Pages

Showing posts with label විවාහය. Show all posts
Showing posts with label විවාහය. Show all posts

Sunday, August 3, 2014

මාක්ස්වාදීන්ට නොපෙනෙන ධනපති ප්‍රභූ පැලැන්තිය විසින් නිර්ප්‍රභූ දුප්පතුන් වෙත ඇතිකරන ලිංගික පීඩාව.


මාක්ස්වාදය හා ඊට සමගාමී සමාජවාදය ගැන කවුරු කවුරුත් අසා ඇතුවා මෙන්ම බොහෝ කරුණු දන්නවාටද සැකයක් නැත. මෙම ලිපියෙන් මාක්ස්වාදී සමාජවාදයේ මූලධර්මයන් හා විශ්වාසයන් ගැන දීර්ග වශයෙන් කරුනු සාකච්ඡා කිරීමට අදහස් නොකරමි. මෙයින් පෙන්වාදෙන්නේ මාක්ස්වාදයේ හා එහි අනුගාමික පිරිසගේ එක්තරා හැසිරීමකි. ඒ ඔවුන් ලිංගිකත්වය කියන කාරනයේදී සුපුරුදු කුහකත්වය සමාජවාදයටද ඈඳාගෙන ඊට අනුව සමාජයේ ලිංගික කාරනා දෙස බැලීමයි.
                  මෙහිදී මාහට පෙන්වාදීමට අවශ්‍ය සිද්ධිය වන්නේ මාක්ස්වාදීන් විසින් අන් සියළුම ආකාර වලට ධනපති ප්‍රභූ පැලැන්තිය අතින් නිර්ප්‍රභූ දුප්පතුන් පීඩාවට පත්වන ආකාරය ගැන කෑමොරදෙමින් සමාජ සාධාරනත්වය ගැන කතා කරනු ලැබුවද, ලිංගිකත්වය යන කාරනාවේදී ධනපති ප්‍රභූන් විසින් නිර්ප්‍රභූ දුප්පතුන්ට ඇතිකරන පීඩාව ගැන කතා නොකිරීම හා එම පීඩාවේ යම් යම් ප්‍රතිඵල කුහකත්වය මත පිහිටා තම න්‍යාය තුලට ගෙන සාධාරනීකරනය කරගැනීමයි.


                   මෙහිදී පළමුව මතක්කර දෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවය හා එහි යහගුණයන් ඇති නැති පරතරය අනුව වෙනස් නොවන බවයි. නමුත් මාක්ස්වාදයට ලිංගික කුහකත්වය කළවම් වූ කළ එය එසේ සිදුවන බව මේ මතවාදය අනුගමනය කරන්නන් විශ්වාස කරන්නට පෙළඹෙති. යම්කිසි කෙනෙකුට විරුද්ධ ලිංගිකයෙකු තමා වෙත ආකර්ෂණය කරගැනීමට, එලෙසම විරුද්ධ ලිංගික සහකරුවෙකු සමග ලිංගික තෘප්තිය ලැබීමට හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරාගැනීමට ඇති උවමනාව ඒ පුද්ගලයාගේ ආර්ථික තත්වය මත වෙනස් නොවේ. ගැහැනු පිරිමි කවරෙකු හෝ තම විරුද්ධ ලිංගිකයාගේ ලිංග ලක්ෂණයන් හා සෙසු මනෝවිද්‍යානුකූල විශේෂතාවයන් හඳුනාගන්නේත් ඒ වෙත ආකර්ෂණය වන්නේත් තම ආර්ථික තත්වය හෝ මාක්ස්වාදීන්ට අනුව තමා අයත්වන පන්තිය  පදනමට ගෙනද නොවේ. එය සිදුවන්නේ ස්වභාවධර්මයේ ආචරනයක් හැටියටයි.  ඕනෑම සමාජ වටපිටාවක කාන්තාවන් පිරිමින් හට ලිංගිකව ප්‍රසන්න හා ආකර්ෂණය ඇතිකරවන  ලෙසත් ප්‍රජනන අවශ්‍යතාවයේදී දරුවන් හැදීමට හා පෝෂණය කිරීමටත් විශේෂයෙන් හැඩගැසී තිබෙන්නේ ධනපති පන්තියේ අනදීමක් හැටියට නොවේ. ඒ අයුරින්ම කාන්තාවන් පිරිමින් ආකර්ෂනය වන පරිදි විලාසිතා විශේෂාංගයන් ජීවිතයට එක් කරගන්නේත් ඔවුන්ටම ආවේනික ක්‍රියාදාමයන් ගොඩනගාගනිමින් ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රීය වන ලෙස හැඩගැසුනු ජීවිත නිර්මානය කරගන්නේත්, ස්ත්‍රීවාදීන් කියන ආකාරයට පිරිමියාගේ අනදීමක් නිසා නොවේ. එය එසේ වන්නේ ස්වභාවධර්මයෙන් ලිංගිකත්වයත් මිනිස් ලිංගිකත්වයේ මානසික සාධකයත් ගොඩනැගෙන ආකාරය අනුවයි. අනෙක් අතට ස්ත්‍රීත්වයෙන් වෙන්වන පිරිමින්ට ආවේනික වූ ලිංග ලක්ෂණ වලටත් මානසික විශේෂතාවයන්ටත් කාන්තාවන් ස්වභාවිකව ආකර්ෂණයක් දක්වති. මේ ගැන වැඩිදුර කරුනු විග්‍රහ කිරීම මේ ලිපියෙන් කිරීමට අදහස් නොකරමි. උදාහරන ලෙස කෙටියෙන් යමක් කියන්නේනම් පිරිමින්ගේ ලිංගික හැඟීම් දැනීම් වලට යම් පසුබිම් සහයක් ලැබෙන අයුරින් කාන්තා ඇඳුම් නිර්මානය වීම හා ස්ත්‍රී විශේෂතා ගොඩනැගීමත් ස්ත්‍රීන් ලිංගිකව ආකර්ෂණය කරවන පෞරුෂයන් පිරිමින් අතර ගොඩනැගෙන්නේත් සම්පත් පරිභෝජනය අනුව ධනපති සමාජය තුල පමණක් නොවන බව පෙන්වා දිය හැක.
   

                           
කෙසේ හෝ වේවා ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේදී ඉහත සඳහන් සාධකයන්ම සැලකිල්ලට ගත් කළ ඇති නැති පරතරය අනුව යම් යම් විෂමතාවයන් තිබෙන බව පැහැදිලිය. ධනය හා සම්පත් අතින් පොහොසත් ප්‍රභූ සමාජය දෙස බලන කළ ඒ තුල ගැහැනු පිරිමි සියළු දෙනාට ලිංගික කටයුතු වලදී සාපේක්ෂව වැඩි නිදහසක් මෙන්ම ඒ වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමේ හැකියාවද ඇත. විශේෂයෙන් පිරිමි පාර්ශවයට තම ලිංගික කටයුතු වලදී ඊට කවර ආර්ථික ස්ථරයකට අයත් සමාජයක කාන්තාවන් වුවද සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. නමුත් නිර්ප්‍රභූ දුප්පත් සමාජයට මේ නිදහස සාපේක්ෂව බොහෝ අඩුය. එමෙන්ම මාක්ස්වාදීන්ට අනුව නිර්ධන පංතියට අයත් පුද්ගලයන්ට ජීවිතයේ වැඩිම කළක් ධනපති පන්තියේ සියළු අවශ්‍යතා වලට තමන්ගේ සිතුම් පැතුම් වලටත් වඩා වැඩි ප්‍රමුඛත්වයක් දී රාජකාරි කිරීමට සිදුවේ. විශේෂයෙන් නිර්ධන පන්තියට අයත් පිරිමින්ට ධනපති ප්‍රභූ කාන්තාවන් සමග කවර හෝ ලිංගිකන් සබඳතාවයක් පැවැත්වීමේ ඉඩකඩ ඉතා අල්පය. එලෙසම ඔවුන්ට තම සමාජ ස්ථරය තුලින්ම ලිංගික සහකාරියන් සොයාගැනීමද අපහසු වන්නේ ධනය පසුපස හඹා යන සමාජ පසුබිමක ආර්ථික අතින් දුප්පත් කාන්තාවන්ද ධනපති ප්‍රභූ පිරිමින් ඇසුරට හා ඔවුන් සමග විවාහයට වැඩි උනන්දුවක් දැක්වීම තුලය. මාක්ස්වාදී පණ්ඩිතයන්ට මේ දේවල්නම් කිසිදින පෙනෙන්නේ නොපෙනේ. ඒගැන ඉදිරියට කතා කරමි.
                              
  ඇති නැති පරතරය මත ගොඩනැගෙන ලිංගික පීඩාවන් කාන්තාවන්ගේ පැත්තෙන්ද පැහැදිලිව දකින්නට ඇත. පිරිමින් ලිංගිකව ආකර්ෂණය කරගන්නා වූ පිරිමි ලිංගික හැඟීම් උත්තේජනය කරන ආකර්ෂනීය විලාසිතා කිරීමට නිර්ධන පංතියට අයත් කාන්තාවන්ගේ අකමැත්තක් නැත. ඒ සිය විරුද්ධ ලිංගිකයෙකු ආකර්ෂනය කරගැනීම ධනපති කාන්තාවන්ගේ ජීවිතයට පමණක් සීමාවන දෙයක් නොවන හෙයිනි. නමුත් ඒ සඳහා ඔවුන්ට ඇති ඉඩකඩත් ඒ වෙනුවෙන් යෙදවීමට මිලමුදල් හා කාලයත් අඩුය. මේ සිද්ධිය හමුවේ මාක්ස්වාදීන්ගේ හැසිරීම දෙස බැලුවොත් පෙනෙන්නේ ඔවුන් එහිදී කාන්තාවන් පිරිමින්ගේ ආකර්ශනයට ලක්වීම වැඩකට නැති දෙයක් ලෙසත් එය ධනපති සමාජයේ පිරිමින් විසින් කාන්තාවන් පීඩාවට ලක්කිරීමක් හා ලිංගික වහලියක් කරගැනීමක් ලෙසත් සලකන බවයි. හොඳින් බලනකළ ස්ත්‍රීවාදයද මීට බොහෝ සමගාමීව යන බවක් පෙනේ.
ස්ත්‍රීවාදීන් මෙන්ම මාක්ස්වාදීන්ද මෙහිදී කියන්නේ කාන්තාවන් එලෙස පිරිමින්ගේ ආක්කර්ෂනයට ලක් වීම පුරුෂයාගේ සම්ප්‍රදායික බලපෑමක් මත පමණක් සිදුවන බවකි. ඔවුන්ට අනුව නිර්ප්‍රභූ දුප්පත් කාන්තාවන්ට පිරිමින් සමග උරෙනුර ගැටෙමින් වැඩ රාජකාරි කිරීමට තිබේ. එමෙන්ම මාක්ස්වාදීන්ට අනුව නිර්ධන පංතියට අයත් කාන්තාවන්ට ලස්සන වීමට හෝ පිරිමින්ට ප්‍රිය උපදවන විලාසිතා කිරීමට අවශ්‍ය නැතුවා මෙන්ම ඒ සඳහා කාලයක්ද නැත. නිර්ධන පංතියේ පිරිමින්ද මාක්ස්වාදීන්ට අනුව කාන්තාවන්ගෙන් ස්ත්‍රීත්වය හා ලිංගිකව ප්‍රසන්නබවක් බලාපොරොත්තු නොවන පිරිසකි. ඒ ඔවුන්ගේ න්‍යායට අනුව නිර්ධන පංතියේ පිරිමින් ධනපති පිරිමින් මෙන් කාන්තාවන් කාමුක වස්තූන් ලෙස සලකා පීඩාවට පත් නොකරන පිරිසක් නිසාය.


                       මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තියේ පිරිමින් මෙතරම් යහපත් ( කුහකත්වය අනුව )පිරිසක් උනොත් ධනපති ප්‍රභූ පිරිමින්ට නිර්ධන පන්තියට අයත් කාන්තාවන්ද ඔවුන්ගේම වචන අර්ථයෙන් ලිංගික කෙලි බඩු කරගැනීමට පහසු වනු ඇත. ඒ ටික සිද්ද උනොත් එතැනදීත් මාක්ස්වාදීන්ද ස්ත්‍රීවාදීන් මෙන්ම කියනේ ධනපති පිරිමින් නිර්ධන පන්තියේ කාන්තාවන් ලිංගිකව සූරාකන බව හා ස්ත්‍රිය පුරුෂයාගේ කාමුක වස්තුව බවට පත්වන බවයි. ඒ නිර්ධන පන්තියේ කාන්තාවන්ට ස්වභාවිකව දායාද වන ස්ත්‍රීත්වයක් හා ස්ත්‍රී ලිංගික පෙරැත්තක් ඇති බවද නොසලකමිනි. නිර්ප්‍රභූ දුප්පත් සමාජය සැලකීමේදී කාන්තාවන්ගේ පැත්තෙන් ඇති තවත් ගැටළුවක් වන්නේ ඔවුන්ට හරිහමන් දේපලක් නැතිවීම හා මිල මුදල් අගහිඟකම් විවාහයට බාධාවක් වීමය. විවාහ නොවී ලිංගික ඇසුර පැවැත්වීම කළහැකි වුවත් එය සියල්ලන්ට කළ නොහැක. එනිසා මෙතැනදී එවැනි තත්වයකට මුහුණදෙන තැනැත්තියන් පැහැදිලිව ලිංගික සහකරුවෙකු සොයාගැනීමේ ගැනීමේ ගැටළුවකට මුහුණ දෙති. එහෙත් මාක්ස්වාදීන් ප්‍රශ්නය ගෙනයන්නේ වෙනත් දිශාවකටය. එහිදී ඔවුන්ට මේ ප්‍රශ්න සියල්ලට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ වර්ග කිරීමට අනුව ධනපති පන්තිය විසින් බුක්තිවිඳින සැපසම්පත් නිර්ධන පන්තිය විසින් ලඟාකරගැනීමේ අරගලයයි. එතැනදී ධනපති ප්‍රභූ පිරිමින් සමග හැප්පෙන්නට නිර්ධන පන්තියේ කාන්තාවන්ද නිර්ධන පිරිමි පාර්ශවය සමග උරෙනුර ගැටෙමින් සහභාගී වියයුතුය. යම් හෙයකින් අරගලය සාර්ථක වී සටනින් නිර්ධන පන්තිය ජයගත්තේනම් එදාටද මාක්ස්වාදීන්ට වැදගත් වනු ඇත්තේ සම්පත් පරිභෝජනය මිස වෙනත් දෙයක් නොවේ. ධනපති පන්තියේ පිරිමින් හා කාන්තාවන් එකිනෙකාගේ ලිංගික සුවිශේෂීතා වලට සංවේදී වෙමින් විවාහයන් ඇතුළු ලිංගික ජීවිත ගෙනගිය ආකාරය හා කම්සැප බුක්තිවින්ද ආකාරය ආදර්ශයට ගැනීමටනම් මාක්ස්වාදීන් සටන දින්නත් නිර්ධන පන්තියට කෙසේවත් අනුබල නොදෙනු ඇත. ඒ ඔවුන්ගේ න්‍යායන්ට අනුව විරුද්ධ ලිංගික බැඳීම් ශක්තිමත් කරන ස්ත්‍රී පුරුෂ මිනිස් ලිංගික විශේෂනයන් හා ඒ අනුව ඇති බෙදීම් ප්‍රගතිශීලී  නොවන නිසාත්, සම්පත් පරිභෝජනයේදී කාන්තාවද පිරිමියාට සමාන වියයුතු ලෙස ඔවුන් සලකන නිසාත් වේ. මාක්ස්වාදීන්ට අනුව කාන්තාවන්ටද  ඇත්තේ පිරිමින්ට තිබෙන අවශ්‍යතාම වේ. ඔවුන් ස්ත්‍රී පුරුෂ හැටියට මිනිස් වර්ගයාගේ ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පදනම හා ලිංගික සුවිශේෂීතා පිලිනොගනිති.
                           
  ධනපති පංතියට අයත් ඇතැම් පිරිමින්ගේ ලිංගික කුහකත්වයන් හා ආත්මාර්ථකාමීත්වයන් නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් සටන් කරන මාක්ස්වාදීන්ගේ කුහකකම් සමග සමගාමී වන අවස්ථාද පැහැදිලිව තිබේ. ලිංගික කාරනයේදී ධනපති ප්‍රභූ පැලැන්තිය විසින් ඉඳ්‍රිය පිනවීම හා කම්සැප විඳීමේ අසීමිත නිදහසක් පවත්වාගනිමින් නිර්ධන නිර්ප්‍රභූ දුප්පත් සමාජයට ලිංගික පීඩනය පටවා තිබෙන ආකාරය මාක්ස්වාදීන්ට නොපෙනුනත් කතාකළ යුතුම මට්ටමේ දෙයක්. මෙය ලෝකයේ හතර දිග් භාගයකම දැකගත හැකි දෙයකි. ධනපති පංතියේ කාන්තාවන්ට පිරිමි ලිංගික හැඟීම් උද්දීපනය කරන විලාසිතා ආදිය කිරීමටත් රාත්‍රී සමාජ ශාලා තුල විනෝදවීමටත් බාධාවක් නැත. ධනපති පිරිමින්ටනම් කාන්තාවන් වැඩි ගනක සමග ඇති තරම් කම්සැප විඳීමට හැකිය. ඔවුන්ට වෙන්වූ සුපිරි ගණිකා ව්‍යාපාරද ඇත නිර්ධන පන්තියට විනෝද වීමට රාත්‍රී සමාජශාලානම් ඇත්තේම නැත. ඒ විතරද? විවාහ වීමටත් ඉඩකඩක් නැති ආර්ථික අතින් දුප්පත් කාන්තාවක් පිරිමියෙකු සමග සාධාරන ලිංගික ඇසුරක් පැවැත්වුවද ධනපති ප්‍රභූ සමාජයේ කුහකයන් එහි සදාචාරාත්මක බව ප්‍රශ්න කරනු ඇත. විවාහයට සහකාරියක් සොයාගත නොහැකි නිර්ධන දුප්පත් සමාජයට අයත් පිරිමියෙකු සාධාරන ලෙස එකිනෙකා තේරුම්ගෙන ලිංගික ඇසුරක් පැවැත්වීමට කාන්තාවක් සෙවීම පවා ධනපති ප්‍රභූ කුහක සුදනන්ට අනුව ඒ පුද්ගලයාගේ වනචරකමක් හා අසීලාචාරකමක් වේ. ධනපති ප්‍රභූන් සුපිරි ගණිකාවන්ගේ පහස ලබන අතරතුර ආර්ථික අතින් දුප්පත් සමාජයේ පිරිමින්ට ලිංගික සේවය සපයමින් තම දිවියද පවත්වාගන්නා දුප්පත් කාන්තාවන්ට එරෙහිව සියළු නීති ක්‍රියාත්මක වේ. මේ ටික කියන්නේ ගණිකා වෘතිය සර්ව සාධාරන යැයි කීමට වඩා කාගේවත් අවධානය යොමු නොවන දෙයක් සම්බන්ධයෙන් අවශ්‍ය තර්කය ඉදිරිපත් කිරීමටය.
                 
          මෙහිලා කතාකළයුතු තවත් වැදගත් දෙයක් ඇත. ඒ ආර්ථික අතින් එතරම් සෞභාග්‍යමත් නොවන රටවල සුලුතරයක් සිටින ධනපති ප්‍රභූන් බටහිර මුදලට කෑදරකමින් ස්ත්‍රීවාදය නිර්ප්‍රභූ දුප්පත් සමාජයට පැටවීමයි. එහිදී ධනපති කුහකයන් විසින් නිර්ධන පන්තිය වෙත පටවනුලබන ස්ත්‍රීවාදය සමග මාක්ස්වාදීන්ද නොදැනුවත්වම එකට එක්වන්නේ මාක්ස්වාදයේ තකතීරුකම මැනවින් විදහාපාමිනි. එතැනදී මෝඩ මාක්ස්වාදය හැසිරෙන්නේ ස්ත්‍රීවාදය අති අනර්ඝ මතවාදයක් ලෙස සලකා එය ධනපති පන්තියට වඩා හොඳින් නිර්ධන පන්තිය තුල ක්‍රියාවට නැගීම පන්ති අරගලයේදී නිර්ප්‍රභූ දුප්පත් ජනයා ලබන ජයග්‍රහනයක් ලෙස සලකාගෙනය. ධනපති හෝ නිර්ධන හෝ කවර සමාජමය පසුතලයක වුවත් මිනිසාගේ ලිංගිකත්වය සැලකිල්ලට ගත් කළ ගැහැනු හා පිරිමි වශයෙන් කායිකවත් මානසිකවත් ඇතිකරගන්නා වූ විශිෂ්ඨ අනුවර්තිත ස්වභාවයන් අතර සමබරතාවයක් තිබියයුතුය. කවර වෙස් ගෙන ආවත් ලිංගික කුහකත්වය නම් රෝගකාරකය විසින් නැතිකර දමන්නේ මානව වර්ගයාගේම යහ පැවැත්මට තදින් බලපාන එම ගුණාංගය වේ. මාක්ස්වාදයටද ලිංගික කුහකත්වය කලවම් වී තිබීම පැහැදිලි සත්‍යකි. ධනපති පන්තිය වෙනුවෙන් වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතු කිරීමේදී හා ධනපතියන්ගේ මඩි තවත් තරකරගැනීමේ ක්‍රියාදාමයේදී නිර්ධන පන්තියේ කාන්තාවන්ද නිර්ධන පිරිමින් හා සමව ක්‍රියාකාරී වීම ධනපති කුහකයන්ටනම් ඉතා වැදගත් දෙයකි. නමුත් මෙය නිර්ධන පන්තියට අයත් පිරිමින්ගේ ලිංගික දිවි පැවැත්මටනම් කොහෙත්ම හිතකර නොවේ. ඒ ස්ත්‍රියට සුවිශේෂී වූ ස්ත්‍රීලිංගික ස්වභාවයක් නොමැති පිරිමින් හා සම ක්‍රියාකාරී වීමට වෑයම් කරන කාන්තාවන් පිරිමින්ගේ ලිංගික රුචිකත්වයන් වලට නොගැලපීම නිසා. නිර්ධන වුවත් ධනපති වුවත් මිනිස් ගති ස්වභාවයන්ට අනුව මේ කාරනය කාටත් එකසේ වලංගුය. ධනපති ප්‍රභූ සමාජයේ කුහක ගති පැවතුම් ඇති පිරිස තමන්ගේ සමාජ ස්ථරයට අයත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය නැති කරගනිමින් පිරිමින් හා සම වීමට අනුබල නොදෙති. ඒ එසේ වූ කල තම ලිංගික ආශාවන් ඉශ්ඨ කරගැනීමට හා අනාගත පරපුර හැදීමට ප්‍රමුඛත්වයක් ලබාදෙන කාන්තාවන් නැතිවන බව ඔවුන් හොඳින්ම තේරුම්ගෙනයි. නමුත් දුප්පත් රටවල සුළුතර ධනපති ප්‍රභූන් බටහිර රටවල මුදල් හා වෙනත් වරධාන බලාපොරොත්තුවෙන් යුරෝපා කේන්ද්‍රීය ස්ත්‍රීවාදය තම රටවල නිර්ප්‍රභූ දුප්පත් සමාජය වෙත පටවා, නිර්ධන සමාජයේ කාන්තාවන්ට ස්ත්‍රීත්වයේ විශේෂනයන් අත්හැර පිරිමියා කරන සියළු කටයුතු කිරීමටත් එය තමන්ට අභිමානයක් ලෙස සැලකීමටත් අනුබල දෙති. මේ කුහකයෝ ඒ අතරම නිර්ධන පන්තියට අයත් ස්ත්‍රී ලිංගික විශේෂනයන්ගෙන් හෙබි  කාන්තාවන් තම ලිංගික ආශ්වාදය සඳහා භාවිතා කිරීමටද නොපසුබට වන ආකාරයද කාටත් දකින්නට පුළුවන.

                              
 
දුප්පත් රටවල ධනයට හා සම්පත් වලට කෑදර ප්‍රභූ දේශපාලනඥ්ඥයන් ස්ත්‍රීවාදී න්‍යාය මත පිහිටා පුරුෂ පාර්ශවයට පමණක් සීමා වන විවිධ කාර්‍යභාරයන් සඳහා කාන්තාවන් යෙදවීමත්, මානසිකව පුරුෂභාවයක් ආරෝපනය කරගන්නා කාන්තාවන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ රැකවරනය වෙනුවෙන්ම පුරුෂයාට අසාධාරන නීති සම්පාදනය කිරීමත් ලොව වටා සුලභව දැකිය හැක. ඒ වර්තමානය වන විට ජාත්‍යන්තර තලය පුරාවට විශාලම මුදල් සම්භාරයක් සංසරනය වෙන්නේ ස්ත්‍රීවාදය ව්‍යාප්ත කිරිම  වටා වීම හේතු කරගෙන වේ. නිර්ප්‍රභූ දුප්පත් සමාජයේ කාන්තාවන්ට පිරිමි මනෝභාවයට ආවෙනික වූ ක්‍රියාකාරකම් කිරීමට අනුබල දෙන ධනපති කුහකයන්ගෙන් බොහොමයක් තම පවුල් වල සහෝදරියන්ටවත් දියනියන්ට වත් එසේ හැසිරීමට උගන්වන්නේ නැත. ධනපති ප්‍රභූ කුහකයන් කාන්තාවන්ද පිරීමින්ට සීමා වන විවිධ රැකියාවලට යොදාගනිමින් නිශ්පාදන ඵලදායීතාවයක් ඉහල දමා ගැනීම ගැන විකාර කියෙවුවත් නිර්ධන පන්තියේ කාන්තාවන් ධනපති කාන්තාවන් මෙන් පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි තදින්ම අනුකූලතාවය දක්වා ඊට තම ජීවිතයේ වැඩි ප්‍රමුඛත්වයක් දීම කෙරෙහිනම් කිසිම අයුරකින් ප්‍රශංසා කරන්නේ නැත. මාක්ස්වාදීන්ද එතැනදී ලිංගිකත්වය ගැන ඊටම සමාන ආකල්පයක් දරමින් ක්‍රියා කරති. එතැන්හිදී ධනපති කුහකයන්ගේත් කුහක මෝඩ මාක්ස්වාදීන්ගේත් හැසිරීමෙන් ලිංගිකව පීඩාවට පත්වන්නේ නිර්ධන පන්තියේ වැසියන්ම වේ. ධනවාදී සමාජය තුලම සිටින කුහකයන් පිරිසගේ හැසිරීමට අමතරව ඔවුන්ගේ මසුරු ආත්මාර්ථකාමීත්වය මත නිර්ධන දුප්පත් සමාජයේ ප්‍රජනනය සීමා කිරීමට දුප්පත් වැසියන්ගේ ලිංගිකත්වයට අනිසි බලපෑම් කරන සිද්ධිද මෙකළ දැකියහැක. එහෙත් මාක්ස්වාදීන්ට නම් ඒ කිසිත් වගක් නැත.

                                                                                                                                   නිර්ධන පන්තියට ධනපති කුහකයන් බලෙන් පටවන ලිංගික පීඩනය ගැන මාක්ස්වාදීන්ට උවමනාවක් ඇත්නම් ප්‍රශ්න කළයුතු දේවල් බොහොමයක් තිබේ.   ධනපති ප්‍රභූ සමාජයේ සිටින කුහක පිරිමි නඩය තම සමාජ ස්ථරයට අයත් කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වයේ සියළු ගුණාංග සිය ජීවිතයට ඇතුල් කරගැනීමටත්, පිරිමි ලිංගික හැඟීම් උත්තේජනය කරවන විලාසිතාවන් ආදිය කරමින් ඔවුන්ටම ආවේනික දිවි පෙවෙතක් ගෙනයෑමටත්, අති විශාල නිදහසක් ඇතිකර දෙන අතරේම නිර්ධන පන්තියට අයත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය පසෙකින් තබා පිරිමියා සමග උරෙනුර ගැටෙමින් වැඩ කිරීමටත්, කාන්තාවගෙන් ස්ත්‍රී ලිංගිකත්වයත් එහි යහගුණයනුත් අපේක්ෂා කරන සිය සමාජ ස්ථරයේම පිරිමින්ට එරෙහිව ස්ත්‍රීවාදී සටන් මෙහෙයවීමටත් අනුබල දෙන දෙබිඩිකම කුමක්දැයි මාක්ස්වාදීන්ට අවශ්‍යනම් ධනවාදීන්ගෙන් ප්‍රශ්න කළහැක. නමුත් වෙන්නේ අනෙකකි. ඒ එහිදී මාක්ස්වාදීන්ද ලිංගික කුහකත්වයටම තවත් ඉහල වටිනාකමක් දෙමින් කුහකකමින් ධනපති පන්තියද ඉක්මවා යෑමට උත්සහ කිරීමයි. මාක්ස්වාදීන් එහිදී නිර්ධන පන්තියේ පිරිමින්ට ඇතිවන ලිංගික පීඩනය නොසලකමින් කියන්නේ කාන්තාව පිරිමියාගේ ලිංගික රුචිකත්වයන්ට ගැලපීම  අත්‍යවශ්‍ය දෙයක් නොවන බව හා සම්පත් පරිභෝජනයේදී කාන්තාවද පිරිමියා සමවන බවයි. එය අවසානයේ රුකුල් දෙනේ ධනපති ප්‍රභූන් අතර තිබෙන ලිංගික කුහකත්වයටම වේ. ධනපති පිරිමින්ගෙන් කුහක පිරිස තම දියනියන්ට පිරිමි ළමයින් මෙන් හැසිරීමට අනුබල නොදී ග්‍රාමීය දුප්පත් සමාජය තුලට පාසල් හරහා බාලිකා රගර් බාලිකා බොක්ස්ං වැනි ක්‍රීඩා ව්‍යාප්ත කර ගැමි සමාජයට හුරු පුරුදු විරුද්ධ ලිංගික ආකර්ශනය හා ප්‍රසන්න බව මැඩපවත්වා ඒ වෙනුවට ගැමි සමාජ පරිසරය තුල පිරිමි ළමුන් අතර විරුද්ධ ලිංගිකත්වය කෙරෙහි පිළිකුලක් ඇති කරවීම හා එවැනි වෙනත් සිදුවීම් ගැනත් මාක්ස්වාදීන්ට ප්‍රශ්න කරන්නට පුළුවන. එහෙත් එය සිදු නොවේ. සිදුවන්නේ ස්ත්‍රීත්වයක් නැති බාලිකාවන් පිරිමි ළමුන්ට ආවේනික ක්‍රීඩා කරමින් ජයග්‍රහන හා කුසලාන ලබාගන්නා තෙක් මාක්ස්වාදීන් ඇඟිලි ගැනීමයි. බොහෝ රටවල ධනපති ප්‍රභූ දේශපාලකයින් ආයුධ සන්නද්ධ අරගල වලට මුහුණදීමට සිදුවන අවස්ථාවන්හි නිර්ධන  නිර්ප්‍රභූ දුප්පත් සමාජයේ කාන්තාවන්ට ව්‍යාජ ලෙස වීරත්වයක් ආදේශ කරමින් පිරිමින් හා එකට යුධ පෙරමුණට යැවීමට උත්සහ කරන නමුත් ඔවුන් සිය මවුවරුන්ට බිරින්දෑවරුන්ට හෝ දියනියන්ට අවි ගෙන යුධ පෙරමුණට යෑමට කිසිවිට අනුබල නොදෙති. මාක්ස්වාදීන්ට එයද ප්‍රශ්නකළ හැක. නමුත් මාක්ස්වාදීන් එතැනදීත් කරන්නේ බොහෝදුරට සටන්කරන්නට යන පිරිමි පාර්ශවයට ජාතිවාදීන් හෝ යුධවාදීන් ලෙස චෝදනා කර සටන්කාමී කාන්තාවන් වීරවරියන් ලෙස දැකීමය.
                          

  මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය සිරිතක් වන්නේ තමන්ට හිතන්නට පුළුවන් සීමාව තුල ඔවුන්ට නරක යැයි සිතෙන සෑම දෙයක්ම ධනවාදයට හා ධනපති පන්තියට බැර කර ඔවුන්ට හොඳ යැයි සිතෙන සියල්ල නිර්ධන පන්තිය විසින් කරන අරගල වල ප්‍රතිඵල හැටියට ලැබෙන බව ලෝකයට ඇඟවීමයි. ලිංගික කුහකත්වයට බොරු වැදගත්කමක් ආරූඪ වෙත්ම එය මාක්ස්වාදයටද කලවම් වී තිබීම ඉතා පැහැදිලිය. මාක්ස්වාදීන්ගේ සියළු තර්ක පදනම් වන්නේ සම්පත් හා ධනය පරිභෝජනයත් ඇති නැති පරතරය අනුව මාක්ස්වාදීන් මෙහෙයවන පන්ති අරගලයකුත් පදනම් කරගෙනයි. ලිංගිකත්වයේ ස්වාභාවික ගුණාංගයන් ඇති නැති පරතරය අනුව වෙනස් නොවේ. එහෙත් මාක්ස්වාදයට ලිංගික කුහකත්වය කලවම් වූ තැන මාක්ස්ගේ ගෝලබාලයන් ලිංගිකත්වයේ ස්වභාවයන්ද නොරුස්සමින් කියන්නේ එයද හුදු ධනපති පන්තිය විසින් ගොඩනගන ලද්දක් යන්නයි. ඔවුන්ට අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේ අවශ්‍යතාවය නිර්ධන දුප්පතුන්ට ඒ තරම්ම නැත. විෂම ලිංගිකත්වය හා පුරුෂයා මූලික වී සමාජය මෙහෙයවීම ඔවුන්ට හිතන්නට පුලුවන් සීමාව තුල ධනපති පන්තිය විසින් ගොඩනගනලද දේවල් වේ. නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් පෙනීහිටින මාක්ස්වාදීන්ටද ලිංගික ආත්මාර්ථකාමීත්වය ඇත. මාක්ස්වාදී පිරිමින්ද තම ලිංගික සහකාරියන් ලෙස තමන්ගේම න්‍යායධර්මයන් අනුව පිරිමින් හා සමව ක්‍රියාකාරී වෙමින් ස්ත්‍රී ස්වභාවයන් හීන කරගත් කාන්තාවන් තෝරා නොගනිති. ඒ ස්ත්‍රී ලිංගික ස්වභාවයක් නොමැති පිරිමින් හා සම ක්‍රියාකාරී කාන්තාවන් ඔවුන්ගේ ලිංගික ආශාවන්හි ස්වභාවයට නොගැලපෙන නිසයි. ඔවුන් ලිංගික ඇසුර පවත්වන ඔවුන්ගේ බිරින්දෑවරුන්ද පිරිමින් හා සම ක්‍රියාකාරී වීමට දැඩි ලෙස අකමැති මෙන්ම ස්ත්‍රී ලිංගික සුවිශේෂත්වයන්ට වඩා කැමති පිරිසකි.ඒ බව ඔවුන්ද හොඳින්ම දනිති. නමුත් ඔවුන්ගේ තකතීරු න්‍යායධර්මයන්ට අනුව එවැනි කාන්තාවන් සිටින්නේ ධනපති පන්තියේය. සාඩම්බර මාක්ස්වාදීන් ඔවුන්ගේ අනුගාමිකයන්ටනම් කියන්නේ කාන්තාවන්ට පිරිමියාගේ ලිංගික ආශාවේ ස්වභාවයට අනුව හැඩගැසීම හා දරුවන් හැදීමට ජීවිතයේ ප්‍රධාන තැනක් දීම කාන්තාවන්ගේ නිදහසට මෙන්ම පන්ති අරගලයේදී නිර්ධන පන්තියේ ජයග්‍රහනයටද බාධාවක් බවයි.

                              ලිංගික කාරනාවේදී ධනපති පන්තියේ කුහකයන් පිරිස මෙන්ම මාක්ස්වාදී කුහකයන්ද සෙසු දුප්පත් නිර්ප්‍රභූ පිරිසට අඟවන්නේ ලිංගික පීඩනය විඳ දරාගතයුතු බවකි. එසේ විඳ දරාගෙන ලිංගික පීඩාවෙන් දුක් විඳීම මේ කුහකයන් විසින් මහා ලොකු දක්ෂතාවයක් ලෙසද හුවාදක්වති. විශෙෂයෙන් මාක්ස්වාදීන්ට සමලිංගිකත්වය හා අනෙකුත් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයන් ගැන ගැටළුවක් නැත. මේ විකුර්ති ස්වරූපයන් ධනපති සමාජයේද තිබේ. ඒගැන ප්‍රශ්නයක් නැති මාක්ස්වාදීන්ට ධනපති පන්තියේ ගැහැනු පිරිමි විශම ලිංගික සබඳතා වලට පසුබිම් ශක්තියක් සපයමින් විරුද්ධ ලිංගික ආකර්ෂනය හා ලිංගික උත්තේජනය ඇතිකරවන ක්‍රියා ගැනනම් බොහෝ ගැටළු ඇත. නිර්ධන පන්තියට ඒවා වැදගත් නැතැයි ඔවුන් ඒත්තු ගන්වන්නට යන්නේත් මේ කාරනය පසක්කරවමිනි. ස්ත්‍රීවාදීන්ට මෙන්ම සමලිංගිකයන් හා අනෙකුත් විකුර්ති කාමුකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට මාක්ස්වාදීන්ටද පැහැදිලි උවමනාවක් ඇත. ඒ සම්පත් පරිභෝජනය පිළිබඳ පන්ති අරගලයේදී ලිංගික කාරනා ඔවුන්ට වැදගත් නොවීම හා එහිදී සියල්ලන් එකහා සමාන ලෙස ධනපති පන්තියට එරෙහි නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් කැපකිරීම් කළයුතුය යන ඔවුන්ගේ ආකල්පයට අනුවයි. ධනපති සමාජයේ කුහකයන් නොවන පිරිස නිර්ධන සමාජයත් ඇතුළුව සමස්ථ මානව වර්ගයාගේම යහ පැවැත්මට බලපාන, ලිංගිකත්වය ඇතුළු ස්වභාවධර්මයේ සියළු අංග වල යහගුණයන් නිසියාකාරව පවත්වාගනිමින් දිවි ගෙවීමට නිර්ප්‍රභූ දුප්පතුන් ඇතුළු සියල්ලන්ට උපකාර කරනවාටද මාක්ස්වාදීන්ගේ කැමැත්තක් ඇත්තේම නැත. තමන් කරන කියන දේවල්වල එකකට එකක් තර තිබෙන සම්බන්ධතාවය කුමක්ද යන්නවත් තමන්ටම නොවැටහෙන මාක්ස්වාදීන්ගේ මේ අවුල් පැටලිලිසහගත මනෝභාවයට හේතුව අන් කවරක්වත් නොව ලිංගික කුහකත්වයෙන් අන්ධවී එය මාක්ස්වාදයට හා ඔවුන්ගේ සමාජවාදයට ගැටගසාගනිමින් මාක්ස්වාදයත් ලිංගික කුහකත්වයත් දෙකම වන්දනාමාන කිරීමයි. අත්තනෝමතික මාක්ස්වාදීන්ට මේ කිසිවක් කියා තේරුම් කර දීමටද නොහැක. ධනවාදය හැම අතින්ම සාධාරන නොවුවත් ඊට විකල්පය මාක්ස්වාදයනම් නොවනබව මෙහිලා කිවයුතුමයි.

Saturday, May 24, 2014

කළහැකිනම් මෙය යහපතකි රටටම


මේ ලියන්නට යන්නේ අපට මෑතක ලැබුණු තොරතුරක් ගැනය. මෙය නීති සංශෝධනයක් හා සම්බන්ධවයි. මෙය නිල වශයෙන් කෙරෙනවාද නැද්ද යන්න තවම තීන්දු වී නැතත් එය ඒ ආකාරයෙන් සිදුවීමේ වැදගත් කම හා එවැන්නක් සිදුවීමේ අවශ්‍යතාවය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීම ලිපියේ අරමුණයි. මේ නීති සංශෝධනය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා සම්බන්ධ වූවකි. අපට විද්‍යුත් මාධ්‍ය ඇතුලු සියලු ජන මාධ්‍ය වලින් අතොරක් නැතිව ඇහෙන ස්ත්‍රී දූෂණ හා ලිංගික අතවර සම්බන්ධ සිද්ධි වලින් කීයක් ඇත්ත වශයෙන්ම අතවර ලෙස සැලකියහැ කිද යන්න බොහෝ විට අප නොසිතන කාරනයයි. ඇත්තෙන්ම කාන්තාවන්ට පිර්මින්ගෙන් වන ලිංගික අතවර අර්ථගැන්වී ඇති සීමා මායිම් ගැන වර්තමානයේ පැහැදිලි ගැටලු තිබේ. විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු පෙම්වතියන් සමග විවාහ වීමේ අදහසින් ඇතිකරගන්නා ලිංගික ඇසුරකදී පවා අනූ ගනන් වල රටේ කිසිවෙක් නොඉල්ලූ අතවර නීති සංශෝධන අනුව පෙම්වතුන් ස්ත්‍රී දූෂකයන් ලෙස සලකා දඬුවමට ලක්කෙරේ. මෙහිදී එවැනි ලිංගික ඇසුරක් කොහෙත්ම බලහත්කාරී අතවරයක් නොවන්නේ පිරිමි පාර්ශවය සිය සහකාරියන්ගේද පූර්ණ කැමැත්ත අනුව ඇසුර පැවැත්වීම යන කාරණය අනුවයි. 
                 

           දැන් අපේ සාකච්චාවට අදාල වී තිබෙන නීති සංශෝධන කුමක්ද යන්න කතාකළයුතුයි. මෙය නිල වශයෙන් කෙරෙයිද නොකෙරෙයිද යන්න තවම අවිනිශ්චිතය. නමුත් එය එසේ වියයුතුම කයා අප කියන්නේ එහි වැදගත්කම නිසාමයි. ඒ ලිංගික අතවර සිද්ධි වලදී අතවරයේ ස්වභාවය අනුව හා කලින් විස්තර කළ පරිදි එම සිද්ධි අතවර හැටියට සැලකීමේ සීමා මායිම් ගැන ගැටලු ඇති විට, අතවරයට පත් වුනා යැයි සැලකෙන තැනැත්තිය අතවරය කළා යැයි සැලකෙන පුද්ගලයා සමග විවාහ වීමට කැමතිනම් ද අතවර කරුවා යැයි සැලකෙන්නාද ඊට  කැමතිනම් ඔවුන්ට විවාහ වීමට හැකි පරිදි කෙරෙන නීති සංශෝධනයකි. කාන්තා කටයුතු ඇමතිවරයා විසින් යෝජනා කර ඇති මේ කාරනය අනුව එවැනි සිද්ධියකදී බාල වයස්කරුවන්ට විවාහ වීමට සුදුසු වයසට එළඹීමෙන් පසුව විවාහ වීමටද අවස්ථාව සැලසේ. කාන්තා කටයුතු ඇමතිවරයා විසින් කර තිබෙන මෙම යෝජනාව අතිශය ප්‍රශංසනීය වන්නේ සැබෑම ලිංගික අතවර සිදුවීම හා කුහකත්වයන් මෙන්ම වෛරය කැටි වූ අසාධරන බොරු චෝදනා එකිනෙක වෙන්කරගැනීමට මෙයින් පහසුවක් වීමත්, රටටත් සමාජයටත් වද නොදී ගොඩින් බේරා ගතහැකි ප්‍රශ්න එසේ ඒ ආකාරයෙන් විසඳීම නීතිය ක්‍රියාත්මක කිරීමේදීද යම් පහසුවක් වන බැවින්ය. එවිට උසාවි වල බොරු ප්‍රශ්න ගොඩගැසී කාලය නාස්ති වීමද මදකින් හෝ අඩුවී සැබෑ ප්‍රශ්න විසඳීමට වැඩි කාලයක් යොමු කිරීමටද හැකිවනු ඇත. 
                      

   විශේෂයෙන් එක්දහස් නවසිය අනූ ගනන් වල මුල් වරට සක්‍රීය වූ බාල අපරාධ නීති මෙරට අති මහත් බහුතරය ඉල්ලා සිටි දෙයක්වත් වැඩි දෙනාගේ උවමනාව පිට පැනනැගුන ඒවාවත් නොවන බවනම් ඉතා පැහැදිලිය. බාල අපරාධ යනුවෙන් වචනයක්ද ඊට පෙර අපගේ වචන මාලාවේවත් නොතිබුනු බව පැහැදිලි වන්නේ මෑතක් වනතුරුම විවාහ වීමට වයස් සීමා බාධක නොවීමත් අපේ පැරැන්නන් අඩු වයස් මට්ටම් වලින් විවාහ වී සාර්ථක ජීවිත ගෙනගොස් තිබීමත් යන සිද්ධි දෙස බලන විටයි. මෙහි යම් තරමකට හෝ ඇති සුලු අඩුපාඩුවක් වන්නේ අඩු වයසින් විවාහ වී නුසුදුසු වයස් මට්ටම් වලදී දරුවන් බිහිකිරීම ආශ්‍රිතව ඇති ජීව විද්‍යාත්මක ගැටළුවයි. එයටද විසඳුම බාල වයස්කාරියක් විවාහ කරගන්නා පිරිමියා හිරේ යැවීම නොව ඔවුන්ට නිසි ලිංගික උපදේශනයක් ලබා දීමයි. බාල වයස්කරුවන්ට පමණක් නොව පවුල් ජීවිත ගෙනයන වැඩිහිටි අය සඳහාද මෙවැනි උපදේශන සේවාවන් තිබීම තම ලිංගික ගැටළු විසඳාගැනීමට මහත් රුකුලක් වනු නියතය. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පිටින් ගොස් පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයම කාම අපරාධ සමග එකට ඈඳා දෝශදර්ශනයට ලක්කිරීමටද නොහැක. එවැනි දෙයක් කරන්නේනම් එහිදී ක්‍රියාත්මක වන්නේ ලිංගික කුහකත්වය මිස වෙනත් කිසිවක්ද නොවේ. අද අපට අවශ්‍ය වන්නේ ස්ත්‍රීවාදී වෛරයෙන් හා ලිංගික කුහකත්වයෙන් පිරුණු අසාධාරණ අතවර අර්ථකථනයන් නොව ලිංගිකත්වයේ ස්වභාවය පිළිබඳ බුද්ධියට විවුර්ත වූ හරවත් විචාරශීලීත්වයකි.
                                  ඇත්තෙන්ම මෙම නීති සංශෝධනය පිළිබඳ යෝජනාව කාන්තා කටයුතු ඇමතිවරයාගේ පුද්ගලික උවමනාවක් නොව පොදුවේ රටට අවශ්‍ය වන කාලීන අවශ්‍යතාවයකැයි පැහැදිලිව කිවහැක. එබැවින් කවුරු යෝජනා කළත් මෙය මේ ආකාරයෙන් සිදු වීම අතිශය වැදගත්ය. ලිංගික අතවර අර්ථගැන්වීම වල එල්බගෙන සිටීමටද නොහැක්කේ ඒ අර්ථගැන්වීම වල කුහකත්වයන් අන්තර්ගත වී තිබීමේ ප්‍රධාන කාරනාව උඩයි. අනෙක කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සැලකීමේදී මෙකළ සමලිංගිකත්වය හිස ඔසවා තිබීම යන සාධකයත් සමග විශේෂයෙන් පිරිමින් මෙන් ක්‍රියාකරන සමලිංගික කාන්තාවන් වෙනත් කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට ලිංගික අත්වර කිරීමේ ප්‍රවනතාවයක් පැහැදිලිව තිබේ. අනෙක මේ සමාජ ව්‍යාකූලතා සලකා බැලීමේදී මෙකළ පොදුවේ ගැහැනු හා පිරිමි බාලවයස්කරුවන් ගැහැනු පිරිමි දෙකොට්ඨාශයේම සමලිංගික අපයෝජකයින්ගෙන් ගලවාගැනීමද අනිවාර්‍ය දෙයකි. සැබවින්ම නීති අවශ්‍ය මෙවැනි දේ වැලැක්වීමට මිස නරුම ස්ත්‍රීවාදීන් හා කුහකයන් සැනසීමට නොවේ. මේ නීති සංශෝධනය කාන්තා කටයුතු ඇමතිවරයා මාර්ගයෙන් ඉදිරියට පැමිණ සක්‍රිය වුවහොත් ස්ත්‍රීවාදී රාජ්‍ය නොවන සංවිධාන දුම්මල වැදුනු යකුන් පෙරේතයන් මෙන් ආවේස වී ඊට විරුද්ධව සටන්පාඨ කියමින් උද්ඝෝෂණ කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කාන්තා විමුක්තිවාදිනියෝ බොරු මානව හිතවාදී මුහුනු පෙන්නමින් සටන්පාඨද ප්‍රදර්ශනය කරමින් විරෝධතා දක්වනු ඇත. එහෙත් රටට වැදගත් වනු ඇත්තේ ඒ කිසිවක් නොව රටේ මිනිසුන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරදීමයි. 

                                       දැනටත් කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාට එම තනතූරින් ඉල්ල අස්වීමට බලකරමින් ප්‍රකට ස්ත්‍රීවාදිනියන් සියගණනක් අත්සන් කළ පෙත්සමක් අමාත්‍යංශයට යැවීමට කටයුතු කර ඇති බව ආරංචියි. මොවුන්ගේ විරෝධතාවයන් කිසිවෙක් පඩේකටවත් ගනන්ගතයුතු නැත. කළයුත්තේ පළමුව නිසි ලිංගික උපදේශන සේවාවක් ලිංගික ගැටළු විසඳීමට පිහිටවීමය. එවිට බාල වයස්කරුවන් ඇතිකරගන්නා ලිංගික සබඳතා අනාරක්ෂිතව නොපැවැත්වීමටත් නිසි කලට විවාහ වීමට හා සුදුසු වයසට එළඹ්හීමෙන් පසු දරුවන් හදාගැනීමට ඔවුන්ට උපදෙස් ලබා දියහැක. එවිට අදාල නීති සංශෝධනයද අනවශ්‍ය ගැටළු වලින් තොරව කිරීමට පහසු වේ. නැවතත් කිවයුත්තේ මේ ආකාරයේ නීති සංශෝධනයක් සැබවින් රටට අවශ්‍ය බව හා එය කළහැකිනම් රජයටත් කාන්තා කටයුතු ඇමතිවරයාටත් රටේ වැඩි පිරිසකගේ උපහාරයද හිමිවන බවයි.
                              

මේ ලිපියට අවශ්‍ය තොරතුරු බොහොමයක් ලබාගත්තේ සහෝදර බ්ලොග් කතුවරයෙකු වන "ප්‍රතිවාදියා" ගේ බ්ලොග් ලිපියක් ඇසුරෙනි.