Pages

Sunday, December 21, 2014

එළඹෙන ජනාධිපතිවරනය සමාජයේ සැබෑ ලිංගික නිදහසට කවර බලපෑමක් කරයිද?

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන මා මීට ටික කලකට පෙර ලිපියක් ලියා ඇත කුහකත්වයන් ඛ. ඒ තුලින් ලිංගික කුහකත්වයන් මත ගොඩනැගෙන බොරු සාරධර්මයන් හා ඒ සියල්ල ජන මනස අන්ධකාරයේ ගිල්වූ කළ ඇතිකරන සමාජ පීඩාව කෙබඳු ද යන්න විග්‍රහ කර ඇත. මේ අනුව සැබෑ ලිංගික නිදහස යනු ස්වභාවධර්මයෙන් ලිංගිකත්වය කියන දේ නිර්මානය වී තිබෙන ආකාරයටත් ප්‍රජනනය ඇතුලු ඊට අනුකූල සංසිද්ධි වලටත් පටහැනි නොවන, ලිංගික ක්‍රියාකාරකම් සමුදායක් නියමාකාරයෙන් පවත්වාගැනීමට තිබියයුතු නිදහසක් බව කාටත් තේරුම්ගැනීම අපහසු නොවේ. එබැවින් ඒ ගැන වැඩි විස්තර මේ ලිපියෙන් කීමට මා බලාපොරොත්තු වන්නේ නැත. අවශ්‍යනම් ඊට අදාල මුල් ලිපි කියවා බලන්න.

http://sabalingikanidhahasa.blogspot.com/2014/04/blog-post_21.html


http://sabalingikanidhahasa.blogspot.com/2014/06/blog-post_22.html 

http://sabalingikanidhahasa.blogspot.com/2014/03/blog-post_18.html 

මේ ලිපිය ලියන්නට මා අදහස් කළේ දැන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුධකාරී තත්වයත් ඉදිරි ජනාධිපතිවරනයත් සමාජයට බලපාන ආකාරය ලිංගිකත්වය පදනම් වූ දෘෂ්ඨිකෝණයකින් බලා කරුනු ටිකක් සාකච්ඡා කිරීමටයි.
                         දේශපාලනය සැබෑ ලිංගික නිදහසට බලපාන ආකාරය කීමට මත්තෙන් අපේ රටේ සමාජ පසුබිමත් පෙර සමාජයේ ලිංගික කාරනා සම්බන්ධයෙන් තිබූ විවුර්ත බවත් ගැන යමක් කියා සිටියොත් ලිපියේ හරයට එය ප්‍රයෝජනවත් වෙයි. අපේ පැරණි සමාජය තුල පැහැදිලිවම පිරිමි හා ගැහැනු වශයෙන් පැහැදිලි බෙදීමක් හා මානව ක්‍රියාකාරකම් වර්ගීකරනයක් තිබී ඇත. එය එසේ නොවේ යැයි කියන්නේත් එය අධිරාජ්‍යවාදයෙන් උරුම වූවක් බවට බේගල් ඇදබාන්නේත් අධිරාජ්‍යවාදී අධ්‍යාපනයට තම කුහකකම් කලවම් කරගෙන යුරෝපීය නූතනවාදයේ ලිංගික සිද්ධාන්තයන් ඉස් මුදුනින් ගත්තවුන් වේ.
                         

ලොව ඕනෑම ජන සමාජයක පිරිමි ගැහැනු ලිංගික සුවිශේෂීතා හා ගැලපීම් අනිවාර්ය ලෙස තිබෙන අත්‍යාවශ්‍ය අංග වේ. එසේ වන්නේ මෙලොව ඉපදෙන පිරිමි හෝ ගැහැනු කාට කාටත් ලිංගික ක්‍රියාකාරීත්වයක් ස්වභාවයෙන් පිහිටන බැවින් හා එය කාගේ කාගේත් ජීවිතවල ස්ත්‍රී පුරුෂ භාවය අනුව කේන්ද්‍රීය සාධකය වන බැවිනි. එසේනම් ලංකාවේ ජනසමාජයටත් එය ඒ ආකාරයෙන් පොදුය. ලාංකීය ජනසමාජයේ පැරැන්නන් අතර සැබවින් ලිංගිකත්වය ගැන පැහැදිලි මතයක් හා දර්ශනයක් තිබී ඇත. එය අදටත් වලංගු වේ. ඔවුන් අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ ලෙස දෙපාර්ෂවයේම එකිනෙකාට ලිංගිකව සුවිශේෂී ලක්ෂණයන්ටත් එකිනෙකාගේ කායික හා මානසික හැඩගැසීමටත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීමට පුරුදුව ඇත. දරුවන් කුඩා කළ සිට මවු පියන්ට යම් ගෞරවයක් ඇතිව ගැහැනු පිරිමි ලෙස ඔවුන්ගේ ලිංගිකත්වයට ආවේනික විශේෂත්වයන් ගොඩනැගෙන ලෙස හදා ගැනීමට මවු පියන් වගබලාගත්හ. ඒ ලිංගිකත්වය යනු කුමක්ද යන්නත් එහි ස්වභාවය ගැනත් ඔවුන්ට මනා සංවේදීතාවයක් හා අවබෝධයක් තිබූ නිසයි. ඇතැම් පිරිස් අතර සුළුවෙන් හෝ කුහකත්වයන් නොතිබුණාම නොවේ. ඒ සුළු පිරිස පිරිමින් මෙන් ක්‍රියාකරන කාන්තා චරිත වීරත්වයට නැගුවද බහුතර සමාජයේ පිළිගැනීම එය නොවීය. බටහිර සමාජයේ මේ කුහකත්වයන් නූතනත්වයත් සමග ඔඩුගිය පසු අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් ලාංකික සමාජයටද ආදේශ විය. අද වනවිට පැරණි සමාජයේ අතලොස්සක් වූ කුහකත්වයන් බටහිර කුහකත්වයන් සමග කලවම් වී යම්තාක් දුරට බලවත් වී සමාජ පීඩාවක් බවට පත්වෙමින් ඇත. මෙය වඩා තීව්‍ර වන්නේ අධ්‍යාපනය තුලට ලිංගික කුහකත්වය රිංගීමත් සමගය.අදවන විට පැරණි සමාජයේ ලිංගික සුවිශේෂීතා හා පිරිමි ගැහැනු ලිංගික ගැලපීම මත පදනම් වූ සැබෑ සාරධර්මයන් ලිංගික කුහකත්වය මත පදනම් වන බොරු සාරධර්මයන්ගෙන් යටපත් වෙමින් ඇත. කෙටියෙන් කිවූ මේ කරුනු ටික මත පිහිටා ලිපියේ ඉදිරි විස්තරය කරමි.
               

පෙර පැවති ආණ්ඩු හා පවතින රජය සමාජීය ලිංගික නිදහස සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති මොනවාද යන්න සංසන්දනාත්මකව ඉදිරිපත්කර සිටීම මෙහිලා වැදගත් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ ලාංකීය සමාජයට බටහිර සමාජයේ නූතනත්වය සමග ඔඩුගිය කුහකකම් ආදේශ නොවුවද යම් තාක් දුරට අපේ සමාජයේම තිබූ කුහකත්වයන් පනලැබීමක් සිදු වී ඇත. එය රජය උවමනාවෙන් කළ දේකට වඩා බටහිර අද්‍යාපනයට ලාංකීය මුහුනුවරක් නොදී මාක්ස්වාදී සමාජවාදී ආකල්ප මත ඉදිරියට යන්න ඉඩ හැරීමත්,ඊට අප සමාජයේම තිබූ යම් යම් කුහකත්වයන් කලවම් වීමට ඉඩහැරීමත් නිසා සිදු වූවකි. නිදහස් අද්‍යාපනය තුලින් දුප්පත් ගැමි පවුල්වල දරුවන් උසස් අද්‍යාපනය ලබා, රජයේ ඉහල තනතුරු වලට පත්වීම හරහා අද්‍යාපනය පූජනීයත්වයට පත් වුවද ඒ තුල තිබූ රටට හා සමාජයට නොගැලපෙන දුර්වලතා හඳුනාගන්නට ඒ හරහා උගතුන් බවට පත් වූ කිසිවෙකුටත් නොහැකි වූයේ අරුමයකින් නොවේ. මෙලෙස උගතුන් බුද්ධිමතුන් බවට පත්වූ පසු පරම්පරාවේ අය අප සමාජයේ තිබූ විරුද්ධ ලිංගික ආකර්ශනය හා ගැලපීම් ඇතිකරවන සමාජීය ගුණාංගත් ඒ වටා සබැඳි ක්‍රියාකාරකම් වලට තිබූ නිදහසත් ප්‍රගතිශීලී නොවන මෙන්ම මානව සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය දේ ලෙස නොදැක්කෝය. ඔවුන්ගෙන් බොහොමයක් දේනා මේ ගුණාංග අධ්‍යාපනයටද බාධක ලෙස දකින්නට තරම් කුහකයන්ද වූහ. ලිංගික කුහකත්වයන් මත පදනම් වන බොරු සාරධර්මයන්ද මේ වනවිට අධ්‍යාපනය හරහා මානා කැලයක් ගිනිගත් ආකරයට පැතිරෙන්නේ පෙර සඳහන් කාරනාවල පන්නරයෙනි.
                   
එක්සත් ජාතික පක්ෂ රජයන් සාමාන්‍යයෙන් ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුගමනය කළද, ලිංගික නිදහස සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන්නේ සැබෑ ලිංගික නිදහසක් ඇතිකිරීමට වඩා බටහිර නූතනවාදයේ ලිංගිකත්වය හා සබැඳි කුහකත්වයන් ගැබ් වූ මතවාද ලාංකීය සමාජයට ආදේශ කිරීමේ ප්‍රතිපත්තියකි. පැහැදිලි උදාහරනයක් වන්නේ බටහිරින් ගොඩනැගුනු ස්ත්‍රීවාදය අප සමාජයට ආදේශ කිරීමය. ඊට සාහය ලැබුණේද බටහිර අධ්‍යාපනයෙන් ඉහල ගිය උගත් පිරිසගෙනි. එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ කාන්තා දින සැමරීම හා ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මෙන්ම සමස්ථ සොබාදහමම වහක් කරගත් කාන්තාවන් සමූහයක් බිහිකරගැනීම සිදුවිය. එතැන් සිටද සිදුවූයේ අප ලාංකීය සමාජයට ආවේනික වූ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට ගරු කරමින් ඒ සමග එකට ජීවත් වීමේ ක්‍රමය බිඳවට්ටමින්, ස්ත්‍රී පුරුෂ විශමලිංගිකත්වයටත් ඒ වටා ඇති ලිංගික ගැලපීම් වලටත් බැට දීම හා මිනිසුන්ගේ කුහකකම් මත ලිංගිකත්වයේ ස්වහාවයන් වෙනස් කිරීමේ ක්‍රියාදාමයක් බටහිර බොරු ලිංගික නිදහස සමගින් රටට ආදේශ වීමයි. මේ තත්වය කෙසේ නමුත් පැවතියේ එතරම්ම සක්‍රීය මට්ටමක නොවේ. චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ එම ක්‍රියාදාමයන් තවත් උත්සන්න වෙමින් ඉදිරියට ඇදෙන්නට විය. බටහිර රටවල බලපෑමෙන් මෙරට සමාජයේ ලිංගිකත්වය සම්බන්ධව තිබූ පිළිගැනිම් වෙනස් කරන්නට වැඩසටහන් දියත් වන්නටද විය. ලිංගිකත්වය මත පදනම් වූ දෘෂ්ඨිකෝණයකින් මේ ක්‍රියාදාමය දෙස බැලීමේදී පවතින රජයට ඇත්තේද මානව ප්‍රජාවේ පැවැත්මට අවශ්‍ය සැබෑ ලිංගික නිදහස කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් නොවන බව පෙනෙන්නට තිබේ. වර්තමාන දේශපාලන තත්වය තුලද දක්නට ඇත්තේ කුහකත්වයන් හා ලිංගිකත්වය සමග සබැඳි සැබෑ ගුණාංග එකිනෙක ගැටෙමින් යන අවිනිශ්චිත ඉදිරි ගමනකි. එක් අතකට චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ක්‍රියාත්මක වූ ස්ත්‍රීවාදී කුහක ක්‍රියාකාරකම් වලට නැවතීමේ තිත තැබීමට වත්මන් ආණ්ඩු දේශපාලන ප්‍රවාහයට උනන්දුවක් නැත. අනෙක් අතට අප සමාජය තුල පෙර සිට පැවති ලිංගික කාරනා මත පදනම් වූ සැබෑ වැද්හගත් ගුණාංග රැකීම තුලද එම දේශපාලනයම තවත් විටෙක සිටී.
                   
සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස ගැන මාගේ පෙර ලිපියෙන් බටහිර රටවල මේ වනවිට ඇත්තේ සැබෑ ලිංගික නිදහසක් නොව, ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට වැටකොටු සීමා පනවමින් එම ගුණාංග ඉදිරියට ඇදීම අඩපන කරන නීති වලින් පිරුනු විකාර තත්වයක් බව පෙන්වා දී ඇත. ස්ත්‍රීවාදය හරහා පිටට පනින "ස්ත්‍රිය පිරිමියාගේ කාම වස්තුවක් නොවේ","ස්ත්‍රිය පිරිමියාගේ දරුවන් වැදීමට මෙලොව ඉපදී නැත" ආදී මතයන් බටහිර සමාජයේ සක්‍රීය වී තිබෙන්නේ පිරිමි හා ගැහැනු ලිංගික විශේෂණ තුලින් ලිංගික පෙරැත්ත එකිනෙක ගැලපෙන ලෙස සැබෑ ලිංගික නිදහස මත පදනම් වූ ක්‍රියාකාරකම් නොවේ. මේ මතය අද බටහිර ප්‍රභූ කොට්ඨාශය විසින් නිර්ප්‍රභූ සාමාන්‍ය වැසියන් වෙත පටවා ඇත.මේ පිළිබඳවද ලිපියක් මා පළකර තිබේ.(
http://sabalingikanidhahasa.blogspot.com/2014/08/blog-post.html )බටහිර සමාජයේම කුහකත්වයන් මේ මතය ආරක්ෂා කරයි. මෙවර ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා හා ඔහු වටා එක් රොක් වී සිටින විවිධාකාර පුද්ගලයන් දේශපාලන පක්ෂ අනුගමනය කරන ප්‍රතිපත්ති වල පරස්පරතාවයන් ඇති බවද පැහැදිලිය. එය වෙනමම කරුනකි. ලිංගිකත්වය පදනම් වු දෘෂ්ඨිකෝණයකින් මේ සිද්ධිය දෙස බලන විට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමාරතුංග යන මත්ම මහත්මීන් ඇතුළු සාපේක්ෂ අති මහත් බහුතරය බටහිර නූතනවාදී  මතවාද සමග එකට ගමන් කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ තත්වය යටතේ පොදු අපේක්ෂකයා ජයගතහොත් සක්‍රිය වන්නේ ලිංගිකත්වය හා බැඳුනු බටහිර නූතන මතිමතාන්තර හරහා එන්නා වූ ක්‍රියාකාරකම් වේ. එහිදී ලාංකීය සමාජයේ පවුල් සම්බන්ධතා, පුරුෂ හා ස්ත්‍රී ලිංගික ස්වභාවයේ විශේෂතා අනුව ඇති ගැලපීම් ඇතුළු ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් ශක්තිමත් කිරීමට රුකුල් දෙන සැබෑ ලිංගික නිදහසක් සක්‍රිය නොවේ. බොහෝ දුරට මේ දේශපාලන තත්වය සමග බටහිර විදෙස් බලපෑම් හරහා සමලිංගිකත්වය ඇතුළු මිනිස් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයන් බලෙන් ලාංකීය සමාජයට පැටවීමේ යම් අවධානමක්ද ඇතිවේ. එලෙසින්ම ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා හා එම බැඳීම් ශක්තිමත් කරවන ක්‍රියාකාරකම් කෙරෙහි බටහිර සිදු වී ඇති ආකාරයට වෛරය පදනම් වූ නීති රෙගුලාසි බලගැන්වීමේ යම් ඉඩප්‍රස්තාවක්ද මේ තුලින් නිර්මාණය වීමට ඉඩ ඇත.         
            
  ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයගැනීම තුල කුමක් සිදුවියහැකිද යන්නත් කතා කළයුතු වේ. කවුරු පැමිණියත් ලිංගිකත්ව සාධකයේදී බටහිර රටවල නූතනවාදයත් සමග ඇතිවූ වෙනස්කම් හා ස්ත්‍රීවාදය වැනි බටහිර කුහක මතවාද ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට  ඇතිවන විදෙස් බලපෑම් නවතී යැයි සිතිය නොහැක. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් මෙන් මහින්ද රාජපක්ෂ මහතා ඊට හැම අතින්ම අවනත වන්නට ඉඩක් නැත. එහෙත් යම් මට්ටමකට හෝ එම බලපෑම නොතිබේයැයි කියා සහතිකයක්ද නොමැතිය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ මතවාදි නැඹුරුතාවයන් ඇතුළු ඒ මහතාට සහය දෙන ස්වදේශීය කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය සැලකූ විට රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බටහිර නූතනවාදී වෙනස්වීම් ක්‍රියාත්මක වීමට හා බටහිර කුහකත්වයන්ට හිස එසවීමට තිබෙන ඉඩකඩනම් අඩුය. ඒ කාරනය පසෙකින් තිබියදී තවත් දෙයක් මේ සම්බන්ධව  කතා කරන්නට තිබේ. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බටහිර කුහකත්වයන් රටට ආදේශ වීමට ඇති ඉඩකඩ අඩු වුවත් ලාංකීය සමාජය තුල තිබෙන ලිංගික කුහකත්වයන් ඉදිරියටත් ඒ ආකරයෙන් පවතින්නට පැහැදිලි ඉඩක් ඇත. එපමණක්ම නොව දැනටත් අධ්‍යාපනය තුලට මුහු වී බොරු වැදගත්කමක් ඈඳාගෙන තිබෙන ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් කුඩා ළමුන් ඉදිරියේ හෑල්ලුවට ලක්කර පණ්ඩිත සුදනන් වීමේ සම්ප්‍රදාය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තිබුණත් නවතී යැයි සිතිය නොහැක. කොයි හැටි වෙතත් එක්සත් ජාතික පක්ෂය හා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය බලවත් වූ කාල වල මෙන් බටහිර හා ලාංකීය කුහකත්වයන් එකට කළවම් වී මහා සමාජ පීඩාවක් ඇතිවීම නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නොවන්නටනම් ඉඩකඩ තිබේ. ලාංකීය සමාජයේ දක්නට තිබෙන ලිංගික කුහකත්වයන් හා ලිංගික කාරනා සම්බන්ධ සැබෑ වටිනා ගුණාංග අතර ගැටුම ඒ අයුරින්ම  ඉදිරියට ඇදීමද මේ අතරම සිදුවන්නකි.
                 
මෙතෙක් කියවුනු කාරනා සියල්ල සලකා බලන කළ ලිංගික කාරනා කෙරෙහි වඩා සංවේදී සැබෑ ලිංගික නිදහස අගයන පිරිස මේ තීරනාත්මක ජනාධිපතිවරනයේදී කෙසේ ක්‍රියා කළයුතුද කියන කාරනයත් නොකියාම බැරි අතිශය වැදගත් දෙයකි. මෙහිදී මම පෙන්වා දෙන්නේ මුලින්ම මේ සම්බන්ධයෙන් බටහිර කුහකත්වයන් හා මෙරටේ සම්ප්‍රදායික ලිංගික කුහකත්වයන් එකට කළවම් වී මහා සමාජ පීඩාවක් වනවාට වඩා බටහිර බලපෑම දුර්වල වී රටේ සම්ප්‍රදායික කුහකකම් පමණක් යම් මට්ටමකින් සක්‍රිය වී තිබීම තරමක් දුරට හෝ හානිකර නොවන කරුනයි. මෙනයින් බලන කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ජයගැනීම මේ සම්බන්ධයෙන් යහපත් වේ. එවිට ඉන් පසුවට කරන්න තිබෙන්නේ ඒ මහතා වටා තිබෙන අනෙක් ස්වදේශීය කුහක බලවේග දුර්වල කිරීම පමණකි. ඒ සඳහාද ඒ ගැන මනා අවබෝධයකින් කළයුතු වැඩ කොටසක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ  මින් මතුවටත් එළඹෙන මැතිවරන වලදී ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති ගැනද විමසිල්ලක් ඇතිව චන්දය භාවිතා කරමින් විවුර්ත අදහස් ඇති ස්ත්‍රී පුරුෂ භාවය හා සමාජය ගැන පැහැදිලි මතයක් තිබෙන පුද්ගලයන් අප නියෝජිතයන් ලෙස පත්කරගැනීමයි. මේ සඳහා චන්ද අපේක්ෂකයන්ගේ පවුල් පසුබිම දරුවන්ගේ මනස හැඩගස්වන පිළිවෙල ආදී කාරනා වලින් ඔවුන් ගැන යම් මැනීමක් මූලිකව කළහැක. මෙහිදී කාන්තාවන්ට චන්දය දීමද නුවනට හුරු නොවේ. මක්නිසාද යත් ඔවුන් මතවාදී වශයෙන් බටහිර ස්ත්‍රීවාදී නැඹුරුතාවයක් අනුව කටයුතු කිරීමට ඉඩකඩක් ඇති හෙයිනි. මහජන නියෝජිතයන් යනු මිනිස් කැලකට සමාජය තුල නායකත්වයක් දෙනෙ අය වෙති. ඔවුන්ට මිනිස් ස්වභාවයන් හා මානව වර්ගයාගේම පැවැත්මට බලපාන ගුණාංගයන් අභිබවා කටයුතු කල නොහැකිය. එබැවින් ලිංගික කාරනා සම්බන්ධයෙන් මානව ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වැනසීම නොකර තමන් නායකත්වය දෙන සමාජය සුරක්ෂිතව තබා ගැනීමට ඔවුන්ටද වගකීමක් තිබේ. මේ සංසිද්ධි ගැන අවබෝධයකින් සුදුස්සන් අප නියෝජිතයන් ලෙස තෝරාගැනීමටත් ලිංගික කාරනා සම්බන්ධයෙන් පොදු සමාජ වගකීම් ඉටුකරමින් සැබෑ ලිංගික නිදහස රැකගැනීමටත් අප සියල්ලන්ට වගකීමක් ඇත. එය ක්‍රියාවට නගමින් වගකීමක් ඇතිව ජීවත් වීම අප කාගේ කාගේත් අනාගතයට අතිශයින්ම වැදගත් වේ.

3 comments:

  1. චන්ද සටනේ අපි නොදකින පැත්තක් ගැන ඔබ තර්කානුකූල ලෙස කතා කරල තියෙනවා. හොඳ ලිපියක්.

    ReplyDelete
  2. චන්ද සටනේ ලිංගික සාධකය.

    ReplyDelete
  3. පමා වෙලයි මේ පැත්තේ ගොඩ උනේ. ලිපියනම් හරිම වටිනවා. මේකාරනා ටික ගැන ලිංගිකත්වය ගැන සංවේදී පිරිස විතරක් නෙවෙයි කාටත් පොදුවේ හිතන්න වෙන දෙයක් කියලා මම හිතනවා.

    ReplyDelete