Pages

Sunday, June 21, 2015

යහපාලනය සමග හිස ඔසවන සමලිංගික බලවේගය

             පින්තූරය උපුටා ගැනීම-http://www.yuthukama.com/2015/05/Homo.html

සැබෑ ලිංගික නිදහස හා බොරු ලිංගික නිදහස අතර වෙනස ගැන කලක් තිස්සේ ලිපි ලියා ඇති මා හට පසුගිය දාක වත්මන් රජය ජාත්‍යන්තරය ඉදිරියේ කළ රටට නින්දාසහගත ක්‍රියාවක් ගැන යමක් කිවයුතු යැයි සිතිනි. දේශපාලනය මාහට තිත්තය. එහෙත් මේ සිද්ධිය ගැන යමක් කිවයුතු නිසා ඊට අදාල දේශපාලන වටපිටාව හා ඉන් සිද්ද වන බලපෑම් ගැන කරුනු දක්වමි. අදාල කාරනය මෙයයි. පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී එම සංවිධානයේ කාර්ය මණ්ඩලයේ සිටින සමලිංගිකයන්ගේ පවුල්කෑම පිළිගැනීමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව රුසියාව ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව අනෙකුත් සමලිංගිකත්වයට පක්ෂ රටවල් සමග එකට සිටිමින් විරෝධය පා තිබෙනවා. මෙය එක් අතකින් රටේ අනන්‍යතාවයට එල්ල කළ මරු පහරක්, අනෙක් පැත්තෙන් සමලිංගිකත්වය පිළිනොගන්නා ලංකාවේ අතිමහත් බහුතරයකට කළ අවමානයක්. 
                           ලිංගික නිදහසේ සැබෑව හා මුලාව ගැන මුල සිටම කරුණු කියා ඇති සේම සමලිංගිකත්වයට නිදහසක් තිබියයුතුය යන්න කුහක කමේ මුලාවක් මිස එය මානව ප්‍රජාව තුල නියත සංසිද්ධියක්ද නොවන බව නොපැකිලව කියමි. සමලිංගිකත්වය වෙනුවෙන් පෙනීහිටින්නන් ඊට පක්ෂව විවිධ තර්ක කරන බැවින් ඒ සඳහාද මුලින් පිළිතුරක් දීමට මා කැමතිය. පෙර ලියූ ලිපි වලින් පෙන්වාදුන් ආකාරයටම මා මෙහිදීද කෙලින්ම කියන්නේ මානව ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් එකිනෙක වෙනස් අතර මේ සුවිශේෂී මනෝභාවයන්ට අනුව ඒවා පිහිටන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය ශක්තිමත් වන ලෙස එකිනෙකාගේ ලිංගික සුවුශේෂත්වයන්ට සංවේදී වන අයුරිනි. මේ ලිංගිකත්වයට ආවේනික ස්වභාවයේ ගති ලක්ෂණය පිහිටන්නේ අන් කිසිවක් සඳහා නොව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ලිංගික එක්වීමට අවශ්‍ය පසුබිම සකසා දීමට වේ. එය එසේ සිදුවන්නේ ඒක ලිංගික ජීවීන්ගේ පිරිමි ජීවියා සතු ප්‍රජනන බීජ ගැහැනු ජීවියාගේ ප්‍රජනන බීජය වෙත ලඟාකරවීමටයි. ලිංගික සංසර්ගය මෙහි යාන්ත්‍රණය වේ. පිරිමි ජීවියාගේ ලිඟුව ගැහැනු ජීවියාගේ යෝනි මාරගය තුලට ඇතුල්කර එම කර්තව්‍ය සිදු කිරීමට ස්වභාවධර්මයෙන් එම අවයව පිහිටා තිබීම බුද්ධිය වැඩුනු කෙනෙකුට පමණක් නොව මන්ද බුද්ධිකයෙකුට පවා තේරෙන දෙයකි. එසේ තිබියදී විවිධ හේතූන් මත විකුර්ති මනෝභාවයන්ට පත්ව තම විරුද්ධ ලිංගිකයාගේ කායික මානසික සුවිශේෂත්වයන් ඇසුරෙන් ලිංගික ආශ්වාදය ලැබීමට අසමත්ව හා අසංවේදීව තම ලිංගයටම අයත් වන අයෙකු ඇසුරෙන් එම කර්තව්‍ය කරගැනීම විකුර්ති හැසිරීමක් යැයි කීමට බිය වියයුතු නැත. එය සාධාරන බවට තර්ක කරන්නේ ඒ මනෝ විකුර්තිතාවයන්ට පත් වූවන්ටත් වඩා විරුද්ධ ලිංගික සංසර්ගය දෙස පිළිකුලෙන් බලමින් එය මහා ලොකු වීරකමක් මෙන්ම සත්ගුණවත් බවක් ලෙස සෙසු ලෝකයා ඉදිරියේ අඟවන කුහකයන් වෙති.
                           

ලංකාව තුල මේ වන විට සිටින සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී හිටින්නන්ට එම ආභාශය ලැබී ඇත්තේ බටහිර අනුකාරකත්වයේ ආභාශයෙන් බව කිවයුත්තක් නොවේ. මේ පිරිස අතරට විවිධාකාරයේ බටහිර මතවාද කරපින්නාගන්නවුන් අයත් වෙති. බටහිර සමාජයේ දැනුම හා කතෝලික ආගමේ ඉගැන්වීම අතර තිබෙන ගැටුම ජනප්‍රිය එකකි. කතෝලික ආගමේ මිත්‍යාවන් කොතෙක් තිබුණද කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබූ ලිංගික සදාචාරයන් හැම අතින්ම වැරදි යැයි කිව නොහැක. ලිංගිකත්වය ගැන කතෝලික දර්ශනය ලිංගිකත්වයේ ස්වභාවයන් ඉක්මවා යන්නක් නොවේ. ආගමික මිත්‍යාවන් බැහැර කළද ආගමික මිත්‍යාවන් සමග ගැටගසා කතෝලික සංස්කෘතියෙන් පිළිගෙන තිබෙන ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳිමින් ගෙනයායුතු දිවි පෙවෙතද ප්‍රතික්ෂේප කිරීම කුහක කමේ උමතු ගතියකි. කාර්මික විප්ලවයෙන් පසුව ආත්මාර්ථකාමීත්වයේ හිනි පෙත්තට නැගි බටහිර සමාජය වගකීම් දැරීමට මැලි වූ සීසීකඩ ගිය එකක් විය. භෞතික සම්පත් වලින් අඩුවක් නොවූ මෙන්ම දැනුමෙන් සන්නද්ධ වූ බටහිර සමාජයේ ලිංගික කුහකත්වයන් නම් සංවර්ධනය සමග අඩු වුනාම යැයි කිව නොහැක. බොහෝ දුරට සිදු වුනේ දැනුම හා තාක්ෂණික දියුණුවට ලිංගික කුහකත්වයන් කලවම් වී ස්වභාවධර්මය ඉක්මවා ගොස් මිනිසුන්ගේ නොහික්මුනු මුරණ්ඩු කම් මත ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන් දෝෂදර්ශණයට ලක් කිරීමයි. එහිදී බටහිර කුහක සත්ගුණවත් පිරිමි කට්ඨාශයේ ජනප්‍රිය තර්කය වූයේ ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට කීකරු වෙමින් ඒ අනුව මානව සමාජයේ ලිංගික බැඳීම් හා ප්‍රජනන රටාව ගොඩනැගී තිබීම කාන්තාවන්ට කරදරයක් හා අසාධාරණයක් යන්නයි. මේ චෝදනාවට වග උත්තරකරු වූයේ ඔවුන් වැනිම වූ එහෙත් ඔවුන් නොවන සමාජයේ සෙසු පිරිමි ප්‍රජාවවයි. මේ තත්වය වටා තව තවත් ගොනු වූ කුහකකම් හා නොහික්මුණු මුරණ්ඩුකම් පරපුරෙන් පරපුරට වර්ධනය වී ලිංගිකත්වයේ සමස්ථ ජීව විද්‍යාත්මක ආකෘතිය හා ප්‍රජනනය පවා ස්වභාවිකත්වය අනුව ඉදිරියට පැමිණ ඇති ආකාරය ත් වෙනස් වීමේ රටාවත් වැරදි යැයි කියන මට්ටමට පැමිණ ඇත. බටහිර බොහෝ කුහකයන් සමලිංගිකත්වයට මග පාදන සමාජමය සාධකයන් වැරදි දේ ලෙස නොදුටුවෝය. එසේ වූයේ ඔවුන්ගේම කුහකකම අනුවයි. මේ කුහකත්වයට අනුව එම සමාජීය වැරදි කාන්තාවන්ට නිදහස ලබාදෙන වැදගත් දේවල් විය. අතීත බටහිර සමාජයේ සමලිංගිකත්වය රෝගී තත්වයක් ලෙස සලකා ප්‍රතිකර්මද කර තිබේ. මේවා සාර්ථකව සිදුවූ බවටද සාක්ෂි ඇත. නමුත් කුහකකම් වලින් සමාජය අන්ධ වීමත් සමග පිරිමියාගේ ලිඟුව ගැහැනියගේ යෝනිය තුලට ඇතුල් කිරීම තරම් වරදක් හොයාගන්නට යුරෝපීය කුහක පිරිමින්ට නොහැකි විය.
                 

බටහිර ලිංගික වෙබ් අඩවි වලින් කුමක් පෙන්වුවත් අද මේ වෙබ් අඩවි සියල්ල ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග වලට පටහැනිවයි. මානව ලිංගිකත්වයේ සැබෑ ගුණාංග වලට පිරිමි හා ගැහැනු ලිංගික ස්වභාවයන්හි එකිනෙකට අනුරූප බව හා ගැලපීමද අයත් වේ. එබැවින් මානව ප්‍රජාවන් තුල පිරිමි ගැහැනු ලෙස ලිංගිකත්වයේ සුවිශේෂීතා අනුව ලිංගික ආකර්ශණය හා ගැලපීම ඇතිවන ලෙස ගොඩනැගෙන ක්‍රියාකාරකම් කුහක මිනිසුන්ගේ මනසට අනුව කෙසේ වෙතත් ස්වභාවධර්මයට එකඟ වේ. නමුත් පිරිමියාගේ ලිංගික පෙරැත්ත කෙරෙහි අනුකූලත්වයක් දැක්වීමට කාන්තාවන්ට හැඟීම් සංවේදනයන් හෝ සමාන්තර ලිංගික පෙරැත්තක් තිබෙන බව නොසලකා මානව ප්‍රජාව තුල ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයන්හි ගැලපීම හුදෙක් පිරිමියා විසින් ගැහැනිය යටත් කරගෙන තම කාමුක අවශ්‍යතා හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරා ගැනීමක් ලෙස ගැනීමට පිරිමින් අතරම සිටින කුහකයන් ප්‍රජාවටම බල කරති. මේ කුහකයන් ඇතැම් විට ප්‍රජාවක ධනවතුන් හා ප්‍රභූවරුන් වෙති. එහිදී ඔවුන් උපරිම ලෙස කම් සැප විඳිමින් තමන් වැනිම සෙස්සන් තමන්ගේ තරඟකරුවන් වීම වැලැක්වීමේ ලිංගික ආත්මාර්ථකාමීත්වයෙන්  හා ඊර්ෂ්‍යාවෙන්ද පෙළෙති. මේ අප්‍රකට සංසිද්ධීන් එකට කැටි වූ කළ සමලිංගිකත්වයට ඉඩකඩ සපයන මනෝභාවයන්ගේ හටගැනීමත් එවැනි හැසිරීම වර්ධනය වන සමාජීය සාධකයනුත් මානව ප්‍රජාවක් තුලින් ඉවත් කළයුතු මට්ටමේ දේවල් හැටියට දකින්නට පුද්ගලයාගේ මනසට ඉඩ සැලසෙන්නේ නැත. එවැනි තත්වයක් තුල කාන්තාවගේ නිදහස හා අභිවුර්ධිය වෙනුවෙන් සමලිංගිකත්වයටත් ඊට පාදක වන සමාජ පසුබිමටත් පිළිගැනීමක් ඇති කිරීමට කුහකයන්ගේ කුහක මනස පෙළඹීම අරුමයක් නොවේ. යුරෝපීය සමාජයේ කුහක පිරිමින්ගේ නිර්මාණයක් ලෙස පැන නැගුනු ස්ත්‍රීවාදය සමලිංගිකත්වය සමග අන්‍යෝන්‍ය ලෙස බැඳෙන්නේ මෙලෙසිනි.
                     
ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි යටත් විජිතවාදයේ ආභාශය නැතුවා නොවේ. යටත් විජිතවාදය සමග මෙරටින් බිහි වූ බටහිර අනුකරනවාදී පැලැන්තිය බටහිරට අනුව ලංකාවද වෙනස් වියයුතුයැයි නිරතුරුව සිතති. ලංකාවේ සමලිංගිකත්වය නීතියෙන් තහනම් වී ඇත්තේ කතෝලික ආභාශය මත ඉංග්‍රීසි නීතියෙන් යැයිද අපේ රටට එය අදාල නැතැයිද කෙනෙක් කිව හැක. නමුත් මා කියන්නේ සමලිංගිකත්වය ඉංග්‍රීසි නීතියෙන් තහනම් වුවත් එය අපේ රටේ අනාදිමත් කාලයක සිට පිළිගෙන තිබූ දෙයක්නම් යටත් විජිතවාදයෙන් නිදහස ලැබූ පසු එම නීති අවලංගු කිරීමට බලධාරීන් ක්‍රියා කළයුතුව තිබුණි යන්නයි. එහෙත් එවැන්නක් සිදු වී නැත. එම නීතිය අද වන විට අවලංගු කිරීමටද බැරිය. ඒ මෙරට අති විශාල බහුතරයක් සමලිංගිකත්වයට විරුද්ධ බැවිනි. වෙනත් ආකාරයකට කියන්නේනම් ඉංග්‍රීසි නීතියෙන් ලංකාවේ සමලිංගිකත්වය තහනමට ලක්කර තිබීම ලාංකීය සමාජයද එක එල්ලේම අනුමත කර ඇත යන්නයි. ඊට අමතරව තවත් දෙයක් ඇත. එනම් එංගලන්තයේ මේ වනවිට සමලිංගිකත්වය පිළිගෙන තිබුණත් මෙරට ඉංග්‍රීසි ක්‍රමයට වෙනස් වී සමලිංගිකත්වය පිළිගැනීමද කිසිවෙක් අනුමත නොකරන බවයි. මෙරට බටහිර අනුකරනවාදී පැලැන්තිය සිරිතක් ලෙස චන්දය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට සමලිංගික හා විවිධාකාර විකුර්ති කාම ආශාවන්ගෙන් පෙලෙන්නන් බහුල ලෙස සිටිති. පක්ෂ නායකයාගේ හැසිරීමද ප්‍රසිද්ධ රහසකි. ඔහු විසින් පක්ෂයේ වැදගත් තනතුරු වලට පවා සමලිංගිකයින් පත්කරගැනීමට යම් කැමැත්තක් දක්වයි. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති වකවානු වල රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ යොවුන් සේනාංක හරහාද ඔහුගේ ආරයට යන තරුණ පිරිසකට වැඩි තැනක් ලැබී ඇත. එක්සත් ජාතික පක්ෂය බලවත් වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින මේ අවස්ථාවේද සමලිංගිකත්වයට දක්වන අනුග්‍රහය වැඩි වී ඇත. තරුණ සේවා සභාව තුලත් එක්සත් ජාතික පක්ෂයේ යොවුන් බල මණ්ඩල තුලත් සමලිංගිකත්වයට අනුග්‍රහය ලැබීමේ ප්‍රවණතාවය මේ වනවිට දක්නට ඇත. එක්සත් ජාතික පක්ෂය ලිංගිකත්වය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේද මේ වනවිට බටහිර රටවල් අනුගමනය කරන ප්‍රතිපත්තිම වේ. ඒ ඔවුන්ට ඇති බටහිර ආභාශය හා අනුකාරකත්වය හේතු කොට ගෙනය.

                     
මේ වසරේ ජනවාරි මස 8 වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගැනීමත් සමග එසැනින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කළේය. ඉන් පසු ඔහුගේ සහචර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු සාමාජිකයින් පිරිසකට ඇමතිකම් ලබා දෙමින් සුළුතර රජයක්ද පිහිටවීය. ජනාධිපතිවරයා තම පක්ෂයේ සාමාජිකයින් කීපදෙනෙකුටද ඇමතිකම් ලබාදී රනිල් වික්‍රමසිංහ මහතාට සුළුතර ආණ්ඩුව බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ සලසා දීමටද වගබලා ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන පිළ ජයගතහොත් ලිංගිකත්වය හා සමාජය සම්බන්ධයෙන් සිදුවීමට ඉඩ තිබෙන්නේ කවරාකාර දේද යන්නත් මහින්ද රාජපක්ෂ මහතා ජයගතහොත් වීමට ඉඩ තිබුණේ කවර දේද යන්නත් ගැන ඉඟි සහිත ලිපියක් මැතිවරණයට පෙර දිනක පල කළෙමි. අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය ජයගෙන ඇති වටපිටාවක මා ඉඟිකළ බොහෝ කරුණු සත්‍ය බව පසක් වෙමින් ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති බලතල වල රැකවරන මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සුළුතර රජය තමන් විසින් පරමාදර්ශ කොට සලකන බටහිර රටවල සමාජීය හා සංස්කෘතික පරිවර්තනයන් බලය යොදා ලාංකීය සමාජය තුලත් සිදු කිරීමට ලහි ලහියේම කටයුතු කරගෙන යයි. දෙමළ ජාතිවාදය සතුටු කිරීමට සමගාමීව සිදුවන අනෙක් දෙය නම් බලය යොදා ස්ත්‍රීවාදයටත් සමලිංගිකත්වයටත් පිළිගැනීමක් ලබා දී මෙරට සමාජය තුල පෝෂණය කිරීමයි. 

                         
චන්දයට පෙර ලියූ ලිපියෙන් පෙන්වාදුන් කරුනු මේ වන විට ඉහතින්ද සඳහන් කළ පරිදි සක්‍රීය වෙමින් පවතින අශුභ පෙරනිමිත්ත හා ඉදිරි බලපෑම ගැන තව කරුනු ටිකක් කීම අවශ්‍ය වේ. පසුගිය දාක පැවති එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා මණ්ඩල අයවැය කාරක සභා රැස්වීමකදී රුසියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව අපේ රටේ සාතිශය බහුතර ජනතාවකගේ ලිංගිකත්වය සම්බන්ධ පිළිගැනීම් සමගද ලෝකයේම බහුතර ජනකායකගේ පිළිගැනීම් සමගද මැනවින් ගැලපෙන යහපත් එකකි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සේවයේ යෙදී සිටින සමලිංගිකයින්ට රිසි සේ සමලිංගික විවාහ කරගැනිමටත් ඔවුන්ට වරප්‍රසාධ ලබාදීමටත් එරෙහිව එසේ නොකිරීමට බලකරමින්ය. දකුණු ආසියාවේ පවා අනෙකුත් සියළු රටවල් රුසියාවේ එම යෝජනාවට පක්ෂ වෙද්දී ලංකාවේ නියෝජිතයා ඊට එරෙහි වී ඇත. එය බරපතල තත්වයකි. අපේ රටේ සමලිංගිකත්වය ජනතාවගෙන් සාතිශය බහුතරයක් පිළි නොගද්දී හා නීතියෙන්ද එය තහනම් වෙද්දී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ඇති රජයේ නියෝජිතයා රටේ නම කැත කරමින් අනියම් ආකාරයට සමලිංගිකත්වයට පක්ෂ වී ඇත. මෙවැනි තැන් වලදී සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ සෑම රටක්ම අදාල රටේ පිළිගැනීම් වලට අනුව තීරන ගැනීමයි. නමුත් මෙහිදී උනේ රටේ පිළිගැනීම පසෙක දමා එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීම අනුව රටේ නියෝජිතයා කටයුතු කිරීමයි. එක්සත් ජාතික පක්ෂ කේවත්තයන් දැන් කියන්නේ ඔවුන් බටහිරට පක්ෂව රුසියාවට එරෙහි වීමට එසේ කළ බවයි. එහිදීද ඔවුන් වරදක් කර ඇත. එනම් ලංකාවේ අභ්‍යන්තර ගැටළු වලට අත නොදමමින් අපට අනිසි බලපෑම් නොකර අවශ්‍ය මොහොතක ජාත්‍යන්තර මට්ටමේ උදවු උපකාර කරන රුසියාවේ හොඳ හිත පළුදු කරගනිමින් රටේ බහුතරයකට හිසරදයක් ව ඇති බටහිරට තවත් ගැති වීමයි. අනෙක් අතින් අනියම් ආකාරයකට සමලිංගිකත්වය ලංකාව තුල අනුමත කරන බවට වැරදි මතයක් ජාත්‍යන්තරය හමුවේ ඇති කිරීමයි.

             
ජාත්‍යන්තරයේ වුනු මේ සිද්ධිය එකකි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහයෙන් තවත් ලාංකීය සමාජය අනුමත නොකරන බොහෝ දේවල් හොර රහසේ සිදු වීමට ඉඩ ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග අනියම් සම්බන්ධකම් පවත්වන අයෙකුට අධ්‍යාපන ඇමතිකම දී තිබේ. මෙයද නරක පෙර නිමිත්තකි. සමලිංගිකත්වය නීතියෙන් පිළිගත් රටවලවත් මෙවැනි තත්වයන් දක්නට නැත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවන තරුණසේවා සභාවේ යොවුන් සේනාංක ආදියේ වැදගත් තනතුරු සමලිංගික විකුර්ති හැසිරීමක් ඇත්තවුන්ට ලැබීමේ ප්‍රවණතාවයක් ඇත. එක්සත් ජාතික පක්ෂයේ තරුණ බල මණ්ඩල ගැන කුමන කතාද? එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් බලවත් කර ඇත්තේ මෙහිදී යහපාලනය ඉදිරියට ගෙන චන්ද ව්‍යාපාරය ගෙනගොස් අවසානයේ ජය ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. මෙහි භයානකකම අනෙකුත් සෑම අතකින් මෙන්ම ලිංගිකත්වය අතින්ද එක්සත් ජාතික පක්ෂ නායකයන් බටහිර රටවල කාර්මීකරන නූතනත්වය හරහා පැමිණි පෙර කී ස්ත්‍රීවාදය හා සමලිංගිකත්වය පිළිගැනෙන වැඩ පිළිවෙලවල් කොලේ වසා හෝ දියත් කිරීමට ඇති ඉඩකඩයි. සමලිංගිකත්වය පිළි නොගන්නා අපේ සමාජයේ මාතෲත්වය හා පීතෲත්වය වටා ලිංගිකත්වයේ සැබෑ චර්යාධර්මයන් ගොඩනැගී ඇත. අපේ රටේ මවු පියන් දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව කුඩා කලම ඔවුන් හැදී වැඩියයුතු ආකාරය තීරනය කරන්නේ ලිංගික නිදහසේද සැබෑ ස්වරූපය අනුව ඔවුන්ට යහ පැවැත්මක් ගොඩනගා ගත හැකි පරිදිය. එක්සත් ජාතික පක්ෂයටත් වත්මන් යහ පාලනයටත් එම ගුණාංගයන් වටිනා දේ විය නොහැක. එය සැක හැර දැනගත හැක්කේ ඔවුන් බටහිර ලිංගික කුහකත්වයන් මත ගොඩනැගුණු මාතවාද වල පවා මානසික වහලුන් වීමට කොපමණ කැමැත්තක් දක්වන්නේද යන්න සොය බැලූ විටය. බටහිර රටවල් අන් හැම ආකාරයකින්ම සෙසු රටවලට බලපෑම් කරන ලෙසම ලිංගික කාරනාවල් සම්බන්ධයෙන්ද විවිධ බලපෑම් කරයි. ඒ එම රටවල ලිංගිකත්වය සම්බන්ධ මතවාදයන් සෙසු රටවලට බලෙන් ආදේශ කිරීමටය. වත්මන් යහපාලනේ වැඩි බලතල හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බැවින් එම බටහිර බලපෑමට යටත්වීමට යහපාලනය යම් කැමැත්තක්ද දක්වයි. ඊට යටවීමෙන් වෙන හරිය අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එක්සත් ජාතික පක්ෂය බලවත් වූ යහපාලනය සමලිංගිකයින් සිදුකරනු ලබන ළමා අපයෝජන සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරයිද? බොහෝ දුරට ඉඩ තිබෙන්නේ එවැනි විකුර්ති අපචාර සිදුකරන අයට යම් බුරුලක් ලැබීමය. ලිංගිකත්වයේ මනෝභාවයන්ට අනුව මෙවැනි දෑ දුර දිග ගිය කළ වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ.

               
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේනම් ඇතිවන තත්වය ලිංගිකත්වය හා සැබෑ ලිංගික නිදහස සම්බන්ධයෙන් සර්ව සාධාරන යැයි මම නොකියමි. ඒ ගැනද චන්දයට පෙර පළ කළ ලිපියේ සඳහන් කළෙමි. අපේ රට තුලින්ම පැනනගින කුහකකම් දැඩිවූ බොරු සදාචාරයන් නැතුවා නොවේ. මින් පෙර පැවති රජයේ සංස්කෘතික ඇමතිව සිටි ටී බී ඒකනායක මහතා මිනි ගවුම් තහනමට ලක්කරමින් අසභ්‍ය ලෙස අඬුම් ඇඳීම තහනමට ලක් කිරීමක් ගැන කියා හොඳ හැටි නාගත්තේය. ඒ ගෑනු කකුල් භීතිකාවෙන් පෙළෙන පිරිමින්ට ආවේනික බොරු සත් ගුනවත් බවකි. මෙවැනි ස්වදේශීය කුහකකම් දැන් නැවතත් බලවත්ව පෙරට පැමිණෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතික දේශපාලන කණ්ඩායම තුලින් මතු නොවේ යැයි නිගමනය කරන්නටද බැරිය. යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තවත් වැදගත් යමක් කිවයුතුම වේ. එය නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල කාරක සභාවකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංවිධාන හා ජාතික බලවේග ක්‍රියාකාරීන් ගොළුවත රැකීමයි. ඇතැම් විට එය රටේ ජාතිකත්වය පැත්තෙන් වැදගත් නොවන්නේ යැයි ඔවුන් සිතුවා විය හැක. එහෙත් සිංහල ජාතිය ගැන හරියට කතා කරන්නේනම් මේ යහපාලන රජයේ සමලිංගිකත්වයට පක්ෂපාතී බව සුළුවෙන් නොතකා ඊට එරෙහි දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ. නමුත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා සංවිධාන කිසිවක් එවැනි ස්ථාවරයක සිට ක්‍රියා කළේ නැත. ඒ ගැන සංවේදීව කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ හා මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් පමණකි. ඒ ගැන ඒ මහත්වරුන්ට කෘතඥ්ඥ විය යුතුය. විශේෂයෙන් මොහොමඩ් මුසම්මිල් මහතා මේ ගැන මාධ්‍ය හමුවේ විරෝධය දක්වා තිබුණි. බොරු ජාතික බලවේග වල ගොළුවත හමුවේ සිංහල බෞද්ධයෙක් නොවූ මුසම්මිල් මහතාගේ ක්‍රියා කලාපය අගය කළයුතුය. මහින්ද රාජපක්ෂ මහතාව වටා නැවතත් ජාතියක් ලෙස ජාතිකත්ව දේශපාලන රැල්ලක් ප්‍රභල ලෙස ගොඩනැගෙමින් තිබෙන මේ මොහොතේ ඉදිරියේදී දේශපාලන වශයෙන් බලය හිමිකරගන්නා එම ජාතික ප්‍රවාහය ලිංගිකත්වය සම්බන්ධයෙන් බටහිර කුහක මතවාද හා ස්වදේශීය කුහකත්වයන්ගේ බොරු ආචාරධර්මයන්ද ඉවත ලා රටට ආවේනික සැබෑ ගුණාංග පෙරටු කර ගනිමින් ලිංගික කාරනා සම්බන්ධයෙන්ද පැහැදිලි මතවාදයන් ඇතුව පැහැදිලි ස්ථාවරයක සිටිය යුතුය. එය බොරු ජාතික බලවේග වලට වැදගත් නොවුවත් රට පැත්තෙන් බලන කළ සැබෑ ජාතිකත්වයට අතිශය වැදගත්ය.

30 comments:

  1. ඔබ අවසන් කොටසේ කියා තිබෙන කාරනයකට මාත් එකඟයි. ඒ අපේ රටේ තියෙන සිංහල බෞද්ධ දේශප්‍රේමී සංවිධාන මේ ප්‍රශ්නෙදි කිසිම හැල හොල්මනක් නැතුව අන්දයෝ ගොළුවො බීරො වගේ හිටිය කියන එක. ඒකෙන් පේනව ඔවුන්ට මේ වගේ ප්‍රශ්න ගැන කිසි අවබෝධයක් නොමැති බව. නමුත් ගැටළුව ජාතිය පැත්තෙන් සංකීර්ණ හා අති භයානක එකක්.

    ReplyDelete
    Replies
    1. ඔබ එය තේරුම්ගත්ත එක ලොකු දෙයක්

      Delete
    2. අපට ඕන ආණ්ඩුවක්
      පුකේ අරින ආණ්ඩුවක්
      කාගෙද මේ බලවේගේ
      පුකේ අරින බලවේගේ

      අගෝස්තු 18 දා දේදුනු පාට සමනල් ආණ්ඩුවක් ලැබේවා.

      බලන් සකි රටම එක පුක් කෙළියක්

      Delete
  2. ඔබ හොමෝෆෝබියාවෙන් පෙළෙන බව කිව හැක. එනිසා ඔබට ලොව සිදුවන වීම ලිංගිකයින් නොවන අයගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. හෝමොෆෝබියාව කියන්නේ මොකද්ද කියල ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    2. පකිස් මෙයා හෝමොෆෝබියාව කියල කියන්නේ මේ ගොල්ලන්ගේ මොළ හෝදපු නූතනවාදී උගත්තුන්ගෙන් අල්ලගෙන සමලිංගික භීතිකාව කියන අර්ථය එන වචනයක්. මේ මොන ෆෝබියාවක් කියල කිවුවත් සමලිංගිකත්වය කියන්නේ මානව ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයක් කියන එකත් එය සමාජයෙන් පිළිකුල් කිරීමත් සාමාන්‍ය දෙයක්. මේ හෝමොෆෝබියා ගැන කතා කරන අයට ලිංගිකත්වයේ ස්වභාවය ඇති සැටියෙන් දකින්න ෆෝභියාවක්නම් ඇති. ඒ ඔවුන්ගේ කුහකකම.

      Delete
    3. බටහිර වෛද්‍ය විද්‍යාව මෙහෙම නම් දාන්න දස්සයි. අරිසෙන් අහුබුදු ට බඩේ පාර.
      තව අලුත් ලෙඩ තියනවා.
      මහින්දට බියවීම මහින්දෝපෝබියා
      මහින්දට පක්ෂවීම මහින්දමේනියා
      ඔයවගෙ අලුත් ලෙඩ හදන්න පුළුවන්. දේශපාලන පෙළපාලියක් ගියොත් යුදෙව් ලොබියෙන් විරෝධයක් ආවොත් ඩී එස් එම් ආර් එකෙන් අයින් කරල තලගොයි මස් කියල මාකට් එකට එවනව

      Delete
  3. 1. මහින්දට කඩේ යන කල්හි තම්බියකු වුවත් උසස් ගුණ ධර්මයන්ගෙන් සමන්විත වේ.
    2. සමලිංගිකත්වය කෙරෙහි දක්වන ආකල්පය තීරණාත්මක දේශපාලන සාධකයකි.

    ReplyDelete
    Replies
    1. සමලිංගිකත්වය ගැන දක්වන ආකල්පය තීරනාත්මකයි තමා. සමලිංගිකයන්ට ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයන් කියල කියාගෙන ඒ වෙනුවෙන් පෙනීහ්ටිමින් චන්දේ ඉල්ලලා දිනන්න බෑ. ඒක අසාධාරනයක් නෙවෙයි.

      Delete
    2. ලිංගිකත්වයයි දේශපාලනෙයි ගත්තොත් ලිංගිකත්වය අනුව විශම ලිංගික පුද්ගලයන්ට තමා එතනත් වැඩි ප්‍රමුඛත්වයන් ගෙන නායකත්වයන් ගන්න පුළුවන් වෙන්නේ. මානව සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන්නේ විශමලිංගික පුද්ගලයන්ට තමා. සමලිංගිකයන්ට තම ලිංගික ස්වරූපය හංගලා කොලේ වහල තමයි දේශපාලනේ කරන්න වෙන්නේ. ඒකට ස්වභාවධර්මයත් බලපානව.

      Delete
  4. ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන මම ඔබට කෘතඥ්ඥ වෙනවා. සමලිංගිකත්වය සාධාරන හා අනිවාර්ය දෙයක් කියල තර්ක කරන්න බෑ. කවුරු මොන තර්ක දැම්මත් සමලිංගිකත්වය කියන්නේ ස්වභාවිකත්වයට පටහැනි දෙයක්. ඔබ ලිපියෙන් බොහෝ ගැඹුරු කරුනු කියා ඇති බැවින් ඒ තරමට මේ විශයානුබද්ධ දැනුමක් නැති මට ඊට වැඩි යමක් කියන්න බෑ. නමුත් මම එකක් කියන්න ඕනේ. සමලිංගිකත්වය මත සියල්ල තීන්දු වී එය ලිංගිකත්වයේ ප්‍රමුඛ ලක්ෂණය බවට පත් වෙලා තිබුණනම් සමලිංගිකයින් කියනු ඇත්තෙත් විශම ලිංගිකත්වය ලොවිනුත් තුරන් කළ යුතු බවයි. සමලිංගිකත්වය යන්න ප්‍රමුඛත්වයට පත් නොවී එය හුදු ප්‍රතික්ෂේපිත විකුර්තියක් බවට පත් වී ඇත්තේ ස්වභාවයෙන්. එය පිළිගන්න තරම් අවංක නොවන පුද්ගලයන් එය සාධාරණීකරනය කරයි. නමුත් සමලිංගිකත්වය යන්න කිසිවිටකත් පුද්ගල කණඩායමක උවමනාවට විශමලිංගිකත්වය හා සම තත්වයට ගැනීමට හෝ ප්‍රමුඛත්වයට ගෙන ඒමට නොහැකියි. නමුත් එය වලක්වන්න පුළුවන් බවනම් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අජිත්. සමලිංගිකත්වයට කවදාවත් ප්‍රමුඛත්වයක් ගොඩනගාගන්න බෑ. නමුත් කුහක මිනිස්සු සමලිංගිකත්වය කියන දේ තමන්ගේ කුහක අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා.

      Delete
    2. ඇත්තටම කුහක සමලිංගික නිදහස වෙනුවෙන් පෙනිසිටින්ද බේරී ඔබල වගේ පුද්ගලයෝ නොවෙදය් තමන්ම සිතල බලන්ඩ..ලෝකයේ මිනිසුන් 4කින් 1 ක් වෙනස් ලිංගික තත්ත්ව තයන බව ඔබ අසා නැද්ද ..ආදරය/ලිංගිකත්ව බලෙන් ඇති කිරීමටවත් වෙනස කිරිමටවට් නොහැකි දෙයක්..එය ඔහු/ඇයව මේ ලෝකෙට ස්වාබවදර්මය විසින් කේතනය කර ඇති ආකාරයි.එක්සත් ජාතීන්ගේ සංවිදානය වැනි ආයතන මගින් සමලිංගික(LGBT rights) අයතීන් වෙනුවෙන් පෙනිසිට්ද්දීත් එය වැරදි දෙයක් ලෙස හුව දක්වන්නේ කෙසේද .. ලෝකේ බිහි වූ ශ්‍රේෂ්ට කල ශිල්පීන් ,විද්‍යච්යන් සමහරු සමලිංගික බව දන්නේ නෙද්ද ,..
      https://en.wikipedia.org/wiki/Category:LGBT_scientists
      https://en.wikipedia.org/wiki/Category:Gay_artists

      මෙම පුද්ගලයන් අරාබි මුස්ලිම් රට වල ඉපදුනානම් හිමි වන්නේ මරනයයි..නමුත් ලිංගික නිදහස ඇති රටවල සිටීමෙන් ඔවුන් මේ තත්වෙට එන්ඩ ඇති..
      ඒ නිසා කෙනෙකුගේ ලිංගිකත්වයට හුව දක්වමින් එය වෙනත් ක්ෂේත්‍ර සමග සම්බන්ද කොට මඩ ගසිඉම තරම් කුහක දෙයක් තවත් නෙත..

      Delete
  5. මටනම් මේ ගැන ලොකු දැනුමක් නෑ. ඒත් මම සරලව කෙටියෙන් එක දෙයක් කියන්න කැමතියි. අපි කවුරුත් සමලිංගික සේවනයෙන් මෙලොව බිහි වෙලා නෑ. අපට ඒ කාරනයෙන් ගැලවිලා සමලිංගිකත්වය හොඳයි කියන තර්කෙට යන්නත් බෑ. අපි අපේ බාල පරපුර හදන්නත් ඕනේ කවද හරි වැඩිහිටියන් වෙලා ලිංගිකත්වය අනුවත් පරිනත වෙද්දී ඔවුන්ටත් පවුල් ජීවිත ගෙනයමින් තමන්ගේ ඉදිරි පරපුර හදාගන්න පුළුවන් විදිහට. මෙතන මනෝවිද්‍යාත්මක සිද්ධියක් අනිවාර්යෙන්ම තියෙනව කියල මම හිතනවා. ඒ ගැන ලොකුවට විස්තර කරන්න මම දන්නේ නෑ. නමුත් ඔබතුමාගේ ලිපියේ තියෙන විදිහටම අම්ම තාත්තටත් කෙනෙකුගේ වගකීමක් තියෙනව ඔවුන් සමලිංගිකත්වය වගේ විකුර්තිතාවයකට මානසිකව බර නොවන ආකාරයට හදාගන්න පොඩි කාලෙම.

    ReplyDelete
    Replies
    1. ඔබේ කෙටි පිළිතුරෙන් මම මේ ලිපියේ අඩංගු කර තිබූ දේවල් ගොඩක් කියවිලා තියෙනව. ස්තුතියි පකිස් සිහිබුද්ධියෙන් මම කියන දේ තේරුම්ගත්තට.

      Delete
  6. තම අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවියකු ජාතක කිරීම මෙලොව ඉපදුනු හැම ජීවියෙකුගෙම වගකීමක්. පූජ්‍ය පක්ෂයට මේ කියමන අදාල නොවුනට අනෙක් හැම ජීවියකුටම මේක අදාලයි. පූජ්‍ය පක්ෂය සමාජය වෙනුවෙන් කරන මෙහෙය නිසා ඔවුන්ගෙන් සමාජයට යමක් නොවෙනවා කියන්න බෑ.

    සමලිංගිකත්වය හොදයි ජනගහන වර්ධන වේගය අඩාල කරලා යම් සංස්කෘතියක් ලෝකෙන් අයින් කරලා දමන්න.

    ReplyDelete
    Replies
    1. \\තම අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවියකු ජාතක කිරීම මෙලොව ඉපදුනු හැම ජීවියෙකුගෙම වගකීමක්\\

      අන්න ඒක කරන්න තමයි ලිංගිකත්වය කියල දෙයක් ජීවී ලෝකයේ තියෙන්නේ

      Delete
  7. මම මේ ලිපිය සම්පූර්ණයෙන් කියෙව්වේ නැහැ.නමුත් එක් දෙයක් කියන්න කැමතියි.Allan and Barbara Pease යුවළ ලියූ Why Men Don't Listen and Women Can't Read Maps (2005)පොතේ සිංහල පරිවර්තනය කියවීමෙන් පසු සමලිංගිකයන් පිළිබඳ මගේ එතෙක් පැවති විරෝධ ආකල්පය සහමුලින් වෙනස් වුණා.ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව තෝරාගත්තක් නොව ඉබේ ලැබෙන්නක් බව වටහාගත්විට ඔබට අවබෝධ වෙයි ඔවුන්ටත් සමාජයේ ඉඩක් හිමි විය යුතු බව.(දේශපාලනික මතවාදයන්ගෙන් මගේ අදහස් විනිර්මුක්තයි.)

    ReplyDelete
    Replies
    1. මෙය ඉබේ ලැබෙන්නක් බව කියන්නේ සමලිංගිකත්වය නීතියෙන් පිළිගත්තු බටහිර රටවල ඊනියා පර්යේෂකයන්. මේව නිවැරදි දේවල් නෙවෙයි. ලිංගිකත්වය ගැන හංගන දේ ගොඩක් වැඩියි. ඒකයි කවදාවත් ලිංගිකත්වය ගැන ඇත්ත කතා කරන්න බැරි. සමලිංගිකත්වය ඉබේ ලැබෙන්නක් වෙන්නේ නෑ. ඒ පසුපස ජීව විද්‍යාත්මකව බලනකොට කුඩා කාලේ ඉඳලා පුද්ගලයෙකුගේ මධ්‍ය ස්නායු පද්ධතියේ වර්ධනය හා මානසික වර්ධනය මව පියා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ස්වභාවය වගේ ගොඩක් දේවල් බලපානව. ඉබේ ලැබෙන විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇල්ම ඇතිවීම හා ප්‍රජනන හැකියාව ඉස්සර වෙලා කියපු කාරනා වල අසාමාන්‍යතා නිසා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒව නොවෙන්න වගබලාගන්න මනුස්සයෝ බුද්ධිමත් වෙන්න ඕන. නැතුව උනාට පස්සේ කිසි වගකීමක් නැතුව වරදට නිදහසට කාරනා හදන එක නෙවෙයි නුවනට හුරු. ඔය බටහිර ඊනියා පර්යේෂකයන්ගේ බොරු එමට තියෙනවා. ඒව කියවලා අතරමං වෙන්නේ නැතිව හොඳ සිහියෙන් මේ වගේ ප්‍රශ්න දෙස බලන්න. ඔබ සමලිංගිකයෙක් නෙවෙයිනම් ඔබ සමලිංගිකයෙක් නොවුනේ ඇයි කියලත් පුළුවන්නම් හොයල බලන්න. සමාජයේ වරදින් කෙනෙක්කුගේ ලිංගිකත්වය විකුර්ති උනාට පස්සේ ඒ සමාජ පසුබිමත් පිළිගෙන විකුර්තියට හරි කියන එක මොන මෝඩ කමක්ද? බටහිර දැනුමට කොටු වෙලා බටහිර පර්යේශකයන්ට හොඳ වෙනකොට යමක් පිළිගන්නයි ඒ අයටම එපා වෙනකොට අපිත් ඒක ප්‍රතික්ෂේප කරන්නයි නොයා අපේ ඇහින් මේව දකින්න ඕනේ. මොකද අපටත් ඕන දෙයක් ගැන පැහැදිලි මතයක් තියෙන්න ඕන නිසා. අද ඔය ඔබ කියවපු පොත වගේ කෘති පල කරමින් ඒවායේ කතෘවරු සමලිංගිකත්වය සාධාරණීකරනය කරන්න උත්සහ කළාට මේ ගැන හරියට හොයල බැලුවොත් සමලිංගිකත්වය වලක්වාගන්න පුළුවන් දෙයක් බව පැහැදිලි වෙනවා.

      Delete
    2. Why Men Don't Listen and Women Can't Read Maps කියන පොත ලියපු කෙනාට උවමනා වෙලා තියෙන්නේ බටහිර සමාජයම වැරදි පාරේ බොහෝ දුර ගියාට පස්සේ සමලිංගිකත්වය සාධාරණයි කියන තර්කය ගෙනවිත් ප්‍රශ්නෙ ප්‍රශ්නයක් නොවන බව කියල මග හරින්න. මිනිස් ලිංගිකත්වයේ ප්‍රවෙණි හා කායික විද්‍යාත්මක සාධක වලට අමතරව මනෝවිද්‍යාත්මක සාධකයක් තියෙනවා. සමලිංගිකත්වයට බලපාන්නෙත් මේ ප්‍රවේණි හා කායික විද්‍යාත්මක සාධක වලට වඩා ඉතා වැඩි වශයෙන් මනෝවිද්‍යාත්මක සාධක. ඔබට මේ ගැන කමෙන්ටුවකින් පැහැදිලි කරන්න අමාරුයි. නමුත් එකක් කියන්න කැමතියි. ඒ බටහිර මනෝවිද්‍යාව තුලින් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධක මගහරින්න උත්සහ කරනව සමලිංගිකත්වයට පක්ෂව අනාගත පරපුරේ මනස හදන්න කියන එක. මේ වගේ සමලිංගිකත්වයට බලපාන බොහෝ ඇත්ත හේතු කාන්තා විමුක්තිය ආදී මතවාද හරහා සාධාරණයි කියල ගන්න බටහිර සමාජය පොළඹවා අවසන්. ඔබ කියවා ඇති කෘතියෙනුත් බොහෝ විට කරල තියෙන්නේ සමලිංගිකත්වයට බලපාන ඇත්ත හේතු යටපත් කර එය සාධාරණීකරණයයි. මේ පොත් කියවලා අපි මොළේ කුරුවල් කරගන්න ඕන නෑ.

      Delete
    3. සමලිංගිකයන් අපේ සමාජයේ කවදත් සිටියා. අප ඔවුන් කෙරේ අමුතු විරෝධයක් දැක්වූවේ නැහැ. ක්‍රිස්තියානි මුස්ලිම් සමාජවල සිදුවෙන ආකාරයට. නමුත් මෙතන සිද්ධවෙන්නෙ ඊට වෙනස් දෙයක්. සමලිංගිකයන් ප්‍රමුඛ ලිංගික මාධ්‍ය වීම. මේ ට්‍රෙන්ඩ් එක නිසා බටහිර රටවල කොල්ලන් මිනිසුන්ගෙන් ද කෙල්ලන් ගැහැනුන්ගෙන්ද බේරීමට ආයාසයන් දරති. එසේම සමලිංගිකයන් විෂම ලිංගිකයන්ට සරදම් කරමින් ඕවා ගොඩේ වැඩ කියා කියන කාලයක් ආවොත්.
      සමලිංගිකත්වය බෝවීමක් මෙයින් සිදුවේ. 1973 වනතුරුම රෝගයක් ලෙස සැලකූ සමලිංගිකත්වය උත්කර්ෂයට නැංවූවේ දේශපාලන ව්‍යාපාර විසිනි. සමලිංගිකයන්ට ප්‍රතිකාර ඇත. එම ප්‍රතිකාරවලින් සුවය ලද සමලිංගිකයෝද සිටිති.
      මේ ක්‍රමයට බාලාපචාරද සාධාරණීකරනය කිරීමට බටහිර මාධ්‍ය වලට පුළුවන. මේ පෙරහරේ ඊලඟට එන්නේ එයයි. දැනටම පොත් ලියාගෙන කැහැපොට ගසති.
      අදෝමැයි

      Delete
  8. මේ දවස් ටිකේ දෙශපාලන ලිපි තමයි මම පලකළේ. මමත් මේ සිද්ධිය ගැන ලියන්නයි ඉන්නේ. මට මේ ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සමලිංගික වැඩපිළිවෙල කොලේ වහල යටින් ගෙනියනව කියන එක. ඔවුන් මහජනතාව ඉදිරියේ මේව කියන්නේ නෑ. යටින් ගෙනියන ප්ලෑන් එකක් විදිහට ජාත්‍යන්තරයේ සහයෙන් මේ වැඩපිළිවෙල ඉදිරියට ඇදෙනවා. මේකට කාන්තා විමුක්තිවාදී ක්‍රියාකාරකමුත් අයිතියි. කාන්තා සමලිංගිකත්වය ව්‍යාප්ත කිරීමත් මේ අය කරනවා.

    ReplyDelete
    Replies
    1. මම කියූ පොතේ පරිවර්තනය "ගැහැණු පිරිමින්ට වඩා මේ තරම් වෙනස් ඇයි" නමෙන්ම කියවෙන විදියට එය විරුද්ධ ලිංගිකයන් පිළිබඳ පොතක්.එක් පරිච්ඡේදයක සමලිංගිකයන් ගැන සඳහන් වුණේ.
      ගර්භාෂය තුළ කලල අවධියේදී සිදුවන හෝර්මෝන අසමතුලිතතා නිසා ඇතිවන ලිංගික අනන්‍යතාවයේ වෙනස්කම් සමාජ විරෝධී අපරාධ ලෙස හංවඩු ගැසීමෙන් වැලකී ඔවුන්ටත් අපට වගේ ම මානව අයිතිවාසිකම් ඇති බව සළකා කටයුතු කිරීම මනුෂ්‍යත්වයයි.
      ප.ලි. තවදුරටත් comment නොකරමි.පොත කියවාම බලන ලෙස කාරුණිකව පවසමි.

      Delete


    2. Can the 'Choice' Be Changed?
      Gays and lesbians do not choose their sexual orientation
      any more than heterosexuals do. Scientists and most
      human sexuality ex
      perts agree that homosexuality is an
      orientation that is unchangeable. Researchers believe
      that most homosexual orientation develops in the
      womb, that homosexual patterns are firmly fixed by
      around age five and that it is outside the control of the
      person.
      For centuries, techniques have been used to
      suppress homosexual feelings in 'sufferers' which have
      included breast amputation, castration, drug therapy,
      uterus removal, frontal lobotomy, psychotherapy,
      electric shock therapy, prayer meetings, spiritual co
      un
      -
      selling and exorcism. No therapies have ever succeeded.
      The best they have been able to achieve is to make some
      bisexuals confine their sexual activities to members of
      the opposite sex or force some homosexuals to become
      celibate through guilt or fear,
      and to push many others
      to suicide.
      Scientists have shown that
      homosexuality is an orientation
      that is unalterable. It's not a choice.
      There is a greater than 90% chance that you, the reader,
      are heterosexual. Think about how difficult it would be
      to feel
      sexually attracted to someone of your own sex
      and you will begin to understand how it is virtually
      impossible to create feelings that do not already exist. If
      it was a choice, as many proclaim, why would any intel
      -
      ligent person choose a way of life that ex
      poses them to
      so much hostility, prejudice and discrimination?
      Hormones are responsible, not human choices.
      (Why Men Don't Listen & Women Can't Read Maps: How We're Different and what to Do about it)
      පොතේ pdf පිටපත පහත link මගින් කියවිය හැක.
      http://nguyenthanhmy.com/courses/2013/WhyMen.pdf

      Delete
    3. ගර්භනී අවධියේ ඇතිවන හෝමෝන අසමතුලිතතා වලින් උපදින පුද්ගලයන් බොහෝ දුරට ඔවුන් වැඩිවිය පැමිණෙන විට තත්වය සාමාන්‍ය අතට හැරෙනවා. ඒ කිවුවේ සාමාන්‍ය විදිහට ද්විතීක ලිංගික ලක්ෂණයන් පහල වීම ආදිය. ඔය ඔබ කිවූ විදිහට ඔබ උපුටා දක්වන කාරනේ අනුව හෝමෝන අසමතුලිතතාවයේ බරපතල තත්වයන් නිසා ලිංගික අවයව බාහිරින් අසාමාන්‍ය ලෙස පිහිටන්න පුළුවන්. ඒ වගේ සිද්ධි නිසා තමයි මුලදි ගැහැනු දරුවන් ලෙස ඉපදී පසුව පිරිමින් බවට පත්වන සිද්ධි ඇතිවෙන්නේ අන්න එහෙම අවස්ථාවලදී ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය ඔවුන්ටම ගැටළුවක් වෙනවා මානසිකව. ඒ වගේම ප්‍රවේනි විකුර්තිතා බලපාන්න පුළුවන්. කොහොම උනත් මේ කිසිවක් සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් විදිහට පිළිඅරගෙන සමාජයෙන් එය ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්න හේතුවක් නෙවෙයි. ඒ තත්වයට මුහුණදෙන අය ගැන සමාජයෙන් වැරදි ආකල්පයක් ගොඩනගන්න ඕනත් නෑ. ඒ අවබෝධය තිබුනහම ඇති. ඔබ උපුටා දක්වන කාරනාවේ හෝමෝන අසමතුලිතතාවය නිසා උපදින පුද්ගලයන්ගේ කායික අසාමාන්‍යතා හදන්න බැරිකමක් නෑ මේ වන විට ඒ සඳහා තාක්ෂණයන් ඕන තරම් තියෙනවා. අනෙක මතක තියාගන්න දැන් කිසිම කායික ආබාධයක් නැතුව තියද්දිත් මානසික හේතු නිසා ලිංග මාරු කරගැනීමේ සැත්කම් බහුලව වනවා කියලා. ඒ වගේම කිසිම හෝමෝන අසමතුලිතතාවයක් නැතුව ඉපදෙන සමහරුත් උවමනාවෙන් විරුද්ධ ලිංගික හෝමෝන ශරීරගත කරගනිමින් හැසිරීමේ ලිංග ප්‍රතිවිරුද්ධතාවයන් පෙන්වනවා. එහෙම අය මානසික පෙළඹවීම් මත සමලිංගිකත්වයට යොමු වෙන අවස්ථා අනිවාර්යෙන්ම වෙනවා. ඒව එහෙම වෙද්දී ගර්භාශයේ හෝමෝන අසමතුලිතතා උපතින් පසු සාමාන්‍ය තත්වයට පත්කරන්න බෑ කියන එක විහිළුවක්. හෝමෝන අසමතුලිතතා නිසා අවයව විකුර්ති වුනත් ඒවත් උපතේදීම වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව කවර ලිංගයකට අයත් වන ලෙස සැකසිය යුතුද යන්න වඩා නිවැරදිව තීන්දු කරමින් ප්‍රශ්නය මුලදිම විසඳන්න පුළුවන්. කිසිම ආබාධය්ක් නැති පුද්ගලයන් සමලිංගිකත්වයට පෙළඹීම වලක්වාගත හැකිව තිබියදීත් ඊට ඉඩ නොදෙන තත්වයක් බටහිර රටවල මේ වන විට තිබෙනවා. ඒවත් පිළිගන්න බෑ උපන් ආබාධ නිසා වලක්වන්න බැරි සමලිංගිකයෙකුට අනුකම්පාව දුන්නත්.

      Delete
    4. ඔව්න්ට අයිතිවාසිකම් දීම නොවේ. මෙහෙම විවාහයන් සිදුකර මෙයට අනවශ්‍ය පිළිගැනීමක් දී සමාජයට කරන හානිය ගැනයි සළකා බැලිය යුත්තේ. සමලිංගිකයන් දෙදෙනාම වැඩිවයස් අයනම් අනබෙර ගහන්නෙ නැතිව ගලක් කපාගෙන පුක් පාරක් දාගෙන හිටියට අපේ අවුලක් නෑ. ඒත් මෙහෙම වුනහම මහ හිරිකිත සමාජයක් ඇතිවෙනවා. ආදරේ ඉල්ලගෙන පහල පන්තිවල කැරකෙන අයියල දකින්න ළැබේවි. අකමැති වුනොත් පිහියෙන් අනීවි. මොනවද මේ විකාර.
      ජනගහනයෙන් 1%කටත් අඩු අවශ්‍යතාවයකට මුළු සමාජයම බිලිදෙන්නනෙ ඔහෙල හදන්නෙ
      අනේ මන්ද

      Delete
    5. මෙතන වෙලා තියෙන්නේ අපේ රටේ අයත් සමලිංගිකත්වය සමාජයෙන් තුරන් කරන්න පුළුවන් තත්වයක් තියෙද්දී එහෙම නොකර නීත්‍යානුකූලව පිළිගත්තු බටහිර රටවලම ඊනියා ප්‍රබුද්ධයන් ලේඛකයන් පර්යේශකයන් සමලිංගිකත්වය වරදක් නෙවෙයි කියා ඒත්තුගන්වන්න ලියන දුර්වල තර්ක ඇතුලත් පොත්පත් කියවලා අපේ රටේ මිනිස්සුත් ඒ අනුව ලෝකය දකින්න උත්සහ ගැනීමේ ඛේදජනක තත්වයක් ඇතිවීම.

      Delete
    6. එතකොට බ්ලූ සයිට් වල ලේඩි බෝයිලා ගෑනු බොඩිබිල්ඩර්ලා එහෙම තොග පිටින් ඉන්නේ උපතින් හෝමෝන වල අසාමාන්‍යතා වෙච්චි අය විතර්ක්ම වෙන්න ඇති නේද? ඒ අයට ඔය නවීන විද්‍යාවේ හාස්කම් වලින් හෝමෝන ප්‍රතිකර්ම කරල යතා තත්වයට පත්කරන්නත් බැරුවම ඇති වගේ. එතකොට ජීව විද්යාවේ හාස්කමුත් නෑ නේද. හැබැයි හොඳට ආබාධයක් නැතුව ඉන්න එවුන්ට හෝමෝන වැරදියට දීල ලිංගිකත්වය ඔළුවෙන් හිටවන්න පුළුවන් උනොත් ඒක නවීන විද්‍යාවේ දියුණුව කියල කියන්නනම් කටවල් ඇරෙයි.

      Delete
    7. 100% agreed with #Anemanda

      Delete
  9. මම උපතේ සිටම සමලිංගිකයෙක්දැයි හැගෙනවා.මට එයින් මිදී ආ යුතුයි.මට උදව් කරන්න

    ReplyDelete