Pages

Monday, January 13, 2014

පෙරවදන


ලිංගික නිදහස ගැන කොතෙකුත් කතා නොයෙක් විට නොයෙක් දෙසින් අසන්නට ලැබුනද ලිංගික නිදහස සැබෑ ලෙස අරුත්ගැන්වියයුත්තේ කෙසේද යන්න ගැන මෙරට වැඩි ප්‍රතිශතයකට නිවැරදි දැක්මක් ඇතැයි කිසිසේත් සිතිය නොහැක. ඒ වෙනුවට බොහෝ දෙනාට ඇත්තේ අග මුල පටලවාගත් අවුල්සහගත අවිනිශ්චිත දැක්මකි. ඇතමුන් සිතන්නේ බටහිර රටවල අතිශය පුළුල් ලිංගික නිදහසක් ඇතිය යන්නයි. ඔවුන් එසේ සිතන්නේ බොහෝවිට බටහිර වැඩිහිටියන් සඳහා වෙන්වී චිත්‍රපට වෙබ් අඩවි ඇසුරෙන් සොයාගන්නා කරුණු මත පදනම්වයි. එහෙත් මේ කරුණු ඒ ආකාරයෙන්ම සත්‍ය නොවන්නේ බටහිර සමාජය තුල ලිංගික නිදහස කෙසේ වෙතත් ස්ත්‍රී හා පුරුෂ ලිංගිකත්වයන් නොයෙක් අයුරීන් විපරීයාසයන්ට  භාජනය වී දැඩි අවුල්සහගත තත්වයකට පත්ව තිබීම හේතුවෙනි. එවැනි තත්වයක් යටතේ ලිංගික නිදහස ගැන නොව කතා කිරීමට තිබෙන්නේ ලිංගිකත්වය ගැන බටහිර ජනයාට ඇති දැක්ම ගැනය. අද බටහිර ඇත්තේ උවමනාවෙන් විකුර්ති කළ සමාජ තත්වයකි. ඔවුන්ගේම භාෂාවෙන් පැහැදිලි sexual diversity එකක් බටහිර ඇත.
                                       එලෙසම බටහිර රටවල බොහොමයක් දෙනා තම ලිංගිකත්වය සමාජයේ ප්‍රකාශ කිරීමටද බිය වෙති. මෙයින් බහුතරය පුරුෂයන්ය. ඔවුන් සිතන්නේ තමන් පුරුෂයන් බව හා තම පෞරුෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් කාන්තාවන්ට අසාධාරනයක් සිදුවියහැකිය කියායි. ඔවුන් එසේ සිතන්නේ බටහිර බොහෝ රටවල කාන්තාවන්ද පිරිමින් ලෙස තම ජීවිත වලින් ස්ත්‍රීත්වය අකා මකාගෙන පෞරුෂය ආදේශ කරගැනීමට ගන්නා උත්සහය හේතුවෙනි. බටහිර සැලකියයුතු පිරිසක් කාන්තාවන් පිරිමියෙකු සමග ලිංගික ජීවිතයක් ගෙනයෑම හෝ දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරති. මෙනයින් බලන කළ බටහිර අද ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇතිවන ලිංගික ආකර්ෂණයත් ස්වභාවික ලිංගික චර්යා රටාවත් ගැන ඇත්තේ පිළිකුල හා ද්වේශයකි. බටහිර අද ජීව විද්‍යා දැනුම අවියක් කරගනිමින් ලිංගිකත්වය විකුර්ති කරගත් මිනිසුන් පවා උවමනාවෙන් බිහි කිරීමේ සොබාදහමට පටහැනි දේ ක්‍රියාවට නැගෙයි. බටහිර බොහොමයක් රටවල සමලිංගිකත්වය නීතිගත වී ඇත. සමලිංගිකයන්ට ඇතැම් රටවල විවාහ වීමට පවා නිදහස ඇත. එහෙත් ස්ත්‍රිය හා පුරුෂයා අතර ස්වභාවයෙන් හටගන්නා ලිංගික සංවේදනයන් හා ඒ වටා ගොඩනැගෙන ලිංගික ක්‍රියාකාරකම් බොහොමයක් මේ වන විට බටහිර සමාජය තුල ලිංගික අතවර වලට ගොනුවෙමින් පවතී. එසේනම් බටහිර කාමුක වෙබ් අඩවි හා චිත්‍රපට ඇසුරෙන් අප ඇතිකරගන්නා බටහිර ලිංගික නිදහස සම්බන්න්ධ චිත්තරූපය හරිද?
                                   ලිංගික නිදහස ආයාසයෙන් යටපත් කර පීඩාවක් විඳියයුතුයැයි කිසිවෙකුට කිව නොහැක. එසේනම් සැබෑ ලිංගික නිදහස ගැන අපට තිබියයුතු දැක්ම කුමක්ද? සොබාදහමේ සීමා මායිම් ඉක්මවායන උමතු හැසිරීම් පවා අනුමත කරමින් සොබාදහමෙන් උරුම වන ලිංගික ක්‍රියාකාරිත්වය හා ප්‍රජනන රටාව හෙලාදැකීම සැබෑ ලිංගික නිදහසක්ද? සැබෑ ලිංගික නිදහස යනු ස්වභාවධර්මයෙන් අප වෙත දායාදවන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය අවශෝෂණය කරගනිමින් දිවිය සාර්ථක කරගැනීමට තිබියයුතු නිදහසයි. 

1 comment:

  1. හරිම අපූරු බ්ලොග් එකක්. ලිංගික මිථ්‍යාවන්ගෙන් වල්මත් වූ තරුණ පිරිසට වැදගත් පණිවිඩයක් ලබාදෙන්නට සමාත් වේයැයි හිතන්න පුලුවන්.

    ReplyDelete