Pages

Showing posts with label ලිංගික නිදහස. Show all posts
Showing posts with label ලිංගික නිදහස. Show all posts

Sunday, June 21, 2015

යහපාලනය සමග හිස ඔසවන සමලිංගික බලවේගය

             පින්තූරය උපුටා ගැනීම-http://www.yuthukama.com/2015/05/Homo.html

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස අතර වෙනස ගැන කලක් තිස්සේ ලිපි ලියා ඇති මා හට පසුගිය දාක වත්මන් රජය ජාත්‍යන්තරය ඉදිරියේ කළ රටට නින්දාසහගත ක්‍රියාවක් ගැන යමක් කිවයුතු යැයි සිතිනි. දේශපාලනය මාහට තිත්තය. එහෙත් මේ සිද්ධිය ගැන යමක් කිවයුතු නිසා ඊට අදාල දේශපාලන වටපිටාව හා ඉන් සිද්ද වන බලපෑම් ගැන කරුනු දක්වමි. අදාල කාරනය මෙයයි. පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී එම සංවිධානයේ කාර්ය මණ්ඩලයේ සිටින සමලිංගිකයන්ගේ පවුල්කෑම පිළිගැනීමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව රුසියාව ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව අනෙකුත් සමලිංගිකත්වයට පක්ෂ රටවල් සමග එකට සිටිමින් විරෝධය පා තිබෙනවා. මෙය එක් අතකින් රටේ අනන්‍යතාවයට එල්ල කළ මරු පහරක්, අනෙක් පැත්තෙන් සමලිංගිකත්වය පිළිනොගන්නා ලංකාවේ අතිමහත් බහුතරයකට කළ අවමානයක්. 
                           ලිංගික නිදහසේ සැබෑව හා මුලාව ගැන මුල සිටම කරුණු කියා ඇති සේම සමලිංගිකත්වයට නිදහසක් තිබියයුතුය යන්න කුහක කමේ මුලාවක් මිස එය මානව ප්‍රජාව තුල නියත සංසිද්ධියක්ද නොවන බව නොපැකිලව කියමි. සමලිංගිකත්වය වෙනුවෙන් පෙනීහිටින්නන් ඊට පක්ෂව විවිධ තර්ක කරන බැවින් ඒ සඳහාද මුලින් පිළිතුරක් දීමට මා කැමතිය. පෙර ලියූ ලිපි වලින් පෙන්වාදුන් ආකාරයටම මා මෙහිදීද කෙලින්ම කියන්නේ මානව ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් එකිනෙක වෙනස් අතර මේ සුවිශේෂී මනෝභාවයන්ට අනුව ඒවා පිහිටන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය ශක්තිමත් වන ලෙස එකිනෙකාගේ ලිංගික සුවුශේෂත්වයන්ට සංවේදී වන අයුරිනි. මේ ලිංගිකත්වයට ආවේනික ස්වභාවයේ ගති ලක්ෂණය පිහිටන්නේ අන් කිසිවක් සඳහා නොව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ලිංගික එක්වීමට අවශ්‍ය පසුබිම සකසා දීමට වේ. එය එසේ සිදුවන්නේ ඒක ලිංගික ජීවීන්ගේ පිරිමි ජීවියා සතු ප්‍රජනන බීජ ගැහැනු ජීවියාගේ ප්‍රජනන බීජය වෙත ලඟාකරවීමටයි. ලිංගික සංසර්ගය මෙහි යාන්ත්‍රණය වේ. පිරිමි ජීවියාගේ ලිඟුව ගැහැනු ජීවියාගේ යෝනි මාරගය තුලට ඇතුල්කර එම කර්තව්‍ය සිදු කිරීමට ස්වභාවධර්මයෙන් එම අවයව පිහිටා තිබීම බුද්ධිය වැඩුනු කෙනෙකුට පමණක් නොව මන්ද බුද්ධිකයෙකුට පවා තේරෙන දෙයකි. එසේ තිබියදී විවිධ හේතූන් මත විකුර්ති මනෝභාවයන්ට පත්ව තම විරුද්ධ ලිංගිකයාගේ කායික මානසික සුවිශේෂත්වයන් ඇසුරෙන් ලිංගික ආශ්වාදය ලැබීමට අසමත්ව හා අසංවේදීව තම ලිංගයටම අයත් වන අයෙකු ඇසුරෙන් එම කර්තව්‍ය කරගැනීම විකුර්ති හැසිරීමක් යැයි කීමට බිය වියයුතු නැත. එය සාධාරන බවට තර්ක කරන්නේ ඒ මනෝ විකුර්තිතාවයන්ට පත් වූවන්ටත් වඩා විරුද්ධ ලිංගික සංසර්ගය දෙස පිළිකුලෙන් බලමින් එය මහා ලොකු වීරකමක් මෙන්ම සත්ගුණවත් බවක් ලෙස සෙසු ලෝකයා ඉදිරියේ අඟවන කුහකයන් වෙති.
                           

ලංකාව තුල මේ වන විට සිටින සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී හිටින්නන්ට එම ආභාශය ලැබී ඇත්තේ බටහිර අනුකාරකත්වයේ ආභාශයෙන් බව කිවයුත්තක් නොවේ. මේ පිරිස අතරට විවිධාකාරයේ බටහිර මතවාද කරපින්නාගන්නවුන් අයත් වෙති. බටහිර සමාජයේ දැනුම හා කතෝලික ආගමේ ඉගැන්වීම අතර තිබෙන ගැටුම ජනප්‍රිය එකකි. කතෝලික ආගමේ මිත්‍යාවන් කොතෙක් තිබුණද කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබූ ලිංගික සදාචාරයන් හැම අතින්ම වැරදි යැයි කිව නොහැක. ලිංගිකත්වය ගැන කතෝලික දර්ශනය ලිංගිකත්වයේ ස්වභාවයන් ඉක්මවා යන්නක් නොවේ. ආගමික මිත්‍යාවන් බැහැර කළද ආගමික මිත්‍යාවන් සමග ගැටගසා කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබෙන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳිමින් ගෙනයායුතු දිවි පෙවෙතද ප්‍රතික්ෂේප කිරීම කුහක කමේ උමතු ගතියකි. කාර්මික විප්ලවයෙන් පසුව ආත්මාර්ථකාමීත්වයේ හිනි පෙත්තට නැගි බටහිර සමාජය වගකීම් දැරීමට මැලි වූ සීසීකඩ ගිය එකක් විය. භෞතික සම්පත් වලින් අඩුවක් නොවූ මෙන්ම දැනුමෙන් සන්නද්ධ වූ බටහිර සමාජයේ ලිංගික කුහකත්වයන් නම් සංවර්ධනය සමග අඩු වුනාම යැයි කිව නොහැක. බොහෝ දුරට සිදු වුනේ දැනුම හා තාක්ෂණික දියුණුවට ලිංගික කුහකත්වයන් කලවම් වී ස්වභාවධර්මය ඉක්මවා ගොස් මිනිසුන්ගේ නොහික්මුනු මුරණ්ඩු කම් මත ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් දෝෂදර්ශණයට ලක් කිරීමයි. එහිදී බටහිර කුහක සත්ගුණවත් පිරිමි කට්ඨාශයේ ජනප්‍රිය තර්කය වූයේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට කීකරු වෙමින් ඒ අනුව මානව සමාජයේ ලිංගික බැඳීම් හා ප්‍රජනන රටාව ගොඩනැගී තිබීම කාන්තාවන්ට කරදරයක් හා අසාධාරණයක් යන්නයි. මේ චෝදනාවට වග උත්තරකරු වූයේ ඔවුන් වැනිම වූ එහෙත් ඔවුන් නොවන සමාජයේ සෙසු පිරිමි ප්‍රජාවවයි. මේ තත්වය වටා තව තවත් ගොනු වූ කුහකකම් හා නොහික්මුණු මුරණ්ඩුකම් පරපුරෙන් පරපුරට වර්ධනය වී ලිංගිකත්වයේ සමස්ථ ජීව විද්‍යාත්මක ආකෘතිය හා ප්‍රජනනය පවා ස්වභාවිකත්වය අනුව ඉදිරියට පැමිණ ඇති ආකාරය ත් වෙනස් වීමේ රටාවත් වැරදි යැයි කියන මට්ටමට පැමිණ ඇත. බටහිර බොහෝ කුහකයන් සමලිංගිකත්වයට මග පාදන සමාජමය සාධකයන් වැරදි දේ ලෙස නොදුටුවෝය. එසේ වූයේ ඔවුන්ගේම කුහකකම අනුවයි. මේ කුහකත්වයට අනුව එම සමාජීය වැරදි කාන්තාවන්ට නිදහස ලබාදෙන වැදගත් දේවල් විය. අතීත බටහිර සමාජයේ සමලිංගිකත්වය රෝගී තත්වයක් ලෙස සලකා ප්‍රතිකර්මද කර තිබේ. මේවා සාර්ථකව සිදුවූ බවටද සාක්ෂි ඇත. නමුත් කුහකකම් වලින් සමාජය අන්ධ වීමත් සමග පිරිමියාගේ ලිඟුව ගැහැනියගේ යෝනිය තුලට ඇතුල් කිරීම තරම් වරදක් හොයාගන්නට යුරෝපීය කුහක පිරිමින්ට නොහැකි විය.
                 

බටහිර ලිංගික වෙබ් අඩවි වලින් කුමක් පෙන්වුවත් අද මේ වෙබ් අඩවි සියල්ල ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනිවයි. මානව ලිංගිකත්වයේ සැබෑ ගුණාංග වලට පිරිමි හා ගැහැනු ලිංගික ස්වභාවයන්හි එකිනෙකට අනුරූප බව හා ගැලපීමද අයත් වේ. එබැවින් මානව ප්‍රජාවන් තුල පිරිමි ගැහැනු ලෙස ලිංගිකත්වයේ සුවිශේෂීතා අනුව ලිංගික ආකර්ශණය හා ගැලපීම ඇතිවන ලෙස ගොඩනැගෙන ක්‍රියාකාරකම් කුහක මිනිසුන්ගේ මනසට අනුව කෙසේ වෙතත් ස්වභාවධර්මයට එකඟ වේ. නමුත් පිරිමියාගේ ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් දැක්වීමට කාන්තාවන්ට හැඟීම් සංවේදනයන් හෝ සමාන්තර ලිංගික පෙරැත්තක් තිබෙන බව නොසලකා මානව ප්‍රජාව තුල ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයන්හි ගැලපීම හුදෙක් පිරිමියා විසින් ගැහැනිය යටත් කරගෙන තම කාමුක අවශ්‍යතා හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරා ගැනීමක් ලෙස ගැනීමට පිරිමින් අතරම සිටින කුහකයන් ප්‍රජාවටම බල කරති. මේ කුහකයන් ඇතැම් විට ප්‍රජාවක ධනවතුන් හා ප්‍රභූවරුන් වෙති. එහිදී ඔවුන් උපරිම ලෙස කම් සැප විඳිමින් තමන් වැනිම සෙස්සන් තමන්ගේ තරඟකරුවන් වීම වැලැක්වීමේ ලිංගික ආත්මාර්ථකාමීත්වයෙන්  හා ඊර්ෂ්‍යාවෙන්ද පෙළෙති. මේ අප්‍රකට සංසිද්ධීන් එකට කැටි වූ කළ සමලිංගිකත්වයට ඉඩකඩ සපයන මනෝභාවයන්ගේ හටගැනීමත් එවැනි හැසිරීම වර්ධනය වන සමාජීය සාධකයනුත් මානව ප්‍රජාවක් තුලින් ඉවත් කළයුතු මට්ටමේ දේවල් හැටියට දකින්නට පුද්ගලයාගේ මනසට ඉඩ සැලසෙන්නේ නැත. එවැනි තත්වයක් තුල කාන්තාවගේ නිදහස හා අභිවුර්ධිය වෙනුවෙන් සමලිංගිකත්වයටත් ඊට පාදක වන සමාජ පසුබිමටත් පිළිගැනීමක් ඇති කිරීමට කුහකයන්ගේ කුහක මනස පෙළඹීම අරුමයක් නොවේ. යුරෝපීය සමාජයේ කුහක පිරිමින්ගේ නිර්මාණයක් ලෙස පැන නැගුනු ස්ත්‍රීවාදය සමලිංගිකත්වය සමග අන්‍යෝන්‍ය ලෙස බැඳෙන්නේ මෙලෙසිනි.
                     
ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි යටත් විජිතවාදයේ ආභාශය නැතුවා නොවේ. යටත් විජිතවාදය සමග මෙරටින් බිහි වූ බටහිර අනුකරනවාදී පැලැන්තිය බටහිරට අනුව ලංකාවද වෙනස් වියයුතුයැයි නිරතුරුව සිතති. ලංකාවේ සමලිංගිකත්වය නීතියෙන් තහනම් වී ඇත්තේ කතෝලික ආභාශය මත ඉංග්‍රීසි නීතියෙන් යැයිද අපේ රටට එය අදාල නැතැයිද කෙනෙක් කිව හැක. නමුත් මා කියන්නේ සමලිංගිකත්වය ඉංග්‍රීසි නීතියෙන් තහනම් වුවත් එය අපේ රටේ අනාදිමත් කාලයක සිට පිළිගෙන තිබූ දෙයක්නම් යටත් විජිතවාදයෙන් නිදහස ලැබූ පසු එම නීති අවලංගු කිරීමට බලධාරීන් ක්‍රියා කළයුතුව තිබුණි යන්නයි. එහෙත් එවැන්නක් සිදු වී නැත. එම නීතිය අද වන විට අවලංගු කිරීමටද බැරිය. ඒ මෙරට අති විශාල බහුතරයක් සමලිංගිකත්වයට විරුද්ධ බැවිනි. වෙනත් ආකාරයකට කියන්නේනම් ඉංග්‍රීසි නීතියෙන් ලංකාවේ සමලිංගිකත්වය තහනමට ලක්කර තිබීම ලාංකීය සමාජයද එක එල්ලේම අනුමත කර ඇත යන්නයි. ඊට අමතරව තවත් දෙයක් ඇත. එනම් එංගලන්තයේ මේ වනවිට සමලිංගිකත්වය පිළිගෙන තිබුණත් මෙරට ඉංග්‍රීසි ක්‍රමයට වෙනස් වී සමලිංගිකත්වය පිළිගැනීමද කිසිවෙක් අනුමත නොකරන බවයි. මෙරට බටහිර අනුකරනවාදී පැලැන්තිය සිරිතක් ලෙස චන්දය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට සමලිංගික හා විවිධාකාර විකුර්ති කාම ආශාවන්ගෙන් පෙලෙන්නන් බහුල ලෙස සිටිති. පක්ෂ නායකයාගේ හැසිරීමද ප්‍රසිද්ධ රහසකි. ඔහු විසින් පක්ෂයේ වැදගත් තනතුරු වලට පවා සමලිංගිකයින් පත්කරගැනීමට යම් කැමැත්තක් දක්වයි. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති වකවානු වල රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ යොවුන් සේනාංක හරහාද ඔහුගේ ආරයට යන තරුණ පිරිසකට වැඩි තැනක් ලැබී ඇත. එක්සත් ජාතික පක්ෂය බලවත් වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින මේ අවස්ථාවේද සමලිංගිකත්වයට දක්වන අනුග්‍රහය වැඩි වී ඇත. තරුණ සේවා සභාව තුලත් එක්සත් ජාතික පක්ෂයේ යොවුන් බල මණ්ඩල තුලත් සමලිංගිකත්වයට අනුග්‍රහය ලැබීමේ ප්‍රවණතාවය මේ වනවිට දක්නට ඇත. එක්සත් ජාතික පක්ෂය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේද මේ වනවිට බටහිර රටවල් අනුගමනය කරන ප්‍රතිපත්තිම වේ. ඒ ඔවුන්ට ඇති බටහිර ආභාශය හා අනුකාරකත්වය හේතු කොට ගෙනය.

                     
මේ වසරේ ජනවාරි මස 8 වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගැනීමත් සමග එසැනින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කළේය. ඉන් පසු ඔහුගේ සහචර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු සාමාජිකයින් පිරිසකට ඇමතිකම් ලබා දෙමින් සුළුතර රජයක්ද පිහිටවීය. ජනාධිපතිවරයා තම පක්ෂයේ සාමාජිකයින් කීපදෙනෙකුටද ඇමතිකම් ලබාදී රනිල් වික්‍රමසිංහ මහතාට සුළුතර ආණ්ඩුව බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ සලසා දීමටද වගබලා ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන පිළ ජයගතහොත් ලිංගිකත්වය හා සමාජය සම්බන්ධයෙන් සිදුවීමට ඉඩ තිබෙන්නේ කවරාකාර දේද යන්නත් මහින්ද රාජපක්ෂ මහතා ජයගතහොත් වීමට ඉඩ තිබුණේ කවර දේද යන්නත් ගැන ඉඟි සහිත ලිපියක් මැතිවරණයට පෙර දිනක පල කළෙමි. අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය ජයගෙන ඇති වටපිටාවක මා ඉඟිකළ බොහෝ කරුණු සත්‍ය බව පසක් වෙමින් ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති බලතල වල රැකවරන මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සුළුතර රජය තමන් විසින් පරමාදර්ශ කොට සලකන බටහිර රටවල සමාජීය හා සංස්කෘතික පරිවර්තනයන් බලය යොදා ලාංකීය සමාජය තුලත් සිදු කිරීමට ලහි ලහියේම කටයුතු කරගෙන යයි. දෙමළ ජාතිවාදය සතුටු කිරීමට සමගාමීව සිදුවන අනෙක් දෙය නම් බලය යොදා ස්ත්‍රීවාදයටත් සමලිංගිකත්වයටත් පිළිගැනීමක් ලබා දී මෙරට සමාජය තුල පෝෂණය කිරීමයි. 

                         
චන්දයට පෙර ලියූ ලිපියෙන් පෙන්වාදුන් කරුනු මේ වන විට ඉහතින්ද සඳහන් කළ පරිදි සක්‍රීය වෙමින් පවතින අශුභ පෙරනිමිත්ත හා ඉදිරි බලපෑම ගැන තව කරුනු ටිකක් කීම අවශ්‍ය වේ. පසුගිය දාක පැවති එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී රුසියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව අපේ රටේ සාතිශය බහුතර ජනතාවකගේ ලිංගිකත්වය සම්බන්ධ පිළිගැනීම් සමගද ලෝකයේම බහුතර ජනකායකගේ පිළිගැනීම් සමගද මැනවින් ගැලපෙන යහපත් එකකි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සේවයේ යෙදී සිටින සමලිංගිකයින්ට රිසි සේ සමලිංගික විවාහ කරගැනිමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව එසේ නොකිරීමට බලකරමින්ය. දකුණු ආසියාවේ පවා අනෙකුත් සියළු රටවල් රුසියාවේ එම යෝජනාවට පක්ෂ වෙද්දී ලංකාවේ නියෝජිතයා ඊට එරෙහි වී ඇත. එය බරපතල තත්වයකි. අපේ රටේ සමලිංගිකත්වය ජනතාවගෙන් සාතිශය බහුතරයක් පිළි නොගද්දී හා නීතියෙන්ද එය තහනම් වෙද්දී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ඇති රජයේ නියෝජිතයා රටේ නම කැත කරමින් අනියම් ආකාරයට සමලිංගිකත්වයට පක්ෂ වී ඇත. මෙවැනි තැන් වලදී සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ සෑම රටක්ම අදාල රටේ පිළිගැනීම් වලට අනුව තීරන ගැනීමයි. නමුත් මෙහිදී උනේ රටේ පිළිගැනීම පසෙක දමා එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීම අනුව රටේ නියෝජිතයා කටයුතු කිරීමයි. එක්සත් ජාතික පක්ෂ කේවත්තයන් දැන් කියන්නේ ඔවුන් බටහිරට පක්ෂව රුසියාවට එරෙහි වීමට එසේ කළ බවයි. එහිදීද ඔවුන් වරදක් කර ඇත. එනම් ලංකාවේ අභ්‍යන්තර ගැටළු වලට අත නොදමමින් අපට අනිසි බලපෑම් නොකර අවශ්‍ය මොහොතක ජාත්‍යන්තර මට්ටමේ උදවු උපකාර කරන රුසියාවේ හොඳ හිත පළුදු කරගනිමින් රටේ බහුතරයකට හිසරදයක් ව ඇති බටහිරට තවත් ගැති වීමයි. අනෙක් අතින් අනියම් ආකාරයකට සමලිංගිකත්වය ලංකාව තුල අනුමත කරන බවට වැරදි මතයක් ජාත්‍යන්තරය හමුවේ ඇති කිරීමයි.

             
ජාත්‍යන්තරයේ වුනු මේ සිද්ධිය එකකි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහයෙන් තවත් ලාංකීය සමාජය අනුමත නොකරන බොහෝ දේවල් හොර රහසේ සිදු වීමට ඉඩ ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග අනියම් සම්බන්ධකම් පවත්වන අයෙකුට අධ්‍යාපන ඇමතිකම දී තිබේ. මෙයද නරක පෙර නිමිත්තකි. සමලිංගිකත්වය නීතියෙන් පිළිගත් රටවලවත් මෙවැනි තත්වයන් දක්නට නැත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවන තරුණසේවා සභාවේ යොවුන් සේනාංක ආදියේ වැදගත් තනතුරු සමලිංගික විකුර්ති හැසිරීමක් ඇත්තවුන්ට ලැබීමේ ප්‍රවණතාවයක් ඇත. එක්සත් ජාතික පක්ෂයේ තරුණ බල මණ්ඩල ගැන කුමන කතාද? එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් බලවත් කර ඇත්තේ මෙහිදී යහපාලනය ඉදිරියට ගෙන චන්ද ව්‍යාපාරය ගෙනගොස් අවසානයේ ජය ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. මෙහි භයානකකම අනෙකුත් සෑම අතකින් මෙන්ම ලිංගිකත්වය අතින්ද එක්සත් ජාතික පක්ෂ නායකයන් බටහිර රටවල කාර්මීකරන නූතනත්වය හරහා පැමිණි පෙර කී ස්ත්‍රීවාදය හා සමලිංගිකත්වය පිළිගැනෙන වැඩ පිළිවෙලවල් කොලේ වසා හෝ දියත් කිරීමට ඇති ඉඩකඩයි. සමලිංගිකත්වය පිළි නොගන්නා අපේ සමාජයේ මාතෲත්වය හා පීතෲත්වය වටා ලිංගිකත්වයේ සැබෑ චර්යාධර්මයන් ගොඩනැගී ඇත. අපේ රටේ මවු පියන් දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව කුඩා කලම ඔවුන් හැදී වැඩියයුතු ආකාරය තීරනය කරන්නේ ලිංගික නිදහසේද සැබෑ ස්වරූපය අනුව ඔවුන්ට යහ පැවැත්මක් ගොඩනගා ගත හැකි පරිදිය. එක්සත් ජාතික පක්ෂයටත් වත්මන් යහ පාලනයටත් එම ගුණාංගයන් වටිනා දේ විය නොහැක. එය සැක හැර දැනගත හැක්කේ ඔවුන් බටහිර ලිංගික කුහකත්වයන් මත ගොඩනැගුණු මාතවාද වල පවා මානසික වහලුන් වීමට කොපමණ කැමැත්තක් දක්වන්නේද යන්න සොය බැලූ විටය. බටහිර රටවල් අන් හැම ආකාරයකින්ම සෙසු රටවලට බලපෑම් කරන ලෙසම ලිංගික කාරනාවල් සම්බන්ධයෙන්ද විවිධ බලපෑම් කරයි. ඒ එම රටවල ලිංගිකත්වය සම්බන්ධ මතවාදයන් සෙසු රටවලට බලෙන් ආදේශ කිරීමටය. වත්මන් යහපාලනේ වැඩි බලතල හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බැවින් එම බටහිර බලපෑමට යටත්වීමට යහපාලනය යම් කැමැත්තක්ද දක්වයි. ඊට යටවීමෙන් වෙන හරිය අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එක්සත් ජාතික පක්ෂය බලවත් වූ යහපාලනය සමලිංගිකයින් සිදුකරනු ලබන ළමා අපයෝජන සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරයිද? බොහෝ දුරට ඉඩ තිබෙන්නේ එවැනි විකුර්ති අපචාර සිදුකරන අයට යම් බුරුලක් ලැබීමය. ලිංගිකත්වයේ මනෝභාවයන්ට අනුව මෙවැනි දෑ දුර දිග ගිය කළ වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ.

               
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේනම් ඇතිවන තත්වය ලිංගිකත්වය හා සැබෑ ලිංගික නිදහස සම්බන්ධයෙන් සර්ව සාධාරන යැයි මම නොකියමි. ඒ ගැනද චන්දයට පෙර පළ කළ ලිපියේ සඳහන් කළෙමි. අපේ රට තුලින්ම පැනනගින කුහකකම් දැඩිවූ බොරු සදාචාරයන් නැතුවා නොවේ. මින් පෙර පැවති රජයේ සංස්කෘතික ඇමතිව සිටි ටී බී ඒකනායක මහතා මිනි ගවුම් තහනමට ලක්කරමින් අසභ්‍ය ලෙස අඬුම් ඇඳීම තහනමට ලක් කිරීමක් ගැන කියා හොඳ හැටි නාගත්තේය. ඒ ගෑනු කකුල් භීතිකාවෙන් පෙළෙන පිරිමින්ට ආවේනික බොරු සත් ගුනවත් බවකි. මෙවැනි ස්වදේශීය කුහකකම් දැන් නැවතත් බලවත්ව පෙරට පැමිණෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතික දේශපාලන කණ්ඩායම තුලින් මතු නොවේ යැයි නිගමනය කරන්නටද බැරිය. යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තවත් වැදගත් යමක් කිවයුතුම වේ. එය නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල කාරක සභාවකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංවිධාන හා ජාතික බලවේග ක්‍රියාකාරීන් ගොළුවත රැකීමයි. ඇතැම් විට එය රටේ ජාතිකත්වය පැත්තෙන් වැදගත් නොවන්නේ යැයි ඔවුන් සිතුවා විය හැක. එහෙත් සිංහල ජාතිය ගැන හරියට කතා කරන්නේනම් මේ යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී බව සුළුවෙන් නොතකා ඊට එරෙහි දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ. නමුත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන කිසිවක් එවැනි ස්ථාවරයක සිට ක්‍රියා කළේ නැත. ඒ ගැන සංවේදීව කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ හා මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් පමණකි. ඒ ගැන ඒ මහත්වරුන්ට කෘතඥ්ඥ විය යුතුය. විශේෂයෙන් මොහොමඩ් මුසම්මිල් මහතා මේ ගැන මාධ්‍ය හමුවේ විරෝධය දක්වා තිබුණි. බොරු ජාතික බලවේග වල ගොළුවත හමුවේ සිංහල බෞද්ධයෙක් නොවූ මුසම්මිල් මහතාගේ ක්‍රියා කලාපය අගය කළයුතුය. මහින්ද රාජපක්ෂ මහතාව වටා නැවතත් ජාතියක් ලෙස ජාතිකත්ව දේශපාලන රැල්ලක් ප්‍රභල ලෙස ගොඩනැගෙමින් තිබෙන මේ මොහොතේ ඉදිරියේදී දේශපාලන වශයෙන් බලය හිමිකරගන්නා එම ජාතික ප්‍රවාහය ලිංගිකත්වය සම්බන්ධයෙන් බටහිර කුහක මතවාද හා ස්වදේශීය කුහකත්වයන්ගේ බොරු ආචාරධර්මයන්ද ඉවත ලා රටට ආවේනික සැබෑ ගුණාංග පෙරටු කර ගනිමින් ලිංගික කාරනා සම්බන්ධයෙන්ද පැහැදිලි මතවාදයන් ඇතුව පැහැදිලි ස්ථාවරයක සිටිය යුතුය. එය බොරු ජාතික බලවේග වලට වැදගත් නොවුවත් රට පැත්තෙන් බලන කළ සැබෑ ජාතිකත්වයට අතිශය වැදගත්ය.

Monday, April 6, 2015

රසවින්දනයට ලිංගිකත්වය අයිති නැද්ද?









සංවේදී ඉන්ද්‍රිය පද්දතියක් සමගින් මෙලොව උපදින කවරෙකුට උනත් ඉඳ්‍රිය පිනවීමේ අවශ්‍යතාවය නිතැතින්ම පිහිටයි. එහිදී යම් ලෝක ස්වභාවයකට අනුව ඉන්ද්‍රිය සංවේදනයන් ඔස්සේ විවිධාකාර වූ රස වින්දනයන් පුද්ගල මනෝභාවයන් තුල හටගනී. ලෝක ස්වභාවධර්මයේ විවිධාකාර වූ නිර්මාණයන් දැකීම ස්පර්ශ කිරීම ආදීය සඳහා ආසාවක් මෙලොව උපදින කාට වුවත් ස්වභාවයෙන් පිහිටා තිබේ. ලිංගිකත්වය හා සබැඳි කරුනු කාරනා සම්බන්ධවද මේ ස්වභාවය පොදුය. ලිංගික වශයෙන් පරිනත වයස් මට්ටමක සිටින ගැහැනු පිරිමි කාටත් විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික කුතුහලය දනවන්නේ ස්වභාවධර්මයේම යම්කිසි ප්‍රතිඵලයක් ලෙසයි. ලිංගිකව පරිනත කෙනෙකුට ලිංගිකත්වයේ ස්වභාවික යහ ගුණයන් අත්විඳගැනීමට තිබෙන අවශ්‍යතාවය ආශ්චර්යක්ද? නැත. ලිංගිකත්වය අනුව පරිනත සියළු දෙනාට ලිංගිකත්වයට අදාල රසවින්දනයක් ලිංගික පෙරැත්තටම සමගාමීව පිහිටයි. එය වසන් කිරීමට හෝ බලෙන් මැඩපැවැත්වීමට කිසිවෙකුට නොහැක.ඇත්තෙන්ම මෙලොව මානව ජන සමූහයන් සියල්ල සැලකිල්ලට ගත් කල ප්‍රජාවේ සප්‍රාණික බව නිසි ලෙස පවතින්නේ මෙවැනි මිනිස් ස්වභාවයන් නිසා නොවේද? අප සියළු දෙනා තම තමන්ගේ ලිංගික ස්වභාවයට ගරු කරමින් ලෝක ස්වභාවයන් සමග එකට ජීවත් වීම සියල්ලට වඩා වටිනා නොවන්නේද?

Wednesday, September 10, 2014

වාරියපොල සිද්ධිය ගැන පසු විවරනය

පහුගිය දවස් ටිකේ විතරක් නෙවෙයි මේ වෙනකල්ම වාරියපොල ගැන මුලු සයිබර් අවකාශය පුරාවට ලොකු කතාබහක් යනවා. මොකක්ද හේතුව? කෙල්ලෙක් කොල්ලෙකුට විනාඩි ගනනාවක් තිස්සේ කනේ පහර දෙමින් ගෝරනාඩුවක් කිරීම. පහරකෑමට ලක් උනේ සෙල්වා නම් දෙමළ තරුණයෙක් කෙල්ලගේ නම ඉමල්කා. මේ දෙන්නා දැන් අන්තර්ජාලයේ ජනප්‍රියම චරිත. මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ දෙන්නගේ ජනප්‍රියකම ගැනවත් දෙන්න ජනප්‍රිය වෙච්ච විදිහ ගැනවත් නෙවෙයි, ගැහැනු පිරිමි විශේෂත්වයන් හා සමජය ගොඩනැගී ඇති ආකාරය අනුව දෙදෙනාගේ හැසිරීම ගැන යම් විචාරයක් කිරීමයි.
             මෙතනදී සෙල්වා අතින් ඉමල්කාට යම් වරදක් වෙලා තියෙනවා කියලා පැහැදිලියි. අපට දැනගන්නට ලැබුණ විස්තර අනුවනම් සෙල්වා මේ සිද්ධියේ අනෙක් චරිතය වන ගෑනු ළමයට එයාගේ ඇඳුමේ අඩුපාඩුවක් ගැන මොකක් නමුත් සිත් රිදවන කතාවක් කියා ඇත. කොහොම උනත් ගෑනු ළමයා ඊට දක්වපු ප්‍රතිචාරයත් ඇගේ හැසිරීමත් අන්ත අශෝබන බවද කිවයුතුමයි. ඒත් මේ ප්‍රශ්න වලට කොහේ හරි සාධාරන පිළිතුරක් තියෙන්න ඕනේ. අන්න ඒක හොයාගන්න එකත් වටිනවා.
                              

         
    මුලින්ම මේ ආන්දෝලනාත්මක සිදුවීමට මුලපිරූ සෙල්වාගේ හැසිරීම ගැන යමක් කියා විචාරය ආරම්භ කළොත් හොඳ යැයි සිතේ. සෙල්වා මේ ගෑනු ළමයට, ඒ කියන්නේ ඉමල්කාට එයාගේ ඇඳුමේ අඩුපාඩු ගැන යමක් කියන්න ගිහින් කෙල්ල යකාවැහුන කියල තමයි ආරංචිය. සෙල්වා කිවුවයි කියන්නේ ඉමල්කාගේ බ්ලවුස් එකේ අත් දෙක දෙපැත්තෙන් පලල තියෙන එක ඒ තරම් ගැලපෙන්නේ නෑ කියන එකලු. හොඳයි කතාව ඒකනම් මෙන්න මෙහෙම ප්‍රශ්නෙකුත් මතුවෙනවා. එකක් තමයි ගෑනු ළමයෙක් කියන්නේ පිරිමි ළමයෙක් නොවන බව හා ඇය අනිවාර්‍යෙන්ම සමාජයේ ස්ත්‍රීත්වය නියෝජනය කළයුතුය කියන එකයි ඒකට ස්ත්‍රී ලිංගික ස්වභාවයනුත් අයිතියි කියන කාරනාවයි. අනෙක තමයි ගෑනු ළමයෙක් හෝ වෙනත් කාන්තාවක් හෝ ස්ත්‍රී විශේෂන පෙන්නුම් කරන ක්‍රියාකාරකම් ජීවිතයේ ප්‍රධාන කොට සලකන්නේ පිරිමි විශේෂන හා ලිංගික ස්වභාවයන්ටම ගැලපීමක් ඇති ආකාරයට කියන එක. ඒ තත්වයෙන් ගැලවෙන්න ගෑනු පිරිමි දෙපාර්ශවයටම ලේසියෙන් බෑ. ගැලවෙන්නනම් සියළු ආශාවන් නැසියයුතු වෙනවා. ඒක වෙනමම කතාවක්. පෙනෙන්න තියෙන සිද්ධිය මේකනම් ඉමල්කාගේ ඇඳුමටත් මේක අදාලයි. එයාට ඔය ඇඳුම අඳින්න අනුබල දෙන්නේ පිරිමින් කොටසක්ම ඊට දක්වන කැමැත්ත. විරුද්ධ ලිංගික ආකර්ශනය කියන එක අනෙක් ගෑනු පිරිමි හැමදෙනාගෙම වගේ ඉමල්කගේ ජීවිතෙත් ප්‍රධානම දෙයක් නිසා එයා ඒ ආකර්ශනය තමන් වෙත ගන්න ඔය විදිහේ ඇඳුමක් ඇඳීම පුදුම වෙන්නවත් අසාමාන්‍ය දෙයක්වත් නෙවෙයි.  එහෙම බලපුවහම ඉමල්කාගේ ඇඳුමට පිරිමි කොට්ඨාශයක්ම දක්වන කැමැත්ත ගැන එහෙම කැමති අයට මොකවත් නොකියා ඉමල්කාට සිත්තැවුලක් ඇතිවන කතාවක් කීමනම් යම්කිසි වරදක් තමයි.
                              
     ඒ කතාව එහෙම තියෙද්දී සිල්වාට ආවේස වී පහරදුන් ඉමල්කා ගැන කියන්න තියෙන්නෙත් ටිකක් ලොකු කතාවක්. ඒක කියන්න ඉස්සර වෙලා මතක් කරන්න දේකුත් මෙතන තියෙනවා. ඒ තමයි ඕනම මනුස්ස ප්‍රජාවක් සැලකුවොත් ඒ තුල කාන්තාවන්ට ස්ත්‍රීත්වය අනුව ඔවුන් ගොඩනගාගන්න විශේෂ ප්‍රතිරූපයක් තියෙනවා. එතනදි ඒකට බලපාන්නේ සමස්ථයක් හැටියට ඔවුන් තමන්ගේ ලිංගික විශේෂතා පිරිමි ලිංගික විශේෂත්වයන්ගෙන් වෙන්කරගැනීම හා පිරිමි ලිංගිකත්වයට අනුකූලතාවය දක්වමින් ගොඩනගාගන්නා ස්ත්‍රීත්වයයි. මේ සිද්ධියේදී ආක්‍රමණශීලී හැසිරීම් වර්ධනය කරගනිමින් ස්ත්‍රී ප්‍රතිරූපයක් ගොඩනගාගන්නට හෝ කාන්තාවන්ට සමාජයෙන් ලැබෙන විශේෂත්වය ඉදිරියට  ගන්නට නොහැක්කේ එවැනි හැසිරීම් ජීව විද්‍යාත්මකව බලන කලද කාන්තාවන්ට සාමාන්‍ය ලෙස ස්වභාවයෙන් නොපිහිටන බැවින්. මේ කාරනය සිද්ධියේ ආන්දෝලනාත්මක චරිතය වන ඉමල්කාට නොතේරී තිබෙන්නේද ඇය හැදී වැඩී ඇති සමාජ පසුබිමේ අඩුපාඩු නිසා වියහැක. ඒ බව ඇගේ කතා විලාශයෙන්ද පෙනේ. මෙතනදී ඇය සිහියට නොගත් එහෙත් ඇය හොඳින් තේරුම්ගතයුතුව තිබූ කාරනාවක්ද තිබේ. එනම් ඇය කාන්තාවක් මිස පිරිමියෙකු නොවන බවයි. ඒ ටික තේරුම්ගෙන ක්‍රියා කළානම් ඇයගේ ඇඳුමේ අඩුපාඩු මොක උනත් කාන්තාවක් හැටියට තිබූ විශේෂත්වය හා වටිනාකම නැති කර නොගන්නට තිබුණි. කාන්තාවන් කුමන අපහාසයක් හෝ විඳදරාගතයුතුය කියා කියන්නට මට අවශ්‍ය නැත. මා පෙන්වා දුන්නේ සිද්ධියෙන් ඇත්තටම උන දෙයයි. ඒ ඉමල්කා තමන්ට කාන්තාවක් ලෙස තිබූ වටිනාකම නැතිකරගනිමින් අනෙක් අතට කාන්තා ඇඳුම් වල වැරදි හොයන පිරිමින්ගේ කුහකත්වයට වැරදි වටිනාකමක්ද ලබාදෙන්නට කටයුතු කර ඇත.
                            
  කරුමයනම් මේ සේරටම වඩා දෙන්නා අතර ඇතිවූ රන්ඩුව බේරාගන්නට තරම් පිටකොන්දක් ඇති කිසිවෙන් අහල පහල නොසිටීමයි. රන්ඩුව බේරීමටත් වඩා එය වීඩියෝ කර අන්තර්ජාලයේ දැමීමට තරම් දක්ෂ එවුන් ඉඳ ඇත. කාන්තාවන්ට ගරු කරන හැටි ගැන කියාදෙන පණ්ඩිත සුදනෙක් හෝ අඩුම තරමින් පාසල් ළමුන් විනයගරුක කරන ගුරු භවතෙක් විදුහල්පති කෙනෙක්වත් මෙතන ඉඳ නැත. එහෙම හිටියනම් සෙල්වාට කනේ පාර වදින්නට ඉස්සර ඔහු කළ වැඩේ වැරදි බව ඔහුට තේරුම් කරදී ප්‍රශ්නය ගොඩින් බේරන්නට තිබුණි. මේ ගැන කතන්දර තිබුණ දෙන්. මට කියන්නට තියෙන්නේ මේ ටිකයි. ඒ මනුස්ස ප්‍රජාවක් තුල ගෑනු පිරිමි කවුරු උනත් එකිනෙකාගේ ලිංගිකත්වයන්ට හා ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ට හරියට ගරු කරන්නේනම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැත කියන කාරනය වේ. එහෙත් එවැනි තත්වයක් ඇතිකළ නොහැක්කේද ඊට වඩා වැඩි වටිනාකමක් කුහකකම් වලට බලෙන් ආරූඪ කර තිබීම හේතුවෙනි. මේ කුහකකම් සමාජයේ රජකරනතෙක් මේ වගේ ප්‍රශ්න තව දුරටත් ඇතිවනවා පමණක් නොව ඒ ප්‍රශ්න හරියාකාරව තේරුම්ගැනීමටද අපහසු වේ. සිදුවියයුත්තේ කුහකකම් පැත්තක තබා ගැහැනු පිරිමි දෙපාර්ශවයෙන්ම එකිනෙකාගේ ලිංගිකත්වයන්ටත් ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටත් හරියට ගරු කරන, විවුර්ත අදහස් ඇත්තවුන්ට සමාජයේ නිසි වටිනාකමක් ලබාදීමයි.

Tuesday, July 8, 2014

මාතෘත්වය වන්දනා කිරීම හා ස්ත්‍රීත්වයට නිග්‍රහ කිරීම.

 

ප්‍රජනනය යනු මුලු මහත් ජෛව ලෝකයේම අඛණ්ඩතාවය ඉදිරියට ගෙනයෑම සඳහා ස්වභාවධර්මයෙන් සියළු ජීවීන් වෙත දායාද වී ඇති ක්‍රමවේදයයි. සත්ව ලෝකයේ අනෙකුත් සත්වයන්ගේ ප්‍රජනනය හා සසඳන විට මිනිසාගේ ප්‍රජනනය සුවිශේෂී වන්නේ මිනිසුන් ප්‍රජාවක් හැටියට සිය පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහා විශේෂිත වූ ලෙස සමාජ පරිසරයක් නිර්මාණය කරන නිසයි. මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය පවුල ආශ්‍රිතව සිදුවේ. එහෙදී පවුලක ඉපදෙන දරුවෙකු සිය මව හා පියා හඳුනාගනියි. දරුවෙකුට මව හා පියා වැදගත් වෙන්නේ තමන් ලොවට ජනිත කරවූ ජනකයන් හැටියටය. මෙලොව උපදින සියළු දෙනාට සිය මවුපියන් වෙනත් සියල්ලන්ට වඩා වටිනා කියන පුද්ගලයන් වන්නේ ඔවුන් තම තමන්ට උපත දී ඇති නිසා පමණක් නොව පැවැත්මද සදා දෙන නිසයි. ඕනෑම මානව සමාජයක පවුල් බැඳීම් හා මවුපිය දූදරු සබඳතා වලට අති විශේෂ තැනක් හිමි වේ. බෞද්ධ සමාජයේනම් මවුපියන් වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සන් වෙති. මෙම ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් මාතෘත්වය හා සම්බන්ධ සමාජීය සංසිද්ධි කිහිපයක් ගැනයි. පීතෘත්වය හා ජනසමාජය ගැන වෙනමම ලිපියක් බ්ලොග් පිටුවට ඇතුල් කිරීමට මම බලා පොරොත්තු වෙමි.
                               මාතෘත්වය සැලකිල්ලට ගත්කළ මවක හා දරුවෙකු අතර ඇති බැඳීම් ගැන කතා කිරීමට කොතෙකුත් දේ තිබේ. මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම බැඳීම හා සම්බන්ධ දෑ එකින් එක විස්තර කිරීම නොව පොදුවේ මාතෘත්වය වටා බැඳුනු සමාජ පිළිගැනීම් හා මාතෘත්වයත් ස්ත්‍රීත්වයත් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක කාරනා සංසන්දනාත්මකව සාකච්ඡා කිරීමයි.  ලිංගික ප්‍රජනන රටාව අනුව ස්ත්‍රී පුරුෂ ප්‍රජනන බීජ එක්වී කළල පිලිසිඳගැනීමේ සිට දරුවා බිහිවනතෙක් ගර්භය දරාගෙන සිටින්නේත් වර්ධනය කරන්නේත් මවයි. දරුවා බිහිවූ පසුද මුලවධියේ එම දරුවා පෝෂණය වන්නේ මවු කිරි වලිනි. එබැවින් දරුවෙකු හා මවක අතර තිබෙන බැඳීම අති විශේෂ එකකි. ඒ ගැන වැඩි පුර විස්තර අවශ්‍ය නොවන්නේ මනුස්සයන් වන අප කාටත් එය පැහැදිලිව දැනෙන දෙයක් වන නිසාය. මතෘත්වය කෙරෙහි තිබෙන සමාජ ගෞරවය පදනම් වන්නේද ඒ ඔස්සේමය. එහි ප්‍රමාණය වපසරිය ගැන විස්තර කිරීමද අවශ්‍ය නොවේ. ඒ එයද කාට කාටත් තේරෙන දෙයක් වන හෙයින්. මවු සෙනෙහස ගැන ඇගයීමක් ගෞරවයක් නැති කිසිම මනුස්ස සමාජයක් ලොව කොහේවත් නැත.
                            

  මා ඉහතින් පෙන්වා දුන්නේ මාතෘත්වය යන්නේ සමාජීය ආකෘතිය හා එහි පිට නිරූපනය කොයි ආකාරයක් ගන්නේද යන්නයි. සැබවින්ම මාතෘත්වය යන්නෙහි ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පසුබිමත් ප්‍රජනනය හා බැඳුනු ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර් ක්‍රියාවලියත් බෙහෙවින් සංකීර්ණය. ඒ ගැන කතා නොකර මාතෘත්වයක් ගැන කතා කිරීම සාර්ථක නැත. කාන්තාවක් මවක් වීමට පෙර ඇය ස්ත්‍රී ලිංගිකත්වය අනුව ශාරීරිකවත් මනෝවිද්‍යාත්මකවත් මානව සමාජය තුල යම් අනුවර්තනයක් දැරියයුතුය. දරුවන් හැදීමේ අවශ්‍යතාවය නිසියාකාරව පිහිටන්නේ එවිටයි. ඒ අවශ්‍යතාවය ඇතුළු ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක ස්වරූපය කාන්තාවන්ට පිහිටන්නේ වැඩි වශයෙන්ම මවු පාර්ශවයේ උරුමයක් ලෙසය. ඕනෑම සමාජ පරිසරයකදී ගැහැනු ළමුන් මවුවරුන්ට අනුව ඒ ආකාරයෙන් හැඩගසාගැනීමේ සැබෑ පදනමද එයයි. එය ඒ ආකාරයෙන් සිදුවන්නේ කුඩාකළ සිට පුරුෂ ලිංගිකත්වය තමන්ට ස්වභාවිකව දායාද වී ඇති ස්ත්‍රී ලිංගිකත්වයෙන් වෙන්කරගැනීමේ මනා සංවේදනයක් මනෝවිද්‍යානුකූලව ඇතිවන ආකාරයටය වේ.
                                                                          මාතෘත්වය හෝ පීතෘත්වය ගැන කතා කිරීමේදී මගහැරිය නොහැකි තවත් වැදගත් සංසිද්ධියක් තිබේ. එනම් පුරුෂයාගේ ප්‍රජනන බීජ හා ස්ත්‍රී ප්‍රජනන බීජ එක් කරවන ජීවවිද්‍යානුකූල ස්වභාවික යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියයි. එහිදී ස්වභාවික ක්‍රමයට ස්ත්‍රියක් ගැබ්ගැනීමට පිරිමි ලිංගය ස්ත්‍රී අවයවය තුලට ඇතුල්කිරීම අනිවාර්‍ය වේ. මෙතැනදී ලිංගික කුහකත්වය නැමති සාධකය විසින් යම් පමණකට සමාජයේ පිළිගැනීමට මැලිකමක් ඇතිකරවන තවත් කරුණක් ඇත. ඒ ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී පුරුෂයා ස්ත්‍රිය සමග ලිංගිකව එක් වීමට දක්වන ලිංගික පෙරැත්ත හා සමානවම පුරුෂයා සමග ලිංගිකව එක්වීමට ස්ත්‍රියටත් ලිංගික පෙරැත්තක් ස්වභාවයෙන් පිහිටන බවයි. එය ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර්ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිවයුත්තක් වන්නේද නැත. පිරිමි සහ ගැහැනු ලෙස ලිංගික විශේෂතා ගොඩනැගෙන්නේත් ඒ තුලින් විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරන්නේත් ස්ත්‍රී  හා පුරුෂ ප්‍රජනන බීජ එක් කිරීමේ යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියට අවශ්‍ය ලිංගික පෙරැත්ත වඩා ශක්තිමත් වන ආකාරයටයි.
                              

  කරුණු එසේනම් ගැහැනු හා පිරිමි වශයෙන් කායිකවත් මානසිකවත් විශේෂතා ගොඩනගා ගැනීම හා තම විරුද්ධ ලිංගිකයන් ආක්‍රෂණය කර ගැනීම පිරිමි පාර්ශවයට මෙන්ම ස්ත්‍රී පාර්ශවයටද අදාලය. මෙහිදී ස්ත්‍රියගේ පැත්තෙන් බලන කළ ඇය පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹ දරුවන් හදාගැනීම දක්වා පියවර ගනනාවක් ඔස්සේ සාර්ථක ඉදිරි ගමනක් යා යුතුය. එහිදී ඇය කුඩා කළ සිට ස්ත්‍රී පුරුෂ විශේෂතා හඳුනමින් ඊට සංවේදී ලෙස හැදී වැඩියයුතුයි. වැඩිවිය පැමිණීමත් සමග විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා ලිංගික ලක්ෂණ හා දේහ ලක්ෂණ ඇයට පිහිටියයුතුය. ඒ සියල්ලට සමගාමීව පිරිමින් ආකර්ෂනය කරගන්නා ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක විශේෂණයන් පෙන්නුම් කරන ස්ත්‍රී ක්‍රියාකාරකම් ඇයගේ ජීවිතයට ඇතුලත් කරගනිමින් ස්ත්‍රීත්වය සමජයේ නිරූපනය කළයුතු වේ. මාතෘත්වයේ පදනම වන ස්ත්‍රීත්වය සමාජයේදී ශක්තිමත් වීමටනම් මේ ගුණාංග නියත වශයෙන් තිබියයුතු වනවා පමණක් නොව එය එසේ වියයුතු බව පිළිගන්නට තරම් අප කාට කාටත් විවුර්ත බවක් තිබිමද අත්‍යාවශ්‍යයි. එහෙත් ලිංගික කුහකත්වය වඩා බලවත් වූ කළ එම විවුර්ත බව බොහෝ දුරට අවරෝහනය වේ. ස්ත්‍රී ලිංගිකත්වයටත් ඒ වටා ගොඩනැගෙන විශේෂණයන්ටත් ගැරහීමට එය පැහැදිලිව මුල්වන්නේ එයයි.
                       
       මේ ස්ත්‍රී ගර්හාවට මුල පුරුෂෝත්තමවාදය යැයි කෙනෙකුට කිව හැකි වුවත් එය ඒ ආකාරයෙන් සත්‍ය නොවේ. කෙනෙකුගේ උත්තමභාවය හෝ අධමභාවය තීන්දු වන්නේ ස්ත්‍රී පුරුෂභාවයට වඩා කල්ක්‍රියාව මතයි. මිනිස් වර්ගයාගේ යහ පැවැත්ම සැලකීමේදී ඊට අදාල සියළු ගුණාංගයන් පවත්වාගත හැකි ගැහැනු පිරිමි කවුරුත් උත්තම ගොඩට අයත් වන අතර ඒ සියළු යහ ගුණාංග වනසන පිරිස ගැහැනු පිරිමි භේදයකින් තොරව අධම වේ. සේරටම වඩා කෙනෙකු සැබෑ උත්තම පුරුෂයෙකුනම් තම විරුද්ධ ලිංගිකත්වය හා එහි විශේෂතාවයන් වෙන්කර හඳුනාගැනීමටත් විරුද්ධ ලිංගිකත්වය හරියට පිළිගැනීමටත් පිටකොන්දක් තිබියයුතුය. මේ අනුව බලන කළ මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රිත්වයට නිග්‍රහ කිරීම ලිංගික කුහකත්වය මිස අන් කවරක්වත් නොවන බවනම් පැහැදිලි වේ. මේ කුහකත්වය උපරිමයෙන් පවතින සමාජ වල බොහෝ විට මාතෘත්වයනම් මහ ඉහලින් පිළිගනියි. නමුත් එහි පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවය පිළිගන්නේ ඉතා මන්දගාමීවයි. බොහෝ කුහක පිරිමින් එයද කරන්නේ කාන්තාවක් ඇසුරෙන් ලිංගික තෘප්තිය ලබාගැනීමට පමණි.
                     මෙලෙස මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රීත්වයට නිග්‍රහ කරන කුහකත්වයේ සමාජයට වදදෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් ඇත. අනෙක් අතට මෙලෙස ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයට ගැරහීම තුලින් යම් සුදන ගුණයක් පෙන්වීමට විශේෂයෙන් අපේ රටේ ඇතමුන් උත්සහ කරන බවක් පෙනෙන්නට තිබේ. ස්ත්‍රී ලිංගිකත්වයට ගරහන කුහකත්වය හා බැඳුනු අනෙක් මහා කුහකත්වය වන්නේ ස්වභාවික ගැහැනු පිරිමි විෂම ලිංගික චර්‍යාව දෙස පිළිකුලෙන් බැලීමට අනුබල දීමයි. මේ දෙකට ඇත්තේ ඉතා කිට්ටු අන්‍යෝන්‍ය සබඳතාවයකි. මේ කුහකකමට ව්‍යාජ වටිනාකමක් ලබාදෙන්නන් සාමාන්‍ය වශයෙන් කරන එක් දෙයක් වන්නේ, කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වල වගකීම පිරිමි ලිංගික ආශාවන්හි ස්වභාවයත් ඊට අනුකූලතාවය දක්වන ස්ත්‍රී ලිංගික ස්වභාවයත් මත පටවා පිරිමි ලිංගිකත්වය දඬුවමට ලක්කරන අතරතුර ස්ත්‍රී ලිංගික විශේෂතාවයන් කප්පාදු කිරීම ඊට විසඳුම් ලෙස යෝජනා කිරීමයි.

          කට පුරා මවුගුණ ගායනා කරමින් මාතෘත්වයේ ඇත්ත පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයට දැඩි ලෙස අපහාස කරන සුදනන් කරන තවත් බොහෝ දේ ඇත. මේ කුහක සුදනන්ට තිබෙන එක් ප්‍රධාන පෙලේ මානසික ව්‍යාධියක් වන්නේ, පුරුෂ මානසිකත්වයක් මෙන්ම පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ට දණ්ඩ නමස්කාර කරමින් ඔවුන් වීරවරියන් ලෙස සලකන අතරේ, තමන්ගේම ලිංගිකත්වයත් ඇතුළුව සමස්ථ පිරිමි ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ස්ත්‍රී ලිංගික විශේෂත්වයන් පැහැදිලිව නිරූපනය කරන කාන්තාවන් ගණිකාවන්ට සමානකරමින් අපහාසයට ලක්කිරීමයි. මේ ව්‍යාධිජනක මානසිකත්වයෙන් පෙලෙන්නන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට මානසිකව බලෙන් පුරුෂභාවය පටවා ඒ ඇසුරෙන් කාන්තා ප්‍රගතිය මැනීමටත්, ඔවුන්ගේ බොරු සාරධර්ම වලට පටහැනි යැයි කියමින් ස්ත්‍රී ලිංගික ස්වභාවය හා විශේෂත්වයන් කප්පාදු  කිරීමටත් කැමැත්තක් දක්වති. මොවුන් රැයක් දවාලක් නොමැතිව දවස පුරාවටත් අවුරුද්දේ මුළු තුන්සිය හැටපස් දවස පුරාවටත් කරන්නේ පුරුෂයන් ලෙස පිරිමින් කරන දේ කරන, එලෙසම ස්ත්‍රී ලිංගික විශේෂතා ජීවිතයට ඇතුල්කරගැනීමටත් දරුවන් හැදීමටත් අකමැති කාන්තාවන්ට ගරු කරන හැටි ඔවුන් මෙන් කුහකයන් නොවන අනෙක් මිනිසුන්ට ඉගැන්වීමය.
                              
   
  මෙවැනි බොරු සාරධර්ම කාරයන් අපේ රටේනම් අධ්‍යාපනයට අරක්ගෙන සිටින ආකාරයත් දැකගත හැක. ඔවුන්ට අනුව දරුවන් ලිංගික වශයෙන් පරිනත වීමත් සමග ඔවුන් සිය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන උනන්දුව හා ලිංගික ආකර්ෂණය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවකි. විශේෂයෙන් ගැහැනු ළමුන්ට ඔවුන්ගේ ලිංගික ස්වභාවයට අනුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා ක්‍රියාකාරකම් බොහෝදුරට තනම්ය. එහෙත් පාසල් සිසුවියන්ට ඔවුන් මවුවරුන් වූ කළ මවුකිරි දෙන ආකාරය ඉගැන්වීමට අධ්‍යාපන බලධාරීන්ට උනන්දුවක් ඇත. ඒ මාතෘත්වය අගයමින් ස්ත්‍රීත්වය කුණු කූඩයට දැමීමේ මහා සාර්ධර්මයට අනුවයි. මවු කිරේ යහගුණය ගැන ගී ගයමින් කිරි දීමටවත් දරුවෙකු හදාගැනීමේ ලිංගික අන්තර් ක්‍රියාවලියත් ඊට අනුකූල ස්ත්‍රී ලිංගික ස්වභාවයත් පිළිකුල් කරමින් තමන් විසින් තමන්වම රවටාගැනීම මේ සාරධර්ම රැකීමට උපන් සුදනන්ගේ මහා ගුණගරුක කමක්ද වෙයි.
         කුහකත්වයකින් තොරව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගන්නට විවුර්ත බවක් නැත්නම් එවැන්නන්ට දරුවෙකුට උපත දෙන ප්‍රජනන ක්‍රියාවලියේදී සිදුවන ගැහැනු පිරිමි ලිංගික අන්තර් ක්‍රියාවලියේ වැදගත්කම පිළිගන්නට තරම් මානසික හයියක්ද ඇත්තේම නැත. ඒ හැකියාව පිහටා නැති කිසිවෙකුට, දරුවන් හැදීමේ සැබෑ උවමනාවක් ඇති කාන්තාවකට පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹීම සඳහා අවශ්‍යතාවය ඇතිකරවන, ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ඊට අදාල අනෙකුත් ක්‍රියාකාරකම් මිනිස් වර්ගයාගේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය බව පිළිගන්නට හැකියාවක් කොහොමත් තිබෙන්නට බැරිය. තත්වය මේකනම් එවැනි කුහක සමාජ පසුබිමක කුහකත්වයට සියල්ල ඉකමවායන වැදගත්මක් ලබාදෙන්නන්  අම්මාගෙන් බීපු කිරි ගැන කියමින් මවු ගුණ වර්ණනා කිරීම මොන විහිළුවක්ද?