Pages

Sunday, August 17, 2014

වරද කාන්තාවකට ලස්සන වීමට තිබූ උවමනාවද? නැත්නම් රූපලාවන්‍ය සැත්කමේදී සිදුවූ දෝෂයද?

බ්ලොග් පිටුවට දැමීමට ලිපි සැකසීමේදී සියල්ල පසෙක තබා මේ ලිපිය ලිවීමට අදහස් කළේ පසුගිය දිනෙක වෛද්‍යවරයෙකු ලවා රූපලාවන්‍ය සැත්කමක් කරවාගැනීමට ගිය තවත් වෛද්‍යවරියක් ඒ අතරතුර එන්නතක් ලබාදීමේදී ඇතිවූ අතපසුවීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියයි. මේ ගැන හැකි ඉක්මනින් ලිපියක් පලකිරීමට මාතුල පෙළඹවීමක් ඇති කරවූයේ ඒ සිද්ධිය ගැන අන්තර්ජාලයේ තවත් බ්ලොග් අඩවි වල පලවූ ලිපි හා ඒවාට ලැබී තිබූ ප්‍රතිචාරයන්ගෙන් සමහරක්, අදාල ඛේදජනක සිදුවීමේ වැඩි වගකීම රූපලාවන්‍ය හා කාන්තාවන් තම රූප ස්වභාවය ගැන දක්වන පෙරැත්ත වෙත පැවරීමට උත්සහ කර තිබෙන ආකාරයක් දැකීමෙන් පසුව වේ.
                             මේ සිද්ධියේ සැත්කමට පෙර ලබාදුන් එන්නත විෂවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ළමා රෝහලේ සේවය කළ ප්‍රියංගි අළුත්ගේ නම් වෛද්‍යවරියයි. ඇයගේ මරනයට වගකිවයුතුයැයි චෝදනාවට ලක්ව ඇත්තේද රූපවාහිනී වැඩසටහන් ඔස්සේ රූපලාවන්‍ය උපදෙස් ලබාදෙන ජනප්‍රිය වෛද්‍යවරයෙකු වන නිමල් ගමගේ මහතායි.
                 මියගිය වෛද්‍යවරිය සැකකාර වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයට ගොස් ඔහුගේ සේවය ලබාගෙන් තිබෙන්නේ ඇස් අවට සම පැහැපත් කරගැනීම සඳහායි. උදරයේ මේද තට්ටුවෙන් කොටස් ගෙන ඇස් අවට සමට යටින් තැන්පත් කිරීම මේ සැත්කමේදී සිදුකිරීමට නියමිතව තිබූ බව කියවේ. වෛද්‍යවරයා සැත්කමට පෙර ලබාදී ඇත්තේ ප්‍රතිජීවක එන්නතකි. එහි නම සෙෆියුරොක්සිම් බව ඔහු පොලීසියටද පවසා ඇත. එහිදී ඔහු වැඩිදුර කියා තිබුණේ මෙවැනි ශල්‍යකර්ම වලදී තමා මින් පෙර ප්‍රතිජීවක ලබාදීම සිදුකර නැති බව හා වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය සිදුකළ බවත්ය. සාමාන්‍ය වශයෙන් සැත්කමක් සිදුකිරීමේදී ඊට පෙර සැත්කමට භාජනය කරන පුද්ගලයා සිහි නැති කිරීම හෝ තාවකාලිකව නිර්වින්දනය කිරීම සිදු කරයි. මේ සිද්ධියේදී ඒ ගැන කළ පරීක්ෂණ වලින් අනාවරනය වී ඇත්තේ නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ එවැනි සැත්කමක් කළයුතුව ඇති කෙනෙකු ඊට පෙර සූදානම් කිරීමට නිසි නිර්වින්දන කටයුතු කිරීම සඳහා පහසුකම් නොතිබී ඇති බවයි. නිමල් ගමගේ වෛද්‍යවරයා මියගිය ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරියට ප්‍රතිජීවකය එන්නත්කර අවසන් වීමටත් පෙරම ඇය රෝගාතුරු වී තිබේ. වෛද්‍යවරයා එම අවස්ථාවේ ඇය රෝහල්ගත කිරීමට ගෙන්වාගත් ගිලන් රිය පැය බාගයක් පමණ ප්‍රමාද වී පැමිණෙන විට ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරිය මියගොස් අවසන්ව සිට ඇත. මා මෙසේ ඉදිරිපත් කළේ සිද්ධියේ සාරාංශයයි.
                      

සිද්ධිය ඔය ආකාරයෙන් වී තිබියදී ඒ ගැන ලංකාවේ පුවත් වාර්තා කරන වෙබ් හා බ්ලොග් අඩවි ඇතුළු වෙබ් පිටු බොහොමයක මේ ගැන විවිධ මට්ටමේ විවේචන පල වුනා. මේ ගැන ලියවුනු ඇතැම් ලිපි වලින් හා ඒවාට ලැබී තිබුණ ඇතැම් ප්‍රතිචාර වලින් සිද්ධියට අදාල වෛද්‍යවරිය හම පැහැපත් කරගැනීමට දැක්වූ උනන්දුව ගැනද තරමක් දොස් කියා තිබුණා. එක්තරා සමාජවාදී බ්ලොග් අඩවියකින් සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම දෝශාරෝපනය කර තිබුණේ එයද ඔවුන්ට පුරුදු පරිදි ධනවාදයට ගැටගසමිනි. මාස්වාදීන් ලිංගිකත්වයේ ස්වභාවයන් කෙරෙහි දක්වන ආකල්පය ගැන මා මින් පෙර ලිපියේ බොහෝ කරුණු කියා ඇත. මා හට මෙහිදී කිරීමට අවශ්‍ය වන්නේ මෙවැනි සිදුවීම වල වරද ඇත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූප ස්වභාවය වර්ධනය කරගැනීමට දක්වන ආශාවේ නොව අනාරක්ෂිත ලෙස නුසුදුසු පුද්ගලයන් ලවා එම කටයුතු කරගැනීමට යෑමේ බව පෙන්වා දෙමින් විචාරශීලීව කරුනු ටිකක් පැහැදිලි කිරීමය.
                         පළමුව කියන්නේ මිනිස් ලිංගිකත්වයේ සංකීර්ණ මනෝභාවය අනුව ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ස්වභාවයෙන් පිහිටා තිබෙන සුවිශේෂී ලක්ෂණ හඳුනාගැනීමත් ඊට ආකර්ශනයක් දැක්වීමත් සාමාන්‍ය දෙයක් යන්න හා එය මානව සංහතියේ යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් පැවතිය යුත්තක් යන්නයි. කාන්තාවන්ගේ ප්‍රසන්න පෙනුම ස්ත්‍රීත්වයේ ස්වභාවයට අයත් විශේෂිත ලක්ෂණයක් වේ. එබැවින් කාන්තාවන් පිරිමින්ට ලිංගික වශයෙන් ආකර්ශනය දැනවීම හා සමාජයට පෙනුමෙන් ප්‍රසන්න වීම මානව ප්‍රජාව තුල අනිවාර්ය හා අත්‍යාවශ්‍ය  දෙයක් බවට පත්වී තිබෙන්නේ නිරායාසයෙනි. මේ අනුව කාන්තාවන් ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල ස්වකීය පෙනුම හා ප්‍රසන්න බව පවත්වාගැනීමටත් එය හැකිපමණ වර්ධනය කරගැනීමටත් පෙළඹෙන්නේ ස්වභාවධර්මයේම ආචරනයක් ලෙසයි. මෙයට ඇතමුන් කියන පරිදි ඇති නැති පරතරයක් බලපාන්නේ නැත. හැමෝම තමන්ට හැකි උපරිම ලෙස මේ දෙය සිදුකරනු ලබති. එහි වරදක්ද කොහෙත්ම පෙනෙන්නට නැත. මේ සරල කරුනු කාරනා ටික තේරෙන කාට උනත් ඇස් අවට සම පැහැඇපත් කරගන්න වෛද්‍යවරියට තිබුණ අවශ්‍යතාවය සාධාරනයි කියන එක තේරුම්ගන්න පුලුවන්.
                            

සැබවින්ම මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙත් මිනිසාට විශේෂ වන ලක්ෂණ වලින්. ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස එකිනෙකාට සුවිශේෂී ශාරීරික හා මානසික ස්වභාවයන් කැපී පෙනෙන ලෙස වැඩි දියුණු වෙලා තියෙන්නේ විශිෂ්ඨ වූ මානව ලක්ෂණයක් හැටියට. මානව ප්‍රජාව තුල පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට වෙන් වෙන්ව විශේෂනය වූ හැසිරීම් රටා හා ක්‍රියාකාරකම් ගොඩනැගී තිබෙන්නේ පරිනාමීය වශයෙනුත් උසස් මිනිස් ලක්ෂණයන් ලෙසයි. යම්කිසි සංස්කෘතික පසුබිමක් සැලකීමේදී ඒ තුල කාන්තාවන් හා පිරිමින් එකිනෙකාට විශේෂී ශාරීරික හා මානසික ලක්ෂණ අනුව එකිනෙකාගෙන් වෙනස් ආකාරයට හැඩගැසීම සිදුවන්නේ සමාජයේම යහ පැවැත්මට අවශ්‍ය ආකාරයට මිස කාටවත් අවැඩක් කිරීම පිණිස නොවේ. එහෙත් තමන්ගේම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටවත් ගරු නොකරන කුහකයන්නම් මේ ලක්ෂණයන්ට නිරතුරුව බැට දෙති. ඒ ඔවුන් විසින්ම බොරු සුදන ගුණයක්ද මවාගනිමින්ය. මෙවැන්නන් කිසිවිට ස්ත්‍රී අවශ්‍යතා හා කාන්තාවන්ට ආවේනික වූ ක්‍රියාකාරකම් මිනිස් ප්‍රජාවක ලිංගික සමබරතාවය රැකගැනීමට ඉවහල් වන ආකාරය පිළිනොගනිති.
                              

  කාන්තාවන්ගේ පෙනුම රූප ස්වභාවය පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීම කොයියම්ම සංස්කෘතියක වුවත් ප්‍රධාන දෙයක් වී තිබෙන්නේ ඇයි කියා අමුතුවෙන් කියන්නට දෙයක් තවත් ඇත්ද? වර්තමානයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත්වී අනිවාර්‍ය දෙයක් වී තිබෙන්නේ කාන්තාවන්ට මෙන්ම පොදුවේ සමාජයේ සමබරතාවයටද වැදගත් අංගයක් ලෙසයි. ස්ත්‍රී ශරීර ලක්ෂණ හා ලිංග ලක්ෂණ මත පදනම්වන රූපස්වභාවය ස්ත්‍රී අනන්‍යතාවය නිරූපනය කරන වැදගත් සංකේතයක් වේ. ඒ ගැන තර්ක කරන්නට දෙයක් නැත. අවශ්‍ය වන්නේ ඔය ටික පිළිගන්නට තරම් පිටකොන්දක් නැති කුහක මානසිකත්වය ගැන ප්‍රශ්න කිරීමට එඩිතරකමකි. කාන්තාවන් රූපලාවන්‍ය සැත්කම් කරගන්නට යන්නේ අපේ රටේ පමණක් නොවේ. එවැනි සැත්කම් කිරීමට ගොස් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීමේ දුර්වලතාවය නිසා සිදුවූ මරන වාර්තා වන්නේත් අපේ රටින් පමණක්ම නොවේ. එහෙත් ඒ මරන වලට වගකිවයුත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූපස්වභාවය රැකගැනීමට දක්වන කැමැත්ත යැයි කිසිවෙකුට කිව නොහැක. එමෙන්ම එය හුදෙක් ධනවාදයේ නිර්මාණයක්ද නොවේ. මේ සිද්ධි පැටලිල්ලක් නැතිව තේරුම් ගැනීමටද යම් බුද්ධිමට්ටමක් හා විවුර්ත බවක් තිබෙන්නට අවශ්‍යය. එය පිහිටා තිබුණද කුහකත්වය ඉස්මුදුනින් ගත්කල ඒ එයින් මනස අන්ධ වීම හරහා විචාර බුද්ධියකට ඉඩක් නොලැබේ. මෙවැනි සිද්ධි වල වරද ඇති තැන හඳුනාගැනීම සඳහා හදාගන්නට අවශ්‍ය එම දුර්වලතාවයයි.
                              
    
වෛද්‍ය ප්‍රියංගි අළුත්ගේ මියයෑමේ සිද්ධියේදීද අවධානය යොමුකළයුතු කාරනා එමට තිබේ. පළමුවැන්න ආන්දෝලනාත්මක සැත්කම කිරීමට ගිය නිමල් ගමගේ වෛද්‍යවරයා ශල්‍යකර්ම කිරීමට සුදුසුකම් ඇති අයෙකු නොවීමයි. අනෙක ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යවෛද්‍ය විද්‍යානුකූල පසුබිමක් හා ඒ සඳහා පහසුකම් නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ තිබී නැත. එයත් ගැටළුවකි. මේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ සේවයකර ඇත්තේද සැත්කම් වැනි බරපතල වෛද්‍ය කටයුතු වලට සහය වීමට සුදුසු සේවක පිරිසක්ද නොවේ. එයත් අප අවධානයට ලක්වියයුතු දුර්වලකමකි. දොස්තර නිමල් ගමගේ සැත්කම කරන්නට ගොස් තිබෙන ආකාරය ගැනද ගැටළු ඔහුගේම ප්‍රකාශ වලින් දැකගත හැක. ඔහු සැත්කමට පෙර නිර්වින්දන ක්‍රමවේදයක් අනුගමනය කරන්නට මත්තෙන් මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීමට ඇයට විශවූ ප්‍රතිජීවක එන්නත ලබාදී තිබේ. වෛද්‍යවරයා කියා ඇත්තේද ඔහු වෙනත් අයට මෙලෙස ප්‍රතිජීවක දී නොමැති බව හා මියගිය වෛද්‍යවරීයගේ ඉල්ලීමට එය කළ බවයි. ඔහු ශල්‍යකර්ම කිරීමට සුදුස්සෙක්නම් හා වගකීමෙන් යුතුව එම කාර්‍ය කරන අයෙක්නම් මෙවැනි දෙයක් කරන්නේ නැත. එන්නත වෛද්‍යවරියගේ ගෙල ප්‍රදේශයට එන්නත් කර තිබෙන්නේද නහර සොයාගැනීමට අපහසු වුනා යැයි කියමිනි. සියල්ලට වඩා අපේ අවධානය යොමුවියයුත්තක් මෙතන ඇත. ඒ මියගිය වෛද්‍යවරියද බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකයේ සේවය කළ අයෙකු වීම ගැනයි. කරුණ එසේනම් ඇයටද මෙවැනි ශල්‍යකර්ම ගැන පැහැදිලි දැනුමක් තිබී ඇත. එසේ තිබියදීත් සැත්කම් කිරීමට සුදුසුකමක් නැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලවා මේ සැත්කම කරගැනීමට යෑම ගැනත් තිබෙන්නේ සුලුපටු ගැටළුසහගත බවක් නොවේ.
                             
 
  මේ ගැටළුසහගත තත්වය පැහැදිලිව තිබියදී කාන්තාවන් රූප ස්වභාවය රැකගැනීමට දක්වන රුචිකත්වයට හා සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම බැට දෙමින් බොරු සමාජවාදී ප්‍රලාප කියමින් කුහක මතදාරීන්ට තමන් වැනිම අයවලුන් සමග යම් වින්දනයක් ලැබියහැකි වුවත් විචාරශීලී බවක් තිබෙන කිසිවෙකුවත් බොරුවෙන් මුලාකළ නොහැක. ගතානුගතික බොරු සාරධර්ම කාරයන්ගේ සහයද ඔවුන්ට නොඅඩුවම ලබාගතහැක. නමුත් ඔවුන්ගේ ප්‍රලාප රසවිඳින්නේ කුහකත්වයෙන් මනස අන්ධ කරගත්තවුන්ගේ එකතුව පමණි.

14 comments:

  1. අන්න හරි උඹ විතරයි මේක ගැන හරියට කතා කළේ පොයින්ට් එකට.

    ReplyDelete
  2. මේ සිදුවීම නියමාකාරයෙක් දැකිමත් ඒ ගැන අගනා විවරණයටත් ස්තුතියි.

    ReplyDelete
  3. සිද්දිය ගැන හොඳ විචාරයක්. ස්තුතියි ඔබට.

    ReplyDelete
  4. හොඳා හොඳා අකුරු ටික නිවැරදි කරගත්ත නං තවත් හොඳා.

    ReplyDelete
  5. ඔබේ ලිපිය හරිම සමබරයි... අනික් හැමදේම පසෙකදාලා මේක ලීව එක හොදයි. අපේ මිනිස්සු ගොඩක් මේ වගේ ප්‍රශ්න වලදී අල්ල ගන්නේ තමන්ට අහුවෙන තැනින්,,,

    ReplyDelete
  6. මේ සිදුවීම ගැන කියවූ වඩාත්ම සාධාරණ ලිපිය මෙය කියන්නට පුළුවන් .

    මෙබදු සිදුවිම ඇති වීමට හේතු විය හැකි කරුණූ කිිහිපයක් මමත් සටහන කර ඇති නිසා මෙහි නැවත ඒ නොලීවත් , රැපලාවන්‍ය සහ එහි අවශ්‍යතාවයතුල කිසිදු වරදක් දකින්නට බැහැ . නමුත් වරද පවතින්නේ එම ක්ෂේත්‍ර (විශේෂයෙන්ම සෞඛ්‍ය) පිළිබඳව අගැයුම් කළ යුතු ආයතන අදාල අධීක්ණෂණයන් නිසි ලෙස කරනවාද යන්න . (වෛද්‍ය අතපසුවීම් , ඖෂධ අසාත්මිකතා , සහ අනපේකෂීත සිදුවීම් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල “විය හැකි දේ“ නමුත් , පෙර කී ලෙස අධීක්ෂණයක් නැති තැන මේ “විය හැති දේ“ , නොවිය යුතු තරමටම වැඩි වන්නට ඉඩ වැඩියි.
    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මේක සාධාරන වෙන්නේ කොහොමද. මේ තනිකරම පුරුෂයා කාන්තාව දෙස තම පහත් කාමුකත්වය මුල් කරගෙන බලාගෙන ලියපු විකාරයක්.

      Delete
  7. මේක සාධාරන වෙන්නේ කොහොමද. මේ තනිකරම පුරුෂයා කාන්තාව දෙස තම පහත් කාමුකත්වය මුල් කරගෙන බලාගෙන ලියපු විකාරයක්.

    ReplyDelete
    Replies
    1. කොතනද එහෙම දෙයක් පේන්නේ,, මෙච්චර සමබර ලිපියකට ඔහොම කියන්න හේතුව මොකක්ද,, වනිතා ඒ තැන පැහැදිළි කරන්න .

      Delete
    2. \\පළමුව කියන්නේ මිනිස් ලිංගිකත්වයේ සංකීර්ණ මනෝභාවය අනුව ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ස්වභාවයෙන් පිහිටා තිබෙන සුවිශේෂී ලක්ෂණ හඳුනාගැනීමත් ඊට ආකර්ශනයක් දැක්වීමත් සාමාන්‍ය දෙයක් යන්න හා එය මානව සංහතියේ යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් පැවතිය යුත්තක් යන්නයි. කාන්තාවන්ගේ ප්‍රසන්න පෙනුම ස්ත්‍රීත්වයේ ස්වභාවයට අයත් විශේෂිත ලක්ෂණයක් වේ. එබැවින් කාන්තාවන් පිරිමින්ට ලිංගික වශයෙන් ආකර්ශනය දැනවීම හා සමාජයට පෙනුමෙන් ප්‍රසන්න වීම මානව ප්‍රජාව තුල අනිවාර්ය හා අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වී තිබෙන්නේ නිරායාසයෙනි. මේ අනුව කාන්තාවන් ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල ස්වකීය පෙනුම හා ප්‍රසන්න බව පවත්වාගැනීමටත් එය හැකිපමණ වර්ධනය කරගැනීමටත් පෙළඹෙන්නේ ස්වභාවධර්මයේම ආචරනයක් ලෙසයි. මෙයට ඇතමුන් කියන පරිදි ඇති නැති පරතරයක් බලපාන්නේ නැත. හැමෝම තමන්ට හැකි උපරිම ලෙස මේ දෙය සිදුකරනු ලබති. එහි වරදක්ද කොහෙත්ම පෙනෙන්නට නැත. මේ සරල කරුනු කාරනා ටික තේරෙන කාට උනත් ඇස් අවට සම පැහැඇපත් කරගන්න වෛද්‍යවරියට තිබුණ අවශ්‍යතාවය සාධාරනයි කියන එක තේරුම්ගන්න පුලුවන්.\\
      මේ ටික කියවලා බලන්න එතැනින් එහාටත් කියවන්න එතකොට තේරෙයි. කාන්තාව පිරිමියාට ප්‍රසන්න ආකර්ශනීය වෙන්න ඕනේ කියන්නේ කාමුකත්වය මත පිහිටා නොවෙයිනම් වෙන මොකක් උඩ පිහිටලාද? ඔයාට ඒ ටික තේරෙන්නෙ නැතිවෙන්න හේතුව මම දන්නවා අපූර්වි

      Delete
    3. ඔය ටික විතරක් නෙමේ මුළු ලිපියම කියවලා තමයි කමෙන්ට් කලේ, ඔය ටිකේ මොකක්ද තියෙන වරද? ඔයාගේ ඔළුවේ පිරිමියා ගැන තියෙන විකාර අදහස් නිසයි ඔයාට හැමදේම ඇදේට පේන්නේ,,, ඔයාට තාත්තෙක් මල්ලියෙක් නැද්ද? අයියෙක් නැද්ද? ඔයා එක්ක මන් තර්ක කරන්න ආස නැහැ වනිතා,, නමුත් ගැහැණුන් නියෝජනය වන විදියේ නමකින් ඉදගෙන ඔයා කරන ඔය දේ ගොඩක් අප්‍රසන්නයි දකින දකින තැනදී,, අනේ මන්ද කවදා හැදෙයිද මන්ද..... " මට මේ ටික නොතේරෙන හේතුව ඔය දන්නවා කිවේ මොකක් ගැනද?

      Delete
    4. \\ ඔයාට තාත්තෙක් මල්ලියෙක් නැද්ද? අයියෙක් නැද්ද? \\
      කවුරු උනත් ඉතින් පිරිමිනේ. ඔය අයියලා මල්ලිලා තාත්තලා කවුරු පිළිගත්තත් අන්තිමට පිරිමියාගේ කාම ආශාව පිළිගන්නව කියන එක තමයි ඒකේ තේරුම. ඔයාට මේ කිසි දෙය තේරෙන්නේ නැත්තේ ඔයත් පිරිමියා වෙනුවෙන් ඔවුන්ගේ කාමය වෙනුවෙන් ජීවිතය කැප කරල තියෙන නිසා. දැන්වත් ඔය සම්ප්‍රදායිකකමෙන් ගැලවෙන්න.

      Delete
  8. සැබෑ ලිංගික නිදහස
    අගනා ලිපියක්. මාත් කිහිප තැනකම මේ අදහස මතුකලා. විවෘතභාවය වෙනුවෙන් පෙනී සිටින ඊනියා බ්ලොග්කරුවන්/මාධ්‍යකරුවන් හැමෝම පට්ට ගහල තිබුනෙ මියගිය තැනැත්තිය. වෛද්‍යවරියක් වෙන්න කලින් ඇති ඇගේ ගැහැණුකම මේ උදවිය අමතක කරල තිබුන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන් ගෑනුකම අමතක කරලා පත්තර වලිනුත් අර දොස්තර නෝනට ඇඟිල්ල දික්කරලා ලිපි පලවෙලා තිබුණා මමත් දැක්කා.

      Delete