Pages

Sunday, August 17, 2014

වරද කාන්තාවකට ලස්සන වීමට තිබූ උවමනාවද? නැත්නම් රූපලාවන්‍ය සැත්කමේදී සිදුවූ දෝෂයද?

බ්ලොග් පිටුවට දැමීමට ලිපි සැකසීමේදී සියල්ල පසෙක තබා මේ ලිපිය ලිවීමට අදහස් කළේ පසුගිය දිනෙක වෛද්‍යවරයෙකු ලවා රූපලාවන්‍ය සැත්කමක් කරවාගැනීමට ගිය තවත් වෛද්‍යවරියක් ඒ අතරතුර එන්නතක් ලබාදීමේදී ඇතිවූ අතපසුවීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියයි. මේ ගැන හැකි ඉක්මනින් ලිපියක් පලකිරීමට මාතුල පෙළඹවීමක් ඇති කරවූයේ ඒ සිද්ධිය ගැන අන්තර්ජාලයේ තවත් බ්ලොග් අඩවි වල පලවූ ලිපි හා ඒවාට ලැබී තිබූ ප්‍රතිචාරයන්ගෙන් සමහරක්, අදාල ඛේදජනක සිදුවීමේ වැඩි වගකීම රූපලාවන්‍ය හා කාන්තාවන් තම රූප ස්වභාවය ගැන දක්වන පෙරැත්ත වෙත පැවරීමට උත්සහ කර තිබෙන ආකාරයක් දැකීමෙන් පසුව වේ.
                             මේ සිද්ධියේ සැත්කමට පෙර ලබාදුන් එන්නත විෂවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ළමා රෝහලේ සේවය කළ ප්‍රියංගි අළුත්ගේ නම් වෛද්‍යවරියයි. ඇයගේ මරනයට වගකිවයුතුයැයි චෝදනාවට ලක්ව ඇත්තේද රූපවාහිනී වැඩසටහන් ඔස්සේ රූපලාවන්‍ය උපදෙස් ලබාදෙන ජනප්‍රිය වෛද්‍යවරයෙකු වන නිමල් ගමගේ මහතායි.
                 මියගිය වෛද්‍යවරිය සැකකාර වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයට ගොස් ඔහුගේ සේවය ලබාගෙන් තිබෙන්නේ ඇස් අවට සම පැහැපත් කරගැනීම සඳහායි. උදරයේ මේද තට්ටුවෙන් කොටස් ගෙන ඇස් අවට සමට යටින් තැන්පත් කිරීම මේ සැත්කමේදී සිදුකිරීමට නියමිතව තිබූ බව කියවේ. වෛද්‍යවරයා සැත්කමට පෙර ලබාදී ඇත්තේ ප්‍රතිජීවක එන්නතකි. එහි නම සෙෆියුරොක්සිම් බව ඔහු පොලීසියටද පවසා ඇත. එහිදී ඔහු වැඩිදුර කියා තිබුණේ මෙවැනි ශල්‍යකර්ම වලදී තමා මින් පෙර ප්‍රතිජීවක ලබාදීම සිදුකර නැති බව හා වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය සිදුකළ බවත්ය. සාමාන්‍ය වශයෙන් සැත්කමක් සිදුකිරීමේදී ඊට පෙර සැත්කමට භාජනය කරන පුද්ගලයා සිහි නැති කිරීම හෝ තාවකාලිකව නිර්වින්දනය කිරීම සිදු කරයි. මේ සිද්ධියේදී ඒ ගැන කළ පරීක්ෂණ වලින් අනාවරනය වී ඇත්තේ නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ එවැනි සැත්කමක් කළයුතුව ඇති කෙනෙකු ඊට පෙර සූදානම් කිරීමට නිසි නිර්වින්දන කටයුතු කිරීම සඳහා පහසුකම් නොතිබී ඇති බවයි. නිමල් ගමගේ වෛද්‍යවරයා මියගිය ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරියට ප්‍රතිජීවකය එන්නත්කර අවසන් වීමටත් පෙරම ඇය රෝගාතුරු වී තිබේ. වෛද්‍යවරයා එම අවස්ථාවේ ඇය රෝහල්ගත කිරීමට ගෙන්වාගත් ගිලන් රිය පැය බාගයක් පමණ ප්‍රමාද වී පැමිණෙන විට ප්‍රියංගි අළුත්ගේ වෛද්‍යවරිය මියගොස් අවසන්ව සිට ඇත. මා මෙසේ ඉදිරිපත් කළේ සිද්ධියේ සාරාංශයයි.
                      

සිද්ධිය ඔය ආකාරයෙන් වී තිබියදී ඒ ගැන ලංකාවේ පුවත් වාර්තා කරන වෙබ් හා බ්ලොග් අඩවි ඇතුළු වෙබ් පිටු බොහොමයක මේ ගැන විවිධ මට්ටමේ විවේචන පල වුනා. මේ ගැන ලියවුනු ඇතැම් ලිපි වලින් හා ඒවාට ලැබී තිබුණ ඇතැම් ප්‍රතිචාර වලින් සිද්ධියට අදාල වෛද්‍යවරිය හම පැහැපත් කරගැනීමට දැක්වූ උනන්දුව ගැනද තරමක් දොස් කියා තිබුණා. එක්තරා සමාජවාදී බ්ලොග් අඩවියකින් සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම දෝශාරෝපනය කර තිබුණේ එයද ඔවුන්ට පුරුදු පරිදි ධනවාදයට ගැටගසමිනි. මාස්වාදීන් ලිංගිකත්වයේ ස්වභාවයන් කෙරෙහි දක්වන ආකල්පය ගැන මා මින් පෙර ලිපියේ බොහෝ කරුණු කියා ඇත. මා හට මෙහිදී කිරීමට අවශ්‍ය වන්නේ මෙවැනි සිදුවීම වල වරද ඇත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූප ස්වභාවය වර්ධනය කරගැනීමට දක්වන ආශාවේ නොව අනාරක්ෂිත ලෙස නුසුදුසු පුද්ගලයන් ලවා එම කටයුතු කරගැනීමට යෑමේ බව පෙන්වා දෙමින් විචාරශීලීව කරුනු ටිකක් පැහැදිලි කිරීමය.
                         පළමුව කියන්නේ මිනිස් ලිංගිකත්වයේ සංකීර්ණ මනෝභාවය අනුව ගැහැනු හා පිරිමි ලෙස එකිනෙකාට ස්වභාවයෙන් පිහිටා තිබෙන සුවිශේෂී ලක්ෂණ හඳුනාගැනීමත් ඊට ආකර්ශනයක් දැක්වීමත් සාමාන්‍ය දෙයක් යන්න හා එය මානව සංහතියේ යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් පැවතිය යුත්තක් යන්නයි. කාන්තාවන්ගේ ප්‍රසන්න පෙනුම ස්ත්‍රීත්වයේ ස්වභාවයට අයත් විශේෂිත ලක්ෂණයක් වේ. එබැවින් කාන්තාවන් පිරිමින්ට ලිංගික වශයෙන් ආකර්ශනය දැනවීම හා සමාජයට පෙනුමෙන් ප්‍රසන්න වීම මානව ප්‍රජාව තුල අනිවාර්ය හා අත්‍යාවශ්‍ය  දෙයක් බවට පත්වී තිබෙන්නේ නිරායාසයෙනි. මේ අනුව කාන්තාවන් ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල ස්වකීය පෙනුම හා ප්‍රසන්න බව පවත්වාගැනීමටත් එය හැකිපමණ වර්ධනය කරගැනීමටත් පෙළඹෙන්නේ ස්වභාවධර්මයේම ආචරනයක් ලෙසයි. මෙයට ඇතමුන් කියන පරිදි ඇති නැති පරතරයක් බලපාන්නේ නැත. හැමෝම තමන්ට හැකි උපරිම ලෙස මේ දෙය සිදුකරනු ලබති. එහි වරදක්ද කොහෙත්ම පෙනෙන්නට නැත. මේ සරල කරුනු කාරනා ටික තේරෙන කාට උනත් ඇස් අවට සම පැහැඇපත් කරගන්න වෛද්‍යවරියට තිබුණ අවශ්‍යතාවය සාධාරනයි කියන එක තේරුම්ගන්න පුලුවන්.
                            

සැබවින්ම මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙත් මිනිසාට විශේෂ වන ලක්ෂණ වලින්. ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස එකිනෙකාට සුවිශේෂී ශාරීරික හා මානසික ස්වභාවයන් කැපී පෙනෙන ලෙස වැඩි දියුණු වෙලා තියෙන්නේ විශිෂ්ඨ වූ මානව ලක්ෂණයක් හැටියට. මානව ප්‍රජාව තුල පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට වෙන් වෙන්ව විශේෂනය වූ හැසිරීම් රටා හා ක්‍රියාකාරකම් ගොඩනැගී තිබෙන්නේ පරිනාමීය වශයෙනුත් උසස් මිනිස් ලක්ෂණයන් ලෙසයි. යම්කිසි සංස්කෘතික පසුබිමක් සැලකීමේදී ඒ තුල කාන්තාවන් හා පිරිමින් එකිනෙකාට විශේෂී ශාරීරික හා මානසික ලක්ෂණ අනුව එකිනෙකාගෙන් වෙනස් ආකාරයට හැඩගැසීම සිදුවන්නේ සමාජයේම යහ පැවැත්මට අවශ්‍ය ආකාරයට මිස කාටවත් අවැඩක් කිරීම පිණිස නොවේ. එහෙත් තමන්ගේම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංගයන්ටවත් ගරු නොකරන කුහකයන්නම් මේ ලක්ෂණයන්ට නිරතුරුව බැට දෙති. ඒ ඔවුන් විසින්ම බොරු සුදන ගුණයක්ද මවාගනිමින්ය. මෙවැන්නන් කිසිවිට ස්ත්‍රී අවශ්‍යතා හා කාන්තාවන්ට ආවේනික වූ ක්‍රියාකාරකම් මිනිස් ප්‍රජාවක ලිංගික සමබරතාවය රැකගැනීමට ඉවහල් වන ආකාරය පිළිනොගනිති.
                              

  කාන්තාවන්ගේ පෙනුම රූප ස්වභාවය පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීම කොයියම්ම සංස්කෘතියක වුවත් ප්‍රධාන දෙයක් වී තිබෙන්නේ ඇයි කියා අමුතුවෙන් කියන්නට දෙයක් තවත් ඇත්ද? වර්තමානයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත්වී අනිවාර්‍ය දෙයක් වී තිබෙන්නේ කාන්තාවන්ට මෙන්ම පොදුවේ සමාජයේ සමබරතාවයටද වැදගත් අංගයක් ලෙසයි. ස්ත්‍රී ශරීර ලක්ෂණ හා ලිංග ලක්ෂණ මත පදනම්වන රූපස්වභාවය ස්ත්‍රී අනන්‍යතාවය නිරූපනය කරන වැදගත් සංකේතයක් වේ. ඒ ගැන තර්ක කරන්නට දෙයක් නැත. අවශ්‍ය වන්නේ ඔය ටික පිළිගන්නට තරම් පිටකොන්දක් නැති කුහක මානසිකත්වය ගැන ප්‍රශ්න කිරීමට එඩිතරකමකි. කාන්තාවන් රූපලාවන්‍ය සැත්කම් කරගන්නට යන්නේ අපේ රටේ පමණක් නොවේ. එවැනි සැත්කම් කිරීමට ගොස් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීමේ දුර්වලතාවය නිසා සිදුවූ මරන වාර්තා වන්නේත් අපේ රටින් පමණක්ම නොවේ. එහෙත් ඒ මරන වලට වගකිවයුත්තේ කාන්තාවන් ස්වකීය පෙනුම හා රූපස්වභාවය රැකගැනීමට දක්වන කැමැත්ත යැයි කිසිවෙකුට කිව නොහැක. එමෙන්ම එය හුදෙක් ධනවාදයේ නිර්මාණයක්ද නොවේ. මේ සිද්ධි පැටලිල්ලක් නැතිව තේරුම් ගැනීමටද යම් බුද්ධිමට්ටමක් හා විවුර්ත බවක් තිබෙන්නට අවශ්‍යය. එය පිහිටා තිබුණද කුහකත්වය ඉස්මුදුනින් ගත්කල ඒ එයින් මනස අන්ධ වීම හරහා විචාර බුද්ධියකට ඉඩක් නොලැබේ. මෙවැනි සිද්ධි වල වරද ඇති තැන හඳුනාගැනීම සඳහා හදාගන්නට අවශ්‍ය එම දුර්වලතාවයයි.
                              
    
වෛද්‍ය ප්‍රියංගි අළුත්ගේ මියයෑමේ සිද්ධියේදීද අවධානය යොමුකළයුතු කාරනා එමට තිබේ. පළමුවැන්න ආන්දෝලනාත්මක සැත්කම කිරීමට ගිය නිමල් ගමගේ වෛද්‍යවරයා ශල්‍යකර්ම කිරීමට සුදුසුකම් ඇති අයෙකු නොවීමයි. අනෙක ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යවෛද්‍ය විද්‍යානුකූල පසුබිමක් හා ඒ සඳහා පහසුකම් නිමල් ගමගේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ තිබී නැත. එයත් ගැටළුවකි. මේ වෛද්‍යවරයාගේ රූපලාවන්‍යාගාරයේ සේවයකර ඇත්තේද සැත්කම් වැනි බරපතල වෛද්‍ය කටයුතු වලට සහය වීමට සුදුසු සේවක පිරිසක්ද නොවේ. එයත් අප අවධානයට ලක්වියයුතු දුර්වලකමකි. දොස්තර නිමල් ගමගේ සැත්කම කරන්නට ගොස් තිබෙන ආකාරය ගැනද ගැටළු ඔහුගේම ප්‍රකාශ වලින් දැකගත හැක. ඔහු සැත්කමට පෙර නිර්වින්දන ක්‍රමවේදයක් අනුගමනය කරන්නට මත්තෙන් මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීමට ඇයට විශවූ ප්‍රතිජීවක එන්නත ලබාදී තිබේ. වෛද්‍යවරයා කියා ඇත්තේද ඔහු වෙනත් අයට මෙලෙස ප්‍රතිජීවක දී නොමැති බව හා මියගිය වෛද්‍යවරීයගේ ඉල්ලීමට එය කළ බවයි. ඔහු ශල්‍යකර්ම කිරීමට සුදුස්සෙක්නම් හා වගකීමෙන් යුතුව එම කාර්‍ය කරන අයෙක්නම් මෙවැනි දෙයක් කරන්නේ නැත. එන්නත වෛද්‍යවරියගේ ගෙල ප්‍රදේශයට එන්නත් කර තිබෙන්නේද නහර සොයාගැනීමට අපහසු වුනා යැයි කියමිනි. සියල්ලට වඩා අපේ අවධානය යොමුවියයුත්තක් මෙතන ඇත. ඒ මියගිය වෛද්‍යවරියද බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකයේ සේවය කළ අයෙකු වීම ගැනයි. කරුණ එසේනම් ඇයටද මෙවැනි ශල්‍යකර්ම ගැන පැහැදිලි දැනුමක් තිබී ඇත. එසේ තිබියදීත් සැත්කම් කිරීමට සුදුසුකමක් නැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලවා මේ සැත්කම කරගැනීමට යෑම ගැනත් තිබෙන්නේ සුලුපටු ගැටළුසහගත බවක් නොවේ.
                             
 
  මේ ගැටළුසහගත තත්වය පැහැදිලිව තිබියදී කාන්තාවන් රූප ස්වභාවය රැකගැනීමට දක්වන රුචිකත්වයට හා සමස්ථ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටම බැට දෙමින් බොරු සමාජවාදී ප්‍රලාප කියමින් කුහක මතදාරීන්ට තමන් වැනිම අයවලුන් සමග යම් වින්දනයක් ලැබියහැකි වුවත් විචාරශීලී බවක් තිබෙන කිසිවෙකුවත් බොරුවෙන් මුලාකළ නොහැක. ගතානුගතික බොරු සාරධර්ම කාරයන්ගේ සහයද ඔවුන්ට නොඅඩුවම ලබාගතහැක. නමුත් ඔවුන්ගේ ප්‍රලාප රසවිඳින්නේ කුහකත්වයෙන් මනස අන්ධ කරගත්තවුන්ගේ එකතුව පමණි.

Sunday, August 3, 2014

මාක්ස්වාදීන්ට නොපෙනෙන ධනපති ප්‍රභූ පැලැන්තිය විසින් නිර්ප්‍රභූ දුප්පතුන් වෙත ඇතිකරන ලිංගික පීඩාව.


මාක්ස්වාදය හා ඊට සමගාමී සමාජවාදය ගැන කවුරු කවුරුත් අසා ඇතුවා මෙන්ම බොහෝ කරුණු දන්නවාටද සැකයක් නැත. මෙම ලිපියෙන් මාක්ස්වාදී සමාජවාදයේ මූලධර්මයන් හා විශ්වාසයන් ගැන දීර්ග වශයෙන් කරුනු සාකච්ඡා කිරීමට අදහස් නොකරමි. මෙයින් පෙන්වාදෙන්නේ මාක්ස්වාදයේ හා එහි අනුගාමික පිරිසගේ එක්තරා හැසිරීමකි. ඒ ඔවුන් ලිංගිකත්වය කියන කාරනයේදී සුපුරුදු කුහකත්වය සමාජවාදයටද ඈඳාගෙන ඊට අනුව සමාජයේ ලිංගික කාරනා දෙස බැලීමයි.
                  මෙහිදී මාහට පෙන්වාදීමට අවශ්‍ය සිද්ධිය වන්නේ මාක්ස්වාදීන් විසින් අන් සියළුම ආකාර වලට ධනපති ප්‍රභූ පැලැන්තිය අතින් නිර්ප්‍රභූ දුප්පතුන් පීඩාවට පත්වන ආකාරය ගැන කෑමොරදෙමින් සමාජ සාධාරනත්වය ගැන කතා කරනු ලැබුවද, ලිංගිකත්වය යන කාරනාවේදී ධනපති ප්‍රභූන් විසින් නිර්ප්‍රභූ දුප්පතුන්ට ඇතිකරන පීඩාව ගැන කතා නොකිරීම හා එම පීඩාවේ යම් යම් ප්‍රතිඵල කුහකත්වය මත පිහිටා තම න්‍යාය තුලට ගෙන සාධාරනීකරනය කරගැනීමයි.


                   මෙහිදී පළමුව මතක්කර දෙන්නේ ලිංගිකත්වයේ ස්වභාවය හා එහි යහගුණයන් ඇති නැති පරතරය අනුව වෙනස් නොවන බවයි. නමුත් මාක්ස්වාදයට ලිංගික කුහකත්වය කළවම් වූ කළ එය එසේ සිදුවන බව මේ මතවාදය අනුගමනය කරන්නන් විශ්වාස කරන්නට පෙළඹෙති. යම්කිසි කෙනෙකුට විරුද්ධ ලිංගිකයෙකු තමා වෙත ආකර්ෂණය කරගැනීමට, එලෙසම විරුද්ධ ලිංගික සහකරුවෙකු සමග ලිංගික තෘප්තිය ලැබීමට හා ප්‍රජනන අවශ්‍යතාවය සපුරාගැනීමට ඇති උවමනාව ඒ පුද්ගලයාගේ ආර්ථික තත්වය මත වෙනස් නොවේ. ගැහැනු පිරිමි කවරෙකු හෝ තම විරුද්ධ ලිංගිකයාගේ ලිංග ලක්ෂණයන් හා සෙසු මනෝවිද්‍යානුකූල විශේෂතාවයන් හඳුනාගන්නේත් ඒ වෙත ආකර්ෂණය වන්නේත් තම ආර්ථික තත්වය හෝ මාක්ස්වාදීන්ට අනුව තමා අයත්වන පන්තිය  පදනමට ගෙනද නොවේ. එය සිදුවන්නේ ස්වභාවධර්මයේ ආචරනයක් හැටියටයි.  ඕනෑම සමාජ වටපිටාවක කාන්තාවන් පිරිමින් හට ලිංගිකව ප්‍රසන්න හා ආකර්ෂණය ඇතිකරවන  ලෙසත් ප්‍රජනන අවශ්‍යතාවයේදී දරුවන් හැදීමට හා පෝෂණය කිරීමටත් විශේෂයෙන් හැඩගැසී තිබෙන්නේ ධනපති පන්තියේ අනදීමක් හැටියට නොවේ. ඒ අයුරින්ම කාන්තාවන් පිරිමින් ආකර්ෂනය වන පරිදි විලාසිතා විශේෂාංගයන් ජීවිතයට එක් කරගන්නේත් ඔවුන්ටම ආවේනික ක්‍රියාදාමයන් ගොඩනගාගනිමින් ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රීය වන ලෙස හැඩගැසුනු ජීවිත නිර්මානය කරගන්නේත්, ස්ත්‍රීවාදීන් කියන ආකාරයට පිරිමියාගේ අනදීමක් නිසා නොවේ. එය එසේ වන්නේ ස්වභාවධර්මයෙන් ලිංගිකත්වයත් මිනිස් ලිංගිකත්වයේ මානසික සාධකයත් ගොඩනැගෙන ආකාරය අනුවයි. අනෙක් අතට ස්ත්‍රීත්වයෙන් වෙන්වන පිරිමින්ට ආවේනික වූ ලිංග ලක්ෂණ වලටත් මානසික විශේෂතාවයන්ටත් කාන්තාවන් ස්වභාවිකව ආකර්ෂණයක් දක්වති. මේ ගැන වැඩිදුර කරුනු විග්‍රහ කිරීම මේ ලිපියෙන් කිරීමට අදහස් නොකරමි. උදාහරන ලෙස කෙටියෙන් යමක් කියන්නේනම් පිරිමින්ගේ ලිංගික හැඟීම් දැනීම් වලට යම් පසුබිම් සහයක් ලැබෙන අයුරින් කාන්තා ඇඳුම් නිර්මානය වීම හා ස්ත්‍රී විශේෂතා ගොඩනැගීමත් ස්ත්‍රීන් ලිංගිකව ආකර්ෂණය කරවන පෞරුෂයන් පිරිමින් අතර ගොඩනැගෙන්නේත් සම්පත් පරිභෝජනය අනුව ධනපති සමාජය තුල පමණක් නොවන බව පෙන්වා දිය හැක.
   

                           
කෙසේ හෝ වේවා ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේදී ඉහත සඳහන් සාධකයන්ම සැලකිල්ලට ගත් කළ ඇති නැති පරතරය අනුව යම් යම් විෂමතාවයන් තිබෙන බව පැහැදිලිය. ධනය හා සම්පත් අතින් පොහොසත් ප්‍රභූ සමාජය දෙස බලන කළ ඒ තුල ගැහැනු පිරිමි සියළු දෙනාට ලිංගික කටයුතු වලදී සාපේක්ෂව වැඩි නිදහසක් මෙන්ම ඒ වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමේ හැකියාවද ඇත. විශේෂයෙන් පිරිමි පාර්ශවයට තම ලිංගික කටයුතු වලදී ඊට කවර ආර්ථික ස්ථරයකට අයත් සමාජයක කාන්තාවන් වුවද සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. නමුත් නිර්ප්‍රභූ දුප්පත් සමාජයට මේ නිදහස සාපේක්ෂව බොහෝ අඩුය. එමෙන්ම මාක්ස්වාදීන්ට අනුව නිර්ධන පංතියට අයත් පුද්ගලයන්ට ජීවිතයේ වැඩිම කළක් ධනපති පන්තියේ සියළු අවශ්‍යතා වලට තමන්ගේ සිතුම් පැතුම් වලටත් වඩා වැඩි ප්‍රමුඛත්වයක් දී රාජකාරි කිරීමට සිදුවේ. විශේෂයෙන් නිර්ධන පන්තියට අයත් පිරිමින්ට ධනපති ප්‍රභූ කාන්තාවන් සමග කවර හෝ ලිංගිකන් සබඳතාවයක් පැවැත්වීමේ ඉඩකඩ ඉතා අල්පය. එලෙසම ඔවුන්ට තම සමාජ ස්ථරය තුලින්ම ලිංගික සහකාරියන් සොයාගැනීමද අපහසු වන්නේ ධනය පසුපස හඹා යන සමාජ පසුබිමක ආර්ථික අතින් දුප්පත් කාන්තාවන්ද ධනපති ප්‍රභූ පිරිමින් ඇසුරට හා ඔවුන් සමග විවාහයට වැඩි උනන්දුවක් දැක්වීම තුලය. මාක්ස්වාදී පණ්ඩිතයන්ට මේ දේවල්නම් කිසිදින පෙනෙන්නේ නොපෙනේ. ඒගැන ඉදිරියට කතා කරමි.
                              
  ඇති නැති පරතරය මත ගොඩනැගෙන ලිංගික පීඩාවන් කාන්තාවන්ගේ පැත්තෙන්ද පැහැදිලිව දකින්නට ඇත. පිරිමින් ලිංගිකව ආකර්ෂණය කරගන්නා වූ පිරිමි ලිංගික හැඟීම් උත්තේජනය කරන ආකර්ෂනීය විලාසිතා කිරීමට නිර්ධන පංතියට අයත් කාන්තාවන්ගේ අකමැත්තක් නැත. ඒ සිය විරුද්ධ ලිංගිකයෙකු ආකර්ෂනය කරගැනීම ධනපති කාන්තාවන්ගේ ජීවිතයට පමණක් සීමාවන දෙයක් නොවන හෙයිනි. නමුත් ඒ සඳහා ඔවුන්ට ඇති ඉඩකඩත් ඒ වෙනුවෙන් යෙදවීමට මිලමුදල් හා කාලයත් අඩුය. මේ සිද්ධිය හමුවේ මාක්ස්වාදීන්ගේ හැසිරීම දෙස බැලුවොත් පෙනෙන්නේ ඔවුන් එහිදී කාන්තාවන් පිරිමින්ගේ ආකර්ශනයට ලක්වීම වැඩකට නැති දෙයක් ලෙසත් එය ධනපති සමාජයේ පිරිමින් විසින් කාන්තාවන් පීඩාවට ලක්කිරීමක් හා ලිංගික වහලියක් කරගැනීමක් ලෙසත් සලකන බවයි. හොඳින් බලනකළ ස්ත්‍රීවාදයද මීට බොහෝ සමගාමීව යන බවක් පෙනේ.
ස්ත්‍රීවාදීන් මෙන්ම මාක්ස්වාදීන්ද මෙහිදී කියන්නේ කාන්තාවන් එලෙස පිරිමින්ගේ ආක්කර්ෂනයට ලක් වීම පුරුෂයාගේ සම්ප්‍රදායික බලපෑමක් මත පමණක් සිදුවන බවකි. ඔවුන්ට අනුව නිර්ප්‍රභූ දුප්පත් කාන්තාවන්ට පිරිමින් සමග උරෙනුර ගැටෙමින් වැඩ රාජකාරි කිරීමට තිබේ. එමෙන්ම මාක්ස්වාදීන්ට අනුව නිර්ධන පංතියට අයත් කාන්තාවන්ට ලස්සන වීමට හෝ පිරිමින්ට ප්‍රිය උපදවන විලාසිතා කිරීමට අවශ්‍ය නැතුවා මෙන්ම ඒ සඳහා කාලයක්ද නැත. නිර්ධන පංතියේ පිරිමින්ද මාක්ස්වාදීන්ට අනුව කාන්තාවන්ගෙන් ස්ත්‍රීත්වය හා ලිංගිකව ප්‍රසන්නබවක් බලාපොරොත්තු නොවන පිරිසකි. ඒ ඔවුන්ගේ න්‍යායට අනුව නිර්ධන පංතියේ පිරිමින් ධනපති පිරිමින් මෙන් කාන්තාවන් කාමුක වස්තූන් ලෙස සලකා පීඩාවට පත් නොකරන පිරිසක් නිසාය.


                       මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තියේ පිරිමින් මෙතරම් යහපත් ( කුහකත්වය අනුව )පිරිසක් උනොත් ධනපති ප්‍රභූ පිරිමින්ට නිර්ධන පන්තියට අයත් කාන්තාවන්ද ඔවුන්ගේම වචන අර්ථයෙන් ලිංගික කෙලි බඩු කරගැනීමට පහසු වනු ඇත. ඒ ටික සිද්ද උනොත් එතැනදීත් මාක්ස්වාදීන්ද ස්ත්‍රීවාදීන් මෙන්ම කියනේ ධනපති පිරිමින් නිර්ධන පන්තියේ කාන්තාවන් ලිංගිකව සූරාකන බව හා ස්ත්‍රිය පුරුෂයාගේ කාමුක වස්තුව බවට පත්වන බවයි. ඒ නිර්ධන පන්තියේ කාන්තාවන්ට ස්වභාවිකව දායාද වන ස්ත්‍රීත්වයක් හා ස්ත්‍රී ලිංගික පෙරැත්තක් ඇති බවද නොසලකමිනි. නිර්ප්‍රභූ දුප්පත් සමාජය සැලකීමේදී කාන්තාවන්ගේ පැත්තෙන් ඇති තවත් ගැටළුවක් වන්නේ ඔවුන්ට හරිහමන් දේපලක් නැතිවීම හා මිල මුදල් අගහිඟකම් විවාහයට බාධාවක් වීමය. විවාහ නොවී ලිංගික ඇසුර පැවැත්වීම කළහැකි වුවත් එය සියල්ලන්ට කළ නොහැක. එනිසා මෙතැනදී එවැනි තත්වයකට මුහුණදෙන තැනැත්තියන් පැහැදිලිව ලිංගික සහකරුවෙකු සොයාගැනීමේ ගැනීමේ ගැටළුවකට මුහුණ දෙති. එහෙත් මාක්ස්වාදීන් ප්‍රශ්නය ගෙනයන්නේ වෙනත් දිශාවකටය. එහිදී ඔවුන්ට මේ ප්‍රශ්න සියල්ලට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ වර්ග කිරීමට අනුව ධනපති පන්තිය විසින් බුක්තිවිඳින සැපසම්පත් නිර්ධන පන්තිය විසින් ලඟාකරගැනීමේ අරගලයයි. එතැනදී ධනපති ප්‍රභූ පිරිමින් සමග හැප්පෙන්නට නිර්ධන පන්තියේ කාන්තාවන්ද නිර්ධන පිරිමි පාර්ශවය සමග උරෙනුර ගැටෙමින් සහභාගී වියයුතුය. යම් හෙයකින් අරගලය සාර්ථක වී සටනින් නිර්ධන පන්තිය ජයගත්තේනම් එදාටද මාක්ස්වාදීන්ට වැදගත් වනු ඇත්තේ සම්පත් පරිභෝජනය මිස වෙනත් දෙයක් නොවේ. ධනපති පන්තියේ පිරිමින් හා කාන්තාවන් එකිනෙකාගේ ලිංගික සුවිශේෂීතා වලට සංවේදී වෙමින් විවාහයන් ඇතුළු ලිංගික ජීවිත ගෙනගිය ආකාරය හා කම්සැප බුක්තිවින්ද ආකාරය ආදර්ශයට ගැනීමටනම් මාක්ස්වාදීන් සටන දින්නත් නිර්ධන පන්තියට කෙසේවත් අනුබල නොදෙනු ඇත. ඒ ඔවුන්ගේ න්‍යායන්ට අනුව විරුද්ධ ලිංගික බැඳීම් ශක්තිමත් කරන ස්ත්‍රී පුරුෂ මිනිස් ලිංගික විශේෂනයන් හා ඒ අනුව ඇති බෙදීම් ප්‍රගතිශීලී  නොවන නිසාත්, සම්පත් පරිභෝජනයේදී කාන්තාවද පිරිමියාට සමාන වියයුතු ලෙස ඔවුන් සලකන නිසාත් වේ. මාක්ස්වාදීන්ට අනුව කාන්තාවන්ටද  ඇත්තේ පිරිමින්ට තිබෙන අවශ්‍යතාම වේ. ඔවුන් ස්ත්‍රී පුරුෂ හැටියට මිනිස් වර්ගයාගේ ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පදනම හා ලිංගික සුවිශේෂීතා පිලිනොගනිති.
                           
  ධනපති පංතියට අයත් ඇතැම් පිරිමින්ගේ ලිංගික කුහකත්වයන් හා ආත්මාර්ථකාමීත්වයන් නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් සටන් කරන මාක්ස්වාදීන්ගේ කුහකකම් සමග සමගාමී වන අවස්ථාද පැහැදිලිව තිබේ. ලිංගික කාරනයේදී ධනපති ප්‍රභූ පැලැන්තිය විසින් ඉඳ්‍රිය පිනවීම හා කම්සැප විඳීමේ අසීමිත නිදහසක් පවත්වාගනිමින් නිර්ධන නිර්ප්‍රභූ දුප්පත් සමාජයට ලිංගික පීඩනය පටවා තිබෙන ආකාරය මාක්ස්වාදීන්ට නොපෙනුනත් කතාකළ යුතුම මට්ටමේ දෙයක්. මෙය ලෝකයේ හතර දිග් භාගයකම දැකගත හැකි දෙයකි. ධනපති පංතියේ කාන්තාවන්ට පිරිමි ලිංගික හැඟීම් උද්දීපනය කරන විලාසිතා ආදිය කිරීමටත් රාත්‍රී සමාජ ශාලා තුල විනෝදවීමටත් බාධාවක් නැත. ධනපති පිරිමින්ටනම් කාන්තාවන් වැඩි ගනක සමග ඇති තරම් කම්සැප විඳීමට හැකිය. ඔවුන්ට වෙන්වූ සුපිරි ගණිකා ව්‍යාපාරද ඇත නිර්ධන පන්තියට විනෝද වීමට රාත්‍රී සමාජශාලානම් ඇත්තේම නැත. ඒ විතරද? විවාහ වීමටත් ඉඩකඩක් නැති ආර්ථික අතින් දුප්පත් කාන්තාවක් පිරිමියෙකු සමග සාධාරන ලිංගික ඇසුරක් පැවැත්වුවද ධනපති ප්‍රභූ සමාජයේ කුහකයන් එහි සදාචාරාත්මක බව ප්‍රශ්න කරනු ඇත. විවාහයට සහකාරියක් සොයාගත නොහැකි නිර්ධන දුප්පත් සමාජයට අයත් පිරිමියෙකු සාධාරන ලෙස එකිනෙකා තේරුම්ගෙන ලිංගික ඇසුරක් පැවැත්වීමට කාන්තාවක් සෙවීම පවා ධනපති ප්‍රභූ කුහක සුදනන්ට අනුව ඒ පුද්ගලයාගේ වනචරකමක් හා අසීලාචාරකමක් වේ. ධනපති ප්‍රභූන් සුපිරි ගණිකාවන්ගේ පහස ලබන අතරතුර ආර්ථික අතින් දුප්පත් සමාජයේ පිරිමින්ට ලිංගික සේවය සපයමින් තම දිවියද පවත්වාගන්නා දුප්පත් කාන්තාවන්ට එරෙහිව සියළු නීති ක්‍රියාත්මක වේ. මේ ටික කියන්නේ ගණිකා වෘතිය සර්ව සාධාරන යැයි කීමට වඩා කාගේවත් අවධානය යොමු නොවන දෙයක් සම්බන්ධයෙන් අවශ්‍ය තර්කය ඉදිරිපත් කිරීමටය.
                 
          මෙහිලා කතාකළයුතු තවත් වැදගත් දෙයක් ඇත. ඒ ආර්ථික අතින් එතරම් සෞභාග්‍යමත් නොවන රටවල සුලුතරයක් සිටින ධනපති ප්‍රභූන් බටහිර මුදලට කෑදරකමින් ස්ත්‍රීවාදය නිර්ප්‍රභූ දුප්පත් සමාජයට පැටවීමයි. එහිදී ධනපති කුහකයන් විසින් නිර්ධන පන්තිය වෙත පටවනුලබන ස්ත්‍රීවාදය සමග මාක්ස්වාදීන්ද නොදැනුවත්වම එකට එක්වන්නේ මාක්ස්වාදයේ තකතීරුකම මැනවින් විදහාපාමිනි. එතැනදී මෝඩ මාක්ස්වාදය හැසිරෙන්නේ ස්ත්‍රීවාදය අති අනර්ඝ මතවාදයක් ලෙස සලකා එය ධනපති පන්තියට වඩා හොඳින් නිර්ධන පන්තිය තුල ක්‍රියාවට නැගීම පන්ති අරගලයේදී නිර්ප්‍රභූ දුප්පත් ජනයා ලබන ජයග්‍රහනයක් ලෙස සලකාගෙනය. ධනපති හෝ නිර්ධන හෝ කවර සමාජමය පසුතලයක වුවත් මිනිසාගේ ලිංගිකත්වය සැලකිල්ලට ගත් කළ ගැහැනු හා පිරිමි වශයෙන් කායිකවත් මානසිකවත් ඇතිකරගන්නා වූ විශිෂ්ඨ අනුවර්තිත ස්වභාවයන් අතර සමබරතාවයක් තිබියයුතුය. කවර වෙස් ගෙන ආවත් ලිංගික කුහකත්වය නම් රෝගකාරකය විසින් නැතිකර දමන්නේ මානව වර්ගයාගේම යහ පැවැත්මට තදින් බලපාන එම ගුණාංගය වේ. මාක්ස්වාදයටද ලිංගික කුහකත්වය කලවම් වී තිබීම පැහැදිලි සත්‍යකි. ධනපති පන්තිය වෙනුවෙන් වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතු කිරීමේදී හා ධනපතියන්ගේ මඩි තවත් තරකරගැනීමේ ක්‍රියාදාමයේදී නිර්ධන පන්තියේ කාන්තාවන්ද නිර්ධන පිරිමින් හා සමව ක්‍රියාකාරී වීම ධනපති කුහකයන්ටනම් ඉතා වැදගත් දෙයකි. නමුත් මෙය නිර්ධන පන්තියට අයත් පිරිමින්ගේ ලිංගික දිවි පැවැත්මටනම් කොහෙත්ම හිතකර නොවේ. ඒ ස්ත්‍රියට සුවිශේෂී වූ ස්ත්‍රීලිංගික ස්වභාවයක් නොමැති පිරිමින් හා සම ක්‍රියාකාරී වීමට වෑයම් කරන කාන්තාවන් පිරිමින්ගේ ලිංගික රුචිකත්වයන් වලට නොගැලපීම නිසා. නිර්ධන වුවත් ධනපති වුවත් මිනිස් ගති ස්වභාවයන්ට අනුව මේ කාරනය කාටත් එකසේ වලංගුය. ධනපති ප්‍රභූ සමාජයේ කුහක ගති පැවතුම් ඇති පිරිස තමන්ගේ සමාජ ස්ථරයට අයත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය නැති කරගනිමින් පිරිමින් හා සම වීමට අනුබල නොදෙති. ඒ එසේ වූ කල තම ලිංගික ආශාවන් ඉශ්ඨ කරගැනීමට හා අනාගත පරපුර හැදීමට ප්‍රමුඛත්වයක් ලබාදෙන කාන්තාවන් නැතිවන බව ඔවුන් හොඳින්ම තේරුම්ගෙනයි. නමුත් දුප්පත් රටවල සුළුතර ධනපති ප්‍රභූන් බටහිර රටවල මුදල් හා වෙනත් වරධාන බලාපොරොත්තුවෙන් යුරෝපා කේන්ද්‍රීය ස්ත්‍රීවාදය තම රටවල නිර්ප්‍රභූ දුප්පත් සමාජය වෙත පටවා, නිර්ධන සමාජයේ කාන්තාවන්ට ස්ත්‍රීත්වයේ විශේෂනයන් අත්හැර පිරිමියා කරන සියළු කටයුතු කිරීමටත් එය තමන්ට අභිමානයක් ලෙස සැලකීමටත් අනුබල දෙති. මේ කුහකයෝ ඒ අතරම නිර්ධන පන්තියට අයත් ස්ත්‍රී ලිංගික විශේෂනයන්ගෙන් හෙබි  කාන්තාවන් තම ලිංගික ආශ්වාදය සඳහා භාවිතා කිරීමටද නොපසුබට වන ආකාරයද කාටත් දකින්නට පුළුවන.

                              
 
දුප්පත් රටවල ධනයට හා සම්පත් වලට කෑදර ප්‍රභූ දේශපාලනඥ්ඥයන් ස්ත්‍රීවාදී න්‍යාය මත පිහිටා පුරුෂ පාර්ශවයට පමණක් සීමා වන විවිධ කාර්‍යභාරයන් සඳහා කාන්තාවන් යෙදවීමත්, මානසිකව පුරුෂභාවයක් ආරෝපනය කරගන්නා කාන්තාවන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ රැකවරනය වෙනුවෙන්ම පුරුෂයාට අසාධාරන නීති සම්පාදනය කිරීමත් ලොව වටා සුලභව දැකිය හැක. ඒ වර්තමානය වන විට ජාත්‍යන්තර තලය පුරාවට විශාලම මුදල් සම්භාරයක් සංසරනය වෙන්නේ ස්ත්‍රීවාදය ව්‍යාප්ත කිරිම  වටා වීම හේතු කරගෙන වේ. නිර්ප්‍රභූ දුප්පත් සමාජයේ කාන්තාවන්ට පිරිමි මනෝභාවයට ආවෙනික වූ ක්‍රියාකාරකම් කිරීමට අනුබල දෙන ධනපති කුහකයන්ගෙන් බොහොමයක් තම පවුල් වල සහෝදරියන්ටවත් දියනියන්ට වත් එසේ හැසිරීමට උගන්වන්නේ නැත. ධනපති ප්‍රභූ කුහකයන් කාන්තාවන්ද පිරීමින්ට සීමා වන විවිධ රැකියාවලට යොදාගනිමින් නිශ්පාදන ඵලදායීතාවයක් ඉහල දමා ගැනීම ගැන විකාර කියෙවුවත් නිර්ධන පන්තියේ කාන්තාවන් ධනපති කාන්තාවන් මෙන් පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි තදින්ම අනුකූලතාවය දක්වා ඊට තම ජීවිතයේ වැඩි ප්‍රමුඛත්වයක් දීම කෙරෙහිනම් කිසිම අයුරකින් ප්‍රශංසා කරන්නේ නැත. මාක්ස්වාදීන්ද එතැනදී ලිංගිකත්වය ගැන ඊටම සමාන ආකල්පයක් දරමින් ක්‍රියා කරති. එතැන්හිදී ධනපති කුහකයන්ගේත් කුහක මෝඩ මාක්ස්වාදීන්ගේත් හැසිරීමෙන් ලිංගිකව පීඩාවට පත්වන්නේ නිර්ධන පන්තියේ වැසියන්ම වේ. ධනවාදී සමාජය තුලම සිටින කුහකයන් පිරිසගේ හැසිරීමට අමතරව ඔවුන්ගේ මසුරු ආත්මාර්ථකාමීත්වය මත නිර්ධන දුප්පත් සමාජයේ ප්‍රජනනය සීමා කිරීමට දුප්පත් වැසියන්ගේ ලිංගිකත්වයට අනිසි බලපෑම් කරන සිද්ධිද මෙකළ දැකියහැක. එහෙත් මාක්ස්වාදීන්ට නම් ඒ කිසිත් වගක් නැත.

                                                                                                                                   නිර්ධන පන්තියට ධනපති කුහකයන් බලෙන් පටවන ලිංගික පීඩනය ගැන මාක්ස්වාදීන්ට උවමනාවක් ඇත්නම් ප්‍රශ්න කළයුතු දේවල් බොහොමයක් තිබේ.   ධනපති ප්‍රභූ සමාජයේ සිටින කුහක පිරිමි නඩය තම සමාජ ස්ථරයට අයත් කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වයේ සියළු ගුණාංග සිය ජීවිතයට ඇතුල් කරගැනීමටත්, පිරිමි ලිංගික හැඟීම් උත්තේජනය කරවන විලාසිතාවන් ආදිය කරමින් ඔවුන්ටම ආවේනික දිවි පෙවෙතක් ගෙනයෑමටත්, අති විශාල නිදහසක් ඇතිකර දෙන අතරේම නිර්ධන පන්තියට අයත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය පසෙකින් තබා පිරිමියා සමග උරෙනුර ගැටෙමින් වැඩ කිරීමටත්, කාන්තාවගෙන් ස්ත්‍රී ලිංගිකත්වයත් එහි යහගුණයනුත් අපේක්ෂා කරන සිය සමාජ ස්ථරයේම පිරිමින්ට එරෙහිව ස්ත්‍රීවාදී සටන් මෙහෙයවීමටත් අනුබල දෙන දෙබිඩිකම කුමක්දැයි මාක්ස්වාදීන්ට අවශ්‍යනම් ධනවාදීන්ගෙන් ප්‍රශ්න කළහැක. නමුත් වෙන්නේ අනෙකකි. ඒ එහිදී මාක්ස්වාදීන්ද ලිංගික කුහකත්වයටම තවත් ඉහල වටිනාකමක් දෙමින් කුහකකමින් ධනපති පන්තියද ඉක්මවා යෑමට උත්සහ කිරීමයි. මාක්ස්වාදීන් එහිදී නිර්ධන පන්තියේ පිරිමින්ට ඇතිවන ලිංගික පීඩනය නොසලකමින් කියන්නේ කාන්තාව පිරිමියාගේ ලිංගික රුචිකත්වයන්ට ගැලපීම  අත්‍යවශ්‍ය දෙයක් නොවන බව හා සම්පත් පරිභෝජනයේදී කාන්තාවද පිරිමියා සමවන බවයි. එය අවසානයේ රුකුල් දෙනේ ධනපති ප්‍රභූන් අතර තිබෙන ලිංගික කුහකත්වයටම වේ. ධනපති පිරිමින්ගෙන් කුහක පිරිස තම දියනියන්ට පිරිමි ළමයින් මෙන් හැසිරීමට අනුබල නොදී ග්‍රාමීය දුප්පත් සමාජය තුලට පාසල් හරහා බාලිකා රගර් බාලිකා බොක්ස්ං වැනි ක්‍රීඩා ව්‍යාප්ත කර ගැමි සමාජයට හුරු පුරුදු විරුද්ධ ලිංගික ආකර්ශනය හා ප්‍රසන්න බව මැඩපවත්වා ඒ වෙනුවට ගැමි සමාජ පරිසරය තුල පිරිමි ළමුන් අතර විරුද්ධ ලිංගිකත්වය කෙරෙහි පිළිකුලක් ඇති කරවීම හා එවැනි වෙනත් සිදුවීම් ගැනත් මාක්ස්වාදීන්ට ප්‍රශ්න කරන්නට පුළුවන. එහෙත් එය සිදු නොවේ. සිදුවන්නේ ස්ත්‍රීත්වයක් නැති බාලිකාවන් පිරිමි ළමුන්ට ආවේනික ක්‍රීඩා කරමින් ජයග්‍රහන හා කුසලාන ලබාගන්නා තෙක් මාක්ස්වාදීන් ඇඟිලි ගැනීමයි. බොහෝ රටවල ධනපති ප්‍රභූ දේශපාලකයින් ආයුධ සන්නද්ධ අරගල වලට මුහුණදීමට සිදුවන අවස්ථාවන්හි නිර්ධන  නිර්ප්‍රභූ දුප්පත් සමාජයේ කාන්තාවන්ට ව්‍යාජ ලෙස වීරත්වයක් ආදේශ කරමින් පිරිමින් හා එකට යුධ පෙරමුණට යැවීමට උත්සහ කරන නමුත් ඔවුන් සිය මවුවරුන්ට බිරින්දෑවරුන්ට හෝ දියනියන්ට අවි ගෙන යුධ පෙරමුණට යෑමට කිසිවිට අනුබල නොදෙති. මාක්ස්වාදීන්ට එයද ප්‍රශ්නකළ හැක. නමුත් මාක්ස්වාදීන් එතැනදීත් කරන්නේ බොහෝදුරට සටන්කරන්නට යන පිරිමි පාර්ශවයට ජාතිවාදීන් හෝ යුධවාදීන් ලෙස චෝදනා කර සටන්කාමී කාන්තාවන් වීරවරියන් ලෙස දැකීමය.
                          

  මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය සිරිතක් වන්නේ තමන්ට හිතන්නට පුළුවන් සීමාව තුල ඔවුන්ට නරක යැයි සිතෙන සෑම දෙයක්ම ධනවාදයට හා ධනපති පන්තියට බැර කර ඔවුන්ට හොඳ යැයි සිතෙන සියල්ල නිර්ධන පන්තිය විසින් කරන අරගල වල ප්‍රතිඵල හැටියට ලැබෙන බව ලෝකයට ඇඟවීමයි. ලිංගික කුහකත්වයට බොරු වැදගත්කමක් ආරූඪ වෙත්ම එය මාක්ස්වාදයටද කලවම් වී තිබීම ඉතා පැහැදිලිය. මාක්ස්වාදීන්ගේ සියළු තර්ක පදනම් වන්නේ සම්පත් හා ධනය පරිභෝජනයත් ඇති නැති පරතරය අනුව මාක්ස්වාදීන් මෙහෙයවන පන්ති අරගලයකුත් පදනම් කරගෙනයි. ලිංගිකත්වයේ ස්වාභාවික ගුණාංගයන් ඇති නැති පරතරය අනුව වෙනස් නොවේ. එහෙත් මාක්ස්වාදයට ලිංගික කුහකත්වය කලවම් වූ තැන මාක්ස්ගේ ගෝලබාලයන් ලිංගිකත්වයේ ස්වභාවයන්ද නොරුස්සමින් කියන්නේ එයද හුදු ධනපති පන්තිය විසින් ගොඩනගන ලද්දක් යන්නයි. ඔවුන්ට අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීමේ අවශ්‍යතාවය නිර්ධන දුප්පතුන්ට ඒ තරම්ම නැත. විෂම ලිංගිකත්වය හා පුරුෂයා මූලික වී සමාජය මෙහෙයවීම ඔවුන්ට හිතන්නට පුලුවන් සීමාව තුල ධනපති පන්තිය විසින් ගොඩනගනලද දේවල් වේ. නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් පෙනීහිටින මාක්ස්වාදීන්ටද ලිංගික ආත්මාර්ථකාමීත්වය ඇත. මාක්ස්වාදී පිරිමින්ද තම ලිංගික සහකාරියන් ලෙස තමන්ගේම න්‍යායධර්මයන් අනුව පිරිමින් හා සමව ක්‍රියාකාරී වෙමින් ස්ත්‍රී ස්වභාවයන් හීන කරගත් කාන්තාවන් තෝරා නොගනිති. ඒ ස්ත්‍රී ලිංගික ස්වභාවයක් නොමැති පිරිමින් හා සම ක්‍රියාකාරී කාන්තාවන් ඔවුන්ගේ ලිංගික ආශාවන්හි ස්වභාවයට නොගැලපෙන නිසයි. ඔවුන් ලිංගික ඇසුර පවත්වන ඔවුන්ගේ බිරින්දෑවරුන්ද පිරිමින් හා සම ක්‍රියාකාරී වීමට දැඩි ලෙස අකමැති මෙන්ම ස්ත්‍රී ලිංගික සුවිශේෂත්වයන්ට වඩා කැමති පිරිසකි.ඒ බව ඔවුන්ද හොඳින්ම දනිති. නමුත් ඔවුන්ගේ තකතීරු න්‍යායධර්මයන්ට අනුව එවැනි කාන්තාවන් සිටින්නේ ධනපති පන්තියේය. සාඩම්බර මාක්ස්වාදීන් ඔවුන්ගේ අනුගාමිකයන්ටනම් කියන්නේ කාන්තාවන්ට පිරිමියාගේ ලිංගික ආශාවේ ස්වභාවයට අනුව හැඩගැසීම හා දරුවන් හැදීමට ජීවිතයේ ප්‍රධාන තැනක් දීම කාන්තාවන්ගේ නිදහසට මෙන්ම පන්ති අරගලයේදී නිර්ධන පන්තියේ ජයග්‍රහනයටද බාධාවක් බවයි.

                              ලිංගික කාරනාවේදී ධනපති පන්තියේ කුහකයන් පිරිස මෙන්ම මාක්ස්වාදී කුහකයන්ද සෙසු දුප්පත් නිර්ප්‍රභූ පිරිසට අඟවන්නේ ලිංගික පීඩනය විඳ දරාගතයුතු බවකි. එසේ විඳ දරාගෙන ලිංගික පීඩාවෙන් දුක් විඳීම මේ කුහකයන් විසින් මහා ලොකු දක්ෂතාවයක් ලෙසද හුවාදක්වති. විශෙෂයෙන් මාක්ස්වාදීන්ට සමලිංගිකත්වය හා අනෙකුත් ලිංගිකත්වයේ විකුර්ති ස්වරූපයන් ගැන ගැටළුවක් නැත. මේ විකුර්ති ස්වරූපයන් ධනපති සමාජයේද තිබේ. ඒගැන ප්‍රශ්නයක් නැති මාක්ස්වාදීන්ට ධනපති පන්තියේ ගැහැනු පිරිමි විශම ලිංගික සබඳතා වලට පසුබිම් ශක්තියක් සපයමින් විරුද්ධ ලිංගික ආකර්ෂනය හා ලිංගික උත්තේජනය ඇතිකරවන ක්‍රියා ගැනනම් බොහෝ ගැටළු ඇත. නිර්ධන පන්තියට ඒවා වැදගත් නැතැයි ඔවුන් ඒත්තු ගන්වන්නට යන්නේත් මේ කාරනය පසක්කරවමිනි. ස්ත්‍රීවාදීන්ට මෙන්ම සමලිංගිකයන් හා අනෙකුත් විකුර්ති කාමුකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට මාක්ස්වාදීන්ටද පැහැදිලි උවමනාවක් ඇත. ඒ සම්පත් පරිභෝජනය පිළිබඳ පන්ති අරගලයේදී ලිංගික කාරනා ඔවුන්ට වැදගත් නොවීම හා එහිදී සියල්ලන් එකහා සමාන ලෙස ධනපති පන්තියට එරෙහි නිර්ධන පන්තියේ අරගලය වෙනුවෙන් කැපකිරීම් කළයුතුය යන ඔවුන්ගේ ආකල්පයට අනුවයි. ධනපති සමාජයේ කුහකයන් නොවන පිරිස නිර්ධන සමාජයත් ඇතුළුව සමස්ථ මානව වර්ගයාගේම යහ පැවැත්මට බලපාන, ලිංගිකත්වය ඇතුළු ස්වභාවධර්මයේ සියළු අංග වල යහගුණයන් නිසියාකාරව පවත්වාගනිමින් දිවි ගෙවීමට නිර්ප්‍රභූ දුප්පතුන් ඇතුළු සියල්ලන්ට උපකාර කරනවාටද මාක්ස්වාදීන්ගේ කැමැත්තක් ඇත්තේම නැත. තමන් කරන කියන දේවල්වල එකකට එකක් තර තිබෙන සම්බන්ධතාවය කුමක්ද යන්නවත් තමන්ටම නොවැටහෙන මාක්ස්වාදීන්ගේ මේ අවුල් පැටලිලිසහගත මනෝභාවයට හේතුව අන් කවරක්වත් නොව ලිංගික කුහකත්වයෙන් අන්ධවී එය මාක්ස්වාදයට හා ඔවුන්ගේ සමාජවාදයට ගැටගසාගනිමින් මාක්ස්වාදයත් ලිංගික කුහකත්වයත් දෙකම වන්දනාමාන කිරීමයි. අත්තනෝමතික මාක්ස්වාදීන්ට මේ කිසිවක් කියා තේරුම් කර දීමටද නොහැක. ධනවාදය හැම අතින්ම සාධාරන නොවුවත් ඊට විකල්පය මාක්ස්වාදයනම් නොවනබව මෙහිලා කිවයුතුමයි.

පුරුෂ ශක්තිය වඩවන කාමරංගා


කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.


Tuesday, July 15, 2014

මිනිසාගේ ප්‍රජනන ක්‍රියාව විදහා දැක්වෙන වැදගත් ආදර්ශ වීඩියෝවක්




මෙම වීඩියෝවෙන් පුරුෂයාගේ ශුකරාණු ස්ත්‍රී යෝනි මාර්ගය ඔස්සේ ගර්භාශයට මුදාහැරීමේ සිට සංසේචනය හා කලළ විකසනය දක්වා අවස්ථාවන් පෙන්නුම් කෙරේ. මෙය අප කාටත් වැදගත් වන හා නැරඹියයුතු වන වීඩියෝවක් බව පැහැදිලිව කිවහැක.

https://www.youtube.com/watch?v=-TXkZ_sjyUk

Tuesday, July 8, 2014

මාතෘත්වය වන්දනා කිරීම හා ස්ත්‍රීත්වයට නිග්‍රහ කිරීම.

 

ප්‍රජනනය යනු මුලු මහත් ජෛව ලෝකයේම අඛණ්ඩතාවය ඉදිරියට ගෙනයෑම සඳහා ස්වභාවධර්මයෙන් සියළු ජීවීන් වෙත දායාද වී ඇති ක්‍රමවේදයයි. සත්ව ලෝකයේ අනෙකුත් සත්වයන්ගේ ප්‍රජනනය හා සසඳන විට මිනිසාගේ ප්‍රජනනය සුවිශේෂී වන්නේ මිනිසුන් ප්‍රජාවක් හැටියට සිය පැවැත්ම ඉදිරියට ගෙනයෑම සඳහා විශේෂිත වූ ලෙස සමාජ පරිසරයක් නිර්මාණය කරන නිසයි. මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලිය පවුල ආශ්‍රිතව සිදුවේ. එහෙදී පවුලක ඉපදෙන දරුවෙකු සිය මව හා පියා හඳුනාගනියි. දරුවෙකුට මව හා පියා වැදගත් වෙන්නේ තමන් ලොවට ජනිත කරවූ ජනකයන් හැටියටය. මෙලොව උපදින සියළු දෙනාට සිය මවුපියන් වෙනත් සියල්ලන්ට වඩා වටිනා කියන පුද්ගලයන් වන්නේ ඔවුන් තම තමන්ට උපත දී ඇති නිසා පමණක් නොව පැවැත්මද සදා දෙන නිසයි. ඕනෑම මානව සමාජයක පවුල් බැඳීම් හා මවුපිය දූදරු සබඳතා වලට අති විශේෂ තැනක් හිමි වේ. බෞද්ධ සමාජයේනම් මවුපියන් වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සන් වෙති. මෙම ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් මාතෘත්වය හා සම්බන්ධ සමාජීය සංසිද්ධි කිහිපයක් ගැනයි. පීතෘත්වය හා ජනසමාජය ගැන වෙනමම ලිපියක් බ්ලොග් පිටුවට ඇතුල් කිරීමට මම බලා පොරොත්තු වෙමි.
                               මාතෘත්වය සැලකිල්ලට ගත්කළ මවක හා දරුවෙකු අතර ඇති බැඳීම් ගැන කතා කිරීමට කොතෙකුත් දේ තිබේ. මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම බැඳීම හා සම්බන්ධ දෑ එකින් එක විස්තර කිරීම නොව පොදුවේ මාතෘත්වය වටා බැඳුනු සමාජ පිළිගැනීම් හා මාතෘත්වයත් ස්ත්‍රීත්වයත් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක කාරනා සංසන්දනාත්මකව සාකච්ඡා කිරීමයි.  ලිංගික ප්‍රජනන රටාව අනුව ස්ත්‍රී පුරුෂ ප්‍රජනන බීජ එක්වී කළල පිලිසිඳගැනීමේ සිට දරුවා බිහිවනතෙක් ගර්භය දරාගෙන සිටින්නේත් වර්ධනය කරන්නේත් මවයි. දරුවා බිහිවූ පසුද මුලවධියේ එම දරුවා පෝෂණය වන්නේ මවු කිරි වලිනි. එබැවින් දරුවෙකු හා මවක අතර තිබෙන බැඳීම අති විශේෂ එකකි. ඒ ගැන වැඩි පුර විස්තර අවශ්‍ය නොවන්නේ මනුස්සයන් වන අප කාටත් එය පැහැදිලිව දැනෙන දෙයක් වන නිසාය. මතෘත්වය කෙරෙහි තිබෙන සමාජ ගෞරවය පදනම් වන්නේද ඒ ඔස්සේමය. එහි ප්‍රමාණය වපසරිය ගැන විස්තර කිරීමද අවශ්‍ය නොවේ. ඒ එයද කාට කාටත් තේරෙන දෙයක් වන හෙයින්. මවු සෙනෙහස ගැන ඇගයීමක් ගෞරවයක් නැති කිසිම මනුස්ස සමාජයක් ලොව කොහේවත් නැත.
                            

  මා ඉහතින් පෙන්වා දුන්නේ මාතෘත්වය යන්නේ සමාජීය ආකෘතිය හා එහි පිට නිරූපනය කොයි ආකාරයක් ගන්නේද යන්නයි. සැබවින්ම මාතෘත්වය යන්නෙහි ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පසුබිමත් ප්‍රජනනය හා බැඳුනු ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර් ක්‍රියාවලියත් බෙහෙවින් සංකීර්ණය. ඒ ගැන කතා නොකර මාතෘත්වයක් ගැන කතා කිරීම සාර්ථක නැත. කාන්තාවක් මවක් වීමට පෙර ඇය ස්ත්‍රී ලිංගිකත්වය අනුව ශාරීරිකවත් මනෝවිද්‍යාත්මකවත් මානව සමාජය තුල යම් අනුවර්තනයක් දැරියයුතුය. දරුවන් හැදීමේ අවශ්‍යතාවය නිසියාකාරව පිහිටන්නේ එවිටයි. ඒ අවශ්‍යතාවය ඇතුළු ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක ස්වරූපය කාන්තාවන්ට පිහිටන්නේ වැඩි වශයෙන්ම මවු පාර්ශවයේ උරුමයක් ලෙසය. ඕනෑම සමාජ පරිසරයකදී ගැහැනු ළමුන් මවුවරුන්ට අනුව ඒ ආකාරයෙන් හැඩගසාගැනීමේ සැබෑ පදනමද එයයි. එය ඒ ආකාරයෙන් සිදුවන්නේ කුඩාකළ සිට පුරුෂ ලිංගිකත්වය තමන්ට ස්වභාවිකව දායාද වී ඇති ස්ත්‍රී ලිංගිකත්වයෙන් වෙන්කරගැනීමේ මනා සංවේදනයක් මනෝවිද්‍යානුකූලව ඇතිවන ආකාරයටය වේ.
                                                                          මාතෘත්වය හෝ පීතෘත්වය ගැන කතා කිරීමේදී මගහැරිය නොහැකි තවත් වැදගත් සංසිද්ධියක් තිබේ. එනම් පුරුෂයාගේ ප්‍රජනන බීජ හා ස්ත්‍රී ප්‍රජනන බීජ එක් කරවන ජීවවිද්‍යානුකූල ස්වභාවික යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියයි. එහිදී ස්වභාවික ක්‍රමයට ස්ත්‍රියක් ගැබ්ගැනීමට පිරිමි ලිංගය ස්ත්‍රී අවයවය තුලට ඇතුල්කිරීම අනිවාර්‍ය වේ. මෙතැනදී ලිංගික කුහකත්වය නැමති සාධකය විසින් යම් පමණකට සමාජයේ පිළිගැනීමට මැලිකමක් ඇතිකරවන තවත් කරුණක් ඇත. ඒ ලිංගික ප්‍රජනන ක්‍රියාවලියේදී පුරුෂයා ස්ත්‍රිය සමග ලිංගිකව එක් වීමට දක්වන ලිංගික පෙරැත්ත හා සමානවම පුරුෂයා සමග ලිංගිකව එක්වීමට ස්ත්‍රියටත් ලිංගික පෙරැත්තක් ස්වභාවයෙන් පිහිටන බවයි. එය ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර්ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිවයුත්තක් වන්නේද නැත. පිරිමි සහ ගැහැනු ලෙස ලිංගික විශේෂතා ගොඩනැගෙන්නේත් ඒ තුලින් විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇතිකරන්නේත් ස්ත්‍රී  හා පුරුෂ ප්‍රජනන බීජ එක් කිරීමේ යාන්ත්‍රනය වන ලිංගික සංසර්ග ක්‍රියාවලියට අවශ්‍ය ලිංගික පෙරැත්ත වඩා ශක්තිමත් වන ආකාරයටයි.
                              

  කරුණු එසේනම් ගැහැනු හා පිරිමි වශයෙන් කායිකවත් මානසිකවත් විශේෂතා ගොඩනගා ගැනීම හා තම විරුද්ධ ලිංගිකයන් ආක්‍රෂණය කර ගැනීම පිරිමි පාර්ශවයට මෙන්ම ස්ත්‍රී පාර්ශවයටද අදාලය. මෙහිදී ස්ත්‍රියගේ පැත්තෙන් බලන කළ ඇය පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹ දරුවන් හදාගැනීම දක්වා පියවර ගනනාවක් ඔස්සේ සාර්ථක ඉදිරි ගමනක් යා යුතුය. එහිදී ඇය කුඩා කළ සිට ස්ත්‍රී පුරුෂ විශේෂතා හඳුනමින් ඊට සංවේදී ලෙස හැදී වැඩියයුතුයි. වැඩිවිය පැමිණීමත් සමග විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා ලිංගික ලක්ෂණ හා දේහ ලක්ෂණ ඇයට පිහිටියයුතුය. ඒ සියල්ලට සමගාමීව පිරිමින් ආකර්ෂනය කරගන්නා ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක විශේෂණයන් පෙන්නුම් කරන ස්ත්‍රී ක්‍රියාකාරකම් ඇයගේ ජීවිතයට ඇතුලත් කරගනිමින් ස්ත්‍රීත්වය සමජයේ නිරූපනය කළයුතු වේ. මාතෘත්වයේ පදනම වන ස්ත්‍රීත්වය සමාජයේදී ශක්තිමත් වීමටනම් මේ ගුණාංග නියත වශයෙන් තිබියයුතු වනවා පමණක් නොව එය එසේ වියයුතු බව පිළිගන්නට තරම් අප කාට කාටත් විවුර්ත බවක් තිබිමද අත්‍යාවශ්‍යයි. එහෙත් ලිංගික කුහකත්වය වඩා බලවත් වූ කළ එම විවුර්ත බව බොහෝ දුරට අවරෝහනය වේ. ස්ත්‍රී ලිංගිකත්වයටත් ඒ වටා ගොඩනැගෙන විශේෂණයන්ටත් ගැරහීමට එය පැහැදිලිව මුල්වන්නේ එයයි.
                       
       මේ ස්ත්‍රී ගර්හාවට මුල පුරුෂෝත්තමවාදය යැයි කෙනෙකුට කිව හැකි වුවත් එය ඒ ආකාරයෙන් සත්‍ය නොවේ. කෙනෙකුගේ උත්තමභාවය හෝ අධමභාවය තීන්දු වන්නේ ස්ත්‍රී පුරුෂභාවයට වඩා කල්ක්‍රියාව මතයි. මිනිස් වර්ගයාගේ යහ පැවැත්ම සැලකීමේදී ඊට අදාල සියළු ගුණාංගයන් පවත්වාගත හැකි ගැහැනු පිරිමි කවුරුත් උත්තම ගොඩට අයත් වන අතර ඒ සියළු යහ ගුණාංග වනසන පිරිස ගැහැනු පිරිමි භේදයකින් තොරව අධම වේ. සේරටම වඩා කෙනෙකු සැබෑ උත්තම පුරුෂයෙකුනම් තම විරුද්ධ ලිංගිකත්වය හා එහි විශේෂතාවයන් වෙන්කර හඳුනාගැනීමටත් විරුද්ධ ලිංගිකත්වය හරියට පිළිගැනීමටත් පිටකොන්දක් තිබියයුතුය. මේ අනුව බලන කළ මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රිත්වයට නිග්‍රහ කිරීම ලිංගික කුහකත්වය මිස අන් කවරක්වත් නොවන බවනම් පැහැදිලි වේ. මේ කුහකත්වය උපරිමයෙන් පවතින සමාජ වල බොහෝ විට මාතෘත්වයනම් මහ ඉහලින් පිළිගනියි. නමුත් එහි පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවය පිළිගන්නේ ඉතා මන්දගාමීවයි. බොහෝ කුහක පිරිමින් එයද කරන්නේ කාන්තාවක් ඇසුරෙන් ලිංගික තෘප්තිය ලබාගැනීමට පමණි.
                     මෙලෙස මාතෘත්වය වන්දනා කරමින් ස්ත්‍රීත්වයට නිග්‍රහ කරන කුහකත්වයේ සමාජයට වදදෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් ඇත. අනෙක් අතට මෙලෙස ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයට ගැරහීම තුලින් යම් සුදන ගුණයක් පෙන්වීමට විශේෂයෙන් අපේ රටේ ඇතමුන් උත්සහ කරන බවක් පෙනෙන්නට තිබේ. ස්ත්‍රී ලිංගිකත්වයට ගරහන කුහකත්වය හා බැඳුනු අනෙක් මහා කුහකත්වය වන්නේ ස්වභාවික ගැහැනු පිරිමි විෂම ලිංගික චර්‍යාව දෙස පිළිකුලෙන් බැලීමට අනුබල දීමයි. මේ දෙකට ඇත්තේ ඉතා කිට්ටු අන්‍යෝන්‍ය සබඳතාවයකි. මේ කුහකකමට ව්‍යාජ වටිනාකමක් ලබාදෙන්නන් සාමාන්‍ය වශයෙන් කරන එක් දෙයක් වන්නේ, කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වල වගකීම පිරිමි ලිංගික ආශාවන්හි ස්වභාවයත් ඊට අනුකූලතාවය දක්වන ස්ත්‍රී ලිංගික ස්වභාවයත් මත පටවා පිරිමි ලිංගිකත්වය දඬුවමට ලක්කරන අතරතුර ස්ත්‍රී ලිංගික විශේෂතාවයන් කප්පාදු කිරීම ඊට විසඳුම් ලෙස යෝජනා කිරීමයි.

          කට පුරා මවුගුණ ගායනා කරමින් මාතෘත්වයේ ඇත්ත පදනම වන ස්ත්‍රී ලිංගිකත්වයට දැඩි ලෙස අපහාස කරන සුදනන් කරන තවත් බොහෝ දේ ඇත. මේ කුහක සුදනන්ට තිබෙන එක් ප්‍රධාන පෙලේ මානසික ව්‍යාධියක් වන්නේ, පුරුෂ මානසිකත්වයක් මෙන්ම පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ට දණ්ඩ නමස්කාර කරමින් ඔවුන් වීරවරියන් ලෙස සලකන අතරේ, තමන්ගේම ලිංගිකත්වයත් ඇතුළුව සමස්ථ පිරිමි ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ස්ත්‍රී ලිංගික විශේෂත්වයන් පැහැදිලිව නිරූපනය කරන කාන්තාවන් ගණිකාවන්ට සමානකරමින් අපහාසයට ලක්කිරීමයි. මේ ව්‍යාධිජනක මානසිකත්වයෙන් පෙලෙන්නන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට මානසිකව බලෙන් පුරුෂභාවය පටවා ඒ ඇසුරෙන් කාන්තා ප්‍රගතිය මැනීමටත්, ඔවුන්ගේ බොරු සාරධර්ම වලට පටහැනි යැයි කියමින් ස්ත්‍රී ලිංගික ස්වභාවය හා විශේෂත්වයන් කප්පාදු  කිරීමටත් කැමැත්තක් දක්වති. මොවුන් රැයක් දවාලක් නොමැතිව දවස පුරාවටත් අවුරුද්දේ මුළු තුන්සිය හැටපස් දවස පුරාවටත් කරන්නේ පුරුෂයන් ලෙස පිරිමින් කරන දේ කරන, එලෙසම ස්ත්‍රී ලිංගික විශේෂතා ජීවිතයට ඇතුල්කරගැනීමටත් දරුවන් හැදීමටත් අකමැති කාන්තාවන්ට ගරු කරන හැටි ඔවුන් මෙන් කුහකයන් නොවන අනෙක් මිනිසුන්ට ඉගැන්වීමය.
                              
   
  මෙවැනි බොරු සාරධර්ම කාරයන් අපේ රටේනම් අධ්‍යාපනයට අරක්ගෙන සිටින ආකාරයත් දැකගත හැක. ඔවුන්ට අනුව දරුවන් ලිංගික වශයෙන් පරිනත වීමත් සමග ඔවුන් සිය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන උනන්දුව හා ලිංගික ආකර්ෂණය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවකි. විශේෂයෙන් ගැහැනු ළමුන්ට ඔවුන්ගේ ලිංගික ස්වභාවයට අනුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නා ක්‍රියාකාරකම් බොහෝදුරට තනම්ය. එහෙත් පාසල් සිසුවියන්ට ඔවුන් මවුවරුන් වූ කළ මවුකිරි දෙන ආකාරය ඉගැන්වීමට අධ්‍යාපන බලධාරීන්ට උනන්දුවක් ඇත. ඒ මාතෘත්වය අගයමින් ස්ත්‍රීත්වය කුණු කූඩයට දැමීමේ මහා සාර්ධර්මයට අනුවයි. මවු කිරේ යහගුණය ගැන ගී ගයමින් කිරි දීමටවත් දරුවෙකු හදාගැනීමේ ලිංගික අන්තර් ක්‍රියාවලියත් ඊට අනුකූල ස්ත්‍රී ලිංගික ස්වභාවයත් පිළිකුල් කරමින් තමන් විසින් තමන්වම රවටාගැනීම මේ සාරධර්ම රැකීමට උපන් සුදනන්ගේ මහා ගුණගරුක කමක්ද වෙයි.
         කුහකත්වයකින් තොරව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගන්නට විවුර්ත බවක් නැත්නම් එවැන්නන්ට දරුවෙකුට උපත දෙන ප්‍රජනන ක්‍රියාවලියේදී සිදුවන ගැහැනු පිරිමි ලිංගික අන්තර් ක්‍රියාවලියේ වැදගත්කම පිළිගන්නට තරම් මානසික හයියක්ද ඇත්තේම නැත. ඒ හැකියාව පිහටා නැති කිසිවෙකුට, දරුවන් හැදීමේ සැබෑ උවමනාවක් ඇති කාන්තාවකට පිරිමි සහකරුවෙකු සමග ලිංගික ජීවිතයකට එළඹීම සඳහා අවශ්‍යතාවය ඇතිකරවන, ස්ත්‍රී ලිංගික පෙරැත්ත හා ඊට අදාල අනෙකුත් ක්‍රියාකාරකම් මිනිස් වර්ගයාගේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය බව පිළිගන්නට හැකියාවක් කොහොමත් තිබෙන්නට බැරිය. තත්වය මේකනම් එවැනි කුහක සමාජ පසුබිමක කුහකත්වයට සියල්ල ඉකමවායන වැදගත්මක් ලබාදෙන්නන්  අම්මාගෙන් බීපු කිරි ගැන කියමින් මවු ගුණ වර්ණනා කිරීම මොන විහිළුවක්ද?                            

Sunday, June 22, 2014

ලිංගිකත්වයේ ස්වභාවයන් රසවිඳීම ලැජ්ජාවට හා භීතියට කාරනයක් වියයුතුද?


  මෙලොව උපදින ඕනෑම කෙනෙකුට ඉන්ද්‍රිය සංවේදනයක් කියා දෙයක් උපතින් පිහිටන බැවින් ඒ ඉඳුරන් පිනවීමද අප සියලු දෙනාගේ ජීවිත වල ප්‍රධාන අංගයක්ද වේ. රසවින්දනය යන්න ඕනෑම කෙනෙකුට ස්වභාවයෙන් පිහිටයි. ඉඳුරන් පිනවීමේ යම් යම් සම්මතයන් ඕනෑම සමාජයක දක්නට ඇතත් ඒවා සොබාදහමේ සීමාවන් ඉක්මවා යන තහංචි නොවියයුතුය. රස වින්දනය යන්නේ විවිධ පැතිකඩවල් ගැන කතා කරන්නට බොහෝ දෑ තිබේ. මම මේ ලිපියෙන් කතා කිරීමට යන්නේ ලිංගිකත්වයට අදාල වන ක්‍රියාකාරකම් දැකීමෙන් හා අත්විඳීමෙන් මනස පිනවීම ගැනය.
                  මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව සත්ව ලෝකය දෙස බැලුවද ලිංගිකත්වය යනු ජීවයේ යහ පැවැත්ම හා තදින් බැඳී පවතින්නකි. මිනිසුන් සැලකීමේදී ලිංගික මනෝභාවය තරමක් සංකීර්ණය. ඒ නිසාම විරුද්ධ ලිංගික ආකර්ෂණය සඳහා මිනිස් වර්ගයා විසින් දියුණු උපක්‍රමයන් යොදාගනුලබයි. මානව ප්‍රජාවක් තුල දක්නන ලැබෙන සමස්ථ ක්‍රියාකාරකම් පද්ධතිය පුරාවටම ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය ගැබ්වෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය සක්‍රිය මට්ටමක පවතින ලෙසින්ය. මේ සිද්ධි සලකා බලන විට ලිංගිකත්වයට අදාල පුළුල් රසවින්දනයක් මානව ශිෂ්ඨාචාරය තුල ගොඩනැගී තිබීම ස්වභාවිකය. එය එසේ වන්නේ ලිංගිකත්වය යනු මෙලොව උපදින කවරෙකුගේ වුවද ජීවිතයේ ඉතා වැදගත්ම අංගයක් වන හෙයිනි. විරුද්ධ ලිංගික ආකර්ෂණය හා බැඳුනු ක්‍රියාකාරකම් රසවිඳීම පැහැදිලි ලෙස ලිංගික හැඟීම් උද්දීපනය සමග බැඳී ඇත. මිනිස් ප්‍රජාවක් තුල ප්‍රසිද්ධියේ ලිංගික සංසර්ගයේ යෙදීම සභ්‍යත්වයේ සීමාවන් අනුව පිළි නොගත්තද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගික සක්‍රියාතාවය හා ඊට පසුබිම් වන හැඟීම් දැනීම් ප්‍රශස්ථ තත්වයක පැවතිය යුතුමය. මනුස්ස ප්‍රජාවක සජීවී ගතියට හා යහ පැවැත්මට එය අත්‍යාවශ්‍ය දෙයකි. ඒ අනුව ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් අත්විඳීම හා ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම පෙරට එන්නේ ඊටද වැදගත්කමක් නිරායාසයෙන් ලැබෙන නිසා නොවේද?
                      

   විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික සංසර්ගය පදනම් කරගනිමින් ඊට යම් පසුබිම් ශක්තියක් සපයන ක්‍රියාකාරකම් පද්ධතියක් ඕනෑම සංස්කෘතික වටපිටාවක් තුල තිබෙන්නේ සාර්ථක ලිංගික ක්‍රියාවලියක් පවත්වාගැනීමට අවශ්‍ය ලිංගික හැඟීම් ප්‍රශස්ත උද්දීපන මට්ටමක පවතින ආකාරයටය. මෙය කාට පිළිගත නොහැකි වුවත් සමාජයක ගොඩනැගීම් වල ආකෘතිය දෙස බුද්ධිමත්ව බැලියහැකි ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන සත්‍යකි. මෙහිදී ගැහැනු පිරිමි දෙපාර්ශවයම විරුද්ධ ලිංගික විශේෂණයන්ට දක්වන ආකර්ෂණය ඇසුරෙන් මානසික උද්දීපනයක් ලැබෙන ලෙස මානව ක්‍රියාකාරකම් බොහොමයක් ගොඩනැගී තිබීම සැබවින් ආශ්චර්යක් නොවේ. එතැනදීද කැපී පෙනෙන්නේ පිරිමින් ස්ත්‍රී ලිංගික විශේෂතාවයන්ට දක්වන ඇල්ම වේ. සාමාන්‍ය වශයෙන් ස්ත්‍රී ලිංගික ලක්ෂණ හා සුවිශේෂතා දැකීමෙන් පිරිමි ලිංගික හැඟීම් ඉක්මනින් සක්‍රීය වීම ඊට හේතුවයි. මේ සක්‍රීයතාවය මිනිස් වර්ගයාගේම යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් තිබියයුත්තකි. අප සරල උදාහරනයක් ලෙස කලාව සැලකිල්ලට ගතහොත් ඒ තුල ලිංගිකත්වය ආශ්‍රිත රස වින්දනය ගැබ් වූ කොතෙක් දේ සොයාගතහැකිද? චිත්‍ර, මූර්ති කලා තුල ස්ත්‍රී නිරුවත් කොපමණ අන්තර්ගත වනවාද? මෙය පොදුවේ බොහෝ සමාජ සංස්කෘතික වටපිටාවන් තුල දැකිය හැක්කකි. සාහිත්‍ය තුල ප්‍රේමාලිංගනය ඇඟවන නිර්මාණ අතිශය සුලභය. ඒ අහේතුවකටද? නැත. එසේ වන්නේ මේ සියල්ල මානව වර්ගයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිසාය. මිනිස් වර්ගයා කාලයත් සමග පරිනාමයට ලක්වීමේදී මේ අංගයන්ද විකසනය වී ඉදිරියට ඇවිත් ඇති බව පැහැදිලි කාරනාවක්. තාක්ෂණය ඉදිරියට පැමිණීමත් සමග ඒ තුලින්ද ලිංගිකත්වයේ යහගුණයන් අත්විඳීමට හා රසවින්දනයට පිටිවහල ලැබී තිබීම අමුතු ආශ්චර්යයක් නොවේ.
                            
කැමරා වැනි උපාංග නිපදවා නොතිබුණු කාලයේ ස්ත්‍රී නිරුවත චිත්‍රයට නැගීම හා කැටයම් කිරීම මූර්තිමත් කිරීම වඩා ප්‍රචලිත විය. ගුවන්විදුලි රූපවාහිනී නොතිබුනු කාලයේ මිනිසුන්ට ලිංගික සංවේදනය හා රසවින්දනයන් නොතිබුණා නොවේ. තාක්ෂණය සමග ලිංගිකත්වයේ ස්වභාවය අත්විඳීම හා රසවින්දනයද පුළුල් වී ඇති බව නොරහසකි. ඒ ලිංගිකත්වය යනු මනුස්ස ජීවිත වල පමණක් නොව සමස්ථ සජීවී ලෝකයේම වැදගත්ම අංගයක් වන බැවිනි. මනුස්සයන් සමාජයට විවුර්තව නොකරන එහෙත් රහසින් සංවුර්ත ලෙස ලබන ලිංගිකත්වයේ යහගුණයන් රසවිඳීමක් පැහැදිලිව ඇත. ඇත්තෙන්ම මේ අංග පොදු එක්කඟතාවයන් බවට පත්වුන කළ යම් යම් සම්මුතීන් යටතේ සමාජයේද විවුර්තව නැතුවා නොවේ. උදාහරන වශයෙන් ගත්කළ පිරිමි ලිංගික හැඟීම් සක්‍රිය වීමට පසුබිම් ශක්තියක් ලැබෙන ලෙස නිර්මාණය වන කාන්තා ඇඳුම් විලාසිතා ගෙනහැර දැක්විය හැක. ගැහැනු පිරිමි ලිංගිකත්වය අනුව බෙදෙන මානව ක්‍රියාකාරකම් කොයි දේය තුලත් අවසානයට ලිංගික සංවේදනය හා විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැබ් වී තිබේ. ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය වැඩි දියුණු වී ඇති මෙකළ ලිංගික ක්‍රියාකාරකම් රසවිඳීම ඒ තුලින් ඉදියටවිත් තිබෙන්නේ එය නොවැලැක්වියහැක්කක් බවද ඔප්පු කරමිනි. මනුස්සයන් ප්‍රසිද්ධියේ නොකරන ලිංගික ක්‍රියාකාරකම් පවා ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය තුලින් කතාවට නැගීම හා රසවිඳීම මෙකළ ඒ තරම් අමුත්තක් නොවී ඇත. එයින් එක් අතකට සමාජයේ ලිංගික කුහකත්වයන් තුලින් ඇතිකරන මානසික පීඩාවද එක්තරා මට්ටමකට සමනය වන බවත් ඉතා පැහැදිලි වේ. කැමරාව නිපදවීමත් සමග කාන්තා නිරුවත හා ගැහැනු පිරිමි ලිංගික ක්‍රියාකාරකම් ඡායාරූපගත කිරීමේ අදහස් මිනිස් සිත් තුල පහල වීම ආශ්චර්‍යක්ද? නැත. ඒ මිනිස් ස්වභාවයක් අනුව සිදුවන්නකි. තාක්ෂණයේ ඉදිරි ගමනත් එක්ක ඩිජිටල් ව්විඩියෝ උපාංග කරලියට පැමිණීමෙන් පසු මේ ක්‍රියාකාරකම් සිනමා සිත්තමට නැගී ඇත්තේද ආශ්චර්‍යක් නොවන මින්නිස් සිතුම් පැතුම් වලම සාමන්‍ය ස්වභාවය නිසාමය.
                         
මානවයා ඇතිකරගෙන තිබෙන මානසික පරිනාමය ඔස්සේ ගොඩනැගෙන සභ්‍යත්වයේ සීමා වලට අනුව ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම නුසුදුසු දෙයක් ලෙස සැලකෙන්නේද ලිංගික නිදහස සිමා කිරීමේ උපක්‍රමයක් ලෙස නොවේ. මනෝවිද්‍යානුකූලව බලන විට එසේ එලිපිට ලිංගික ක්‍රියාකාරකම් සුලභ වුවහොත් ලිංගිකත්වයේ මානසික සංවේදනයන් කාලයත් සමග දුර්වල වී එහි සැබෑ වින්දනය නැතිවීමද සිදුවියහැක. මේ කරුණු සාධකයන් අතර සමතුලිතතාවයක් ක්‍රමානුකූල පැවැත්මක් ඉදිරියට ගෙනයන මිනිස් ප්‍රජාවක අනිවාර්‍ය වශයෙන් තිබියයුතුම වේ. ලිංගිකව පරිනත කවරෙකු වුවත් තම ලිංගික ජීවිතයට පසුබිම් සහයක් ලැබෙන ලෙස ලිංගික සංවේදනයන් ඇතිකරවන දේ දැකීම ඒහා සම්බන්ධ ක්‍රියාකාරකම් රසවිඳීම රහසින් හෝ කරයි. ලොව බොහොමයක් රටවල හා විවිධ සංස්කෘතීන් තුල කාන්තා ඇඳුම් විලාසිතා නිර්මාණය වී තිබෙන්නේම පිරිමි ලිංගික සංවේදනයන් සක්‍රිය කරවන හා ලිංගිකව ප්‍රසන්න හැඟීම් ඇතිකරවන ලෙසින් වන්නේ එය එක්තරා පොදු එකඟතාවයක් බවට පත්වී ඇති බැවින් වන අතරම ලිංගිකව එසේ මනස පිනවීම වරදක් වන්නේද නැත. ස්ත්‍රී ලිංගිකත්වයේ කායික හා මානසික ස්වභාවයන්ට අනුව කාන්තාවන්ද එයට ස්වභාවයෙන් දක්වන්නේ ධනාත්මක ප්‍රතිචාරයකි.
                              

                           
කෙසේ හෝ වේවා සභ්‍යත්වයේ සීමාවන්ද ඉක්මවා යන ලිංගික කුහකත්වයන් මනස ආක්‍රමණය කරන කළ මේ ස්වභාවික ගති ලක්ෂණයන් පිහිටා තිබෙන මනුස්සයන්ම එකිනෙකාගේ එම ගති ලක්ෂණයන් පිළිකුල් කිරීමට පෙළඹෙති. ඇතැම් පුද්ගලයන් තමන් විසින් රහසින් කරන දේ වෙනත් කෙනෙක් කරනු දැකීම පිළිකුල් කරන්නේත් එය වරදක් ලෙස දකින්නේත් මේ මනෝ ක්‍රියාවලිය අනුවයි. තම තමන් හොරෙන් ලිංගික උත්තේජනයන් ලබමින් වෙනත් කෙනෙකු එයම ඒ ආකාරයට කිරීම වරදක් ලෙස දකින්නේත් ලිංගික උත්තේජනයන් සක්‍රියතාවයන් යම් මට්ටමකට සමාජය තුල තිබීම අනිවාර්‍ය දෙයක් වෙද්දී ඒ බව පිළිනොගනිමින් එම අංගයන් මර්ධනය කිරීමට පවා අනවශ්‍ය උත්සහයක් දරන්නේත් මේ කුහකකම් විසින් මනස අන්ධ කරනු ලැබීම තුලයි. පුරුෂ ලිංගික සංවේදනයන්ට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඊට අනුකූලතාවය දක්වන හා සමස්ථ පුරුෂ ලිංගිකත්වයට සමගාමී ලෙස ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන කාන්තාවන්ට කුහක පිරිමින් විසින්ම අසීමිත ලෙස ගරහමින් මානසිකව පීඩා කරන්නේත් මහා ලොකු වටිනා දෙයක් හැටියට සැලකෙන ලිංගික කුහකත්වය නිසා නැත්නම් වෙන මොකක් නිසාද? කාන්තාවන් ලිංගිකත්වයේ ස්වභාවයට අසීමිත ලෙස බිය වද්දමින් පිරිමි ලිංගික සංවේදනයන්ට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීම ලැජ්ජාවට කරුණක් ලෙස හුවා දක්වන අතරම අනවශ්‍ය ලෙස ලිංගික අතවර බියක් සමස්ථ ස්ත්‍රී ජනගහනය තුලම කෘතීමව ජනනය කරවන්නේත් කුහක මිනිසුන් මිස වෙනත් කිසිවෙක් නොවේ.මෙහි අනෙක් ප්‍රතිඵලය ලිංගිකත්වයේ ස්වභාවය අසීමිතව පෙළන කුහකකම් මත පිහිටා බොරු සාරධර්ම ගොඩනැගීමයි.
                              
  
  මිනිස් වර්ගයාගේම යහපත් පැවැත්ම සැලකිල්ලට ගත්කළ ඊයට ලොකුම හානියක් කරන්නේ තමන් විසින් තමන්ව රවටාගන්නා කුහකයන් මිස ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග හඳුනන ඊට අනුකූලතාවය දක්වන පිරිස නොවේ. අනෙක නම් ලිංගිකත්වයේ ස්වභාවයට අනුවම ස්ත්‍රී පුරුෂ ලිංගික ස්ම්බන්ධතාවයන් තුලින් එහිම ප්‍රතිඵලයක් ලෙස මනුස්සයන් වන අප සියලු දෙනා මෙලොව බිහිවී ඇත්නම්, එම ලිංගික ස්වභාවයට අනුකූලතාවය දක්වමින් ඒ වටා ගොඩනැගෙන ලිංගික උත්තේජනය හා සක්‍රියතාවය ඇතිකරවන ක්‍රියාකාරකම් තුලින් සමාජයට හානියක් වේයැයි කීම මොන විහිලුවක්ද? එවැනි මෝඩ මතයක එල්බගෙන ලිංගික ක්‍රියාකාරකම් මාධ්‍ය තුලින් රසවිඳීම සීමා කිරීමට තහංචි දැමීමට යෑම සත් ගුණවත් බවක්ද? බටහිර රටවලින් කඩා පාත්වන නිල් සිනමා වෙබ් අඩවි ගැන පැහැදිලි ගැටළු තිබේ. ඒ වෙනත් දෙයක් නොව බටහිර හා අනෙකුත් බටහිර ආරයට අනුකරනවාදීව යන සමාජ තුල මේ වන විට ලිංගිකත්වය එකම අච්චාරුවක් වී මනෝ විකුර්තිතා වලින් ගහන වී තිබීමයි. බටහිර ආරයට යන ලිංගික වෙබ් අඩවි වලින් සමලිංගිකත්වය ඇතුලුව විකුර්ති කාමය (LGBT) වැඩි වශයෙන් හුවා දක්වන්නේ ඒ නිසයි. එය එසේ වූ පමණින් සියලුම ලිංගික රසවින්දනයන් තහනමට ලක්කළ නොහැක. අද අවශ්‍ය වන්නේ ලිංගිකත්වයේ ස්වභාවය තලා පෙලන කුහක බොරු සාරධර්ම හා ද්වේශසහගත නීති නොව සැබෑ සාරධර්ම හා ලිංගිකත්වයේ ස්වභාවය අවුල් කිරීම වලක්වන නීති වෙයි. ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන් පිළිගැනීම මෙන්ම තමන් වැනිම අනෙකුත් පුද්ගලයන්ගේ ලිංගික ස්වභාවයට ගරු කිරීමත් තම විරුද්ධ ලිංගිකස්වභාවය නිවැරදිව පිළිගැනීමත් සැබෑම මිනිස් ගුණධර්ම වන අතර නීති මගින් හෝ රැකියයුත්තේ එවැනි දේ මිස කුහකකම් නොවේ.




Monday, June 16, 2014

දිය යට දිගම හාද්ද.

 
 වසර 2013 වැලන්ටයින් දිනය නිමිත්තෙන් පැවැත්වුන අපූරු තරඟයක්. දිය යට හාදු දීම.