Pages

Friday, February 28, 2014

වෙලඳ දැන්වීමකට පෙනීහිටි පමණින් කාන්තාවන් වෙළඳ භාණ්ඩ වනවාද?

මීට කලකට පෙර ලිංගික කුහකත්වයෙන් මොළේ කුරුවල් කරගත් කුහක සුදනන්ගේ ගතානුගතික තර්කයක් වූයේ කාන්තාවන් වෙළඳ දැන්වීම් වලට පෙනී නොසිටියයුතු බවයි. ඔවුන් ඊට හේතු ලෙස ඉදිරිපත් කළේ එමගින් කාන්තාවන්ගේ ගෞරවයට හානි වන බව හා කාන්තාවන් වෙලඳ භාණ්ඩ තත්වයට ඇද වැටෙන බවයි. මේ තර්ක යල්පැනගිය මෝඩ තර්ක උනත් ඒ ගැන යමක් කතා කිරීම සුදුසු යැයි සිතුනේ අදටත් මෙවැනි අදහස් වල එල්බගත්තවුන් යම් තරමකට හෝ සිටින නිසයි.

                  ඇත්තෙන්ම යම්කිසි භාණ්ඩයක් වෙළඳපලට ඉදිරිපත් කර පාරිභෝගිකයා අතට පත්කිරීමට යෑමේදී එහි තරඟකාරී බවක් නිරන්තරයෙන් දක්නට ලැබේ. බොහෝ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන භාණ්ඩය ජනප්‍රිය කර ගැනීමට වෙළඳ දැන්වීම් පළ කිරීමට යෑමේදී සමාජයේ වැඩි පිරිසකගේ චිත්තාකර්ෂණයට ලක්වන ආකාරයෙන් ඒවා පළකිරීම සාධාරණය. එහිදී සමාජයේ ගැහැනු හා පිරිමි වෙන් වෙන් වශයෙන් උනන්දුවක් දක්වන එකිනෙකාගේ සුවිශේෂී ගුණාංගයන් චිත්තාකර්ෂණීය ලෙස තම නිෂ්පාදන භාණ්ඩයට ඈඳීම ඔවුන්ගේ එක් උපක්‍රමයකි. මේ දේවල්වල යම් විනයක් සදාචාරයක් තිබියයුතු බව පිළිගතහැක. නමුත් එය සමාජයට අප්‍රසන්න දෙයක් නොවන බව කිවමනා කාරනයයි. එහිදී එදිනෙදා ජීවිතයේ කාන්තාවන් බොහෝ දෙනෙක් නිරතවන ක්‍රියාකාරකම් හා සම්බන්ධ නිශ්පාදන භාණ්ඩ සම්බන්ධ වෙළඳ දැන්වීම වලට කාන්තාවන් යොදාගෙන නිර්මාණාත්මකව එය ඉදිරිපත් කිරීම සුලබ උදාහරනයකි. එය සමාජයට පිළිකුල් දෙයක්ද නොවේ. අප සාධාරන ලෙස මෙවැන්නක් සලකමු, ගෘහණියන්ට නිතර අවශ්‍ය වන සබන් වර්ගයක් සම්බන්ධ දැන්වීමක කාන්තාවක් ඒ සබන් භාවිතා කර රෙදි හෝදන දර්ශනයක් ඉදිරිපත් වීම තුල ඇයට අපහාසයක් හෝ අගෞරවයක් සිදුවන්නේ නැත. එහෙත් සිසිල් බීම දැන්වීමකට කාන්තාවකගේ ඇඳුමෙන් සිරුර අනවශ්‍ය ලෙස නිරාවරනය වෙන ආකාරය පෙන්වීමේ යම් ගැටලුවක් තිබියහැක. එහෙත් එයද මහා පරිමාණ ගැටලුවක් නොවන්නේ මිනිසාගේ ලිංගිකත්වය සැලකීමේදී විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරවන යම් සාධකයකින් කිසිවිට සමාජයට අවැඩක් සිදු නොවීම නිසාය.


                              

       ඒ කවර දෙයක් වුවත් කිසිම විදිහකින් පෙනෙන්නට බැරි අපේ කතාවට අදාල වන කුහක සුදනන් ගැන යමක් කිවයුත්තේ මෙතැන් සිටයි. මුලින්ම කිවයුතු වන්නේ ඔවුන්ගේ එම මානසිකත්වය ගැනය. එයට හේතුව අන් කවරක්වත් නොව ලිංගික කුහකත්වයය වේ. එහිදී මෙවැන්නන් සිරිතක් ලෙස විරුද්ධ ලිංගික ආකර්ෂනය හමුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන මානසිකත්වය පෙරට එයි. මොවුන් තමන්ටද අවංකව ස්ත්‍රී රූපයක සුන්දරත්වය යම් ප්‍රසන්න බවක් ඇති කරද එය පිළිගැනීමට කැමැත්තක් නොදක්වන්නේ එසේ කිරීම නරක යැයි සම්මත කරගෙන සිටින කුහකකම මුලට ගෙනයි. එසේ බලන කළ ස්ත්‍රී සිරුරේ සුඳරත්වය වෙළඳ දැන්වීමක් තුලින් දැකීම ඔවුන්ට ප්‍රියමනප නැත. මේ අනුව කාන්තාවක් වෙළඳ දැන්වීමකට පෙනී හිටීම යනු ඔවුන්ට අනුව වරදකි. එසේම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් පිළිගැනීමට අකමැති මොවුන්ගේ කුහක සුදන ගුනයට අනුව ඒ තුලින් කර තිබෙන්නේ කාන්තාව වෙළඳ භාණ්ඩයක තත්වයට පත්කර ඇයට අපහාස කිරීමයි. මෙහිදී එකක් මතක තබාගතයුත්තේ මේ සුදනන් පමණක් නොව අප සියල්ලන්ය. එනම් විරුද්ධ ලිංගික ආකර්ෂනය මත ගොඩනැගෙන මනුස්ස ක්‍රියාකාරකම් මෙලොව මිනිස් සංහතියේ අයහපතට බලපාන තත්වයන් ඉතා අල්ප යන්නත්, ඒ අයුරින්ම ලිංගික කුහකත්වය මත පදනම්ව ලිංගිකත්වයේ ස්වභාවික ගුණයන්ට ගරහන සුදනකම පෙර කී කාරනයට වඩා බෙහෙවින් මිනිස් සංහතියේම අයහපතට බලපාන්නේය යන්නත් වේ. කාන්තාවක් වෙළඳ දැන්වීමකට පෙනීහිටීමෙන් සිදුවන අගෞරවයට වඩා ඇයගේ ස්වභාවික හැඟීම් සංවේදනයන් අනුව ඇයට යමක් කිරීමට ඉඩ නොදී එසේ ඇය තමන්ට රිසි සේ යමක් කළ පමණින් අපහාසයට පත්කර ලැජ්ජාවට පත්කරන කුහක සමාජය සැබෑම අගෞරවය කාන්තාවන්ට සිදුකරයි.

12 comments:

  1. උබ මාර දැනීමක් තියෙන එකෙක්නෙ බන්.උබ ලියන විදියත් මාරයි.ලස්සනට හිත් ඇදගන්න විදියට ලියනවා.මමත් සම්ප්‍රදාය විරෝධියෙක් තමයි.මගෙ බුකියෙත් මේකට පබ්ලිසිටියක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් ගැනත් ලිපි දාන්න.

      Delete
  2. කෙටියෙන් ම කියන්නම් සුපිරි අදහසක් සහො

    ReplyDelete
    Replies
    1. මේ වාගේ දේවල් ගැන නිසි විචාරයක් අවශ්‍යයි.

      Delete
  3. වෙළද භාණ්ඩයක් නොවුනත් වෙළද භාණ්ඩ සංකේතයක් වෙනවනේ.. අපි වුනත් කෙනෙක්ව මතක තියා ගන්නේ අහ් මේ අරකේ හිටි කෙනානේ කියලනේ..

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම දේකුත් තියෙනවා. එතනදිත් සමාජයේ තියෙන විවිධාකාර කුහකත්වයන් තමයි ඒ තත්වය ඇතිකරවන්නේ. එහෙම අරකේ හිටි කෙනා නේද කියලා මතක තියාගන්න එක වරදක් නෙවෙයි. ඒ කෙනා ගැන වපරෙන් බලන පිරිසක් ඉන්නවානම්. අන්න එතන ගැටලුවක් තියෙනවා.

      Delete
  4. නියමයි, සුපිරි අදහසක්.

    ReplyDelete
  5. මෙවැනි දේ ඇත්තෙන්ම විචාරයට බඳුන් වියයුතුයි. මේ ලිපියෙන් විවුර්තව අදාල දේ කතා කළාට ඔබට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඒ විචාරය තමයි මමත් ඇතිකරන්න උත්සහ කළේ.

      Delete
  6. ඈ බන් උඹ ප්‍රසිද්ධියට අකමැති එකෙක්ද? ඇයි සින්ඩි වලට දන්නෙ නැත්තෙ. බ්ලොග් එකේ නම ගැන අරහෙම කිව්වම තරහ ගියාද වරෙන් අපේ පැත්තෙ.මම දැක්කෙ නෑ සෑහෙන කාලෙකින් අපේ පැත්තෙ එනවා.මම මගෙ බ්ලොග් රෝලටත් දැම්ම.බලහන්

    ReplyDelete
    Replies
    1. පබ්ලිසිටිය එපා කියනවා නොවෙයි.ඒත් ඒව හෙමිහිට ලැබේවි.දැන් ඔයත් ආවෙ කවුරුත් කියල නොවෙයිනෙ.අපි හරි දේ කරනකොට මිනිස්සු අපි ලඟට ඒවි.ස්තුතියි අදහසට

      Delete
  7. අන්න මල්ලි නියම පොස්ට් එක මමත් මේ වගේ දේවල් ගැන නිතර කතාකරනවා. මේක දැම්මට බොහොම ස්තුතියි. කෙලින් ඇත්ත කතාකරන අය අඳුනගන්න ලැබීම සතුටක්. ඔබ ලිපිය පුරාවට පෙන්වලා දුන්නු සමාජ කුහකත්වයමයි බටහිර කාන්තා විමුක්තියට රටේ සරුවට වැඩෙන්න පසුබිම සකස් කරලා දෙන්නේ.

    ReplyDelete