Pages

Wednesday, May 14, 2014

බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය.


මේ ලිපිය වෙසක් දිනය නිමිත්තෙනි. බුදුන් වහන්සේගේ ධර්මය චතුරාර්‍ය සත්‍ය අවබෝධය මත පදනම් වන බව බෞද්ධයන් වන කවුරු නමුත් හොඳින් දන්නා දෙයකි. මේ චතුරාර්‍ය සත්‍ය යන්න ලෝක ස්වභාවධර්මය තුල විවිධ වස්තු විෂයන්ගේ පැවැත්ම අනුව බුදුන්වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන ඇත. මගේ ලිපියට පාදක වන සිද්ධාන්තය වන්නේ බුදු දහමෙන් ලොව සියලුම දේවල ස්වභාවිකත්වයට පරස්පර නොවන කාලානුරූපීය විපර්‍යාසයන් හා එසේ වීමේ ක්‍රියාව පිළිගෙන සසරින් නික්මීම දක්වා ඒ සමග එකට ගමන් කිරීමට ඉගැන්වෙනවා මිස හිතුවක්කාර ලෙස ස්වභාවධර්මයම නොපිට පෙරලීමට ඉගැන්වෙන්නේ නැත යන්නයි. බුදු දහමට අනුව ලිංගිකත්වය යන්න පිරික්සීමට ලක්වියයුත්තේද ඒ ටික හිතේ ධාරනය කරගෙනය.
                         ලිංගිකත්වයේ ස්වභාවය ගැන නැවත නැවත විස්තර කිරීම අනවශ්‍ය වුවත් කෙටියෙන් දෙයක් කියමි. එනම් ලිංගිකත්වය යන දෙය ජීවයේ අඛණ්ඩතාවය පවත්වාගැනීමට අවශ්‍ය ප්‍රජනන ක්‍රියාවලිය උදෙසා ස්වභාවයෙන් සියලු ජීවීන් වෙත දායාද වී ඇත යන්න හා ඒක ලිංගික සත්ව කොට්ඨාශ වල පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනන බීජ එක් කිරීමේ යාන්ත්‍රනය විරුද්ධ ලිංගික ආකර්ශනයත් ලිංගික සංසර්ගයත් යන්නයි. ඒක ලිංගික සත්ව කොට්ඨාශයක් වන මිනිසාටද මේ ධර්මතාවය පොදු බැවින් මෙලොව් එලොව දෙලොවේම යහපත සඳහා ගැහැනු හා පිරිමි ලිංගිකත්වයන්හි ගැලපීම් මිනිස් ප්‍රජාවක් තුලද තිබියයුතු වැදගත් ලක්ෂණයක් ලෙස සලකා ක්‍රියා කිරීම බෞද්ධ සමාජයටද එලෙසින්ම වලංගු බව කිවමනා දෙයක් නොවෙ. ලෝකය සම්භවයේ සිටම සියල්ල ස්වභාවධර්මය අනුව වෙනස් වෙමින් පවතින අතර වෙනස් වීම යනු ස්වභාවධර්මය මානවයාගේ උවමනා එපාකම් මත උඩු යටිකුරු කිරීම නොවන බව මෙහිදී මතක් කර දෙන්නේ මෙකළ පස්චාත් නූතනවාදය ආදී මතවාද කරපින්නාගත්තවුන් එලෙස සිතා සිටින බව පෙනෙන්නට ඇති බැවිනි. විශේෂයෙන් මොවුන් ලිංගිකත්වය යන්න ස්වභාවධර්මයේ ගමන් මාර්ගයෙන් පිටතට පන්නා මානවයාගේ ලිංගික කුහකත්වයන් මත විකුර්ති කර දැමීමේ දැඩි උත්සහයක නිරත වෙමින් සිටින බව පැහැදිලිය. සියල්ලට වඩා ගැටලුසහගත තත්වය වන්නේ මොවුන් එය කාලානුරූපීයව වියයුත්තක් ලෙස මතවාදීව බලහත්කාරයෙන් ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමයි. ඔවුන් අනුගමනය කරන ඇතැම් පස්චාත් නූතනවාදී බෞද්ධ උගතුන්ද එය බුදු දහමට අනුව අනිත්‍යතාවය පසක්කර දෙමින් වන වෙනස් වීමේ රටාව සමග පටලවා කුහක අදහස් බුදු දහමට ඇතුල් කර තිබීම බරපතලම මුලාවයි.

                                           ඉහත සිද්ධි සමූහය අපේ රටේ කුහක සුදනන්ගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී මනාවට පසක්කරගතහැක බුදු දහමට අනුව වෙනස් වීමේ හා අනිත්‍ය බවේ ධර්මතාවය ලිංගිකත්වයට පමණක් නොව ලොව සියලු දේට පොදුය. නමුත් ඇතැම් කුහක සුදනන් අනෙකුත් බුදු දහමේ ඉගැන්වීම් වලටද පටහැනිව අනෙකුත් සියලු භෞතික සැප සම්පත් වල ඇලී ගැලෙමින් ඒ සියල්ල නොවෙනස්ව තබාගැනීමට උත්සහ කරන අතරම, මිනිස් ප්‍රජාවේ යහපතට ගොඩනැගී තිබෙන ස්වභාවධර්මයට එකඟ වන්නා වූ ලිංගිකත්වය ආශ්‍රිත සම්මුතීන් හා ගැහැනු පිරිමි ලිංගික ආකර්ශනය මත ගොඩනැගෙන බැඳීම් පමණක්, සියල්ල වෙනස් වන ධර්මතාවයට යටත් බව අවස්ථාවාදීව කියමින් පස්චාත් නූතන කුහකත්වය අනුව විකුර්ති කිරීමට අනුබල දෙති. ඔවුන්ට අනුව බුදු දහම විද්‍යානුකූල වන අතර නවීන භෞතික විද්‍යාවෙන් මුදල් ඉපයීමේ මූලික අරමුණ පමණක් ඇතිව මෙන්ම, අවශ්‍යතා වැඩිවන ආකාරයට නිර්මාණය වන තාක්ෂණික මෙවලම් ආදිය එම තාක්ෂණයන්හි අයහපත් අතුරු ප්‍රතිඵලද නොතකා බුදු දහමට අනුවද ලොව අනිවාර්‍රය සිදු වියයුතු දේ වෙයි. නමුත් සාමාන්‍ය සරල අවශ්‍යතා ඇති ස්වභාවධර්මයට අනුකූල ජීවිත ගත කරන මිනිසුන් ජීවත් වන සමාජයක පිරිමින්ගේ ලිංගික පෙරැත්ත සමග හොඳින් ගැලපෙන ලෙස කාන්තාවන් හැඩගැසී සිටීම එම කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු වෙමින් කාමයේ ඇලී ගැලී සසර දිගු කරගෙන දුකට පත්වීමකි. 
                          
     මේ පිරිස සමලිංගිකත්වයටද පෙර ආත්ම භවයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ගති පැවතුම් බලපාන බව කියමින් එය සාමාන්‍ය දෙයක් යැයි කීමට උත්සහ කරන බවක්ද පෙනෙන්නට ඇත. පෙර ආත්ම වල එම කාරනා කෙනෙකුගේ ලිංගික හැසිරීමට බලපෑහැකි බව මමද පිළිගනිමි. එහෙත් එසේ වූ පමණින් ඊට ඉඩදී උඩබලාගෙන සිටියයුතු නැත. අනෙක මේ සුදනන් මිනිස් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයක් වන මේ හැසිරීමට බලපෑවේ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද යන්න නොකියා පරෙස්සම් වීමට වගබලාගනිති. කෙනෙකුගේ මෙවන් කර්ම දෝශ ඒ අය කුඩා අවධියේදී ස්ත්‍රී පුරුෂ භාවය හා සමාජ්ය ගැන දැනුමක් ඇතිවන පරිදි ලිංගික සුවිශේෂීතා අනුව හැඩගැස්වීමක් කළහැකිනම් පැහැදිලිව මගහරවාගත හැක. බුදු දහමට අනුව කෙනෙකුගේ ලිංගික පෙරැත්ත සහ එහි ස්වභාවය සමග හොඳින් ගැලපෙන මෙන්ම ඊට හොඳින් අනුකූලතාවය දක්වන විරුද්ධ ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක් ලැබීමටත් දරුවන් ලැබීමටත් පැහැදිලිව කුසල කර්මයන් බලපායි. එහෙත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු නොකරන කුහකත්වය මේ කරුණ පිළිගැනීමටද පැසුබෑමක් ඇතිකරයි. කෙනෙකුට ස්වභාවිකව පිහිටන ලිංගිකත්වයේ ගුණාංග අත්විඳීමට නොහැකි වීම, තම ලිංගික පෙරැත්තට ගැලපෙන සහකරුවන් හෝ සහකාරියන් නොලැබීම හා කුඩා කළ සිට නොමග ගොස් විකුර්ති කාමුක ක්‍රියා වලට යොමු වීම යන සියලු දේට බුදු දහම අනුව බලවත අකුසලයන් බලපායි. කුහකකත්වයේ කඩතුරාවෙන් දෑස් වැසුනු කළ අර සුදනන් කීමට පසුබට වන්නේත් මේ ටිකමය. තවත් දෙයක් මතක් කිරීමට කැමතිය. මා පෙර කී සුදනන් සමහරෙක් කෙනෙකුට හින්සා කළ විට ඉදිරි ආත්ම භවයන් තුල ලැබෙන ඵල විපාක ගැන මහත් උනන්දුවෙන් අන් අයට කියන්නේ කවරෙකුගේ හෝ අත පය කැපීම වැනි ක්‍රියා සිදුකළවුන් ඉදිරි ආත්ම වලදී අත් පා අහිමිව ඉපදීම ආදිය උදාහරන ලෙසද ගනිමිනි. නමුත් ඔවුන් කෙනෙකුට ලිංගික වද හින්සා පමුණුවන්නන්ට එය පසු ආත්ම වලදී ඵල දෙන ආකාරය කීමට යම් මැලිකමක් දක්වති. ඇතැම් විට බාල වයස්කාරියක් විවාහ කරගත් තරුණයෙකුගේ ජනනේන්ද්‍රිය තලා දැමියයුතු බවට මෙවැන්නන් අදහස් දක්වන්නේ ඉන් තම සුදන ගුණයත් ලොවට පෙන්විය හැකියැයි සිතමිනි. ලිංගික අවයව පවා විකුර්ති වී මෙලොව උපදින්නේ බුදු දහමට අනුවද මෙලෙස පෙර ආත්ම වල පුද්ගලයන්ට කෲර ලිංගික වදහින්සා පැමිණවූවන් නොවේයැයි කාට කිවහැකිද? සැබෑ බෞද්ධකමක් ඇත්නම් ඕනෑම කෙනෙක් මෙවැනි කෲර ආකල්ප වලින්ද බැහැර වියයුත්තේ එලෙස අකුසලකර්මයන් කිරීමටද කවරෙකුට හෝ ඉඩ නොතබමිනි. 

                             ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි දක්වන අනවශ්‍ය පිළිකුල අපේ සමාජයේ අපේ සමාජයේ බොරු වැදගත්කමක් කොතෙක් දුරට ආරෝපනය කරගෙන තිබේද යන්න හා මෙය බෞද්ධකම සමග එකට ඈඳාගෙන තිබෙන ආකාරය පසක්කරන සිද්ධියක් මට තවම මතකය.මීට ටික කළකට පෙර වෙසක් පෝයක කැළණි විහාරය වැඳපුදාගැනීමට ගිය අවස්ථාවක විහාරය අසල ගඟ දෙපස සෙනග පිරී ඉතිරී ගොස් තිබුණි. මේ අතර පෙම්වතුන් හා කුඩා දරුවන් කැටුව සිටි විවාහක ජෝඩුද මද පින්නේ කුඩ යටට වී සිටිනු දැකියහැකි විය. සුලු මොහොතකින් ඒ දෙසට පැමිණි මැදි වියේ කිහිපදෙනෙකු ඔවුන්ට එසේ නොසිටින ලෙස අනකළේ එය  අශෝබන බව හා පුදබිමට නුසුදුසු බව කියමිනි. එම භූමි භාගය විහාරස්ථානයෙන් මදක් ඈත්ව තිබීම මෙහි එක් ගැටලුවක් වුවත් සැබෑ ප්‍රශ්නය එය නොවේ. කුඩයට සිටි ජෝඩු ඒ තුල සිට සංසර්ගයේ යෙදුනේ නැත. එමෙන්ම එසේ කුඩයක් යට යුවලක් සිටි පමණින් පුදබිමට මෙලෙස වන අගෞරවයක් නොමැති වීම හා, එසේ එය පුදබිමට නුසුදුසුයැයි නිගමනය කළ සුදනන් ලිංගිකත්වය ගැන දක්වන මෝඩ ආකල්පය සැබෑම ගැටලුවයි. සැබෑ බෞද්ධකම යනු මෙවැනි මෝඩ ශ්‍රද්ධාවන් නොවනවා මෙන්ම මෙකළ අප කළයුත්තේ සියලුම ලිංගික කුහකත්වයන් පිටුදකිමින් පස්චාත් නූතනවාදය වැනි බටහිර කුහක මතවාදවලින් බුදු දහම කිලිටි වීමටද ඉඩ නොතැබීමයි. එය මෙලොව එලොව දෙලොවටම යහපත් බවද කිවයුතුම වේ.
                             

7 comments:

  1. ලිංගික කුහකත්වය සමාජය පුරා ඔඩු දුවා ඇත. මේ කුහකත්වය නැති දාක යහපත් දේ ඇතිවේවි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා. මේ තරම් සමාජයට කරුමයක් වෙලා තියෙන වෙන දෙයක් තියෙනවද කියලත් හිතන්න අමාරුයි

      Delete
  2. බරපතල ශාස්ත්‍රීය ලිපි ටිකක් තේරුම්ගන්න අමාරුයි. ඒත් ඔබ කියන මේ කාරනේනම් කාටත් පැහැදිලි එකක්. එහෙනම් මගේ අලුත් බ්ලොග් එක පැත්තේත් ගොඩවෙලා යන්න්කෝ.

    ReplyDelete
  3. බොහොම හොඳ සංවාදශීලී ලිපියක්. කුහකත්වයන් හරියටම ඉලක්ක කර පෙන්වා තිබෙනවා. සමලිංගික විකුර්ති හැසිරීමට පෙර ආත්ම වල පුරුදු බලපාන බව කියන අය ඊට බලපාන්නේ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියලා කියන්නේ නෑ. ඒ බරපතල කුහකකම නිසා.

    ReplyDelete
  4. අාගම දහම හරහා අනුන්ව පාලනය කරන්න අාස මිනිස්සු තම අහහස් සමාඡලත කරන්නෙ ඒහෙමයි.
    "පංසල අසල ඒක කුඩෙ යට ? "

    ReplyDelete