Pages

Showing posts with label කාන්තාව. Show all posts
Showing posts with label කාන්තාව. Show all posts

Monday, April 11, 2016

ඉසලාමික අන්තවාදී සංස්කෘතික හෙළුවැල්ල

ඉස්ලාමික ආගමික අන්තවාදය පසුබිම් වූ සංස්කෘතීන් තුල ලිංගිකත්වය හා එහි සම්මත පිළිගැනීම් ගැනත් කුහකකම් වලින් නිමැවෙන බොරු වටිනාකම් ලිංගිකත්වයේ ස්වභාවයට කර තිබෙන බලපෑම් ගැනත් මෑතක ලියූ ලිපි වලින් පෙන්වා දුන්නෙමි. මේ ඒ සම්බන්ධයෙන් තවත් විස්තර සාක්ෂිත් සමග වැඩි දුරටත් ඉදිරිපත් කරන්නේ එක අතකින් ඇත්ත පිළිගැනීමට මැලිකමක් දක්වන කුහකයන්ට ඇඟිල්ලෙන් ඇන හෝ සත්‍ය පසක් කර දීමටයි.
                               විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික බැඳීම් වල ස්වභාවය ඉදිරියේ ඊට දැඩි බියකින් හා ලැජ්ජාවකින් බොරු සදාචාරාත්මක වටිනාකම් ගොඩනගාගන්නා කුහක සංස්කෘතීන් තුල, අනියම් ආකාරයකට සමලිංගික විකුර්ති හැසිරීම් වලට හා එහි ළමා අපයෝජනයන්ට සුවිසල් තෝතැන්නක් නිර්මානය වන ආකාරය තවදුරටත් පැහැදිලි කිරීමට සාක්ෂි වශයෙන් මේ වීඩියෝ දර්ශන සමග තොරතුරු ඉදිරිපත් කරමි.



කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකා වල ගායනය නර්තනය තහනම් ඇෆ්ඝනිස්ථානයේ කුහකයන් ඒ රසය විඳගන්නේ නොමේරූ පිරිමි ළමුන් ස්ත්‍රී ඇඳුම් වලින් සරසවා නර්තන සන්දර්ශනයට යොදා ගැනීමෙනි. මේ ස්ත්‍රී නිරුවතට මර භය විරුද්ධ ලිංගික ආකර්ශනය ඇලජික් වූ මහා ලොකු වටිනා සංස්කෘතියක් හිමි ඉස්ලාමික සමාජයේ නිරුවතයි.

වීඩියෝවට අදාල තොරතුරු මෙතැනින්
http://lankacnews.com/sinhala/foreign-news/142355/ 

ඉස්ලාමික සංස්කෘතිය තුල පිරිමි ළමුන් ලිංගිකව අපහරනය කරන ආකාරයත් ඊට අනියම් ආකාරයකට තිබෙන පිළිගැනීමත් ගැන තවත් සාක්ෂි පහත වීඩියෝ දර්ශන වලින් පැහැදිලිව සොයාගත හැක.










කාන්තාවන්ට ස්ත්‍රී ලිංගික ස්වභාවය මත පිහිටමින් කටයුතු කිරීමට නිදහසක් නැති නර්තනය ගායනය පවා අකැප අන්තවාදී සමාජයේ, ස්ත්‍රී ලිංගික ස්වභාවයට වඩා පිරිමියා අනුකරනය කරමින් පුරුෂභාවය වෙත මානසිකව නැඹුරු වූ කාන්තාවන්ට පිරිමින්ට ආවේනික බොහෝ කටයුතු වල නිරත වීමට ස්ත්‍රීවාදී උමතුව විසින් ගිලගත් බටහිරටත් වඩා ඉඩකඩක් බොහෝ මුස්ලිම් අන්තවාදී රටවල තිබේ. එලෙසම කාන්තා සමලිංගික හැසිරීම් වලටද සමාජය තුල යම් ලිහිල් බවක් ඇත. නමුත් මේ කිසිවක් ඉස්ලාමික සංස්කෘතිය විසින් පිටට නොපෙන්වයි.





ලිංගික කුහකත්වයේ හොර සදාචාරයන් සොබාදහමටත් උඩින් ගිය කළ ඇතිවන්නේ සීලාචාර දියුණු සමාජයක් නොව පිට ඔපයට යටින් හද්දා කුණු ගඳ ගසන පල් ඕජස් බේරෙන දහජරා නිරයක් පමණි. මේ අන්තවාදී සංස්කෘතීන් පිටට කුමක් පෙන්වුවත් ඇතුලතින් මිහිපිට අපායන් වේ. ඒ අතින් බැලූ කල කෙල්ලන්ට කොල්ලන්ට බෝ ගහ යට හමුව බහ දී පන්සල් ගොස් පොරොන්දු ප්‍රකාර බැඳීම් ඇතිකරගෙන බුදු දහමේ ආශිර්වාදයද ලබා විවාහයට පත්ව දරුමල්ලන් හදාගෙන යහතින් ඉන්නට මේ රටේ එවුන් පින් කර තිබීම කොපමන භාග්‍යක්ද?






Saturday, December 26, 2015

කුහක සත්ගුනවත් බව ඉහට උඩින් ගිය කළ

ශ්‍රී ලාංකික කාන්තාවකට සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව ඇති පුවතක් දැන් ජනමාධ්‍ය ඇතුළු අන්තර්ජාලය පුරාවටද පැතිරගොස් රටේ ලෝකේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත. ඒ සිද්ධියේ අළුත්ම තත්වය ලෙස දැන් වාර්තා වෙන්නේ ඊට එල්ල වූ විරෝධතාවයන් හේතුවෙන් සෞදි බලධාරීන් අදාල කාන්තාවට එල්ල වී ඇති චෝදනාව නැවත විභාග කිරීමට තීරනය කිරීමයි. මේ කාන්තාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ තවත් ලාංකික පුරුෂයෙකු සමග අයතා ලිංගික සබඳතාවයක් පැවැත්වීමයි. ඒ පුද්ගලයාද අවිවාහකයෙකු බව වාර්තා වේ. ඒ අනුව ඔහුටද කසපහර නියම වී ඇති බවත් සැලයි. සෞදි නීතිය පරදාරසේවනය යන වරදට කිසිදු බුරුලක් නොලැබේ කාන්තාවන්ට එහිදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ දඬුවමට යටත් වීමෙනි. පිරිමින්ටද කස පහර ලැබේ. මගේ උවමනාව අපේ රටේ කාන්තාවකට මුහුන දෙන්නට වූ මේ ඛේදජනක සිද්දියේ අලකලංචිය ගැන විස්තර ඉදිරිපත් කිරීම නොවේ. මා හට අවශ්‍ය වන්නේ සෞදි ජනයාගේ හා එරට සමාජයේ ලිංගිකත්වය ගැන ඇති ආකල්ප හා මේ සිද්ධියට මුල් වූ සමාජ පසුබිම ගැන යම් විග්‍රහයක් කිරීමය.
                              

සෞදියේදී කාන්තාවකට මේ ඉරනම අත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මැදපෙරදිග පිහිටා තිබෙන අන්ත මිලේඡ්ච ශරියා නීතිය ක්‍රියාත්මක වන රටවල් අතරින් සෞදි අරාබිය මුල් පෙලේ රටකි. මෙවැනි රටවලට ජීවිත අවදානමද කරට ගෙන වහල් සේවයට කාන්තාවන් පටවන්නට බලපාන ලාංකීය සමාජයේ හේතු සාධකයන් ගැනද වෙනම කතා කරන්නට සිදුවේ.සෞදි අරාබිය යනු මුස්ලිම් රටකි. එහි ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ආගමික නීතියයි. ඒ සංස්කෘතිය තුල බිහි වී ඇති නීති රීති පද්දතිය අනුව ලිංගිකත්වය සම්බන්ධ වැරදි ගැන අර්ථ දැක්වීම් හා ඊට නියම වන දන්ඩනයන්හි කෲරබවට එම සමාජ පසුබිමෙහි තිබෙන ලිංගික විනය හා සදාචාර පද්ධතියේ දරදඬු බව මූලිකවම හේතු වී තිබේ. එය එසේ වී තිබෙන්නේ ඇයි. මැදපෙරදිග මුස්ලිම් රටවල ලිංගික සදාචාරය හා සීමාව ඉක්මවා ගිය උග්‍ර සදාචාරවාදය ඔවුන්ටම විශේෂ වුවත් මීට යම් මට්ටමකට හෝ සමානකම් ඇති ජන කණ්ඩායම් ලොව විවිධ ප්‍රදේශ වල දක්නට ඇත. මේ බොහොමයක් ජන කණ්ඩායම් වලට ඉස්ලාමයේ නෑකමක් තිබේ.
                              
             
මට මේ සිදුවීම දෙස මගේ ඇසින් බලා කරුනු කීමට අවශ්‍යය. එහිදී ඊට ආර්ම්භයක් ගනිමින් මා පළමුව කියන්නේ අනෙකුත් ලෝ සතුන්ට මෙන්ම මිනිසාටද ලිංගිකත්වය යන කාරනාවේදී ස්වභාවිකව පිහිටා තිබෙන්නේ දල වශයෙන් පුරුෂයෙකුට ඕනෑම ස්ත්‍රියක් හා ස්ත්‍රියකට ඕනෑම පුරුෂයෙකුත් ගැලපෙන මෙන්ම ලිංගික ආකර්ශනයද ඕනෑම පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන තත්වයකි. මෙහි වයස් සීමා ලිංගික සංවේදනයන් ආදියෙහි පරාසය එකිනෙකාට වෙනස් විය හැකි නමුදු දල වශයෙන් දක්නට තිබෙන ස්වභාවය මෙය වේ. මා මීට පෙර ලියා ඇති ලිපි වලින්ද පෙන්වා දී ඇති පරිදි මානව ප්‍රජාව තුල පවුල් ඒකක හා විවිධ සංස්කෘතික වටපිටාවන් ගොඩනැගෙත්ම සංකීර්ණ සදාචාර රාමු හා සභ්‍යත්වයන් බිහි වී ඇත. ස්වභාවධර්මයාගෙන් ලිංගිකත්වය සම්බන්ධ සදාචාරයන්ට යම් රුකුලක් ලැබෙන්නේ ස්වභාවිකත්වයේ සීමා මායිම් උල්ලන්ගනය නොවන ආකාරයකට වේ. ලිංගික විනය මෙන්ම ඒ හා සම්බන්ධ ආචාරධර්මයන් ස්වභාවිකත්වයට පවා එරෙහි අත්තනෝමතික දේ නොවිය යුතුය. ලිංගික සදාචාරයක් අවශ්‍ය නැතැයි කීමට මට අවශ්‍ය නැතත් ඒ මත දැඩිව එල්බ ගනිමින් සදාචාර පිස්සුවක් ඇති කරගැනීම මුළු මානව සංහතියම පෙලන පීඩාවක් බව දැඩිව කියා සිටිමි.
                               මැද පෙරදිග මිලේච්ච ශරියා නීතිය ක්‍රියාත්මක වන රටවල ලිංගික කුහකත්වයෙන් අන්ධ වූ සමාජ පසුබිමක ඇත්තේ මිනිස් ස්වභාවයකට ගරු නොකරන තරමට ඔඩු ගිය උග්‍ර සදාචාරවාදයකි. මේ උග්‍ර සදාචාරවාදය උන්මත්තක අත්තනෝමතික එකක් වන ලෙසම එය තුල එල්බගන්නා පුද්ගලයන් කෙරෙන් පෙන්නුම් කරන්නේද අති උද්දච්ච බවකි. ඔවුන් සිතා සිටින්නේ තමන් මහා ලොකු සුදනන් කියාය. එහෙත් මේ කුහකයන්ගේ ඉහට උඩින් ගිය සත් ගුණවත් බවේ හෙළුව පෙනෙන්නේ පිට එවුන්ටය. මානවයා පරිනාමිකව දියුණු වෙත්ම විලි වසාගැනීම ඇඳුම් පැලඳුම් භාවිතය සමාජය හා පවුල් විකාශනය ගැන මින් පෙර මා ලිපි පල කර තිබේ. මේ සියල්ල ස්වභාවිකව හේතු කාරනා සහිතව විය යුතු අයුරින් ලෝදහමට අනුව සිදු වි තිබෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මානව ප්‍රජාවෙන් ඈත් වන ආකාරයට නොවන බවත් විරුද්ධ ලිංගික බැඳීම් හා ලිංගිකත්වයේ ගැලපීම් වඩා අර්ථාන්විත වන ලෙස බවත් මා පෙන්වා දුනිමි. කෙසේ වුව ලිංගිකත්වයට සම්බන්ධ වූ මානව සදාචාර පද්ද්තීන් සංකිර්ණ වෙත්ම ලිංගිකත්වයේ ස්වභාවය දැකීමට ඇති ලැජ්ජාව බිය ආදිය වර්ධනය වී මිනිස් සිතේ කුහකකමුත් සමග කලවම් වූ කළ ඇති කරන පීඩාව ගැනද කරුණු කියා ඇත. මේ බොහොමයක් කුහක ආචාර ධර්මයන්ට මුල සමාජයක පිරිමින් තම ලිංගික සවේදනයන්හි ස්වභාවයට අවනත නොවී ප්‍රතිවිරුද්ධ ස්ත්‍රී ලිංගික ස්වභාවයද පීඩාවට ලක් කිරීම යම් ඇගයීමකට ලක්කර තිබීමයි. කාන්තා ඇඳුම් වලින් සිරුර වැහෙන ආකාරයේ ප්‍රමිතිය උමතුවකට ගොස් පීඩාවක් වීමට බොහෝ විට බලපාන්නේ මේ කුහක වටපිටාව වේ. මිනිස් ලිංගිකත්වය හා සබැඳි සියළු දේ සමාජයට විවුර්ත වීම හෝ නිරුවත් බව පරිනාමයට ලක්ව ඇති සමාජයේ මනෝභාවයන් සම්බන්ධයෙන් ගැටළු ඇති නොකරන්නේ නැත. නමුත් ඒ ගැටළු විසඳීම ස්වභාවධර්මයේ සීමා වලට පිටින් ගොස් කිසි සේත් කළ නොහැකි වේ. නමුත් වර්තමානයේද ලිංගිකත්වයේ ස්වභාවයන්ට පිටින් ගොස් ලිංගික පීඩාවක් ජනනය කරවන උග්‍ර සදාචාරවාදයන් මැදපෙරදිග විශේෂයෙන් දක්නට ලැබේ.
                              
            
මැද පෙරදිග සෞදිය වැනි රටවල ඔඩුදුවා ඇති උග්‍ර සදාචාරවාදය ගැන කතා කිරීමේදීද මා කලින් කී කුහක පිරිමින් තම ලිංගික සංවේදනයන්ට යම් තරමකටවත් අවනත නොවී තම ලිංගිකත්වයේ විරුද්ධ ලිංගික ස්වරූපය සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ද පීඩාවට ලක්කිරීමේ ගති ලක්ෂණය කැපී පෙනේ. මැදපෙරදිග කාන්තාවන් මහ දවල් කළු පැහැ ගෝනි බිල්ලන්ගේ ඇඳුම ඇඟේ රුවාගෙන වද විඳීන ආකාරය බැලූ විට මෙය පැහැදිලි වේ. මේ ජරා රටවල කාන්තාවන්ට තම ලිංගිකත්වය අනුව පිරිමින් ආකර්ශනය කරන විලාසිතා ආදියට දැඩි සීමා ඇත. එහෙත් එම රටවල් බොහොමයක කාන්තාවන්ට මානසික පෞරුෂත්වයක් ගොඩනගමින් පිරිමින් කරන බොහෝ දේ කිරීමට යම් ඉඩක් තිබේ. මේ උඩඟු උග්‍ර සදාචාරවාදීන් ලිංගිකත්වයේ ස්වභාවයන් සමග අනුකූල ජීවන චර්යාව අගයනු වෙනුවට ලිංගික පීඩාව දැඩි කරවන බොරු ආචාරධර්මයන් ඇගයීමට ලක්කිරීම මහා ලොකුකමක් ලෙසද දකිති. ඉස්ලාමීය සංස්කෘතිය රජයන සෞදියේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතියයි. ඉස්ලාමීය ලිංගික සදාචාරය අනුව අවිවාහකයන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම බරපතල වරදක් වන අතර ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමටද බොහෝ විට සිදු වේ. විවාහක පුද්ගලයන්ද විවාහයෙන් පිට සම්බන්ධතා පැවැත්වීමේ වරදට දැඩි දඬුවම් වලට යටත් කරනු ලබයි. මේ සියළු අවස්ථා වලදී ස්ත්‍රී පාර්ශවයට වඩා දැඩි දඬුවම් ලැබේ. පරදාර සේවනයට මේ කුහක ෂරියා නීතිය අනුව වරදකාරියන් වන අය ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම උමතු අන්තවාදීන්ට අනුව මහා වීරකමකි. මෙහිදී වරදකාරියන් සමග ගනුදෙනු කරන පිරිමි පාර්ශවයටද කසපහර ලැබේ. ඇතැම් මැදපෙරදිග ඉස්ලාමීය රටවල ස්ත්‍රියගේ කන්‍යාභාවය සම්බන්ධ ආකල්පයද උමතුවකි. ස්ත්‍රියක් විවාහයට පත්ව කන්‍යාභාවය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් එය එම පවුලේ අය සලකන්නේ තම පරම්පරාවටම කළ නිග්‍රහයක් ලෙසයි. බොහෝ විට එම නිග්‍රහයෙන් ගැලවීමට මෙලෙස කන්‍යාභාවය ඔප්පු කරන්නට නොහැකි වූ තැනැත්තියන් පවුලේම කෙනෙක් අතින් මැරුම් කෑමද මේ උමතු සමාජය තුල සාධාරන ක්‍රියාවකි. අනෙක් පැත්තෙන් පිරිමියෙකු අතින් ලිංගික අතවරයකට පත්වන කාන්තාවන්ටද දඬුවම් කරන අමන නීති මේ ජරා රටවල තිබේ. මැදපෙරදිග ඉස්ලාමීය උග්‍ර සදාචාර රාමු තුල ලිංගික පීඩාව ඉහල මට්ටමක පවතින්නට හේතුද බොහෝය. ඒ රටවල පිරිමියෙකුට කාන්තාවන් 7ක් දක්වා විවාහ කරගැනීමට අවසර තිබේ. මේතුල ධනවත් පිරිමින් සුළු පිරිස සමාජයේ කාන්තාවන් වැඩිම පිරිසක් විවාහ කරගනිමින් තවත් පිරිමි කොටසකට සහකාරියන් අහිමි කරති. සමාජ විශමතාද මේ රටවල ඛනිජ තෙල් වලින් ලැබෙන මුදල් කොපමණ ඇතත් දක්නට ඇත.
                         
මැදපෙරදිග උමතු සදාචාරයන් තුල ස්ත්‍රී ලිංගිකත්වය හා එහි ස්වභාවික ගුණාංගයන් දැඩි ලෙස කප්පාදුවට ලක්කර තිබීමද  ලිංගික පීඩාව උග්‍ර අතට හරවන්න හේතු වී ඇත. එක් අතකින් බලන විට මෙය ස්වභාවධර්මයෙන් ලැබේ දඬුවමක් වේ. මේ මහා සදාචාරවාදීන්ට අනුව කාන්තාවන්ට තම ලිංගිකත්වයේ ස්වභාවයට අනුව පිරිමින් තමන් වෙත ආකර්ශනය වන කිසිදු ක්‍රියාවක නිරත විය නොහැක. ඇතැම් රටවල කාන්තාවන්ට ප්‍රසිද්ධ වේදිකා වල ගීත ගායනය හෝ රංගනය තහනම්ය. විවාහක කාන්තාවන් වෙනත් පිරිමින්ගේ නෙත නොගැටෙන ලෙස සඟවා තැබීමට ඔවුන් අදහන දෙවියන්ගේද ආශිර්වාදය ඇත. සමහර මැදපෙරදිග රටවල පිරිමින්ට විවාහක කාන්තාවන් සමග මුහුනට මුහුන ලා ඔවුන්ගේ මුහුණ බලාගෙන කතා කිරීමත් තහනම්ය. ප්‍රේම සම්බන්ධතා ඇතිකරගැනීමක් ගැන මේ රටවල කිසිවෙකුට හිතන්නටවත් බැරිය. මේ කුහක උග්‍ර සදාචාරවාදීන් වෙසෙන මහා සදාචාර සම්පන්න රටවල ගැහැනුන් හා පිරිමින් අතර ස්වභාවික ලෙස සිදුවන ලිංහික චර්යා හා බැඳීම් දැඩි ලෙස පසුබට වෙමින් සමලිංගික විකුර්ති චර්යාවලට යම් සාර්ථක පසුබිමක් ඉබේ නිර්මානය වේ. සමලිංගිකත්වයද මේ රටවල තහනම්ය. එහෙත් සමලිංගික හැසිරීම් වලට යම් ඉඩ ප්‍රස්ථාවක් සමාජයේ ඇතිවෙන්නේද කුහක උග්‍රසදාචාරවාදයේ ආශිර්වාදයෙනි. ඇතැම් රටවල මානසික ආතතියෙන් ලිංගික චර්යා විකුර්ති කරගත් පිරිමින් නොමේරූ පිරිමි දරුවන් ලිංගික අපචාරයේ යොදාගැනීමට රහසිගතව යම් ලිහිල් බවක් පෙන්වයි. මැදපෙරදිග රැකියාවක් සඳහා ගොස් පැමිණ සිටි කෙනෙකු වරක් මා සමග පැවසුවේ ඒ රටවල ගණිකා ව්‍යාපාර වැනි ලිංගික සේවා සපයන ආයතන පවත්වාගෙන යෑම තහනම් වන බැවින් ලිංගික පීඩාව සමනය කරන පිළියම් ලෙස ගැහැනු හැසිරීම් ඇති ස්ත්‍රීන් වැනි පිරිමින්ට එම රටවල යම් යම් රැකියා කිරීමට ඉඩ සලසා ඇති බවයි. ඒ ඔවුන්ට රැකියා වලට අමතරව සමලිංගික සේවනය තුලින් එම රටවලට පිටින් රැකියා කිරීමට එන පිරිමි කාණ්ඩයට සේවාවක් සැපයීමට හැකි වන ලෙසයි. මෙන්න ඔවුන්ගේ මහා ලොකු සදාචාරයේ හෙළුවැල්ල.
                         
සෞදියේදී ලාංකික විවාහක කාන්තාවක් තවත් අවිවාහක ලාංකිකයෙකු සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීමේ වරදට එරට උමතු ශරියා නීතියෙන් ගල් ගසා මරා දැමීමට නියම වෙද්දී ජනමාධ්‍යද ඇතුළුව මෙරට බොහෝ දෙනෙක් ඇවිස්සී ඊට විරෝධය දක්වමින් කළ කී දේ බොහෝය. ඇත්තෙන්ම එය වියයුතුවම තිබූ දෙයකි. කෙසේ හෝ වේවා කාන්තාවන් සෞදිය වැනි ජරා රටවලට වහල් කමේ යවා කාලකන්නි ජීවිත ගෙනයන ලංකාවේ පිරිමි නිකමුන්ද මේ කරුමයට වගකිවයුතුය. එය පැත්තකින් තියා තවත් එක් දෙයක් ගැන කතා කිරීම මේ අවස්ථාවේ වැදගත් වෙ. එනම් ස්ත්‍රී ලිංගිකත්වය හා ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවය සම්බන්ධ මැදපෙරදිග උග්‍ර සදාචාරවාදී උමතු ආකල්පයේම ප්‍රාථමික ලක්ෂණ ලොව වෙනත් රටවල මෙන්ම ලංකාවේද විවිධ මට්ටම් වලින් දක්නට ඇති බවයි. වෙනස අපේ රටේදී සමාජයේ මේ  සම්බන්ධයෙන් යමක් වැරදි යැයි තීන්දු කරන ආකාරය හා ඊට දක්වන ප්‍රතිචාර මැදපෙරදිග තරම් දරුණු නොවීමය. තමන් විවාහයෙන් පිට වෙනත් කාන්තාවන් සමග අනියම් ඇසුර පවත්වමින් සිය බිරිඳ වෙනත් පිරිමියෙකු ඇසුරු කළහොත් ඇය මරා දැමිය යුතුය යන ස්ථාවරයේ ඉන්නා පිරිමින් අපේ රටේ බොහෝ ඇත. වාසනාවකට මේ කුහක ආකල්ප මැදපෙරදිග මෙන් අපේ රටේදී නීති බවට පත්ව නැත. ලංකාවේදී ලිංගිකව පරිනත වයස් මට්ටමක සිටින ගැහැනු ළමයෙක් පිරිමි ළමෙකු සමග ප්‍රේම සම්බන්ධයන් ඇති කරගත්තොත් ඇයගේ පවුලේ සාමාජිකයින් ඇයට කෙසේ ප්‍රතිචාර දක්වයිද? ඇතැම් විට ඇය නොමරා මැරීමටද ඉඩ ඇත.
                          
මැද පෙරදිග තරමට දරුණු හා නිල මට්ටමේ නැතත් අපේ රටේද ලිංගික කුහකත්වය වන්දනා කිරීම සරුවට ඇත. මැදපෙරදිගදී ගල්ගසා මරාදැමීමට ලක් වන වරද මෙහිදී සිදු වුවොත් පිරිමියා බේරී ස්ත්‍රියට සමාජයේ සියළු අපහාස විඳගැනීමට සිදු වනු ඇත. කුහකයන් සමාජයේ ප්‍රභූ තත්වයේ වැජඹෙන්නේ මැදපෙරදිග පමණක් නොවේ. අපේ රටේද ලිංගික කුහකත්වය වටිනා ආභරණයක් ලෙස සලකන කුහකයන් සෞදියේ මෙන් නිල මට්ටමෙන් සමාජයට දැඩි බලපෑම් කරමින් නීති පද්ධතිය හැසිරුවේ නැතත් සමාජය හසුරවන මට්ටමට මහ ඉහලින් වැජඹෙති. පාසල් තුල විදුහල්පතිවරු විනය පාලකයින් හා ගුරුවරුන් බොහොමයක් ලිංගික කුහකත්වය ඉහට ගැසූ අය වෙති. ඔවුන් එය අධ්‍යාපනය සම්බන්ධ ඉහල නිලධාරියෙකු වීමට සුදුසුකමක් ලෙසද සලකති. පාසල් තුල ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා වලදී ඔවුන්ට අති අමානුෂික ලෙස ප්‍රතිචාර දක්වන්නේ මේ කුහක උඩඟු පාසල් බල අධිකාරියයි. මා මීට පෙර ලිපි වලින්ද කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ හා වැල්ලවාය ප්‍රදේශයේ විදුහලක සිදුවී ශෝකජනක සිදුවීම් ගැන කරුනු දැක්වීමි. ඒ සිද්ධි දෙකේදීම දැඩි මානසික පීඩාවකට ලක්ව සියදිවි හානි කරගෙන තිබුණේ සිසුවියන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම ක්‍රියාකර තිබුණේ තම්න්ට උපතින් දායාද වී තිබූ ස්ත්‍රී ලිංගික ස්වභාවය අනුව මිස මානව සංහතියට නොගැලපෙන අමනුස්ස ආකාරයකට නොවේ. නමුත් එය පාසලේ බලධාරීන් පිළිගත් ආකාරය අන්ත අසික්කිතය. මැදපෙරදිග උග්‍ර සදාචාරවාදී උමතු ශරියාව නොවුවත් එහි ප්‍රාථමික ලක්ෂණ මෙවැනි සිද්ධි තුලිනුත් නිරූපනය වේ. එය වසන් කරන්නටද බැරිය.
        
මානව ප්‍රජාව තුල ලිංගිකත්වයට යම් සදාචාර පද්දතියක් අවශ්‍ය වුවත් එය මිනිස් වර්ගයා පීඩාවෙන් පෙලන මට්ටමේ එකක් නොවිය යුතුය. සදාචාරයේ වටිනාකම දැනෙන්න නම් එය මානව ප්‍රජාවක ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් රැකෙන හා ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම් වඩා තහවරු වන ආකාරයේ දෙයක් විය යුතුය. මැදපෙරදිග සෞදිය වැනි රටවල තිබෙන්නේ එවැන්නක් නොවේ. එහි ඇත්තේ ලිංගිකත්වයේ ස්වභාවය හා මිනිස් ගති ලක්ෂණ ඉක්මවා ගිය උමතු සදාචාරයකි. මේ අන්ධ උමතු සදාචාරය ලිංගික බැඳීම් තහවරු කරනු වෙනුවට ලිංගික පීඩාව ඇතිකරවන කුහක බවකින් යුක්ත වන අතර මේ ලිංගික පීඩාවෙන් විඳවීම වටිනාකමක් ලෙස සල්ලකයි. ඒ තුල එල්බගත් පිරිස මේ සදාචාරය රැකීම දෙවියන්ගේ නාමයෙන්ම මහා ලොකු පින්කමක් ලෙසද සලකයි. මේ උමතු සදාචාරය රකින්නට යන උන්මත්තකයන් ලිංගිකත්වයේ ස්වභාවය කෙසේ වෙතත් මිනිස් ජීවිත වල වටිනාකමත් නොහඳුනන තරමට අන්ධ වී ඇත. ඔවුන්ට මේ සදාචරය මිනිස් ජීවිතයකටද වඩා වටියි. විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිතය මේ උමතු සදාචාර වාදීන් තුට්ටුවකට මායිම් නොකරති. මේ වන විට සෞදියේ ගල් ගසා මරා දැමීමට නියම වූ කන්තාවට දඬුවම ලිහිල් වී ඇය මරනයෙන් ගැලවී ඇති බව ආරංචි වේ. එහෙත් මේ සිද්ධියට සෞදි බලධාරීන්ට ඇඟිල්ල දිගු කරමින් කතා කළ අපේ අයද ආපසු හැරී බැලියයුතු තවත් දෙයක් ඇත. එය නම් අර සෞදියේ තිබෙන උමතු ගොන් සදාචාරයේ ප්‍රාථමික අංග බඳු වූ අපේ රටේ කුහක ආකල්පයි. අපේ රටේ සෞදියේ මෙන් කාලකන්නි තත්වයක් නැතත් ලිංගික කුහකත්වය ආභරණයක් කරගත් කුහකයන් සමාජයේ යම් තාක් දුරට ප්‍රභූත්වයට පත්ව ඇත. එයද අපේ සමාජය පැත්තෙන් ඇති කර තිබෙන්නේ සුළුපටු ලිංගික පීඩාවක් නොවේ. අද මෙය අධ්‍යාපනය වෙලාගෙන ඇත. මැදපෙරදිග අපා දුක් විඳින්නට කාන්තාවන් වහල්කමේ යැවීමම ගැටළුවක් වන බැවින් එයද වැලැක්විය යුතුමය. ඊට අමතරව මැද පෙරදිග කුහක සදාචාරයටත් උමතු ශරියාවටත් ඇඟිල්ල දිගු කරන්න තිබෙන උවමනාව අපේ රටේ ලිංගික කුහකත්වයන්ට වැරදි වටිනාකම් දී කුහකයන් ප්‍රභූත්වයට දමා සැලකීමට එරෙහිවීම සඳහාද තිබිය යුතුමය.

Sunday, March 8, 2015

ස්ත්‍රියට ස්ත්‍රී ලිංගික ස්වභාවය අහිමි කරවන ස්ත්‍රීවාදී කුහකයෝ

මේ ලිපිය කාන්තා දිනය ඉලක්ක කර ලිවීමට සිදු වුවත් මා පෞද්ගලිකව නම් කාන්තා දිනයක් ලොව සෑම රටකම අන්ධ භක්තියකින් සැමරිය යුතු යැයි නොසිතමි. ඊට හේතුව ලෙස මා දකින්නේ මෙය ලෝකය ඉල්ලන කාන්තා දිනයකට වඩා යුරෝපීය ස්ත්‍රීවාදීන් විසින් ලොවට බලහත්කාරයෙන් පටවන ස්ත්‍රීවාදීන්ගේ දීනයක් බව පැහැදිලිව දක්නට ලැබෙන හෙයිනි. ස්ත්‍රීවාදය නිල මට්ටමෙන් කළ එලි බැස්සේ යුරෝපයේ ඇති වූ කාර්මික විප්ලවයට සමගාමීව සිද්ධ වුනු යම් යම් සමාජීය වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙසයි. එහිදී ඒ තුල ලිංගික කුහකත්වයන් නොතිබුණා යැයි කීමට කොහෙත්ම බැරිය. වෙනත් දෙයක් තබා ස්ත්‍රීවාදය යනු යුරෝපයේ කුහක පුරුෂ ප්‍රජාවක් විසින් නිර්මාණය කර ඉදිරියට ගත් දෙයක් යන්න මාගේ පමණක් නොව මේ ගැන සැබෑව දන්නා කාගේත් වැටහීම වේ.
                  ලිපියෙන් කියන්නට යන දේ වඩා හොඳින් අවබෝධ කරගැනීමට නම් ස්ත්‍රීවාදයේත් සැබෑ ස්ත්‍රී ලිංගික ස්වභාවයේත් පරස්පරතාවයන් මොනවාද යන්න නිවැරදිව තේරුම් ගත යුතුව ඇත. මානව වර්ගයාගේ ලිංගිකත්වය සැලකීමේදී පිරිමි මානවයාගේ ලිංගික ස්වභාවයට හා අන් සියළු ජීව විද්‍යානුකූල අංග ලක්ෂණයන්ට සමාන්තරගත ලෙස ගැහැනු මානවයාගේ ස්ත්‍රී ලිංගික ස්වභාවය ස්වභාවධර්මයෙන් ගොඩනැගී ඇත. එබැවින් ස්ත්‍රිය ස්වභාවයෙන් වැඩි කැමැත්තක් දක්වන්නේත් වැඩිපුර නැඹුරු වන්නේත් පුරුෂයාගේ ලිංගිකත්වයට අනුරූප වශයෙන් ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමට මිස පුරුෂභාවය ආරූඪ කරගැනීමට නොවේ. මේ සාමාන්‍ය ස්වරූපයෙහි ප්‍රති විරුද්ධතාවය නැතැයි මම නොකියමි. ඊට විවිධාකාර හේතු තිබේ. නමුත් ප්‍රමුඛතාවය හිමි වන්නේ ස්වභාවයෙන් මා මුලින් කී ආකාරයටය. මෙය සියළුම මානව ශිෂ්ඨාචාරයන්හි පොදුවේ දක්නට ලැබෙන ලිංගික සුවිශේෂීතා අනුව සැදී නිර්මාණය වූ සියල්ලෙන් පෙන්නුම් කරයි. මේ කිසිවක් පුරුෂයාගේ තනි උවමනාවකට සාදාගත් දේ නොවේ.
                
ස්ත්‍රී පුරුෂ ශාරීරික හා මානසික ලිංගික සුවිශේෂීතා මත ව්‍යුත්පන්න වන සියල්ල අවසන් වශයෙන් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ ලිංගික පෙරැත්ත වටා එක්කාසු වී විරුද්ධ ලිංගික ආකර්ෂණයත් ලිංගික ආශාවේ ස්වභාවයන් එකිනෙකට ගැලපෙන ලෙසත් සැකසී තිබීම ලොව ඕනෑම දියුණු මානව ශිෂ්ඨාචාරයක පොදුවේ දක්නට ලැබේ. ඊට ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබෙන්නේ මේ සියල්ල ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම හා ප්‍රජනනය සමග ඒකාබද්ධ වන නිසාවෙනි. මේ සංසිද්ධි සැලකීමේදී සියල්ල පුරුෂ පාර්ශවයෙන් පමණක් තීන්දු වී නැත. පුරුෂයාගේ ලිංගික ස්වභාවය නියෝජනය කරන ඒ වටා ගොඩනැගෙන්නා වූ පුරුෂ ක්‍රියාකාරකම් පද්ධතියටම අනුරූප ලෙස, ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා පුරුෂ ලිංගිකත්වයට අනුකූලතාවය දැක්වීමේ ස්ත්‍රී ස්වභාවය කේන්ද්‍රගත වන ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් සෑම මානව ප්‍රජාවක් තුලම දක්නට ලැබෙන්නේ ස්ත්‍රීවාදීන්ට අනුව කාන්තාවන්ට අසාධාරනයක් හා හිරිහැරයක් වන ආකාරයකට නොවේ. කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ද ඇතුළුව සමස්ථ මානව සංහතියටම වද දෙන්නේ මිනිසාටම ආවේනික ලිංගික කුහකත්වයන්  වේ. මේ පැටලිල්ල අප විසින් සුපරික්ෂාකාරී ලෙස ලෙහා ගත යුතුව ඇත.
                            
                                                     කාගේත් ඇස් ඉදිරිපිට පෙනෙන්නට තිබෙන මේ කරුනු පිළිගැනීමට මැලිකමක් ඇති කරවන්නේ ප්‍රධාන වශයෙන් කුහකත්වයන්ය. ලිංගික කුහකත්වයන්, ලිංගික ආත්මාර්ථකාමීත්වය හා ලිංගික ද්වේශසහගත බව කරලියට පිවිසෙන විට මිනිසුන්ට ස්වභාවධර්මය පමණක් නොව තමන් මිනිසුන්ද යන්නත් අමතක වේ. ඇත්තෙන්ම සමාජය තුල වඩා කැපී පෙනෙන්නේ කුහක පිරිමින්ගේ ක්‍රියා වේ. යුරෝපීය සමාජයේ ස්ත්‍රීවාදය නමින් මතවාදයක් පැනනැගීමට හේතු වී තිබුණේද යුරෝපීය පිරිමින්ගේ කුහකකම් බව පැහැදිලිය. මේ ගැන විස්තරාත්මක ලිපියක් අප බ්ලොග් අවකාශයේම තවත් එක් බ්ලොග් පිටුවක් වන "ප්‍රතිවාදියා" බ්ලොග් පිටුවේපළ වී තිබී මාහට මින් ඉහතදී කියවන්නට ලැබුණි. මා මේ කියන්නට යන දෙය මටත් වඩා හොඳින් එම බ්ලොග් පිටුවේ කතුවරයා කියා තිබුණි. (එම ලිපියේ වෙබ් ලින්ක් එක  මෙතැනින් - http://prathiwadhiya.blogspot.com/2014/03/blog-post.html). ඔහු අප කාගේත් අවධානයට යොමු නොවන මට්ටමේ ඉතා හොඳ තර්කයක් ගොඩනගමින් පෙන්වා දී තිබුණේ බටහිර සමාජයේ දූවරුන් සිටි ඇතැම් පියවරුන් එම ගැහැනු දරුවන් මවගේ ස්ත්‍රීත්වයට අනුව හදාවඩා ගැනීමට නොදී තමන්ට අවශ්‍ය ලෙස පිරිමි ආරයකට හදාවඩා ගැනීමේ කුහකකමේ ප්‍රතිඵලයි.මේ ලිපියටද එම කරුන කරුනක් ලෙස ඉතා වැදගත්ය.
           
කාන්තාවන් ස්වභාවිකව වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ පුරුෂ ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමටත් පුරුෂ ලිංගික පෙරැත්ත්ත කෙරෙහි අනුකූලතාවයක් දැක්වීමටත් යන්න ස්ත්‍රීවාදය පිළිනොගනියි. යුරෝපීය ස්ත්‍රීවාදයට අනුව කාන්තාවන්ට පිරිමින්ගේ ලිංගික ආශාවන්ට අනුකූලතාවයක් දැක්වීමට අවශ්‍ය නැත. දරුවන් හැදීමටද ඇයට අවශ්‍යතාවයක් නොවේ. පුරුෂයා සමග ලිංගිකව එක්වෙමින් ආශ්වාදය ලැබීම ස්ත්‍රීවාදයට අනුව පිළිකුල්සහගත දෙයකි. නමුත් ලංකාව වැනි ආසියනු කලාපීය රටවල මේ මතවාද ජනප්‍රිය කිරීම අපහසු බව දන්නා කුහක ස්ත්‍රීවාදීන් මේ අදහස් කෙලින් ප්‍රකාශ නොකර සමාජයට ලැදිකමක් බොරුවට අඟවා සූක්ෂමව සිය මතවාද සමාජගත කිරීම සිදු කරති. ආසියාවේ පමණක් නොව යුරෝපයේ වුවද ස්ත්‍රීවාදී අදහස් උදහස් කරලියට පැමිණ ශක්තිමත් වීමට බලපෑ ප්‍රධාන සිද්ධිය කාර්මීකරණයත් සමග බටහිර සමාජය වල්මත් වීමයි. එහිදීද ස්ත්‍රීවාදයේ බොහෝ කුරිරු හා පුරුෂයාගේ ලිංගිකත්වයට එරෙහි අංගයන් අතු ඉති ලා වැඩුනේ ඉතා සූක්ෂමව හොර රහසේය. අද බටහිර සමාජයද මෙයින් විඳවන බව ලොවට ඒ තරමට ඒත්තු ගැන්වී නැත.
                     වර්තමානය වන විට යුරොපය ඇතුළු බටහිර රටවල ස්ත්‍රීවාදිනියනුත් සෙසු රටවල ඔවුන්ගේ අනුගාමික ස්ත්‍රීවාදිනියනුත් කාන්තාව පුරුෂයාගේ කාම වස්තුවක් නොවන බව හා කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ දරුවන් වැදීමට නොවන බවට සටන් පාඨ ගෙන ආවද මේ සියල්ල පසුපස බටහිර යොරෝපීය කුහක පිරිමි ප්‍රජාව හා ඒ කුහකයන්ගේ අනුගාමිකයන් වන සෙසු රටවල පිරිමින් සිටින බව දන්නෝ දනිතත් නොදන්නෝද වටහා ගතයුතුය. වැදගත්ම දෙය නම් ස්ත්‍රීවාදයක් හදා සමස්ථ ස්ත්‍රී ප්‍රජාවටම එය බලෙන් පටවමින් ඒ පසුපස සිට ස්ත්‍රීවාදය ප්‍රවර්ධනය කරන කුහක පුරුෂ ප්‍රජාව හැසිරෙන ආකාරය තේරුම්ගැනීමයි. මොවුන්ට සාමන්‍යයෙන් ලිංගික ආත්මාර්ථකාමී බව තිබෙන අතර අනෙකුත් පිරිමින්ගේ ලිංගික පෙරැත්තට හා කාන්තාවන් සමග ලිංගිකව ගනුදෙනු කරන ආකාරයට බැට දෙමින් තෘප්තියක් ලැබීමට කැමතිය. මේ කුහකයන්ගෙන් ඇතමෙක් තමන්ගේ ලිංගික පෙරැත්ත තම ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙසවත් හරියට පිළිනොගෙන තමන් රවටා ගැනීමටත් දක්ෂයෝ වෙති. ස්ත්‍රීවාදී හවුල්කාර පිරිමින්ගෙන් තව කොට්ථාශයක්නම් සමලිංගික හා උභය ලිංගික ආශාවකින් පෙළෙන පිරිසයි. ඔවුන් සාමාන්‍යයෙන් කාන්තා සමලිංගිකත්වයට පක්ෂව විෂම ලිංගික පිරිමින්ට හා අනුරූප විෂම ලිංගික ස්ත්‍රී පාර්ශවයට මතවාදී ලෙස බැට දීමට කැමතිය.
                                          
   ස්ත්‍රීවාදී කුහක පුරුෂ ප්‍රජාව කාන්තාවක් සමග ලිංගික වශයෙන් ගනුදෙනු කරන ආකාරය කතාකිරීමටම වටින දෙයක් වේ. මොවුන් තම ශිෂ්ණය ස්ත්‍රී යෝනිය තුලට ඇතුල් කර ආශ්වාදය ලැබීමට දැඩි කැමැත්තක් දැක්වුවත් සුරතාන්තයට පත්වී වැඩේ අහවර වූ පසු ස්ත්‍රියටම ගැරහීමට අති දක්ෂයෝය. ඔවුන්ට අනුව එය මහා ලොකු හපන් කමකි. ලංකාව වැනි රටවල අධි සදාචාර සම්පන්න සුදනන්ට අනුවනම් ඒ හපන්කම නොකරන්නට පුරුෂ ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගික ස්වභාවය නිරූපනය කරමින් පිරිමින්ගේ ලිංගික පෙරැත්ත කෙරෙහි තම අනුකූලතාවය දක්වන විෂමලිංගික කාන්තාවන් වටිනා සංස්කෘතිය හා සදාචාරය වනසා හමාරය. ගැහැණියකගෙන් ලිංගික ආශ්වාදය ලබා සුරතාන්තයට පත් වුන පසු ඇයට ගැරහීමෙන් නොනවතින බොහෝ කුහක පුරුෂයින් එතැන් පසුවට කරන්නේ තම ලිංගික ආශාවට කිසිදු සහයක් නොදක්වන ස්ත්‍රී  ස්වභාවයක් නැති පුරුෂ භාවය ආරූඪ කරගනිමින් පිරිමි ලෙස හැසිරෙන්නට යන ගැහැනුන් වීරවරියන් කර ඔවුන්ට වැඳුම් පිදුම් කිරීම හා සෙසු පුරුෂ ප්‍රජාවටද තම හපන්කම කිරීමට ගාම්භීර ලෙස අනුබල දීමයි. පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් පෙන්වන හා අනුරූප ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ස්වභාවය නිරූපනය කරන කාන්තාවන්ට තම ලිංගික ආශ්වාදය වෙනුවෙන් ඊට සහය දැක්වීම ගැන කිසිවිටකත් මේ කුහක පුරුෂයා ප්‍රශංසා කරන්නේනම් නැත. යුරෝපය ඇතුළු බටහිර සමාජය තුලද මේ කුහකත්වයන් ගැබ් වී ඇති බවත් ස්ත්‍රීවාදය පසුපස එම කුහකත්වටන් තිබීමත් පුදුමයට කරුණක් නොවේ.
                 
වර්තමානයේ ලොව පුරා රටවල මාර්තු 8 වන දින කිසිදු අවබෝධයකින් තොරව ඔහේ සමරන කාන්තා දිනය තුල ගැබ් වී තිබෙන්නේ සැබෑ ස්ත්‍රී ලිංගික ස්වභාවය නොව ස්ත්‍රීවාදය තුලට කැටි වූ යුරෝපීය පුරුෂයන් පිරිසකගේ ලිංගික කුහකත්වයන් වේ. ලංකාව වැනි රටවල සිදුවන දේවල් දෙස බලන විට මේ තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම හා තේරුම් යෑමට ප්‍රමාද වීම නොහැකියාවකටත් වඩා අවාසනාවකි. මේ දක්වා සිදු වී තිබෙන්නේත් ඉදිරියට සිදුවන්නේත් ස්ත්‍රීවාදය හරහා කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් උරුම වන ස්ත්‍රී ලිංගික ස්වභාවයට එරෙහි  සැහැසි බව කාන්තා දින හරහා කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වීමයි. මෙය එක්තරා විදිහක ලිංගික කුහකත්වයන් හරහා පැනනගින මතවාදී හා ආකල්පමය ත්‍රස්තවාදයකි. ඒ සියල්ල සිදුවන්නේ ස්වභාවධර්මයට අනුව ස්ත්‍රිය පුරුෂයාගේ ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමත් පුරුෂ ලිංගික පෙරැත්තට අනුකූලව ඊට සහය දක්වන ස්ත්‍රී ලිංගික පෙරැත්ත අනුව ක්‍රියා කිරීමත් බලෙන් යටපත් කිරීමටය. මෙය ක්‍රියාවට නගන්න යන කාන්තා විමික්තිකාමිනියන්ට ජවය හා ශක්තිය සපයන්නේ කුහක පුරුෂ ප්‍රජාවයි. ස්ත්‍රීවාදයේ හවුල්කාර ගැහැනු පිරිමි දෙකොට්ඨාශයම ලිංගික කාරනා සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මානව ප්‍රජාව තුල නිරූපනය වීම මැඩපවත්වන ආකාරයකට වේ.
                ලිංගික කාරනා ගැන කතා කිරීමේදී යුරෝපය ප්‍රමුඛ බටහිර සැබෑ යහගුණයන් හා කුහකත්වයන් ගැනත් ලංකාව තුල ස්වදේශීය වශයෙන් බලන කළ දක්නට ඇති සැබෑ යහ ගුණාංග හා කුහකත්වයන් ගැනත් මා මීට පෙර සිටම කරුණු ගෙනහැර දක්වා ඇත. ස්ත්‍රී ලිංගිකත්වයේ සැබෑ ගුණාංග වලට ඉස්මතු වීමට නිදහසක් නොදෙන ස්ත්‍රී නිදහස නමින් ව්‍යාජ සංකල්පයක් යුරෝපීය ස්ත්‍රීවාදය හරහා කරලියට පැමිණෙමින් සැබෑ ලිංගික නිදහසට කෙනහිලිකම් කිරීම දැන් බටහිර රටවල නිල මට්ටමට පැමිණ තිබේ. ලිංගික කාරනා තුලදී අපේ රටට ආවේනික ස්වදේශීය කුහකම්ද නිරතුරුව එක්වීමට බලන්නේ බාහිර ලෝකයේත් ලිංගික කුහකත්වයන් සමග මිස සැබෑ යහපත් ගුණාංග සමග නොවේ. අද බටහිර අධ්‍යාපනය හා පාසල හරහා ප්‍රභූත්වයට පත්ව සිටින්නේ ස්වදේශීය කුහකයන් මෙන්ම ඔවුන් ප්‍රවර්ධනය කරන්නේත් නිරතුරුව තමන් වටිනා යැයි අදහන කුහකත්වයන්ම වේ. මේ කුහකත්වයන් බාහිර ලෝකයේදී යුරෝපය ප්‍රමුඛ බටහිර කුහකත්වයන් සමග එකට කළවම් වන්නේ මේ තත්වය අනුවයි. වර්තමානයේ ලොව වෙනත් රටවල්ල මෙන්ම මෙරට තුලදී සැමරෙන කාන්තා දින තුලත් ස්ත්‍රීවාදී ආකල්පමය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට වඩා වෙනස් දෙයක් සිදු නොවන්නේ ලිංගික කාරනා සම්බන්ධව ස්වදේශීය සැබෑ යහ ගුණාංග වලට මේ තත්වය අබිබවා ඉදිරියට ඒමටද නොහැකි වාතාවරනයක් තුල වේ.
                         
  තවදුරටත් අන්ධ අනුකරනයක් ලෙස ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලටම එරෙහි යුරෝපීයානු ස්ත්‍රීවාදී කාන්තා දින සැමරීමෙන් ලාංකීය කාන්තාවන්ට පලක් නොවේ. එවැනි නිෂ්ඵල ක්‍රියා වෙනුවෙන් කාලය නාස්ති කිරීමට වඩා ලිංගිකත්වයේ ස්වභාවික යහ ගුණාංග අනුව යන ඊට ගරු කරන සැබෑ ආචාරධර්මත් කුහකත්වයන්ට අනුව ගොඩනැගෙන බොරු ආචාරධර්මත් වෙන්කර හඳුනාගැනීම වැදගත් වේ. එවිට ස්ත්‍රීවාදය පසුපස තිබෙන යුරෝපීය පිරිමින්ගේ කුහකකම් මෙන්ම ඒ සමග එකට එක් වීමට නැබුරුවක් දක්වන මෙරට කුහකත්වයන් හා අප සමාජයේ ලිංගික කාරනා සම්බන්ධ සැබෑ වටිනා ගුණාංග වෙන්කර හඳුනාගන්නට අපට පුළුවන්කමක් ලැබේ. ඒ අනුව ස්ත්‍රී ලිංගිකත්වයේ සැබෑ ගුණාංගයන් ඇතුළු ස්ත්‍රී ලිංගික පෙරැත්ත අනුව පුරුෂයාගේ ලිංගික ස්වභාවයට අනුකූලත්වයක් දැක්වීමේ හැකියාව නිසි පරිදි පිළිගනිමින් එයට නිසි ගෞරවය දැක්වීම සමාජයට නුහුරු දෙයක් නොවනු ඇත. ලොව කොතැනක වුවත් අප ගරු කළයුත්තේ ලිංගිකත්වය හා සබැඳි සැබෑ ගුණාංග අගයන නියම ආචාරධර්මයන්ටය. එවිට ස්ත්‍රී ලිංගිකත්වයේ සැබෑ යහගුණයන් සමගින් ස්ත්‍රිය සැබෑ ස්ත්‍රිය ලෙස සමාජයේ සුරක්ෂිත වනු ඇත. මාර්තු 8 වනදාට ඇදබාන ස්ත්‍රීවාදී කෙබර නම් හිතන්නට මොළයක් ඇති කිසිවෙකුට කිසිසේත් වැදගත් නැත. 

පසුගිය වසරේ කාන්තා දිනය නිමිත්තෙන් පල කළ ලිපිය
http://sabalingikanidhahasa.blogspot.com/2014/03/blog-post.html 

Sunday, August 17, 2014

වරද කාන්තාවකට ලස්සන වීමට තිබූ උවමනාවද? නැත්නම් රූපලාවන්‍ය සැත්කමේදී සිදුවූ දෝෂයද?

බ්ලොග් පිටුවට දැමීමට ලිපි සැකසීමේදී සියල්ල පසෙක තබා මේ ලිපිය ලිවීමට අදහස් කළේ පසුගිය දිනෙක වෛද්‍යවරයෙකු ලවා රූපලාවන්‍ය සැත්කමක් කරවාගැනීමට ගිය තවත් වෛද්‍යවරියක් ඒ අතරතුර එන්නතක් ලබාදීමේදී ඇතිවූ අතපසුවීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියයි. මේ ගැන හැකි ඉක්මනින් ලිපියක් පලකිරීමට මාතුල පෙළඹවීමක් ඇති කරවූයේ ඒ සිද්ධිය ගැන අන්තර්ජාලයේ තවත් බ්ලොග් අඩවි වල පලවූ ලිපි හා ඒවාට ලැබී තිබූ ප්‍රතිචාරයන්ගෙන් සමහරක්, අදාල ඛේදජනක සිදුවීමේ වැඩි වගකීම රූපලාවන්‍ය හා කාන්තාවන් තම රූප ස්වභාවය ගැන දක්වන පෙරැත්ත වෙත පැවරීමට උත්සහ කර තිබෙන ආකාරයක් දැකීමෙන් පසුව වේ.
                             මේ සිද්ධියේ සැත්කමට පෙර ලබාදුන් එන්නත විෂවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ළමා රෝහලේ සේවය කළ ප්‍රියංගි අළුත්ගේ නම් වෛද්‍යවරියයි. ඇයගේ මරනයට වගකිවයුතුයැයි චෝදනාවට ලක්ව ඇත්තේද රූපවාහිනී වැඩසටහන් ඔස්සේ රූපලාවන්‍ය උපදෙස් ලබාදෙන ජනප්‍රිය වෛද්‍යවරයෙකු වන නිමල් ගමගේ මහතායි.
                 මියගිය වෛද්‍යවරිය සැකකාර වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයට ගොස් ඔහුගේ සේවය ලබාගෙන් තිබෙන්නේ ඇස් අවට සම පැහැපත් කරගැනීම සඳහායි. උදරයේ මේද තට්ටුවෙන් කොටස් ගෙන ඇස් අවට සමට යටින් තැන්පත් කිරීම මේ සැත්කමේදී සිදුකිරීමට නියමිතව තිබූ බව කියවේ. වෛද්‍යවරයා සැත්කමට පෙර ලබාදී ඇත්තේ ප්‍රතිජීවක එන්නතකි. එහි නම සෙෆියුරොක්සිම් බව ඔහු පොලීසියටද පවසා ඇත. එහිදී ඔහු වැඩිදුර කියා තිබුණේ මෙවැනි ශල්‍යකර්ම වලදී තමා මින් පෙර ප්‍රතිජීවක ලබාදීම සිදුකර නැති බව හා වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය සිදුකළ බවත්ය. සාමාන්‍ය වශයෙන් සැත්කමක් සිදුකිරීමේදී ඊට පෙර සැත්කමට භාජනය කරන පුද්ගලයා සිහි නැති කිරීම හෝ තාවකාලිකව නිර්වින්දනය කිරීම සිදු කරයි. මේ සිද්ධියේදී ඒ ගැන කළ පරීක්ෂණ වලින් අනාවරනය වී ඇත්තේ නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ එවැනි සැත්කමක් කළයුතුව ඇති කෙනෙකු ඊට පෙර සූදානම් කිරීමට නිසි නිර්වින්දන කටයුතු කිරීම සඳහා පහසුකම් නොතිබී ඇති බවයි. නිමල් ගමගේ වෛද්‍යවරයා මියගිය ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරියට ප්‍රතිජීවකය එන්නත්කර අවසන් වීමටත් පෙරම ඇය රෝගාතුරු වී තිබේ. වෛද්‍යවරයා එම අවස්ථාවේ ඇය රෝහල්ගත කිරීමට ගෙන්වාගත් ගිලන් රිය පැය බාගයක් පමණ ප්‍රමාද වී පැමිණෙන විට ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරිය මියගොස් අවසන්ව සිට ඇත. මා මෙසේ ඉදිරිපත් කළේ සිද්ධියේ සාරාංශයයි.
                      

සිද්ධිය ඔය ආකාරයෙන් වී තිබියදී ඒ ගැන ලංකාවේ පුවත් වාර්තා කරන වෙබ් හා බ්ලොග් අඩවි ඇතුළු වෙබ් පිටු බොහොමයක මේ ගැන විවිධ මට්ටමේ විවේචන පල වුනා. මේ ගැන ලියවුනු ඇතැම් ලිපි වලින් හා ඒවාට ලැබී තිබුණ ඇතැම් ප්‍රතිචාර වලින් සිද්ධියට අදාල වෛද්‍යවරිය හම පැහැපත් කරගැනීමට දැක්වූ උනන්දුව ගැනද තරමක් දොස් කියා තිබුණා. එක්තරා සමාජවාදී බ්ලොග් අඩවියකින් සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම දෝශාරෝපනය කර තිබුණේ එයද ඔවුන්ට පුරුදු පරිදි ධනවාදයට ගැටගසමිනි. මාස්වාදීන් ලිංගිකත්වයේ ස්වභාවයන් කෙරෙහි දක්වන ආකල්පය ගැන මා මින් පෙර ලිපියේ බොහෝ කරුණු කියා ඇත. මා හට මෙහිදී කිරීමට අවශ්‍ය වන්නේ මෙවැනි සිදුවීම වල වරද ඇත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූප ස්වභාවය වර්ධනය කරගැනීමට දක්වන ආශාවේ නොව අනාරක්ෂිත ලෙස නුසුදුසු පුද්ගලයන් ලවා එම කටයුතු කරගැනීමට යෑමේ බව පෙන්වා දෙමින් විචාරශීලීව කරුනු ටිකක් පැහැදිලි කිරීමය.
                         පළමුව කියන්නේ මිනිස් ලිංගිකත්වයේ සංකීර්ණ මනෝභාවය අනුව ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ස්වභාවයෙන් පිහිටා තිබෙන සුවිශේෂී ලක්ෂණ හඳුනාගැනීමත් ඊට ආකර්ශනයක් දැක්වීමත් සාමාන්‍ය දෙයක් යන්න හා එය මානව සංහතියේ යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් පැවතිය යුත්තක් යන්නයි. කාන්තාවන්ගේ ප්‍රසන්න පෙනුම ස්ත්‍රීත්වයේ ස්වභාවයට අයත් විශේෂිත ලක්ෂණයක් වේ. එබැවින් කාන්තාවන් පිරිමින්ට ලිංගික වශයෙන් ආකර්ශනය දැනවීම හා සමාජයට පෙනුමෙන් ප්‍රසන්න වීම මානව ප්‍රජාව තුල අනිවාර්ය හා අත්‍යාවශ්‍ය  දෙයක් බවට පත්වී තිබෙන්නේ නිරායාසයෙනි. මේ අනුව කාන්තාවන් ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල ස්වකීය පෙනුම හා ප්‍රසන්න බව පවත්වාගැනීමටත් එය හැකිපමණ වර්ධනය කරගැනීමටත් පෙළඹෙන්නේ ස්වභාවධර්මයේම ආචරනයක් ලෙසයි. මෙයට ඇතමුන් කියන පරිදි ඇති නැති පරතරයක් බලපාන්නේ නැත. හැමෝම තමන්ට හැකි උපරිම ලෙස මේ දෙය සිදුකරනු ලබති. එහි වරදක්ද කොහෙත්ම පෙනෙන්නට නැත. මේ සරල කරුනු කාරනා ටික තේරෙන කාට උනත් ඇස් අවට සම පැහැඇපත් කරගන්න වෛද්‍යවරියට තිබුණ අවශ්‍යතාවය සාධාරනයි කියන එක තේරුම්ගන්න පුලුවන්.
                            

සැබවින්ම මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙත් මිනිසාට විශේෂ වන ලක්ෂණ වලින්. ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස එකිනෙකාට සුවිශේෂී ශාරීරික හා මානසික ස්වභාවයන් කැපී පෙනෙන ලෙස වැඩි දියුණු වෙලා තියෙන්නේ විශිෂ්ඨ වූ මානව ලක්ෂණයක් හැටියට. මානව ප්‍රජාව තුල පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට වෙන් වෙන්ව විශේෂනය වූ හැසිරීම් රටා හා ක්‍රියාකාරකම් ගොඩනැගී තිබෙන්නේ පරිනාමීය වශයෙනුත් උසස් මිනිස් ලක්ෂණයන් ලෙසයි. යම්කිසි සංස්කෘතික පසුබිමක් සැලකීමේදී ඒ තුල කාන්තාවන් හා පිරිමින් එකිනෙකාට විශේෂී ශාරීරික හා මානසික ලක්ෂණ අනුව එකිනෙකාගෙන් වෙනස් ආකාරයට හැඩගැසීම සිදුවන්නේ සමාජයේම යහ පැවැත්මට අවශ්‍ය ආකාරයට මිස කාටවත් අවැඩක් කිරීම පිණිස නොවේ. එහෙත් තමන්ගේම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටවත් ගරු නොකරන කුහකයන්නම් මේ ලක්ෂණයන්ට නිරතුරුව බැට දෙති. ඒ ඔවුන් විසින්ම බොරු සුදන ගුණයක්ද මවාගනිමින්ය. මෙවැන්නන් කිසිවිට ස්ත්‍රී අවශ්‍යතා හා කාන්තාවන්ට ආවේනික වූ ක්‍රියාකාරකම් මිනිස් ප්‍රජාවක ලිංගික සමබරතාවය රැකගැනීමට ඉවහල් වන ආකාරය පිළිනොගනිති.
                              

  කාන්තාවන්ගේ පෙනුම රූප ස්වභාවය පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීම කොයියම්ම සංස්කෘතියක වුවත් ප්‍රධාන දෙයක් වී තිබෙන්නේ ඇයි කියා අමුතුවෙන් කියන්නට දෙයක් තවත් ඇත්ද? වර්තමානයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත්වී අනිවාර්‍ය දෙයක් වී තිබෙන්නේ කාන්තාවන්ට මෙන්ම පොදුවේ සමාජයේ සමබරතාවයටද වැදගත් අංගයක් ලෙසයි. ස්ත්‍රී ශරීර ලක්ෂණ හා ලිංග ලක්ෂණ මත පදනම්වන රූපස්වභාවය ස්ත්‍රී අනන්‍යතාවය නිරූපනය කරන වැදගත් සංකේතයක් වේ. ඒ ගැන තර්ක කරන්නට දෙයක් නැත. අවශ්‍ය වන්නේ ඔය ටික පිළිගන්නට තරම් පිටකොන්දක් නැති කුහක මානසිකත්වය ගැන ප්‍රශ්න කිරීමට එඩිතරකමකි. කාන්තාවන් රූපලාවන්‍ය සැත්කම් කරගන්නට යන්නේ අපේ රටේ පමණක් නොවේ. එවැනි සැත්කම් කිරීමට ගොස් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීමේ දුර්වලතාවය නිසා සිදුවූ මරන වාර්තා වන්නේත් අපේ රටින් පමණක්ම නොවේ. එහෙත් ඒ මරන වලට වගකිවයුත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූපස්වභාවය රැකගැනීමට දක්වන කැමැත්ත යැයි කිසිවෙකුට කිව නොහැක. එමෙන්ම එය හුදෙක් ධනවාදයේ නිර්මාණයක්ද නොවේ. මේ සිද්ධි පැටලිල්ලක් නැතිව තේරුම් ගැනීමටද යම් බුද්ධිමට්ටමක් හා විවුර්ත බවක් තිබෙන්නට අවශ්‍යය. එය පිහිටා තිබුණද කුහකත්වය ඉස්මුදුනින් ගත්කල ඒ එයින් මනස අන්ධ වීම හරහා විචාර බුද්ධියකට ඉඩක් නොලැබේ. මෙවැනි සිද්ධි වල වරද ඇති තැන හඳුනාගැනීම සඳහා හදාගන්නට අවශ්‍ය එම දුර්වලතාවයයි.
                              
    
වෛද්‍ය ප්‍රියංගි අළුත්ගේ මියයෑමේ සිද්ධියේදීද අවධානය යොමුකළයුතු කාරනා එමට තිබේ. පළමුවැන්න ආන්දෝලනාත්මක සැත්කම කිරීමට ගිය නිමල් ගමගේ වෛද්‍යවරයා ශල්‍යකර්ම කිරීමට සුදුසුකම් ඇති අයෙකු නොවීමයි. අනෙක ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යවෛද්‍ය විද්‍යානුකූල පසුබිමක් හා ඒ සඳහා පහසුකම් නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ තිබී නැත. එයත් ගැටළුවකි. මේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ සේවයකර ඇත්තේද සැත්කම් වැනි බරපතල වෛද්‍ය කටයුතු වලට සහය වීමට සුදුසු සේවක පිරිසක්ද නොවේ. එයත් අප අවධානයට ලක්වියයුතු දුර්වලකමකි. දොස්තර නිමල් ගමගේ සැත්කම කරන්නට ගොස් තිබෙන ආකාරය ගැනද ගැටළු ඔහුගේම ප්‍රකාශ වලින් දැකගත හැක. ඔහු සැත්කමට පෙර නිර්වින්දන ක්‍රමවේදයක් අනුගමනය කරන්නට මත්තෙන් මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීමට ඇයට විශවූ ප්‍රතිජීවක එන්නත ලබාදී තිබේ. වෛද්‍යවරයා කියා ඇත්තේද ඔහු වෙනත් අයට මෙලෙස ප්‍රතිජීවක දී නොමැති බව හා මියගිය වෛද්‍යවරීයගේ ඉල්ලීමට එය කළ බවයි. ඔහු ශල්‍යකර්ම කිරීමට සුදුස්සෙක්නම් හා වගකීමෙන් යුතුව එම කාර්‍ය කරන අයෙක්නම් මෙවැනි දෙයක් කරන්නේ නැත. එන්නත වෛද්‍යවරියගේ ගෙල ප්‍රදේශයට එන්නත් කර තිබෙන්නේද නහර සොයාගැනීමට අපහසු වුනා යැයි කියමිනි. සියල්ලට වඩා අපේ අවධානය යොමුවියයුත්තක් මෙතන ඇත. ඒ මියගිය වෛද්‍යවරියද බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකයේ සේවය කළ අයෙකු වීම ගැනයි. කරුණ එසේනම් ඇයටද මෙවැනි ශල්‍යකර්ම ගැන පැහැදිලි දැනුමක් තිබී ඇත. එසේ තිබියදීත් සැත්කම් කිරීමට සුදුසුකමක් නැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලවා මේ සැත්කම කරගැනීමට යෑම ගැනත් තිබෙන්නේ සුලුපටු ගැටළුසහගත බවක් නොවේ.
                             
 
  මේ ගැටළුසහගත තත්වය පැහැදිලිව තිබියදී කාන්තාවන් රූප ස්වභාවය රැකගැනීමට දක්වන රුචිකත්වයට හා සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම බැට දෙමින් බොරු සමාජවාදී ප්‍රලාප කියමින් කුහක මතදාරීන්ට තමන් වැනිම අයවලුන් සමග යම් වින්දනයක් ලැබියහැකි වුවත් විචාරශීලී බවක් තිබෙන කිසිවෙකුවත් බොරුවෙන් මුලාකළ නොහැක. ගතානුගතික බොරු සාරධර්ම කාරයන්ගේ සහයද ඔවුන්ට නොඅඩුවම ලබාගතහැක. නමුත් ඔවුන්ගේ ප්‍රලාප රසවිඳින්නේ කුහකත්වයෙන් මනස අන්ධ කරගත්තවුන්ගේ එකතුව පමණි.

Tuesday, March 18, 2014

ස්ත්‍රී ලිංගිකත්වය පැහැදිලිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට පිරිමින් අපහාස කළයුතුද?


පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධි ඇසුරෙන් ලිංගික කුහකත්වය ගැන උද්වේගකර ලෙස කරුනු ඉදිරිපත් කළෙමි. බොහෝ කරුණු ලිපි වලට එක් කළේ ඇතැම් විට සිතට ආ කේන්තියද යටපත් කරගනිමින්ය. මෙවරත් කතා කිරීමට යන්නේ කිසිවෙක් කිසිවිට කතා කිරීමට ඉදිරිපත් නොවන මෙන්ම එසේ ඉදිරිපත් වුවත් විවුර්තව කරුණු කීමට පැකිලෙන මාතෘකාවක් සම්බන්ධයෙනි.
                    මේ ලෝකයේ ගැහැනු හා පිරිමි ලෙස ලිංග දෙකක් ජීවී සංහතියටම ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඇයි? එයිනුත් ගැහැනු සත්වයෙක් හා පිරිමි සත්වයෙකු ලෙස ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව ලෝකය තුල එකිනෙකාගේ ලිංගිකත්වයට ආවේනික විශේෂණ බොහොමයක් දක්නට ලැබෙන්නේ ඇයි? එයින්ද ඉහල බුද්ධියක් හා සංකීර්ණ මනෝභාවයක් ඇති මිනිස් වර්ගයා තුල ගැහැනු පිරිමි ලිංගික අනන්‍යතාවයන් ශාරීරිකව පමණක් නොව මානසිකවද දෙබින්න වී කැපී පෙනෙන්නේ ඇයි? මේ සියල්ල ස්වභාවධර්මයෙන් ඉදිරියට වර්ධනය කරනුලැබූ ප්‍රභල ලක්ෂණ වේ. ලිංගිකත්වය යන්න ප්‍රජනන අවශ්‍යතාවය සඳහාම ස්වභාවධර්මයෙන් ජීවී සංහතියට දායාද වන්නකි. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැත. ගැහැනු හා පිරිමි වශයෙන් ජීවීන් දෙදෙනෙකු සිටින සත්ව කාණ්ඩ වල ප්‍රජනනයේදී පුරුෂ හා ස්ත්‍රී බීජ සෛල එක්වීමටනම් සතුන් දෙදෙනා ලිංගිකව එක්වියයුතුය. ඒ ලිංගික සංසර්ගය තුලිනි. ඒ ක්‍රියාවලිය ක්‍රමවත්ව ගෙනයෑමට ස්වභාවධර්මයෙන්ම යෙදෙන උපක්‍රමය වන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති කිරීමයි. ඇත්තෙන්ම ගැහැනු හා පිරිමි ජීවීන් තුල සත්ව ලෝකයේ දක්නට ඇති විශේෂිත ලක්ෂණ පිහිටන්නේ මේ ක්‍රියාවලිය ඉලක්ක කරගෙනයි. මිනිස් සංහතිය ගැන කතා කිරීමේදී සංකීර්ණ මනෝභවයන්ද ඇතුලුව ඒ හරහා ගොඩනැගෙන විරුද්ධ ලිංගික ආකර්ෂණය අරුමයක්ද? එය එසේ වන්නේද ගැහැනු හා පිරිමි වශයෙන් ලිංගික සංසර්ගය හරහා දෙපාර්ශවය එක් කිරීමටත් ප්‍රජනන ක්‍රියාවලියටත් අවශ්‍ය යාන්ත්‍රනය ලෙසයි.


                                දැන් එම ආකෘතිය අනුව මිනිස් ප්‍රජාවේ සමාජ සංස්කෘතික ගොඩනැගීම් සලකා බලමු. ඕනෑම ජන සමාජයක් තුල මානව ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ ලෙස දෙභින්න වී ලිංගික විශේෂනයන් අනුව වර්ගීකරනයකට ලක් වීම සිදුවන්නේ ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාගේ ලිංගිකත්වය වෙන් වෙන්ව කේන්ද්‍රීය වන ලෙසයි. ඒ තුල විරුද්ධ ලිංගික ආකර්ශනය හා ලිංගික ක්‍රියාවලියත් ප්‍රජනනයත් ගැබ්වී තිබේ. කිසිවෙකුටත් එය එසේ නොවේ යැයි කිව නොහැක. ගැහැනු හෝ පිරිමි කවරෙකු හෝ වේවා විරුද්ධ ලිංගිකයන් හඳුනාගන්නා සුවිශේෂී ස්වභාවයක් ඕනෑම සමාජ පරිසරයක් තුල දක්නට ඇත. ගැහැනු හෝ පිරිමි කවරෙක් වුවත් සිය විරුද්ධ ලිංගිකයා හඳුනාගන්නේ තම ලිංගිකත්වය තුල දක්නට නැති ප්‍රති විරුද්ධ ලිංගිකත්වයට ආවේනික ශාරීරික හා මානසික ස්වභාවයන් ඇසුරෙනි. එහිදී එකිනෙකාට තම විරුද්ධ ලිංගිකත්වය ප්‍රසන්න දෙයක් වන ආකාරයට මිනිස් සමාජ ගොඩනැගීම සැකසී තිබීම සාමන්‍ය දෙයකි. මා කලින් ලිපි වලද පෙන්වාදුන් ලිංගික කුහකත්වය සමාජයක වැරදි වටිනාකමක් ලබාගෙන ඔඩුගියකල මේ කිසිවක් විවුර්ත භාවයකින් යුතුව පිළිගැනීමට මැලිකමක් ඒ සමාජය තුලින්ම ජනනය වේ. පුරුෂ ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ ස්වරූපය වන ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව නිරූපනය කරන කාන්තාවන් ස්ත්‍රී ලිංගික ස්වභාවයන් මුල්කරගෙන ගැරහීමට හා අපහාසයට ලක්වීමද මෙහි එක් ප්‍රතිඵලයකි.
                                කුහකකම් පැත්තක තබා විවුර්ත භාවයකින් යුතුව මේ සමාජ තත්වය දෙස අප බලන්නේනම් එයින් අප කොපමණ මුලාවකට ඇදවැටෙන්නේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. කාන්තාව යනු ගැහැනු මිනිස් ජීවියාය, ඇය තවත් පුරුෂයෙකු නොවේ. කාන්තාවන් ඕනෑම මානව ජන සමූහයක් තුල ස්ත්‍රී ලිංගික ස්වභාවය නිරූපනය කළයුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානම අංගයයි. ස්ත්‍රී ලිංගික ස්වභාවයන් කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් දායාද වන්නේ ඔවුන්ගේ පැවැත්ම ස්ත්‍රීන් හැටියට ගොඩනගා ගැනීමටයි. එහිදී ඔවුන් තම විරුද්ධ ලිංගිකත්වය වන පුරුෂ ලිංගිකත්වය ස්ත්‍රීත්වයෙන් වෙන්කර හඳුනාගතයුතු වනවා මෙන්ම පුරුෂ ලිංගිකත්වයට සමාඅන්තරව ස්ත්‍රී අන්න්‍යතාවයක් ගොඩනගා ගතයුතුවේ. එමෙන්ම පුරුෂයාට ලිංගික වශයෙන් ප්‍රසන්න වීමත් පිරිමින් ලිංගිකව ආකර්ෂණය කර ගැනීමත් කාන්තාවන්ගේ ජීවිතයේ ප්‍රමුඛ අංග වේ. ඔවුන්ටද පිරිමින්ට මෙන්ම ලිංගික ආශ්වාදය හා තෘප්තිය අවශ්‍යය දරුවන් හැදීමේ අවශ්‍යතාවයද කාන්තාවන්ටත් ස්වභාවයෙන් පිහිටයි. පිරිමි සහකරුවකු සමග ලිංගික ජීවිතයක් ගෙනයෑම ස්වභාවික හැඟීම් දැනීම් අවශ්‍යතා ඇති කාන්තාවන් කාගේත් ජීවිතයේ අනිවාර්ය අංගයක් වන්නේ මෙලෙසිනි. මේ කරුනු කාරනා කෙලින් පිළිගන්නවාට වඩා කුහකත්වයේ මානසික ලෙඩින් පෙළෙන්නන් කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගික ස්වභාවයටම ගැරහීම මහා ලොකු හපන්කමක් යැයි සිතති. 
         
                             සම්ප්‍රදායික කුහක සුදනන් සිරිතක් ලෙස කාන්තා ඇඳුම් විලාසිතා වලට බැනවදිමින් මෝඩ තෘප්තියක් ලබන ආකාරය අප දැක ඇත්තෙමු. ඇතමෙකු කොට ගවුම අල්ලාගෙන එයින් කකුල් පෙන්වන කාන්තාවන් සමාජයේදී ඔවුන් අපහාසුතාවයන්ට පත්කරවන බවට අඩපාලි කියන්නේ යටි හිතෙන් ඊට කැමැත්තක්ද දක්වමිනි. කාන්තාවන් හෝ ගැහැනු ළමුන් කොටට ඇඳීම ඔවුන්ට ගැටලුවක් උනත් ඔවුන් එසේ කරන්නේ අහේතුවකට නොවේ. එයට කැමති පිරිමින් කොටසක්ද සමාජයේම ඇත. එයට බැනවදින පිරිසද එයින් තමන්ට ප්‍රසන්න හැඟීමක් ඇතිකරන බව හිත යටින් දනිති. පුරුෂයා ලිංගික වශයෙන් ආකර්ෂනය කරගන්නා පිරිමින්ට ලිංගික වශයෙන් ප්‍රසන්න හැඟීම් දැනීම් ඇතිකරවන දේ කිරීමට කාන්තාවන් ස්වභාවයෙන් කැමැත්තක් දක්වති. එය එසේ නොවන්නේනම් ඔවුන් මිනිස් වර්ගයට අයත් ගැහැනු මිනිස් ජීවීන්ද නොවෙති. තම ලිංගික ස්වභාවයන් ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව ඒ සමග එකට ජීවත් වීමට කාන්තාවන්ගෙන් වැඩි පිරිසකට තිබෙන හැකියාව පිරිමින් විසින් අගය කළයුත්තක් විනා ගැරහීමට ලක්කළයුත්තක් නොවේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය හමුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන කුහක මෝඩයන් ඔවුන්ගේ බොරු ලැජ්ජාව මහා ලොකු වටිනා දෙයක් යැයි සිතීම සියල්ලට වඩා හෙනයකි. ඔවුන් කාන්තාවන්ටද තම ස්ත්‍රී ස්වභාවයන්ට පිටුපාමින් ස්ත්‍රී විශේෂනයන් නැතිකරගෙන මානසිකව පුරුෂභාවය තුලට යෑමට අනුබල දෙන්නේ එසේ කිරීමෙන් කාන්තාවන්ට වීර චරිත වීමට හැකිවන බවක්ද අඟවමිනි.  කුහකත්වයන් වැඩි සමාජ වල මෙවැනි කුහක පිරිමින් ප්‍රභූත්වයක් හා ව්‍යාජ ප්‍රබුද්ධකමක් ඈඳාගැනීම ඉමහත් විනාශකාරී මෙන්ම අවාසනාවන්ත තත්වයකි.  

                               අද බොහෝ දෙනෙක් නූතන සමාජයේ දියුණුව ගැන නොයෙක් දේ හතර වටින් ඇසුනද ලිංගික කුහකත්වයන් නම් අඩුවන බවක් පෙනෙන්නට නැත. බටහිර රටවල ලිංගික නිදහසක් මහා පරිමාණයෙන් ඇතැයි කීවද එයද සත්‍ය නොවේ. ඇත්තේ ලිංගිකත්වයම විකාරයක් වූ සමාජ පසුතලයකි. එහි ලිංගිකත්වය යන්නෙහි සැබෑ යහගුණයන් හඳුනාගැනීමට පුලුවන්කමක් නැත. වර්තමාන සමාජය හැම අතින්ම දියුණු යැයි සිතන මුලාවට නොයා මානව ඉතිහාසයේ කිසියම් අතීත අවධියක කවර ජනසමූහයක් තුල හෝ ලිංගික කුහ්කත්වයන් මත ගොඩනැගෙන දුර්වලකම් දක්නට නැති, එමෙන්ම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය හඳුනාගනිමින් එය මිනිස් ජීවිත වලට අවශෝෂණය කරගැනීමට උපරිම හැකියාවක් තිබූ අවස්ථාවක් හඳුනා ගතහැකිනම්, ඒ තුලින් හෝ නිවැරදි ආදර්ශයක් වර්තමාන සමාජයට ආදේශ කරගතයුතුය. ස්ත්‍රී ලිංගිකත්වයට ගැරහීමද ඒ තුල නොතිබියයුතු වේ. ලිංගිකත්වය හා ලිංගික ජීවිත වලට පිළිගත ආචාරධර්ම අවශ්‍ය බව අනිවාර්යයෙන් පිළිගතයුතුය. එසේ වුවත් ඒ කිසිවක් ස්වභාවධර්මය ඉක්මවා යන ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනි දේද නොවියයුතුයි. දුර්වලතාවයන් තේරුම් ගැනීමටත් ඒවා මගහරවාගැනීමටත් හැකියාව ඇත්නම් ස්ත්‍රී ලිංගිකත්වය නිවැරදිව සමාජයේ නිරූපනය කරන කාන්තාවන්ට ගරහමින් අපහාස කරන පිරිමින් වීරයන්, සුදනන් වන්නේද නැත.