ලිපියෙන් කියන්නට යන දේ වඩා හොඳින් අවබෝධ කරගැනීමට නම් ස්ත්රීවාදයේත් සැබෑ ස්ත්‍රී ලිංගික ස්වභාවයේත් පරස්පරතාවයන් මොනවාද යන්න නිවැරදිව තේරුම් ගත යුතුව ඇත. මානව වර්ගයාගේ ලිංගිකත්වය සැලකීමේදී පිරිමි මානවයාගේ ලිංගික ස්වභාවයට හා අන් සියළු ජීව විද්‍යානුකූල අංග ලක්ෂණයන්ට සමාන්තරගත ලෙස ගැහැනු මානවයාගේ ස්ත්‍රී ලිංගික ස්වභාවය ස්වභාවධර්මයෙන් ගොඩනැගී ඇත. එබැවින් ස්ත්‍රිය ස්වභාවයෙන් වැඩි කැමැත්තක් දක්වන්නේත් වැඩිපුර නැඹුරු වන්නේත් පුරුෂයාගේ ලිංගිකත්වයට අනුරූප වශයෙන් ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමට මිස පුරුෂභාවය ආරූඪ කරගැනීමට නොවේ. මේ සාමාන්‍ය ස්වරූපයෙහි ප්‍රති විරුද්ධතාවය නැතැයි මම නොකියමි. ඊට විවිධාකාර හේතු තිබේ. නමුත් ප්‍රමුඛතාවය හිමි වන්නේ ස්වභාවයෙන් මා මුලින් කී ආකාරයටය. මෙය සියළුම මානව ශිෂ්ඨාචාරයන්හි පොදුවේ දක්නට ලැබෙන ලිංගික සුවිශේෂීතා අනුව සැදී නිර්මාණය වූ සියල්ලෙන් පෙන්නුම් කරයි. මේ කිසිවක් පුරුෂයාගේ තනි උවමනාවකට සාදාගත් දේ නොවේ.
ස්ත්‍රී පුරුෂ ශාරීරික හා මානසික ලිංගික සුවිශේෂීතා මත ව්‍යුත්පන්න වන සියල්ල අවසන් වශයෙන් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ ලිංගික පෙරැත්ත වටා එක්කාසු වී විරුද්ධ ලිංගික ආකර්ෂණයත් ලිංගික ආශාවේ ස්වභාවයන් එකිනෙකට ගැලපෙන ලෙසත් සැකසී තිබීම ලොව ඕනෑම දියුණු මානව ශිෂ්ඨාචාරයක පොදුවේ දක්නට ලැබේ. ඊට ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබෙන්නේ මේ සියල්ල ස්ත්‍රී පුරුෂ ලිංගික බැඳීම හා ප්‍රජනනය සමග ඒකාබද්ධ වන නිසාවෙනි. මේ සංසිද්ධි සැලකීමේදී සියල්ල පුරුෂ පාර්ශවයෙන් පමණක් තීන්දු වී නැත. පුරුෂයාගේ ලිංගික ස්වභාවය නියෝජනය කරන ඒ වටා ගොඩනැගෙන්නා වූ පුරුෂ ක්‍රියාකාරකම් පද්ධතියටම අනුරූප ලෙස, ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා පුරුෂ ලිංගිකත්වයට අනුකූලතාවය දැක්වීමේ ස්ත්‍රී ස්වභාවය කේන්ද්‍රගත වන ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් සෑම මානව ප්‍රජාවක් තුලම දක්නට ලැබෙන්නේ ස්ත්‍රීවාදීන්ට අනුව කාන්තාවන්ට අසාධාරනයක් හා හිරිහැරයක් වන ආකාරයකට නොවේ. කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ද ඇතුළුව සමස්ථ මානව සංහතියටම වද දෙන්නේ මිනිසාටම ආවේනික ලිංගික කුහකත්වයන් වේ. මේ පැටලිල්ල අප විසින් සුපරික්ෂාකාරී ලෙස ලෙහා ගත යුතුව ඇත.
කාන්තාවන් ස්වභාවිකව වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ පුරුෂ ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමටත් පුරුෂ ලිංගික පෙරැත්ත්ත කෙරෙහි අනුකූලතාවයක් දැක්වීමටත් යන්න ස්ත්‍රීවාදය පිළිනොගනියි. යුරෝපීය ස්ත්‍රීවාදයට අනුව කාන්තාවන්ට පිරිමින්ගේ ලිංගික ආශාවන්ට අනුකූලතාවයක් දැක්වීමට අවශ්‍ය නැත. දරුවන් හැදීමටද ඇයට අවශ්‍යතාවයක් නොවේ. පුරුෂයා සමග ලිංගිකව එක්වෙමින් ආශ්වාදය ලැබීම ස්ත්‍රීවාදයට අනුව පිළිකුල්සහගත දෙයකි. නමුත් ලංකාව වැනි ආසියනු කලාපීය රටවල මේ මතවාද ජනප්‍රිය කිරීම අපහසු බව දන්නා කුහක ස්ත්‍රීවාදීන් මේ අදහස් කෙලින් ප්‍රකාශ නොකර සමාජයට ලැදිකමක් බොරුවට අඟවා සූක්ෂමව සිය මතවාද සමාජගත කිරීම සිදු කරති. ආසියාවේ පමණක් නොව යුරෝපයේ වුවද ස්ත්‍රීවාදී අදහස් උදහස් කරලියට පැමිණ ශක්තිමත් වීමට බලපෑ ප්‍රධාන සිද්ධිය කාර්මීකරණයත් සමග බටහිර සමාජය වල්මත් වීමයි. එහිදීද ස්ත්රීවාදයේ බොහෝ කුරිරු හා පුරුෂයාගේ ලිංගිකත්වයට එරෙහි අංගයන් අතු ඉති ලා වැඩුනේ ඉතා සූක්ෂමව හොර රහසේය. අද බටහිර සමාජයද මෙයින් විඳවන බව ලොවට ඒ තරමට ඒත්තු ගැන්වී නැත.
වර්තමානය වන විට යුරොපය ඇතුළු බටහිර රටවල ස්ත්රීවාදිනියනුත් සෙසු රටවල ඔවුන්ගේ අනුගාමික ස්ත්රීවාදිනියනුත් කාන්තාව පුරුෂයාගේ කාම වස්තුවක් නොවන බව හා කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ දරුවන් වැදීමට නොවන බවට සටන් පාඨ ගෙන ආවද මේ සියල්ල පසුපස බටහිර යොරෝපීය කුහක පිරිමි ප්‍රජාව හා ඒ කුහකයන්ගේ අනුගාමිකයන් වන සෙසු රටවල පිරිමින් සිටින බව දන්නෝ දනිතත් නොදන්නෝද වටහා ගතයුතුය. වැදගත්ම දෙය නම් ස්ත්‍රීවාදයක් හදා සමස්ථ ස්ත්‍රී ප්‍රජාවටම එය බලෙන් පටවමින් ඒ පසුපස සිට ස්ත්‍රීවාදය ප්‍රවර්ධනය කරන කුහක පුරුෂ ප්‍රජාව හැසිරෙන ආකාරය තේරුම්ගැනීමයි. මොවුන්ට සාමන්‍යයෙන් ලිංගික ආත්මාර්ථකාමී බව තිබෙන අතර අනෙකුත් පිරිමින්ගේ ලිංගික පෙරැත්තට හා කාන්තාවන් සමග ලිංගිකව ගනුදෙනු කරන ආකාරයට බැට දෙමින් තෘප්තියක් ලැබීමට කැමතිය. මේ කුහකයන්ගෙන් ඇතමෙක් තමන්ගේ ලිංගික පෙරැත්ත තම ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙසවත් හරියට පිළිනොගෙන තමන් රවටා ගැනීමටත් දක්ෂයෝ වෙති. ස්ත්‍රීවාදී හවුල්කාර පිරිමින්ගෙන් තව කොට්ථාශයක්නම් සමලිංගික හා උභය ලිංගික ආශාවකින් පෙළෙන පිරිසයි. ඔවුන් සාමාන්‍යයෙන් කාන්තා සමලිංගිකත්වයට පක්ෂව විෂම ලිංගික පිරිමින්ට හා අනුරූප විෂම ලිංගික ස්ත්‍රී පාර්ශවයට මතවාදී ලෙස බැට දීමට කැමතිය.
ස්ත්‍රීවාදී කුහක පුරුෂ ප්‍රජාව කාන්තාවක් සමග ලිංගික වශයෙන් ගනුදෙනු කරන ආකාරය කතාකිරීමටම වටින දෙයක් වේ. මොවුන් තම ශිෂ්ණය ස්ත්‍රී යෝනිය තුලට ඇතුල් කර ආශ්වාදය ලැබීමට දැඩි කැමැත්තක් දැක්වුවත් සුරතාන්තයට පත්වී වැඩේ අහවර වූ පසු ස්ත්‍රියටම ගැරහීමට අති දක්ෂයෝය. ඔවුන්ට අනුව එය මහා ලොකු හපන් කමකි. ලංකාව වැනි රටවල අධි සදාචාර සම්පන්න සුදනන්ට අනුවනම් ඒ හපන්කම නොකරන්නට පුරුෂ ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගික ස්වභාවය නිරූපනය කරමින් පිරිමින්ගේ ලිංගික පෙරැත්ත කෙරෙහි තම අනුකූලතාවය දක්වන විෂමලිංගික කාන්තාවන් වටිනා සංස්කෘතිය හා සදාචාරය වනසා හමාරය. ගැහැණියකගෙන් ලිංගික ආශ්වාදය ලබා සුරතාන්තයට පත් වුන පසු ඇයට ගැරහීමෙන් නොනවතින බොහෝ කුහක පුරුෂයින් එතැන් පසුවට කරන්නේ තම ලිංගික ආශාවට කිසිදු සහයක් නොදක්වන ස්ත්‍රී ස්වභාවයක් නැති පුරුෂ භාවය ආරූඪ කරගනිමින් පිරිමි ලෙස හැසිරෙන්නට යන ගැහැනුන් වීරවරියන් කර ඔවුන්ට වැඳුම් පිදුම් කිරීම හා සෙසු පුරුෂ ප්‍රජාවටද තම හපන්කම කිරීමට ගාම්භීර ලෙස අනුබල දීමයි. පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් පෙන්වන හා අනුරූප ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ස්වභාවය නිරූපනය කරන කාන්තාවන්ට තම ලිංගික ආශ්වාදය වෙනුවෙන් ඊට සහය දැක්වීම ගැන කිසිවිටකත් මේ කුහක පුරුෂයා ප්‍රශංසා කරන්නේනම් නැත. යුරෝපය ඇතුළු බටහිර සමාජය තුලද මේ කුහකත්වයන් ගැබ් වී ඇති බවත් ස්ත්‍රීවාදය පසුපස එම කුහකත්වටන් තිබීමත් පුදුමයට කරුණක් නොවේ.
වර්තමානයේ ලොව පුරා රටවල මාර්තු 8 වන දින කිසිදු අවබෝධයකින් තොරව ඔහේ සමරන කාන්තා දිනය තුල ගැබ් වී තිබෙන්නේ සැබෑ ස්ත්‍රී ලිංගික ස්වභාවය නොව ස්ත්‍රීවාදය තුලට කැටි වූ යුරෝපීය පුරුෂයන් පිරිසකගේ ලිංගික කුහකත්වයන් වේ. ලංකාව වැනි රටවල සිදුවන දේවල් දෙස බලන විට මේ තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම හා තේරුම් යෑමට ප්‍රමාද වීම නොහැකියාවකටත් වඩා අවාසනාවකි. මේ දක්වා සිදු වී තිබෙන්නේත් ඉදිරියට සිදුවන්නේත් ස්ත්‍රීවාදය හරහා කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් උරුම වන ස්ත්‍රී ලිංගික ස්වභාවයට එරෙහි සැහැසි බව කාන්තා දින හරහා කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වීමයි. මෙය එක්තරා විදිහක ලිංගික කුහකත්වයන් හරහා පැනනගින මතවාදී හා ආකල්පමය ත්රස්තවාදයකි. ඒ සියල්ල සිදුවන්නේ ස්වභාවධර්මයට අනුව ස්ත්‍රිය පුරුෂයාගේ ලිංගිකත්වයට අනුරූප ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමත් පුරුෂ ලිංගික පෙරැත්තට අනුකූලව ඊට සහය දක්වන ස්ත්‍රී ලිංගික පෙරැත්ත අනුව ක්‍රියා කිරීමත් බලෙන් යටපත් කිරීමටය. මෙය ක්‍රියාවට නගන්න යන කාන්තා විමික්තිකාමිනියන්ට ජවය හා ශක්තිය සපයන්නේ කුහක පුරුෂ ප්රජාවයි. ස්ත්රීවාදයේ හවුල්කාර ගැහැනු පිරිමි දෙකොට්ඨාශයම ලිංගික කාරනා සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් මානව ප්‍රජාව තුල නිරූපනය වීම මැඩපවත්වන ආකාරයකට වේ.
ලිංගික කාරනා ගැන කතා කිරීමේදී යුරෝපය ප්රමුඛ බටහිර සැබෑ යහගුණයන් හා කුහකත්වයන් ගැනත් ලංකාව තුල ස්වදේශීය වශයෙන් බලන කළ දක්නට ඇති සැබෑ යහ ගුණාංග හා කුහකත්වයන් ගැනත් මා මීට පෙර සිටම කරුණු ගෙනහැර දක්වා ඇත. ස්ත්‍රී ලිංගිකත්වයේ සැබෑ ගුණාංග වලට ඉස්මතු වීමට නිදහසක් නොදෙන ස්ත්‍රී නිදහස නමින් ව්‍යාජ සංකල්පයක් යුරෝපීය ස්ත්‍රීවාදය හරහා කරලියට පැමිණෙමින් සැබෑ ලිංගික නිදහසට කෙනහිලිකම් කිරීම දැන් බටහිර රටවල නිල මට්ටමට පැමිණ තිබේ. ලිංගික කාරනා තුලදී අපේ රටට ආවේනික ස්වදේශීය කුහකම්ද නිරතුරුව එක්වීමට බලන්නේ බාහිර ලෝකයේත් ලිංගික කුහකත්වයන් සමග මිස සැබෑ යහපත් ගුණාංග සමග නොවේ. අද බටහිර අධ්‍යාපනය හා පාසල හරහා ප්‍රභූත්වයට පත්ව සිටින්නේ ස්වදේශීය කුහකයන් මෙන්ම ඔවුන් ප්‍රවර්ධනය කරන්නේත් නිරතුරුව තමන් වටිනා යැයි අදහන කුහකත්වයන්ම වේ. මේ කුහකත්වයන් බාහිර ලෝකයේදී යුරෝපය ප්රමුඛ බටහිර කුහකත්වයන් සමග එකට කළවම් වන්නේ මේ තත්වය අනුවයි. වර්තමානයේ ලොව වෙනත් රටවල්ල මෙන්ම මෙරට තුලදී සැමරෙන කාන්තා දින තුලත් ස්ත්‍රීවාදී ආකල්පමය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට වඩා වෙනස් දෙයක් සිදු නොවන්නේ ලිංගික කාරනා සම්බන්ධව ස්වදේශීය සැබෑ යහ ගුණාංග වලට මේ තත්වය අබිබවා ඉදිරියට ඒමටද නොහැකි වාතාවරනයක් තුල වේ.
තවදුරටත් අන්ධ අනුකරනයක් ලෙස ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලටම එරෙහි යුරෝපීයානු ස්ත්‍රීවාදී කාන්තා දින සැමරීමෙන් ලාංකීය කාන්තාවන්ට පලක් නොවේ. එවැනි නිෂ්ඵල ක්‍රියා වෙනුවෙන් කාලය නාස්ති කිරීමට වඩා ලිංගිකත්වයේ ස්වභාවික යහ ගුණාංග අනුව යන ඊට ගරු කරන සැබෑ ආචාරධර්මත් කුහකත්වයන්ට අනුව ගොඩනැගෙන බොරු ආචාරධර්මත් වෙන්කර හඳුනාගැනීම වැදගත් වේ. එවිට ස්ත්‍රීවාදය පසුපස තිබෙන යුරෝපීය පිරිමින්ගේ කුහකකම් මෙන්ම ඒ සමග එකට එක් වීමට නැබුරුවක් දක්වන මෙරට කුහකත්වයන් හා අප සමාජයේ ලිංගික කාරනා සම්බන්ධ සැබෑ වටිනා ගුණාංග වෙන්කර හඳුනාගන්නට අපට පුළුවන්කමක් ලැබේ. ඒ අනුව ස්ත්‍රී ලිංගිකත්වයේ සැබෑ ගුණාංගයන් ඇතුළු ස්ත්‍රී ලිංගික පෙරැත්ත අනුව පුරුෂයාගේ ලිංගික ස්වභාවයට අනුකූලත්වයක් දැක්වීමේ හැකියාව නිසි පරිදි පිළිගනිමින් එයට නිසි ගෞරවය දැක්වීම සමාජයට නුහුරු දෙයක් නොවනු ඇත. ලොව කොතැනක වුවත් අප ගරු කළයුත්තේ ලිංගිකත්වය හා සබැඳි සැබෑ ගුණාංග අගයන නියම ආචාරධර්මයන්ටය. එවිට ස්ත්‍රී ලිංගිකත්වයේ සැබෑ යහගුණයන් සමගින් ස්ත්‍රිය සැබෑ ස්ත්‍රිය ලෙස සමාජයේ සුරක්ෂිත වනු ඇත. මාර්තු 8 වනදාට ඇදබාන ස්ත්‍රීවාදී කෙබර නම් හිතන්නට මොළයක් ඇති කිසිවෙකුට කිසිසේත් වැදගත් නැත.
පසුගිය වසරේ කාන්තා දිනය නිමිත්තෙන් පල කළ ලිපිය
http://sabalingikanidhahasa.blogspot.com/2014/03/blog-post.html
සමලිංගිකත්වය හා ස්ත්‍රීවාදය අතර සම්බන්ධය කුමක්ද
ReplyDeleteකිසිදා නොවූ විරූ ස්ත්‍රීවාදී ප්රබෝධයක් යහපාලන ආණ්ඩුව තුලින් ඇතිවී තිබෙනවා. මෙයින් අපේ පවුල් සංස්ථාවට හා සමාජයට කවර බලපෑමක් වෙයිද
බටහිර ස්ත්‍රීවාදය සමාජයට බලෙන් පටවන්න ඉඩ වැඩියි
ඔබ මොකද කියන්නෙ
මගේ නම කිසිවෙක් නැහැ. ඒක තමයි මගෙ අරුම පුදුම නාමය.
ReplyDeleteඒකෙ තේරුම කවුරුවත්ම නෑ කියන එක.
ඔබේ බොලොග් එක ආසාවෙන් කියවනවා.
මාතලන් , අජිත් කුමාර , කොත්තු සහ ලාංකීය සිතිවිලි සින්ඩි වලට දාන්න.
බටහිර ස්ත්‍රීවාදය ඉදිරියේදී අපේ සමාජයට බලෙන් පටවාවි. සියල්ල සී සී කඩ යාවි.මොකද මේ වෙන්න යන්නෙ
- මීට කිසිවෙක් නැහැ
මමත් පිළිගන්නව කාන්තා දිනය විතරක් නෙවෙයි ජාත්‍යන්තර දින සේරම වගේ ලෝකය ඉල්ලපුවට වඩා බටහිරින් එලිබැහැල පස්සෙ අනිකුත් රටවල බටහිර අනුගාමික පරපුර පුරුද්දක් විදිහට වාලේ සමරන දින කියන එක.
ReplyDeleteමේව කොච්චර තේරුම් කරන්න ගියත් තේරුම්ගන්න පුළුවන් පිරිස අඩුයි. ඔය කාන්තා විමුක්තිය වගේ විකුර්ති මතවාද වලින් තාම අපේ රටේ ගොඩ දෙනෙක් හරියට බැට කාල නෑ. එහෙම උනානම් තේරෙනවා බටහිර මතවාද ඔලුවේ පුරවගෙන තමන් කරන ගොන්කම් මොනවද කියලා.
ReplyDelete