පස්චාත් නූතනවාදය, කාන්තා විමුක්තිය, ලිබෙරල් වාදය හරහා බොරු ලිංගික නිදහසක් දක්වා වර්ධනය වූයේ පෙරකී බොරු ආචාරධර්ම වල සහයද ඇතුවයි.
                    
  ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග අත්විඳීමටත් සැබෑ ලිංගික නිදහසටත් බාධාවක් නොවූ සැබෑ සාරධර්මයන් යටපත් කරමින් සැබෑම කුහකත්වයන් පසුබිම් කරගෙන කාන්තා නිදහස, පස්චාත් නූතනවාදය ආදී මතවාදයන් හරහා ගොඩනැගුනු බොරු ආචාරධර්මයන් බටහිර වර්තමාන පරපුරේම සිහිය විකල්කර ඇත. එය කොතෙක් දුරගොස් ඇත්දැයි කිවහොත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණය වන විරුද්ධ ලිංගික ආකර්ෂනය හා විෂම ලිංගිකත්වය හෙලාදකිමින් පුරුෂ ලිංගිකත්වයම ආරෝපනය කරගෙන පිරිමින් අනුකරනය කරන කාන්තාවන්ගේ නිදහස උදෙසා සමලිංගිකත්වයත් එහි පරිවාර සමාජ තත්වයනුත් පෝෂණය කිරීමේ බොරු ලිංගික නිදහසක් දැන් බටහිර දක්නට තිබේ. කාන්තාව යනු පුරුෂයාගේ කාම වස්තුවක් නොවන බවටත් කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ ළමයි වැදීමට නොවන බවටත් මතවාද පැනනැගුණේ බටහිරින්මය. මේ තිල ගැබ්වී ඇත්තේ පැහැදිලිව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග හෙලාදැකීමකි. මේ මතවාද කරපින්නාගත්තවුන් සමලිංගිකත්වය හරහා කාන්තාවන් විකුර්ති කාමුකත්වයේ කාම වස්තු බවට පත්වීම ගැන කතා නොකිරීමට වගබලාගත්තෝය. එලෙසම ඔවුහු පුරුෂ සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනීසිටියහ. විෂමලිංගික විවාහය තුල කාන්තාව පුරුෂයාගේ වහලියක් වන බව කියමින් මේ පිරිස සමලිංගික විවාහ ස්ථාපිත කිරීමද කළෝය. දරුවන් සම්බන්ධ අයිතිය කාන්තාවන්ට පමණක් පවරමින් පියා නොමැති පවුල් ඇතිකරන අතරතුරම සමලිංගිකයන්ට පවුල්කමින් දරුවන් දරුකමට හදාගැනීමේ අයිතිය පැවරීමටද මේ නූතන මතධාරීන් කටයුතු කළේ තවත් සමලිංගිකයින් ඒ සමලිංගික පවුල් තුලින් මනෝ විකුර්තිතාවයන් හරහා හදාගැනීමට හැකි බව හොඳින්ම දැනගෙනයි. පිරිමින්ගේ ලිංගික ආශාවන් සමග ගැලපෙන ඇඳුම් විලාසිතා කිරීම ඇතුලු කාන්තා ක්‍රියාකාරකම් පසුබස්සමින් පිරිමි ලිංගික හැඟීම් වලට අනුකූල නොවන පිළිකුල්සහගත දේ කිරීමට කාන්තා විමුක්තිය හරහා කාන්තාවන්ට දිරිදීමටද නූතන මතධාරීහු අමතක නොකළහ. එසේ පිළිකුල් සහගත දේ කිරීම කාන්තා අයිතියක් හා කාන්තාවන්ට තිබියයුතු නිදහසක් ලෙස ඔවුන් දුටුවේ තම යටිහිතේ තිබූ කුහක ගතියට සමගාමීවයි. මෙවැනි කුහකයන් තම ලිංගික සිතැඟි ඉටුකරගැනීමට ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි රූබර කාන්තාවන් සොයාගන්නේ තමන් සමාජයට පෙන්වන වෙස්මූන ගැන කිසිදු හිරිකිතකින් තොරව බව ඔවුන්ගේ හැටි දන්නා කවුරුත් හොඳින්ම දනිති. වර්තමානයේ බටහිර රජ කරන බොරු ලිංගික නිදහසේ තරම පෙන්වාදීමට මීට වඩා සාක්ෂි අවශ්‍යද?

                          ලිංගික නිදහස තිබෙන්නේ යැයි කියන බොහෝ බටහිර රටවල අද තිබෙන්නේ පීතෲමූලිකත්වයට හා විෂම ලිංගිකත්වයට එරෙහි ද්වේශසහගත බවකි. එය සැබෑ ලිංගික නිදහසක් නොවේ. ලිංගික නිදහසක් ඇතැයි කියන මේ රටවල විවාහ නීති හා දික්කසාද නීති තනිකර පුරුෂ විරෝධී මුහුණුවරක් ගෙන ඇත. බොහෝ රටවල දික්කසාද වලදී පිරිමින්ගේ දේපල වලින්ද වැඩි කොටසක් කාන්තාවන්ට හිමිවන ලෙස හා අසාධාරන ලෙස පුරුෂයාට දික්කසාද වන්දි ගෙවීමට සිදුවන ආකාරයට නීති හදා ඇත. දරුවන්ගේ අයිතිය මවට පමණක් හිමිකර දීමද සිදුවෙයි. තවත් එක් වෛරී නීතියක් වන්නේ බිරිඳ දූෂණය කිරීමේ වරද හැටියට හඳුන්වන නීතියයි. මෙය ස්වීඩනය වැනි රටවල ක්‍රියාත්මක වේ. එහිදී විවාහක බිරිඳ අකමැති අවස්ථාවක සැමියා යම් ලිංගික කටයුත්තක නියැලීමට උත්සහ කළොත් අදාල කාන්තාවට නඩු පැවරිය හැක. එලෙසම බිරිඳගේ කැමැත්ත ඇතිව පමණක් උපත්පාලන කොපු භාවිතා නොකර ලිංගික සංසර්ගයේ යෙදියයුතු වන අතර එසේ නොවුවහොත් ඒ සඳහාද බිරිඳට නඩු දමා සැමියා බන්ධනාගාරගත කළ හැක. ලිංගික අතවර නීති ක්‍රියාත්මක වීමේදීද පුරුෂ විරෝධී මෙන්ම විෂම ලිංගික විරෝධී ලෙස ඒවා ක්‍රියාත්මක වේ. සමලිංගිකත්වයට අදාල කාම අපචාර හා ළමා අපචාර වලට දෙන දඬුවම් ලිහිල් වන අතර බොහෝ විට වැරදිකරුවන් නීතියෙන් ගලවාගැනීමට නීති බලධාරීන්ම අප්‍රසිද්ධියේ කටයුතු කරති. ඒ රටවල පිරිමින්ට පැහැදිලි ලිංගික පීඩනයක් තිබේ. ගණිකා වුර්තිය එම රටවල නීතියෙන් පිළිගෙන තිබෙන්නේද ඒ නිසයි. ඒ විෂමලිංගික පිරිමි පාර්ශවය අසාධාරන නීති හේතුවෙන් නීත්‍යානුකූල විවාහ ජීවිත ගතකිරීමට පසුබාන බැවින්ය. විවාහ නොවී ඒකාබද්ධ ලිංගික ජීවිත ගෙනයෑම පිළිගෙන ඇත්තේද ඒ නිසයි. නමුත් ගණිකා වුර්තිය නීතිගතව තිබීම හා විවාහ නොවී ලිංගික ජීවිත ගෙනයෑම පිළිගෙන තිබීම දෙස බලා එම රටවල ලිංගික නිදහස තක්සේරු කිරීමට අපේ රටේ ඇතමුන් ඉක්මන් වන ආකාරයක් අප් දැක ඇත. එම රටවල පිරිමින්ගෙන් සැලකියයුතු පිරිසක් වෙනත් රටවල කාන්තාවන් විවාහ කරගෙන ඇත. එමෙන්ම බොහෝ පිරිමින් ලිංගික උවමනා එපාකම් සපුරාගැනීම සඳහාම ආසියාතික රටවල සංචාරය කරති. බටහිර වැඩිහිටියන්ට පමණක් සීමා වන වෙබ් අඩවි වල තිබෙන වර්ගීකරනයන් දෙස බැලීමේදී පෙනෙන්නේද විකුර්ති කාමුකත්වය බටහිරදී ජීව විද්‍යාවද අවියක් කරගෙන වැඩී ඇති අයුරුයි. එසේ වූයේද මෙහි මින් පෙර පෙන්වාදුන් නූතන කුහකත්වයේ බොරු ලිංගික නිදහස කරලියට පැමිණීම සමගය. 

                                 සැබෑ ලිංගික නිදහස, ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේ සම්මුතීන් හා ආචාරධර්ම බොරු ලිංගික නිදහසක් හා බොරු ආචාර්ධර්ම බවට පත්වන්නට තිබෙන ඉඩකඩ හා ඊට බලපාන සාධක ගැනත් යමක් කතා කිරීම වැදගත් වේ. ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ වන දිවිපැවැත්මක් ගෙනයෑමට ලිංගික සදාචාරයක් අවශ්‍ය බව ඇත්තකි එය සැබෑ ලිංගික නිදහස නැති නොකරන බවද සත්‍ය වේ. නමුත් සදාචාරාත්මක රාමූ අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගත් විට හා ඒ මත දැඩිව එල්බගනිමින් සදාචාර උමතුවක් කරා ගියකළ එයින් ඇතිවන විකල් මානසිකත්වයම බොරු සදාචාරයකට මගපාදයි. මේ බොරු සදාචාරය මිනිස් ලිංගිකත්වයේම විකුර්ති ස්වරූපයන් පෝෂණය කරමින් අවසානයේ එහිද සීමා මායිම් ඉක්මවා ගොස් බොරු ලිංගික නිදහසක් දක්වා දුරදිග යන බවද පැහැදිලිය. සදාචාරය මත දැඩිව එල්බගෙන විවාහයට පෙර විරුද්ධ ලිංගික ඇසුරට දැඩිව වැට බඳිමින් සමලිංගිකත්වයට බුරුලදීම, කාන්තාවන්ට වන ලිංගික අතවර අර්ථකථනයන් මත දැඩිව එල්බගෙන කාන්තාවන් අතරද අතවර භීතිකාව දැඩි ලෙස වර්ධනය කරමින් අතවර මැඩලීමට ලිංගිකත්වයේ ස්වභාවයම ඉක්මවා කටයුතු කිරීම වැනි දෑ මෙහිදී කැපී පෙනේ. මෙවැනි ව්‍යාජනයන් විසින් සමාජයම සිහි විකල් කිරීමට පෙර බටහිරට අද සිද්ධවී ඇති දේවල් තේරුම්ගනිමින් දැන්සිට විචාරබුද්ධියෙන් සන්නද්ධ වීම අපේ අඟට ගුණය.
                         

12 comments:

  1. ලංකාවේ සමලිංගික කියා ප්‍රවර්ධනය වන කාලෙක ලියු හොඳ ලිපියක්. මේ අදහස ලිපි කිහිපයකට දැම්මා නම් හොඳයි. දිග වැඩියි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔවු මේ ලිපිය දැම්මේ කාරනා කීපයක් ඉලක්ක කරගෙන. ප්‍රධානම දේ බොරු ලිංගික නිදහසයි හැබෑවයි වෙන්කරගන්න විචාරයක් ඇතිකරන එක. ඔයගොල්ලන්ට පුලුවන්නම් මේ ලිපිය බෙදාගන්න ෆේස්බූක් වගේ ප්‍රොෆයිල් වලිනුත්.

      Delete
  2. ලිපිය ගොඩක් සාරගර්භයි. ගොඩක් දේවල් ඉගෙනගත්තා. දිගටම මේ වගේ ලිපි ලියන්න.

    ReplyDelete
    Replies
    1. තවත් මේ වගේ ලිපි ඉදිරියටත් කියවන්න බලාපොරොත්තු වෙන්න.

      Delete
  3. කොහෙන්ද බන් උඹ මේ විස්තර හොයාගන්නෙ.මේ පොටෝ හොයා ගන්නෙ.උඹ මාර සිරා ලිපි ලියන්නෙ.අවුරුදු උත්සවේට ආවද

    ReplyDelete
    Replies
    1. අනේ යකා මචෝ මටනම් අවුරුදු උත්සවේට යන්න බැරි උනා. වැඩේනම් නැගල ගියා කියලා ආරංචියි.

      Delete
  4. මේ ලිපිය කොතරම් දිගු ලිපියක් උනත් මම සෑහෙන උනන්දුවකින් කියෙවුවා. ඒ මමත් මේ වගේ කරුණු පෙන්නල දීලා තියෙන නිසා. මේවා බය නැටුව කෙලින්ම කතාකළයුතු දේවල්. බොරු ලිංගික නිදහස බටහිර කාන්තා විමුක්තිවදය සමග කෙලින්ම සම්බන්ධයි. කුහක කන්ත විමුක්තිය හැමවිට ලිංගිකත්වයේ නියම ස්වරූපය හෙලා දකිමින් ඒ අනුව කෙනෙකුට ක්‍රියා කරන්න තියෙන නිදහස නැති කරදමනව. ඒත් එක්කම සමලිංගිකත්වයට හොඳින් වර්ධනය වෙන්න අවශ්‍ය පසුබිම හදලා දෙනවා ලිංගික නිදහස නමින්. ඔබේ ලිපිය කියවා ලබගත් කරුණු සලකා බලා මමත් මේ හ සම්බන්ධ කරුණු දක්වමින් ලිපියක් අනාගතයේ සපයන්න බලාපොරොත්තු වෙර්නවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් ගැන කෙලින් කතාකරන්න පිටකොන්ද හයිය තියෙන අය අදටත් අඩුයි. නමුත් මේව කතා නොකර බෑ.

      Delete
    2. "මෙවැනි මුලාවන් පස්චාත් නූතනවාදය, මාක්ස්වාදය වැනි මතවාද හරහා කුහකත්වයේ අන්ධකාරය තුලටම බටහිර සමාජය දක්කාගෙන ගියේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය යනු කුමක්ද යන්න තෝරා බේරා වෙන්කරගැනීමට තරම් සංවේදනයක් නැති තරමට අනාගත පරපුරේ මනස විකල් කරමිනි." - ඔබ කියන මේ හරිය මාක්ස්වාදයට පහරක් එල්ල කරන්නේ හරියට මේ බටහිර රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවා වගේ. මේ සම ලිංගික නිදහස දෙන්නේ ධනවාදී රටවල. මාක්ස්වාදය අනුගමනය කරන හෝ ඒ වෙනුවෙන් පෙනී හිටින රටවල් නෙමේ. රාජ්‍ය ධනවාදී සමාජවාදී ස්වරුපයක් ගත සෝවියට් දේශයේ සමලිංගික ක්‍රියා තහනම් කරලා තිබ්බේ. මාක්ස්වාදය ඔය කෙහල්මල් ගැන කතා කරලා නැහැ. ලිංගික චර්යාවන් දියුණු වෙන්නේ හෝ වෙනස් වෙන්නේ ඒ ඒ රටවල් ආර්ථික ක්‍රම හා තත්ත්ව අනුවයි. මම නම් සමලිංගික, හෝ වෙන යම්ම ලිගික ක්‍රියාවක් දකින්නේ බුද්ධ ධර්මයට අනුවයි. එනම් ඇල්ම (attachment ) එක සම ලිංගික හෝ විෂම ලිංගික විය හැකියි. එම ආශාව අඩු කිරීම හෝ ඇල්ම නැති කිරීම තම බුද්ධ දර්ශනයේ තියෙන්නේ . ඒ නිසා සම ලිංගික මිනිසුන්ට හෝ වෙනත් ලිංගික ආශා තිබීම , තෘෂ්ණාව වගේම දෙයක්. මවයි මාක්ස්වාදයයි කාන්ත විමුක්තියයි පටල ගන්න එපා. ඊළඟ කාරණය මිනිහෙක් කසාද බැඳ පලියට බිරිඳගෙන් අහන්නේ නැතුව , බිරිද්නට මල් මිටක් ගෙනි හින් දීල, චොකොලට් පෙත්තක් දීල ආදරෙන් මිසක්, මෙහෙ වර බැල්ලි කියල, මන් තෝ බැඳලා ඉන්නේ උස්සපිය රෙද්ද කියල දුෂණය කරන්න බහ. මේ ධනවාදී රටවල් එක තහනම් කරලා තිබෙන එක හරි.

      Delete
    3. බටහිර රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවා නොවෙන්න පුලුවන්. අනෙක මෙතන ඒ රටවල් මාක්ස්වාදය අනුගමනය කරනවාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මම මෙතනදී පෙන්වලා දෙන්නේ මාක්ස්වාදය, පස්චාත් නූතනවාදය, ස්ත්‍රීවාදය, ලිබරල්වාදය ආදී මතවාදයන් සියල්ල එකිනෙකට පරස්පරතාවයන් මොන මට්ටමකින් තිබුණත් ලිංගිකත්වය කියන කාරනයේදී කොන්දේසි විරහිතව සමලිංගිකත්වයට පක්ෂපාතීව ක්‍රියාකරනවා කියන එක. අනෙක රුසියාව වර්තමානයේදී මාක්ස්වාදයෙන් ඈත්වෙමින් සිය සුපුරුදු ජාතික අනන්‍යතාවය වෙත ගමන්කරමිනුයි තිබෙන්නේ. එවැනි තත්වයක් තුල ස්ත්‍රීවාදයට හා සමලිංගිකත්වයට එරට තුල පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.
      ලිංගික හැසිරීම් කියන ඒවා සමාජයක් තුල වෙනස් වෙන්නේ ආර්ථික තත්වයන් මතම නෙවෙයි. එයට බලපාන්නේ ලිංගිකත්වය කියන දේ මනෝවිද්‍යාත්මක ස්වරූපයේ සිදුවන අසමබරතාවයන්. ඇතැම් විට ආර්ථික වෙනස්කම් මත සිදුවන සමාජීය වෙනස්වීම් ඊට බලපානවා වෙන්න පුලුවන්. නමුත් ලිංගිකත්වය කියන දේ ආර්ථික සාධක මත තීන්දු වෙනවට වඩා වැඩි ඉඩක් තියෙන්නේ ආර්ථිකය ලිංගික දිවිපැවැත්මට සාපේක්ෂව ඒ වටා ගොඩනැගෙන්න.
      ඔබ කියනවා මාක්ස්වාදය සමලිංගිකත්වය වගේ දේවල් ගැන කතා කරලා නෑ කියලා. ඒක එහෙමම වෙන්නේ නෑ. මාක්ස්වාදය තුල සමලිංගිකත්වයට අනුබල දෙන ක්‍රියාකාරකම් පිළිගන්නවා ඒ වගේම සමලිංගිකත්වය පෝෂණය වන සමාජ පසුබිමත් පිළිගන්නවා. මාක්ස්වාදීන් කිසිම ඉවක්බවක් නැතිව විෂම ලිංගිකත්වය කියන දේ ධනවාදය සමග හා කොන්සවෙටිවු දේශපාලනය සමග ගලපලා ඊට බැට දෙනවා. කාන්තා විමුක්තිය මාක්ස්වාදය සමග පටලගන්න එපා කියලා ඔබ කිවුවත් මාක්ස්වාදය අමුතුවෙන් පටලන්න දෙයක් නෑ. ඔබට තේරෙන්නේ නැත්නම් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් වැනි මාක්ස්වාදී කණ්ඩායම් ලිංගිකත්වය ගැන දරන ආකල්පය ගැන සොයා බලන්න පුලුවන්.
      ඔබ කියනවා ඔබ සමලිංගික හෝ වෙනයම් ලිංගික ක්‍රියාවක් දකින්නේ බුදු දහම අනුව කියලා. ඒ ගැනත් ඔබ ඉදිරිපත්කරන සාධක පැහැදිලි නෑ. බුදු දහමට අනුව සමලිංගිකත්වය හා විෂම ලිංගිකත්වය එක හා සම තත්වයේ දේවල් කියලා විග්‍රහ කරන්න බෑ. විශමලිංගික මෙන්ම ලිංගිකත්වයේ ස්වභාවය හරිහැටි පිහිටන්නට බලපාන කර්මය නෙවෙයි සමලිංගිකත්වයට බලපාන්නේ. ඔබ ඒගැන කිසිත් කියන්නේ නෑ. අනෙක බුදු දහමේ ඇල්ම අඩු කිරීම ගැන (බැඳීම මත පිහිටා) විතරක් ඉගැන්වෙන්නේ නෑ. බුදු දහමට අනුව ඇල්ම හටගන්නේ මනස මුල් කරගෙන. එය ලිංගික ඇල්ම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපේ සමහර සුදනන් කුහක කමින් ලිංගිකත්වයේ ස්වබාවයට බැනවදින අතරේ ඔවුන්ට අනුව හොඳයැයි අඟවන අධ්‍යාපනය, මිල මුදල්, යාන වාහන ආදී දේවල් වලට දක්වන ඇල්ම කෙරෙහිත් ඒ විදිහටම බලපානවා. ඇල්ම අඩු කිරීම විතරක් නෙවෙයි ඇල්ම කියන දේ අඩුකර ඇල්ම මනසින් අත්හැරීමත් අවසානයේ මනසින් අත්මිදීමත් බුදු දහමේ ඉගැන්වෙනවා. නමුත් අපේ සමාජයේ සිටින ඇතැම් කුහක සුදනන් ලිංගිකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් පමණක් මේ තර්ක ගෙන එනවා.
      //මෙහෙ වර බැල්ලි කියල, මන් තෝ බැඳලා ඉන්නේ උස්සපිය රෙද්ද කියල දුෂණය කරන්න බහ. මේ ධනවාදී රටවල් එක තහනම් කරලා තිබෙන එක හරි.//
      බිරිඳ එක්ක උනත් මේ වගේ තර්ජනාත්මකව ඇයට හිරිහැරයක් වන ආකාරයට ලිංගික හැසිරීමකට මුලපුරනවානම් ඒක ඒ මිනිහගේ තියෙන චරිත ස්වභාවයේ වරදක්. එහෙම වුන පමණින් ඒක තහනම් කරලා මිනිස්සුන්ට දඬුවම් කරන්න පුලුවන් කමක් නෑ. මොකද කසාද බඳිනකොට ගෑනියෙක් උනත් මිනිහගේ ස්වභාවය ගැන දැනගෙන අවබෝධයෙන් පවුල් ජීවිතේ ගෙනියන්න ඕනේ. පවුල් ජීවිතේ ඇතුලට ගියාට පස්සේ මිනිහට හරි ගෑනිට හරි එකිනෙකා චෝදනා කරගනිමින් නීති කතා කරන දේ නෙවෙයි වෙන්න ඕනේ එකිනෙකාගේ ස්වභාවයන් හරියට තේරුම් ගනිමින් තැනට සුදුසු ලෙස ප්‍රශ්න විසඳාගෙන පවුල් ජීවිත ඉදිරියට ගෙනියන එකයි

      Delete
  5. @Ajith Dharmakeerthi
    ඔබට ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පැත්ත ගැන ඒ තරම් තේරුමක් ඇති බවක් පෙනෙන්න නෑ. ඔය අදහසට ප්‍රධාන හේතුවත් ඒකයි. ඒ වගේම මාක්ස්වාදය හා කාන්තා විමුක්තිය පස්චාත් නූතනවාදය ලිංගිකත්වය වගේ දේවල් අතරේ තියෙන සම්බන්ධය ගැනත් ඔබට තේරුමක් නෑ. ලිංගිකත්වය ආර්ථිකය මතනම් තීන්දුවෙන්නේ නෑ. මාක්ස්වාදීන් සමලිංගිකත්වයට දක්වන පක්ෂපාතීකම හොයාගන්න පුලුවන් නිමල්කා ෆනෑන්ඩො, වගේ අයගෙන් ඒ ගැන අහලා බැලුවානම්. වාමාංශික දේශපාලනේට කඩේයන එන්ජීඕ කාරයෙකුගෙන් ඇහුවත් පැහැදිලිව දැනගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  6. kamathi ganu ehema karawi. akamathi ganu ehema nokarawi. mewa liyana ponnayagen ahanne. ubata mokadda thiyena amaruwa ewa maddata paninna? uba maanasika ledek. wahama beheth aran ube lede hoda kara ganin paduwe inna minissunge kaalaya nasthi nokara

    ReplyDelete