Thursday, January 23, 2014
සරාගී වීම පාපයක්ද?
ලිංගික උත්තේජනය හරහා සරාගී බව කෙරෙහි මනසින් ආකර්ශණය වීම ඉතා ස්වභාවික දෙයකි. මේ කෙරෙහි එක් එක් කෙනා දක්වන අදහස් විවිධාකාර විය හැක. මේ සරාගී බව හා ලිංගික උත්තේජනයන්ගේ සීමා මායිම් මොනවාද යන්න ගැන කාටත් තේරුමක් තිබිය යුතුය. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගති ලක්ෂණයන් ඕනෑවට වඩා සීමා කිරීමටද නොහැක. අප එක් දෙයක්නම් වටහාගතයුතුම වේ. එනම් කවර දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක වුවද සංස්කෘතික හර පද්ධතීන් ගොඩනැගීමෙහිලා මූල් තැන ගන්නේ ස්ත්‍රී පුරුෂ එනම් විශම ලිංගික බැඳීම් හා ඒ වටා ගොඩනැගෙන පවුල් සංස්ථාවයි. ලිංගික බැඳීම් ශක්තිමත් කරන්නේ ගැහැනිය හා පිරිමියා යන දෙදෙනාම එකිනෙකාගේ විශේෂත්වයන්ට දක්වන ආකර්ෂණය හා එකිනෙකා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය වේ. ඇත්තෙන්ම සරාගී බව යන සාධකය මේ තුලද ඇත. මිනිස් ජන සමූහයක සංස්කෘතික පරිසරය හා බැඳුනු සියලු ගොඩනැංවීම් වල මූලික පදනම පවුල් ඒකකයනම්ද, එහි පැවැත්ම සමාජයේම පැවැත්මට බලපායිනම්ද, පවුල ශක්තිමත් කරන වැදගත්ම ගුණාංගය වන ලිංගික බැඳීම නොවැදගත් දෙයක් විය නොහැක. ඇත්තෙන්ම බලුවොත් ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය ජීවිතයට අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව මෙලොව දිවි පැවැත්ම සාර්ථක කරගැනීම උදෙසා අප කාටත් එක ලෙස වැදගත් වන බව ඉතා පැහැදිලිය. මේ ගුණාංග වැරදි අතට මෙහෙයවා පාපයක් කරගන්නා අය නැතුවා නොවේ. නමුත් එය එසේ වූ පමණින් ලිංගිකත්වයේ සියලු ස්වභාවික ගුණංග පාපයන් ලෙස හැඳින්විය හැකි නොවේ.
Labels:
ලිංගිකකුහකත්වය,
සත්‍ය හා මායාව,
සමාජය,
සරාගී
Subscribe to:
Post Comments (Atom)
සරාගී වීම පාපයක් නෙමෙයි.. ඒ දිහා බලන විදිහෙයි අවුල තියෙන්නේ..
ReplyDeleteබලන විදිහ අවුල් වෙන්නේ ගොඩක් මිනිසුන් අතරම තියෙන කුහකකම නිසා. ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය අප කාටත් අවශ්‍යයි.
Deleteලිංගිකත්වය පාපයක් නොවේ. නමුත් එය ප්‍රදර්ශන භාන්ඩයක්ද නොවේ
ReplyDeleteසැඟවීම වගේම පිටට පෙන්වීමත් නිසි ක්‍රමයකට වෙන්න ඕනේ ඒකේ සීමා මායිම් තීන්දු වෙන්නේ අප එකෙනෙකා ගැන තියෙන අවබෝධය මතයි
Deleteසරාගී වීම ජීවිතයට අවශ්‍යයි. එය හංගන්න කුමටද?
ReplyDeleteහන්ගන් ඉන්නේ මනුෂයෝ කියල පෙන්නන්න අවශ්‍ය නිසා.. නැතිනම් කුමටද විලි වැසුම් ?
Deleteසැඟවීම වගේම පිටට පෙන්වීමත් නිසි ක්‍රමයකට වෙන්න ඕනේ ඒකේ සීමා මායිම් තීන්දු වෙන්නේ අප එකෙනෙකා ගැන තියෙන අවබෝධය මතයි.
Delete